⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 36 වන දිගහැරුම ⸎
> සමුගැනීම <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නවෝදා - නැහැ ඔෆිසර්. මට රූම් එකට යන එක ප්‍රමාණවත්. එතකොට මට බඩුටික අරගෙන හෙට උදෙන්ම කැනඩා යන්න පුළුවන්.

හොඳයි … එකඟයි.

මෙතැන්සිට …..

එතකොට කාමරයේ යතුර ගන්න හැඳුනුම්පත ඕන නැද්ද …?

දිව්‍යා - නැහැ ඔෆිසර් මගෙ සේරම තියෙන්නෙ ඒ කාමරයේ. එතන පිලිගැනීමෙි නිලධාරි මිස් මාව දන්නවා.

හ්ම්ම්… සියල්ල හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. නැත්නම් එතනත් අපිට අරගලයක් කරන්න වෙයි.

**සර් එතකොට අතන සේරම ඩවුන් ද..?

නෑ සුපුන් මහත්තයා. තව හතර දෙනෙක් කරටි කැඩෙන්න ගහලා ඉන්නෙ. මම සාමාන්‍ය වෙරිමතින් ඉන්න එවුන්ට ගහන්නෙ නැහැ ඒක මගෙ ප්‍රතිපත්තියක්.

*බලාගෙන ගියහම බොන එකෙත් වාසි නැතුවාම නෙමෙි නේද. උන් හතර දෙනාට
තවම ජීවත් වෙන්න වාසනාව තියනවා.

**ඔව් ඔව් තව කුප්ප වැඩ කරන්න අවස්ථාව තියනවා.

ඔව් එහෙම හිතමු. ඒ වගේම මෙිගැන මහේෂ්ට ආරංචි වෙන්නෙ හෙට උදේට.
මොකද වෙරි බැහැපු එවුන් හෙට උදේ
ඇහැරිලා බලබලපුවාම තමයි වැඩෙ පත්තු වෙන්නෙ ගාණට.

*කොහොමහරි කමක් නැහැ මැඩම්ව නිරුපද්‍රිතව පිටත්කර යවන්න තියනවා නම් අපට ඒ ඇති.

ඔව් මහත්වරුනි.

අඩහෝරාවක් ගෙවීගිය තැන අවිස්සාවේල්ල නියෝජිතයින් හොටෙල් ග්‍රීන් හාට් ගොඩනැගිල්ල අභියස සිටින බවත්, එහි අවට කිසිදු සැකසහිත දෙයක්
පෙනෙන්නට නොමැති බවත් දැනගන්නට ලැබුනි. තවත් හෝරාවකට පසු එම හෝටලය අභියසට අපට යාමට හැකිවිය.
හොටෙල් පරිශ්‍රයට ගොස් වෑන්රිය රථ ගාලෙහි ගාල් කරන තැනට මදක් එහායින් ෆුල්ෆේස් හෙල්මටි පැළඳ ජැගුවරා යතුරුපැදි දෙකක් උඩ අප නියෝජිතයින් දෙදෙනෙක් සිටිනු දැක්කෙමි. ඔවුන් මදෙස බලා හිස වැනීය.

සුපුන් මහත්තයා මෙතන ඉන්න. මමයි , දිව්‍යා මැඩම් එක්ක කසුන් ඇතුලට යනවා. නවෝදා මැඩම් යමු ඇතුලට. මැඩම් ඔයා යතුර ගන්න බලන්න. බැරිම වුනොත් අපි ලඟ තියනවා පොලිස් අයිඩී. ඒක පෙන්නලා ඇතුලට යමු. වෙන විකල්පයක් නැහැ.

නවෝදා - හරි ඔෆිසර්.

හොඳයි… මැඩම් ඉස්සර වෙන්න එහෙනම්.

කසුන් පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරමු. ඔය කොණ්ඩය හදාගන්න. පැත්තකට ඇලවෙලා.

