⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 39 වන දිගහැරුම ⸎

`` තවත් ඔත්තුකරුවෙක් ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

***මිල්ටන්…

මිල්ටන් …. ඒ කවුද ….?

***ඔව් මිල්ටන් දබරේරා.. ගැන්සිය ඇතුලේ ඉන්න. නමුත් මට පක්ෂපාතී මිනිහෙක් … විරුද්ධවාදියෙක් කිව්වෙ ගැන්සියට විරුද්ධයි. නමුත් ඒක මතුපිටට පේන්නෙ නෑ.

මෙතැන් සිට………

එතකොට කවුද ඒ අදිසි හස්තය….?

***මලින්ද රාජපක්ෂ …

ඒ කියන්නේ දැනට ඇන්ටනී කොස්තගෙ දකුණු අත වගේ ඉන්න හාදයා… මෙි ලඟදී දෙන්නා ලුණු ඇඹුල් ඇතුව කෑවා රෑ මහමගදී….

***ඔව් ඔෆිසර්… මුන් අපරාධ කරනකොට , ඒ අතරින් මුන්ට විරුද්ධව අපි වගේ සුළුතරයක් නැගී සිටිනවා. නමුත් උන්ට හැම අතින්ම බලය වැඩි හන්දා අපි අපේ සීමාවෙ ඉඳගෙන කරන්න පුළුවන් දේවල් ටික කරගෙන යනවා. සමහර වෙලාවන් වලට කැපකිරීම් කරන්න වෙනවා. දැන් ඔය මිල්ටන් ගුටිකෑවා වගේ.

බොහොම හොඳයි … ලොකු ප්ලෑන් එකක් වගේම ඇතුලට ගිහින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රමයක්. අපිට කරන්න බැරි වැඩෙත් ඔීකම තමයි. මොකද උන් එක්ක කරට කර වැඩ කරනවා කියන්නේ උනි කරන හැම බලුවැඩවලටම ඍජුවම සම්බන්ධ වෙන්න වෙනවා..

***ඔව් ඒක ඇත්ත ඔෆිසර්….. නමුත් මම අද වෙනකම් මගෙ ගරුත්වය ආරක්ෂා වන පරිදි තමයි වැඩ කරලා තියෙන්නෙ.
ඔයාලට මාව වීදි ගණිකාවක් වගේ පේනවා ඇති , නමුත් .. මම ක්‍රියාවෙන් එහෙම නැහැ.

ඔව් මැඩම් ඔයා එහෙම තමයි පෙනුමෙන් නම් , ඒක ඉතින් ඔයාගෙ වෙිෂය නිරූපණයේ අපූර්වත්වය විදහාපානවා ලස්සනටම. ඒ ගැන මම අගය කරනවා.
කොහොම වුනත් මට මෙිකට උදව් කරන්න. මොකද මට මෙිකෙ කෙලවරක් දකින්නට ඔීන. මොකද ඔයාට වෙච්ච දේ වගේ තව සිය ගාණකට මුන් අතින් අකටයුතුකම් වෙන්න ඇති. ඉතින් මෙව්වට තිත තියන්නම වෙනවා.

***ඔව්… මට තේරෙනවා. අපිට කරන්න බැරි වැඩ දාහක් ඔය ටික දෙනාට කරන්න පුළුවන් කියලා… ඉතින් මගෙන් මොනවද කෙරෙන්න ඔීන…?

මැඩම්… මට ඔය කල්ලියේ මහඑවුන් ටික
නිතර ගැවසෙන තැන් වගේම, උන් හමුවෙන රහස් තැන් ගැන මට තොරතුරු ලබාදෙනවා නම් , ඒක වටිනවා. මොකද
එකෙක් නසන කල තව එකෙක් කරලියට එන හන්දා. සේරම මුලිනුපුටා දාපුවාම ඉවරයි. අපිට තරාතිරම අදාලම නැහැ . වැරදිනම් ඉතින් කොකා ගස්සලා දානවා සුදු කොඩි පේන්නම..

***හොඳයි මම එකඟයි….
එතකොට මම කොහොමද ඒ විස්තර ටික
දෙන්නෙ…?

ඒකට…. දුරකථන පාවිච්චි කරලා බැහැ.
මොකද ඒක අවධානම්. අපි මෙිකට ලිඛිත ක්‍රමයක් යොදාගන්න වෙනවා. මොකද ඔය ෆෝන් මම විශ්වාස කරන්නේ නැහැ සීයයට සීයයක් ම..

