⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 35 වන දිගහැරුම ⸎
> ගලවාගැනීමෙි මෙහෙයුම <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

නෑ. කසුන් හොඳින් නේද…?

*ඔව් සර්…

නියමයි. ෆෝන්එක සයිලන්ස් දාලා නේද දුන්නෙ.

*ඔව් සර්…

හරි… අපි ටික වෙලාවක් ඉමු ඇතුලෙ එවුන් සන්සුන් වෙනතුරු.

මෙතැන් සිට….

සුළු මොහොතකට පසු දිව්‍යා අතට මගෙ තවත් සොරාගන්නා ලද දුරකථනයක් දුන් අතර, තමන්ගෙ ව්‍යාජ නම දිව්‍යා ලෙස හඳුන්වා දෙනමෙන් උපදෙස් ලබාදුන් පසු ඇය එම දුරකථනයද රැගෙන වෑන්රියෙන් එලියට විත් මැදිරිගත කර ඇති නවෝදා මෙනවිය හට ඇමතුමක් ගත් අතර , සුළු මොහොතක සුහදශීලී කතාබහ අවසන්කර නැවත වෑන්රියට ගොඩවිය.

**මැඩම් මොකද තත්වය..

දිව්‍යා - සර්.. නවෝදා මයි ඒ ඉන්නෙ එයාට තවම මතකයි මාව. සනාථ කරලම කියන්න පුළුවන් ඒ ඉන්නෙ නවෝදා මයි කියලා.

හ්ම්ම්… බොහොම හොඳයි. මිත්‍රවරුනි බලන්න කියන්න අපි දැන් මොකද කරන්නේ කියලා.

**සර් මමනම් කියන්නේ ගේමට දැන්ම අතගහලා ඒ මිස්ව ඉක්මනට ලංකාවෙන් පිටකරමු කියලා.

හරි.. අපි එයාව බෙිරගත්තා කියමු. එතකොට කොහොමද ලංකාවෙන් පිටත් කරන්නේ. ඒකට දවස් දෙකක්වත් යයි නේද..?

දිව්‍යා - සර් නිවාඩු වීසා හන්දා මම හිතන්නේ ඕන වෙලාවක රටින් පිටවෙන්න පුළුවන්. පාපාන්දර දෙකට විතර තියනවා කුවෙට් එකට ෆ්ලයිට් එකක්. ඒකෙම පුළුවන් අපිට නවෝදා පිටත් කරන්න.

*සර් මමත් කියන්නේ අදම මෙික ඉවරයක් කරලා දාමු කියලා.

බහුතර කැමැත්ත ඒකනම් අපි වැඩෙිට බහිමු.

දිව්‍යා - සර් නවෝදා ට කියන්න ඕනද..?

එපා මැඩම්. අපි එකවර කඩාවදින්න ඕන.
මිත්‍රවරුනි ලෑස්ති වෙන්න. නියෝජිත ජනිත්.

**සර්..

කසුන් එක්ක මම යනවා ඇතුලට. මගෙ සිග්නල් එකට කරන්ට්එක කපලා දාන්න.
එහෙම කරලා පරිස්සමෙන් ගේ පැත්තට එන්න මොකා ආවත් තියලා දාන්න. එතකොට දිව්‍යා මැඩම්.

දිව්‍යා - සර්..

ඔයා වාහනය අවට හැංගිලා ඉන්න. කිසිම මොහොතක වාහනය ඇතුලෙ ඉන්න එපා. අපි එනතුරු වාහනය දිහා ඇහැගහගෙන ඉන්න. මොනම බාධකයක් ආවත් තියලා දාන්න එච්චරයි.

දිව්‍යා - හරි සර්..

