නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 27
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
27 වන දිගහැරුම
( අතීත කථාව )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මම එහෙම දන්නෙ නැහැ. මගෙ අර නාකියත් එක්ක වෙඩින් එක ගත්තෙ එහෙ
තියෙන උත්සව ශාලාවෙ.
හ්ම්ම්… එහෙමද… ?
මිනිත්තු කීපයක් අප දෙදෙනා අතර නිශ්ශබ්දතාවයක් ඇතිවූයේ ඇගේ පරණ
මකතය සැණෙන් ඇවිස්සී ගිය නිමාවෙනි.
මෙතැන්සිට ……….
මද වෙලාවකට පසු දුරකථනයට කෙටි පණිවිඩයක් ආවේය. “සර් අපි සර්ගෙ පස්සෙන් එනවා අපිට බැහැ මෙි වෙලාවෙ සර්ව තනිකරන්න”
“ඕකෙේ” යනුවෙන් කෙටියෙන් පිලිතුරු දී
නැවත දුරකථනය සාක්කුවට දමා ගත්තෙමි.
*කවුද මහත්තයෝ.
නෑ කැරොලිනා. ඒක මෙි කස්ටමර් සර්විස් එකෙන්.
*හ්ම්ම්… ඔතනින් වමට හරවන්න.
මැයගේ මාර්ග උපදේශකත්වය හරියටම පිලිපදිමින් මද වෙලාවකට පසු අඹ සෙවණ තානායමට අපිට ඒමට හැකිවිය.
*ඔන්න අපි ආවා.. අන්න අතන පාක් කරන්න.
හරි… රථගාලට ගොස් මෝටර් රථය නවතා දැමුවෙමි. පසුව දොර ඇරදමා එලියට බහිනවිට.
*එන්න මාත් එක්ක. කියමින් ඇය මා පසුකර ඉදිරියට ගමන් ගත්තාය.
**මැඩම් රූම් නම්බර් සෙවන් නම් එම්ටි.
ඒක දෙන්න පුළුවන්.
*ඒ කියන්නේ උඩ තට්ටුවෙ නේද.. ?
**ඔව් මැඩම්.
*හොඳයි කමක් නැහැ. ඒක මට දෙන්න..
**අයිඩී ප්ලීස්…
*ආ.. මෙන්න.
**මෙන්න අයිඩී එකයි යතුරයි මැඩම්.
*යමු මහත්තයෝ.. කෝ එන්න යන්න. ඔයා
පොඩි ළමයෙක් වගේ නෙ.
හතරෙ කාමරයට ඇතුල්වූ පසු ඇයම දොරගුළු දැම්මාය.
*අපෝ මහත්තයෝ.. ඔයාට මොකද හෙි වෙලා තියෙන්නෙ. මෙහෙ එන්න. මම ඔයාව ගිලින්නෙ නැහැ. එන්නකො මෙතනින් වාඩිවෙන්න.
හරි හරි … දැන් ඔයා කොහෙද යන්නේ .. ?
*ඉන්නකෝ… මම මෙි සාරිය ඇඳගෙන එන්නම් මට විනාඩියක් දෙන්න.
හ්ම්ම්… හ්ම්ම්… ඔයාගෙ කැමැත්තක්.
කාමරයකට සීමාවී අඩහෝරාවක් පමණ කාලයක් ගෙවාගෙන යන්නට මා මහත්
පරිශ්‍රමයක් දරන්නෙමි. බැරිම තැන ජනේලය අසලට ගොස් කර්ටන් රෙද්ද දෙපසට කර පේනමානයේ අවට බැලුවෙමි. ඈතින් එකවරම යමක් දිපිසෙන්නට විය. මා එය නොදැක්කා සේ දුරකථනය අතට ගෙන නියෝජිත ජේ50 වෙත ක්ෂණිකව කෙටි පණිවිඩයක් යැව්වෙමි. “මම දන්නවා ඔය දෙන්නා මෙි ලඟපාත ඉන්නවා කියලා. මගෙන් නැවත ප්‍රශ්න අහන්න එපා. දැන්ම මෙතනින් පිටවෙන්න. මෙික අණක්. දැන්ම යන්න නියෝජිතවරුනි”
මද වෙලාවකට පසු “ඕකෙ සර්” යනුවෙන් කෙටි පණිවිඩයක් ලැබුනි. මා සේරම කෙටි පණිවිඩ මකාදමා දුරකථනය සාක්කුවට එබුවෙමි.
*මහත්තයෝ මෙහෙ එන්න.. කෝ ඉතින් මෙහෙ එන්නකො… හා.. මෙි ඉන්නෙ. මෙි බලන්න මම ලස්සනයි ද කියලා.
ඇය දුටු මා සැබැවින්ම මවිතයට පත්විය.
කැරොලිනා. ඔයා හරිම ලස්සන කෙල්ලෙක්
(දැන් තමයි මෙයාගෙ පරණ තුවාලය අවුස්සන්න හොඳම වෙලාව )
*ඔය ඇත්තමද.. ?
