⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 34 වන දිගහැරුම ⸎
> නිරීක්ෂණ මෙහෙයුම <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

**හරි සර්.. සුභ රාත්‍රියක් සර්…

*සුභ රාත්‍රියක් සර්..

සුභ රාත්‍රියක් මහත්වරුනි …

මෙතැන්සිට …

පසුදින අළුයම අවදි වූ මා දුරකථනය අතට ගන්නා විටම ඇමතුම ආවෙ නලින් ගෙනි.

නලින් ( දුරකථනයෙන් ) හෙලෝ සර් ගුඩ් මෝර්නින්…

ගුඩ් මෝර්නින් නලින් …

නලින් - සර් මම ඉන්නෙ ගම්පහ ``ලයිව් ස්ටේටි ´´ වත්ත ලඟ. මම මහේෂ් බොසාගෙ ගෝලයෙක් ව ලුහුබැන්දා. මෑන් වත්ත ඇතුලට ගියා.

ඉතින් .. ඉතින් …

නලින් - සර් ඔය වත්ත අයිති ඩග්ලස් මහත්තයාට. ඔය වත්ත මැද තියනවා
සුවපහසු ගෙයක්. මහේෂ් ලස්සන කෙල්ලො ගෙනැල්ලා සැප ගන්නෙ ඔය ගේ ඇතුලෙ.

හැබෑටම. තමුසෙ ගිහින් තියනවද ඇතුලට.

නලින් - ඔව් සර්. මම එක පාරක් ගිහින් තියනවා. ඇතුලෙ නාන තටාකයක් එහෙම තියනවා. මම විශ්වාස කරන විදිහට නවෝදා මිස් පැහැරගෙන ඇවිත් තියෙන්නෙ මෙතනට වෙන්න ඕන.

තමුසෙ කොහොමද ඒක හරියටම කියන්නේ… ?

නලින් - සර් මට එහෙම කියන්න හේතුව
මහේෂ්ට වෙන ගෙනියන්න තැනක් නැහැ.
ඒ වගේම මහේෂ් ඇර වෙන කවුරුවත් ඕකට යන්නෙ නැහැ. වෙන කවුරු හරි යනවා කියන්නේ. මහේෂ් එතන නෑ කියන එක.

තමුසෙ කොහොමද බය නැතුව ඔතනට ගියේ.. අඳුරන කවුරුවත් නැද්ද …?

නලින් - මෙි ලඟදි හුන්නස්ගිරිය මැරුණ ටීම් එකේ දෙක්නෙක් විතර මාව ලාවට අඳුරනවා. උන් දෙන්නත් මැරුණ හන්දා දැන් මාව අඳුරන එවුන් නැහැ.

හොඳයි… ඔය වාහන අංකය මතකයිද ..?

නලින් - ඔව් සර්… මම දැන් වාහනයේ පොටෝ ටිකක් සර්ට එවන්නම්.

හොඳයි බොහොම ස්තුතියි. ඇයි තමුසෙ
මට මෙහෙම සපෝර්ට් කරන්නේ …?

නලින් - සර්.. මම එදත් කිව්ව මතකයිද..? මුන් මාව මරන්න දෙන්නෙක් එවනකම් මම හිටියෙ උන්ගෙ පැත්තෙ. හැබැයි දැන් මට එහෙම අදහසක් නැහැ. මටත් ඕන මෙික කෙලවරක් දකින්න. මම දන්නවා මට ලොකු වැඩක් කරන්න බැරි බව. හැබැයි මට පුළුවන් වැඩෙි මම කරනවා. සර් වගේ වැඩකාරයෙක් නෙමෙ මම. හැබැයි මට කරන්න බැරි වැඩෙි, සර්ල වගේ වැඩ කරන අයට තොරතුරු හරි තොරතුරු මම දෙනවා.