*හරි සර්…

හරි නේද… යමු එහෙනම්. නවෝදා මෙනවිය පෙරටු කරගෙන අප ති⁣දෙනාම පසුපසින් ගමන්ගත් අතර ,
මුරකරු පසුකර යන අතරවාරයේ ඔහුට මද සිනහවක් පාන්නට මා අමතක නොකෙරුවෙමි. ඔහු ආචාරශීලී ආකාරයෙන් වීදුරු දොරටුව විවෘතකර දුන් පසු අප තිදෙනාම ඇතුලට යනවිට මුලින්ම හමුවූයේ පිලිගැනීමෙි නිලධාරිනියයි. වත්සුනු තැවරුණු මුහුණද, නාදළු මෙන් ⁣පැහැති දෙතොලද,
ක්‍රේල් කරන ලද ලා තඹ පැහැති කොණ්ඩයද ඇගේ පියකරු බව වැඩි කරන්නට සමත්ය.

පි:නි - සුභ සන්ද්‍යාවක් මැඩම් …

නවෝදා - සුභ සන්ධ්‍යාවක් මිස්.. මතකද මාව…?

පි:නි - ඔව් මැඩම්. මැඩම්ගෙ නම නවෝදා නෙ. (කියමින් අප දෙදෙනා දෙසට සිනහා මුසු මුහුණින් යුතුව බලමින් )

නවෝදා - ඔව් මිස්.. මෙි මගෙ යාළුවො. කරුණාකරල මට යතුර දෙන්න පුළුවන් ද.. ?

පි:නි - සොරි මැඩම්. මට රූම් නම්බර් එක කියන්න පුළුවන් ද…?

නවෝදා - දෙවන තට්ටුවෙ අංක දහය.

පි:නි - මට විනාඩියක් දෙන්න මැඩම්. කියමින් ඈ ලෙජරය පරික්ෂා කරන්නට විය. මැඩම් සම්පූර්ණ නම කියන්න.

නවෝදා - ජේ. ඒ නවෝදා ජයසිංහ.

පි:නි - හරි.. අයිඩී නම්බර් එකත් කියනවද කරුණාකරල.

නවෝදා - 1988×××××××××

පි:නි - හරි මැඩම්. මෙන්න යතුර.

නවෝදා - ස්තුතියි. මිස් මම දැන් යන්න හදන්නේ. මට සම්පූර්ණ ගෙවිය යුතු ගාස්තුව හදලා තියන්න. මම තව විනාඩි දහයකින් එනවා ආපසු.

පි:නි - හරි මැඩම්.

නවෝදා - යමු සර්…

*සර් ( හෙමින් මුමුණමින් ) හොඳ වෙලාවට සුපුන් මහත්තයා නාවෙ. එහෙනම් එතනින් ගලවනවා බොරු. තනි ඇඹලයා නෙ.

එහෙම හිතන්න එපා කසුන් මහත්තයා.
මෑන් එහෙම පෙනුනට. පට්ට සීරියස් පොරක්. මෑන් හැමදෙයක්ම විහිළුවට ගන්නවා ඒකයි.

*දිව්‍යා මැඩම් මොකද නිකං සමච්චලයට හිනාවෙන්නෙ..?

දිව්‍යා - නෑ. මොකුත් නෑ.

*එහෙම හිනාවෙන්න එපා. රහස් නියෝජිතයෝද මනුස්සයෝය.
කතාබහේ අවසානයද , තරප්පු පෙල නැගීමෙි අවසානය එසේ සනිටුහන් වෙද්දී අප අංක දහය කාමරය අසලට විත් දොරගුළු හැර ඇතුලට ගියෙමු. කසුන් මෙන ඉන්න.

*හරි සර්…

නවෝදා සමග අප දෙදෙනාද ඇතුලට ගියෙමු. ගිය විගසම ඇ⁣ඳේ ඇඳ ඇතිරිල්ල පෙරලා , මෙට්ට කවරයේ සිපරයද ඈත්කර. පාස්පෝර්ට් සමග හැඳුනුම්පත හා මුදල් ලබාගන්නා ඉලෙක්ට්‍රොනික කාඩ් පතක්ද එලියට ගත්තාය. පසුව දිව්‍යා විසින් එය තිබුන පරිදි නැවත සැකසීය. නවෝදා අල්මාරිය වෙත ගොස් තම රෝද බෑගයට ඇඳුම් කීපයක්ද. තව අත්‍යාවශ්‍ය දේවල් කීපයක් දමාගෙන ඇඳ උඩ බෑගය තබා මා දෙස බැලීය. ඔෆිසර්
මම නාගන්න පුළුවන් ද. එතකොට ටිකක් මහන්සි ගතිය යයි.

