⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 18 වන දිගහැරුම ⸎
> වෙඩික්කරුවන් <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඒ කිටිටුව වාහනය ගාල් කරලා රෑ වාහනය ඇතුලේ ඉමු. එහෙනම් මහත්වරුනි ලෑස්ති වෙමු හෙට උදේ ගේමට.

මෙතැන් සිට …….

හෝරා දෙකකකට පසු නලින්ගෙන් ඇමතුමක් ලැබුනි.

දුරකථනයෙන් - සර් කිව්වා වගේම දෙන්නෙක් මම දිහා හොඳට බලාගෙන ගියා. සර් දැන් මම මොකද කරන්න ඕන.

කලබල වෙන්න එපා. තමුසෙ ඔහොම ඉන්නවා අපි එනකම්. ආවට පස්සේ මම කියන්නම් මොකක්ද කරන්න ඕන වැඩෙි කියලා. කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.

**සර් දැන් මොකද කරන්නේ …?

අපි මෑන්ව ටික දවසකට අතුරුදහන් කරමු.

*ඒත් කොහෙ කියලා යවන්නද…?

හොඳ ප්‍රශ්නයක්. මෙි ක්ෂෙත්‍රයේදී හතුරො අපිට වැඩි බව ඇත්ත. නමුත් උන්ගෙ හතුරො අපිට මිතුරො වුන බව අමතක කරන්න එපා මහත්වරුනි. ඒ අපිට මිතුරු වුන එවුන් අපි වෙනුවෙන් පණ වුනත් දෙන්න ලෑස්තියි. මොකද උන්ගෙ පණ බේරලා දුන්නෙ අපි කියලා උන්ට මමැරෙනකම්ම මතකයි. ඔය නරකයි කියන හැම එකාම නීචම නැහැ. නරක එවුන් ඇතුලෙත් සමහර හොඳ එවුන් ජීවත් වෙනවා. මොකද කට්ට කාපු එකා තමයි ඒකෙ දුක වගේම රසත් හොඳට දන්නෙ.

*සර් කොහෙද මෙයාව හංගලා තියන්න හදන්නේ …?

ජොනියා ලඟ…

**ජොනියා ලඟ…? ඒ කියන්නේ ගිය මිෂන් එකේ අපි හන්දා පණ බේරගත්ත මෑන්ද..?

හරියටම හරි. ඔය කිව්වෙ හරියටම. මෑන් ලඟට ටික දවසකට අපි යවමු. හහ් හහ් හා….

*ඇයි සර් හිනාවෙන්නෙ ..?

මතක නැද්ද. මෑන්ට බොරු මරණ බියක් ඇති කෙරුවෙත් අපි. ඒක නැති කෙරුවෙත් අපි.

**ඉතින් මෙතනත් එහෙම තමයි නේද..?

ඔව් මහත්වරුනි. භීෂන මවන්නෙත් අපි. එහෙම කරලා අනවශ්‍ය එවුන් පොලව යටට යවලා, හැදෙන එවුන් ඉතුරු කරලා
දාන එක තමයි අපි කරන්නේ. එහෙම එකෙක් තමයි ජොනි කියන්නේ. මට විනාඩියක් දෙන්න මම මෑන්ට කතා කරලා නලින්ට ඉන්න පුළුවන් වාතාවරණයක් තියනවද කියලා හොයලා බලන්න. ජොනිගෙ අංකයට ඇමතුමක් ගත්තෙමි.

ජොනි - හෙලෝ කවුද …?

ජොනි මම තේනුවර. මතකයිද මාව.

ජොනි - හප්පට සිරි. සර්.. කොහොමද ඉතින්. දෙයියෙක් කතා කරා වගේ.

හොදින් ඉන්නවා ජොනි. දැන් කොහෙද ඉන්නෙ..?

ජොනි - සර් මම මගෙ තැනෙ තමයි ඉන්නෙ.

ඔරුගොඩවත්තෙ..?

ජොනි - ඔව් සර්. දැන් මට කිසිම අවුලක් නැහැ.