තමුසෙ නලින් ඔය කරන දේත් හොඳටම ඇති. මෙි ගේම් එක ඉවරවුනාම මම තමුසෙට තමන්ගෙම ව්‍ව්‍යාපාරයක් කරගෙන යන්න වැඩපිළිවෙළක් හදලා දෙනවා.

නලින් - අහන්නත් සතුටුයි සර්. සර්ට එදාම මාව මරන්න තිබ්බා. එක උණ්ඩයයි නෙ නාස්ති කරන්න ඕන. නමුත් මම දැනගත්තා සර් කවුරු වුනත් , එහෙම අකාලයේ මිනිස්සු මරන කෙනෙක් නෙමෙයි කියලා. මම වෙනුවෙන් මොකුත් නොකරත් කමක් නැහැ මගෙ ජීවිතය ඉතුරු කරලා, දෙවන දවසේ මගෙ ජීවිතය බේරපු එකම මට ඇති සර්. මම කන්න දුන්න අත හපාකන ජාතියේ එකෙක් නෙමෙයි.

හරි හරි.. දැන් තමුසෙ ඔතන ඉන්න එක අවධානම්. වහාම පිටවෙනවා ඔතනින්.

නලින් - හොඳයි සර්.. ජයවේවා කියමින් ඇමතුම විසන්ධි විය.

ඒ සමගම කෙටි පණිවිඩ කීපයක් දුරකථනයට ලැබුන අතර, එහි වූයේ රතුපැහැති මෝටර් රථයක ඡායාරූප කීපයකි. එය ධාවනය වන අවස්ථාවක ලබාගත් බව ඉතා පැහැදිලියි. එසැණින් එම ඡායාරූප ගම්පහ නියෝජිතයා වෙත යවා දහවල් වෙද්දී එම වාහනය යනඑන තැන් ගැන සම්පූර්ණ තත්ව වාර්තාවක් ලබාදන ලෙස රහසිගත කෙටි පණිවිඩයක් මාර්ගයෙන් දැනුම් දුන්නෙමි.

**ගුඩ් මෝර්නින් සර්. මම ඇතුලට එන්නද

වෙරි ගුඩ් මෝර්නින් සුපුන් මහත්තයා. එන්න ඇතුලට වාඩිවෙන්න.

**සර් මොකද අපි අද කරන්නේ …?

අද දවසේ වැඩ ගැන කියනවා නම් අපි නවෝදා මෙනවිය බේරාගැනීමට උත්සාහ කරන්න ඕන. බොහෝදුරට අද උදේ වරුව ඉවරවෙනකොට අපිට එයා පැහැරගෙන ඉන්නෙ කොතනද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙයි.

**ඒ කියන්නේ අපිට මෙි වෙද්දී පොඩි හරි
තොරතුරක් ලැබිලා තියෙන්නෙ.

ඔව්.. අපි බලමු වැඩෙි සනාථ කරගෙන.

**ඊට පස්සේ … ?

මතුපිටින් දෙයක් නිරීක්ෂණය කරලා මම කවදාවත් නිගමන වලට එන්නෙ නැති බව දන්නවනෙ.

**ඔව් සර්…

*ගුඩ් මෝර්නින් සර්…

හා… ගුඩ් මෝර්නින් කසුන් මහත්තයා. එන්න ඇතුලට. වාඩිවෙන්න.

*තෑන්ක්යූ සර්…

අපි මෙි කතා කර හිටියේ. අනුමාන වශයෙන් කියන්න පුළුවන් තැනක හෝඩුවාවක් මට ලැබුනා උදෙන්ම. මම දැන අපේ ගම්පහ ස්පයිඩර් කෙනෙකුට පණිවිඩය දීලා තියෙන්නෙ. කොහොමත් අපට දහවල් වෙන්න කලින් හරි තොරතුරක් ලැබෙයි. එතකම් ඉතින් කල් මරන්න වෙනවා.