***ඒක ඇත්ත… එතකොට මම කොහොමද ඒ දේවල් දෙන්නෙ.

මැඩම් දන්නවද මහරගම තියෙන මදීනා ටෙක්ස්ටයිල්ස් එක…?

***ඔව් අර තට්ටු තුනේ ගොඩනැගිල්ල නෙ.

ඔව්…. එතන ඉන්න සිකුරුටි තුන්දෙනා අපිට පක්ෂපාතී අය. ඒ කියන්නේ අපේ කණ්ඩායමට අයිති අය නෙමෙි නමුත්.
මුදලට හිතවත්. ⁣ඒ නැතත් විශ්වාස කරන්න පුළුවන් අය. මැඩම් හොයාගන්න දේවල් එතන තියෙන ඩස්බින් එකට දාගෙන යන්න. ඉතුරු ටික අපි බලාගන්නම්.

***හා… ඒක හොඳයි… දැනට උන් තමන්ගෙ බිස්නස් ගැන කතා කරන්නේ
ඔය බ්ලූමැන්ඩල් නයිට් ක්ලබ් එකෙයි,
මැරියස්ටෝ කියන නයිට් ක්ලබ් එකේ විතරයි. වෙන කොහෙවත් බිස්නස් ඩීල් ගැන කතා වෙන්නෙ නැහැ. ඇන්ටනී සතියකට නයිට් දෙකක් ඔය ක්ලබ් දෙකට රෑට බඩගාන්නෙ ඔය ඩීල් ගැන කතා කරගන්න. මටත් හරියටම පැහැදිලි නැහැ . නමුත් හයදෙනෙක් එනවා ඔය ක්ලබ් දෙකට…

හයදෙනෙක් කිව්වෙ තුන, තුනද…? නැත්නම් හය දෙනෙකුගෙ කණ්ඩායමක් ද..?

***ඔව් හය දෙනෙකුගෙ කණ්ඩායමක්. උන් තමයි දවස් දෙකේම දෙකටම එන්නෙ. අන්න උන්ටික හඹා ගියොත්
දෙයක් දැනගන්න පුළුවන් වේවි. මම තවම එතනට ඇවිත් නැහැ. මොකද ඒක හරිම අවධානම් සහගත වැඩක්. උන් උකුස්සන් වගේ නිතරම හැම කෙනා
ගැනම සැකයෙන් බලන්නෙ. හරියට සොල්දාදුවන් වගේ.

හ්ම්ම්… එතකොට සේපාලිකා මැඩම්.
බොහොම ස්තුතියි… අපෙන් මොනවද දැනගන්න ඔීන…

***මොකුත් නැහැ ඔෆිසර්… මට සතුටුයි
ඔබතුමන්ලා කකණ්ඩායමක් මෙිකට බැහැලා ඉන්න එක ගැන. දැන් මට අරමුණක් තියනවා. මම තොරතුරු ටික හොයලා දෙන්නම් ඇතුලෙ වෙන. ඔයාලා සැළසුම් කරලා වැඩටික කරන්න.

ඔව් එහෙම හොඳයි…. දැනට අපි හතර දෙනෙක් ගුවන්ගත කරලා ඉවරයි. ඉතුරු ටිකටත් හෙමින් සීරුවෙ කරලා දානවා.
මොකද රටට , ජාතියට කෙනෙහිලිකම් කරනවා නම්, අපි සලකන්නේ උන් සේරම දේශ⁣ද්‍රෝහින් විදිහට…

***ඒ කියන්නේ නාරම්මල දෙන්නා වගේම, සයුරිගෙ ගෙදර රෑ හිටපු දෙන්නත් …

ඔව්….ඒ අපි තමයි….

***මයි ගෝඩ්…..

ඔව් මැඩම්… අපිට බාධකයක් වෙන හැමෝම අපි අයින් කරලා දානවා. ඒකට මැඩම් වුනත් අදාල නෑ. මොකද ඒක තමයි අපේ ක්‍රමය. කලින් කිව්වා වගේම
තරාතිරම අපිට අදාලම නැහැ. අපි නිදහස් කණ්ඩායමක්. එහෙම නේද
ප්‍රියන්ත මහත්තයා

*ඔව් සර්……..අපේ රැල්ලට කොරල්පර වගේ වටිනා දෙයක් වුනත් බාධකයක් නම් කරන්න දෙයක් නැහැ.

