අඳුරු මාවත (The Dark Way)

කෙටි කතාව

කර්තෘ-රුවන් චින්තක


ට්‍රීං... ට්‍රීං...

තම නිවසේ දුරකතනය නාද වනු ඇසුනු සමන් ඉක්මන් ගමනින් දුරකථනය වෙත ගියේය.

"හලෝ..."

"හලෝ සමන් මම අජිත්...අද පාටියට උඹ එනවා නේද..?"

"ඔව් මං එනවා අජිත්..."

" එහෙනම් රෑ වෙන්න කලින් එන්න.අපි හැමෝටම විනෝද වෙන්න තියෙනවා..."

"හරි හරි මං පුළුවන් ඉක්මනින් එන්නම්..."

එසේ කියමින් සමන් රිසිවරය තැබුවේය.

ලිපිකරුවෙකු වූ සමන් ගේ හොඳම මිතුරා වූයේ අජිත්ය.අජිත් විවාහ වී අදට වසරක් සපිරීම නිමිත්තෙන් ඔහුගේ නිවසේ උත්සවයක් පැවැත්වීමට කටයුතු කර තිබුණේය.

අජිත් තම කාර්යාලයේ සියලුම හිත මිතුරන්ට ද මේ සඳහා ආරාධනා කර තිබුණේය.

සවස හයට පමණ සමන් සිය මෝටර් රථයෙන් කටුහේනේ පිහිටි අජිත් ගේ නිවස බලා ගමන් ගත්තේය.ඒ වන විටත් බොහෝ පිරිසක් ඔහුගේ නිවසේ රැස්ව සිටියහ.

කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙකු සමග එක්වී සමන් මධුවිතින් මත්වී විනෝද වෙමින් සිටියේය.

"සමන් වැඩිය බොන්න එපා වාහනේ ඩ්‍රයිව් කරන්න බැරි වෙයි..."

සමන්ගේ මිතුරෙකු වූ ප්‍රසන්න කීවේය.

"ඒ ගැන බය වෙන්න එපා.උඹට වැඩි වුනොත් මෙහෙ නතර වෙන්න පුළුවන්..."

අජිත් කීවේ සමන්ගේ පිටට තට්ටු කරමිනි.

"මට එහෙම ප්‍රශ්නයක් නෑ.මං ගානට ඉන්නේ..."

සමන් කීවේය.

අජිත්ගේ බිරිඳ වූ නිලිමිණි ද ඔවුන් සමග කතාබස් කරමින් සිටියාය.

මෙසේ මධ්‍යම රාත්‍රිය වන තුරුම ඔවූහූ කමින් බොමින් විනෝද වූහ.

"දැන් නම් යන්න වෙලාවත් හරි..."

සමන් කීවේ අත් ඔරලෝසුව දෙස බලමිනි. රැස්ව සිටි පිරිස ද විසිර ගොස් තිබූ බැවින් තවත් ඉතුරු වී සිටියේ සමන් හා මිතුරන් කිහිපදෙනකු පමණි.

"උඹට වැඩි නෑ නේ.ඩ්‍රයිව් කරන්න පුළුවන් නේද..?"

අජිත් ඇසුවේ සමන්ගේ සුරතින් අල්ලා ගනිමිනි.

"ඔව් ප්‍රශ්නයක් නෑ අජිත්.මට යන්න පුළුවන්..."

"එහෙනම් පරිස්සමින් යන්න සමන්..."

මිතුරන්ට සමුදුන් සමන් රථයට ගොඩවී පිටත් වී ගියේය.

සමන් බොරලු අතුල වංගු සහිත මාවතේ රථය ඉදිරියට ගෙන ගියේ ඉතාමත් අපහසුවෙනි.වෙරි මතින් සිටි බැවින් සමන්ට ඉදිරිය එතරම් පැහැදිලි ලෙස නොපෙණුනේය.

'ෆයිනස්'ගස් මාර්ගය දෙපසම පිහිටා තිබූ මේ මාවත දහවල් කාලයේදී වුවද අඳුරු ස්වභාවයක් ඉසිලුවේය.සැබැවින්ම සමන් පෙර ආ මග මෙය නොවීය.අඳුර නිසාත්,බීමතින් සිටි නිසාත් ඔහුට මග වැරදි තිබුණේය.තමා ආ මග මෙය නොවේ යැයි සමන්ට වැටහී ගියේ නැත. ඔහු රථය ඉදිරියටම ධාවනය කළේය.

මේ මොහොතේ අකුණු සැරයක් එල්ල වූයේ මුළු පරිසරයම ඒකාලෝක කරමිනි.ඒත් සමගම ඇති වූ ගිගිරුම් නාදයන් මුලු වා තලයම ගිගුම් දිණි.වර්ෂාවක් අත ලග බැව් සමන්ට වැටහී ගියේය.