*ඊට පස්සේ ඉතින් අපි ඇතුලට ගිහින් බලන්නම වෙනවා ගේමට බහින්න කලින්
ඇත්තටම නවෝදා මිස් එතන ඉන්නවද කියලා.

හරියටම හරි කසුන්… අපි රහසිගත කඩාවැදීමක් දියත් කරලා බලන්න ඕන.
මොකද මෙික අපිට ගේමක් දෙන්න සැළසුම් කරපු දෙයක්ද දන්නෙ නැහැ නෙ.
``දැක්කොත් බුවා. නැත්නම් එබුවා ´´

**ඔව් සර් ඒක ඇත්ත තමයි. මොකද දැන් අපෙන් ප්‍රමාණය ඉක්මවා උන් බැට කාලා ඉන්නෙ. ප්‍රතිවෛරස් එක කෙසේ වෙතත් උන් අපෙන් පලිගන්න ගහපු ගේමක් වෙන්න බැරිත් නැහැ නෙ.

ඔව් මහත්වරුනි. ඒ හන්දා ``පනින්න පෙර
සිතා බලන්න ´´ කෙසේ වෙතත් , `` පනින්න පෙර සොයා බලන්න ´´ වෙනවා.
මොකද වෙඩි බෙහෙත් වලටයි , වෙඩි උන්ඩ වලටයි `` පෙර සේ ´´ කියලා දෙයක් නැහැ නෙ. පත්තුවුනා. කෙලවුනා එච්චරයි.

*ඔව් සර්.. දැන් අපිට තැන සනාථ වුනාට පස්සේ අපි මොකක්ද කරන්න ඕන.

ඔව් මම අර කලින් කිව්වා වගේ අපි රාත්‍රි හදිසි කඩාවැදීමක් කරලා බලමු ඇත්තටම නවෝදා මිස් එතන සහසුද්දයෙන්ම ඉන්නවද කියලා. මෙික නිහඬ නිරීක්ෂණයක් විය යුතුයි.

**සර් අපිට ප්ලෑන් එක කියන්න පුළුවන් ද…?

හපොයි පුළුවන් මහත්වරුනි. මෙන්න මෙහෙමයි වැඩෙි වෙන්නේ. මහේෂ්ගෙ ගෙදර වැඩ කරන ගෑණු කෙනා වන ආයා ගාව තියෙන ඇඳුම් දෙකක් අරගෙන ගියා කියන එකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් නවෝදා මැඩම්ව සිර කරලා තියාගෙන ඉන්නවා විතරයි අතපය ගැට ගහලා නෑ කියන එක. ඒක අපිට ලොකු වාසිදායක කාරණයක් මහත්වරුනි.

**ඒ කොහොමද සර්…?

මගෙ සැළසුම ක්‍රියාත්මක කරන්න ලොකු උදව්වක් වෙනවා. අපි තුන්දෙනා දිව්‍යා මැඩම් එක්ක අපේ වෑන්එකේ යනවා ඔය වත්ත ආසන්නයට. යනකොට මෙන්න මෙි ෆෝන් දෙක අරගෙන යනවා. එකක් කසුන් මහත්තයට. අනික මට. එතකොට සුපුරුදු පරිදි සුපුන් මහත්තයට තියෙන්නෙ වත්තට යන විදුලි සැපයුම විසන්ධි කරන එක මගේ ලේසර් එලිය දැක්කට පස්සේ. එතනට ආරක්ෂාව සපයනවා දිව්‍යා මැඩම් පැහැදිලිද..?