හා ඒකට කමක් නැහැ මැඩම්. වැඩිය කාලය ගන්න එපා

දිව්‍යා මැඩම්..

දිව්‍යා - සර්..

මම එලියෙන් ඉන්නම්.

දිව්‍යා - හරි සර්…

මා කාමරයෙන් එලියට ආවෙමි.

*සර් මැඩම් කෝ… ?

එයාට නාගන්න ඕනලු..

*හ්ම්ම්…

එසැණෙන් විශේෂවූ ජංගම දුරකථනය අතට ගෙන කටුනායක ආසන්නයේ සිටින ස්පයිඩර්ස්ලා දෙදෙනෙකුට නවෝදා ගෙ සමීප ඡායාරූපයක් සමඟ රහස් කෙටි පණ්විඩයක් යවන්නට වලබලා ගත්තෙමි. එහි සඳහන් වූයේ හෝරා දෙකකට පසු කටුනායක ⁣ගුවන්තොටුපල වෙත අප එන බවත් , ඡායාරූපයේ සඳහන් මෙනවිය
අප ගිය පසු ගුවන්තොටුපලින් ආපසු නික්මෙනවාද යන්න දහවල ⁣වනතෙක් සොයා බැලිය යුතු බවය. මිනිත්තු කීපයකට පසු දෙදෙනාම කාමරයෙන් බෑගයක් අතැතිව එලියට ආහ. නවෝදා නැවුම්ව යථා තත්වයට එලැඹීමය ලැබීම තරමක සැනසීමට කරුණකි.

නවෝදා - සේරම හරි ඔෆිසර්. අපි යමු.

හොඳයි. මැඩම් ලඟ බිල ගෙවන්න සල්ලි තියනවද..?

නවෝදා - ඔව් ඔෆිසර්. මෙි ඩෙබිට් එකෙන් පුළුවන්.

හොඳයි … මම ඉස්සර වෙන්නම්. කසුන් පස්සෙන්ම එන්න. තරප්පු පෙල දිගේ පල්ලම් බැස්ස අප සිව්දෙනා නැවතුනේ පිලිගැනීමෙි නිලධාරිනිය අසලය. බිල්පත නිරවුල් කිරීමෙන් පසු සිව්දෙනාම හෝටල් ගොඩනැගිල්ලෙන් එලියට විත් වෑන්රියට ගොඩ වුනෙමු.

**අවුලක් නැහැ නෙ සර්..

නැහැ සුපුන් මහත්තයා.

**එලකිරි .

*අවුලක් වෙනවා. ඔබතුමා එතනට ගියා නම්.

**ඒ මොකද…?

හා හා යමල්ලා යමල්ලා ( සිනාසෙමින් )
වෙඩිමක් කියනවා මෙතන.

වෑන්රිය පණ ගන්වා රථ ගාලෙන් නික්ම ගේට්ටුව ද පසුකර එලියට ගොස් නැවැත්විය. එසැණෙන් නියෝජිතයින් දෙදෙනාද අප අසලට යතුරුපැදි දෙකෙන්
ඇවිත් නවත්වන්නට විය.

***එස්ටී ( Spy Tiger ) අපි එන්නද පස්සෙන්.

අ… නෑ අවශ්‍ය නැහැ. අපි යන්නම්. බොහොම ස්තුතියි නියෝජිත කෙවින් , එරික්.( ව්‍යාජ නම් දෙකකි )

***හරි සර් ගුට් නයිට්..

ගුට් නයිට් ඒජන්ට්ස්. යමු සුපුන් මහත්තයා. වෑන්රිය වෙිගයෙන් ඉදිරියට
යන්නට විය.

සුපුන් මහත්තයා.

