⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 23 වන දිගහැරුම ⸎

`` වෛද්‍ය දුනිත් මුදලිගේ ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
……………………………………………….............

බොහොම හොඳයි… අපිත් පොඩි දුෂ්කරතා වලට මුහුණ දුන්නා ටෝච් එක ගන්න ගිහින් ….

*ඒ මොකද සර්…..

මෙතැන් සිට…

අද මම පොල්බෑමූණාගෙ මූණට දුන්නා කජු ලෙල්ල වගේ වෙන්න….

*සර් ඒ වැඩෙි කරාද….?

ඔව් කසුන්… එහෙම තමයි. දෙන්නයි ආවෙ කාර් එකේ. දෙන්නම පාරට පැනලා නවත්තගෙන , දෙන්නට හොඳ සීරුවට ගුටි පූජාවක් තියලා, පොල්බෑමූණගෙ ලේ ටිකක් අරගෙන ආවා.

**නිකං නෙමෙි කුප්පියකටම දාගෙන ඇවිත් …

*අම්මපා සර්…

දෙයියන්පා…. ඒ ටිකත් අරගෙන ඇවිත් නියෝජිත ජනිත් එක්ක වැඩි මෙලාවක් කතා කරන්න බැරුව ගියා. එතකොට තමයි ඔයාගෙන් මැසේජ් එක ආවෙ. ඉතින් ඒ පහරදීමෙි සිද්ධිය හන්දා කොළඹ කැළඹිලා. හැම පොලිස්ථානයකටම මැසේජ් පාස්වෙලා තැන් තැන්වල තවත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් . ඒ හන්දා ටිකක් ඒ ගැන අවධානෙන් ඉන්න කියලා.

*ඉතින් ඊට පස්සේ ….?

ඊට පස්සේ මොකද ඉතින් … අපි හොස්පිටල් එකේ පිටිපස්සෙ තාප්පය ලඟ
ස්ථානගතවෙලා හිටියා. හදිසියේම පොලිස් මුර සංචාරයක් ආවානෙ.

*නෑ… ඉතින් ඊට පස්සේ …

ඊට පස්සේ මොනවා වෙන්නද…
නියෝජිත ජනිත්… ආගිය අතක් නෑ. මමත් අර එහා පැත්තෙ තියෙන එකලඟ තියෙන පොඩි ෆයිනස් ගස් අස්සෙ හැංගුනා. ඊට පස්සේ අර පොලිස් නිලධාරීන් දෙන්නා , මම හැංගුන ගහ ලඟට වෙලා තද කයියක් ගැහැව්වා. මට ඒක පැහැදිලිව ඇහුනා.

**මොනවද සර් ඒ දෙන්නා කතාවුනේ..

උන් දෙන්නට හොඳටම ගහලා ලු, සිහිනැති වෙලා ලු, ගහපු එකෙක් අඳුරගන්න බැරිලු, ඒ වගේම කිසිම දෙයක් අරගෙන ගිහිනුත් නැතිලු.. ඔව්වා තමයි ඉතින් …

*ඔව් ඉතින් උන් කවදාවත් හිතයිද. එතන හිටපු එකෙක් ගෙ ලේ ටිකක් හොරකම් කරන්න ….

**ලේ හොරෙක් ..

*අන්න හරි… ලේ හොරෙක් එයි කියලා..

ඔව් … හැබැයි වැදගත්ම කාරණය ඔය එකක්වත් නෙමෙි…

**ඒ මොකක්ද සර්….

මෙන්න මෙික… කියමින් මෙතෙක් වෙිලා තම ඉනෙහි රඳවා තබා තිබූ කැලිපර් මි:මී 09 වර්ගයේ පිස්තෝලය මෙිසය මත තැබුවෙමි.

*හපොයි සර්… මෙික උගේ ඉනේද තිබුනෙ.

ඔව් කසුන්… මහත්තයා.. ⁣ඉනේ තමයි. අනෙකගෙ තිබුනෙ නැහැ මොකුත්.