එතකොට කසුන් අපි දෙන්න දෙපැත්තට බෙදිලා යන්න අවශ්‍ය නැහැ. දෙන්නම එකට යමු විරුද්ධ මුහුණත් ක්‍රමයට. ගිහින් නවෝදා මෙනවිය ආපු පාරෙන්ම තමයි අරගෙන එන්න ඕන. එන ගමනේදී මම ඉදිරියෙන් නවෝදා මිස් මැද පිටුපසින් පසුපසට ඇවිදගෙන කසුන් එන්න ඕන. එතකොට තමයි අපිට කවුරු මතුවුනත් ගහන්න පුළුවන්.

*පැහැදිලියි සර්.

එහෙනම් කසුන් අපි යමු. තමතමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ගන්න පුළුවන් උපරිම පියවර ගන්න. ඒක මගෙ අණක්. රයිට් අපි යමු. නැවතත් වත්තෙ කෙලවරට ගොස් , කටු කම්බි රැහැන් ඈත්කර දෙදෙනාම මාරුවෙන් මාරුවට වත්ත තුලට ඇතුල්වී , පෙරසේම ගස් පඳුරු ආවරණය කරගනිමින් ඉදිරියට ඇදුනෙමු. අවසානයේ ගේ පිටුපස දොර ලඟට සහයක කසුන් යවා. නැවත ලේසර් කදම්බය අතට ගෙන උතුරු දිශාවට සංඥ්ඤා කරනවිට එසැණින් විදුලි පහන් සියල්ල නිවී යන්නට විය.

`` අයියෝ… මෙි මගුල ආයෙත් ගියානෙ ගනිල්ලා ටෝච්එක අතට ´´ එකෙකු මුමුණන්නට විය.

මා පිටුපස දොරටුවෙි අගුල හෙමින්සීරුවෙ අරිනවිට කසුන් තම පිස්තෝලය ඉදිරයට මානගෙන ගේතුලට ඇතුල්විය. මාද ඔහුගේ පිටට පිට තබා මුහුණු විරුද්ධ දිශාවට පස්සෙන් පස්සට යන අතරෙ සහයකයා හෙමිහිට ඉදියට යන ලදි. කෙමෙන් කෙමෙන් තරප්පු පෙල නගිමින් ඉදිරියට ගියේ උඩුමහල වෙතය. එසේ යනවිට එකෙකු එකවර ටෝච් එක පත්තු කර අප දෙසට එල්ල කරනවාත් සමග චස් චස් හඬ නංවමින් වෙඩි දෙකක් තබනවිට මා ඉදිරියට පැන ක්ෂනිකව ඔහුගෙ විදුලිපන්දම බිමට වැටෙන්නට ඉඩ නොදී උදුරාගෙන. ප්‍රාණය නිරුද්ධව සිටින ප්‍රතිවාදියා එකවර බිම වැටෙන්නට නොදී සෙමෙන් සෙමෙන් බිමට පතිත කෙරුවෙමි.

`` උඩ මොකක්ද ඒ සද්දය ´´ එකෙකු පහල සිට මොර දෙන්නට විය.

නෑ නෑ බොසා අවුලක් නැහැ. කියමින් මා පෙරලා පිලිතුරු දෙන ගමන් විදුලිපන්දම ඒ දෙසට එල්ල කෙරුවෙමි.

`` හා ඒක මිසක්. මම ගේට්ටුව ලඟට ගිහින් එන්නම් අහල පහල එවුන්ට කරන්ට්එක තියනව වගේ. පෝල්ටිය ගේට්ටුව ලඟ කණුවෙ වගේ තියෙන්නෙ ´´

හරි බොසා.. එල. නැවත පිලිතුරු දී එදිරියට මා පස්සෙන් පස්සට ගමන් කරන ගමන් නියෝජිත ජනිත් ඇමතුවෙමි.

ඇල්ෆා ෆෝ චාලි… ඇල්ෆා ෆෝ චාලි. කැන් යූ හියර් මී. වාර්තා කරන්න. ඇහෙනවද මාව..

