⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 35 වන දිගහැරුම ⸎

`` අතීත කතාව ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඒකනෙ… ඉතින්. හරි ඔතනින් එකක් ඔයාට. අනික කසුන් මහත්තයාට.

**එතකොට රජයේ ආයුධ….?

එව්වා ඔයිල් කරලා ආයුධාගාරයට දාන්න… ( සිනාසෙමින් )

මෙතැන්සිට ……

දැන් හොඳයි… තව උන්ගෙ ආයුධ ටිකක් අපි හොයාගමු. එතකොට ලේසියි වැඩෙි..
ඔයා දන්නවද මෙි වනවිට. එස්අයි හාදයා
ජොනිගෙ පොට්එකට ගිහින් මෑන්ව හොයනවා කියලා ….(තම අත්වැසුම් දෙක ගලවමින් )

**ජොනියව හොයනවා පොලීසිය.. ඒ මොකද සර්… ?

මම වාහනයෙන් බැහැලා ගිහින් හිඟන්නෙක් වෙලා කෙලින්ම ගියේ එස්අයි කාරයා ඩියුටි කරන පාරට. ගිහින්
මම ලිව්වා `` සයුරි දැන් ලංකාවෙ නෑ. ඒ කි දන්න ඉටිගෙඩියකුත් නෑ. හැබැයි උන්ට එරෙහිව පිලිගත හැකි සාක්ෂි ටිකක් හොයාගත්ත. ඒ වගේම මම ජොනිගෙ යාළුවෙක් ´´ කියලා. මට සහතිකවශයෙන්ම කියන්න පුළුවන් අද රෑ එස්අයි කාරයා පනිනවා ඔඔරුගොඩවත්තට ජොනියව හොයන්න.

**ෂාහ් නියමයි නෙ….

ඒ විතරක් නෙමෙි. ජොනියට කතා කරලා කිව්වා සයුරි උස්සපු එවුන් උන්ට හොයාගන්න බැරි හන්දා ජොනියව අත්අඩංගුවට ගන්න අද රෑ එස්අයි කාරයා එනවා කියලා. ඒ විතරක් නෙමෙි. ඒ පැහැරගැනීමෙ වගකීම ජොනියට පටවලා , මහඋළුගෙදර දක්කන එක තමයි උන්ගෙ ප්ලෑන් එක කියලා.

**සර් මාර ලණුවක් නෙ දීලා තියෙන්නෙ.
දැන් උන් පිස්සු බල්ලෝ වලේ ජොනියව හොයයි. අනික දැන් කොහොමත් ජොනියට ගැලවුමක් නෑ. අඩුම තරමෙ ප්‍රශ්න කරන්න හරි ජොනියව මුන් හොයනවා . මෙි කොළඹ ඒරියා එක පීරලා හරි. මොකද කවුද මේ ජොනියා හොඳින්ම දන්නවා යාළුවා කියලා දැනගන්න එක තමයි මුන්ගෙ පලවෙනි රාජකාරිය වෙන්නේ..

හරියටම හරි නියමයි ජනිත්… ඒක තමයි මටත් ඔීන.

*ඊට පස්සේ මොකද කරන්නේ සර්…

අද පොලීසිය ඔරුගොඩවත්ත පීරනවා කියලා ජොනියා දැනගත්තට පස්සේ. කලින් අනතුරු අඟවපු මාව එකෙන්ම ජොනියා පිලිගන්නවා. ඊට පස්සේ මම ජොනියව කොහොම හරි තැනකට ගෙන්වා ගන්නවා. ඒ වෙනකොට අපි S Tigers ගහපු වෑන් එකක් ලෑස්ති කරලා අපේම කොල්ලො හතර දෙනෙක් රෙඩි කරලා පැත්තක තියනවා. ඒ කණ්ඩායම ``Team Bravo ´´ විදිහටත් , තව වෑන් එකක අපි තුන්දෙනා ලෑස්ති පිට ඉන්නවා.
අපි තුන්දෙනා `` Team Alpha ´´ විදිහට නම් කරලා සන්නිවේදනය තිතටම තියාගෙන ඉන්නවා. මොකද තත්පර ගාණක වෙනසක් තුල අපිට ක්‍රියාත්මක වෙන්න තියෙන්නෙ.