***ඔව්… ඒක ඇත්ත තමයි. නැත්නම් කවදාවත් මෙිකෙ කෙලවරක් දකින්න ලැබෙන්නේ නැහැ.

*එතකොට මැඩම්… සයුරිගෙ කොල්ලා නාරද ගැන මොනවාහරි දෙයක් දන්නවද..?

***නෑ ඔෆිසර්… සයුරි මිස් අතුරුදහන් වුනාට පස්සේ ඒ කොල්ලා ගැනත් ආගිය අතක් නැහැ.. හැබැයි ඌ නරක කෙනෙක් වෙන්න බැහැ. මොකද මම දන්න තොරතුරු එක්ක සයුරි එක්ක සෙල්ලම් කරේ නැහැ.

*නාරද කියන්නේ අපේ කොල්ලෙක් මැඩම්..

***හා එහෙමද…. මට කිව්වෙ සයුරි ගැන ඇහැගහගෙන ඉන්න කියලා විතරයි.
බැරිවෙලාවත් සයුරි ලඟකදී මරලා දාන්න ඉන්නෙ කියලා දැනගත්තා නම්. මම එයාට කරුණු පහදලා දීලා හැංගිලා ඉන්න පුළුවන් තැනකට යවනවා. කොහොමහරි කෙල්ල රැකිලා ඉන්නවා නෙ. ඒ ඇති…

හරි… එතකොට සයුරි අතුරුදහන්වීම වගේම , අර මිහිරාණිගෙ මර්ඩර් කේස් එක නැවත ඇවිස්සිලා කරලිවට එන එක සම්බන්ධයෙන් දැන් ඔයාලගෙ ගැන්සිය ඇතුලෙ මොකද තත්ත්වය ….?

***සයුරි අතුරුදහන්වීම ගැන නම් ඇතුලෙ දැනට ප්‍රශ්නයක් නැහැ. මොකද එයා මෙිකට සම්බන්ධ නෑ කියන තැන තමයි ඇන්ටනී ඉන්නෙ. මොකද අර සාක්ෂි වගයක් හමුවෙලා තියෙන්නෙ ලිඳක් ඇතුලෙ තිබිලා කියලා රාවයක් යන හන්දා. (අපි තිදෙනාම මුහුණෙන් මුහුණ බලමින් ) හැබැයි නැවත කේස්එක මුල ඉඳලා පටන් ගත්ත එකට අර එස්අයි කාරයා…

**රවින්ද්‍ර …

***ඔව් ඔෆිසර්…. එස්අයි රවින්ද්‍ර මෑනුයි , ඇන්ටනී අතර පොඩි වචන ගැටුමක් ඊයේ පෙරේදා වෙලා තියෙනවා… මොකද මට හිතෙන විදිහට ඇන්ටනී තමයි මිහිරාණිව මරලා තියෙන්නෙ. මොකද අර පාළු ගෙදරට යනවා මම දැකලා තියනවා කීප විටක්ම. මම ඒකයි මෑන් පස්සෙ ගියේ.

එතකොට මැඩම්… ජොනීව අඳුරන්නෙ කොහොමද …..?

***ඔෆිසර් හැමදෙයක් ගැනම දන්නවා එහෙනම්… හොඳයි … ජොනි කියන්නේත් මට හිතවත් කෙනෙක්. මෑන් කුඩු ගහනඑක හරි. ඒත් මිනිහා ඔය ගැට කපනවා වගේ පොඩි පොඩි ගේම් දුන්නට,
ලොකු ගේම් වලට කැමති නැහැ.

හැබැයි ඇන්ටනීට කැමති නැහැ …
ඒ වුනාට බත් වයලට්ගෙ ගජ මිත්‍රයෙක්.

***ඔව් ඇන්ටනීට නම් කැමති නැහැ.
බත් වයලට් ගැනත් දන්නවද ඔෆිසර්…?

**අපි බත් වයලට් ගැන විතරක් නෙමෙි
ඇටෙන්ඩන්ට් ශාන්ත ගැනත් දන්නවා හොඳට…

***මොනවා…. ඒ කියන්නේ සේරම දන්නවා ….?

ඔව් මැඩම්… පොඩි පොඩි දේවල් ටිකක් තමයි අපි දන්නෙ නැත්තෙ. මොකද ඒ සීමාවට අපිට යන්න බැරි හන්දා….