තමුසෙ පරණ ගේමට බැස්සද ආයේ..?

ජොනි - පරණ ගේම්…? පිස්සුද සර්..?
මගෙ බල්ලවත් කරයි ආයෙනම්. මම දෙහිවල සත්තු වත්තෙම තමයි වැඩ. එතන මට හොඳ ගතමන්ට් එකක් ලැබෙනවා. ඒ ඇති.

හ්ම්ම්… බොහොම හොඳයි.

ජොනි - සර් හදිසියේම කතා කලේ…?

මට තමුසෙගෙන් උදව්වක් ඕන.

ජොනි - සර්ට නොකරන උදව් මම ලඟ තියනවද. කියන්ඩ දොරෙ එකෙන්ම සපෝට්. ආයේ දන්නවනෙ මේ ජොනි කිව්වොත් කිව්වා තමයි. කියන්න කියන්න දොරේ.

හොඳයි. නලින් කියලා ඉන්නවා හාදයෙක්.
මෑන්ටත් වෙලා තියෙන්නෙ තතමුසෙට වෙච්ච දේම තමයි. ටික දවසකට මෑන් හංගලා තියාගන්න තමයි ඕන කරන්නේ.

ජොනි - අයියෝ සර්. දැන් එවන්න දැන් එවන්න මෑන්ව. මම හංගන්නම් ආයේ ලොවෙත් හොයාගන්න බැරිවෙන්න.

හොඳයි මම එවන්නම් මෑන්ව අද හවසම.

ජොනි - හරි සර්… එහෙනම් ජයවේවා.

ජයවේවා ජොනි..

*ෂාහ්හ්හ්හ් නියමයි නෙ සර්. මෑන් හොඳයි නෙ දැන්.

ඒකනෙ කසුන්. හරි.. අපි දැන් කැළණියට ඇවිත් නේද. කෙලින්ම යමු ඔය කියන ගෝල්ඩන් වත්තට. මතක තියාගන්න ගේ ඇතුලට යන්නෙ මම විතරයි. මම ගිහින් එන්න කිව්වොත් එන්න. හැබැයි දෙපාරක් එන්න කියලා එක දිගට කිව්වොත් , ගේ පිටිපස්සෙන් හදිසි කඩාවැදීමක් කරන්න අමතක නොකර. හරි අපි යමු මහත්වරුනි. වෑන්රිය අතුරු පාරක ගසක් යට නවත්වා , වත්තේ ඉදිරිපස ගේට්ටුවෙන් අප තිදෙනාම ඇතුලට සේන්දු වුනා. පසුව කියු පරිදිම මීටර් පනහක පමණ දුරක් ගෙවාගෙන කුඩ නිවසක් ලඟ නතර වුනා. මෙය මුරකරුවෙකු නැත්නම් හේවරාළ කෙනෙකුට ඉදිකරන ලද කුඩා නිවසක් බැව් පැහැදිලිව පෙනී යයි. අවට තැනින් තැන ගෙවතු වගාවන් හා ඊ⁣ට ඔබ්බෙන් අන්නාසි , අඹ ද හා රඹුටන් ගස් වගාවන්ද දක්නට ලැබුනි.
දෙතුන් වතාවක් දොරට තට්ටු කලද, කිසිවෙකු ගෙතුල සිටින බවක් ⁣පෙනෙන්නට නොතිබුනි. වහාම ඇමතුමක් නලින්ගෙ දුරකථනයට ගත්තෙමි. නලින් දොර අරින්න අපි ඇවිත් ඉඉන්නෙ.

නලින් - හරි සර්.

මද වෙලාවකින් ගෙදොර ඇරුනි. මා පමණක් ගේතුලට ඇතුල් වුනා. ඇතුලත හිස් බවක් පෙනෙන්නට විය. සුපුන් එන්න ඇතුලට.

