⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 11 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඒ සොයාබැලීමෙන් පසු අපි බලමු මුන්ගෙන් එකෙක් හෝ දෙන්නෙක් අපේ ග්‍රහනයට හසුකර ගන්න ක්‍රමයක් ..

*හොඳයි සර්.

මෙතැන්සිට …

අපි දැන් මෙහෙ හිටියා ඇති. ටික දවසකට නුගේගොඩ ටෙක්ස්ටයිල්ස් එකට යමු. මොකද මට තියනවා මුන්ගෙ මහමොළකරුවා හොයාගන්න කෙටි මාර්ගයක් සැළසුම් කරන්න.

*අපි අදම යමු ද…?

ඔව් කසුන්. අපි අද දහවල් යන්න ඕන. පරක්කු වෙන එක හරිම අවදානම්.

*හොඳයි සර්..

දහවල් කාලයෙදී සී හවුස් එකෙන් පිටත්වූ අපි හවස් වනවිට ඒකක මූලස්ථානය වෙත පැමිණියා. මෙතෙක් යාල වනෝද්‍යානය තුල මුහුණපෑ සියළු සිදුවීම් හා අත්දුටු දේවල් සවිස්තරාත්මකව විස්තර කල අතර , රහස් සන්නිවේදන ක්‍රමය හරහා මාගේ වවිස්තරාත්මක කථනයට උකුස්සා (ආරක්ෂක ලේකම් ) ද සවන් දුන්නේ ඉතාමත් උනන්දුවෙන්ය.

DH (Dark Head ) එතකොට අපි දැන් කරන්න ඕන මහමොළකරුවා හොයාගන්න එකද මාධව …?

ඔව් සර්. මෑන්ව හොයාගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. මොකද
අපිට අපේ ෂැඩෝව් ටීම් එකක් බස්සලා මෙික නවත්වන්න පුළුවන් වුනාම කියමුකො ඔය පැරා ආමි එකටත් ගහලා.
ඒත් ඊට පස්සේ මීට වඩා හොඳ⁣ට සැළසුම් කරලා මෙි වැඩෙි කරන්න ඉඩ තියෙනවා.
ඒක මට ඉරහඳ වගේ විශ්වාසයි. ඒ හන්දා මෑන්ව හොයාගෙන පලමුවෙන්ම කරන්න ඕන ඉවරකරලා දාන එක තමයි.
ඒකත් රහසේම කරන්න ඕන. කලින් මිෂන් එකේ වගේ මහමොළකරුවා අවසානෙට ඉවරකරලා හරියන්නේ නැහැ.
මෙිකෙදී තත්වය බොහොම වෙනස්. අණදෙන්නා සහ සැළසුම්කරුවා ඉවර කරලා දාලා , එදාම රහසිගත ප්‍රහාරයකින් ඔය පැරා මිලිටරි එකත් නිහඬ කරලා. වෛරස් එක විනාශ කරන්න තමයි තියෙන්නෙ. නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අපිට ලොකු අවාසි ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මම හිතන විදිහට.

උකුස්සා - ඔව් … මම හිතන්නේ මාධව හරි DH. ඒක තමයි හොඳම ක්‍රමය. එතකොට ඔය කියන සංවිධානය රහසිගතව පටන්ගත්ත දේ අපි රහසිගතව ඉවර කරා. එච්චරයි.

DH - ඔව් සර්. අපි එහෙම කරමු එහෙනම්.

උකුස්සා - මාධව හරි. ඒ විදිහට කරගෙන යන්න. ඔන්න මගෙන් ඕඩර්ස් ලැබුනා තමුන්ට. කරන්න පුළුවන් හොඳම දේ රහසිගතව කරලා දාන්න එච්චරයි. හැබැයි තත්ව වාර්තා ටික මට ලැබෙන්න සලස්වන්න ඕන. වෙන මොකුත් තියනවද
මට කියන්න.

ඔව් සර්…

උකුස්සා - ඒ මොකක්ද …?

