⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 48 වන දිගහැරුම ⸎

``අවදානමෙන් ගැලවීම ´´
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

`` තුජේහ්හ්හ්හ්හ් ´´ හඬ නංවමින් ඔහුගේ නළල පසාරුකරගෙන ගිය උණ්ඩය පිටුපස කුඩා මොළය පසුකර ලේ පාරක් විදමින් එලියට විසිවිය..

මෙතැන් සිට……

**සර් මෑන් ඩවුන් …..

හ්ම්ම්…

දැන් මොකද කරන්නේ….

මොනවා කරන්නද… අරගෙන යමු…

**මගින් දාලා යමුද….?

එහෙම කරන්න හිතන්නවත් එපා…

** ඇයි සර්… ?

මහත්වරුනි …. අතුරුදහන් කියන්නේ
අතුරුදහන්වීමට. නැතුව මළ සිරුර පසුව හමුවෙන එකට නෙමෙයි. ශාන්තට මොකද වුනේ කියලා උන්ට ප්‍රශ්නාර්ථයක් මතුවනතුරු, ඒකට පැහැදිලි වූත් , ස්ථිර වූත් පිලිතුරක් නොලැබෙන තෙක්, මෙි ප්‍රශ්නය පස්සේ උන් යනවා. එහෙම වටෙි ගියොත් තමයි අපිට ඒක වාසිදායක වෙන්නෙ. තව දවස් දෙකක් යනකොට තමයි ශාන්ත කෝ කියලා හොයන්න පටන් ගන්නෙ. ඒ හන්දා මෙි මරණය උන්ට සදාතනික අභිරහසක් ම පමණක් වුනාවෙ.

*සර් එතකොට මෙිකට මොකද කරන්නේ..?

හ්ම්ම්… අපි මෙයාව රැගෙන යමු බොරැල්ල පොදු සුසාන භූමියට. එතන අදාහනාගාරයේ ඉන්නවා මන් දන්න මෑන් කෙනෙක්. ගාණක් දීලා මෙික ඉවරයක්ම කරලා දාමු.

*නියමයි සර්…

**කතාව ඇත්ත … අතුරුදහන් නම් ඉතින් ඒක අතුරුදහන්ම වෙන්න ඔීන ප්‍රායෝගිකවම…

හ්ම්ම්… තව දෙයක් අවුරුදු ගණනාවක්
උන්ට වැඩ කරපු ශාන්ත දන්නෙත් නැහැ මෙික රන් කරන මහඑකා කවුද කියලා.
එතකොට හිතපා බලන්න මූ කොහොම එකෙක් වෙන්න ඇද්ද… ? මෙිවනවිට මෑන්ව ගවේෂණය කරන්න ආපු කීදෙනෙක් ව මරලා අතුරුදහන් කරන්න ඇද්ද… ?

*ඔව් සර්… බොහෝදුරට අපි කියපු දේවල් අනුව ඌ අවසාන මොහොතේ අපිට කියන්න තිබ්බා. මහඑකා කවුද කියලා. නමුත් අපි දන්නවට වඩා වැඩි යමක් මූත් උන් ගැන දැනගෙන ඉදලා නැහැ. මටත් හිතෙන විදිහට.

ඒක තමයි… මුන්ගෙ ජාලයම ටික කාලයකට එලියට එන්න බැරිවෙන්න
නිහඬ කරලා දාන්න ඔීන. එතකොට මහඑකා එක්තැන් වෙයි. නැත්නම් අපිව හොයන්න කරලියට බහියි. ඒ දෙකෙන් මොකක් වුනත් අපිට වාසියි. මෑන් නිහඬව හිටියොත් අපි ඌව හොයාගෙන යනවා. මෑන් එලියට බැස්සොත් ඌ අපිව හොයාගෙන එනවා. කොහොම ආවත් එකයි අපිට. එච්චරයි ….

*අපි ඌව හොයාගෙන යමු….

ඔව් ඒක කරන්න නම් සෙනසුරාදා ඒ කියන්නේ හෙට මුන් ඉස්සො උයලා අරගෙන යන්න එනවද කියලා බලාගන්න වෙනවා. එහෙම ආවා කියන්නේ රෑට අපි ෆාම්හවුස් එකට පනින්න ඔීන.