**චාලි ෆෝ ඇල්ෆා ඇහෙනවා ඕවර්.

ඇල්ෆා ෆෝ චාලි ඔය පැත්තට එක්කෙනෙක් හෝ දෙන්නෙක් දැන් එනවා
Be alert and fire at will. ( අවධානයෙන් ඉන්න හැකි විටක වෙඩි තියන්න )

**චාලි ෆෝ ඇල්ෆා කොපියඩ්.

තව දුරද කසුන් …? ( රහසින් )

*සර් මෙි කාමරෙ තමයි.

හොඳයි ඕක අරින්න. කියමින් මා ඇරෙන දොර දෙසට පිස්තෝලය මානගෙන සිටියෙමි. හෙමිහිට දොර ඇරගෙන ඉදිරියට කඩා පැන්නෙමි. කාමරයේ මුල්ලක ගුලිවී සුදුමැලි මුහුණකින් හෙබි කාන්තාවක් සිටි අතර, මා ඇය ලගට ගොස් ඇයගෙ මුහුණ දෙස පරික්ෂාවෙන් බැලුවෙමි. සැබැවින්ම ඡායාරූපයේ සිටිනා නවෝදා ම විය.

මැඩම් කලබල වෙන්න එපා. ( රහසින් කනට කොඳුරමින් ) අපි දිව්‍යා ගෙ කට්ටිය. අපි ආවෙ මෙි නරකාදියෙන් එලියට අරගෙන යන්න. කරුණාකරල අපි කියන දේ ඒ විදිහටම කරන්න. තේරුනාද..?

ඇය මොහොතක් අප දෙදෙනා දෙස බලා සිටියේ අන්දමන්ද වීමෙනි.

කෝ ඉතින්. මැඩම් මැඩම්… කියමින් කම්මුලට සියුම් තට්ටුවක් දැමුවෙමි.

නවෝදා - හා … හරි. හරි…

කසුන්..

*සර්… ?

මෙි මැඩම්ව මැදිකරගන්න. මම යන්නෙ ඉස්සරහට මැඩම් මැදිකරගෙන පස්සෙන් එන්න. පිටුපසට වැඩි අවධානයක් දෙන්න.

*ඕකේ ඩන් සර්..

තිදෙනාම ශබ්දය අවම වන පරිදි කාමර කීපයක් පසුකර ඉදිරියට ආවෙමු. තරප්පු පෙල දිගේ හෙමිහිට පියවර තබමින් පහල බසින විට එකෙකු විදුලිපන්දමක් දල්වාගෙන තරප්පු පෙලේ මුල් පඩිය තබනවාත් සමග මා හිසට වෙඩි දෙකක් තැබුවෙමි. චස් චස්…… හඬ නංවමින් නළල පසාරු කරගෙන උණ්ඩ දෙක හිසේ පිටුපසින් නික් මෙද්දී මා පැනපු ගමන් ඔහුව අල්ලාගෙන හෙමින්සීරූවෙ බිමට පතිත කරනවිට උණුලේ දෑතට දැනුනේය. ඔහුගේම කමිසයෙන් අත්දෙකම පිසදාගෙන නැවත නැගිටගෙන ඉදිරියට යද්දී පිටුපසින් දෙදෙනාම මා අනුගමනය කරන්නට විය. පසුපස දොරටුව ද අභිබවා ගිය මා දෙපස බලා දෙදෙනාටම එන ලෙස හස්ත විධානය කෙරුවෙමි. නවෝදා මෙනවියට කිසිවක් නොපෙනුණාට අඳුර මකාගෙන සියල්ල දකින්නේ අප දෙදෙනා පමණයි.

*යමු මැඩම්…

කසුන්..

*සර්…

ඔය දෙන්නා යන්න. මම තව ටිකකින් එන්නම්.

*ඒත් සර්… ?

ප්‍රශ්න අහන්න එපා. මෙික මගෙ ඕඩර් එකක්.

