⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 45 වන දිගහැරුම ⸎

`` පසු විපරම ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

**සර් හිතනවද අපි එච්චර දුර යන්න දෙයි කියලා…

සාජන්ට් ජනිත්… නැත්නම් නියෝජිත ජනිත්… අපි සදාකාලිකව ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙියි. කවදාහරි , කොතනදි හරි අපි මෙි සේරම දාලා , කරපු හොඳ නරකවල ප්‍රතිඵල විඳින්න යන්නම වෙනවා. ඒක තමයි ඇත්ත… දුක් වෙන්න එපා මහත්වරුනි. අපි දැන් යමු සමෙතනින්.

මෙතැන් සිට……

ටෙක්ස්ටයිල්ස් එකට යන ගමනේදී දෙහිවල සයිවර් කඩෙිටත් ගොඩවීමට
අවශ්‍ය වූ බැවින් හේතුවක් වශයෙන් තේ එකක් බීමට අප අමතක නොකලෙමු.
තේ පානය අතරතුරදී එහි වැඩ කරන සේවකයෙකු සමල කෙටි පිලිසඳරක යෙදෙන්නට ද අමතක නොකරෙ කුමන තොරතුරක් ලබාගැනීමෙි අටියෙනි.

මෙි… මල්ලි කොහොමද මෙි දවස්වල බිස්නස් එහෙම. කෑම කන්න හුඟක් කට්ටිය එහෙම එනවද…

***ඔව් ෂර්…. යේක කේම එක ෂුප්පර් විදියට දෙන හන්දා බිස්නස් හොඳට තියනවා තමා…

හා… කොච්චර හොඳ ද…? එතකොට සුද්දෝ එහෙම හුඟක් එනවා ඇති නේද..?

***ඔව් ෂර්…

එතකොට කළුපාට විදේශිකයො එන්නෙ නනැද්ද… ?

***ෂර් කියන්නේ අප්‍රිකන් ආකල් ද..?

ඔව් එහෙම්මත් නෑ. හැබැයි ඒ වගේ අය තමයි.

***යෙනවා ෂර්.. යෙනවා. හැම ෂතියෙම ෂෙනෂුරාදා වගේ තමයි එනවා…

දවල්ට කන්න ….?

***නෑ නෑ ෂර් දවල්ට කේම අරගෙන යනවා තමා…

හරි හරි……. මම නිකමට ඇහැව්වෙ.
හරි… අපි ගිහින් එන්නම් මුදලාලි.

***ෂර්… ඉතුරු ෂල්ලි….

වෙින්ඩාම් මුදලාලි ….

***ෂරි ෂරි නන්රි… පොයිට්ටු වාංග.

අපි යමු…

නියමයි ඔය කියන එක හාදයෙක් සෙනසුරාදාට කෑම අරගෙන යනවා
සමහරවිට සෙනසුරාදා වෙන වැඩකටත් අනිවාර්යයෙන්ම එනවා ඇති. හොඳයි අපි බලමු… දහවල වනවිට ටෙක්ස්ටයිල්ස් එකට යාමට අපට හැකිවිය. කාර්යාලයට යනවිට නියෝජිත B200 විසින් ඉදිරිපස ඇති කසල බඳුනට සේපාලිකා විසින් දමාගිය යමිකිසි තොරතුරු අඩංගු ලියමනක් මා අත තැබීය.

*සර් තවත් තොරතුරක් වගේ….

ඔව් බලාපොරොත්තු වුන තොරතුරක් මෙික..

*මොකක්ද සර්…

වාඩිවෙන්න කසුන්… අපි බලමු… මෙි බලන්න… මම ඇස්දෙක වහගෙන
සවන්දුන්න දේවල් වලටම සමාන දේවල් තමයි මිල්ටන්ටත් ඇහිලා තියෙන්නෙ.

*ඔව් සර්… දෙකම එක සමානකම් තියනවා.

ඔව් කසුන්… මම සියුම්ව සවන්දීපු හන්දා මම ලඟ තියෙන කරුණු මිල්ටන් වඩා සාපේක්ෂව ගත්කල වැඩියි. නමුත් සංසන්දනය කරාම දෙකම සීයයට අසූවක් විතර සමානයි. හරි අපි බලමු මෙි ශබ්දයන් අනුව භූමියේ තියෙන්න ඔීන ස්ථාන මොනවද කියලා.

පිරිත් හඬ … ඒ කියන්නේ පන්සලක්
මොකක්ද පන්සල…

**සර්… බෙල්ලන්විල පන්සල..

හරියටම හරි ඔබතුමා නෙ රියදුරු.

හරි… ඊට පස්සේ
යන්තමින් ඝණ්ඨාර හඬක් ඇහෙනවා..