**එහෙම නාවොත්….?

ඒ කියන්නේ මෑන් ෆාම්හවුස් එකට ආවෙ නැහැ. නැත්නම් එන්නෙ නැහැ කියන එක.

*අපිට ටිකක් ඉවසලා ඉන්න වෙනවා…

ඔව්… මහත්වරුනි …. හරි. අපි එහෙනම් මෙතනින් පිටත්වෙමු මෙි කුණුගොඩත් අරගෙන.

සැළසුම් කරගත් පරිදි බොරැල්ල ආදාහනාගාරයේදී මෘතදේහය පුළුස්සා දැමුවෙමු. නැවත වෑන්රියට ගොඩවූ අප තිදෙනා ටෙක්ස්ටයිල්ස් වෙත එන ගමනේදී ඊලඟට කලයුතු දේ ගැන කතිකා කර ගත්තෙමු.

කසුන්… ගිය ගමන් ජැගුවරා එක ගන්න
මාස්ක් දාගෙන , ෆුල්ෆේස් හෙල්මට් දාගෙන යමු ඊලග දඩයමට….

*හරි සර්…

**එතකොට මම….?

නියෝජිත ජනිත්… ඔයා ටිකක් විවේක ගන්න.. අපි යනවා. ඔය පණිවිඩකරුවන් දෙන්නව ටිකක් හමුවෙලා එන්න….

**හරි හරි සර්….

හෝරාවකට පසු ….

ජැගුවරා යතුරුපැදියට නැග ඉඳුරාම ගමන් ගත්තෙ හෝටන් පෙදෙස පිහිටි
ටයිගර්ස් කණ්ඩායමට අයත්. ශාන්තගේ
පණිවිඩකරුවන් සොයා ය. හෝටන් පෙදෙසට ආ අප දෙදෙනා පෙර දිනකදී ස්පයිඩර්ස්ලගෙන් ලැබුනු තොරතුරු අනුව මහමගින් වෙන්වී පටුමඟක රැඳී සිටියේ ඔවුන් සිය නවාතැන වෙන එනතුරුය.

නාරද…

*සර්…. අර ඉන්නෙ බඩු තමයි… කියමින් ඈත සිට යතුරුපැදියෙන් හෙමින් එන දෙදෙනා දෙසට ඇඟිල්ල දිගුකර පෙන්වුයෙමි.

රයිට් …. මම දෙන්නටම ෂොට් කරන්නම්. කිසිම මොහොතක බයික් එක ස්ලෝව් කරන්න එපා…. රයිට් අපි යමු. මෙතෙක් වෙලා මාගේ කබාය අස්සේ සඟවාගෙන සිටි UZI 62 වර්ගයේ ස්වංක්‍රීය කුඩා අවිය ඔවුන් දෙදෙනාව මුහුණට මුහුණ හමුවෙනවාත් සමග සේෆ්ටි ලිවරය පහලට දමා දකුණු අතින් දෙදෙනාටම ඉලක්ක කර වෙඩි තැබුවෙමි. වෙඩි උණ්ඩ එකින් එක ඔවුන්ගෙ පපු පෙදෙසවල් පසාරු කරගෙන යද්දී යතුරුපැදිය සමග
ඇද වැටුනේ දෙදෙනාගෙම ප්‍රාණය නිරුද්ධවය. ඔවුන් පසුකරනවාත් සමග
නො. 36 අත් බෝම්බක් ද පින්එක ගලවා ඇද වැටුන ඔවුන් දෙදෙනාගේ හිස අසලට විසිකර `` පෝඩා..පෝඩා ´´
යනුවෙන් කෑ ගැසුවෙමි. එවිට තම සහයකයා යතුරුපැදියේ ඇක්ස්ලේටරය මිරිකා වෙිගය උපරිම කර , ඉදිරිපස රෝදය උස්සගෙන අඩි දහයක් පමණ ගොස්. වෙිගයෙන් මා කැටුව යන්නට විය.