**ඔව් සර් මම දෙන්නම් ගාණට ගේම.
එතකොට ෆෝන් දෙකක් මොකටද…?

ඉන්න මම කියන්නම්. ඊට පස්සේ කසුන් සමග මම යනවා ඔය කියන ලයිව් ස්ටේට් කියන වත්තට ගිහින් නයිට් විෂන් දෙකත් දාගෙන රහසිගතව රිංගනවා ඇතුලට. අපි ස්ථාගතවෙලා තමයි සුපුන් මහත්තයාට සිග්නල් එක දෙන්නෙ. ඊට පස්සේ විදුලිය ඇණහිටියාට පස්සේ අපි යනවා ගේ ඇතුලට. ගිහින් බලනවා එතන කීදෙනෙක් මතුපිටින් ඉන්නවද කියලා මුරට. ඒ වගේම නවෝදා මැඩම් ඉන්න කාමරය හොයාගෙන යනවා. කසුන් මහත්තයා අපි කොහොම හරි නවෝදා මිස් ඉන්න කාමරය හොයාගන්නම ඕන.
මෙි ඉන්නෙ නනවෝදා මිස්. හොඳට බලාගන්න කියමින් මගෙ මෙිස ලාච්චුවෙ දමා තිබුන ඡායාරූප දෙකක් මෙිසය මත තැබුවෙමි.

**සර් පට්ට කෑල්ලක් නෙ.

*හා හා … ඕන්න ඉතින් පටන්ගත්තා.

හරි හරි ඕන ලවක් බෙිරගත්තට පස්සේ කරගන්න බැරියැ සුපුන් මහත්තයට. හරි.. අපි දෙන්නගෙන් කවුරු හොයාගත්තත් කමක් නැහැ හොයාගත්ත කෙනා යනවා කාමරයේ දොරගුළු ඇරගෙන ඇතුලට. ගිහින් බලනවා ඇත්තටම ඉන්නෙ නවෝදා මිස් මද කියලා බාහිර පෙනුමෙන් , වගේම මුහුණෙන්. මෙි සේරම කළුවරේ තමයි කරන්නේ. මොකද මෙි වෙද්දින් සුපුන් මහත්තයා කරන්ට් එක කපලනෙ තියෙන්නෙ. එතකොට දොරගුළු අරින විදිහ අමුතුවෙන් මම කියන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ.

**අපෝ ඕන නෑ සර්. ඒක කරන්නම් තිතටම.

හොඳයි.. ඊට පස්සේ තමන් ලඟ තියෙන ෆෝන්එක එයාට දෙනවා. දීලා අපි එතනින් නැවත ආපසු එනවා. ඒ එනකොට මම දෙන්නම් ලේසර් සිග්නල් එක. එතකොට සුපුන් මහත්තයට පුළුවන් නැවත විදුලි සැපයුම ලබාදෙන්න. දැන් ඔය මහත්වරුන්ට ප්‍රශ්නයක් ඇති මොකටද ෆෝන් එකක් එයාගෙ අතට දුන්නෙ කියලා. අන්න එතනදී මම නැවත කියනවා ඔයාලට අපි සාර්ථක වෙන්න නම් බාහිර පෙනුමෙන් හැමදෙයක් ගැනම
නිගමන වලට එන්න එපා කියන කාරනය.
ඒක අපිට හරියටම කරගන්න අපහසු හන්දා තමයි මම මෙතනට දිව්‍යා මැඩම් සම්බන්ධ කරගත්තේ.

