අඳුරු සෙවනැලි රහස් පරීක්ෂක කතා මාලා අංක 07 ( රහස් ආයුධය ) 07 වන කොටස
@followers
………………………………………………....................................
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
………………………………………………....................................

………………………………………………....................................

ඔව් ඔය දෙන්නට තියනවා පොඩි නාටකයක් රඟපාන්න… මොකද මෙයාලා දීර්ඝකාලීන නාටකයක් රඟපානකොට අපිටත් එයාලව රවට්ටන්න වෙනස්ම ආරයක නාටක රඟපාන්නම වෙනවා. එව්වා හරියට සම්භාව්‍යනීය නාටක වගේ
තේරුම් ගන්න වෙනම නිවාඩුවක් දාල කල්පනා කරන්න වෙනවා… හරි..මම ඒ ගැන කියන්නම් පස්සේ ….

**sir can i leave now..?

Ok sure … good night.

**good night sir…

ඉතින් කසුන් … මට කියන්න බලන්න ඔය කියපු ටෝච් එකේ ස්භාවය එහෙම.

*සර් ඒක උඩිනුයි යටිනුයි දෙකෙන්ම ගලවන්න පුළුවන් සෙල් දෙකේ ටෝච් එකක්.

ඔීහෝ.. එහෙමද.. නියමයි නෙ.
ටෝච් එකක් කියන එක හුඟක් වැදගත් දෙයක් වගේම , ටෝච් එක බැටරි මාරුකරන්න පුළුවන් එකක් කියන එක
ඉතා වැදගත් කාරණයක්….

*සර් මට පැහැදිලි කරන්න පුළුවන් ද…

හපොයි පුළුවන් .. මොකද බැරි. මෙික විග්‍රහයක් . කසුන්ට මතකද මැච් ෆෙයාර්
ක්‍රමය…

*ඔව් … එකෙක් නැතුව අනිකගෙන් ඇති වැඩක් නැහැ. අනිකා නැතුව මෙිකගෙන් වැඩක් නැහැ කියලා නම් මම ඉගෙනගෙන තියනවා.

හරියටම හරි… ඒ කියන්නේ රහස්‍ය පණිවිඩය කොටස් දෙකකට කඩලා එක කොටසක් එකෙකුට ද , අනෙක් කොටස ඉතුරු එකාටද කියනවා. සම්පූර්ණ විස්තරය දැනගන්න දෙන්නම අල්ලගන්න ඔීන. ඔීක පරණ ජර්මානු ඔත්තුකරුවන් නිර්මාණය කරගත්ත ක්‍රමයක් වුනත් , අදටත් ඒ ක්‍රමය සාර්ථකයි.

*ඔව් සර්… දැන් මෙි ක්‍රමය කොහොමද මෙතනට අදාල වෙන්නෙ ….?

විශ්වාස කරන්න බොහෝදුරට මෙි ක්‍රමය.
මෙි නර්ස් නෝනා ඝාතනය කරපු අයෙක් හෝ පිරිස අනුගමනය කරනවා කියන කාරණය.

*මොකක් …?

ඔව් යාළුවා …. මට ඒගැන සීයයට අසූවක් විතර සනාථ කරන්න පුළුවන්. ඉතින් සීයයට විස්ස තමයි එහෙම නොවෙනු ඇතැයි කියා හිතන්නට පුළුවන්.

*සර් කොහොමද ඒක හරියටම කියන්නේ..

ඔව් කසුන්….. මම ඊයේ රෑ ඔයාලට සමුදීලා මාර ගහ යටට ගියෙ නැහැ.

*මාරගහ යට නෙමෙි නම් හිටියේ වෙන කොහෙද….?

මම ගියා ශාන්තගේ ගෙදරට..

*ආයෙත් වතාවක්…?

ඔව් කසුන්… ගිහින් හෙමින්සීරුවෙ ⁣පෑලදොරෙන් ගෙතුලට ගියා. මම හිතුවෙ මෑන් නිදි ඇති කියලා . කෝකටත් ක්ෂනික මෙල්ලකිරීම් වලට සූදානමින්
තමයි ඇතුලට ගියේ.

*ඒ කියන්නේ හරස් ගමන…

ඔව් යාළුවා …. ඉතින් ඊට පස්සේ ගිහින් හැමතැනම සෝදිසි කරා. නමුත් මට කිසිම හෝඩුවාවක් හමුවුනේම නැහැ. හැබැයි අවසානයේ ඇතුළුවුන කාමරයේ මෙිසයක් , පුටුවක් තිබුනා.

*නිකං කාර්යාලය වැඩ කරන තැනක් වාගේ…?