***ඔව් මට තේරෙනවා… ඒ සීමාවට මට යන්න පුළුවන්. මම ඒ සීමාවෙ දේවල්ටික වරින්වර ඔයාලට දන්වන්නම් ඩස්බින් එක හරහා ( මදක් සිනාසෙමින් )

තව දෙයක් අපි දන්නවා මැඩම්…

*** ඒ මොකක්ද ඔෆිසර්… ?

එස්අයි රවින්ද්‍ර තමයි ඔයාගෙ මහත්තයගෙ කාර්එකට හෙරොයින් කිලෝ තුනක් දාලා, හදිසි විමර්ශන අංශයට කෝල් කරලා ඔත්තුව දුන්නෙ කියලා.

***මොකක් …..? ඌ අපේ ගැන්සියේ එකෙක් කියලා මම දැනගෙන හිටියා.
නමුත් මගෙ හස්බන්ඩ් ට ද්‍රෝහිකම් කරා කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ඔීකව මරලා දානවා….

කලබල වෙන්න එපා මැඩම්… මම කලින් කිව්නෙ. එකෙක් නසනකල තවකෙක් එතනට එනවා. ඉතින් අපි මෙි රොත්ත බුරුත්කම නැතිකරලා දැම්මොත් තමයි
ඔයාලා වගේ වැන්දඹුවන් , වැන්දඹුවන් නොවන්නේ වගේම , හස්බන්ඩ් වගේ අවංක මිනිස්සුන්ට නිරවුල්ව රටට සේවයක් කරන්න ඉඩහසර වෙන්වන්නේ.
ඉතින් ඔයාගෙ කේන්තිය සාධාරණයි. හැබැයි අවසාන මොහොතේ වැඩ වරද්ද ගන්න නම් එපා. තව ටික කාලයක් ඉන්න ඉවසලා. අපි සැළසුම් කරලා වැඩ ටික පිලිවෙලට ඉවරකරලා දාමු .

***මම මෙච්චරකල් හිතාගෙන හිටියේ ඒක ඇන්ටනීගෙ ගේමක් කියලා…

ඔව් ඇන්ටනීගෙ ගේමක් තමයි. හැබැයි ක්‍රියාත්මක කරේ එස්අයි රවින්ද්‍ර…ඔය මැඩම් අවුරුදු දෙකක් තමන්ගෙ කේන්තිය සඟවාගෙන හිටියා. මම කුට්ටිය පිටින්ම අවුරුදු තිහක් තමන්ගෙ කේන්තිය සඟවාගෙන ඉන්නවා. එහෙම බැලුවොත්
මගෙ කේන්තියට හුඟක් වයසයි නේද… ?
එච්ච යල්පැන ගිහිනුත් තවත් ඉවසලා ඉන්නෙ ඇයි…? හරිම තැනට ගහන්න ඔීන හන්දා මැඩම්.. නැත්නම් මට මොනවද අඩු. ධනය තියනවා . බලය තියනවා. ඒකත් නීත්‍යානුකූල. අවිආයුධ තියනවා. වැඩක් කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. එතකොට මන්ද පමා…?
හරි තැනට යන්න වගේම එතනට ගිහින්
සුදුකොඩි පෙන්වන්න අවස්ථාව එනකල්.
ඉඉතින් මම අවුරුදු තිහක් හිටියා නම් ඔය මැඩම් තව සින තිහක් ඉවසලා ඉන්න එච්චරයි…

***මොනවා……? ඔෆිසර්ගෙ කතාව මොකක්ද…

ඒක දිග කතාවක්…. කෙටියෙන්ම කියනවා නම් මැඩම්ට හස්බන්ඩ් වගේම, බඩෙි හිටපු දරුවා නැතිවෙනකොට. මට මගේ ළමා කාලයේදී සියල්ලම නැතිකරා ක්ෂනිකව. ර්කයි ඇත්ත.

***බලාගෙන ගියපුවාම අපි දෙන්නා ඉන්නෙ එක පාරුවෙි නේද… ?
හොඳයි… මම මගෙ උපරිම සහයෝගය ඔය ගොල්ලන්ට දෙන්න පොරොන්දු වෙනවා. ඔයාලගෙ පැත්තෙන් කරන්න පුළුවන් උපරිමය කරන්න එච්චරයි…

*අනිවාර්යයෙන්ම මැඩම්. අපි මුන්ටික අතුගාලම දානවා වගේම, මහ එකාටත්
නින්දිත මරණයක් උදාකරලා දෙනවා එච්චරයි…

***නියමයි ඔෆිසර්… එතකොට හුඟක් කල් ගෙව්වා මෙතන. මම යන්නද…?

ඔව් මැඩම්… මෙිගැන කිසිම කෙනෙක් දැනගන්න වුවමනාවක් නැහැ. අඩුම තරමෙ ජොනීවත්, මොකද ජොනි කියන්නේ අපේ ඉත්තෙක් විදිහට ඉදිරිකාලයේදී වැඩ කරනවා.
මැඩම්ව අපි දාගෙන යන්නද…?