**සර් මෙික ජර්මන් භාණ්ඩයක් නෙ.

ඔව් … නියෝජිත ජනිත්… උන් හොඳම බඩු තමයි පාවිච්චි කරන්නේ. ඒ විතරක් නෙමෙි මම උන්ගෙ හැඳුනුම්පත් වල ෆොටෝ දෙකකුත් අරගෙන තමයි. අතුරුදහන් වුනේ එතනින්. මෙි තියෙන්නෙ ඒ ෆොටෝ දෙක…

*හරි…. මෙි තියෙන්නෙ උන්ගෙ නම්.

ඇත්ත ද ව්‍යාජද කියන්න නම් දන්නෙ නැහැ මම..

**බලමු… හ්ම්ම්…
මෙික ඇන්ටනී කොස්තා..
අනිකා මලින්ද රාජපක්ෂ.
හරිනෙ… මිලින්ද රාජපක්ෂ කියන්නේ කොහොමත් පට්ට හොරෙක් නෙ. ලඟින් ගියොත් වම , දකුණෙ ඇස් දෙකම නෑ. කම්බ හොරෙක්ගෙ නමක් තමයි දාලා තියෙන්නෙ මුගෙ දෙමව්පියන් ගැලපෙන නම ම දාලා තියනවා අපරාදෙ කියන්න බැහැ.

*ඔව් ඒක ඇත්ත තමයි… අනාගතය දැකලා තියනවා

ඔව්… එතකොට ඔය ඇන්ටනී කොස්තා ට
තමයි අපි මෙච්චරකල් පොල්බෑමූණා කිව්වෙ.. අනිකා ඉතින් වැඩක් නැහැ. හැබැයි මුන්ගෙ ජීවිත තව බොහොම ටික කාලයයි. ඔය ශරීර කූඩ ඇතුලෙ තියෙන්නෙ.

**කෙලින්ම උඩ තමයි….

ඔව් නියෝජිත ජනිත්…
ඊට පස්සේ අපි බලමු මෙි කාබන් කොපියෙ මොනවද තියෙන්නෙ කියලා.
මෙිකෙ මට විසඳන්න කියලා සමීකරණ මොකුත් නැහැ. මෙි බලන්න ….

*සර් මෙි තියෙන්නෙ නම් ලැයිස්තුවක් නේද….?

ඔව් …. හැබැයි සමහර නම් වලට ඉදිරියෙන් `` D ´´ අකුර තියනවා.
සමහර නම් වලට ඉදිරියෙන් ``S ´´
අකුර තියනවා … එතකොට මොකක්ද මෙි වර්ගීකරණය ….? මම හිතන විදිහට
`` Doctor ´´ වෙන්න ඔීන…

**සර්… `` Dealer ´´ වෙන්න බැරිද…?

``ගණුදෙනුකරු´´ නේද… ? ඔව් …..
එහෙම වෙන්නත් බැරි නැහැ.

*සර්… `` Dead ´´ වෙන්න බැරිද….?

`` මැරුණ ´´ ඔව් ඒකත් හොඳ ආදේශකයක් තමයි. එතකොට මෙතන තියනවා නම් 29 ක්. නමුත් මැරුන අය මෙයාට තව දුරටත් අදාලයි කියලා හිතන්න බැහැ නේද…?

**ඔව් සර්… මැරුන අය වැඩක් නැහැ
හැබැයි මරන්න ඉන්න අය ගොඩක් අදාලයි නේද…?

අන්න පොයින්ට් එක… නියමයි. මෙතනට
`` Kill ´´ කියලා දැම්මොත් ඒක හරි. නමුත්
Dead කියලා දාපු එකෙන් අදහස් කරේ මොකක්ද එතකොට. හ්ම්ම්… ? හ්ම්ම්…… ? මම හිතන විදිහට ඔය දෙන්න හරි වෙන්න ඔීන. අතීතකාල වචනය වන `` Dead ´´ මුලට අරගෙන
ඒක කලයුතු විදිහට ආදේශක කරලා තියනවා මෙතනදී. එතකොට `` Kill ´´
කියලා දැම්මොත් එතන බැරිවෙලාවත් දැකපු කෙනෙකුට සැකයක් හිතෙන හන්දා තමයි , කාලානුරූප වචන වරද්දලා ලියලා තියෙන්නෙ … එහෙම තමයි අපිට නිගමනයකට එන්න පුළුවන් .