**ඊට පස්සේ …..?

ඊට පස්සේ… ජොනියා පේන මානයට ආවට පස්සේ. අපේ Team Bravo එකට කෝල් එකක් දීලා කියනවා ජොනියා අහවල් තැන ඉන්නවා කියලා. ඊට පස්සේ ජොනියව අල්ලගන්න ආපුවාම. අපි නැත්නම් Team Alpha වාහනයෙන් බැහැලා ජොනියව ඇදලා ඇතුලට දාගෙන වෙිගයෙන් ගිහින් බේර ගන්නවා.
එතකොට ජොනියා අපිව ආගමක් විදිහට අදහන්න පටන් ගන්නවා. මොකද මෑන් දන්නෙ නැහැනෙ Team Alpha , Bravo දෙකම එකයි කියලා. ඊට පස්සේ උගෙන් ප්‍රශ්න කරන්න කලින් ඌ අපිට ඌ දන්නා දේ වමාරයි. ඊට පස්සේ අපි එස්අයි කාරයා ගෑණු පෙරේතයෙක් හන්දා මෑන් එකියක් එක්ක රූම් එකකට රිංගනකම් බලාගෙන ඉඳලා , ඒ හොටෙල් එකේ ඒ තට්ටුවෙන්ම අපිත් ගන්නවා රූම් දෙකක්. එක රූම් එකක අපි පොඩි ⁣control room එකක් දාගෙන ඉන්නවා . අනිත් එකට ජොනියා ලවා බත් වයලට් ගෙන්න ගන්නවා. මොකද බත් වයලට් කැමතියි ජොනියා එක්ක යහන් ගතවෙන්න. ඊට පස්සේ වයලට්ගෙ බියර් එකකට නිදිපෙති දාලා එයාව කලින්ම නිදි කරවනවා. ඉතින් අපේ රූම් එකේ ඉඳලා අපි හොටෙල් එකේ රූම්බෝයි කෙනෙක් විදිහට වෙස්වලාගෙන එස්අයි කාරයා ඉන්න රූම්එක ඇතුලට ගිහින් උන් දෙන්නගේ බියර් හරි අරක්කු හරි බොන දේකට අපි දානවා නිදි බෙහෙත්. ඒ අතරෙ පොඩි ඔත්තු බලන
`` Spy camera ´´ එකක් හයිකරනවා උන්ට නොපෙනෙන තැනක. ඊට පස්සේ ඒ කාමරයේ සේරම අපිට යාබද අපේ කොන්ටෝල් රූම් එකේ ඉඳලා බලාගෙන ඉඳලා , උන් දෙන්නට නින්ද ගියාට පස්සෙ. එතනින් අනිත් එකී ඇදෙන් පහලට දාලා. කලින්ම නින්දගිය බත් වයලට්ව ඒ ඇ⁣ඳෙන් නිදිකරවලා. දෙන්නා යහන් ගතවෙලා ඉන්න සීන්එක පැහැදිලිව පේන විදිහට කෙටි වීඩියෝ ටිකක් පටිගත කරනවා. ඊට පස්සේ
නැවත පෙර එකීම ඇ⁣ඳෙන් තියලා. බත් වයලට්ව නැවත උස්සගෙන ඇවිත් කලින් හිටපු රූම් එකට දාලා , අපි පසු බහිනවා.
ඊට පස්සේ තමයි S Tigers ලා අතර ගැටුමක් හටගන්නේ. මොකද මොනවා වුනත් ඇන්ටනී කැමති නෑ තමන්ගෙ හොර අඹුව වෙන එකෙක් පාවිච්චි කරනවට. එතකොට කොහොමත් එස්අයි කාරයයි ඇන්ටනී අතර පලහිලව්වක් පටන් ගන්නවා. අපි ඒකට පොහොර
දාලා වර්ධනය කරනවා. ඒ කියන්නේ
ටයිගර්ලා දෙකඩ කරනවා. එකෙක් මරලා එස්අයි කාරයාගෙ කට්ටිය මැරුව විදිහට
සලකුණු දානවා. ඊට පස්සේ එස්අයි කාරයගෙ පාතාල ගෝලයෙක් මරලා ඇන්ටනීගෙ එකෙක් කරපු විදිහට සලකුණු දානවා. අවසානෙ උන්ගෙ කුණු
හෝදන්න ගිහින් සළකුණු හන්දා මළකුණු ඇතිවෙනවා.

**ඒකනම් මාස්ටර් ප්ලෑන් එකක්…

මම දන්නවා ඒක කරන්න අමාරුයි කියලා. නමුත් අපි කරලා තියෙන දේවල්වල හැටියට මෙික බරපතල , අමාරුම දෙයකුත් නෙමෙි.

