⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 13 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉන්පසු මෙතන ඉන්න කීප දෙනෙක් ප්‍රාණ ඇපයට තබාගෙන. යාල යන ගමන සිහියෙන් යුතුව යායුතුයි.
එසේනම් ඊලඟ පියවර තරමක ප්‍රචන්ඩකාරිව කටයුතු කල යුතුයි.


මෙතැන් සිට ……

වහාම සයනෙන් නැගිටගත් මා කාමරයේ
වසනලද දොර අසල ගියේ ක්ෂනික පහරදීමකටය. මා දන්නා එකම කරුණ නම් මාදෙස මාගෙ සහය පරීක්ෂකයින් ⁣දෙදෙනා ඇහැගහගෙන ඉන්න වගය. කෙසේ නමුත් ඊලඟ එන්නත මගෙ ශරීරගත වුනොත් ලොකු ප්‍රශ්නයකට මට මුහුණ දෙන්න සිදුවේවි. ඉතාමත් ඉවසීමෙන් ගිය දෙදෙනා නැවත එනතුරු දොර අසල රැඳී සිටියෙමි. මද වේලාවකට
දොර විවෘත කරගෙන එක් අයෙකු කාමරයට ඇතුල්වනවිට මා දකුණු අතේ මැඳගිල්ලෙන් මැන්ටිස් ( වන්දා යන කුඩා සතාගෙ ඉරියව් අනුකරණය කරමින් ශරීර නිලයන් වලට එල්ල කරන කුඩා පහරකි) පහරක් ⁣ප්‍රතිවාදියගේ බෙල්ලේ බල නහරයකට එල්ල කෙරුවෙමි. සිදුවූ දේ වටහා ගැනීමට නොහැකිව තුෂ්විභූත වූ ඔහු⁣ට ඔහුගෙ දකුණු අතෙහි වැලමිට පහරදී , ඔහු අත තිබූ එන්නත් සිලින්ජරය
ඔහුගේම බෙල්ලට විද්දෙමි. කෑගසන්නට ඉඩක් නොදී අත්ලෙන් මුව වසා ,වම් දණහිස නැම්මට පහරදී දණ ගස්වා , මුහුණ හරහා අතමිට මොලවා පහරක් ගැසුවෙමි. සිහිසුන්ව ක්ෂනිකව බිම වැටුනු පසු. දෑතින් අල්ලාගෙන බිම ඇදගෙන ගොස් , කාමරයේ මුල්ලකට ඇද දැමුවෙමි. මෙි සිදුවීමට තත්පර කීපයක් පමණක් ගතවිය.

උළුවස්ස ලඟට විත් වහාම දොර වැසුවෙමි…

`` නලින් …. නලින් … කෝ බං මූ ´´ යනුවෙන් ඈතින් අනෙකාගෙ හඬ ඇසෙන්නට විය. පියවර හඬ ක්‍රමයෙන් තිව්ර වන්නට විය. එසේනම් තමන් දෙසට එන දෙවැන්නා එන බව තහවුරුයි.
නැවතත් දොර විවෘත කරනවිට මා වැසෙන පරිදි සිටගත් මා ඔහුද එනතුරු බලාපොරොත්තුවෙන් කුරුමානමින් සිටි මාව පසුකරනවාත් සමග බෙල්ලෙන් අල්ලා මුහුණට පහරවල් කීපයක් අත මිටමොලවා එල්ල කෙරුවෙමි. වේගයෙන් දොර වසා. නහයෙන් ලේ වහනය වී ඇදවැටුණු ප්‍රතිවාදියා නැගිටින විට මගෙ දකුණු කකුල ඔසවා අංශක තුන්සිය හැටෙි පහරක් මුහුණ හරහා වදින පරිදි එල්ල කෙරුවෙමි. එම පහරින් ඔහුද සිහිසුන්ව ඇදවැටුනි. ඔහුද බිම දිග
ඇදගෙන ගොස් නලින් අසලට දමා , එන්නතේ ඉතුරු බෙහෙත් ටික මොහුගෙ ගෙලෙහි බල නහරයකට විද්දෙමි.