**සර්… ?

මම මෙි පැත්තෙන් බලන්නම්. ⁣ටිකක් සයිඩ් කණ්නාඩි වලින් ඇහැගහගෙන ඉන්න අපේ පස්සෙන් එකදිගට කවුරු හරි එනවද කියලා. මෙච්චර නිදහසේ අපි යනවා කියන එකත් මට එච්චරටම සැ⁣ටිස් නැහැ.

**මම සර්ට කියන්න මයි හිතුවෙ.

හරි.. අපි බලමුකො. යමු ඉක්මනට කටුනායක එයාර්පෝට් එකට. එතකොට දිව්‍යා මැඩම්.

දිව්‍යා - සර්…?

මෙි මැඩම්ගෙ විස්තර ටික අරගෙන ෆ්ලයිට් එකක් බුක් කරන්න ඕන නේද..

දිව්‍යා - ඒක හරි සර්. මම ඒක කාමරයේ ඇතුලෙ ඉඳලම කරා. ඒක මට අමතක වුනා නෙමෙයි. හැබැයි කියන්න අමතක වුනා.

හරි… එහෙනම් කමක් නැහැ. කෙටි මාර්ගයන් ඔස්සේ කිරිබත්ගොඩට එනවිට දොලහට ආසන්න වී තිබුන අතර , කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුල්වනවිට අළුයම එක පසුවී තිබුනි.


**සර්.. ඔය ඉස්සරහ තියෙන්නෙ ගුවන් හමුදා චෙක් පොයින්ට් එකක්. අපිට අවි අවිආයුධ එක්ක නම් යන්න බැරිවෙයි.

ඇයි බැරි.. ඔය පිස්තෝල ටික කළු පෙට්ටියට දාලා , ජෑමරය ඔන් කරමු. එතකොට අපිව ස්කෑනරයට අහුවෙන්නෙ නැහැ නෙ.

**හපොයි සර්. මට ඒ අමතක වුනානෙ.

කියමින් අප සතුව තිබුන පිස්තෝලයන් කළු පෙට්ටියට දමා , ජෑමරය ඔන්කර ඉදිරියට ගිය අතර , මාර්ග බාධකයෙන් කිසිදු පැකිලීමක් නැතිව ගුවන්තොටුපල පරිශ්‍රය ඇතුල් වීමට හැකිවිය. අළුයම දෙක හමාරට පලමු ගුවන්යානය ඇති නිසාවෙන් තවත් විනාඩි තිහක අමතර කාලයක් අපට ගත කිරීමට සිදුවිය.

එහෙනම් නවෝදා මැඩම් අපි සමුගන්නයි සූදානම. ඔතනින් ඇතුලට ගියා කියන්නේ ආපසු හැරෙන්න බැහැ නෙ. ආපසු හැරෙන්නත් එපා. ජීවතයට රිවස් ගියර් නැහැ නෙ. එහෙම තිබ්බා නම් අපිට අපේ ජීවිතයේ මගහැරුනු තැන් නැවත හදාගන්න තිබ්බා. නමුත් එහෙම කරන්න
ලොව්තුරා බුදුන්ටවත් බැරුව ගියානෙ.
ඉතින් යටගියාව ගැන හිතන්න එපා. දැන් සේරම අතීතයට ගිහින් ඉවරයි. ඒක වෙනස් කරන්න අපි කාටවත්ම බැහැ.
මෙි සේරම ප්‍රශ්න ඉවරවෙනකම් නැවත ලංකාවට එන්න හහිතන්නවත් එපා.
ඔයාගෙ ඩැඩී කියපු දේවල් හරියට පිලිපැද්ද කීකරු දියණියක් හන්දා ඇති මෙහෙම බේරුනා. මෙි ලෝකයේ කිසිම තාත්තා කෙනෙක් කවදාවත්ම තමන්ගෙ දරුවන්ට අයහපතක් වෙනවා දකින්නට කැමති නැහැ . ඒක ඔයාගෙ තාත්තද , මගෙ තාත්තද කියලා වෙනසක් නැහැ.
තාත්තා තරම් ආරක්ෂකයෙක් තමන්ගෙ ජීවිතයට ආයෙ එන්නෙ නැහැ. එහෙම රැකවරණය දෙන්න පුළුවන් හොඳ සහෝදරයෙකුට එතනින් එහාට හොඳ ස්වාමිපුරුෂයෙක්ට විතරයි. හැබැයි තාත්තට සමකරන්න බැහැ.