*සර්… එතන තිබුනෙ ශාන්ත මරියානා
දේවස්ථානය.

හැබෑටම … නියමයි …

ඊලඟට විසිල් හඬක් ඇහෙනවා..

නියෝජිත ජනිත්… වාහනය නැවැත්තුවා නේද එතනදී… ?

**ඔව් සර්…

එතන රථවාහන පොලීසිය මාර්ග තදබදය අඩුකරන්න තමයි ඒ විසිල් ගහලා වාහන නවත්වන්නේ..

හොඳයි …. ඊට පස්සේ

වම්පසින් ලොකු ඝෝෂාවක් ඇහුනා.
ළමයි කෑගහන හඬ…මම හිතන්නේ
පාසලක් වෙන්න ඔීන…

*ඔව් සර්… එතන තිබුනෙ ශාන්ත තෝමස් පාසල.

වෙරිගුඩ්…

බලමු ඊට පස්සේ…….

ආයෙත් වාහනය නැවැත්තුවා නේද…?
ඊට පස්සේ මට ඇහුනෙ පිටුපසින් විවිධාකාර හෝන් හඬ.

**ඔව් සර්…. ඒ කියන්නේ එතන කලර් ලයිට් එකක් තිබ්බෙ. වාහන තදබදය හන්දා තමයි හදිස්සිකාරයෝ හෝන් ගහන්න පටන් ගත්තෙ.

ඔය කියන්නේ වටමුල්ල හංදිය වෙන්න ඔීන…

*ඔව් සර්…

නියමයි .. ඊට පස්සේ දකුණු පසින් කෝච්චියක් යන ශබ්දය ඇහුනා…
මම හිතන්නේ කල්දෙමුල්ල දුම්රියපල

**ඔව් සර්…

නියමයි …. අපි බලමු ඊට පස්සේ

වම්පස වාහන දෙකක් අසාමාන්‍ය විදිහට රේස් කරනවා..

*සර් එතන තියනවා `` පානදුර ඔටෝ සර්විස් ´´ කියලා ගරාජ් එකක්. ඒ වාහන
හදන ශබ්දය තමයි ඇහෙන්නෙ.

ඒ කියන්නේ පානදුර නගර හන්දිය…

*ඔව් සර්…

හොඳයි … ඊට පස්සේ ආයෙත් විසිල් හඬක් ඇහෙනවා…

**සර්… මොල්ලිගොඩ පොලීසිය ලඟ
ට්‍රැෆික් එකෙන් ගහන විසිල් හඬ..

ඒ කියන්නේ එතනත් වාහන තදබදය තියෙන තැනක්…? ඒ වගේම මොල්ලිගොඩ පොලීසියට ආසන්නයි..?

*හරියටම හරි සර්…

හොඳයි….

ඊට පස්සේ …

ඒ හරියෙ බොහොම හෙමින් යන්නෙ..
වාහන තදබදය හන්දා ..

හරි…වම් පසින් පිරිත් හඬ ඇහෙනවා
එතකොට කළුතර පන්සලේ තමයි ඒ පිරිත් හඬ ඇහෙන්නෙ …?

**ඔව් සර්….

වෙරිගුඩ්… ඊට පස්සේ අපි වාහනය නැවැත්තුවෙි කිලෝමීටර එකක් විතර පසුකරාට පසු … මම හරිද…?

**ඔව් සර්….

නියමයි …. එහෙනම් මිල්ටන් හා මම එකම පාරෙ ගිහින් තියෙන්නෙ.

*සර් එතනින් එහාට මොකද වුනේ එතකොට ….?

මිල්ටන්ගෙ අද්දැකීම් අනුව. වෙන වාහනයකට මාරු කරලා තියෙනවා.
මෙි ලියලා තියෙන්නෙ..

*ඒ කියන්නේ සර් මොකක්ද …

හරි කසුන් සියල්ල පැහැදිලි වෙමින් පවතිනවා. මෙි බලන්න මිල්ටන් හාදයා මෙතන ලියලා තියනවා. එතනින් එහාට ගහන සුවපහසු වුනේ නැහැ කියලා. ඒ කියන්නේ ප්‍රධාන පාරෙන් ඔබ්බට අතුරු පාරක් ඔස්සේ මුහුද දෙසට ගිහින් කියන එක. ඒ කියන්නේ වලවල් සහිත මාර්ගයක්.


**එතකොට ඒ මාර්ගයේ කෙලවර මොකකින්ද අවසන් වනවා ඇත්තේ…?

හොඳ ප්‍රශ්නයක් … බීච් එක අසල තියෙන අප්‍රසිද්ධ අක්කර කීපයකින් වටවුන තැන මොකක් විය හැකිද… ?