පසුව දොර වසාදමා එම කාමරයෙන් මා එලියට හෙමින් සීරුවෙ එනවිට දෙදෙනෙක් ආලින්දයේ සෝපාවක වාඩිවී රූපවාහිනි යන්ත්‍රයේ දිස්වන ටෙලි නාට්‍යයක් බලමින් සිටින අතර , ශබ්දය වැඩිකර ඇති බැවින්. මගේ ක්‍රියාකාරකම් මොවුන් දෙදෙනාට නොඇසෙන්නට ඇති. හෙමින්සීරුවෙ පහත්වී සෝපාවට පිටුපසින් කිට්ටු වූ මා , එකෙකුගෙ කුඩා මොලයට අත්ලෙන් පහරදී , අනෙකාගේ බෙල්ලෙන් අල්ලා ඉහලට ඔසවා විසික්කර , මුහුණට විලුඹ වදින පරිදි පා පහරක් ගසා බිම දැමුවෙමි. `` තේනුවර දොර අරින්න ´´ කියමින් නිවසේ එලියේ සිට නියෝජිත ජනිත් මුමුණන්නට විය.
මා වහාම දොර විවෘත කරනවිට එකවරම දෙදෙනාම තම පිස්තෝලයන් ඉදිරියට මානගෙන නිවසෙහි ආලින්දයට ඇතුල් විය.

කෝ මගෙ භාණ්ඩය ….?

*මෙන්න ගන්න .. කියමින් මි:මී නමයේ පිස්තෝලයක් මගෙ අත තැබීය.

එය උදුරාගත් ගත් මා එහි ස්ලයිඩරය පස්ස⁣ට ඇද දමා , සුපුන් මෙතන බලාගන්න. කසුන් අපි ඉතුරු කාමර ටික බලමු කියමින් දෙකට බෙදී සෑම කාමරයක් ම පරික්ෂා කරා.

Report the situation ..

*negative sir…

Ok… නියමයි. අර කාමරයේ දෙන්නෙක් පැය ගාණකට නිදහස්. එකෙක් ගෙ නම නලින්. එතකොට මුන් දෙන්නගෙන් මූ තමයි හිඟන්නන් ඩීල් කරන්නේ. ඒ හන්දා මූට සිහිය අරගෙන දන්න සේරම වමාරවමු. දෙදෙනාගෙම දෙඅත් පිටුපසට තබා පුටු දෙකක ඉන්දවා , ගැට ගසා පිහියවි සිහිය එනතුරු වතුර ඉසීය. වැදුනු පහරවල් තදබල හේතුවෙන් සිහිය ප්‍රකෘතිවීමට ස්වල්ප වෙිලාවක් ගතවිය.

හ්ම්ම්… කොහොමද මහත්වරුනි. පුදුමයි නේද හිඟන්නෙක් පාරවල් ටික. සැරටම වැදුනා නේද…? එහෙම තමයි මගෙ හැටි
මම කන්න දෙනකොට දෙනවා මදි නොකියන්නම.

පලමුවැනියා - ක ක කවුද තමුසෙලා …?

හැමෝටම අහන පොදු ප්‍රශ්නය ඒක තමයි. අපි කවුද ….? හැබෑටම අපි කවුද
කසුන් මහත්තයා..?

*අපිත් තවම හොයනවා අපි කවුද කියලා..

ඒකනෙ. ඒ හන්දා අපි කවුද කියනඑක වැදගත් නැහැ. හැබැයි අපි දැන් දැනගන්න ඕන දේවල් මුළු රටටම නෙමෙි ලෝකයටම වැදගත් වෙනවා. හරි.. අපි මාතෘකාවට බහිමු. ප්‍රශ්න අහන්නෙ අපි විතරයි. උත්තර අපිට නිවැරදිව ලැබුනොත් උඹලා දෙන්නා ගොඩ. නැත්නම් අඩි පහක් යට.

**නිවැරදි පිලිතුර සපයා මරණයෙන් බේරෙන්න.

ඔව් සුපුන්.. හොඳයි පලවෙනි ප්‍රශ්නය

උඹලගෙ මෙි ජාවාරමෙ ප්‍රධාන ගැණුම්කරුව කවුද.. මෑන් කොහෙද ඉන්නෙ.

පලමුවැනියා - අ අ අ අපි දන්නෙ නෑ සර්….

හ්ම්ම්… එහෙමද කියමින් ``චස් ´´ හඬ නංවමින් මගෙ පිස්තෝලයෙන් ඔහුගෙ කණට අසලින් එක් උණ්ඩයක් නිදහස් කෙරුවෙමි.

මම සාමාන්‍යයෙන් අවස්ථාවන් දෙනවා අඩුයි. ඊලඟ උණ්ඩය ඔළුව හිල්කරගෙන යයි.

පලමුවැනියා - කි කි කි කියන්නම් සර්..

*කියපං ඉක්මනට…

පලමුවැනියා - සර් අපි දන්නෙ නැහැ. මෙි මිනිස්සු මොනවටද ගෙනියන්නේ කියලා. අපි උන්ව අඳුරන්නෙත් නැහැ.

හරි උඹලා උන්ව දන්නෙ නැත්තෙ ඇයි.
මොකක්ද හේතුව …?