*ඔව් සර්… මටත් එහෙම හිතෙනවා.

**හරි එතකොට ``S´´ අකුරෙන් මොකක්ද
කියන්නේ…

*මම හිතන්නේ `` Supplying ´´ වගේ වෙන්න ඔීන.

ඒ කියන්නේ සපයන්නා…?

ඔව් සර්…. ඒ කියන්නේ දැනට මත්කුඩු ගේම් එකේ ඉන්න අය. ඩී අකුරෙන් කියන්නේ ඉදිරි කාලයේදී ගුවන්ගත කරන්න ඉන්න අය.. හපොයි ඒක මට ඉබේටම කියවුනා නෙ.

*ඔව් සර්….

එහෙනම් … මෙි ලිස්ට් එකේ ඔයා දන්න නමක්, නැත්නම් අහලා, දැකලා පුරුදු නමක් තියනවද බලන්න.

*හපොයි සර්….මෙි `` දුනිත් මුදලිගේ ´´ කියන්නේ අපේ හොස්පිටල් එකේ විශේෂඥ්ඤ වෛද්‍යවරයෙක් නෙ.

හැබෑටම ….? ෂුවර් ද…?

*ෂුවර් නෙමෙි ෆුල් ෂුවර් සර්…

**ටහුඩු … එහෙනම් එයත් ලගසි යයි උඩ..

දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ. එහෙනම් මෙි ලිස්ට් එකේ ඉන්න සේරම මෙි ජාවාරමට සිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සම්බන්ධ වෙච්ච වෛද්‍යවරුන් …

නියෝජිත ජනිත් ….

**සර්….

මෙි ලිස්ට් එකේ ෆොටෝ කොපි ටිකක් ගහලා. දිවයින පුරා අපේ ඉන්න ස්පයිඩර්ස් ලට යවන්න ඔීන. මෙි නම්
ලංකාවෙ කොහෙහරි ඉස්පිරිතාලවල් වල
සක්‍රීය මට්ටමින් තියෙන්න ඔීන. මෙි සේරම දිවයිවේ දසත ඉන්න වෛද්‍යවරුන්. මට ඒක සහතිකවශයෙන්ම කියන්න පුළුවන්.

**දෙන්න සර්… අපි දැන් ම ක්‍රියාත්මක වෙන්න ඔීන. මම යනවා මෙිටික කොපි කරලා හැමෝටම ඊමෙිල් කරන්න..

හරි… ගිහින් එන්න..

*සර්… දැන් මොකද අපි කරන්නේ.

කසුන්… මෙි විෂයේදී, වෛද්‍ය දුනිත් හරි හෝ වැරදි. ඒක අපි පස්සේ බලන්න ඔීන. පලමුවෙන්ම අපි මෑන්ගෙ මරණය නවත්වන්න ඔීන පුළුවන් තරම් ඉක්මනට. ඒකට මෑන්ව අතුරුදහන් කරන්න ඔීන. නැත්නම් තව ජීවිතයක් ඉවරයි. අපි මෙච්චර ක්‍රියාකාරී වෙලත් තව එක මිනිහෙක් හරි උන් අතින් මැරෙනවා කියන්නේ ඒක හරිම අපරාධයක් …

*ඒක ඇත්ත සර්…..

එහෙනම් …අපි තුන්දෙනා පුළුවන් තරම් ඉක්මනට පිටත්වෙන්න ඔීන. මෑන්ගෙ ෆෝන් නම්බර් එක. මරදාන හොස්පිටල් එකේ දුරකථන හුවමාරුවට කියලා ඉක්මනට ගන්න ගිහින් …

*ඉන්න සර් මම දැන්ම ගන්නම්…
ඔව් … ඩොක්ටර් දුනිත් මුදලිගේ තමයි.
ඔව් … බිංදුවයි හැත්තෑ………. හතද , අටද මිස්… හත නේද.. හරි… බොහොම ස්තුතියි. සුභ දවසක්..

*හරි සර්….