කිලෝමීටර් කීපයක් ගෙවාදමා…
ප්‍රධාන මාර්ගයෙන් අතුරුපාරක් හරහා ගොස් වැල්ලවත්තට සේන්දුවී. එතනින් මුහුදු වෙරලේ ජනශුන්‍ය තැනක යතුරුපැදිය නවත්වාදමා , නම්බර් තහඩු මාරු කෙරුවෙමි. ඉන්පසු තම සහයකයා විසින් ඊට අයත් බලපත්‍ර පමණක් ලඟ තබාගෙන , අප ඇඳගෙන සිටි ජැකට් හා ඉතුරු ව්‍යාජ අංක තහඩුවට අයත් ලියකියවිලි සියල්ල ගිණිබත්කර දමා. රැගෙන ආ UZI අවිය මුහුදට විසිකර දමා.
නැවත මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත ආවෙමු. මගදී රථවාහන පොලීසිය අප දෙදෙනාව නවත්වා පරීක්ෂා කලද, තම අනන්‍යතාවය ඔප්පු කිරීමට හැකිවුණු බැවින් නිරුපද්‍රිතව ඒමට හැකිවිය.

**සර් වැඩෙි හරි…..

කොහොමද දැනගත්තේ….

**දැන් හදිසි ප්‍රවෘත්ති වලට කිවිවා හෝටන් පෙදෙසේ දෙන්නෙක් මරුට කියලා.

කොහොමද ප්‍රවෘත්තිය විග්‍රහ කරේ මට පොඩ්ඩක් කියන්න ඒ ගැන ජනිත් මහත්තයා…

**ලොකු දෙයක් නැහැ.. නන්නාඳුනන තුවක්කුව කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් තවත් පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු මරුට. මෑතක සිට පාතාල කල්ලි දෙකක් අතර වෙඩිතැබීම් , ගැටුම් ඇතිවී තියෙනවා කිව්වා. ඒ වගේම පරණ කෝන්තර පිරිමහගන්න කරන ඝාතන කියලා තමයි පොලීසිය සැක කරන්නේ.

හ්ම්ම්… මිනිස් ඝාතන නෙමෙි. මෙි ලෝකෙ කිසිම ඝාතනයක් හරි කියලා අනුමත කරන්න බැහැ. නමුත් මුන් තවදුරටත් ජීවත්ව ඉන්නවා කියන්නේ
සාමාන්‍ය ජනතාවට වදයක්. හදන්න බැරි එවුන් එලොව යවන්නම වෙනවා. එච්චරයි… නැත්නම් මෙික නවත්වන්න බැරි වෙනවා.

*දැන් වැඩෙි පත්තු වෙලා තියෙන්නෙ…

ඔව්… දැන් මෙි සිද්ධියත් එක්ක මහමොළකරුවා නයිට් ක්ලබ් වල මීටින් තියන්නේ නැහැ. සතියකට දෙකකට හැංගිලා ඉන්නවා. අද රෑ එනවා නම් එන්නේ අනිත් එවුන් ටික විතරයි.
මොකද දැන් උන්ටික හොයනවා කවුද මෙි අළුත් හතුරා නැත්නම් පරණ හතුරා කියලා. කෝකටත් අපේ ස්පයිඩර්ස්ලට පරිස්සමෙන් ඉන්න කියන්න. අනවශ්‍ය තැන්වල ගැවසෙන්න එපා කියන්න. ඒ වගේම රාජකාරියෙන් නිදහස්වෙලා. පාඩුවෙ ඉන්න කියන්න. මම එතනදී දෙමළෙන් `` පෝඩා පෝඩා ´´ කියලා කෑ ගැහැව්වෙත් බලාගෙන ඉන්න එවුන්ව ව්‍යාකූලත්වයට පත්කරලා දාන්න. එතකොට අවට අය කටඋත්තර දෙන්නෙත් ඒ ආපු අය දෙමළ භාෂාවෙන් කතා කරා කියලනේ. එතකොට පොලීසියේ ඍජු සැකය එල්ල වෙන්නෙ සිංහල අය⁣ට නෙමෙි. එතකොට උන් වැඩිපුර තොරතුරු හොයන්න දෙමළ පිරිමි ගැන. සිංහල අය ගැන අවධානය නැතුවාම නෙමෙි. නමුත් වැඩි අවධානය දෙමළ අය ගැන. අන්න ඒක අපිට තවදුරටත් විශේෂ වාසියක් වෙනවා.