හරියටම හරි.. නමුත් එතනත් කිසිදෙයක්
හොයාගන්න මට බැරිවුණා . නමුත් ඒ කාමරයේ තිබුන බල්බය අසාමාන්‍ය ලොකු එකක් හන්දා. මගේ අවධානය ඒකට යොමුවුනා. පසුව මම ඒ බල්බය වයරයෙන් ගලවලා , බල්බයත් කලවලා බැලුවා.

*ඉතින් …?

දන්නවද මොකක්ද ඒකේ ඇතුලෙ තිබුනෙ කියලා …

*මොකක්ද සර් ( විමතියෙන් )

නිකංම නිකං සුදු කොලයක්..

*සුදු කොලයක්… එච්චරයි ද…?

ඔව් …. ඒක නිකං විශේෂ වාර්නිස් කොලයක්..

*ටිකක් අමුතුයි නේද…?

ටිකක් නෙමෙි යාළුවා ගොඩක් අමුතුයි.
නිකමට හිතන්න බල්බ් එකක් අස්සට
වාර්නිස් කොලයක් දාලා ඉතා රහසිගතව තියන්න තරම් මොකක්ද ඒ කොලයේ විශේෂත්වය කියලා .

*සර් ඇත්තටම ඇයි…

MFM (Match Fair Method - ගැලපීමේ ක්‍රමය ) ක්‍රමය… අර අපි පෙර කිව්වා වගේ එකෙක් නැතුව අනෙකාගේ වැඩක් නැහැ වගේම , මූ නැතුව අරූට වැඩක් නැහැ . කියන ක්‍රමය.

*ඒ කියන්නේ මෙි ලයමනේ හෝ ඒ ලියමනේ සඳහන් දේ බලන්න ලියමන දෙකම එකට මුණගස්වන්න ඔීන.

හරියටම හරි….
`` දුන්න දුණුගමුවෙ
ඊතල කිතුලගමුවෙ
රාල මීගමුවෙ
මුවෙක් හැඬුවයි සබරගමුවෙ ´´
දැන් තේරුනාද මුවා මරන්න නම් අනිත් සාධක තුනම එක්කාසු වෙන්නම ඔීන කියලා.

*සර්….. මට ඔීනෑවටත් වඩා තේරුම් ගියා.

හ්ම්ම්… නියමයි. මම දැන් එන්නම් පොයින්ට් එකට. එතකොට ඔය ඉතුරු ලියමන තියෙන්න ඔීන කොහෙද..?

*තව තැනක….

ඔව් තව තැනක තමයි. කොතනද ඒ තැන.
කවුරුවත් අවධානය යොදන්නේ නැති කැනක් වගේම, තමන්ගෙ අවධානය නිතරම තියාගන්න පුළුවන් තැනක්.
ඒ කියන්නේ පේනමානයේ…

*ඒ කියන්නේ කොහෙද… තමන්ගේ පසුම්බිය.

පසුම්බිය හොරු ගත්තොත් හොරා සල්ලි ටික අරගෙන පසුම්බිය කාණුවක⁣ට දායි.
හොරාට අදාල නැහැ ඒ කඩදාසි කැබැල්ල.
නමුත් මෑන්ට වෙන්නේ සමහරවිට මිළකල නොහැකි පාඩුවක් වෙන්න පුළුවන්. ඒ හන්දා මෑන් ඒ අවදානම ගන්නවා කියලා හිතන්න අමාරුයි.
එතකොට කසුන්… ? කොහෙද ඔීක තියෙන්නෙ …?

*එහෙනම් ඉතින් තියෙන්න ඔීන ඔය ටෝච් එකේ තමයි.

විශිෂ්ඨයි යාළුවා…. එතන තමයි තැන.
මගෙ අනුමානය නිවැරදි නම්. මොකද කොටස් ගලවන්න පුළුවන් ටෝච් එකක් කියන කාරණයත් එක්ක ගලපලා බලපුවාම. ඊතලය තියෙන්නෙ කිතුලගමුවෙ කියලා හිතන්න පුළුවන්.

*ඔව් ඒක පැහැදිලි මට. මොකද නැත්නම් අහවල් එකකටද මෙි පට්ට දවාලෙත් ඔය ටෝච් එක එහෙමෙහෙ අරගෙන දුවන්නේ…?

ඔව් … අපිට ඒ ටෝච් එක ගන්නම වෙනවා ඉතුරු අදියරට යන්න නම්.

*ඔව් සර්… ඒත් ඒක කොහොමද ගන්නෙ. මෑන් හුඟක් අවදානෙන් ඉන්න කෙනෙක් නෙ.