**හරි සර්….

දෙදෙනාම එකවර ගෙට ඇතුල් වුනද, නියෝජිත J50 ඉදිරිපස ජනේලයෙන් අවධානයෙන් ඉදිරිපස බලාගෙන සිටින ලදි.

නලින් තමුසෙ දවල්ට කාලද ඉන්නෙ..?

නලින් - ඔව් සර්.

හ්ම්ම් තමුසෙ තව පැය කීපයක් විතරයි ජීවත් වෙන්නෙ අපි මෙතන නාවනම්.
කලබල වෙන්න කාරි නෑ. තමුසෙ දැන් බඩුටික පැක්කරගෙන වහාම මෙතනින් පිටත්වෙනවා.

නලින් - සර් මම දැන් කියලා කොහෙ යන්නද…? ( දිග සුසුමක් හෙලමින් )

තමුසෙට ඒගැන හිතන්න දෙයක් නෑ.
තමුසෙ කෙලින්ම යනවා ඔරුගොඩවත්තට. ගිහින් කාගෙන්හරි ජොනි කොහෙද ඉන්නෙ කියලා අහනවා. ඊට පස්සේ මෑන් ඉන්න තැන කියයි. ඒ තැනට ගිහින් තේනුවර එව්වෙ කියනවා.
තමුසෙට ජීවිත කාලෙම වුනත් හැංගිලා ඉන්න පුළුවන්. හ්ම්ම්… ඉක්මනට යනවා මෙතනින්.

නලින් - බොහොම ස්තුතියි සර්.

ස්තුතියි නෙමෙි. තමුසෙලා කරපු පව් තමයි මෙි පස්සෙන් පන්නගෙන එන්නෙ.
වැඩෙි කියන්නේ ඒ කරුම නවත්වන්න අපිටත් මැදිහත් වෙන්න වෙලානෙ. ඉක්මනට මෙතනින් පිටවෙනවා. සුපුන් …

**සර්…?

මෙයාව බස් එකකට දාලා එන්න පුළුවන්ද…?

**පුළුවන් සර්…

හොඳයි … එන ගමන් අපිට කන්න මොනවාහරි අරගෙන එන්න.

මද වෙලාවකට පසු නලින් තමන්ගෙ බඩුබාහිරාදිය සමඟ නියෝජිත J50 සමඟ පිටවිය. අඩ හෝරාවකට පසු නියෝජිතයා නැවත එන ලදි.

මොකද වැඩෙි…?

**හරි සර්…

බොහොම ස්තුතියි..

**ඒක සුළු දෙයක් සර්.

වාහනේ හැංගුවා නේද…?

**ඔව් සර්…

හොඳයි.. මහත්වරුනි මෙන්න මෙිකයි සැලැස්ම. කලින් හදපු සැලැස්ම දැන් වෙනස් කරමු. මම පලමුවෙන්ම කියන්න ඕන. හිතන්න එපා උන් හෙට උදේ ඇවිත් ෂොට්එක දීලා පනියි කියලා. බොහෝදුරට අද රෑ නමයත් මධ්‍යම රාත්‍රියත් අතරතුර තමයි එන්න ඕන. ඔය මහත්වරුන්ට මතක ඇති පුහුණුවෙිදි කියලා දුන්න දේවල්. සාමාන්‍යයෙන් වෘත්තීය ඝාතකයෙක් දවල් කාලයේ ගේම් දෙන්නෙ නැහැ. ඒකට එයාලා යොදාගන්නේ රෑ කාලය. මතක තියාගන්න මෙි එන්නෙත් වෘත්තීය ඝාතකයන් දෙදෙනෙක්. ඒ වගේම , හිතන්න එපා උන් ඉසඉස්සරහින් ඇවිත් ගහලාදාලා යයි කියලා. උන් එන්නේ එකෙක් ගේ ඉදිරිපස දොරෙන් , අනෙකා පිටුපස දොරෙන්. එතකොට තමයි දෙන්නගෙන් එකෙකුට
ගොදුර ඩැහැගන්න පුළුවන්. ඒ හන්දා අපිත් උන්ට විශ්මයජනක ප්‍රහාරයක් දෙන්න ඕන. නියෝජිත ජනිත් .