*හරි සර්…

දෙදෙනාම එතනින් නොපෙනෙන දුරක් තරම් නික්ම යනතුරු. වටපිටාව දෙස සෝදිසියෙන් බලා සිටියෙමි. පසුව නැවත ගේතුලට ඇතුල් වූයෙමි.

ඇල්ෆා ෆෝ ඩෙල්ටා.. ඇල්ෆා ෆෝ ඩෙල්ටා
Can u hear me..? ඔබට මාව ඇහෙනවද..?

දිව්‍යා - ඩෙල්ටා ෆෝ ඇල්ෆා. Yes.. loud and clear ( ඔව් ශබ්දය තියුණුයි වගේම පැහැදිලියි )

රොජර්… ඇල්ෆා ෆෝ ඩෙල්ටා පැකේජ්ය බ්‍රාවෝ සමග මෙතනින් පිටත්වුනා. අවධානයෙන් ඉන්න. තව ටිකකින් පැකේජය ඔබෙි තැන.

දිව්‍යා - ඩෙල්ටා ෆෝ ඇල්ෆා රොජර් ඔවර්. ( පණිවිඩය ලබාගත්තා )

රොජර් අවුට්… ඇල්ෆා ෆෝ චාලි. Report the situation (තත්වය වාර්තා කරන්න )

**චාලි ෆෝ ඇල්ෆා. ඔබ හරි දෙන්නෙක් මෙි පැත්තට ආවා. දෙන්නම ඩවුන්.

රොජර්… ගේ ඉහල මහලයේ දෙන්නෙක් ඩවුන්. පහල මහලයේ ඉන්න ටැංගෝ ලා ඩවුන් කරගෙන ඔබේ දෙසට එනවා. ඇතුලට එන්න එපා. මාව කවර් කරන්න. නැවත කියනවා මාව කවර් කරන්න ඕවර්.

**චාලි ෆෝ ඇල්ෆා රොජර් ඔවර්..

මා ආලින්දයට එනවිට සිව්දෙනෙකු වෙරි මතින් පුටුවල හාන්සි වී සිටි අතර. ස්ටූල් එක මත අරක්කු බෝතල් දෙකක්ද කටගැස්මට විවිධ වර්ගයේ ආහාර පිඟන් දෙකක් ද විය. ඇතැමෙකු නින්දට සමවැදී සිටියි. දහවල් බත් පාර්සල් දහයක් ඇතුලට ගෙනාවෙි නම්. උඩ දෙකක් ඩවුන්. මිදුලෙ දෙකක් ඩවුන්. මෙතන හතරක් ඉන්නවා නම්. පැකේජ්ය එලියට යැව්වා නම්. තවකෙකු ඉතුරු වෙන්න ඕන. එහෙනම් මූ මොන දීපංකරයක ගියාද. මා කල්පනා කෙරුවෙමි.

`` කෝ බං මෙි ලයිට් බලන්න ගිය එවුන් ´´
එකෙක් වෙරිමතින් දොඩවන්නට විය. ඒ හඩින් මා නැවත කල්පනාවෙන් මිදෙන්නට හැකිවිය. වහාම ඉදිරිපස දොර ඇරගෙන මිදුලට එනවිට තිදෙනෙකු මිදුල මත බිම ඇදවැටි සිටියි. මා ක්ෂනිකව ඉඉදිරිපස ඇති ලොකු මල් පෝච්චියක් ආවරණය කරගත්තෙමි. නියෝජිත ජේ50 විසින් දෙදෙනෙකු බිම දැම්මා නම්. ඔවුන් දෙදෙනා එක ලඟ වැටෙන්නට ඕන. එසේනම් මෙි වෙනම ඉන්න තුන්වෙනියා ප්‍රයෝගයක් කරන බැව් පෙනීයයි. එකලඟ වැටී ඇති දෙදෙනාගෙම බිම අතුරා ඇති සිමෙන්ති ගල්වල ලේ වැගිරී දෝරෙ ගලාගිය බවක් පෙනෙන්නට තිබුනත්, වෙනම සිටින ප්‍රතිවාදියාගේ එසේ කිසිදු වෙනසක් පෙනෙන්නට තිබුනෙ නැත.