*මට එහෙම ලොකුවට හිතන්න අදහසක් එන්නෙ නැහැ සර්….

එතකොට නියෝජිත ජනිත් මොකද කියන්නේ …?

**හ්ම්ම්… මාළු මාකට් එකක් වගේ තැනක්..

ඔව් වෙන්න පුළුවන්. නමුත් අපි හොයන එක ඊට වඩා හතර පැත්තම ආවරණය වෙච්ච එකක් වෙන්න ඔීන…

*එහෙම නම් ඉතින් ඉස්සො ගොවිපලක් වෙන්න ඔීන…

විශිෂ්ඨයි යාළුවා… විශිෂ්ඨයි.. මම බලාපොරොත්තු වුන උත්තරය ඒක තමයි.

**හෑහ් ඒ කියන්නේ මුන් ඉන්නෙ ඉස්සෝ ෆැක්ටරියක් ඇතුලෙද…?

ඔව් … නියෝජිත ජනිත්… ඉස්සෝ⁣ ගොවිපලක් කරගෙන යන මුවාවෙන්
මුන් එතන වෙනම රාජධානියක් හදාගෙන තියෙන්නෙ ඔීන බොහෝදුරට.
එතකොට කවුරුවත් සැක හිතන්නේ නැහැ නෙ. මොකද ඔීන තරම් වාහන එහාට මෙහාට යනවා. යන්නෙ ඉස්සො තොග වශයෙන් වෙළෙඳපලට අරගෙන යන්න වගේම, ඒ අතරතුර හෙරොයින් , ගංජා ප්‍රවාහනයත් කරන්න පුළුවන්.

හොඳයි…. අපි වාසනාවන්ත නම් , අපිට අද හවස් වෙද්දී ජොනිගෙන් තොරතුරක්
ධනාත්මක තොරතුරක් ලැබෙන්නට ඔීන
හිඟන ගැන්සියේ දැක්මට අනුව.

*අද අපිට උන්ගෙන් හරි තොරතුරක් ලැබුනොත් මොකද කරන්නේ …?

එහෙම වුනොත් නැවත අපි උන්ට භීෂණයක් මවනවා…. ඒ කියන්නේ අපි අද රෑ උන්ගෙ තුන්දෙනෙක් හෝ හතරක් පරලොව යවනවා.

**අද රෑ….

ඔව් අද රෑ…. මොකද එහෙම කරන්න වෙනවා. හිතන්න එපා ඩොක්ටර් වගේම සයුරි ගැන හොයන එක උන් නවත්තලා ඇති කියලා. උන් ටික කාලයකට හරි නිහඬ කරන්න නම්. උන්ට හැංගිලා ඉන්න
විදිහෙ වැඩක් කරන්න ම වෙනවා. දෙතුන් දෙනෙකුට ⁣සුදුකොඩි පෙන්නපුවාම උන් ටික කාලකට හැංගෙනවා. මොකද උන් දන්නවා ඒ උණුසුම පිට එලියට ගිහින් මාට්ටු වුනොත් ආරක්ෂක අංශ වලින් අත්අඩංගුවට ගැනීම් වෙනවා කියලා.

*ඒ කියන්නේ රහස් පොලීසියත් මුන් ගැන ඇහැ ගහගෙන ඉන්නෙ …

ඔව්…. එව්වා දීර්ඝකාලීන මෙහෙයුම්. අපි වගේ කෙටිකාලීන මෙහෙයුම් නෙමෙි.
`` Mission Long X ´´ වගේ මෙහෙයුම් ඒවට සරළ උදාහරණ.

**ඒ කියන්නේ සර්. මෙි ටීම්වල මහමොළකරුවන් හොයන්න යටින් මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

ඔව් නියෝජිත ජනිත්… මිල්ටන් , සේපාලිකා කියන්නේ ඒ වගේ අය.

**මොනවා….?

ඔව්… එහෙම තමයි. ඇත්තටම මට මතකයි ඉන්ස්පෙක්ටර් ජාලිය මුතුගල කියලා සාධාරණ දක්ෂ නිලධාරියෙක් තමන්ට වෙච්ච අවමානයට තමන්ගේම පිස්ටල් එකෙන් වෙඩි තියාගෙන මැරුනා.
ඒ කතාව ඇත්ත වගේම , ඊට පස්සේ එයාගෙ බිරිඳ වන දිව්‍යා සමරසිංහ මාසයකට පස්සේ දහඅට වංගුවේ , එක වංගුවකදී තමන්ගෙ වාහනය ප්‍රපාතයකට පෙරලිලා වාහනය ගිණිඅරගෙන මියගිය එකත් ඇත්ත.