මම විනාඩි තිහක් ඇතුලත එලියෙ ඉන්නවා. ඔය දෙන්නත් වෙස් වලාගෙන
එන්න… කාලය ඇතිනෙ…?

**අපෝ ඇති…

මතක ඇතුව ක්ලෝරෆෝම් කුප්පියයි , ලේන්සුවකුයි ගේන්න…

*හරි සර්….

හොඳයි …. කියමින් කඩමුඩියේ. පහල තට්ටුව වෙත ගොස් වෙිෂය මාරු කරගෙන. පාරට බහින විට, දෙදෙනාම ඇවිත් සිටින ලදි.

**සර් … කොහොමද වැඩෙි කරන්නේ..

මහත්වරුනි … එන්න ටිකක් අයිනට.
මෙහෙමයි… අපි මෑන්ට හදිස්සියක් කියලා එලියට ගෙන්න ගමු. මම ඒක කරන්නම්. හැබැයි පිටුපස ගේට්ටුවෙන් එන්න කියන්න ඔීන. මොකද බත් වයලට් ඇහැගහගෙන ඉන්නෙ..ඒකට තමයි එයාව එතනට දාලා තියෙන්නෙ. නැතුව මම කලින් කිව්වා වගේ බත් විකුණන්න නෙමෙි. නාරද මහත්තයා මෑන්ගෙ වාහනය දන්නවද…?

*ඔව් සර්… මයික්‍රෝ ප්‍රාඩෝ එකක්..

බොහොම හොඳයි ….ඊට පස්සේ
අපි පීපල්ස් පාක් ගොඩනැගිල්ල ලඟ ඉමු. එතනදී මෑන්ගෙ වාහනයට නැගලා යමු.
ටික දුරක් ගිහින් වාහනය නවත්තලා , සුපුන් මෑන්ව සිහිනැති කරකරන්න ඔීන.. ඊට පස්සේ මෑන්ව පස්සට දාලා. සුපුන් වාහනේ පාලනය අතට ගන්න ඔීන ඊට පස්සේ අපි යමු අපේ N House එකට. එහෙදි ඉතුරුටික බලාගමු. සිහිපිට ගෙනියන්න බැහැ . එතකොට මෑන් අපේ රහස් පොට් දැනගන්නවා. හරි… එතකොට දැන් අපි පිටකොටුව බස් එකක යමු. මම ඊට පස්සේ කියන්නම් වෙන්න ඔීන දේ. විශේෂයෙන්ම කසුන් මතක තියාගන්න කටහඬ වෙනස් කරලා කතා කරන්න. මොකද ඔයා `` නිතර දකින කුකුලෙක්´´ හන්දා කරමලෙන් මෑන් අඳුරගන්න පුළුවන්. මොකද මෙයා වෛද්‍යවරයෙක්. නිකම්ම කෙනෙක් නෙමෙි නෙ. හරි ඔයාලට මොනවාහරි සැළසුමෙි අපැහැදිලි තැනක් තියනවද..?

*නෑ සර්…

එතකොට සුපුන් ට…

**මටත් නෑ සර්..

හොඳයි මම ලඟ විතරයි ආයුධයක් තියෙන්නෙ..

**ඒකත් නීති විරෝධී එකක් (සිනාසෙමින් )

හැබෑව … හැබෑව … අන්න එනවා බස්එක. නැගපල්ලා ඉක්මනට.

අඩහෝරාවකට පසු, පීපල්ස් පාක් ගොඩනැගිල්ල අසලදී….

සුපුන් … ඊමෙිල් ටික හරිද…?

**ඔව් තේනුවර … ඒ ටික යැව්වා.

බොහොම හොඳයි…. කෝ නාරද මට දෙන්න ඩොක්ටර් ගෙ නම්බර් එක.

*ආ.. සර්….

බෑ බෑ…. ඔීකෙන් අරගෙන බෑ. මෑන් බැරිවෙලාවත් ඇතුලෙ ලිස්ට් එකෙන් චෙක් කෙරුවොත්. මට කියන්න නම්බර් එක…

*බිංදුවයි… හැත්තෑ……

හරි…. කවුද මෙි දුනිත් වෛද්‍යතුමාද..