**සර්… ?

ඔයා තමයි පෙර දැනුම් දෙන්නා. ඔයා වත්තෙ වැ⁣ටට කකුල්දෙක දාගෙන , භූමියට අනුව වෙස් වලාගෙන , චලනය අවම කරගෙන , ඩවුන් ගිහින් ඉන්න එතකොට පැහැදිලිවම ගෙදර ඉදිරිපස වගේම , පසුපසත් පැහැදිලිවම රෑට පේනවා. ඒකට නයිට්විෂන් එක පාවිච්චි කරන්න. අපි තුන්දෙනා අතර රේඩියෝ සබඳතා තියාගමු. ඒ වගේම, හොඳින් ශබ්ද වලට සවන්දෙන්න. මොකද තමන්ගෙ පසුපසින් ඇවිත් කොකා ගස්සලා දාන්න පුළුවන්.

**මට තේරෙනවා සර් මෙිකෙ තියෙන බැරෑරුම්කම. මගෙ ආරක්ෂාව මම බලාගන්නම්.

හොඳයි.. දෙන්නා කිට්ටු වෙනකොට අපිට ඒ බව කියන්න. මොකක්හරි වැරදීමක් , ඒ කියන්නේ තමන්ගෙ ඔළුවට පිස්තෝලයක් තියලා අපිට බොරු තොරතුරු දෙන්න කිව්වොත් කලබල වෙන්න එපා. එක වචනෙ තුන්පාරක් කියලා වෙලාව අපිට විරාමය අරගෙන දෙන්න. මොකද තුන්වැන්නෙක් අපි බලාපොරොත්තු නොවුනත් , එහෙම වෙන්න බැරිත් නැහැ. මෙතනදී සවන්දීමට මුල්තැන දෙන්න. ඒ විරාමයෙදී මම ඔයාගෙ ආරක්ෂාව ගැන ක්ෂනිකව බලාගන්නම්. මොකද එහෙම අවස්ථාවක ඔයාට ක්‍රියාත්මක වෙන්න බැහැ. තත්පරයක මිස් එකකින් මගෙ හොඳම හිතවතෙක් ම⁣ට අහිමිවෙනවා. වෘත්තිය පැත්තකින් තිබ්බත්. ඒ හන්දා මම ඒකට ඉඩක් කොහොමත් දෙන්නෙ නැහැ. ඒ හන්දා කරුණාකරල පරිස්සමෙන් වැඩ කරන්න නියෝජිත ජනිත්.

**අනිවාර්යයෙන්ම සර්.

*සර් ඒ තරම්ම කෙරුමො ටිකක්ද එන්නෙ…?

එහෙම කියන්න අමාරුයි. හැබැයි අපිට එහෙම නෙමෙි කියලා අවතක්සේරුවකට වැඩ කරන්නත් බැහැ කසුන්. මොකද මෙි එන්නෙ ජිල් ගහන්න නෙමෙි කොන්ත්‍රාත් එකකට මිනිහෙක් මරන්න.

*ඔව් ඒකත් ඇත්ත තමයි.