**ඔව් සර්… අපි ඔයිට වඩා ලොකු අං ආපු
නරිත් නෑව්වා…

හ්ම්ම්… ඒක තමයි. ඔයා මෙහෙම කරන්න. අපේ ස්පයිඩර්ස්ලා දෙන්නෙක්
දාන්න එස්අයි කාරයා යන එන තැන් ගැන ඇහැගහගෙන ඉන්න. මොකද ඌ සතියකට සැරයක් කොහෙ හරි රූම් එකකට රිංගනවාම තමයි.

**ඔව් සර්…. මම හෙටම දානවා මෑන්ව අධ්‍යනය කරන්න….

ඔව් මම කලින් කිව්වනේ අනියම් සබඳතා වලට පුළුවන් ඔීනම ශක්තිමත් බැඳීමක් සුළු මොහොතින් සුනුවිසුනු කරලා දාන්න. ඉතින් කොහොමහරි මේ නාටකය අපි කැමරාගත කරලා ඇන්ටනීට
බලන්න සලස්වනවා. එතකොට අපිට ආටක නාටක ටිකක් බලාගන්න පුළුවන්.

මෙි නාටකයෙන් පස්සේ. චුල්ලෝදර , මහෝදර ගැටුමක් ඇතිවෙනවා. චුල්ලෝදර වයලට්ව මරණවා. නැත්නම් මහෝදර වයලට්ව මරණවා. චුල්ලෝදර වයලට්ව මරන්නෙ දෙන්නා බෙිද බින්න කරන් කුමන්ත්‍රණය කරාට. එතකොට මහෝදරයා වයලට්ව මරන්නෙ. තමන්ව රවට්ටලා ඩබල් ගේම් ගැහැව්වාට. ඔය දෙන්නා වැඩෙි නොකරොත් අපි ගහලා දානවා වයලට් ට. ඒ කරලා වගකීම දෙන්නගෙන් එකෙක් පිට පටවනවා. එච්චරයි.

**ඒ කියන්නේ `` වික්කා නොවික්කා , කාටත් පාඩු මිසක්කා ´´ නේද…?

සැබවින්ම …. උන්ට වැඩෙි තේරෙනකොට අත්‍යාවශ්‍යම එවුන් ටික ක්‍රීඩාගාරයට හරවලා යවලා ඉවරයි. ඊට පස්සේ බැට් කරන්න එවුන් නැතුව යනවා. අන්න ඒ අතර වාරයේදී අපි ශාන්තව අත්අඩංගුවට ගන්නවා. ශාන්ත අතුරුදහන්වීම මෙි ටයිගර්ලා අතරෙ පෙරලියක් ඇතිකිරීමට සමත් වෙනවා. ඊට පස්සේ මෙි උඩුදුවන ප්‍රශ්න නිරාකරණය කරන්න බළලා හෙවත් , මහමොළකරුවා මල්ලෙන් එලියට පනිනවා.

**අවසානයේ ඌටත් කොකා ගස්සලා.
අපි පැත්තකට වෙනවා..

ඔව් හැබැයි … ඒ වෙද්දී ජාලයම සුද්ද කරලා ඉන්න වෙනවා. නැත්නම්
`` එකෙක් නසන කල , තවකෙකු කරලියට එනවා ´´ වගෙ දෙයක් වෙන්න පුළුවන්.

**සර් එතකොට අපේ මෙි උපක්‍රම මුන් විශ්වාස කරයිද….

සහතික ඇත්ත. මොකද උනුත් මෝඩයො නෙමෙි නෙ. නමුත් විශ්වාසය ඇතිවන විදිහට අපේ රංගනය තාත්වික විය යුතුයි.
සමහර වෙලාවට පිටපතේ සමහර තැන් කාලානුරූපව වෙනස් කරන්න වෙයි. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් පුළුවන් තරම් තාත්වික විදිහට රඟපාන්න අපි උපරිම උත්සාහ ගන්නම වෙනවා.

**ඔව් සර් කොහොමද ගිහින් උන්ට ටාගට් කරලම ගැහැව්වෙ . හරියට දැනගෙන ගියා වගේ නෙ.

එතන කිසිම තාර්කික බාවයක් නැහැ නියෝජිත ජනිත්… මොකද සයුරිව පැහැරගත්තා හෝ පැනලා ගියා කියමු.
ඔිනම කෙනෙක් විශ්වාස කරනවා. ගිය අය ආයේ කුමන හෝ හේතුවකට නැවත එයි කියලා. එහෙම එයා නාවත් එයාගෙ සහචරයෙක් හරි එයි කියලා. නිකමට හිතන්න සයුරි ලඟ මොනවාහරි දෙයක්
තියනවා අනිවාර්යයෙන්ම එතනින් ගත යුතු , එතකොට කොහොමහරි එන්න නෙ බලන්නෙ. ඉතින් ඒතනදී ඒක අරුමයක් නෙමෙි. අනික මම ගියේ උන් දෙන්නට කොකා ගස්සලා දාන්නම නෙමෙි. සේපාලිකා ඉන්නවද කියලා බලන්න.