**හරි සර්… මම කියන්නම් ප්‍රොන්ටෝ ට.
හැමෝම දැනුවත් කරන්න කියලා.

ඔව්…. දැන් ක්‍රියාකාරි වෙන්නෙ අපි ටික විතරයි. අනවශ්‍ය චලන එපා. සාජන්ට් රාජපක්ෂගේ ඉතුරු ගතමන්ට් එක මම
මෑන්ගෙ ගිණුමට බැර කලා. එතකොට අද රෑ.. නියෝජිත ජනිත් , කසුන් සහ මම බ්ලූමැන්ඩල් නයිට් ක්ලබ් එකට යන්න ඔීන. එහෙම කිව්වට අපි ඇතුලට යන්නෙ නෑ. අපිට ඇතුලට ගිහින් වැඩෙි කරන්න බැහැ. ඒ මොකද ඉන්න පිරිස වැඩියි… හොයාගන්න අමාරුයි. එලියෙ රැකලා ඉඳලා ඒ දෙන්නටත් ගස්සලා එමු. උන්ගෙ තැන් තැන්වල ඉන්න එවුන් ටික එක එකා නැතිකරලා දාන්න ඔීන..
නැත්නම් මම කලින් කිව්වා වගේ වෛද්‍යවරුන් කීපයකගේ ජීවිත අවදානමෙි තියෙන්නෙ … ඒකයි අද නයිට් ක්ලබ් එකෙන් පණිවිඩ ගේන එවුන් දෙන්නටත් ෂොට්එක දුන්නෙ.

මහත්වරුනි මම මීට මාසයකට කලින් විතර කිව්වා මතක ඇති මෙි කල්ලියම ඉවරකරනවා කියලා. නමුත් අපිට එහෙම කරන්න වුවමනාවක් නැහැ. මොකද මෙිකෙ තද පොරවල් ටික විතරයි අපි ඉවර කරන්න ඔීන…

*ඇයි ඒ සර්…

ඔව්… මම ඒ තීරණය වෙනස් කරා. මොකද ඔය ගැන්සියේ ඉන්නවා වෙනත් ටීම් එකක දෙන්නෙක්. ඒ දෙන්නා ගැන්සියේ සැලකිවයුතු කාලයක් තිස්සේ ඉන්නෙ උන්ගේ විශ්වාසය දිනාගෙන යන්න පුළුවන් ඉහලටම යන්න. මතකයිද මිල්ටන් කිව්වා.. උන්ව හඹා ගියපු රහස් නියෝජිතයින් කීප දෙනෙක් මෝරුන්ගේ ආහාරය වෙලා තියනවා කියලා. ඒකෙ තේරුම මෙි ටීම් එක අපි වගේ නෙමෙි. අවුරුදු ගණනාවක් තිස්සේ මෙි මහමොළකරුවා හොයනවා. විවිධ ක්‍රම උපායමාර්ග යොදාගෙන. නමුත් එයාලගේ එක එක අත්හදාබැලීම් හන්දා එයාලට වටිනා නියෝජිතයින් කීප දෙනෙක් අහිමි⁣ව ගිය හන්දා . උන්ගෙ ගැන්සිය ඇතුලට කිඳා බැහැලා තමන්ගෙ ටාගට් එකට යන්න තමයි සැළසුම් කරලා තියෙන්නෙ.

**ඒ දෙන්නා තමයි සේපාලිකා සහ මිල්ටන්…

ඔව් මහත්වරුනි …. ඒක තමයි මම පෙරේදා කිව්වෙ. මෙයාලා වෙනත් අපි වගේම සංවිධානයක කට්ටිය. නමුත් අපි තරම් වෙිගයෙන් කටයුතු කරන්නේ නැති උදවිය. හැබැයි මෙි දෙන්නා දන්නවා එයාලට වඩා අපි වෙිගවත් කියලා.
ඒකයි එයාලා අපිට නිවැරදි තොරතුරු දෙන්නෙ. නමුත් එයාලා , එයාලගෙ රහස්‍යභාවය රකිනවා වගේම , අපි අපේ රහස්‍යභාවය රකිනවා. අර කොන්දගෙ රුපියල වගේ තමයි. දෙන්නම දන්නවා නමුත් එකෙක් ඉල්ලන්නෙ නැහැ . අනිකා දෙන්නෙ නැහැ. අනික ඒ දෙන්නා දන්නවා
මෙි ඝාතන ටික කරේ අපි කියලා. ඒක ඒ සංවිධානයේ අණදෙන්නන් පවා දන්නවා ඇති. නමුත් අපි කවුද කින්ද මන්ද කියලා හොයන එක එයාලට වැඩක් නැහැ. මොකද ටීම් දෙකේම ටාගට් එක එකාම හන්දා.