කසුන් … හැම ප්‍රශ්නයක් ම නිර්මාණය වෙනකොට ඒකට විසඳුමත් ඒ පස්සෙම එනවා. ප්‍රශ්නය නොමිළයේ ආවට උත්තර පස්සෙන් ආවත් ඒක නොමිළයේ එන්නෙ , ලැබෙන්නේ නැහැ. හරි කමක් නැහැ ඒකටත් මම ලග තියනවා උපායක්. ඊට කලින් ඔයා උපරිම උත්සාහ කරන්න මෑන් එක්ක සුළුවෙන් හෝ හිතවත් කමක් ඇතිකරගන්න . හැබැයි මම දෙන්නෙ හෙට ඉඳලා ගණනීය දින තුනයි. ඔයා අසමත් වුනොත්. මගෙ සැළසුම ක්‍රියාත්මක කරපුවාම අනිවාර්යයෙන්ම ඔයා සාර්ථක වෙනවා. එතකොට මම කියන්නම් කරන්න ඔීන දේ..

හරි….එතකොට තව මොනවද ඇතුලෙන් ගන්න පුළුවන් තොරතුරු.

*තව මම තව දැලක් එලාගෙන යනවා තරුණ නර්ස් කෙනෙකුට.

දැලක් …? මොන දැලක්ද..? ආදර දැලක් ද, නැත්නම් හිතවත් දැලක් ද..?

* දැනටනම් හිතවත් දැලක්. පසුකාලීනව මොනවා වෙයිද දන්නෙ නැහැ.

කමක් නැහැ කසුන්. මට ඔීන `` පූසා ඉටියෙන් හරි මැටියෙන් හරි මීයෝ අල්ලන්න ´´ තමයි. ඒ අතරේ ශාන්ත තව කවුද ඇතුලේ ලඟින්ම ආශ්‍රය කරන්නේ කියලත් ඇහැගහගෙන ඉන්න…

*සර් එතකොට ඔය කියන පොලිස් හාදයාවත් අධ්‍යනය කරන්න වෙනවා නේද…?

අනිවාර්යයෙන්ම … මෙි ශාන්ත ගොයියගෙ පොටක් පාද ගත්තට පස්සේ
මිනිහගෙ ක්ලච් එක අතහැරලා පාඩුවෙ ටික දවසක් යන්න දෙමු. ඊට පස්සේ පොලිස් මෑන්ගෙ චර්යාවන් වලට හොස්ස දාමු. මොකද මම හෙමින් සීරුවෙ අර බත් විකුණන වීදි කඩකාරිය හමුවුනා. මොකක්ද නම් කිව්වෙ `` බත් වයලට් ´´
එයත් එක්ක සාමාන්‍ය හිතවත්කමක් තිබිලා තියනවා මේ මිහිරාණි නෝනා.
ඉතින් බත් වයලට් කියන විදිහට. ඇත්තටම පොලිස් උන්නැහේ කෙනෙක් මෙයාට බලපෑම් කරලා තියනවා.
ඒ හන්දා මේ සේරටම සුලමුල වගේම, මෙිකේ අවසානයත් අපි හැකි ඉක්මනින්ම හොයාගන්න වෙනවා.

*ඔව් සර් ඒක ඇත්ත

ඊලගට මම හෝදිසිකිරීම් අවසානයේ ආපු පාරෙන්ම එනකොට නිකමට මුළුතැන්ගෙටත් එබිලා බැලුවා.. සාමාන්‍යයෙන් ඔීනම ගෙදරක මුළුතැන්ගෙයි ශීතකරණයක් තියෙන එක සාමාන්‍ය කාරණයක්. හැබැයි මම කිව්වොත් ඒ ගෙදර ශීතකරණයට අමතරව අධිශීතකරණයක් තිබ්බා කියලා…?

*හෑහ්…. අධිශීතකරණයක් ….?

ඔව් කසුන්… ඒක ටිකක් අමුතුයි නේද…? ඒකෙ තිබුනෙ නැවුම් මස් වර්ග කිලෝ කීපයක් විතරයි. නමුත් ඉතින් ඒක ටිකක් අසාමාන්‍ය දෙයක් නේද. අපි වගේ අයට..?
මොකද ගෙදරකට අවශ්‍ය මස් වර්ග දාන්න ශීතකරණයේ උඩ කොටස බොහොම ප්‍රමාණවත්. මෑන් ඉන්නෙත් තනියම… පිරිස වැඩියි නම් ගෙදර ඉන්න. නැත්නම් මෑන් මස් මාළු විකුණන අයෙක් නම් එතනදී සැකයේ වාසිය මෑන්ට යනවා. නමුත් මෙතන එහෙම කියන්න පුළුවන් එකී භෞතික සාධක කිසිවකුත් නැහැ.

*ඔව් සර්… ඒක ඇත්ත තමයි. මෑන්ට මොකටද අධිශීතකරණයක්..