ඔව්… කවුද මෙි ..? ( දුරකථනයෙන් )

ඔය මහත්තයා ඉස්පිරිතාලෙද ඉන්නෙ මෙි වෙලාවෙ…?

ඔව් ඔව් කවුද මේ…? ( දුරකථනයෙන් )

ඔයාට කවුද කියන එක දැනට අදාල නැහැ. තමුන්ගේ ජීවිතය තව විනාඩි කීපයකින් ඉවරයි. ඒක නොවෙන්න නම්.
මම කියනදේ පැහැදිලිව අහගන්නවා…හරිද..?

දැන් මොකක්ද ඔහෙලට කෙරෙන්න ඔීන…? ( දුරකථනයෙන් )

කෙරෙන්න ඔීන මෙච්චරයි .. දැන්ම තමුන්ගෙ වාහනයෙන් පිටත් වෙනවා.
හැබැයි පිටුපස ගේට්ටුවෙන්.. අපි ඉන්නවා පිටකොටුවෙ පීපල්ස් පාර්ක් ගොඩනැගිල්ල ලඟ. එතනට ඇවිත් මෙි නම්බර් එකට කෝල් එකක් දෙනවා. එච්චරයි. මතක තියාගන්නවා..
සෙල්ලම් දැම්මොත් සේරම කුඩු හරිද..

හරි සර්… මම දැන්ම එන්නම්.
( දුරකථනයෙන් )

බොහොම හොදයි… හරි සරළයි. අපි විරළයි.කියා දුරකථනය විසන්ධි කෙරුවෙමි

අඩහෝරාවකට පසු….

*සර් අර නිල් වාහනය තමයි වාහනය..

**අරකද….

*ඔව් .. සුපුන් …

සුපුන් මහත්තයා … බලන්න ටිකක් කිට්ටු කරලා වාහනයේ තව කවුද ඉන්නෙ කියලා.

**නෑ සර්… වාහනය හිස්….

නාරද …. මෑන් මද ඉන්නෙ ඇතුලෙ…?

*ඔව් තේනුවර ….

⁣මෙන්න කෝල් එක එනවා… ඔය දෙන්නා ගිහින් වාහනේට ගොඩවෙන්න. පිටුපස සීට්දෙකට යන්න …

**හරි සර්….

හෙලෝ දුනිත් මහත්තයා. ඔන්න එනවා මගෙ ළමයි දෙන්නෙක්. එයාලට වාහනයට ගොඩවෙන්න ඉඩ දෙන්න..

හරි… ඉන්න මමත් එනවා… කියමින්
ක්ෂනිකව වාහනයේ ඉදිරිපස ආසනයට ගොඩවීමි…

***ඔහෙලා කවුද ….?

ප්‍රශ්න වැඩක් නැහැ… ( තම පිස්තෝලය අතට ගෙන පහලින් වෛද්‍යවරයා වෙත එල්ලකර.) යමු හලාවත පාරෙ….මොකද…? යනවා ඔීයි සැරයක් කියපුවාම.. ඉක්මනට ….

***ඇත්තම කියන්න ඔහෙලා කවුද….?

මෙි ඩොක්ටර් … ගමනාන්තයට ගියාට පස්සේ අපි තමුන්ට අපි අපේ උප්පැන්නය දෙන්නම් එතකම් කලබල නොවී යනවා.
හරි දැන් නවත්තනවා…

සුපුන් …

**හරි….. කියමින් තම ලේන්සුව වෛද්‍යවරයාගෙ නහයට තබා තද කරන ලදි.

බලන්න සිහි නැතිවෙලාද කියලා …?

**ඔව් තේනුවර …

හරි….. නාරද මෙයාව ඇදලා ගන්න පස්සට… සුපුන් එන්න ඩ්‍රයිව් කරන්න.

හරිද….?

*හරි සර්….

එහෙනම් යමු සුපුන් …..

**යමු …..

අඩහෝරාවකට පසු. N House එකට ගොස් දොර වසා , අගුළු දමා වෛද්‍යවරයාව පුටුවක ගැටගසා දමා, වතුර මුහුණට ඉහලා. සිහිය ඒමට සැලැස්වූයෙමු.