පලමුවැනියා - සර් අපි ගෙනියන අය දාගන්නෙ ලොකු වෑන් එකකට. උන් දෙන්නා මුහුණු වහගෙන ඉන්නෙ. අපිට සල්ලි දුන්නා. උන් ගත්තා . ගියා එච්චරයි. සර් මම පවුල් කාරයෙක්. මගෙ ගෑණි දරුවන්ගෙ නාමයෙන් දිව්රනවා.

**ඈහ් බොල තොට වෙන රස්සාවක් තිබුනෙම නැද්ද පවුල ජීවත් කරන්න.
පරයා.. කියමින් නියෝජිත J50 විසින් මුහුණ හරහා පහරක් ගැසීය. සර් මොකද කරන්නේ මූව ඩවුන් කරනවද…?

එපා සුපුන්… අපි බලමු මූ ඇත්තමද කියන්නේ කියලා. ගනින් ගෙදරට කෝල් එකක්. උඹ ගන්න නම්බරෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන් උත්තරයක් ලැබුනොත් උඹට බේරුමක් තියෙනවා. නැත්නම් උඹ කුඩු. පහර කෑ ප්‍රතිවාදියාගේ සාක්කුවට අත දමා දුරකථනය අතට ගන්නා ලදි.

**කියපං මොකක්ද නම්බර් එක…

පලමුවැනියා - සර් ගෙදර නම්බර් එක ඇති ගෙදර කියලා.

**හරි ඉන්නවා බලන්න.. කියමින් නියෝජිත J50 යම්කිසි අංකයකට ඇමතුමක් ගත්විට සුළු මොහොතකට පසු `` තාත්තෙ මම ගෙදර ආවා. ඔයා කොහෙද ඉන්නෙ ´´

පලමුවැනියා - පු පු පුතේ.. මම හවස ගෙ ගෙදර එන්නම් පුතා පරිස්සමෙන් ඉන්න..

`` ඇයි තාත්තා මොකද ගොත ගහන්නෙ ´´

පලමුවැනියා - නෑ පුතේ.. මම තියෙන්නම්…

``හරි තාත්තේ ´´

හරි… උඹට ජීවිත දානය ම දෙන්නම්.
උඹලා දන්නවද උඹලා ඔය විකුණන මිනිස්සුන්ට කරන වැඩෙි මොකක්ද කියලා….?

***අපිට එහෙම දැනුමක් නෑ සර්..

මෙි ගෙනියන මිනිස්සුන්ට විවිධ වර්ගයේ වසවිෂ දිදී අත්හදාබැලීම් කරනවා. උඹ කැමතිද උඹේ ගෑණි දරුවට එහෙම කරනවට.

පලමුවැනියා - නෑ සර්…

එහෙනම් උඹලා අසරණ මිනිස්සු වධකාගාරවලට විකුණලා දරුපවුල් නඩත්තු කරන්නේ. උඹලට විතරක් නෙමෙි දරුවන්ගෙ දරුවන්ටත් ශාප වෙනවා. එතකොට උඹ … (මෙතෙක් වෙලා නිහඬව සිටි අනෙකා දෙස බලමින්)
උඹටත් මරණය නියතයි. උඹලා දන්න සේරම කිව්වොත් උඹලට ගැලවීමක් අපෙන් ලැබෙයි. නැත්නම් ඉවරයි. මොකද
අපි අපරාධකරුවන්ට අනුකම්පා කරන්නේ නැහැ.

දෙවනියා - සර් අපි එහෙම ලොකු දේදේවල් දන්නෙ නැහැ.

**උඹත් දරුපවුල් කාරයෙක්ද …?

දෙවනියා - නෑ සර්.

හ්ම්ම්… හරි.. උඹලා කියන්නේ උන් උඹලා එක්ක ගණුදෙනු කරාට, උඹලට විස්තර කරන්න කිසිම විශේෂ දෙයක් නැහැ කියලද…?

දෙවනියා - ඔව් සර්.

හොඳයි.. උඹලට කොයිවෙිලේ හරි මෙි නම්බර් එකෙන් කෝල් ඇවිත් තියනවද..?
( කියමින් මුල් දිනයේ කොස්ටපල් ජයසූරිය වෙත ඇමතුමක් ගත් දුරකථන අංකය පෙන්නුවෙමි ) හ්ම්ම් ත⁣මුසෙත් මෙික බලනවා.. තමුසෙලා දෙන්නගෙන් කවුරුහරි මෙි නම්බර් එක අඳුරනවද කියලා.

දෙවනියා - නෑ සර්…

පලමුවැනියා - සර්… මට මතකයි. එකම එක වතාවක් මෙි නම්බර් එකෙන් කෝල් එකක් ආවා.

කවද්ද … ? කාටද …?

පලමුවැනියා - දැන් සති දෙකකට කලින්.