නවෝදා - මම මැරි කරලා නැහැ ඔෆිසර් තවම. ඔෆිසර් මැරි කරලද.

( සහයක නියෝජිතයින් දෙදෙනා මාදෙස උපහාසාත්මක ලෙසින් බලන්නට විය)

නැහැ මැඩම්. අපිට අපේ වෘත්තීය පසුබිම අනුව එහෙම ජීවිතයක් ගතකරන්න බැහැ. එහෙම ජීවිතයක් ගතකරන්න ඔින නම්, මෙි රාජකාරියෙන් අත්මිදෙන්නට වෙනවා.

නවෝදා - මට තේරෙනවා ඔෆිසර්. ඔෆිසර්ලා වගේ අය හරිම දුර්ලභයි. කොහොමත් සොල්දාදුවන් කියන්නේ වෙනම ලෙවල් එකක්. හැමෝටම ඒ ලෙවල් එකට එන්න බැහැ. ඔෆිසර් වගේම
මුහුණුවර තියෙන අංකල් කෙනෙක් හිටියා අපේ තාත්තගෙ ගජ යාළුවෙක් `` මයිකල් ප්‍රනාන්දු ´´ කියලා.

*මැඩම් කියන්නේ මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ගැනද…? අසූ ගණන්වල ලංකාවෙ හිටපු ප්‍රවීණ රසායනික විද්‍යාඥ්ඥයෙක්.

නවෝදා - ඔව් ඔව්.. ඒ අංකල් ගැන තමයි මම කියන්නේ ඔෆිසර් ඔයා එයාව දන්නවද…?

*නෑ මම එයා ගැන අහලා තියනවා. ( කසුන් මාදෙස බලමින් )

නවෝදා - ඒ මුහුණ මයි තියෙන්නෙ. ආයෙ කිසිම වෙනසක් නැහැ. අවාසනාවකට ඒ පවුලම නැතිවුණා. ගේ එකපාරටම ගිණි අරගෙන තියනවා. අදවෙනතුරු කිසිම තොරතුරක් නැහැ. ඒ කේස්එක යටගියා.
(මා එකවරම දිව්‍යා දෙස බැලුවෙමි. ඇය මදෙස බලා අහක බලාගත්තාය.)

ඔව් මැඩම්. මෙි ලෝකයේ එක වගේ හත්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියනවා නෙ. මමත් ඒ හත්දෙනාගෙන් එකෙක් වෙන්න ඇති. එහෙනම් මැඩම් ජයවේවා. කියමින් ඇයට අතට අත දුන්නෙමි.

නවෝදා - බොහොම ස්තුතියි ඔෆිසර්. බොහොම පින්සිද්ධ වෙනවා. හරිම වෙලාවට ආවෙ නැත්නම් සමහරවිට මටත් වෙන්නෙ තාත්තට වෙච්ච දේ වෙන්න පුළුවන්. කොහොම වුනත් ඔයාලගෙ වික්‍රමය හන්දා අද මම මෙතන දෙපයෙන් හිටගෙන ඉන්නවා. අවසාන වශයෙන් මට සර්ගෙ නමවත් දැනගන්න පුළුවන් ද…?

මා සියළු දෙනා දෙස බලමින්
මම සීඅයි තේනුවර. නිළ නොලත් ඒකකයකින්.

දිව්‍යා - තේනුවර.. හරිම ලස්සන නමක් වගේම කඩවසම් නිලධාරියෙක්. හොඳයි බොහොම ස්තුතියි.

නවෝදා මෙනවිය අනෙකුත් අයට අතට අත දෙමින් ආචාරශීලීව ස්තුතිය පුදකලාය. අවසානයේ දිව්‍යාටද අතට අතදී ඇයව වැළඳ ගත්තාය.

නවෝදා - මට උඹ ගැන හරිම ආඩම්බරයක් දැනෙනවා බං. මම හිතුවෙ උඹ රංග කලා කරපු හන්දා නැටුම් ටීචර් කෙනෙක් වෙයි කියලා.