**දිව්‍යා මැඩම් කොහොමද සර් මෙතනට සම්බන්ධ වෙන්නෙ… ?

අන්න හොඳ ප්‍රශ්නයක්. දක්ෂ අපරාධ විමර්ශකයෙකුට තියෙන්න ඕන හොඳම හැකියාවක් තමයි සවන්දීම. මතකයිද
ඊයේ රෑ දිව්‍යා මැඩම් කිව්වා දන්න කාලේ ඉඳලම දෙන්නම ගියේ එකම බාලිකා පාසලකට වගේම , දෙන්නා ගජ මිත්‍රයෝ කියලා. එතකොට අපි ⁣බාහිර පෙනුම බලලා ෆෝන්එක දුන්නට වැඩක් නැහැ. නවෝදා මිස්ගෙ පෙනුම තියෙන වෙන කෙනෙක් එතනට දාලා තිබ්බොත්. මොකද අපිට බැහැනෙ අපාට තියෙන කාලය වගේම පරිසරය අනුව එතන ඉන්න නවෝදව ගැඹුරින් අධ්‍යනය කරන්න. එතකොට ෆෝන් එකට අපි කෝල් එකක් අරගෙන දිව්‍යා මැඩම්ට දුන්නහම , දිව්‍යා මැඩම් දෙනිනගෙ පාසල් කාලයේ වෙච්ච විශේෂ සිදුවීමක කොටසක් පමණක් අහනවා. ඉතුරු කොටස නවෝදා මිස් කිව්වා කියන්නේ. මෙි මැදිරිගත කරලා ඉන්නෙ සැබෑ නවෝදා මයි කියලා තහවුරුයි. ඊට පස්සේ අපිට පුළුවන් මුදාගැනීමෙි මෙහෙයුම කරන්න. එහෙම නැතුව උන් අපිව අන්දන්න හදනවා වෙන්නත් බැරි නැහැ නෙ.

**නියමයි සර්. සර් වගේ පරිණත නායකයෙක් එක්ක වැඩ කරනවා කියන්නේ ඉතින් බඩුම තමයි. මට ඉවසිල්ලක් නෑ ඔතනට යනකම්.

*ඇයි කරන්ට්එක කපන්නද (සිනාසෙමින් )

**කරන්ට් එක නෙමෙි ලොකු සර් කියනවා නම් මම ඕකුන්ගෙ කපන්නෙ බෙල්ල. බෙල්ල කපන්නෙ.. උන් ඔය කරගත්තේ අපිට කියලා තව හතර පස් දෙනෙකුට කෙලවගන්න.

හා හා එච්චර දරුණු වෙන්න එපා සුපුන් මහත්තයා. අපි ස්ථානෝචිතව කටයුතු කරමු එච්චරයි. අපිට යාල පාරෙ අවි ආයුධ ස්ථානගත කරන එක ටිකක් පසෙකට දාන්න වෙනවා මෙයා බෙිරගෙන රටින් පිටත් කරනකම්.

*ඔව් නේද සර්…

**කමක් නැහැ සර්. අපි අර කිව්වා වගේ
එන විදිහට උළුවස්ස ගහමු. වෙන කරන්න දෙයක් නැහැ නෙ. ඒක නෙමේ
කසුන් සර්.. කොහොමද දැන් සර්ගෙ කෑල්ල එහෙම පරිස්සමෙන් ඉන්නවද…?

හැබෑටම මෙි වැඩකටයුතු එක්ක මටත් ඒක ගාණක් ගියෙ නැති හැටියක්. කොහොමද සයුරිට දැන්.

*ඒ ගමන ඔය දෙන්නා මාව බයිට් කරන්නද හදන්නේ.

**හපෝ නෑ සර්. සිරාවටමයි අහන්නෙ.

*කතාබහ නම් කරනවා. එච්චරයි ඉතින්.

ඉතින් නිවාඩුවක් දාගෙන කසුන්ලගෙ ගෙවල් පැත්තෙ ගිහින් නැන්දම්මා එක්ක දවසක් දෙකක් ගතකරලා එන්න බැරියැ එයාට.

**ඒක මරු අදහස සර්. ඇත්තටම කසුන් සර්. එහෙම යෝජනාවක් දාලා බලන්න නිකමට වාගේ..

*හත්වලාමෙ මට එහෙම අදහසක් ආවෙ නැහැ නෙ. මම කියන්නම් ගෙවල් පැත්තෙ ගිහින් එන්න කියලා.

ඒකනෙ ඉතින්. නැන්දම්මාගෙ ගෙදර ගිහින් ඉඳලා බලන්න කියන්න. ආස හිතෙයි ( සිනාසෙමින් )

*හරි මැනේජර් සර්.. එතකොට සුපුන් මහත්තයා අපි යමු නේද… ? වැඩ තියනවා නේද අපිට කරන්න.