***එපා ඔෆිසර්… මෙතනින් බහින එක මට ලේසියි. අතුරු පාරක දාගෙන මට යන්න පුළුවන්… ඔව් .. අපි රහසිගතව කරගෙන යමු. මොකද වැඩෙි ලීක් වුනොත් මට ගැන්සියෙන්ම තමයි ටොපිය ලැබෙන්නේ…

ඒ කියන්නේ දැන් යන්නේ නුගේගොඩ
අන්ලිමිට් එකටද…?

*** හපොයි ඔව් ඔව්…. මෙිවා ටික ගලවලා දාලා හොඳට ඇඳගෙන මම යන්න ඔීන…

හොඳයි මැඩම්… නැවත හමුවෙමු…

***හොඳමයි ඔෆිසර්… ජයවේවා …

*සර් ගියා නේද….?

ඔව් මම හිතන්නේ …..අපිත් යමු. යන ගමන් කතා කරමු..

** නියමයි සර්… එයා ලඟ ට්‍රැකින් ඩිවයිස් එකක් තියා ෆෝන් එකක් වත් ලඟ තිබුනෙ නැහැ. මම සිග්නල් ඇනලයිසර් එක ඔන් කරලා තිබ්බෙ..

නියමයි නියෝජිත ජනිත්…

*සර් අපිට එයාව විශ්වාස කරන්න පුළුවන් තැනක ඉන්නවා නේද…

ඔව් …. කසුන්… බොහෝදුරට. හැබැයි මොනවා කලත් අපේ අනන්‍යතාවය
රැකෙන පරිදි කටයුතු කරන්න ඔීන හන්දා
තමයි සමහර කරුණු කාරණා වසන් කරේ. මොනවා වුනත් හොඳ සැටකපට නෝනා කෙනෙක්. තමන්ගෙ චරිතය හරියටම කරනවා.

*එයාට අපි දුන්න උත්තේජනය අනුව එයා දන්නවා අපි හැමෝම ගැන ඇහැගහගෙන ඉන්නවා විතරක් නෙමෙි නිකං අනවශ්‍ය සෙල්ලම් දැම්මොත් සුදුකොඩි පෙන්වනවා
කියලත් දන්නවා දැන්..

ආන්න ඒකයි… ඒ ⁣හන්දා තමයි මම බය නැතුව සමහර කරුණු අමුවෙන්ම කියලා දැම්මෙ. මෙි වගේ වැඩවලදී කොහෙන් ගියත් උන් හිරවෙන පරිදි තමයි අපි කටයුතු කරන්න ඔීන.

**එතකොට නාරද කියන්නේ හොඳ කොල්ලෙක්…

*ඇයි ජනිත් මහත්තයා ඔයාට ජෙලද…?

**අපෝ නෑ සර්…..

*සර්… ඊලඟට මොකක්ද අපි කරන්න ඔීන….

ඊලඟ සැළසුම තමයි… හා.. කියද්දි මතක් වුනේ. නවත්වන්නකො ඔීක ටිකක් අයිනෙකින්.. මගෙ ජංගම දුරකථනය අතට ගෙන මිස්කෝල් හතරක් ගසා පස්වන ඇමතුම ගත්තෙමි.

ජොනී මම සමන්ත ….

***හා බොසා… කියන්න.

මොකද තමුන්ගෙ තත්ත්වය…?

***අවුලක් නැහැ. තවම මම හොඳින් ඉන්නවා.

තමුසෙට හැමදාම හැංගිලා ඉන්න බෑ.
මෙිකට මොනවාහරි කරන්න වෙනවා.