**ඒකත් ඇත්ත …. එතකොට සේපාලිකාට
මොකද වුනේ.

මම හිතන්නේ නුගේගොඩ තියෙන මල්ගහේ නවතින්න ඇති.

**හහ් හහ් හා…. ඒක ඇත්ත…දැන් ඒ සමණලුන් හුන්නස්ගිරිය වැඳපුදා ගන්නවා ඇති.

ඔව් සේපාලිකා නම වෙනස් කරගෙන.
වෙන මොකක්හරි නාටකයක් රඟපානවා ඇති.

**ඔව්… මොකද වන්දනාවෙ යන්න සමණල්ලුත් නැහැ නෙ දැන්.

ඔව් එයාගෙ ටාස්ක් එක සම්පූර්ණ හෝ අසම්පූර්ණ වුනා. එයා පුරුදු වැඩෙිට , පුරුදු තැනට ගිහින් එච්චරයි.

**සර් හෙට දවසේ අපි මොකද කරන්නේ..?

මෙි කසුන් යෝධයා නැති එක මට ටිකක් විතර පාඩුයි. එයා ආවට පස්සේ අපි බලමු මොකද කරන්නේ කියලා. හෙට දවසේ මම මොකුත් කරන්න බලාපොරොත්තුවක් නැහැ . මොකද අද කරපු දේ හන්දා රෝමය ගිණි අරන් ඉන්නෙ. උන් වීණා වයයි කියලා හිතන්න එපා. මොකද අද රෑ ඉඳන් උන් පිස්සු බල්ලෝ වගේ ජොනියව හොයනවා වගේම මාවත් හොයකවා ඇති. වැඩෙි කියන්නේ උන්ට මාව හොයාගන්න තරම් කිසිම සළකුණක් නැති එක තමයි. අනිද්දා නඩුව. ඊට පස්සේ ශාන්ත , බත් වයලට් , ජොනියා , ඇන්ටනී , එස්අයි රවින්ද්‍ර වගේම , මහමොළකරුවා දක්වාම ඉන්න එවුන්ගෙ ආයුෂ ඉක්මනින්ම ගෙවෙන්න පටන් ගන්නවා.

හොඳයි නියෝජිත ජනිත් …. මම ටිකක් විවේක ගන්න ඔීන. විවේක කිව්වට විවේකම නෙමෙි.

**හරි සර්… මම යන්නම්.

හොඳයි ……….

අසල කඩයකට ගොස්, රාත්‍රි ආහාර වෙිල සප්පායම් වී නැවත තම නවාතැන වෙත ගමන් ගත්තෙ බස්රියෙනි. ඉදිරි සැළසුම් ගැන හෝරාවකට වැඩි කාලයක් නවාතැනට වී කල්පනා කරන අතරතුර සිතුවිලි දැහැන බිඳ දැම්මෙ බිත්ති ඔරලෝසුවෙ කෙටි තිවුර නාදයයි. එසේනම් රාත්‍රි විසිදෙකේ පැයද ඉක්මවා ගොස් ඇත.

තම ජංගම දුරකථනය අතට ගෙන
නිළ නොලත් සිම්එක දමා ජොනිට ඇමතුමක් ගත්තෙමි. සිව් වතාවක් එකදිගට ඇමතුම ගත් විට පස්වන වතාවෙ එයට ප්‍රතිචාර දැක්වන ලදි.

ජොනි - කක ක කවුද….?

හහ් හහ් හා… (ගොරෝසු හඬින්)
ජොනි මම. උඹෙ ගැලවුම්කාරයා. මොකද
උඹ පොලීසිය එක්ක හැංගිමුත්තන් කරනවද…?

ජොනි - උඹ කියපු දේ හරි…. උන් පිස්සු බල්ලෝ වගේ මුළු වතුකරයම පීරනවා කියලා මට මගේ එකෙක් කතා කරලා කිව්වා. පොලිස් කිව්වට උන් පොලීසියේ එවුන්ම නෙමෙි. මොනවා වුනත් උඹ මාව බේරගත්තා..

ඒ කියන්නේ උඹ මාව විශ්වාස කරනවද…?