සෙමෙන් මල්පෝච්චිය අභිබවා ඉදිරියට යනවිට වැතිරී සිටි ප්‍රතිවාදියා එකවර දණහිසෙන් නැගිට මාහට වෙඩිල්ලක් තබන විට මා වමි අත පමණක් බිමට තබා වම් පැත්තට කරණමක් ගසන ගමන් දකුණු කිහිල්ලට අස්සෙන් පිස්තෝලය යවා වෙඩි දෙකක් තබා , ලොකු දේවදා ගසකට ආවරණය වුනෙමි. චස් චස්…… හඬින් වෙඩි දෙකන් තවත් කොණකින් ඇසෙන්නට විය.

**චාලි ෆෝ ඇල්ෆා මෑන් ඩවුන්.

`` කවුද ඩෝ රතිඤ්ඤා දාන්නෙ මෙතන. ඩග්ලස් ඇමතිතුමන් සැපත් වෙනවද මෙතනට ´´ යනුවෙන් එකෙකු ගේතුලින් කෑගසන්නට විය.

ඇල්ෆා ෆෝ චාලි නියමයි. අපි මෙතනින් පිටත්වෙමු. කියමින් ඉදිරියට යනවිට නියෝජිත ජේ50 ගසකට ආවරණය වී සිටියදී ඉදිරියෙන් මුණගැසෙන්නට විය. දෙදෙනාම ප්‍රධාන ගේට්ටුව බලා දුවන්නට විය.

ඇල්ෆා ෆෝ බ්‍රාවෝ ඇන්ඩ් ඩෙල්ටා
Report the situation.

*බ්‍රාවෝ ෆෝ ඇල්ෆා අපි සුදු පූසා (වෑන්රිය ) ලඟ ස්ථානගතවෙලා ඉන්නෙ.

ඇල්ෆා ෆෝ බ්‍රාවෝ ඇන්ඩ් ඩෙල්ටා තුන්දෙනාම ස්ථාන ගතවෙන්න.

දිව්‍යා - ඩෙල්ටා ෆෝ ඇල්ෆා කොපියඩ්.

දෙදෙනාම දුවගෙන ගොස් වෑන්රියට ගොඩවූ අතර, කසුන් විසින් සිග්නල් ස්කෑනරය අතට ගෙන නවෝදා ගෙ හිසේ සිට පාදාන්තය⁣ දක්වාම ස්කෑන් කර බලන ලදි. ඉන්පසු නියෝජිත ජේ50 වෑන්රියට නැග , එය වෙිගගෙන් ⁣සියඹලාපෙ දෙසට ධාවනය කරන්නට විය. වහාම තිදෙනාම කළු පැහැති ඇඳුම් ගලවා දැමීය. දැන් අප යටින් ඇඳගෙන සිටි සාමාන්‍ය ඇඳුම් නවෝදා මෙනවියට පෙ⁣නුන හෙයින් ඇය තරමක් සන්සුන් වුන බවක් පෙනුනි. මද දුරක් ගෙවා ගොස් පසු , මා නියෝජිත ජේ50 ඇමතුවෙමි.

සුපුන් මහත්තයා.

**සර්…

ඔය බ්ලැක් කිට්එක ගලවලා දාන්න. මොකද දැන් අපි යන්නේ මහා මාර්ගයක නෙ.

**ඕකේ සර්…

කියමින් පාර අයිනේ වෑන්රිය නවතා කළුපැහැති ඇඳුම ගලවා දැමීය.