*එතකොට සර්⁣ට කොහොමද සැකයක් ඇතිවුනේ දිව්‍යා ගැන…?

ඒ වෙන මොකුත් නෙමෙි කාලය ගැන .

*කාලය ගැන

ඔව්… යාළුවා… කාලය ගැන තමයි.
ජාලිය මහත්තයාගෙ සිද්ධිය අපි දැනගත්තාට , අපි හරිහැටි දන්නෙ නැහැ
දිව්‍යා ගැන. හරි… ම මෙතනට මෙහෙම කතාවක් ආදේශ කරන්නම්. දිව්‍යා එදා අනතුරෙන් මැරුනෙ නැහැ. එයා ක්ෂනිකව තමන්ගෙ වෙිෂය මාරුකරගෙන වෙන ඈත රටකට ගිහින් ජීවත් වෙනවා කියලා හිතමු. එතකොට මෙි ඉන්න දිව්‍යා කවුද ….? මොකද සැබෑ දිව්‍යා රිය අනතුරකට ලක්වුනේ ජාලිය මහත්තයා මැරිලා මාස එකහමාරකට පස්සේ නම් , මෙි දිව්‍යා නමින් ඉන්න සේපාලිකා අපිට කියූ කතාවෙ දින පහලවක් අඩු වුනේ කොහොමද…?

*සර් කියන්නේ වෙනම කේස් එකක් තියනවද මෙතන ….?

ඔව්… අපිට ඒක එච්චරටම අදාල නැහැ. මොකද අපිට එයාගෙන් අපේ වැඩෙ වෙනවනෙ. නමුත් සමහර තැන්වල පරස්පර විරෝධියි. අමුතුවෙන් කියන්න ඔීන නැහැ. දැන් අපි වුනත් සමාජයට ආවරණය වෙලා තියෙන්නේ මොකක්හරි ආවරණ කතාවක් ඉදිරිපත් කරලනෙ. ඒක තමයි ඉතින් ක්‍රමය. ඔය මහත්වරුන් නිකමට හිතලා බලන්න ඔච්චර දක්ෂ විදිහට වෙිෂය මාරුකරන්න හොඳ සුමට පුහුණුවක් තියෙන්න ඔීන. එහෙම සාමාන්‍ය සිවිල් පුද්ගලයෙකුට කරන්න අමාරුයි. දැන් බලන්න අපි කොච්චර කාලයක් පුහුණුව ලැබුවද කියලා වෙස් මාරුකිරීම කියන පාඩම. ඉතින් සාමාන්‍ය කෙනෙක් ඔය වගේ සියුම්ව තමන්ගෙ වෙිෂය මාරුකරනවා කියන්නේ ඒක හරිම විරලයි.

**ඒ කියන්නේ සන්නද්ධ පුහුණුවත් ලබලා ඇති…

හහ් හහ් හා…. නැතුව නැතුව.
හෙහෙම හිතන්න පාතාල කල්ලි සාමාජිකයෙක්ට පිස්තෝල පුහුණුවක් ලබලා තිබ්බට උන් පුහුණුවෙලා නැහැ නෙ ආවරණ සපයාගෙන වෙඩි තියන්න.
නැත්නම් ටයිමින් වලට වෙඩි තියන්න.
උන් දන්නෙ මැගසින් එක යටින් එබුවා උඩින් රෙඩි කරා. ඉලක්කය අරගෙන ට්‍රිගර් එක එබුවා එච්චරයි. නමුත් අපි වගේ සන්නද්ධ පුහුණුවක එච්චරක් නෙමෙිනෙ තියෙන්නෙ. ආත්මාරක්ෂාව ඉඳලා , වන සටන් ඇතුළුව ප්‍රගුණ වෙඩික්කරු දක්වාම පුහුණුව ලබලා තියෙනවා. ඊට පස්සෙනෙ බුද්ධි , අපරාධ විමර්ශන ක්‍රම පුහුණුව ලබන්නේ. ඒ හන්දා නෙ වසර දෙක හමාරක කාලයක් ගතවෙන්නෙ. කොහොම වුනත් එයා දන්නවා අපි ත්‍රස්ථ මර්දන කණ්ඩායමක් කියලා. නැත්නම් එච්චර විවිශ්වාසයකින් අපි අතරට එන්නෙ නැහැ.

එයා අපි අතරට එන්න තමාගේ නොවන සත්‍ය වූත් , වැළලුන කතාවක් අපි ඉදිරියේ
විදහා පෑවා එච්චරයි. අපි ඒක පිලිගත්තා වගේ රඟපෑවා එච්චරයි සරළයි , තාත්විකයි….