සර් මට බොහොම ඉක්මනටම ඕන කරනවා. සුපිරි පරිඝණකයක් වුනත් ටික කාලයකට හෝ ව්‍යාකූලත්වයට පත්කරන්න පුළුවන් ජාතියේ වෛරස් එකක්.

උකුස්සා - හොඳයි. මට තේරෙනවා. මම ඒක ඒක පෙන්ඩ්‍රයිවර් එකක දාලා එවන්න ලෑස්ති කරන්නම් ඉක්මනටම

බොහොම ස්තුතියි සර්….

උකුස්සා - හරි… එහෙනම් ජයවේවා.
කියමින් ඇමතුම විසන්ධි කර සංවාදය අවසන් විය.

DH - ඒ මොකටද මාධව එහෙම එකක්…? පද්ධතියක් හැක් කරන්නද..?

සර්. එහෙම දෙයක්ම මත් නෙමෙි සර්.
හැකින් එකට වෛරස් එකක් මට ඕන නැහැ. නමුත් මට දෙයක් පිලිබඳව ඉව වැටිලා තියෙන්නෙ. නමුත් මට දැන්ම ඒ ගැන කියන්න බැහැ. මොකද මම මගේ සමහර අනුමාන කලින් විස්තර කරන්න කැමති නැහැ .

DH - මට තේරෙනවා. හරි හරි.. වෙලාව ආපුහම මට කියන්න ඒ ගැන.

හරි සර්. එතකොට මම දවස් කීපයක් ටෙක්ස්ටයිල්ස් එකේ ඉන්නවා. මට තියනවා වැඩ ටිකක් මෙහෙ කරන්න.

DH - ok no problem. Plz take ur time.

Can i leave now …?

DH - sure මාධව ..

ස්තුතියි සර්… යමු කසුන්.

අඩ හෝරාවකට පසු අප සිටියේ මදීනා ටෙක්ස්ටයිල්ස් තුලය.

**හා… මැනේජර් මහත්තයා.

හා සුපුන් මහත්තයා කොහොමද ඉතින්.
එන්නකො මගෙ කැබින් එකට පොඩ්ඩකට..

**යමු සර්.

තිදෙනාම මගේ කාර්යාලයට ඇතුල් වුනෙමු.

වාඩිවෙන්න නියමයි ජනිත්.

**සර් ඉතින් කියමු බලන්න මොනවද අපි කරන්න ඔීන කියලා.

හ්ම්ම් වැදගත් ප්‍රශ්නයක්. මම යනවා පැල්මඩුල්ලෙ පැත්තට. අර ගිලන්රථය ගැන හොයලා බලන්න. ඒ වගේම ඒ වාහනය හසුරවන කට්ටිය මොනවගේද කියලා බලාගන්න වගේම , උන්ව නම්මාගන්න මොනවද කරන්න පුළුවන් කියලා බලාගන්නත් ඕන.

*හොඳයි … එතකොට අපි දෙන්නා මොකද කරන්න ඕන…?

ඔව්.. මම උන් දෙන්නා තුන්දෙනා ගැන ඇහැගහගෙන ඉනඉන්නකොට , ඔයාලා දෙන්නා මං ගැන ඇහැගහගෙන ඉන්න ඕන.

**සර් ගැන …? ඒ මොකටද..? ඒක හරිම විහිළුවක් තමයි..

ඔව් නියෝජිත ජනිත්. ඒක විහිළුවක් වගේ තමයි පේන්නෙ. නමුත් ඒක එාහම විය යුතුයි. මට මම ගැන බලාගන්න පුළුවන් බව ඇත්ත. නමුත් මම ගැන බාහිරින් තව කීදෙනෙක් ඇස යොමාගෙන ඉන්නවද කියලා තමයි ඔයාලා දෙන්නා බලන්න ඔීන. මොකද මම යන්නෙ හිගන්නෙක් විදිහට. උන් හිඟන්නන්ට හරි කැමතියි. එතකොට මාව අතුරුදහන් කරන්න කට්ටියක් මාන බලන්න පුළුවන්. අන්න ඒ මාන බලන එවුන් ගැන වෙනම කෝණයකින් බලාගෙන ඉඳලා උන්ටික
හඹායන එක තමයි ඔය දෙන්නා කරන්න ඔීන. මොකද මට මෙි සංවිධානයේ වැඩි පිරිසක් කෙරෙහි අවධානය යොමුකරන්න වෙනවා.