රායිට් …. හෙල්ලෙන්න දඟලන්න එපා ඩොක්ටර්… මොකද තමුන්ව බැඳලා දාලා ඉන්නෙ. දැන් අපි ප්‍රශ්න හා ඒවට පිලිතුරු හුවමාරු කරගමු.

අපි දන්නවා මරදාන ඉස්පිරිතාලෙ අතයට වෙන හැමදේම. හැබැයි අපිට දැනගන්නට තව කරුණු කාරණා කීපයක්
තියනවා.

***මොනවා….

ඔව් …. ඩොක්ටර්… මට දැනගන්න ඔීන. කවුද මරදාන ඉස්පිරිතාලෙ මෙි ජාවාරම
හසුරවන්නේ කියලා විතරයි. ඒ වගේම කමන්ගේ කාර්යබාරය එතන කරන…?
හොඳයි … අපිගැන කියලා ඉන්නම්කො.
එතකොට සැකය අඩුවෙයි නෙ. අපිගැන ලොකු ටෝක් ඔීන නැහැ. අපි රජයේ නිලලත්, හැබැයි බාහිර සමාජයට නිලනොලත් පාර්ෂවයක්. අපි ගේම්එකේ ඉන්නෙ දැන්. එච්චරයි හැඳින්වීම.

දැන් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ගේ පුරෝකථනය…

***සර්…. මම කබලෙන් ලිපට වැටිලා ඉන්නෙ …

හරි ලිපට වැටිලා මිහිරාණි නර්ස් වාගෙ ගිණි අඟුරු වල දැවෙන්න හදන්න එපා.
ඔය මහත්තයා දන්න සේරම අපිට කියන්න. මම පොරොන්දු වෙනවා.
මරන්නෙ නැතුව නිදහස් කරනවා කියලා.

***සර්… මෙි සේරම කරන්නේ අර ශාන්ත.

ඔීහ්…. අර ඇටෙන්ඩන්ට් කාරයා…?

***ඔව් සර්…. මිනිහා තමයි ඇතුලෙ කුඩු බිස්නස් එක හැඩල් කරන්නේ.

එතකොට තමුන්ලා මොකද කරන්නේ…?

***අපි තමයි බෙහෙත් වලට මුවාවෙන් රෝගීන්ට මත්ද්‍රව්‍ය හුරු කරන්නේ…

මහත්තයා… කාලවෙිලාව ඉගිලෙනවා..
අපිට කතන්දරයක් වගේ කියාගෙන යන්න. ප්‍රශ්න තිබුනොත් අතරමගදි අහන්න බැරියැ. නේද සුපුන් මහත්තයා..

**ඔව් තේනුවර …

හ්ම්ම්… ඒකනෙ. ඉතින් ….

***හරි සර්…. අපි රෝහලට එන තරුණ
පේෂන්ස්ලට ත්‍රීට්මන්ට් කරනවා. සුව වෙන්න ආසන්න වෙනකොට මත්ද්‍රව්‍ය
එන්නතක් විදිහට ශරීර ගතකරනවා

මොනවද මත්ද්‍රව්‍ය ….

***හෙරොයින් ….

හරි… ඉතින් ඊට පස්සේ ….?

***එතනදී එයාලා ඇබැහි වෙලා තමයි ටිකට් කපාගෙන එලියට යන්නෙ. ඊට පස්සේ එලියේදී එයාලට අවශ්‍ය කරන බඩු දෙනවා සල්ලි වල⁣ට…

හොඳයි එතකොට තමුන්ට හොඳ ගාණක් දෙනවා මෙි අය…?

***ඔව් සර්…. මෙි ටික කාලයක ඉඳලා මට හෙික එපාවෙලා තියෙන්නෙ. මොකද මම වෛද්‍යවරයෙක් කියලා දැන් කරන්නේ ලොකු අපරාධ ගොඩක් නෙ. ඉතින් මම කිව්වා මට තවත් මෙි අපරාධ කරන්න බැහැ කියලා …

ඉතින් …

***මෙයාලා මගේ පවුලම බ්ලැක්මෙිල් කරලා තියෙන්නෙ …

මොකක් … ඒ කොහොමද…?