හරි… ඊලඟට. මම ඉන්නෙ ඉදිරිපස දොරටුව ලඟ. හරියටම දොර අරිනකොට
මාව වැසෙන පරිදි. එතකොට කසුන් ඉන්න පසුපස දොර ලඟ. හැබැයි මෙතනදී පහරදීමෙි සැළසුම වෙනස්. මෙතනදී අපි පහර දෙන්නෙ ``ඈන්ගල් ෂොට් මෙතඩ් ´´ ( කතිර ක්‍රමය ඉදිරි පසින් එන සතුරාට කතිර ක්‍රමයට ) එකට. ඒ කියන්නේ තමන්ව පසුකරන සතුරාට නෙමෙි තමන්ට ඉදිරියෙන් ක්ෂනිකව මතුවන සතුරාට. එතකොට අපි දෙන්නා ෂූට් කරනකොට ඉබෙිටම කතිර ක්‍රමයක් නිර්මාණය වෙනවා. අපි හරියටම උන්ගෙ අත්වල හැරවුම් කොටසට , එහෙමත් නැත්නම් මැණික් කටුවට තියන්න ඕන.
එතකොට උන් අතින් පිස්තෝලය ගිලිහෙනවා. ඊට පස්සේ තමයි. අපි ලඟ ඉන්න ප්‍රතිවාදීයට පහරදීලා මෙල්ල කරගන්න ඕන. එතකොට උන්ට හිතාගන්න බැරිවෙනවා. වෙඩි තිබ්බෙ එකෙක් පහර දෙන්නෙ ලඟ හැංගිලා හිටපු එකෙක්. ඒක විශ්මයජනක ප්‍රහාරයක්. එතකොට තමයි වැඩෙි සාර්ථක කරගන්න පුළුවන් වෙන්නෙ. එතකොට නියෝජිත ජනිත් මම කියනකම් නැගිටින්න එපා. සැළසුම පැහැදිලියි නේද. ප්‍රශ්න තියනවද මහත්වරුනි.

*නෑ සර්… ඒක තමයි හොඳම ක්‍රමය.

**එතකොට සර් තුන්වන පාර්ෂවයක් එතන එලියෙ හිටියොත්…?

වැදගත් කාලෝචිත ප්‍රශ්නයක්. එහෙම වුනොත් කිසි වගවිභාගයක් නැහැ. ගහලා දාන්න. එච්චරයි… අර විදිහට වුනොත් උන්ට මම ගහලා දාන්නම්.

**හරි සර්….

හොඳයි අපි දැන් කාලා ඉමු. ඔය දෙන්නා කන්න මම එලියෙන් ඉන්නම්. මොකද අඳුර වැටෙන්න ලඟයි. කෑමට විනාඩි පහයි දෙන්නේ.

*හොඳයි සර්…

මිනිත්තු කීපයකට පසු. තතිදෙනාම රාත්‍රි දුරදුරදක්නයන්ද දමාගෙන තම තමන්ට ආවේණික තැන්වල අඳුරේම ස්ථාන ගතවෙලා ප්‍රතිවාදී වෙඩික්කරුවන් වතු පරිශ්‍රයට ඇතුල්වන තෙක් ඉවසිල්ලෙන් බලා සිටියෙමු. හෝරා දෙක හමාරක් පමණ ගතවුනද කිසිම හැලහොල්මනක් නොවීය. රාත්‍රි නමය පසුවී විනාඩි තුනයි.

**සියරා ටැංගෝ ඔබ හරි. ඔබ කියු පරපරිදිම කළු කබා ඇඳගත් දෙන්නෙකු
වත්ත පිටුපසින් වගේම , ඉදිරිපසින් එනවා. ඕවර්..

සියරා ටැංගෝ ෆෝර් ජූලියට් ෆයූ කොපිඩ්. රේන්ජ් ( දුර ) එක දක්වන්න.

**දෙන්නම මීටර් පනහක වගේ ඉන්නෙ ඕවර්.


සියරා ටැංගෝ ෆෝර් ජූලියට් ෆයූ කොපිඩ්. මීටර් දහයෙන් දහයට කරුණු දක්වන්න ඔවර්.

**රොජර් ඔවර්…

සියරා ටැංගෝ ෆෝර් සියරා චාලි. ඔබ අහගෙනද ඉන්නෙ.

*සියරා චාලි ෆෝර් සියරා ටැංගෝ කොපියඩ්. සේරම පැහැදිලියි ඔවර්.

සියරා ටැංගෝ ෆෝර් සියරා චාලි රොජර්..
අවධානයෙන් ඉන්න. අපි හරියටම කරමු.

*සියරා චාලි ෆෝර් සියරා ටැංගෝ කොපියඩ්.