හරි ඒක දැන් ඇති… අපි ඊලඟ සැළසුම ක්‍රියාත්මක කරමු.

*ඊලඟ එක…

ඔව්…. කෙටවීමෙ සැළසුම… අපේ ප්‍රොන්ටෝ මාර්ගයෙන් ඊමේල් එකක් දාන්න ඔීන CID එකට. එස්අයි රවින්ද්‍ර ලඟ මිහිරාණි මියගිය සිද්ධිය සම්බන්ධ වැදගත් සාක්ෂි ටිකක් තියනවා කියලා.
මොකද මෙිවනවිට වැඩිදුර විමර්ශන සඳහා මර්ඩර් කේස්එක CID එකට බාරදීලා ඉවරයි. ඒ හන්දා ඒ කට්ටියත් හෙමින් සීරුවෙ වැඩ පටන්ගෙන තියෙන්නේ. එයාලත් කැමති ඇතිනෙ කෙටි මාර්ගයකින් වැඩේ ඉවර කරන්න. ඒ හන්දා ඒ සිද්ධියට සම්බන්ධ සියලු ලිපි ලේඛන බී වාර්තාවත් සමඟ සීඅයිඩී එකට වාර්තා කරන්න වන විදිහට ඒත්තු ගන්වලා අපි ඊමේල් කරන්න ඕනා. එතකොට එස්සයි කාරයා තමන් සතු සියලුම ලිපි ලේඛන ටිකත් අරගෙන එළියට බහින අතරේ අපි අමාරුවෙන් ගත්ත ඩීඑන්ඒ වාර්තාවත් ඒ ලිපි ලේඛන අතරට ඇතුලත් කරන්න ඕනා. මේ ගැන කිසිම දෙයක් නොදන්නේ රවින්ද්‍ර මේ ලිපි ලේඛන ටිකත් එක්ක සීඅයිඩී එකට වාර්තා කරනවා. අවසානයේ මිනිහා දන්නෙම නැතුව මිනිහගෙ හවුල්කාරයාම නීතිය රැහැනට කොටු වෙන විදිහට වැඩ කටයුතු ඉෂ්ඨ සිද්ධ වෙනවා මේක දැනගන්නා ඇන්ටනී, එස්අයි කාරයා කෙරෙහි කුපිත වෙනවා.


මේ කිසිම දෙයක් නොදන්නා එස් අයි රවින්ද්‍ර කේස් එකට සම්බන්ධ සියලු ලිපි ලේඛන සීඅයිඩී මධ්‍යස්ථානයට ගමන් කරන අතරතුර අපි යනවා මිනිහගේ ගම්පහ පිහිටි නිල නිවාසය වෙත. එහෙම ගිහින් අපේ එන්හවුස් එකේ තියෙන මිහිරාණිගෙ මෘත ශරීරය අධිශීතකරණය පිටින්ම එස්අයි කාරයාගෙ ගේ ඇතුල එක්තරා කාමරයකට දාලා අපි එනවා. එතනින් පිටත් වෙනකොටම සීඅයිඩී එකට දැනුම් දෙනවා මෘත ශරීරය ගම්පහ නිවසේ තියෙනවා කියලා. එතකොට එස් අයි කාරයාගේ වැඩ තහනම් වෙනකොට එහෙන් මෙහෙන් හොයන්න පටන් ගන්නවා ඇන්ටනී කොහෙද කියලා. අවසානයේ ඇන්ටනී හැංගෙනවා එස් අයි කාරයා රහස් පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා. ඊට පස්සේ තමයි ද්වන්ධ සටන පටන් ගන්නේ. මොනම ආකාරයකින් හරි එස්අයි කාරයා එලියට ආවොත් හෝ පහුවෙලා හරි එළියට ආපු ගමන් අපි මෑන්ව උස්සලා ඉවර කරනවා. කොහොමත් ඌට තව වැඩි කාලයක් නැහැ. ඇන්ටනී ගේමක් දෙන්න සෙට් කරා කියලා රාවය යවනවා අපි මෙි කොළඹ දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නෑර. මොකද මෑන් එලියට ආපු ගමන් මෙහෙම ගේමක් සැළසුම් කරේ කවුද කියලා හොයන්න උත්සාහ කරනවා මයි. ආයේ දෙකක් නැහැ.