ජොනි - ඔව් බොසා…. මට විශ්වාස කරන්න පුළුවන් තත්වෙක උඹ ඉන්නවා
උඹ කවුරු උනත්…

හරි… දැන් උඹව හැමතැනම හොයන එකේ , උඹට හැංගිලා ඉන්න තැනක්
තියනවද….?

ජොනි - ඔව්… මම කොහොම හරි බෙිරිලා ඉන්න බලන්නම්.

උඹට එහෙම අමාරුයි නම්, මට කියපං. මම මොනවාහරි කරලා දෙන්නම්. මොකද ඔය හිඟන්නා පවා උඹව හොයනවා. මොකද උන්ට ගතමනාවක් ලැබෙන හන්දා..

ජොනි - බොසා… මට ඇත්ත කියපං… උඹ ඇයි මං වගේ එකෙක් බේරගන්න හදන්නේ..?

අන්න උඹ පොයින්ට් එකට ආවා…
මම උඹට උදව් කරනවා නෙමෙි…
මෙික ගණුදෙනුවක්…

ජොනි - ගණුදෙනුවක්….?

ඔව්… ගණුදෙනුවක්… මට තියනවා උන් එක්ක පරණ කෝන්තරයක්. උඹට මතකයිද උපාලි…?

ජොනි - සොත්ති උපාලි…..?

ඔව්…. සොත්තියා තමයි. ඌ මගෙ මල්ලි.
ඇයි උඹට මාව සැකද…?

ජොනි - සොත්ති මලයට අයියෙක් හිටියද..?

මෙි ෆීල්ඩ් එකේ ඉන්න කවුද බං තමන්ගෙ ඇත්ත වගතුග කාටවත් කියන්නේ. මොකද මෙි ෆීල්ඩ් එ⁣කේ සිල්ගන්න වැඩද
තියෙන්නෙ …?

ජොනි - ඔව් උඹ හරි….

ඌට ගේම දුන්නෙ ඔය ටයිගර් ගැන්සිය කියලා මම දන්නවා. මම ඒ කාලේ ෆීල්ඩ් එකේ හිටියෙ නෑ. මම හිටියෙ ඩුබායි වල හෙරොයින් ෆැක්ටරියක. දැන් මල්ලි නැති
කරපු මුන්ගෙන් පලිගන්න ඔීන හන්දා මම ලංකාවට ඇවිත් ෆීල්ඩ් බැස්සා. උඹටත් පුළුවන් මාත් එක්ක එකතුවෙලා ගේම් එකට එන්ටර් වෙන්න. ගේම ඉවරවෙලා උඹට මම ඩුබායි යන්න චාන්ස් එකක් හදලා දෙන්නම්. හැබැයි මෙික ගණුදෙනුවක් බව මතක තියා ගනින්.
බයවෙන්න එපා. මම උඹට කොකා ගස්සන්නෙ නෑ. මොකද උඹ එක්ක මගෙ කිසිම කෝන්තරයක් නෑ. මෙි සමන්ත ලඟ වචන දෙකක් නෑ එච්චරයි.

අනිත් එක උඹ හිතනවද මුන් සේරම චකබ්ලාස්ට් කරනකම් උඹලට සැනසීමෙන් ඔය ගැටකපන ජොබ කරගෙන ඉන්න ලැබෙයි කියලා. විකල්පය තමයි උන්ටික සාමයේ සතපවන එක.
නැත්නම් උඹලා වගේ තව ටික දෙනෙකුට මෙික මිහිපිට අපායක් වෙනවා. උඹ කල්පනා කරලා තීරණයක් ගනින්. මම ආයේ හෙට උදේට කතා කරන්නම්. එක දිගට මිස්කෝල් හතරක් ගහලා පස්වෙනි එක දිගටම ගත්තොත් මොන නම්බර් එකෙන්හරි කමක් නෑ ආන්සර් කරපං බය නැතුව. ඒ මම කතා කරන්නේ.

ජොනි - හරි මම කල්පනා කරලා උඹට කියන්නම්…

හොඳයි …… දුරකථනය විසන්ධි කෙරුවෙමි.

රාත්‍රිය නිමාවී පසුදින පහන්විය…

කසුන්… උදෙන්ම ඇවිත්…

ඔව් සර්… මම උදෙන්ම පිටත්වුනා මොකද වැඩ එමටයි…

හරි අපි යමු ටෙක්ස්ටයිල්ස් එකට…

අඩහෝරාවකට පසු….

නියෝජිතයින් දෙදෙනා සමඟ ඉදිරි සැළසුම් ගැන කථිකා කරගත් අතර.
නියෝජිත ජනිත් වෙත පහදාදුන් සැළසුම් ඒ අයුරින්ම තම සහයක පරික්ෂකටත්
විස්තර කරන්නට අමතක නොකලෙමි.