***මගෙ දුවයි, නෝනයි යන හැම තැනම උන්ගෙ දෙන්නෙක් ආයුධ අරගෙන යනවා.

**ඒ කියන්නේ තමුන් වැඩෙි ගැස්සුවොත්. අතන පවුලට⁣ කොකා ගැස්සෙනවා..

***ඔව් සර්….

හ්ම්ම්… ඊට පස්සේ ….?

***දැන් මම අසරණයි. මට මොකුත් කරකියාගන්න බැහැ. පොලීසියට කියන්නත් බැහැ ..

ඇයි පොලීසියේ සහය පතන්න බැරි

***එහෙම කරන්න බැහැ සර්… උන්ගෙ
එවුන් ඉන්නවා හැම පොලීසියකම වාගේ.

තමුන් දන්නවද ඒ වගේ කවුරුහරි….

***ඔව් සර්… එස්අයි රවින්ද්‍ර. කොටුව පොලීසියේ. ඒ එක්කෙනෙක් විතරයි.
එයා මට කීප වතාවක්ම තර්ජනය කරලා තියනවා.

හ්ම්ම් එහෙමද..? එහෙනම් ඒක කරන්න බැහැ තමයි. උන්ගෙ කූලි කාරයෝ ඒකෙ ඇතුලෙ ඉන්නවා ඇති.

***ඔව් සර්….

හරි… අපි දැන් කොහොම තමුන් ඔය
කියපු හෑලි ටික විශ්වාස කරන්නේ…

බීප්…. බීප්….

**තේනුවර මෑන්ට කෝල් එකක් වගේ….

ඉන්න බලන්න … කියමින් උඩ සාක්කුවෙ ඇති දුරකථනය අතට ගෙන බැලුවෙමි.
නැවත දුරකථනයේ මුහුණත වෛද්‍යවරයාට පෙන්වා , මෙි කවුද කතා කරන්නේ.

***සර් අර කාළකන්නි ශාන්ත තමයි ඔය.

හරි හරි … හෙිකට කතා කරලා ෂේප් එකක් දාගන්නවා. කියමින් දුරකථනය මුහුණට කිට්ටු කෙරුවෙමි.

***හහ් හහාලෝ….

කොහෙද තමුසෙ ඉන්නෙ..?
( දුරකථනයෙන් )


***මම මෙි … පිටකොටුවට ආවා. බඩු ටිකක් අරගෙන යන්න.

බොරුනේද තමුසෙ කියන්නේ …?
( දුරකථනයෙන් )

***නෑ නෑ ඇත්තමයි….

දැන් ලෙඩ්ඩු බලන වෙලාවත් ලඟයි. ඉක්මනට එනවා… ( දුරකථනයෙන් )


***හා හරි.. මම එන්නම්.

මෙි…. අපිට පානිය දාන්න හදන්න එපා.
එහෙම වුනොත් දන්නවා නෙ. තමුන්ගේ දුවටයි , නෝනටයි වෙනදේ …?
( දුරකථනයෙන් )


***ඔව් ඔව් මම දන්නවා …

හ්ම්ම්… ( දුරකථනයෙන් )

දුරකථනය විසන්ධි විය..

***සර්… දැන් මාව විශ්වාසයිද…?

ඔව් ටිකක් විතර….. තමුන් දන්නවද…?
තමුන් කරලා තියෙන විනාශය..? අසරණ
මිනිස්සු කීදෙනෙක් මතට ඇබ්බැහි කරලා
තියනවද…? හරි විදිහ නම්, අපියි තමුන්ව ඉවරයක් කරන්න ඔීන.. තමුන් ,
තමුන්ගේ වැරැද්ද උසාවිය ඉදිරියේ පිලිගන්න ලෑස්තිද….?