**දැනුත් කරන්නේ රඟපෑම තමයි මැඩම්.
ටීචින් කරන්නේ නැති වුනාට.
`` හැකියාව⁣ට රැකියාවක් ´´ මම පැනිල් වික්කමසිංහ. ( සියල්ලෝම සිනාසෙන්නට විය )

දිව්‍යා - මගෙ නම්බර් එක තියනවා නෙ.
පුළුවන් වෙලාවක මට කතා කරපං.

නවෝදා - හරි හරි කෙල්ලෙ පරිස්සමෙන් ඉන්න. මම ගිහින් එන්නම්. කියමින් සියල්ලෝටම සමුදී ඇය තම බෑගයත් තල්ලු කරගෙන කවුන්ටරය වෙත ගියාය.
නැවත වතාවක් ඇය මාදෙස හැරී බලා ආපසු හැරුනි.

**මොකක්ද සර් ඒ වුනේ…?

ඇයි.. මොකද වුනේ ( දෙඋරහිස් හකුලුවාගෙන )

**නිකං පරස්තාවක් සැට්වුනාද මන්දා.

අඩෝ … සීනියර් ඔෆිසර් කෙනෙකුට පද හදන්නද තමුන් හදන්නේ.. ? දැන් ඕනෑවට වැඩියි වගේ. කියමින් මා නියෝජිත ජනිත් ගෙ කණක් මිරිකුවෙමි.

**ඌයි…ඌයි.. සර් කණ කණ..

සිව්දෙනාම සිනාසුණත්. දිව්‍යා හිත යටින්
දුක්වන බැව් මාහට පෙනුනි. නවෝදා විසින් නොදැනුවත්වම අතීත මතක ආවර්ජනය කිරීම එයට ඍජුවම හේතු වන්නට ඇති.

*හොඳ වැඩෙි සර්. සුපුන් මහත්තයා ඕනෑවට වැඩියි වගේ තමයි දැන් නම්. මම නම් ඉතින් කට පරිස්සම් කරගන්නවා මෙි වෙලාවෙ. නැත්නම් මට හොඳ කියුම් ටිකක් අනිවාර්යයෙන්ම අහගන්න වෙනවා. එහෙම වුනා නම් රෑට වෑන්එක ඇතුලෙ කාපුවා වමනෙ කරන්න වෙනවා.

හරි..එහෙනම් මිත්‍රවරුනි. අපි යමු නේද.
දිව්‍යා මැඩම්…

දිව්‍යා - සර්….

අපි යමු නේද…? මම දන්නවා යාළුවා වෙන්වීම⁣ ශෝකාකූලයි කියලා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි කියලා තියනවා නෙ. නමුත් අපි වෙලාවට බැස්ස හන්දා ඒ දුක පොඩි දුකක්. ( පරණ සිදුවීම නවෝදගෙ වෙන්වීම පිට දමා සමථයකට පත් කරන්නට මා උත්සාහ ගත්තේ. මෙි ගැන සහයක නියෝජිතයින් දැනගැනීම උච්ත නොවන බැවින්ය )

*ඔව් මැඩම්.. බැරි වෙලාවත් නවෝදා මැඩම් මරලා දැම්මා නම් උන්ටික එක්කාසු වෙලා. ඒක ලොකු දුකක් වෙනවා.

දිව්‍යා - ඔව් ඒක ඇත්ත සර්. අපි යමු එහෙනම්.

සුපුන් මහත්තයා…

**සර්….

මම වාහනය ගන්නද…? එක දිගට පැය කීපයක් ආවනෙ.

**කමක් නෑ සර්..

කෝ දෙන්න ඔය යතුර මෙහාට. කියමින් යතුර උදුරාගෙන රියදුරු අසුනේ වාඩිවී වෑන්රියේ පාලනය මා සුරතට ගත්තෙමි.