හරියටම කවද්ද …? අර විනීත ජයසිංහ කියන මහාචාර්යවරයා මැරුණ දිනේද..?

පලමුවැනියා - ඔ ඔ ඔව් සර්. එදා තමයි.
එදා උදේ නලින් අයියට කෝල් එකක් ආවා මෙි නම්බර් එකෙන්.

**නලින් කිව්වෙ අර ඇතුලෙ කාමරෙ ඉන්න හාදයද..?

පලමුවැනියා - ඔව් සර් ඔව් ..

*ඉතින් මෑන් මොනවද කිව්වෙ …?

පලමුවැනියා - සර් මට ඇහුන විදිහට. ඒ මහත්තයව පැහැරගන්න කියලා තමයි කිව්වෙ.

**වැඩෙිට කීයක් දුන්නද…?

පලමුවැනියා - මම හිතන්නේ සර් ලක්ෂ පහක් විතර දුන්නා වැඩෙිට.

නියමයි නියමයි ( අත්පුඩි ගසමින් )
නියමයි … එතකොට ඒ කේස් එකට තමුසෙලා දෙන්නා සම්බන්ධ ද…?

දෙවැන්නා - නෑ සර්. දෙවියන් පල්ලා. නැහැ සර්…

බොහොම හොඳයි… එතකොට ඇතුලෙ ඉන්න එවුන් දෙන්නා ගැන අපි බලාගන්නම්. එතකොට උඹලා දෙන්නා ඇතුලෙ ඉන්න එවුන් දෙන්නව පාවාදුන්නා නේද…?

පලමුවැනියා - සර් අපි සේරම වැරදි කරන එවුන්. ඉතින් පාවාදුන්නට කමක් නැහැ.

හොඳයි… සුපුන් මුන් දෙන්නව ලිහලා දාන්න.

**හරි…

මතක තියාගනිල්ලා උඹලා දෙන්නා මට නැවත මෙි ලංකාවෙ කොහෙවත් මුලිච්චි වෙන්න බැහැ. ඒ වගේම නැවත මෙි අපරාධ කරලා අහුවෙන්නත් බැහැ. අපි වගේ කණ්ඩායමක් මෙිගැන හොයනවා කියලා කටක් ඇරලා තිබ්බොත් , උඹලගෙ දරුපවුල් ගැන තියෙන ආශාව අත්හැරපල්ලා. මොකද ලංකාවෙ හැම අස්සක් මුල්ලක් නෑරම අපෙ මිනිස්සු ඉන්නවා. අපි උඹලා ගැන ඇහැගහගෙන ඉන්නෙ හරිද..

හරි සර් ( දෙදෙනාම )

*හරි දැන් පලයල්ලා අපේ දෑහැට නොපෙනී.

**සර් උන් දෙන්නා කියපු දේවල් විශ්වාස කරන්න පුළුවන් ද…?

පුළුවන් සුපුන් … උන් දෙන්නගෙ ශරීර ඉරියව් අනුව. මුහුනේ හැසිරීම් අනුව උන්ගෙ විග්‍රය හරි කියලා මට අනුමාන කරන්න පුළුවන්. එතකොට ඇතුලෙ එවුන් දෙන්නා ගැන බලාගමු. උන්දෙන්නා ඇහැරෙනතුරු අපිට ඉන්න වෙනවා. ඊට කලින් උන් දෙන්නට මාංචු දාන්න. දාලා අපි වෙන තැනකට අරගෙන යමු. මෙතන වැඩිවෙලා රැ⁣ඳෙන එක එතරම්ම හොඳ මදි. ස්ථානය වෙනස් කරාම මෙි දෙන්නා ඇහැරෙනකොට පුදුම වෙන්න ඕන.

*හරි සර්..

තිදෙනාම එකතුවී ඉතිරි ප්‍රතිවාදීන් දෙදෙනාට මාංචු දමා. වෑන්රියට දමා එතනින් පිටව යන ලදි. ඒ අතරතුරදී මා මොවුන් දෙදෙනාගෙ දුරකථනයන් වෙන වෙනම පරික්ෂා කරන අවස්ථාවෙිදී නලින්ගේ දුරකථනයේ කීප විටක්ම
කලින් සඳහන් කරන ලද ඇමතුම් අංකය සටහන්ව තිබුනි. එය සටහන්කර තිබුනේ
බී.ඒ යන කෙටි නමකින්ය.

හ්ම්ම්… හොඳයි මහත්වරුනි අපි යමු බලන්න පාළු තැනකට මෙයාලගෙ සුවදුක් විමසන්න.

**යමු සර්.. කියමින් වෑන්රියේ වෙිගය වැඩිකරන්නට විය.


මතු සම්බන්ධයි……




Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now