සූදූ.....නැගිටින්න ලමයෝ.ඔය කොල් එකක් එනවා ඇහෙන්නෙ නැද්ද.......

අම්මා සොලවා සොලවා මා අවදි කලේය.

ඕක කන ලග තිබිලත් සද්දෙ ඇහෙන්නෙ නැද්ද සුදුවෝ..මේ පාරින්ද්‍යා දුව කෝල් කරන්නෙ.
පාරි නොහොත් පාරින්ද්‍යා යනු මාගේ හොදම හොද යෙහෙළියයි.උදේම කතා කරන්නේ හදිසියක් දෝ සැකසිතු මා ඉක්මනින්ම දුරකථනය ඇමතීය.

කියපන් පාරි....මොකෝ අවුල

අවුල,අවුල තමා යකෝ.කන්දෙක කටේ දාන්ද ඉන්නෙ උබ.කෝල් තුනක් ගත්ත මම.මේකත් ඉස්සුවෙ නැත්තන් ඊලග පාර වන් වන් නයින් ගහන්න හැදුවෙ,,,,

සොරි සොරි යකෝ.කියපන් ඉතින් මගේ නින්ද කෑවෙ මොකද කියලා.
""""""නින්ද නෙමෙයි වරෙන් හොද ඇදුමක් දාන් අපේ ගෙදර දැන්ම.අපේ අප්පච්චි මාමිගෙන් අහලා කම්පැනි එකෙ වේකන්සි තියනවා නම් උබව දාල දෙන්න කිය්ලා.මාමි කැමති වෙලා.අද ඉන්ටව් එන්නකිය්ලා දැන් කෝල් කරේ.ඩොකියුමන්ට් ටිකත් අරන් ඉක්මනට වරෙන් මාත් එන්නම් උබ එක්ක යන්න"""""""

පාරිගේ වචන ඇත්තෙන්ම මාහට මහත් සැනසීමක් ගෙනාවේය.සාන්වි ගුණවර්ධන වු මා සොයුරන් දෙදෙනෙක් උන් පවුලේ වැඩිමලා ය.උසපෙල සමත් වුවත් විශ්වවිද්‍යාලයට යාමට තරම් ලකුණු මදිවීම නිසා මා රැකියා සෙවීමට පටන් ගත් දින සිට මටත් වඩා පාරි ඒ ගැන වදවීය.අප්පච්ට වැලදුනු වකුගඩු රෝගය සමග පවුලේ බර අම්මාට පමණක් ඉසිලීමට නොදී මා නැවත් විභාග ලිවීමේ අදහසින් ඈත් වීය.
පාරිටත් මට මෙන් විශ්වවිද්‍යාලයට යාමට තරම් ලකුණු මදි වුවත් ඇයගේ දෙමව්පියන්ට මුදලින් අඩුපාඩු නොවූ නිසා ඇයට පෝද්ගලික විශ්වවිද්‍යාලකට යාමට හැකිවූ නමුත් ප්‍රාථමික පන්තියේ හටගත් ඇයගෙත් මගෙත් මිතුදම එදා මෙන්ම අදත් එකසේම ශක්තිමත් විය.
ඉක්මනින්ම සූදානම් වූ මා පාරි ගේ නිවසට යද්දීත් පාරි සූදානමින් වී තිබුණි.පාරි මෙන්ම කරුණාවන්ත පාරී ගේ පියා විදුහල්පති වරයෙකු වූ අතර ඔහුගේ වැඩිමල් සොහොයුරා පළාතේ ඉහලම නමක් දිනාගත් ව්‍යාපාරිකයෙකු විය."රාජකරුණා ගෲප්" යනු රට පුරාම විශාල කීර්තිනාමයක් දිනාසිටි ඇගලුම් ආයතනයෙන් වූ අතර එහි ප්‍රදාන කාර්‍යාලය අප සිටි නගරයේ විය .මා රැකියාවක් සොයා වෙහෙසෙන බව දැනගත් පාරිගේ පියා සොහොයුරා ගේ ආයතනයෙන් මාහට රැකියාවක් ලබාදීමට උත්සාහ දැරුවේය.
මා පාරිගේ නිවසට යද්දීත් ඇය ස්කූටරයට නැගී සූදානමින් පසුවිය.මා එනු දුටු පාරිගේ තාත්තා මා අසලට ආවේය.
""දූ මම අයියා එක්ක කතා කරා.ඔයා ඒ ලෙවල්ස් විතරනේ කරලා තියෙන්නෙ.ඉතින් එයා කිව්වා ඔයාට ඉස්සර වෙලාම පොඩියට පටන් අරන් ඉස්සරහට යන එක තමා හොදම කියලා.දැන් බිස්නස් එක හැන්ඩ්ල් කරන්නේ එයගෙ ලොකු පුතා නෙ.එයාගෙ සෙකට්‍රි ගෙ හෙල්පර් විදිහට ඔයාව දාල දෙන්නම් කියල තමා කිව්වෙ.ඔයාටත් පුළුවන් එතනින් ලොකු දේවල් ඉගන ගන්න.දූ ගෙ අකමැත්තක් නැ නෙ.අනික සෙකට්‍රි විදිහට අවුරුදු ගානක් ඉන්නෙ mr පීරිස් .මගේ හොද යාලුවෙක්.මම මිනිහටත් කෝල් කරලා කිව්වා.බයවෙන්න් දෙය්ක් නෑ."""
පාරිගේ තාත්තා ගෙ කතාව නිසා මගේ හිතේ තිබූ බය අඩුවී ගියේය.පාරි සමග මා ස්කූටරයේ නැගී පිටත් විය.
"" සාන්....මේ දවස්වල ඕක හැන්ඩ්ල් කරන්නේ මාමිගෙ ලොකු සන් අදේශ්.ඕකාගෙ මහ ලොකුව.ඌ ඉන්ග්ලන්ඩ් ඉදන්නෙ ඇවිත් ඉන්නෙ.අනික මම උබට කිය්ලා තියනවනෙ අපේ මාමිගෙ එක්ස් වයිෆ් ගැන.එයා සුද්දියෙක් නෙ.එයා තමා අදේශ් අයියගෙ අම්මා.මාමි සුද්දිව ඩිවෝස් කරලනේ දැන් ඉන්න නිරෝශා ආන්ටිව මැරි කරේ.එයාගෙ පුතා තමා සෙනෙහස් අයියා.එයානම් මාරම හොදයි.අපේ ගෙදරත් එන්නෙ.උබ දන්නවනෙ"
පාරිලාගේ නිවසේ බොහෝ උත්සව වලට සහබාගී වී ඇති මා රාජකරුණා මහතාත් සෙනෙහසස් මහතාත් දැක තිබුණි.
"මම සෙනෙහස් ව නම් දැකලා තියනවා උබලයි ගෙදරදි.මාත් එක්ක කතා කරලත් තියනව නෙ.එයා න්ම් මාරම හොදයි නෙ.එයා ඔෆිස් එකෙ වැඩ බලන්නෙ නැද්ද"""