**එතකොට අපි තුන් දෙනාම කොහොමද වැඩෙි කරන්නේ…

හරි හරි… ඉන්න මම සැළසුම කියන්නම්.
මහත්වරුනි. වාහන එකක් කළුතර යනබව ඇත්ත. ඒ තමයි අපේ ප්‍රධාන ටාගට් එක. නමුත් ඉතුරු වාහන දෙක
මොන පාරෙද යන්නෙ… ? අපේ සිතියම අනුව කොහුවල හරහා කළුතර යනවා නම් , අනිත් දෙක කිලෝමීටර් එකක් ඇතුලට තමන්ගෙ මාර්ගය වෙනස් කරනවා. ඒකයි එදා ඔය දෙන්නට ඒ වාහන දෙක දකින්නට නොලැබුනේ.
එදා ආපු ෂැඩෝව්ස්ලා හරියටම තිතට
අපිට තොරතුරු ටික දුන්නා. නමුත් මම සැළසුම් කරපු විදිහට ඔය කිලෝමීටරයක්
තුල අතුරු පාරවල් කොපමණ තිබුනත් ඒ හැම එකක්ම පාහේ අවසන් වෙන්නෙ පුද්ගලික පාරකට. ඒ කියන්නේ අවසානය
තියෙන්නෙ ගෙයකට. එහෙනම් එතනින් පටු මාවත් අපි අතහැරලා දාපුවාම අතුරු පාරවල් ටිකට අවධානය යොමු කරොත් ඔය කියන වාහන අංකය අපිට හොයාගන්න බැරිවෙන එකක් නෑ.

*සර් කියන්නේ අපිට කිලෝමීටර් එකක්
ආවරණය කරන්න වෙනවා කියලද…?

ඒක කොහොමත්ම කරන්න බැහැ. අද රෑ මහමොළකරුවා එන්නේ නැතිබව නම් ඇත්ත. නමුත් ඉතුරු එක වාහනයක් හරි එන්න පුළුවන්. අපි ඒකට වැඩෙි දෙමු. හරි මෙන්න මෙහෙමයි. එක්කො මහරගම පාරෙ යන්න ඔීන. නැත්නම් ඉතින් නාවලපිටිය පාරෙ යන්න ඔීන. ඔය කොහොම ගියත් මගදි වෙන පාරකට දාන්න කෙටි පාරක් තියෙන්නම ඔීන. ඒ කෙටි පාරෙ උන්ගෙ දෙන්නෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඔීන. මොකද එතන හුදකලා වෙන හන්දා උන්
අවදානමක් ගන්නෙ නැහැ. හැබැයි අපි ඔය කියන කිසිම තැනක ඉන්නෙ නැහැ.
මම ඒ ටික කිව්වෙ ඔයාලට මාර්ග ගැන ඔලුවට දාගන්න විතරයි. මොකද එහෙම කරන්න ගියොත් උන්ගෙ එවුන්ට අපි ටාගට් වෙනවා. ඒ හන්දා අපි කරන්න ඔීන.

*විශ්මයජනක ප්‍රහාරයක් දෙන්න ඔීන.

හරියටම හරි කසුන්… මෙච්චර කාලයක් උන් අවධානය යොමු කරේ මහ මගදි ගහයි කියලා. නමුත් අපි අද ගහන්නෙ ආරම්භයේදී මයි. එතකොට ඉවරයි.
ඒ කියන්නේ වාහනයට නැගලා යන පලමු මීටර් පන්සීය ඇතුලත අපි ගහලා මාරුවෙනවා. බොහෝදුරට වාහන දෙකන් එන්න ඔීන. ඒත් මහමොළකරුවා එන්නෙ නැහැ මම කලින් කිව්වා වගේ.. ඒක මට සහතිකවශයෙන්ම කියන්න පුළුවන්