**රයිට් සර්.. ඔන්න අපි ගියා.. කියමින් නැවතත් වාහනයේ වෙිගය වැඩිකරන්නට විය.

මද වෙලාවක් වෑන්රිය තුල නිශ්ශබ්දව තිබුනු අතර එය බිඳ දැමුවෙ මමය.
නවෝදා මැඩම්.. හොඳින් නේද…?
මෙි ඉන්නෙ දිව්‍යා මැඩම් ඔයාගෙ යාළුවා.
ෆෝන් එකෙන් කතා කරේ. මෙයාට එක එක නම් තියෙන්න පුළුවන්. නමුත් කරුණාකරල ව්‍යාජ නම් වලින් කතා කරන්න. මොකද අපි සාමාන්‍යයෙන් නියම නමින් කතා කරන්නේ නැහැ.

මද වෙලාවක් නිහඬව සිටි ඇය තම හඬ අවදි කරන්නට විය.

නවෝදා - ඇත්තටම ඔයාලා කවුද .. ?
එතකොට එයාලා කවුද … ? මට කිසිම දෙයක් හිතාගන්න බැහැ වගේම , කිසිම කෙනෙක් විශ්වාස කරන්න බැහැ.

හොඳයි මැඩම්. මම , එතකොට මෙි මහත්වරු දෙන්නා. එතකොට දිව්‍යා මැඩම් අපි රජයේ රහස් සංවිධානයක කට්ටිය. හරියට CDI වගේ කට්ටියක්. ඔයාගෙ පැහැරගැනීම මුළු රටම දන්නවා මෙි වෙද්දී. බයවෙන්න එපා. දිව්‍යා මැඩම් වගේම අපිත් ඔයාගෙ යාළුවො.

දිව්‍යා - ඔව් නවෝදා. මම හා සමානව මෙි අයත් ඔයාට විශ්වාස කරන්න පුළුවන්.

නවෝදා - මට මොකුත් තේරෙන්නේ නැහැ දිව්‍යා.

දිව්‍යා - මොනවද ඔයාට තේරෙන්නේ නැත්තෙ … ?

නවෝදා - ඇයි මාව පැහැරගත්තේ… ? මොනවා ලබාගන්නද…? මට මෙි මොකුත් තේරුම් ගන්න බැහැ.

හරි හරි මැඩම් පලමුවෙන්ම මට කියන්න. ඔයාට තිබහයිද , නැත්නම් බඩගිනියිද කියලා.

නවෝදා - නෑ මට තිබහක් විතරයි තියෙන්නෙ.

දිව්‍යා - ඉන්න ටිකක්. ආ බොන්න වතුර ටිකක්.

කියමින් ලොකු වතුර බෝතලයක ප්ලාස්ටික් පියන බුරුල් කර ඇය අත තැබුවාය. බෝතලයෙන් බාගයක් එක හුස්මට හිස්කර දැමු ඇය සැනසුම් සුසුමක් හෙලුවාය.

මැඩම් ඕන ප්‍රශ්නයක් අපෙන් අහන්න.
උත්තර අපි ලඟ තියනවා. පලමු ප්‍රශ්නය
ඇයි පැහැරගත්තෙ කියනදේ නම්. ඒකට උත්තරය සල්ලි බලාපොරොත්තුවෙන් නම් නෙමෙි කියලා තමයි කියන්න තියෙන්නෙ.

නවෝදා - එහෙනම්… ?

මැඩම් ඒක දිග කතාවක්. කෙටියෙන්ම කියනවා නම් මෙහෙමයි. මැඩම්ගෙ තාත්තා ඒ කියන්නේ මහාචාර්ය විනීත වීරසිංහ කියමින් කතාවට මුලපිරුවෙමි. මිනිත්තු පහලවක් පමණ එක දිගට මාගේ පැහැදිලි කිරීම සිදුවිය. ඇය තම ඇස්දෙක ලොකු කරගෙන පුදුමයට පත්ව අසාගෙන සිටියා පමණි.