වංගු සහිත පටු මාවතේ මෙසේ රථයේ ගමන් කල සමන් ගේ නෙත ගැටුණේ ඉදිරියෙන් ගමන් ගත් අයෙකු ගේ අපැහැදිලි ඡායාවකි. රථයේ ලාම්පු එළියෙන් ඉදිරියෙන් ගමන් ගන්නේ කාන්තාවක් බැව් ඔහුට පෙනී ගියේ මඳක් ලංවූ පසුවය.

ලා රෝස පැහැති සාරියකින් සැරසී සිටි ශෝභා සම්පන්න වූ තරුණ කාන්තාවක් හෙමින් ගමනින් ඉදිරියට ඇදුනාය.එය දුටු සමන් ගේ සිතට දැනුණේ කුහුලකි.

රථයේ වේගය බාල කළ සමන් ඇය අසල රථය නතර කළේය.ඈ ඉතා සුරූපී බැව් බැලු බැල්මටම සමන්ට පෙනී ගියේය.

රථය තමා අසල නතර වනු දුටු ඈ මඳක් මවිත වූවාය.

"ඔයා කොහෙද මේ රෑ තනියම යන්නේ..?"

සමන් වෙරි මතින් සිටියත් මඳක් කටහඬ වෙනස් කරමින් ඇසුවේය.

"මං නාගස්දෙණියේ යන ගමන්..."

ඇය පිළිතුරු දුන්නාය.

"මේ තරම් රෑ වෙලා යන්නේ ඇයි...?"

"නාගස්දෙණියේ බෝඩිමට යන්න තියෙනවා. ඉතින් පාන්දර බස් එක අල්ල ගන්න නම් කලින්ම යන්න ඕන..."

"නගින්න වාහනයට මාත් එක්ක යන්න පුළුවන්.වැස්සකුත් අත ලගම වගේ..."

මඳක් පැකිලෙමින් වුවද ඈ රථයේ ඉදිරිපස අසුනට ගොඩ වූවාය.

"ඔයා ගේ නම මොකක්ද.වෙනදටත් රෑ වෙලා යනවද මේ වගේ..?"

සමන් ඇසුවේ ඇය රථයට ගොඩ වූ පසු රථය යලිත් ඉදිරියට රැගෙන යන අතරතුරදීය.

"මං සුගන්ධි.බෝඩිමට යන්න නම් මේ වෙලාවට ගිහින් තමයි බස් එක අල්ල ගන්න ඕන..."

"ඔයා කොහෙද වැඩ කරන්නේ..?"

"මම ගුරුවරියක්. නාගස්දෙණිය ඉස්කෝලේ වැඩ කරන්නේ..."

"ඔයා කවුද..?"

"මම සමන්..."

" ඔයා මේ ගමේ කෙනෙක් නෙමේ නේද..?"

"ඔව් මං මේ ගමේ කෙනෙක් නෙවෙයි.මගේ යාළුවෙක්ගේ ගෙදර පාටියකට ගිහින් යන ගමන්..."

"ඔයා බැඳල ද..?"

සමන් ඇසුවේය.

"නැහැ..."

"ඔයා බය නැද්ද රෑට මෙහෙම තනියම යන්න..?"

"නෑ අඳුර මට හුරුයි..."

ඇය පිලිතුරු දුන්නේ සිහින් හඬිනි.

මේ මොහොතේ වර්ෂාව ද ඇද හැලෙමින් තිබිණ.

අකුණු සැර හා මේඝ නාදයෙන් මුළු පරිසරයම වෙලී ගියේය.

හැමූ චණ්ඩ මාරුතය හේතුවෙන් ගස්වැල් ඒ මේ අත සැලුණේ කොයි මොහොතක හෝ මිහිමත ඇදවැටටීමට මෙනි.

මෙවැනි රූමත් තරුණියක් සමග රැයෙහි ගමන් කිරීමට ලැබීම ගැන සමන් සිටියේ අතිශය තෘප්තිමත් ස්වභාවයකිනි.

මෙසේ ඔවුන් දෙදෙනා කතා බස් කරමින් ගමන් ගත්හ.

"කොහොම උනත් රෑ ගමන් බිමන් හොඳ නෑ..."

සමන් කීවේ තරුණිය දෙසට හැරෙමිනි.

දුටු දසුනින් සමන්ගේ දෑස් පුලුල් වී මුව බාගෙට විවර වූයේ ඔහුට ඇතිවූ විශ්මය හේතුවෙනි.

රථයේ ඉදිරිපස අසුනේ කිසිවකුත් නොසිටියේය.මෙතෙක් දුර තමා සමඟ කතාබස් කරමින් පැමිණි ඒ සුන්දර තරුණියට කුමක් සිදුවුනිද..?