හරි… මෙහෙමයි ප්ලෑන් එක…
ඔය දෙන්නා යන්නෙ වෑන් එකෙන්. මම විතරයි ජැගුවරා එකෙන් යන්නේ. මම සන්නද්ධ වෙලා යන්නෙ නැහැ. මොකද මගදි පොලිසියෙන් චෙක් කරොත් වැඩෙි අවුල් යන හන්දා.. දැන් හැමෝගෙම මනසෙ තියෙන්නෙ බයික් ගැන. ඒ හන්දා පොඩ්ඩක් ඇත්නම් බයිකර්ස්ලා ගැන සැක හිතනවා. ආයුධ තියෙන්නෙ වෑන්එකේ විතරයි. ඔය දෙන්නා වෑන් එකේ ගිහින් ක්ලබ් එකේ වාහන පාක් එකේ නවත්තලා. ඇතුලට යනවා. මම මගෙ බයික් එකත් වාහන පාක් එකෙ නවත්තලා වෑන්එක ඇතුලට යනවා. මම මග ඉන්න එකත් අවදානම්. අපි තුන්දෙනාම ඇතුලට යන්නෙ නැහැ. ඒකත් සැකයට තුඩුදෙන හේතුවක් හන්දා . ඊට පස්සේ උන් ටික එලියට එන්න නැගිටින කොටම ඔය දෙන්නා නැවත එලියට එනවා. හැබැයි උන්ට කලින් ඔය දෙන්නා එලියට එන්නම ඔීන. එහෙම ඇවිත් වාහනයට ගොඩවෙනවා. උන් වාහනයට ඇවිත් ගොඩවෙලා පිටවෙනකොටම මම වාහනයේ තියෙන මගෙ ආයුධය අරගෙන මම යනවා මගෙ බයික් එකට.. මෙි ආයුධ සේරම සයිලන්ස් එව්වා විය යුතුයි. හොඳ ද…?

*හරි සර්…

ඊට පස්සේ උන්ගෙ පස්සෙන් ඔය දෙන්නා යනවා. මම ඔය දෙන්නගෙ පස්සෙන් එනවා. ඔය දෙන්නා යන ගමන් කසුන්… ගිහින් ක්ෂනිකව වාහනයේ පිටුපස ටයර් වලට තියනවා. මොකද වාහනය වෙඩි නොවදින එකක් වුනාට , ටයර් එහෙම නැහැ නෙ. ඊට පස්සේ වාහනය රියදුරු වන ජනිත් උන්ව පසුකරලා වාහනය නවත්තලා උන්ට වෙඩි තියනවා. උන් වෙඩි තියන්න දොර අරිනකොටම. මම පිටිපස්සෙන් ඇවිත් උන්ට තියලා දානවා.

*තනිකරම මුලාවට පත්කිරීමක්…

ඔව්… උන්ට තියලා, උන් ඩවුන් ගියාම. මගෙ ආයුධයත් අරගෙන ඔයාලා යන්න.
මම විකල්ප මාර්ග වලින් එන්නම් එච්චරයි.

**එතකොට උන් වාහනයෙන් බැස්සේ නැත්නම්…

ඒ කියන්නේ වෙඩි වලින් බෙිරිලා ඉන්නද..?

**ඔව් සර්…..

හහ් හහ් හා….. එහෙම ඉන්නෙ කොහොමද උන්. මොකද උන් කියලා හොඳ එවුන් නෙමෙනෙ. ඒක තමයි කලින්ම අපි වාහනය අබාධ කරලා දාන්නෙ යන්න බැරිවෙන්න… මතක තියාගන්න කසුන්… වාහනයේ පිටුපස ටයර් දෙකටම තියලා දාන්න.

*ඒකට මම දෙන්නම් තිතටම…

නියමයි…. මොකද උන්ට පලායන්නට බැහැ වාහනය අබලන් හන්දා. ඒකට උන් එලියට එන්නම වෙනවා විකල්පයකට යන්න නම්… එහෙම එලියට නාවොත් ඒකට තමයි මහත්වරුනි අත්බෝම්බ කියලා ජාතියක් තියෙන්නෙ. කැඩුවා දැම්මා එච්චරයි… ඒ ටික මම කරන්නම්.
ඊට පස්සේ මම ගැන හිතන්න එපා. ඔයාලා හුරේ රන් එච්චරයි.

*එතකොට උන් ක්ලබ් එකෙන් පිටත් වෙනවා කියලා අපි කොහොමද දැනගන්නේ… අපි උන්ව දන්නෙ නැහැ නෙ.