**මටනම් මෙි ඇඳුමි තෝරන වැඩෙි එපාවෙලා තියෙන්නෙ. එන්න සර්.. මොනවද බැලුවෙ. සර්ට හරියන කැෂුවල් තියනවා. ඩෙනිම් ට්‍රවුසර් තියනවා. ඕක තමයි ඉතින් දවසම. උගෙ අප්පගෙ මාකටින් මෙවිවා.. කොයි වෙලාවෙ හරි මම මෙිකට ගහනවා බෝම්බයක් අම්මපා.

( තිදෙනාම සිනාසෙමින් )

**යමු සර් ඉතින්…

කෙමෙන් කෙමෙන් මධ්‍යම දහවලට ලගාවිය. එසැණින් මාගේ ජංගම දුරකථනය නාද විය.

හෙලෝ….

හෙලෝ ( දුරකථනයෙන් ) මහත්තයා මම විනෝද් ( අන්වර්ථ නාමයකි )

සොරි වැරදි නම්බර් එකක්.

විනෝද් - කෝඩ් 615 චාලි 516.

කන්ෆෝම්. ස්පයිඩර් ඒජන්ට් විනෝද්.
තත්ව වාර්තාව කියන්න.

නියෝජිත විනෝද් - උදෙන්ම මැසේජ් එක ආවෙ මට. ඉතින් ඔය කියන රතුපාට කාර්එක යනඑන තැන් ගැන හොයලා බැලුවා. උදේ කෑම දහයක් ගත්තා ගම්පහ කඩෙිකින්. ඊට පස්සේ මෙි වාහනය ගියේ ලයිව් ස්ටේට් එකට. ඊට පස්සේ විනාඩි තිහකට පස්සේ ආපසු ආවා. ඇවිත් ගියේ අර මහේෂ් ජීවානන්ද කියන ඇමති පුතාගෙ පැලස් එකට.

හ්ම්ම්… මෑන් තනියමද වාහනයේ සැරිසැරුවෙ… ?

නියෝජිත විනෝද් - ඔව් එස්ටී. නරවත දවල් යන ගමන් ආයෙත් කෑම දහයක් අරගෙන තමයි මෑන් ඇතුලට ගියේ.

හරි… ඔය වත්තේ පිවිසුමෙි ෆොටෝ ටිකක් මට එවන්න.

නියෝජිත විනෝද් - ඔව් එස්ටී සියලුම දේවල් මම දැන් ඊමේල් එකක් දාන්නම්.

ඕකේ ඒජන්ට් විනෝද්. බොහොමයක් ස්තුතියි.

නියෝජිත විනෝද් - ඕන වෙලාවක මට කතා කරන්න. එහෙනම් ජයවේවා එස්ටී.

ජයවේවා නියෝජිත විනෝද්.. ඇමතුම විසන්ධි විය. ඉන්පසු කෙටි රහස් පණිවිඩයක් යැව්වෙ දිව්‍යා වෙතය. රෑ දහනමයේ හෝරාවට අපව මෙතනදී හමුවන ලෙස දැනුම්දී, ඉන්පසු මගේ සහයකයා වෙත දෙවන ඇමතුම ගත්තෙමි.

*සර්…

කසුන්.. නියෝජිත ජනිත් එක්ක එන්න මගෙ කැබින් එකට.

*මෙි දැන් එනවා සර්..

මද වෙලාවකින් දෙදෙනාම සිටියේ මා ඉදිරියේය. වාඩිවෙන්න මහත්වරුනි.
අද විස්සේ පැයට. ඒ කියන්නේ රෑ අටට අපේ නිරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කරමු. මට දැන් ගම්පහ ස්පයිඩර් කෙනෙක් කතා කරා එතනට කෑම දහයක් උදේටයි දවල්ටයි අරගෙන ගිහින් තියනවා. ඒ කියන්නේ නම දෙනෙක් ඇතුලෙ ඉන්නවා නවෝදා මිස්ට අමතරව.