***සර්…මම දන්නවා මම හදාගන්න පුළුවන් වැරැද්දක් නෙමෙි කරලා තියෙන්නෙ කියලා. හැබැයි නැවත ඒ වැරැද්ද නොවෙන විදිහට වැඩ කරන්න මම කැමතියි . ඒත් ම⁣ට ඒකට බෙිරුමක් නැහැ මුන්ගෙන්. මගෙ දරු පවුල බෙිරලා දෙනවා නම් මම ඔීන දේකට ලෑස්තියි.

තමුන් ට තව සති දෙකයි තියෙන්නෙ.
එතනින් පස්සේ තමුන්ව උන්ටික එකතුවෙලා මරලා දානවා කියන්න තමුන් දන්නෙ නැතුව ඇති…

***මොනවා….?

ඔව් … උන්ගෙ රෙඩ්(රතු ලයිස්තුවෙ) ලිස්ට් එකේ තමුන් ඉන්නේ…

***සර් මාව බෙිරලා දෙන්න ….

හරි… එතකොට තමුන් මිහිරාණි නර්ස් ගැන මොනවද දන්නෙ. එයාටත් මෙි මත්ද්‍රව්‍ය එන්නත් කරන වැ⁣ඩෙිට කැමති කරවාගන්න මුන් උත්සාහ කරා. බැරිම තැන තමයි එයාව මරලා දැම්මෙ . පව් අහිංසක කෙල්ල…

එතකොට තමුන් දන්නවද ඊලඟට කැමති කරකරවාගන්න ඉන්න නර්ස් කවුද කියලා ….?

***ඊලඟට සයුරි නර්ස් තමයි…..

හා එහෙමද… අපි බලමුකො.
හරි…අවසාන වශයෙන් අපිට මොනවද කියන්න තියෙන්නෙ ….

***ඇයි සර්…. මාව දැන් මරන්නද යන්නෙ..?

පිස්සුද මිනිහෝ… අපි රජයේ අවංක නිලධාරීන්. අපි එහෙම මරන්නෙ නැහැ කවුරුවත්…

***අනේ එහෙමද ….? සර්ලා කියන ඔීනම දෙයක් කරන්න මම ලෑස්තියි.

මෙි බලනවා ඩොක්ටර් …. මිනිහෙකුගෙ ජීවිතය තරම් මෙි භෞතික දේවල් කිසිවක් වටින්නේ නෑ. ඒ හන්දා පලමුව තමුන්ගේ ජීවිතයට වටිනාකමක් දෙන ගමන් අනුන්ගේ ජීවිත රකින්න වගබලාගන්නවා.. එච්චරයි. හරි… දැන් තමුන්ව අපි පිටකොටුනට ගිහින් දානවා. අපිට මොකක්හරි පණිවිඩක් දෙන්න ඔීනන නම්. ඒක කොලයක ලියලා. තමගේ කාර්යාලයේ කසල බඳුනට දානවා. හැබැයි කසල බඳුන ගෙනියන එකා බලන්න එපා හරිද… ?

***හරි සර්….

ඒ වගේම… පිටකොටුවට ගියා හොඳට ෆෙරෙෂ් වෙලා, කිසිවක් නොවුන ගාණට ඉන්නවා. අපි අනිත් හැමදේම බලාගන්නවා. ඒ ගැන මම පුද්ගලිකවම
සහතික වෙනවා තමුන්ට. ඒ වගේ උදේට එනකොට ඩස්බින් එක දිහා බලනවා. සමහරවිට අපේ පණිවිඩ ඒකෙ තියෙන්න පුළුවන්. ඒ ඩස්බින් එකේ හැම කොලයම බලන්න අවශ්‍ය නැහැ. විවිධ ක්‍රීම් වර්ග දාන කාඩ්බෝඩ් පොඩි පෙටිටිය ඇතුලේ තමයි අපේ මැසේජ් එක තියෙන්නෙ. පැහැදිලි ද…?

***ඔව් සර්….

හරි ඩොක්ටර් …. සුපුන් ….?

**තේනුවර ….?

එච්චරයි වැඩෙි ඔයාට බාරයි….

**හරි තේනුවර … කියමින් ලේන්සුව නහයට තියා තද කල පසු වෛද්‍යවරයාගේ සිහිය පහව යන ලදි.


මතු සම්බන්ධයි……..





Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now