නවෝදා - එතකොට තාත්ත නැතිවෙන්න කලින් ඒක හොයාගෙන තියනවද…?

ඔව් මැඩම්…

නවෝදා - මයි ගෝඩ් ඔෆිසර්.. මෙිකෙ බරපතලකම දැන් තමයි මට තේරුනේ.
කියමින් තම අතින් හිස පිරිමදින්නට විය.
හැබැයි මාස තුනකට විතර කලින් මම ඩැඩීට කතා කරලා ලංකාවට එනවා කිව්වහම දැන්ම එන්න එපා කියලත් කිව්වා. මම ඇයි කියලා ඇහැව්වහම මට හරිහැටි උත්තරයක් දුන්නෙ නැහැ. හැබැයි මට එක කතාවක් තරයේම කිව්වා.

ඒ මොකක්ද මැඩම්.. ?

නවෝදා - ලංකාවට ආවට කමක් නැහැ. ගෙදර එනකොට තමන්ගෙ අත්‍යාවශ්‍යම බඩු ටික වෙන කොහෙන්හරි තියලා එන්න කිව්වා.

ඉතින් බලන්න මැඩම්. ඔයාගෙ ඩැඩී වචනයේ පරිසමාප්තියෙන්ම මහාචාර්ය කෙනෙක්මයි. ඉතින් ඔයා ඒක ලංකාවට ආපු වෙලාවෙ කරාද… ?

නවෝදා - ඔව් ඔෆිසර්.

ෂාහ්හ්හ්හ් නියමයි නෙ. හරිම කීකරු දුවෙක්නෙ. එතකොට දැන් පාස්පෝර්ට් එහෙම කොහෙද තියෙන්නෙ.. ?

නවෝදා - මම ඒ ටික අවිස්සාවේල්ල හොටෙල් එකක කාමරයක් බුක් කරලා , ඒ කාමරයේ ඇතුලෙ තිබ්බා.

ෂාහ්හ්හ්හ් මරුනෙ. මොකක්ද හොටෙල් එක…?

නවෝදා - හොටෙල් ග්‍රීන් හාට්.

හොඳයි.. සුපුන් මහත්තයා පුළුවන් තරම් කෙටිම මාර්ගයෙන් අපි යන්න ඕන අවිස්සාවේල්ල තියෙන හොටෙල් ග්‍රීන් හාට් බලා.

**හරි සර් යමු…

හොඳයි … මෙි බලන්න මැඩම්. මෙික මම හරිම කණගාටුවෙන් වුනත් කියන්නම ඕන. ඔයාගෙ තාත්තා මැරුනෙ ස්භාවික පපුවෙ අමාරුවකින් නෙමෙි. ඒක මිනීමැරුමක්.

දිව්‍යා - මොනවා..

ඔව් මැඩම්.. ඔයා පොඩි ළමයෙක් නෙමෙි නෙ මෙි කාරණා වසන්කරලා තියන්න. ඒක හිතාමතාම කරපු දෙයක්. මම කියන්න උත්සාහ කරන්නේ එන්නතක් මාර්ගයෙන් හෘදයාබාධයක් ඇති කරලා තියෙන්නෙ. අපි පුළුල් විමර්ශනය කරලා හොයාගත්ත කරුණු රාශියක් තියනවා. ඒ සේරම කියන්න අපිට බැහැ. කොහොම වුනත් ඔය මැඩම් පුළුවන් තරම් ඉක්මනින් මෙි ලංකාවෙන් පිටවෙන්න ඕන. මොකද ෆලයිට් එකට නැගලා. ඒක ගුවන් ගතවනතුරු මැඩම් කිසිම විදිහකින් ආරක්ෂිත නෑ. හැබැයි අපි ඉන්නකම් එහෙම හානියක් වෙන්න ඉඩතියන්නෙත් නැහැ.