*ඔය කියන විදිහට ඇතුලෙ කැමරා තියෙන්නම ඕන.

ඔව් කසුන්. අපි ෆුල් කවර් කිට් ඇඳගෙන යමු. කැමරා ඉතින් කොහෙද නැත්තෙ. කෝකටත් ජෑමර් එක අරගෙන ගිහින් කැමරා පද්ධතිය අවුල් කරලා දාමු. එතකොට අපිට වැඩෙි පහසුයි. ඒ වගේම සයිලන්ස් වෙපන් ගන්න ඕන නීත්‍යානුකූල නොවන එව්වා. දිව්‍යා මැඩම් හත වෙද්දී මෙතනට එනවා.

**එතකොට සර් අපි අරගෙන යන්න ඕන
නයිට් විෂන් දෙකයි , සයිලන්සරය සහිත පිස්තෝල හතරයි. සිග්නල් ජෑමර් එකයි, කරන්ට් එක කපන්න ටූල්කිට් එකක්. ලේසර් ටෝච් දෙකයි. මිනි රේඩියෝ හතරයි.

ඔව්.. ⁣ගම්පහ කිට්ටුවට ගිහින් කළුකිට් ඇඳගමු හතර දෙනාම. දැන් ඔය මහත්වරුන් විවෙික ගන්න. අපි බලමු ඇතුලට ගිහින් මොකද වෙන්නෙ කියලා.

රාත්‍රි හත වනවිට දිව්‍යා ටෙක්ස්ටයිල්ස් වෙත ඇවිත් මාගෙ කාර්යාලයට ගොඩවැදුණි.

දිව්‍යා - සර් මොකක්ද සැළසුම… ?

මෙිකයි සැළසුම ( මගේ සැළසුම විස්තර කෙරුවෙමි ) ඒ වගේම නවෝදා මිස්ට කතා කරන වෙලාවට වාහනයෙන් ටිකක් ඈතට යන්න. මොකද ඔයාගෙ සැබෑ නම මම විතරයි දන්නේ. මෙයාලා ඒක දැනගතයුතු නැහැ.

දිව්‍යා - හරි සර්.. අන්න දෙන්නා එනවා.

**හරි සර් සේරම ලෑස්තියි.

හොඳයි මිත්‍රවරුනි අපි එහෙනම් පිටත්වෙමු. වෑන්රියට සිව්දෙනාම ගොඩවී වෙිගයෙන් ගම්පහ බලා පිටත්විය. හෝරා එකහමාරකට පසු ගම්පහ නගරයට යන්නට හැකිවිය.
මාර්ග තදබදය හේතුවෙන් අමතර කාලයක් වැය කිරීමට අපට සිදුවිය. මහමාර්ගයේ අයිනක වෑන්රිය නවත්වා කළුපැහැති ඇඳුම් ඇඳගත් අප සිව්දෙනා ඉතාම සෙමෙන් ලයිව් ස්ටෙිට් ආසන්නයට ආවෙමු. නියෝජිත ජේ50 සමග දිව්‍යා තබා අප දෙදෙනා වටෙන් ගොස්, කටුකම්බි රැහැන් ඈත්කර, වතු පරිශ්‍රයට
ඇතුල් වුනෙමු. ගස් පඳුරු පසු කරමින් ගෙබිම ආසන්නට ආවෙමු.

ඇල්ෆා ෆෝ බ්‍රාවෝ මම ස්ථාන ගතවෙලා ඉන්නෙ. මොකද තත්වය.

*බ්‍රාවෝ ෆෝ ඇල්ෆා මට පොඩි වෙලාවක් දෙන්න..

ඕකේ බ්‍රාවෝ…

මද වෙලාවකට පසු…

*බ්‍රාවෝ ෆෝ ඇල්ෆා ස්ථානගතවීම සම්පූර්ණයි.