රයිට්… ඔය මහත්වරුන්. ඔය නෝනයි.
රෙස්ට් කරන්න. ඔන්න එහෙනම් අපි ගියා. කියමින් අධි ආරක්ෂිත කලාපයෙන් එලියට වෑන්රිය ධාවනය කරපු මා, කොළඹ මහා මාර්ගයට අවතීර්ණ වුනෙමි.

හෝරාවකට පසු දිව්‍යා මගතොටින් බැසගත් පසු ඉන් මිනිත්තු පහලවකට පසු අප තිදෙනා ටෙක්ස්ටයිල්ස් ගොඩනැගිල්ලට පිවිසියෙමු. එහෙනම් මහත්වරුනි තවත් පැය කීපයකින් හමුවෙමු. කියමින් ඔවුන්ට සමුදී අවිආයුධ හා අනෙකුත් උපකරණ ආයුධාගාරයට දමා, මාද විවෙික ගන්නට ගියෙමි.

හෝරා කීපයකට පසු….

ඩාර්ක් හෙඩ් ගෙන් දෘශ්‍ය ඇමතුමක් ආවෙ මාගේ විශේෂිතවූ දුරකථනය වෙතය.

DH - ආයුබෝවන් මාධව ….

ආයුබෝවන් සර්…

DH - අර මහාචාර්යගේ දුව පැහැරගෙන ගිහින්ලු නේද…?

මීඩියා කාරයො එහෙම කියනවා නේද සර්… ?

DH - ඒක ඇත්ත නේද… ?

ඔව් සර්… මහේෂ් ලොක්කා අපෙන් ගේම ඉල්ලන්න ගහපු ගේම්එකක් නෙ ඒක.

DH - ඒ කියන්නේ උන්ට මෙි ටික කාලයට
උන්ගෙ එවුන් පස්කරපු එවුන් හොයාගන්න බැරි හන්දා. උන් දන්නවා මහාචාර්යගේ මරණයත් එක්ක අපිට ඍජු සම්බන්ධයක් තියනවා කියලා. ඒ හන්දා අපේ කීප දෙනෙක් කොටුකරගන්න ගහපු ප්ලෑන් එකක් ඒක.

හරියටම හරි සර්.. ඒක කමයි එතන වෙලා තියෙන්නෙ.

DH - මෙික⁣ දුරදිග යන්න කලින් ඒ මිස්ව ගලවගෙන එන්න වෙයි නේද මාධව.

නැතුව නැතුව. සර් ඔෆීස් එකේද ඉන්නෙ..?

DH - ඔව් මාධව. මම දැන් ඇවිත් වාඩිවුනේ.

නියමයි. සර් එහෙනම් ටීවී එක දාගෙන ඉන්න. ස්ටෝරියේ ඉතුරු ටිකත් ශය මීඩියා කාරයොන්ගෙන්ම අහගන්න.

DH - ඒ කිව්වෙ.. තමුසේ ගේමක් දුන්නා වත්ද…?

ඔව් සර්.. අපි මෙහාට එනකොට පාන්දර තුනයි. ඊයේ රෑ ඒ මිස්ව ගලවාගත්තා. ඊට පස්සේ රෑම එයාගෙ බඩු ටිකත් අරගෙන රෑම ඇද්දා කටුනායකට. ගිහින් පලවෙනි ෆ්ලයිට් එකේම පිටත් කෙරුවා. නැත්නම් අපිට පස්සට එයත් ඇණයක් වෙනවා.

DH - ෂාහ්හ්හ්හ් තමුසෙ මාර යකෙක් නෙ.
ඒ කියන්නේ ඒ කේස්එක එතනින් ඉවරයි.

ඔව් සර්… දැනට අපි එහෙම හිතමු.

DH - හොඳයි හොඳයි … මගෙ කොල්ලො ටිකට අවුලක් නැහැ නෙ… ?

සේරම හොඳින් සර්…

DH - වෙරිගුඩ් මාධව. Excellent job. Im appreciate that.

බොහොමයක් ස්තුතියි සර්. ඉතුරු පැටිකිරිය නිවුස් වලින් දැනගන්න.

DH - ඕකෙ ජයවේවා මාධව.

ජයවේවා සර්. ( ඇමතුම විසන්ධි විය )


මතු සම්බන්ධයි…..



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now