කොහොමත් ඇන්ටනීට ගැලවීමක් නැහැ. මොකද ඩීඑන්ඒ වාර්තාව හොඳටම ඇති ඇන්ටනීව අත්අඩංගුවට ගන්න. එතකොට ඇන්ටනිය ඇතුලේ. එස්අයි රවින්ද්‍ර පරලොව. එතකොට ඒ ප්‍රශ්නය එතනින් එහෙම ඉවර වෙනකොට ඊළඟ කල්ලියේ නායකත්වය මිල්ටන්ට ලැබෙනවා. මිල්ටන් කියන්නේ අපේ අනියම් ඔත්තුකරුවෙක්. ඊට පස්සේ මිල්ටන්ගේ මාර්ගයෙන් ඇතුලෙ තොරතුරු ටික අරගෙන මහමොලකරු ඇල්ලීමේ ක්‍රියාන්විතය අපි පටන් ගන්නවා. ඒ වනවිටත් මහමොලකරුගේ සියලු විස්තර අපි හොයාගෙන තියෙන්න ඕනා. ඒක අපිට කරන්න පුළුවන්. මොකද මේ වෙද්දින් අපි ප්ලෑන් තුනක් ක්‍රියාත්මක කරලා තියෙනවා මහමොලකරු ඇල්ලීමට ඒ ප්ලෑන් තුනෙන් එකක් අපත් වුණත්, දෙකක් සක්‍රීය තත්ත්වයෙන් තියාගන්න අපිට පුළුවන්. ඒ දෙක සක්‍රීය තත්වයෙන් තියාගත්තා කියන්නේ කොහොමත් මහ මුලකරු අපේ ඇස්වලට පේනවා කියන එක.

**එතකොට සර් රවින්ද්‍රගෙ ලිපිගොනුවට අපි කොහොමද ඩීඑන්ඒ වාර්තාව දාන්නේ..?

හොඳ ප්‍රශ්නයක් අපි ඇතුලේ මිනිහෙකුට අල්ලසක් දෙමු. විශේෂයෙන්ම අපරාධ සම්බන්ධව ලිපි ලේඛන නඩත්තු කරන පොලිස් නිලධාරියාට අපි අල්ලසක් දෙමු. එහෙම දීලා ඒ ලිපිගොනුවට ඩීඑන්ඒ වාර්තාව ඇතුළත් කරලා යවමු. ඒක එච්චරයි. එතකොට අපි පිටකොටුවේ පොලිස් ස්ථානය ආසන්නයේ අපේ ස්පයිඩර් කෙනෙක් යොදවමු. මෑන් එතනින් පිටත් උන ගමන් අපිට සිග්නල් එක ලැබෙයි ඒ වන විට අපි සීහවුස් එකෙන් මිහිරාණිගෙ මෘත ශරීරය අපේ වාහනයකට දාලා තියන්න ඕනා. මෑන් එතනින් පිටත් වෙනකොට සීහවුස් එකෙන් අපේ වාහනය පිටත් වෙන්න ඕන ගම්පහ බලා මෑන් සී අයිඩී එක ඇතුලට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ජංගම දුරකථන ක්‍රියා විරහිත කරන්න ඕනා මොකද ඇතුලේ ජංගම දුරකථන පාවිච්චි කිරීම සපුරා තහනම්. එතකොට ගම්පහ නිවසට ගිහින් මොනවා හරි සිදුවුනත් ඒක එස්අයි රවින්ද්‍රගේ කනේ වැටෙන්නේ නැහැ මොකද දුරකථන ඕෆ් හන්දා. අන්න එහෙමයි කාලයට අනුව වැඩ කරන්නේ. කොහොම වුනත් රවින්ද්‍ර ඇතුලට ගියොත් ආයේ ටික වෙලාවක⁣ට විතරයි එලියට එන්න පුළුවන්. මොකද බඩුත් එක්ක හොරු අහුවෙනවා.

මෘතදේහයක් ඔීන මිනිහෙකුට ආගන්තුක ගෙදරකට දාන්න පුළුවන්. හැබැයි අධිශීතකරණයක දාගෙන ඒක දානවා කියන එක ප්‍රායෝගික නැහැ.

**ඒ වුනාට අපි ප්‍රායෝගිකයි..

ඔව්…

**එහෙනම් මම දැන්ම කියන්නම් ප්‍රොන්ටෝට…

ඔව් දැන්ම කියලා එන්න….

අපි දෙන්නා දැන්ම පිටත්වෙමු කොටුව පොලිස් ස්ථානයට.

*හරි සර්….

යතුරුපැදිය පණගන්වා ඉඳුරාම අප ගමන් ගත්තෙ කොටුව පොලීසිය වෙතය. ඒ වන විටත් අප තම තමන්ගේ ස්වරූපයන් වෙනස් කරගෙන තිබුනේ නැත. පොලිස් ස්ථානයේ ඇතුලට ගොස් අපරාධ අංශයේ පොලිස් නිලධාරී හමුවිය. ඔහු නමින් සැරයන් රාජපක්ෂ විය.