මගෙ අණ පරිදි නියෝජිත J50 විසින් තත්ව වාර්තාව නිවැරදිව ලබාදීමෙන් පසු.
දොරගුළු වලට එක් වෙඩිල්ලක් තබා දොර අගුළු කඩාගෙන වෙඩික්කරු ඇතුල් වනවාත් සමග දෙවව වෙඩික්කරුත් පිටුපසින් ඇතුල්විය දෙදෙනාම මගෙ විධානයට අඳුරේම වෙඩි තැබුවෙමු. පසුව මා අසල සිටි ප්‍රතිවාදියාට අතමිට මොලවා වේගවත් පහරවල් කීපයක් මුහුණට වදින ලෙස ගසා , අවසානයේ වෙිගවත් පා පහරක් පපුවට එල්ල කරවිට අඩි තුනක් පමණ විසිවී වැටෙන්නට විය. පසුව කසුන් දෙස බලනවිට ඔහු දෙවන ප්‍රතිවාදියා මෙල්ලකර ගන්නට සමත් විය. මට හැගෙන විදිහට ඔහුගෙ පහරවල් මාරාන්තික පහරවල් වන්නට ඇති.
කෙසේ වෙතත් මෙල්ලකිරීම් සාර්ථක වූවායින් පසු දෙදෙනාටම මාංචු දමා බිම දණ ගැස්සුවෙමි.

කසුන් ලයිට් දාන්න.

*ok තේනුවර …

සියරා ටැන්ගෝ ෆෝර් ජූලියට් ෆයූ මෙල්ලකිරීම් සාර්ථකයි. ඔතනින් ඉවත්වන්න…

**ජූලියට් ෆයු ෆෝර් සියරා ටැංගෝ කොපියඩ්.

මද වේලාවකට පසු නියෝජිත J50 නිවසට ඇතුල්විය.

බොහොමයක් ස්තුතියි මහත්වරුනි.
හොඳයි.. මම උඹලා දෙන්නගෙන් එකම ප්‍රශ්නයයි අහන්නෙ. කවුද බ්‍රැස්ට්යන් අල්මේදා කියන්නේ.

කසුන් විසින් දෙදෙනාගෙම මුහුණු ආවරණ ගැලවීය. දෙදෙනාම මුහුණෙන් මුහුණ බලාගත්තා මිසක කිසිදු වචනයක් පිටකලේ නැත.

*පුදුම වෙන්න දෙයක් නැහැ ඇහුනනෙ අපි මොකක්ද අහපු ප්‍රශ්නය කියලා. ආයේ බයිලා වැඩක් නැහැ. අපිට ඕන උත්තර විතරයි.

නිහඬතාවයෙන් පෙනී යන්නෙ උත්තර දෙන්න අකමැති බවයි මහත්වරුනි.
සුපුන් මහත්තයා මොනවාහරි කරන්න වෙයි නේද…?

**සර් කකුලක් ඔළුවක්ද…?

හ්ම්ම්… දැනට කකුලක් හොඳයි. නියෝජිතයා තම සයිලන්සරය සහිත පිස්තෝලයෙන් වෙඩිල්ලක් ප්‍රතිවාදියෙකුගෙ දණහිස තැබීය. වෙඩි කෑ ඔහු මොරදෙන්නට විය.

මොකද උඹලට වෙිදනයිද…? එතකොට උඹලා මෙතෙක් කාලයක් මරපු මිනිස්සු ඉටිපන්දම් හඳුන්කූරුද …? උන්⁣ට වේදනාවක් දැනුනෙම නැද්ද ..? මට උත්තරය ලැබෙනකම් මම උඹලගෙ එක එක අවයවය බැගින් ගලවලා දානවා. ඒ වැඩෙි කරන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ. මම නැවත අහනවා. කවුද බ්‍රැස්ට්යන් අල්මෙිදා කියන්නේ….?