මා පාරිගෙන් විමසුවේ සෙනෙහස් වැනි නිහතමානී පුද්ගලයෙක් සමග වැඩකිරීම පහසුවනු ඇති නිසාය.
"නෑ මම හිතන්නේ.සෙනෙහස් අයියා තාම ස්ටඩී නෙ.එයා ඇවිත් බලනවා.අදේශ් අයියා ලගදි නෙ ඉන්ග්ලන්ඩ් වල ස්ටඩී කරලා ආවෙ.එයාට කම්පැනි එක බාරදීලා අංකල් ටිකක් අයින් වෙලාලු ඉන්නෙ මේ ටිකේ.අවුලක් නෑ උබට පීරිස් අංකල් එක්කනෙ ඉන්න තියෙන්නෙ.අදේශ් අයියා ලගදිම මැරි කරනවා කියලා කියන්නෙ.උබ දන්නවනෙ රත්නායක ගාමන්ට් ගැන.ඒකෙ ලොක්කගෙ දුව අදේශ් අයියාට ප්‍රපෝස් කරලා කියලා අපෙ අප්පච්චි කිව්වා.ඒ කම්පැනි දෙකම එකතු වෙලා එක්ස්පෝට් කරන ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා තමා අංකල් අප්පච්චිට කියලා තියෙන්නෙ.""
පාරි සමග කතාවෙන් කතාව රාජකරුණා ආයතනය අසලටම අප දෙදෙනා ගොස් තිබුණි.පාරිට ආයතනයේ සේවක මණ්ඩලයෙන් හොද පිලිගැනීමක් තිබූ අතර අප දෙදෙනා සිව්වන මහලේ පිහිටි ප්‍රදාන කාර්‍යාලයේ පීරිස් මහතාට වෙන් වු කාමරයට ගියේය.පාරිගේ පියා පැවසූ ලෙසම කරුණාවන්ත වූ පීරිස් මහතා අප දෙදෙනාම හොදින් පිලිගෙන රැකියාව පිලිබද මාහට පැහැදිලි කලේය.ඔහුගේ මේසය අසලම කුඩා මේසයක් තිබූ අතර මාහට එහි සිට ඔහුගේ රාජකාරී කටයුතු වලට සහය වීම පැවරුණි.
පීරිස් මහතා හෙට දින සිට රැකියාව ආරම්භ කිරීමට පුලුවන් වන ලෙස ලේඛන කටයුතු සූදානම් කරනා තුරු පාරි සහ මම බලා සිටිද්දී එකවරම කාමරයේ දොර වේගෙන් ඇරෙනු දුටු අප දෙදෙනා තිගැස්සී ගියේය.දේහදාරී කඩවසම් තරුණයෙකු දොර තල්ලු කරගෙන පැමිණියේය.විදේශිකයෙකු මෙන් ඉතා පැහැපත් මෙන්ම්ද් උසද වූ අතර දෑස් තරහුන් රතුවී කුඩා වී තිබුණි. ඔහුගේ මුහුණ දුටු මටත් පාරිත් ඉබේම පුටුවලින් නැගිට්ටවිණි.
""මොකක්ද පීරිස් අංකල් මේ රිපෝට් එක.මම කිව්වනෙ මට ෆුල් ඩීටේල්ස් ඕන කියලා.ඩැඩී එක්ක වගේ මාත් එක්ක ආවට ගියාට වැඩ කරන්න ලේස්ති වෙන්න එපා අංකල් .තව හාෆ් ඇන් අවර් ඇතුලෙ මගේ මේසෙ උඩ රිපෝට් එක තියෙන්න ඕන්."""
අත තිබූ ෆයිල් එක මේසයට විසික් කල ඔහු හැරී යද්දී පාරිව දැක්කේය.