සැරයන් රාජපක්ෂ - ඔය මහත්වරු මොනටද මාව හම්බවෙන්න ආවෙි…?

සර්… අපිට තියෙනවා තොරතුරක් දෙන්න. හැබැයි මෙහෙම, මෙතන බැහැ ඒකට ( වටපිට බලමින් )

සැරයන් රාජපක්ෂ - ඒ කියන්නේ තමුසෙලා ඔත්තුවක් දෙන්නද යන්නෙ.

ඔව සර්…. පුළුවන් ද අපි දෙන්නව හමුවෙන්න . හරියට වැඩෙි පත්තු වුනොත් සර් ඉතින් එස්අයි වෙන එක නවත්වන්න කාටවත්ම බැහැ.
කීයටද සර් ඩියුටි ඔීෆ් වෙන්නේ….?

සැරයන් රාජපක්ෂ - මට පහ හමාරට පුළුවන්…

හොඳයි …. අපි ගෑස් පහ හංන්දියේ
``සීමා හොටෙල් ´´ එකේ ඉන්නවා සර් එනකම්. සර්ට තනියම එන්න බැරිනම් තව කෙනෙක් එක්ක ආවත් කමක් නැහැ.

සැරයන් රාජපක්ෂ - අපෝ බෑ මම තනියම එන්නම් …

හරි සර්…. එහෙනම් අපි කැපුනා…

සැරයන් රාජපක්ෂ - හරි…..

අපි යමු ජාලිය…..

අපි පිටකොටුවෙ කඩයකින් දිවා ආහාරය ගත් පසු නතරවූයේ අප නවාතැන තුලය.

*සර් මෑන් තව එකෙක් එක්ක එයිද….?

නෑ කසුන්… කවදාවත් ම එහෙම වෙන්නෙ නැහැ. මොකද මෑන්ගෙ ටාගට් එක නිල උසස්වීමක්… මෑන් කැමති වෙයිද මෑන්ගෙ උසස්වීම තව එකෙකුට යනවට. කොහොමත් ඒ වැඩෙිට කැමති වෙන්නෙ නැහැ. ඔය කට්ට කාගෙන ඉන්න සාජන්ට් ලා විශ්‍රාම යන්න කලින්
එස්අයි එකක් ඇඳලා යන්න ආසයි. ඉතින් ඒ හන්දා ඒක අපිට වාසිදායක විදිහට යොදාගන්න ඔීන. හරි… අපි පහට මෙහෙන් පිටත් වෙමු. එතකොට අපිට පැයක් තියනවා. හොඳයි එහෙනම් ටිකක් විවෙික ගන්න ….

හවස් යාමය……

සැරයක් රාජපක්ෂ අප හමුවට පැමිණෙනතුරු සීමා හෝටලය තුල රැඳී සිටියෙමු. සුළු මොහොතකට පසු අප අසලට විත් , තම හෙල්මටය ගැලවීය.

හා… සාජන්ට් මහත්තයා එන්න වාඩිවෙන්න…

සැරයන් රාජපක්ෂ - හොඳයි මහත්තයා දැන් කියන්න බලන්න මොකක්ද කේස්එක කියලා ..

සර් එස්අයි රවින්ද්‍ර ගැන මොනවද දන්නෙ…?

සැරයන් රාජපක්ෂ - හුඟක් දේවල් දන්නවා. ඒත් මොකුත් කරන්න බෑ අපිට.
මොකද එහෙම වුනත් මිනිහා ටික දවසකින් එලියට එනවා. ඒ තරම් ලොකු අත්වල බලය තියනවා මිනිහට. මිනිහට DIG ලා හිටං බයයි.

හරි… මම කෙලින්ම පොයින්ට් එකට එන්නම්… මම ලඟ තියනවා මෙි ලඟකදි මිනීමැරුමකට සම්බන්ධ තොරතුරු සඳහන් ලිපියක්. ඒක CID එකට යවන්න ඔීන. මට ඒකට ඔබතුමා අවශ්‍ය නැහැ. නමුත් මෙික එස්අයි රවින්ද්‍ර අතේ CID එකට යවන්න මට ලොකු වුවමනාවක් තියනවා. මොකද මෙි වෙද්දින් ඒ කේස්එකට CID එක අතගහලා තියෙන්නෙ. ඉතින් ඒකට ඔීන ලියකියවිලි අතරෙ මෙිකත් මට යවාගන්න ඔීන මෑන්ගෙ අතේම. මට ඒදේ කරලා දෙන්න පුළුවන් ද…? ඔබතුමාට ඔින උදව්වක් මට කරන්න පුළුවන්. මිළමුදල් වුනත් කමක් නැහැ ….