එකෙකු - සර් සර්… මම කියන්නම්. ඒ අපේ නායකතුමා…

නායකතුමා… යකෝ මිනීමරන එවුන්ටත් තුමන්ලා ඉන්නවද…? හොඳයි හොඳයි ඔබතුමන්ලා කියමු බලන්න කවුද ඒ උතුමාණන් කියලා. මෙි බලපල්ලා මුනිවත රැක්කා කියලා උඹලට කවදාවත් ගැලවෙන්න ලැබෙනවා බොරු. මොකද අපිට උඹලගෙන් වැඩක් නැහැ. අපිට ඕන මහඑකා විතරයි. කොහොමත් කට්ටියට වැඩි ආයුෂ ප්‍රමාණයක් ඉතිරිවෙලා නම් නැහැ රජෝ.

*තේනුවර මහත්තයා එකදිගට දෙක තුනක් ගලවලා දාන්න වෙනවා.
නැත්නම් කට ඇරෙන්නේ නැහැ.

පොඩ්ඩක් ඉන්න නාරද මහත්තයා. අවසන් වතාවට අහන්නෙ. මම ආයේ අහන්නේ නැහැ.

අනෙකා - සර් අපි ඇත්තටම දන්නෙ නැහැ. හැබැයි අපිට කොන්ත්‍රාත්තුව දෙන්නේ බ්‍රැස්ට්යන් සර්ගෙ පුතා තමයි.

හ්ම්ම්… එහෙමත් එකක්ද …? එතකොට මෑන්ගෙ නම මොකක්ද …?

අනෙකා - විල්බට් අල්මේදා.

හ්ම්ම්… ඔය නම් දෙකම බොරු නම් නෙ අයිසේ. එතකොට මට කියනවා ඇත්ත නම් මොනවද කියලා.

පලමු එකා - මහේෂ් ජීවානන්ද…?

නියමයි තමුසෙලා හිතුවද අපි හාවො කියලා. නැට්ට පස්සෙ ගහගෙන අන්දන්න. මහේෂ් ජීවානන්ද කියන්නේ පුතා නම් , තාත්තා ඩග්ලස් ජීවානන්ද නේද..? නමුත් පාතාලය හසුරවන්නේ ඔය නම්වලින්. දානමාන පිංකම් කරන්නේ ඇත්ත නම් වලින්. නරි නාටක තමයි නේද…? හ්ම්ම්… බොහොම හොඳයි.
එතකොට ඇමති ඩග්ලස් ජීවානන්ද තමයි
මහඑකා. බොහොම සතුටුයි. එතකොට Uniself වාහනය පාවිච්චි කරන්නේ තාත්තද , පුතාද…?

අනෙනා - පුතා සර්…

එතකොට උඹලා දන්නවද තාත්තලා , පුතාලා එක්වෙලා ගහන අළුත් ගේම්එක මොකක්ද කියලා …?

නෑ සර්.. (දෙදෙනාම එකවර )

යටගිය දවස බරණැස් නුවර ඉඳලා අපිට කියන්න බැහැ. උඹලා දෙන්නා යම රජ්ජුරුවන්ගෙන් අහගනිල්ලා. කියමින් දෙදෙනාගෙම ඔළු ගෙඩි වලට එක උණ්ඩය ගානේ මුදාහැරියෙමි.

**මොකක්ද සර් කලේ. අපිට චාන්ස් නැද්ද..?

කලබල වෙන්න එපා මහත්වරුනි. ඉඉදිරියේදී තවත් සහන රැසක් බලාපොරොත්තුවන්න..

**එහෙම කියපු අය යට ඇඳුමත් දාලා නේද ගියේ. හා කමක් නැහැ. අපි ⁣මුන් දෙන්නා පැක් කරලා බොරැල්ල කනත්තට අරගෙන යමු නේද සර්.

ඔව් මහත්වරුනි. අපි දැන්ම යන්න ඕන.
අපි කරන කිසිම දේක සාක්ෂි ඉතුරු කරන්න නරකයි. එහෙම වුනොත් වැඩෙි ගැස්සෙනවා. ඉක්මනට අපි මෙතනින් යායුතුයි.


මතු සම්බන්ධයි……




Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now