"අංකල් ගෙ ඩෝට නේද.තමුසෙත් මෙහේ වැඩද"
ඔහු නෝක්කාඩු ස්වරයෙන් පාරි ගෙන් ඇසීය.
"මම නෙමේ අදේශ් අයියා.මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක්ක ආවෙ.එයා හෙට ඉදන් පීරිස් අංකල් ගෙ හෙල්පර්"
මා දෙස යන්තමින් බැලූ ඔහු පීරිස් අංකල් දෙසට හැරුණි.
"එහෙනම් හෙට ඉදන්වත් කියන දේ වෙලාවට ඒ විදිහට කරන්න පුළුවන් වේවිනෙ.හෙල්පර් කෙනෙක් ඉන්නවනෙ.ඉන්ග්ලන්ඩ් වලදි වගෙනම් ඔහොම වැඩ කරොත් සස්පෙන්ඩ් වෙන්න වෙයි මිස්ටර් පීරිස්"
පීරිස් අංකල් ගේ වයසටවත් ගරුකිරීමක් නැති අහංකාරයා දොරද මහ හයියෙන් අරිමින් පිටව යද්දී මාත් පාරිත් මුහුණට මුහුණ බලාගත්තේය.
""රාජකරුණා මහත්තයා වගේ නෙවෙයි අදේශ් මහත්තයා එක්ක වැඩකරද්දි හරිම අමාරුයි.එයා එංගලන්තෙ වගේ කිය්ලා හිතන් ඉන්නෙ.එයාට මොනවා කරත් මදි.එයාගෙ හිතේ තියන විදිහටම අපි වැඩ කරන්න ඕන කියලා එයා හිතන් ඉන්නේ.දූ හිතන්න එපා.හෙට ඉදන් එන්නකො වැඩට.අදේශ් මහත්තයා ගැන හිතන්න එපා.එයාගෙ සෝඩා බෝතලේ තරහා බෝතලේ කඩපු වෙලාවට විතරයි""
පාරි සහ මම නිවසට යාමට පිටතට පැමිණීය.මගේ මුහුණ දුටු පාරිට සිනහ ගියේය.
"මොකෝ චන්ඩි රැජින එංගලන්තෙ රාජ කුමාරයට බය උනාද""
ඇය සිනාසෙමින් අසයි.
"බය නෙමෙයි බං.මම දන්නෙත් නෑ කිසිම දෙයක්.මාව සස්පෙන්ඩ් කරයිද දන් නෑ ජොබ් එක කරන්නත් කලින්"
"" පිස්සු නැතුව ඉදපන්.උගේ කම්පැනිය නෙමෙයි නෙ.තාම අංකල් ගෙ කම්පැනිය.උබ බය නැතුව වැඩ කරපන්කො""
අපි දෙදෙනා ස්කූටරයට නගිද්දී ආදේශ් සුරූපි තරුණියක් සමග පැමිණ කැබ්රතයක නෑගී පිටත් වූයේ අප දෙදෙනා එතැන සිටිනවා නොදැක්ක ගානටය.
"ඒ අරූ මැරි කරන්න ඉන්න කෙල්ල.බලපන්කො සායෙ කොට.එංගලන්තෙටම හොදයි දෙන්නම."
පාරිගේ කතාවට සිනාසෙමින් මා පාරි සමග නිවසට පිටත්වූයේ රැකියාව ලැබීමේ සතුටත් ආදේශ් ගේ ක්‍රියා කලාපය නිසා සිතේ හටගත් බියත් සමගය.


Episode Name :
Episode 01 [20 Oct 2023]

Read Episode


Story :
❤හුස්ම සිඹින ආදරේ❤❤


Date :
2023 ඔක්තෝම්බර්

Description :

Date Added : 20 Oct 2023

Read Story Now