හා…. ඒ ගැන හිතන්න එපා. මම ගාණට ඔයාලට මැසේජ් ටික දෙන්නම්. අපි උන්ව අඳුරන්නේ නැතිවුනාට සේපාලිකා දන්නවනෙ මුහුණු ටික. එයා තමයි මට එතන තොරතුරු ටික සජිවීව දෙන්නේ…
වෙනත් ප්‍රශ්න තියනවද මගෙ සැළසුම ගැන …?

*නෑ සර්…..
**මටත් නැහැ සර්….

හොඳයි බොහොම හොඳයි…. එහෙනම් සේපාලිකාගෙන් මැසේජ් එක එනකම් අපි ලෑස්තිපිට විවෙික සුවෙන් ඉමු එච්චරයි… ආවොත් යමු. නාවොත් ඉමු. එච්චරයි

රාත්‍රි නමයට පමණ සේපාලිකාගෙන් ලැබුන තොරතුරු අනුව තිදෙනාම කථිකා කරගත් පරිදි වෑන්රියෙන් හා යතුරුපැදියෙන් බ්ලූමැන්ඩල් රාත්‍රි සමාජශාලාවට ගියෙමු. සැළසුම ඒ අයුරින්ම ක්‍රියාත්මක විය. කිසිදු ප්‍රශ්නයක් නැතුව තම නියෝජිතයින් දෙදෙනා රාත්‍රි සමාජශාලාවට ගිය අතර , මා වෑන්රියට නැග සැඟවී එහි අවස්ථාව එලැඹෙන තෙක් සැඟවී සිටියෙමි. පණිවිඩයේ සඳහන් පරිදිම වාහන තුනක් වෙනුවට ප්‍රාඩෝ වර්ගයේ වාහන දෙකක් එකතැන ගාල්කර තිබුනි. රාත්‍රි දොලහ පසුවනවාත් සමග සේපාලිකාගෙන් මැසේජ් එකක් දුරකථනයට එන ලදි. ඒ අවසරයෙන්
දෙදෙනාටම හැකි ඉක්මනට එතනින් පිටව වෑන්රියට එනමෙන් මැසේජ් කල පසු මිනිත්තු දෙකක් ගතවන්නට මත්තෙන් ප්‍රධාන දොරෙන් දෙදෙනාම
එලියට විත් වාහනයට නැගී පහත් වී සැගව සිටින ලදි…

මිනිත්තු පහකට පසු අප්‍රිකන් ජාතිකයින් දෙදෙනෙකු හා තවත් ලලාංකිකයන් දෙදෙනෙකු එලියට විත් එතනින් දෙකට බෙදී ,ප්‍රාඩෝ රථ දෙකට නැග තමන්ගේ වාහන රාත්‍රි සමාජශාලාවෙන් වම් පැත්තට හා අනෙක දකුණු පැත්තට ඇති පාරවල් වලට දමා ධාවනය කරන්නට විය. වහාම තම යතුරුපැදියට නැග පණගන්වන විටදී අප වෑන් රථයද දකුණු පසට හැරවූ වාහනය ලුහුබඳින්නට විය. කෙටි දුරක් ගතවනවිට කසුන් විසින් ගරාස්….. හඬ නංවමින් පැති දොර පිටුපසට තල්ලුකර එලියට අතදමා , ඉදිරියෙන් යන ප්‍රාඩෝ රථයේ ටයර් වලට උණ්ඩ දෙකක් තැබීය.

ක්ෂනිකව වාහනය තිරිංග තදකර සීස් හඬ නගමින් නතර වනවාත් සමග සැළසුමෙි පරිදි අප වෑන් රථයටද මීටර් දහයක් පමණ ගොස් නතර කර , දෙදෙනාම ප්‍රාඩෝ රථයේ ඉදිරිපසට වෙඩි කීපයක් තබන විට, වාහනයෙන් බැසගත් දෙදෙනාම පෙරලා ඔවුන්ට වෙඩි තබනවිට , මා යතුරුපැදියෙන් ආපු වෙිගයටම තිරිංග තදකර යතුරුපැදිය පෙරලා පිටුපසින් ඇවිත් මගේ 9mm පිස්තෝලයෙන් ඉලක්ක කර හිසට වෙඩි දෙකක් තැබුවෙමි. වෙඩි පහරවල් හිසට වැදී , දෙදෙනාම මැරී බිමට පතිත වනවිට
ප්‍රාඩෝ රථය ලඟට ගොස් රවුමක් වාහනය වටේ කැරකී, වැඩෙි නිරවුල් බව සනාථ කරගත් පසු මගේ පිස්තෝලය තම සහයකයින්ට විසක් කෙරුවෙමි.