*ඒකනම් සර්.. මීට කලින් නොකරපු සැළසුමක්..

ඔව් කසුන්… රංගනය තමයි තාත්වික විය යුත්තේ…

*හරි සර්… අපි එහෙම කරමු….

**සර් මම මෙහෙම අහනඑක හරිද මන්දා

මොකක්ද නියෝජිත ජනිත්… ?

**සර්… මෙච්චර කාලයකට මෙහෙම නොසන්සුන් විදිහට වගේම , ප්‍රචන්ඩකාරි විදිහට හැසිරිලා නැහැ නෙ.

ඔීය ප්‍රශ්නය දෙපාරකට වඩා අපේ කසුන් මහත්තයා මගෙන් අහලා තියනවා..
හරි… ඒකට කමක් නැහැ. මගෙ වෙනසක් ඔයාලට පේනවා නේද. පොඩි වෙනසක් නෙමෙි නිකං වියරුවෙන් ඉන්නවා වගේ පේනවා නේද…?

හ්ම්ම්… මම මෙහෙම දෙයක් කියන්නම්. ඔයාට හිතාගන්න පුළුවන් වෙයි මම මොකක්ද මෙි කියන්නේ කියලා. අපේ මෙි නිළ නොලත් යුනිට් එකේ ඉන්න බහුතරය
අවිවාහකයි.. ඒ වගේම , බොහොම සුළුතරයක් තමයි දෙමව්පියන් ඉන්නෙ. හැබැයි හොඳට අධ්‍යාපනය ඉහලින් සමත්වුන අය. එහෙම නැතුව මෙි වගේ තාර්කිකව හිතන්න පුළුවන් හැකියාව නැතුව යනවනෙ. හරි ඒක එහෙම වෙද්දින් , මට මගේ ඇත්ත දෙමව්පියන් අහිමි වුනේ මට අවුරුදු අටෙිදි. ඊට පස්සේ කරුණාවන්ත මහත්මා ගතිගුණ ඇති යුවලක් මාව හදාවඩා ගත්තා. අදටත් එයාලා ජීවතුන් අතර. හැබැයි ලංකාවෙ නැහැ ඒ දෙන්නා. ඒක තමයි මට තියෙන එක සැනසිල්ල. මොකද මගෙ බාහිර දුර්වලතා නැහැ නෙ.

**ඔව් සර්… ඒකෙන් සරළවම කියැවෙන්නේ අපේ සාමාජිකයින් ට
භෞතික වශයෙන් දුක්විය හැකි. නැත්නම් බ්ලැක්මෙිල් කරලා , විෂය පතයෙන් ඔබ්බට ගන්න පුළුවන් හැකියාව අවම මට්ටමක තියාගන්න එක.
එතකොට තමයි නිරවුල්ව , සර් වගේ නිදහසේ වැඩ ටික අනවශ්‍ය පාලනයෙන් තොරව කරගෙන යන්න පුළුවන් වෙන්නෙ.

හරියටම හරි… මගේ තාත්තා මෙි රටෙි නම ගිය රසායන විද්‍යාඥ්ඤයෙක්.
මම නම කියන්නේ නැහැ . එක්තරා දිනයක මමයි , නංගියි ඉන්න තැන, අපි දෙන්නගෙම ඇස් පනාපිටම
ඒ දෙන්නව කටඋත්තර නැතුව යන්නම ක්ෂනිකව මරලා දැම්මා. දෙන්නට උන් වැය කලේ උණ්ඩ දෙකයි. ඒ වෙනකොට
අපි දෙන්නගෙ අතපය ගැටගහලා තිබ්බෙි. ඊට පස්සේ මුන්ටික අපිව පණපිටින් පුච්චලා මැරෙන්න ගෙට ගිණි තියලා ගියා. මම⁣ කොහොමහරි දෙන්නගේ ඇස් ඇරුන නිසල දේහ දෙක දිහා බලාගෙන විලාප දුන්නා. තාත්තාගෙ
ඇරුන ඇස්දෙක දිහා බලාගෙන ඉන්නකොට මට එකපාරටම තාත්තා නිතර කියපු වචන තුනක් මතක්වුනා.
මාව ඉස්කෝලෙට ඇරලන හැමදාකම මොහොතකට මම ලඟ දණ ගහගෙන
`` Make me Proud ´´ එහෙම නැත්නම්
`` මාව ආඩම්බර කරන්න ´´ මගෙ පුතා කියලා කියනවා. මට ඒ වචන ටික ඔලුවට ඇවිත් , මගෙ කණ ලඟ දෝංකාර දෙන්න පටන් ගත්තා.