*හරි සර්. එතකොට මොකක්ද සැළසුම…?

හරිම සරළයි. මාව අපේ වාහනයේ අර පැල්මඩුල්ලෙ තැනට ආසන්නයෙන් දාන්න. මම ඉතුරුටික පයින් ගිහින් උන්ගෙ තැනටම යන්නම්. ගිහින් උන්ට
අතපාන්නම්. බැරි වෙලාවත් මාව සිහිනැති කරන්න උත්සාහ කරොත් ඒකට ඉඩදීලා බලාගෙන ඉන්න. ඊට පස්සේ මාව ඔය කියන ඇම්බියුලන්ස් එකේ දාගෙන ගියොත් ඒ වාහනයේ පසුපස යන්න. එහෙම ගිහින් උන් වෙන රහසිගත තැනක නවත්වන්න ඕන. අන්න ඒ තැන බලාගන්න විතරයි ඕන. කිසිම ඇක්ෂන් එකක් ගන්න එපා. මම ඇතුලෙ කරන්න ඕන දේ කරන්නම්. මම මොන නම්බර් එකකින් හරි කතා කරොත් ඇතුලට එන්න.

**එතකොට අපි යන්න ඕන සන්නද්ධව නේද..?

අනිවාර්යයෙන්ම.. ආයුධ කලින් වගේම සයිලන්ස් ඒවා වෙන්න ඕන. ඇත්තටම මට සිහිය නැතිවෙන්නෙ නැහැ. උන්ට සිහිය නැතිවුණා වගේ රඟපානවා විතරයි. තවමත් උන්ගෙ තැන ගැන විස්තර මගෙ ෆෝන් එකට එනවා. මොකද තවම ඒ ජීපීඑස් එක වැඩ. වාහයේ යට පැත්තෙ ඇලවෙලා හන්දා උන් දන්නෙ නැහැ තවම. ඒක අපිට අමතර වාසියක්. මම වෑන් එකෙන් බහිනකොට මගෙ ෆෝන්එක ඔයාලට දෙන්නම්. එතකොට මගහැරලා යන්න උන්ට ලැබෙන්නේ නැහැ. ඒක මට ස්ථීරයි.

*සර් කියන්නේ උන් අනිවාර්යයෙන්ම සර්ව පැහැරගන්නවා කියලද…?

ඔව්.. උන්ට දැඩි අවශ්‍යතාවයක් තියනවා.
මොකද එක හොදටම තහවුරු වෙනවා. අර වඳුරා අරගෙන ගිය එකෙන්. උන්ට තිබුන සතාව මරලාදාලා පුච්චලා යන්න. නමුත් උන් එහෙම නොකරෙ ඇයි..?

**ඒකට හේතුව උන්ට අත්හදාබැලීම් වලට ශරීරයන් වල අවශ්‍යතාවය තදින්ම දැනෙන හන්දා.

හරියටම හරි නියෝජිත ජනිත්…

ඒ හන්දා කෝකටත් සූදානම් පිට ගේමට බහිනඑක අපිට ගුණදායකයි.

*බැරිවෙලාවත් උන් යාල කැලේටම සර්ව අරගෙන ගියොත් …?

ඉතින් හොඳයි නෙ. කියලවත් කරගන්න බැරි වැඩක් නෙ ඒක. නමුත් මව එහෙම හිතන්නේ නැහැ. උන්ට ඕඩරේ ලැබෙන්න ඕන.

**සර් කියන්නේ උන් වැඩි මුදලකට හිඟන්නන් වගේ අසඅසරණයින් විකුණනවා කියලද..?

හරියටම හරි. ඔය තේරුනෙ. ඒක තමයි සිද්ධාන්තය. හරි… අපි බලමු හෙට උදේ මොකද වෙන්නෙ කියලා. අපි මෙට උදෙන්ම ගේමට බහින්න ඕන.