නවෝදා - අනේ බොහොම ස්තුතියි ඔෆිසර්.

නෑ එහෙම ඕන නැහැ. අපි අපේ ඩියුටිය තමයි මෙි කරන්නේ මැඩම්. හරි.. එතකොට මැඩම් අපි අවිස්සාවේල්ලට ගිහින් එතනින් හොටෙල් එකට ගිහින් යතුර අරගෙන , ඔයාගෙ අත්‍යාවශ්‍යම බඩුටිකත් අරගෙන කටුනායක බලා පිටත් වෙමු.

හරි… කසුන් මහත්තයා.

*සර්…

අපේ අවිස්සාවේල්ල ඉන්න දෙන්නෙකුට දැන්ම හදිසි මැසේජ් එකක් දාන්න හොටෙල් ග්‍රීන් හාට් එක ලඟට ඇවිත් නිරීක්ෂණය කරන්න කියලා. ආයුධ සන්නද්ධව එන්න කියන්න. මොකද මොකා ඉන්නවද කවුද දන්නෙ.

*හරි සර්…

ඉතින් මැඩම්.. ඔන්න ඕකයි තත්වය. මැඩම් එක්ක අපි තුන්දෙනාම යනවා රූම්එකට ගිහින් ඉක්මනට පිටත්වෙමු. එතකොට මැඩම්ගෙන් උන් මොනවද අහපු ප්‍රශ්න.

නවෝදා - එහෙම මොකුත් ඇහැව්වෙ නැහැ ඔෆිසර්.

හොඳයි… එතකොට මැඩම්වව පැහැරගත්තෙ කොහෙන්ද…? කොහොමද..? මම තනියම තමයි ගෙදර හිටියෙ. දවල් රස්නෙ වැඩි හන්දා මම ෆිජ්එක අරලා කිරි එකක් බිව්වා. එච්චරයි මතක. ආයේ සිහිය එනකොට මම හිටියෙ ඔය ගේ ඇතුලෙ කාමරයක හිරකරලා.

හොඳයි … එතකොට ඔයාගෙ ඥාති සහෝදරයා මිහිදු කෝ දැන්…?

නවෝදා - එයා දැන් දවස් ගාණක ඉඳලා ආගිය අතක් නැහැ. ඔෆිසර් කොහොමද එයා ගැන දන්නේ… ?

එයත් එක වගඋත්තරකරුවෙක් තමයි ඔයාගෙ තාත්තගෙ මරණයට වගකිවයුතු.

නවෝදා - මොනවා….?

ඔව් මැඩම්. මෙි ගේම් එකේ එයත් ඉත්තෙක්. මෙික අපරාධ ජාලයක්.
එයත් පසුගිය කාලයේ වෙච්ච පිපිරුම් එක්ක පරලොව ගියා.

නවෝදා - හපොයි. ඔෆිසර් මගෙ ඩැඩීගෙ මරණයට සුළුවෙන් හරි වගකියන්න ඕන සේරම අය නැතිකරලම දාන්න.

මැඩම් මෙි වෙද්දීන් හුඟක් අය ජීවතුන් අතර නැහැ. බොහොම අතලොස්සක් තමයි ඉන්නෙ. ඒ අයටත් වැඩි කාලයක් ගතවෙන්නෙ නැතුව කනත්තට අපි යවනවා. කොහොම වුනත් මෙි වෙද්දී මැඩම්ගෙ ගෙදරට පොලිස් රැකවල් දාලා ඇති. ඒ හන්දා අපි කොහොමටවත් පිලිමතලාවට යන්නෙ නැහැ.

නවෝදා - නැහැ ඔෆිසර්. මට රූම් එකට යන එක ප්‍රමාණවත්. එතකොට මට බඩුටික අරගෙන හෙට උදෙන්ම කැනඩා යන්න පුළුවන්.

හොඳයි … එකඟයි.

මතු සම්බන්ධයි…..


Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now