මට ආපු ආත්ම ශක්තියට මම නැගිට්ටා.
පිටි අතට බැඳලා තිබුන අත්දෙක අස්සෙන් කකුල් දෙක යවලා, තමන්ගෙ අත්දෙක ඉස්සරහට අරගෙන ලණුව කටින් හපලා කොහොමහරි ලෙහාගෙන
නංගිව උස්සගෙන අගුළු දාලා තිබ්බ දොරට පයින් ගහලා කඩාගෙන ගෙයින්
එලියට ආවා. ආයෙ ගෙට ගිහින් මට ගන්න කිසිම දෙයක් තිබුනෙ නැහැ ලාච්චුව ඇරලා සල්ලි ටිකකුයි, තාත්ගෙ දිනපොතයි විතරයි ගන්න පුළුවන් වුනේ.
එලියට ඇවිත් නංගිව ලෙහලා, එයාව වඩාගෙන ඉබාගාතෙ ගියා. කඩෙන් කල්කිරි අරගෙන නංගිට පොව පොවා හැමතැනම සරණක් හෙව්වා. අවසානයේ
පොලීසියේ වැඩකරන තාත්තගේ යාළුවෙක් ළමා පරිවාසය හරහා අනාථ නිවාසෙකට අපිව දැම්මා.

ඒ කාලෙ දරුපල නැති ධනවත් අය ඇවිත් ළමයි අරගෙන ගියා. එහෙම තමයි මගෙ නංගිත් මට අහිමි වුනේ.

*ඊට පස්සේ ….?

මම අවුරුද්දක් විතර එතන ඉන්නකොට.
මාවත් අරගෙන ගියා වෙනත් මධ්‍ය පාන්තික ජෝඩුවක් , ඒ අය තමයි දෙවන දෙමව්පියන් වුනේ. ජගත් දිසානායක
තමන්ගෙ පුතාට නම දැම්මා මාධව දිසානායක කියලා. මම හොඳට අධ්‍යාපනය හැදෑරුවා. කලින් තාත්තගේ නම කියන්නේ නැහැ මම. එතකොට ඔයාලා දැනගන්නවා කවුද ඒ විද්‍යාඥ්ඥයා කියලා. සරසවිත් ගියා.
උපාධියත් ගත්තා. ඒ සේරම කරේ මගේ අරමුණට යන්න. අවසානයේ ඒ අරමුනේ පලවෙනි පියවර විදිහට මගෙ තාත්තගෙ හිතවත් පොලිස් නිලධාරියෙක් හරහා මම පොලිස් නිලධාරියෙක් විදිහට පොලීසියට බැඳුනා.. ඊට පස්සේ. එතනින් පස්සේ ඊශ්‍රායලයට ගිහින් බුද්ධි පුහුණුව , සන්නද්ධ පුහුණුව වගේම, අපරාධ විමර්ශන විද්‍යාව හදාරලා , උපාධියත් අරගෙන අද්දැකීම් ලබාගන්න උප පොලිස් පරීක්ෂකයෙකු විදිහට දිවයිනේ තැන් තැන්වල රාජකාරි කරා.

මම සරසවි උපාධිය ගත්ත ගමන් මම කලේ තාත්තගෙ දිනපොත හංගලා තිබුන තැනින් එලියට අරගෙන කියවපු එක.
ඒකෙ තිබුනා තාත්තට මරන්න උත්සාහ කරන එවුන් වගේ රටෙි නමගිය හොඳ මුහුණු දාගෙන ඉන්න ප්‍රභල අපරාධකරුවන්ගෙ ලැයිස්තුවක්.
මම ඒක කියවලා ⁣දිනපොත පුච්චලා දැම්මා. මොකද ඒක ඒ කාලෙට වලංගු වුනාට අද කාලෙට නිකංම නිකං සුරංගනා කතාවක් විතරයි හන්දා.

මෙි මිහිරාණිගෙ මරණය හන්දා මට මගේ අරමුණට යන්න ලේසි වුනා….

*මිහිරාණිගෙ මරණය….? ඒ කොහොමද සර්… ?

හොඳයි මම ඒකත් කියන්නම්… සාමාන්‍යයෙන් අපරාධකරුවන් අපරාධ කරන කොට ඒක කරන්නේ තමන්ටම ආවේණික වූ ශෛලයකට. මෙි මිනීමැරුමත් , මගේ දෙමව්පියන්ගෙ මිනීමැරුමට ශෛලයමය වශයෙන් නෑකමක් කියනවා. මොකක්ද කසුන්
ඒ පොදු ලක්ෂණය.