**හරි සර්….

පසුදා ….


පෙරදින රාත්‍රියේ කැඳ වතුරෙන් වැවුන හිසකෙස් සහිත බොරු කොණ්ඩය තෙමාගෙන, පරණ ඉරුණු බැනියමක් හා සරමක් ද ඇඳගෙන, බුලත්විටක් කටෙි දමාගෙන ටෙක්ස්ටයිල්ස් ගොඩනැගිල්ලෙ පෑල දොරෙන් එලියට එනවිට

**සුභ උදෑසනක් වේවා සර්….
සුභ උදෑසනක් වේවා දෙන්නටම…

*හපොයි සර් ලඟ එන කුණු කරවල ගඳ…

හහ් හහ් එහෙම කියන්න එපා කොලුවො.. හිඟන්නන්ට සර් කියන රටක් මෙික පුතා. හිඟන්නන් සේරම ටික පාර්ලිමේන්තුවට දක්කලා , දැන් රටෙි උදවිය හිඟා කනවා. හිඟන්නො ටික ජාත්‍යන්තර බැංකුව වල සල්ලි දාගෙන ඉන්නෙ රටට ගේන හාල් ඇටයෙන් , සීනි ඇටයෙන් පවා කොමිස් ගහලා. හරි අපි යමු කොල්ලනේ. පැල්මඩුල්ල නගරයට යාබදව අප වෑන්රිය නවත්වන ලදි. වෑන්රියෙන් බැසගත් මා දුරකථනය කසුන්ට දී ජීපීඑස් යන්ත්‍රයෙන් දෙන සංඥ්ඥා අනුගමනය කරන මෙන් උපදෙස් දී , එතනින් නික්ම ගියේ දෙවන ඩාලින්ටන් පටුමගේ තුන්වන ගෙදර වෙතය. මා එහි යන විටත් තවම ගිලන්රථය දක්නට ලැබුනි.

කවුද ඉන්නෙ … ( දුර්වල හඬින් ) කොල්ලනේ කවුද ඉන්නෙ මෙි ගෙදර.
මාව හොස්පිටල් දාන්න අයියෝ. කියමින් මොරදෙන්නට වුනෙමි. මද වෙලාවකට පසු සම වයසේ කිවහැකි තරුණයින් දෙදෙනෙක් ඉදිරිපස දොර විවෘත කරගෙන ඉදිරියට එන ලදි.

*මොකද අංකල් බෙරිහන් දෙන්නෙ…

**අප්පටසිරි ගජ හිඟන්නෙක් නේද..?
කන්න පින තියෙනවා නම්, ඉබ්බා තුනපහ මිරිස් ටිකත් බැඳගෙනම ගෙට එනවලු..

මොන තුනපහද කොලුවො. ⁣කොහොමත් මගෙ තුන දැන් පහවෙලා තියෙන්නෙ. මාව හොස්පිටල් දාන්න අයියෝ..

*හරි හරි අංකල්. දැන් අපිට කියන්න මොකක්ද අංකල්ට තියෙ ලෙඩෙි කියලා.

මගෙ මුළු සර්වාංගෙම රිදෙනවා කොලුවො.. මම මෙි ඇම්බියුලන්ස් එක දැකලා ආවෙ කියමින් මා කෙදිරි ගාන්නට විමි.

*හරි හරි අපි දාන්නම් රෝහලකට. නගින්න නගින්න කියමින් ගිලන්රථයේ
හරස් දොර අරින්නට විය. මෙි සිදුවීම ඈත තියා මාගෙ සහයකයින් දෙදෙනා බලා සිටින්නට විය.

සුළු මොතක දෙසෙනාගෙ කසුකුසුව නිමාවෙන්නට වූයේ මාගෙ කරදරකාරි කෙදිරිල්ල හේතුවෙනි.

**හරි හරි යමු අංකල් කියමින් ගිලන්රථය රථ ගාලෙන් පසුපසට ධාවනයකර, නිවාස පරිශ්‍රයෙන් ඔබ්බට ධාවනය කරන්නට විය. සුදු පැහැදිලි රෝහල් සේවක ඇඳුමෙන් සැරසුනු දෙදෙනාගෙන් එක් අයෙකු මා අසලට විත්.