ඇල්ෆා ෆෝර් බ්‍රාවෝ නයිට් විෂන් දාගන්න. බාධක වෙන සේරම ඩවුන් කරලා දාන්න.

*බ්‍රාවෝ ෆෝ ඇල්ෆා කොපියඩ්.

වහාම කබා සාක්කුවට අත දමා ලේසර් පන්දම අතට ගෙන උතුරු දිශාවට එල්ල කෙරුවෙමි. තත්පර තිහකින් පසු විදුලි බලය විසන්ධි විය. මා ඉදිරි පස දොරගුළු ඇරගෙන සෙමෙන් ඉදිරියට යනවිට ඇතුලත මුරට සිටින අයවළුන් විදුලි පන්දම් රැගෙන සීසීකඩ දුවන්නට විය.

***අරකිගෙ කාමරෙ දොර ලොක් කරා නේද. මෙි මගුල් කරන්ට්එක දැන්ම ගියානෙ අම්මපා.

**හරි බොසා. මම කලින්ම ලොක් කරලා තිබ්බෙ.

එකෙකු , තවකෙකු ලඟින්ම මා ගමන් කලත් දැඩි අඳුරේ ඔවුන්ට මා සිටින දිශාවකුදු සොයාගැනීමට අසමත් විය.
කෙමෙන් කෙමෙන් යට මහලේ සෑම කාමරයකම දොරවල් අසලට ගොස් කෙටි සවන්දීම් වල නිරත වුනෙමි.

*බ්‍රාවෝ ෆෝ ඇල්ෆා පැකේජ් මම ලඟ.
නැවත කියනවා පැකේජ් මම ලඟ.

ඇල්ෆා ෆෝ බ්‍රාවො නියමයි. ෆෝන්එක දීලා වහාම ඔතනින් පිටවෙන්න.

*බ්‍රාවා් ෆෝ ඇල්පා කොපියඩ්.

මිනිත්තු පහකට පසු මා සිටියේ නිවසින් සැලකිවයුතු දුරකිනි. පඳුරු අස්සේ සැඟවුනු මා කසුන්ව ඇමතුවෙමි.

ඇල්ෆා ෆෝ බ්‍රාවෝ තත්වය වාර්තා කරන්න. ඇල්ෆා ෆෝ බ්‍රාවෝ… ඇල්ෆා ෆෝ බ්‍රාවෝ…

*බ්‍රාවෝ ෆෝ ඇල්ෆා මට මොහොතක් දෙන්න.

මොහොතකට පසු.

*බ්‍රාවෝ ෆෝ ඇල්ෆා මම ස්ථානයේ සිට සැළකිවයුතු දුරක ඉන්නෙ.

ඇල්ෆා ෆෝ බ්‍රාවො කොපියඩ්. කියමින් ලේසර් කදම්බයක් වෑන්රිය පිහිටි දිශාවට එල්ල කෙරු පසු මිනිත්තු⁣වකට පසු වදුලි බලය නිවස පරිශ්‍රයට ලැබුනි.

කැලෑ පඳුරු ආවරණය කරගනිමින් කටු කම්බි රැහැන් ඈත්කර මා වෑන්රිය දෙසට
එනවිට දිව්‍යා පිස්තෝලයක් අතැතිව අප දෙදෙනා එන දිශාව බලා සිටියාය. මා ඇය ලගට ආ පසු. කෝ කසුන් ආවද..?

දිව්‍යා - අර එන්නේ සර්… කියමින් මාහට පෙන්වීය.

*සර් අවුලක් නැහැ නෙ…?

නෑ. කසුන් හොඳින් නේද…?

*ඔව් සර්…

නියමයි. ෆෝන්එක සයිලන්ස් දාලා නේද දුන්නෙ.

*ඔව් සර්…

හරි… අපි ටික වෙලාවක් ඉමු ඇතුලෙ එවුන් සන්සුන් වෙනතුරු.

මතු සම්බන්ධයි......


Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now