තම දෑස් අදහාගත නොහැකි වූ සමන් ගේ වෙරි සිඳී ගියේය.ඔහුගේ සිරුරින් ඩහදිය ගලා යන්නට විය.ඔහුට ඇතිවූයේ වචනයෙන් විස්තර කළ නොහැකි වූ භීතියකි.

තමා දැක තිබුණේ මායාවක් ද..? බීමතින් සිටි තමාගේ මනස චංචල වී ඇති වත් ද..?

"අඳුර මට හුරුයි.."

ඇය මෙසේ කීවා නොවේ ද..?

එම වදන් සමන්ගේ මනසේ රැව් පිළිරැව් දුන්නේය.නුහුරු භීතියකින් සමන්ගේ සිත වෙලී ලියන්නට විය.පරිසරයේ පැවතියේ ද සමන් ගේ සිත තව තවත් කළඹවාලන සුලු ඝෝෂාකාරී බවකි.

දෙවියනේ..! තමා සමඟ පැමිණියේ අවතාරයක් ද..?

එය සිතට නැඟෙත්ම සමන්ට උන්හිටිතැන් පවා අමතක විය.ඔහු රථය වේගයෙන් ඉදිරියට ධාවනය කළේය.

වර්ෂාව හේතුවෙන් මාර්ගය අධික ලෙස ලිස්සන සුලු විය.කඩතොළු සහිත වංගු වලින් සෑදී තිබූ මාවතේ රථය ඉතා වේගයෙන් ඉදිරියට ඇදුණේය.

මෙසේ ඉදිරියට ගිය රථය සමන්ට පාලනය කර ගැනීමට නොහැකි විය.පාලනයෙන් මිඳුණු රථය වංගුවක දී මාර්ගයෙන් ඉවතට පැන ඒ අසලම විශාල ගසක ගැටුනේය.බරපතළ තුවාල ලැබූ සමන් ඒ මොහොතේදීම මරු වැළඳ ගත්තේය.

සමාප්තයි.

සැළකිය යුතුයි:මෙම සිඳුවීම හා මෙහි එන නම්,ගම් සියල්ලම මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.


Episode Name :
අඳුරු මාවත (The Dark Way) [13 Oct 2023]

Read Episode


Story :
අඳුරු මාවත (The Dark Way)


Date :
2023.10.13

Description : මිතුරෙකුගේ ප්‍රිය සම්භාෂණයකට ගොස් සිය නිවස වෙත නැවත යමින් සිටි සමන් නම් වූ ලිපිකරුවෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 13 Oct 2023

Read Story Now


Story :
මිනිසුන් අතර දෙවියෙක්


Date :
2023.10.10

Description : දරිද්‍රතාවෙන් පෙලෙන කුටුම්බයක ජීවන අරගලයක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 10 Oct 2023

Read Story Now


Story :
මාවතේ ගීතය


Date :
2023.10.08

Description : සමාජයේ ඇස නොගැටෙන වීථි දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ ශෝචනීය සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 08 Oct 2023

Read Story Now


Story :
අබිරහස් යුවතිය (The Mysterious Girl)


Date :
2023.10.07

Description : සිල්වෙස්ටර් ජොහැන්නස් නම් තරුණයෙකු සිය නිවසේදි අත් දකින අද්භූත සිදුවීමක් මෙම නිර්මාණය තුලින් පිළිඹිබු වේ.

Date Added : 07 Oct 2023

Read Story Now


Story :
බිහිසුණු රැයක් (A Terrible Night)


Date :
2023.10.04

Description : හල්දෙමුල්ල ගම්මානයේ විසූ සිරිදාස නම් ගොවියෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 04 Oct 2023

Read Story Now


Story :
වැම්පයර් භීෂණය (The Vampire Terror)


Date :
2023.10.02

Description : ඇඩම් ස්මිත් නම් තරුණයෙකු සිය බාප්පාගේ ව්‍යාපාර කටයුත්තක් සඳහා ඔහුගේ නිවස වෙත පිටත්ව යයි.එහිදී ඇඩම් මුහුණ දෙන බිහිසුණු අත්දැකීම් සමූදායක් මෙම කතාන්දරය තුලින් පිළිඹිබු වේ.

Date Added : 02 Oct 2023

Read Story Now


Story :
මළවුන්ගේ හෝරාව (The Hour Of Dead)


Date :
2023.10.02

Description : සේරුවිල ගම්මානයට එල්ලවන අද්භූත බලවේගයක් හා මෙම කතාන්දරය ගෙතී ඇත.

Date Added : 02 Oct 2023

Read Story Now