* අංකල් මෙි පෙත්ත බොන්න ඉක්මනට වෙිදනාව අඩුවෙයි. ටිකක් නින්දත් යයි. ගණන් ගන්න එපා.

හොඳමයි කොලුවො කියමින් එක හුස්මට
බෙහෙත් පෙත්ත අරගෙන කටට දමාගෙන එය දිව අස්සේ රඳවාගෙන
එය ගිල්ලාක් මෙන් මා රඟ දැක්වුවෙමි.
එය විශ්වාස කෙරු ඔහු නැවත ඉදිරිපසට යනවිට මෙතෙක වෙලා වැතිර සිටි මම
පහතට නැමී රහසේම කහින මුවාවෙන්
බෙහෙත් පෙත්ත බිමට දැමුවෙමි. තදබල තිත්ත රසක් දැනුනද , එය දරාගෙන සිටියෙමි. මද වෙලාවනට පසු නින්ද ගියාක් මෙන් ඇස්දෙක පියාගෙන වටපිටාවෙන් ඇසෙන ශබ්ද කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ආසන්නතා සංවෙිදි දැහැනට සමවැදුනෙමි.

හෝරා දෙකන් පමණ ගතවෙන්නට ඇත.
යමිකිසි නිශ්චල පෙදෙසකට ගිලන්රථය ධාවනයකර අවසානයේ කිසිදු ශබ්දයක් නෑසෙන තැනක නවත්වන ලදි. සිහිසුන්ව
සිටින මාව තව දෙදෙනෙක් ඔසවාගෙන යන බවක් දැනෙන්නට විය. නමුත් මා මෙි දක්වාම ඇස්පියන් හරින්නට වගබලා නොගත්තෙ. ගමනාන්තය තවම හමාර නොවූ බැව් වැටහුන නිසාවෙනි.

*තියපං ඔය උන්දව ඔය ඇ⁣ඳෙන්
එකෙකු උස් හඬින් පවසන ශබ්දය ඇසුනි.

**දැන් මොකද කරන්නේ …?

*මොනවා කරන්න ද.. ලක්ෂයකට තමයි දෙන්න වෙන්නෙ. ඊට එහා බෑ ඉතින් මුන්දගෙ වයස එක්ක බලපුවාම..

**දැන් නැගිටියිද…?

*පිස්සු බං… මූ නැගිටිනවා බොරු තව පැය තුනකටවත්. තව පැය දෙකකින් විතර නින්ද යන්න ආයෙත් ඉන්ජෙක්ෂන් එකක් ගහලා දාපං. කොහොමත් අපිට රෑ තමයි යන්න වෙන්නෙ.

**හෑහ් යාලටම යන්න වෙනවද…?

*නැතුව ඉතින්. යාලෙ කිට්ටුවෙිදි ගණුදෙනු පියවලා භාරදීලා එමු. එච්චරයි.

කථාබහ අතරතුර අවට සවන්දෙන විට
ඇසුන ශබ්දයන් අනුව මෙය තවත් නිවසක් බවත් , එහි තවත් කීප දෙනෙක් රැඳී සිටින බවක් දැනුනි. තරමක ශබ්දයෙන් යුතුව රූපවාහිනීය දමා ඇති බවත් පැහැදිලිය. ඊලඟ නිදි බෙහෙත එන්නත් කිරීමට ආ පසු ඔවුන් දෙදෙනාට පහරදී බිම දමා. අනිත් සගයින්ටද පහරදී බිම දැමිය යුතුය. ඉන්පසු මෙතන ඉන්න කීප දෙනෙක් ප්‍රාණ ඇපයට තබාගෙන.
යාල යන ගමන සිහියෙන් යුතුව යායුතුයි.
එසේනම් ඊලඟ පියවර තරමක ප්‍රචන්ඩකාරිව කටයුතු කල යුතුයි.


මතු සම්බන්ධයි……





Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now