සැරයන් රාජපක්ෂ - හ්ම්ම්… ඔය කියන්නේ අර මිහිරාණි නර්ස්ගෙ කේස්එක නේද…?

හරියටම හරි… ඒක තමයි…

සැරයන් රාජපක්ෂ - හ්ම්ම්……
(වටපිට බලමින් , දිග සුසුමක් හෙලමින් )
මට දැනගන්න පුළුවන් ද එහෙම කරන්නේ ඇයි කියලා….?

හපොයි පුළුවන් …. මෙික ඉවරයක් කරන්න. වෙන මොකුත් නෙමෙි. කෙලවරක් දකින්නට ඔීන හන්දා.

සැරයන් රාජපක්ෂ - ඒකෙන් වෙන වාසිය මොකක්ද ….?

කාටද….?

සැරයන් රාජපක්ෂ - ඔහෙලට…..

අපිට කියලා පුද්ගලික වාසි නෑ. නමුත් මෙි අපරාධ නැතිකරගන්න ඔීන එච්චරයි. ඇයි.. ඔබතුමා කැමති නැද්ද මෙි අපරාධ
නවතිනවට…

සැරයන් රාජපක්ෂ - මොකද නැත්තෙ. මමත් හරිම කැමතියි. නමුත් කෝ ඒකට ඉඩක්… ?

ඉඩක් අපිට ලැබෙන්නේ නැහැ මහත්තයා.. ඒ ඉඩකඩ අපි හදාගන්න ඔීන.

සැරයන් රාජපක්ෂ - කොහොමද ඒක කරන්නේ ….?

අපිට පුළුවන් ඒක කරන්න… ඒකට මෙි අයගෙ තියෙන සහයෝගිතාවය අපි කඩලා දාන්න ඔීන. එහෙම නැතුව බෑ.

සැරයන් රාජපක්ෂ - කොහොමද ඒක වෙන්නෙ ….?

DNA රිපෝට් එක සනාථ කරනවා. මෙි මර්ඩර් එක කරේ ඇන්ටනී හෙවත් රවින්ද්‍රගේ ලඟම ගෝලයා කියලා. ඊට පස්සේ ඒ තොරතුර CID එකට දීපු හන්දා
මෙි දෙන්නා අතර ගැටුමක් ඇතිවෙනවා.
එකෙන් කොහොම ගියත් මෙි දෙන්නටම වන්සි ගෙවන්න වෙනවා. මොකද ඊට පපස්සේ රවින්ද්‍රට ගේම දෙන්න ඇන්ටනී බලාගෙන ඉන්නවා. ඇන්ටනීගෙන් ගැලවෙන්න රවින්ද්‍ර ගේම් ගහනවා. මේ දෙන්නටම නීතිමය පැත්තෙන් ලේම දෙන්න CID එක කටයුතු කරනවා. එච්චරයි….

සැරයන් රාජපක්ෂ - තමුන්ලා රවින්ද්‍රගේ ගෝලයොත් නෙමෙි නම් , ඇන්ටනීගෙ ගෝලයොත් නෙමෙි නම් , එතකොට කවුද තමුසෙලා…..?

මම සොත්ති උපාලිගෙ අයියා. හැබැයි මල්ලි වාගේ පාතාලයේ වැඩ මම කරන්නේ නෑ. මට ඔීන මේ ගැන්සියම අතුගාලා දාන්න එච්චරයි. මම හදන්නේ මුන්ගෙන් පලිගන්න. ඊට පස්සේ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න පුළුවන්. මම දන්නවා මගෙ එකත් උපාසකයෙක් නෙමෙි. ඌට ඌ කරපු ඒවට ටොපිය ලැබුනා. නමුත් අනිත් එවුන් නිදැල්ලේ. උන්ට ටොපිය දෙන්නේ කවුද..? කවදාද…?

සැරයන් රාජපක්ෂ - මට තේරෙනවා ප්‍රශ්නය… හරි මට දෙනවා මොණරු පනහක්.. මම වැඩෙි කරලා දෙන්නම්.

හරි…. මෙන්න මෙි ලියුම් කවරයේ තියනවා අදාල රිපෝ්ට් එක. එතකොට මේකෙ තියනවා මොණරු තිහක් ඉතුරු විස්ස වැඩෙි කරාට පස්සේ. ඒ වගේම මෑන් ලිපිගොනුව අරගෙන පිටත් වෙනකොටම මට ඒ බව දැනුම් දෙන්න ඔීන. මෙන්න මගෙ නම්බර් එක…

සැරයන් රාජපක්ෂ - හරි… මම මෙික කරලා දෙන්නම් ….

හරි …. එහෙනම් අපි විසිරෙමු…

සැරයන් රාජපක්ෂ - හොඳයි….


මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now