ඒන් පාක්කරද…? පොෝඩා පෝඩා කියමින් කෑ ගැසුවෙමි. මාගෙ පිස්තෝලය ඇහිඳගත් කසුන් දොර වසා ගන්නවාත් සමග වෑන්රිය වේගයෙන් ඉදිරියට ධාවනය විය. මා ඉක්මනට දිවගොස් , පෙරලී ඇති යතුරුපැදිය කෙලින්කර, එය පණගන්වා ප්‍රාඩෝ රථය අසලට ඇවදින් මා සාක්කුවට අතදමා, හනික අත්බෝම්බයක් එලියට අරගෙන එහි පින් එක කටින් ඇද ගලවා, වාහනය තුලට විසිකර වෙිගයෙන් ඉදිරියට යනවිට නිමෙිෂකින් ``ඩිඩීන්…. ´´ හඬ නංවමින්
අත්බෝම්බය වාහනය තුල පුපුරන්නට විය. තරමක් නතර කර ගිණිගෙන දැවෙන
ප්‍රාඩෝ රථය ලඟට ගොස් මාගෙ කබාය ගලවාදමා එය ගිණිගොඩට විසිකර, නැවත දුවගෙන විත් , යතුරුපැදියට නැග ක්ලච්එක මිරිකා ගියරය දමා, වෙිගය වැඩිකර ඉදිරියට පැද ගියෙමි.

සුළු මොහොතකට පසු අප වෑන් රථය පසුපසින් යාමට මාහට හැකිවුනු මුත් ,
පාර අසල සිටි යාචකයෙකු වැනි අයෙකු එකවර ඉදිරියේ යන අප වෑන්රියට යමක් දමාගසනු මා දුටුවෙමි. එය වෑන්රියේ ගැටුනද , බිමට වැටෙනවා මා දුටුවෙ නැත. ක්ෂනිකව වෙිගය වැඩිකර වෑන්රිය අභිබවා යන අතරතුරදී වෑන්රියේ දකුණු පස චැසියේ යමක් ඇලී ඇති බැව් දුටුවෙමි. තව තවත් වෙිගය වැඩිකර වෑන්රිය පසුකර ගොස් පාර හරස්වන පරිදි යතුරුපැදිය නැවැත්තුවෙමි. හිතන්නට කාලයක් අහිමි කරමින්. වෑන්රියද කරාස්ස්ස්ස්….හඬ නංවමින් නැවතුනි.

සුපුන් …. නාරද …. පනින්න පනින්න වාහනයෙන්.. කියමින් මා තවත් ටික දුරක් යතුරුපැදිය පැද නැවැත්තුවෙමි. දෙදෙනාම දොරවල් ඇරගෙන මා අසලට
එනවිට මා පැනපු ගමන් දෙදෙනාම තල්ලුකර පාර මැද පෙරලා ගත්තෙමි.
ඩිඩීන්න්න්න්….. හඬ නංවමින් වෑන්රියද පුපුරා ගිය අතර. එහි සුන්බුන් අපට ඉහලින් ගමන් ගත්තේ රෙකටි එකක් ගමන් ගත්තා වැනි සේයා මවමින්ය. කසුන්ගෙන් පිස්තෝලය උදුරාගත් මා ගිණිගෙන දැවෙන වෑන්රිය පසුකර දුවගෙන ගොස් පටු මාවතට හැරෙනවිට යමෙකු දුවනු දැක ඔහු ලුහුබැද පතුරම් තුනක් පපුවට හා හිසට තබා. ඔහු මැරී වැටුනු පසු නැවත දුවගෙන විත් යතුරුපැදියට නැග දෙදෙනාම දමාගෙන වෙිගයෙන් ඉදිරියට පැද අතුරු පාරවලින් හරහා ගමන නිමාකර නැවතුනේ මදීනා ටෙක්ස්ටයිල්ස් රථගාල තුලය. රථගාල වසාදමා පෑල දොරින්ම ටෙක්ස්ටයිල්ස් වෙත සේන්දු වූයෙමු.

මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now