*සර්… වැඩෙි අවසානයේ ගෙට ගිණි තැබීම..

විශිෂ්ඨයි යාළුවා… මගෙ කතාව හරියමට අහගෙන ඉඳලා තියනවා.
හරියටම හරි. අන්න ඒ ශෛලය ඔස්සේ ගියාම . මට මතක්වුනා තාත්තගෙ දිනපොතේ තිබුන නම් ලයිස්තුව.

**ඒ කියන්නේ එතන තියෙන නම් වලින්
එක නමක් හෝ නම් කීපයක් මෙි මිෂන් එකේ අපරාධකරුවන් අතර ජීවත් වෙනවා..

හරියටම හරි නියෝජිත ජනිත්…
දැනට එක්කෙනයි…

*කවුද සර් ඒ….

ඒ කාලෙ කුලියට මිනී මරපු කොස්ටපල් රවින්ද්‍ර හෙවත් වර්ථමානයේ එස්අයි රවින්ද්‍ර…

*මොකක් ….. කියමින් තම පුටුවෙන් ඉබෙිටම නැගිට්ට වුනි.

කලබල වෙන්න එපා කසුන්… මම අවුරුදු තිහක් ඉවසුවා නම් , මට තව දින තිහක් ඉවසන්න බැරි නෑ…. මොකද රවින්ද්‍ර විතරක් නෙමෙ මට අල්ලගන්න තියෙන්නෙ …

**අම්මපා ඔීකට…..

නියෝජිත ජනිත් ටිකක් හිතලා බලන්න.
ඔට ටික අහලා ඔච්චර තරහා ගියා නම්, කුට්ටිය පිටින්ම අවුරුදු තිහක් ඉවසපු මට
මොනතරම් වෛරයක් හටගන්න ඇද්ද..
වෛරය කියන්නේ මිනිහෙක් පිරිහෙන දෙයක්. මගේ හිතේ වෛරයක් ලොකුවට නෑ. පලිගැනීමකුත් ලොකුවට නැහැ.
හැබැයි තවදුරටත් දරුවන්ට දෙමාපියන් ,
දෙමාපියන්ට දරුවන් අහිමිකරන මුන්ව ඉතුරු කරන්න තරම් මගෙ ජොල් වෙලත් නැහැ . නිකමට හිතලා බලන්න මුන් මෙි දක්වා කොච්චර ජීවිත ප්‍රමාණයක් අහිමි කරලා ඇද්ද …? ජීවිත කීයක් අනාථ කරලා ඇද්ද …? මගෙ තාත්තා එදා උන්ගෙ හෙරොයින් හදන වැඩසටහනට කැමති වුනේ නෑ කියලා මරලා දැම්මා.
මගෙ නංගිට කිරි නැතුව බෙරිහන් දෙනකොට මව්කිරි වෙනුවට කල්කිරි දිදී, මම කොච්චර අසරණ වෙන්න ඇද්ද…?
ඒ වගේ දරුවෝ කීදෙනෙක් මුන්ගෙ ව්‍යාපාර හන්දා අසරණ වෙන්න ඇද්ද…?

අපිට දැන් හැමදේම තියනවා. බලය විතරයි අඩුව තිබුනේ. ඒ බලයත් ඊයේ හවස උකුස්සා දුන්නා. දැන් අපි නිහඬව
ඉන්න විනාඩියක් ගාණේ. අසරණ ජීවිත කීයක් මහමගට වැටෙනවා ඇද්ද …?

**සර්… අපිට තේරෙනවා… අවුරුදු තිහක් ඉවසපු සර්ට තව දින තිහක් ඉවසලා ඉන්න පුළුවන් නම්. අපි ටික දෙනාටත් ඉන්න පුළුවන්. ප්ලෑන් පිට ප්ලෑන් ගහලා, මුන්ව නැත්තටම නැති කරලා දාමු..

*ඔව් සර්… මම සීයයට දාහක් එකඟයි.
එහෙනම් හෙට නඩුවෙන් පස්සේ `` ගේම් ඔන් ´´

*සර් මෙි සේරම දැනගෙන හිටියද කලින්ම..?

ඔව් කසුන් සමහර තැන් ටිකක් විතරයි අඩුව තිබුනෙ කතාවට.

**ඒ කියන්නේ මෙික නීත්‍යානුකූල පලිගැනීමක්…

ඔව් බං………. (සිනාසෙමින් )

මතු සම්බන්ධයි……..







Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now