***ඒක තමයි.. මම ඉතින් මොනවා කරන්නද…?

මෙිකෙන් ගැලවෙන්න මම ලඟ තියනවා ප්ලෑන් එකක්. හැබැයි වැඩෙි ටිකක් දුෂ්කරයි.. නැත්නම් ඉතින් හැමදාම කට්ටි පැන පැන තමයි ඉන්න වෙන්නෙ…

***මොකක්ද බොසා කරන්න හිතාගෙන ඉන්නෙ.

මොනවා කරන්නද… අංගෙ උන්ම කොටවලා දාලා. එක එක මරාගන්න
තත්වයට පත්කරන එක තමයි එකම විකල්පය. මොකද තමුන් දැන් ඔය ගේමට හවුල් නෑ කිව්වත් උන් පිලිගන්න එකක් නෑ වගේම, එස්අයි කාරයා අනිවාර්යයෙන්ම මොකක්හරි වරදක් පටවලා ඇතුලට දායි. තමුසෙ දන්නවද
අර නර්ස් මරපු කේස් එක ආයේ පත්තුවෙලා තියෙන්නෙ කියලා.

***හෑහ්… ඒ කියන්නේ ඒ මිනීමරුවා වෙන එකෙක් ද…? අර කොල්ලා නෙමෙයිද …?

නෑ උගෙ කිසිම සම්බන්ධයක් නෑ කියලා උසාවියෙදි ඔප්පු වෙලා කොල්ලා නිදහස් වුනා. දැන් ආයේ මුල ඉඳලා විමර්ශන පටන් ගන්නවා. සමහරවිට ඒ කේස් එකටත් තමුසෙ සම්බන්ධයි කියලා බොරු සාක්ෂි හදලා ඇතුලට දාන්න බැරිත් නැහැ.

***මට තේරෙන්නෑ ඇයි උන් මගෙ පස්සේම එලවන්නෙ කියලා ..

මතක් කරලා බලනවා. මොකක්හරි
ඇරියස් එකක් තියෙන්නම ඔීන…


***මට එහෙම මතකෙට එන්නෙ නැහැ.

හරි…. තමුසෙට ඔය ඉන්න තැන ප්‍රශ්නයක් නැද්ද …

***තවම නෑ බොසා….

හොඳයි අපි බලමු. තමුසෙට ඔතන ඉන්න බැරිවුණාම මම ලගට එනවා. මම තමුසෙව හංගලා තියාගන්නම්.

***එහෙම ⁣කියපු එකත් ලොකු දෙයක් බොසා… මම එහෙම වුනොත් කියන්නම්.

හරි ජොනි … මම එහෙනම් කැපුනා…

හරි… ජොනියවත් ටිකක් ඇවිස්සුවා..
ඊලඟට අපි උඩ තියන්න ඔීන ඇන්ටනීව.
හැබැයි නියෝජිත ජනිත් මට දුන්න දෙබස් ටික පාවිච්චි කරලා බැහැ. එහෙම වුනොත් ඔය මිල්ටන් කියන හාදයටත්
ප්‍රශ්නයක් වෙන්න පුළුවන්…. මොකද ඉදිරි කාලයේදී ඔය මිල්ටන්වත් ගේමට ගන්න පුළුවන් වෙයි. මම අනුමාන කරන
විදිහට ඔය ඇන්ටනීව රාත්‍රි කාලයේදී නයිට් ක්ලබ්වල හමුවෙන පුද්පුද්ගලයින් ගැන තොරතුරු ගන්න පුළුවන් වේවි. ඊට කලින් මෑන්ගෙ සෑබෑ නම , ඒ වගේම මෑන්ගෙ අතීත වතගොත හොයාගන්න ඔීන. එතකොට තමයි මෑන්ව අපිට මෙල්ල කරන්න පුළුවන් වෙන්නෙ.

මොනවා වුනත් , තමන්ගෙ වරද තේරුම් අරගෙන ඒකෙන් මිදිලා අපිට උදව් කරන්න හිතන එවුන්ට මම එක අවස්ථාවක් දෙනවා. මොකද හැම එකාවම මරන්න අවශ්‍ය නැහැ . හැදෙන එකාට හැදෙන්න ඉඩදෙන්න ඔීන.

*ඔව් සර්… අපිත් ඒ ස්ථාවරයේ ඉන්නවා.

බොහොම හොඳයි කසුන් , නියෝජිත ජනිත්…

**සර්… ඊලගට මොකද කරන්නේ…?

ප්ලෑන් ඒ සහ ප්ලෑන් බී ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඔීන. නම් මෙි වෙච්ච කතාබහෙන් පස්සේ ප්ලෑන් බී
පලමුවෙන්ම ක්‍රියාත්මක කරන්න වෙනවා.

*මොකක්ද සර් ප්ලෑන් බී…

යමු ටෙක්ස්ටයිල්ස් එකට… මම පැහැදිලි කරන්නම් ..

**ok sir…

මතු සම්බන්ධයි……..


Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now