ඒක තමයි මම කලින් කිව්වෙ මෑන් මතුපිටින් පේන චරිතය නෙමෙි. ගේ ⁣කුඩාවට පෙනුනට ඒතුල නැත්තෙ වායුසමීකරණයක් විතරයි. ඉතින්
රෝහල් කම්කරුවෙකුට හිමිවන මාසික
වැටුපෙන් පුළුවන්ද එතරම් සුඛ ජීවිතයක් ගතකරන්න …? ටිකක් ගැඹුරින් කල්පනා කරන්න වෙනවා මෙි ගැන නම්. මම ඒකත් බලාගන්නම් කො.

හ්ම්ම්… හොඳයි …අපි ඔහොම යමුකො.. වෙනත් යමක් තියනවද දැනගන්න මගෙන් . මොකද මට හිගාකන්න යන්නත් තියනවා නෙ (සිනාසෙමින් )

*නෑ නෑ සර්… අපි බලමුකො හෙට දවස කොහොමද අපිට බලපාන්නේ කියලා.

ඔව් කසුන්… එහෙම නම් සුභ රාත්‍රියක් වේවා..

*එසේම වේවා සර් ඔබටත් ….

ඔහුට සමුදුන් මා තම වේෂය මාරුකරගෙන නඅවත වීදියට බැස්සේ තමන්ගෙ රහස් නවාතැන බලාය. තම සියලුම ඇඳුම් උනාදමා සැහැල්ලු කලිසමක් පමණ ඇඳගත් මා , මෙතෙක් විමර්ශනය කරන ලඳ දේවල් හා එයින් ලැබුණු හෝඩුවාවන් එකින්එක ගැලපීමට හැකිද යන්න කල්පනා කරන්නෙමි.
පලමුව මිහිරාණි මැරුනා. ඊට පස්සේ එතනට කරුමෙට අර තරුණ කොල්ලා ආව හන්දා ඒකට වගකිව යුත්තෙක් වුනා. ඊට පස්සේ අපි ඝාතනය වූ තැන සරළ විමර්ශනයක යෙදුනා. එතනදි අපිට අනාවරණය වුනා. ඝාතකයා වෙන එකෙක් වගේම , මෑන්ට විශේෂ හැකියාවක් පුරුදු පහුණු ක⁣ල අයෙක් කියලා. ඊට පස්සේ මීට වඩා විමර්ශනය පුළුල් කරන්න ඔීන හන්දා අපි තෝරගත්තා මරදාන රෝහල, එතනදි අසාමාන්‍ය විදිහට හැසිරෙන කෙනෙක් අපේ ඇස ගැටුනා , ඉන්පසු මෑන් සමඟ රහසේ සම්බන්ධකම් පවත්වන පොලිස් උප පොලිස් පරීක්ෂක කෙනෙක් ගැන ඉව වැටුනා , ඊට පස්සේ ශාන්ත කියන මෙි මෑන්ගෙ ගෙදර හෝදිසි කරපුවාම අසාමාන්‍ය කරුණු කාරණා කීපයක් අත්දුටුවා. දැන් මෑන් පිලිබඳව වගේම , රෝහල් පරිශ්‍රය ඇතුලේ රහසිගත විමර්ශන කටයුතුවල යෙදෙමින් පසුවෙනවා. හොඳයි … නමුත් මෘතදේහය ලග තිබුනා කියන වතුර ස්වල්පය ගැන මට අවධානය යොමුකරන්න බැරුව ගියා. මෙි ගැන කල්පනා කරන්නට මත්තෙන් ටිකක් හිත නිදහස් කරගන් වුවමනායි. මක්නිසාද යත්, මා හැමදෙයක් ගැනම කල්පනා කරන හන්දා සමහර පාරිසරික උදාහරණ
මට මගහැරි ගොස් ඇති බැව් පෙනේ. එසේනම් මම මේ හිඟන ජීවිතය මදකට පසෙකලා. හෝරාවන් කීපයකට හෝ සාමාන්‍ය පරිසරයේ සාමාන්‍ය විදිහට හැසිරිය යුතුය. එතකොට මට වෙනස් විදිහේ අදහස් ගලාගෙන එන්න පුළුවන්.
මොකද මම බලන කෝණය හරි ඇති. නමුත් සමහර දේවල් මෙි බලන කෝණයෙන් බැලුවාට පේන්නෙ නැති තරම්ය. ඒ හන්දා හාත්පසින්ම වෙනස් බාහිර පරිසරයට ඇස් යොමුකර ඒතුළින් යම්කිසි දෙයක් ලබාගන්න මා උත්සුක විය යුතුය. එසේනම් තව දින හතරකට පසු. බාහිර පරිසරයට මා යොමු වන්නෙමි. එතකන් මෙි විදිහට විමර්ශන කටයුතු දියත් කරමි. හෝරා කීපයක් නිදාගත් මා . අළුයම අවධිව සුපුරුදු පරණ වේෂයට අනුගතවී පුරුදු මාර ගස යට නිදාගත්තෙමි.

මතු සම්බන්ධයි…….


Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now