ඔව් සීදේවි වගේ. ඇත්තටම ලස්සනයි. මට හිතාගන්නවත් බැහැ මෙි වගේ රෝස මලක් , අර වගේ වියපත් බඹරෙක් කෙලෙසුවා කියලා. කියමින් මා ඇයට පේන්නට දත්මිටි කමින් අත මිට මොලවා ඇඳ පත්තට වැරෙන් පහරක් ගැසුවෙමි.
එකවරම ඇඟ අඩපණ කරගත් ඇය ඇඳමත වාරු නැතුව ඉඳගන්නට විය. ඇය වැටෙිවි යැයි සිතමින් මා පැනපු ගමන් ඇයව අල්ලාගෙන ඇඳ මත වාඩිවී ඇයව මගෙ ලය මත හොවා ගත්තෙමි. (නියමයි මාධව දිගටම කරගෙන යමු. මගෙ යටිසිත මට මුමුණන්නට විය) ඇය කෑගසමින් හඬා වැටෙන්නට විය. තව තවත් තදින්ම මගෙ ලයට තුරුළු විය.
ඇයි ඔයාට මෙහෙම වුනේ. ඇයි ඔයා ඔයාවම කෙලෙස ගත්තෙ මැණිකෙ. මට කියන්න. ඔය හිතේ තෙරපෙන පීඩනය පිටකරන්න. ඔයාගෙ හිත සැහැල්ලු කරගන්න. ඔයා දන්න සේරම මට කියලා ඔයා නිදහස් වෙන්න ටික වෙලාවකට හරි.
*මහත්තයෝ ( ගැඹුරු හඬින් ) ඔය ෆෝන් එක ඕෆ් කරන්න. මට අද ඔයාව ඕන.
හ්ම්ම්… ඉන්න. ඔන්න ඕෆ් කරා. විනාඩි පහක් විතර ඇය ඇගේ කඳුලින් මගෙ ලය තෙත් කලාය. පසුව ඇයද තම බෑගයට අතදමා ජංගම දුරකථනය අතට ගෙන එය ක්‍රියා විරහිත කලාය.
*ඔයත් ඕෆ්. මමත් ඕෆ්.. දකින එකෙක් ඕන දෙයක් හිතපුවාවෙ.
ඔය කඳුළු පිසදාගන්න මැණිකේ.
*ඔව් මම ඔයාට කියන්නම්. සේරම කියන්නම්.
( ජැක්පොට් මාධව ) හ්ම්ම්… ඔයාට එහෙම කියන්න හිතෙනවා නම් කියන්න. බැරිනම් නොකියා ඉන්න කමක් නැහැ.
*නෑ මගෙ මහත්තයෝ. මම අද සේරම ඔයාට කියලා මගෙ හිත නිදහස් කර ගන්නවා. ලැජ්ජා බය පැත්තකින් තියලා මම මෙි කතාව කරන්නේ. මොකද මට ලැජ්ජාව කියලා රකින්න මහලොකු දෙයකුත් නැහැ නෙ. අද ඔයා ඉස්සරහා නිරුවත් වෙන්න වුනත් මම ලෑස්තිපිට ආවෙ.
හ්ම්ම්… එහෙම දෙයක් ගැන ඔයා හීනෙකින්වත් හිතන්න එපා.
*මම ඒක දන්නවා මහත්තයෝ. ඔයාට හොඳ පෞර්ෂයක් තියෙන හොඳ අම්මා තාත්තා කෙනෙකුට දාව හොඳ පුතෙක් කියලා. ඉතින් මම කියන්නම් ඇත්ත කතාව ඔයාට. මෙි සේරම මගෙ ආදරණීය දෙමව්පියන් , මම යාඥ්ඤා කරන දෙවියන් වහන්සේ නමින් දිවුරලා කියන කතාවක්. මට ඉන්නෙ අම්මයි , තාත්තයි , මල්ලියි විතරයි. මම ගෙදර සැපට හැදුන එකම කෙල්ල. අපේ තාත්තටත් මෙිවගේම තේ වතු යායක් ම තිබ්බා. මම ඉගෙනගන්න ඉස්කෝලෙ ගියාට , අමතර පංති වලටවත් ගෙදර අය මාව කොහෙවත් යැව්වෙ නැහැ. ගාස්තු ගෙවලා ගෙදරට ගුරුවරයෙක් ගෙන්නගෙන තමයි අපි දෙන්නට එයාලා ඉගැන්නුවෙ. ඒ තරම් මාව අපෙ අප්පච්චි ආරක්ෂා කරා. කොහෙන් කොහොමහරි අවුරුද්දකට වතාවක් කොළඹ තියෙන ලංකා තේවතු හිමියන්ගේ රැස්වීමට මගෙ අප්පච්චිත් ගියා.එදා ඒ ගමනට මාවත් එක්කගෙන ගියා.එදා තමයි මගෙ ජීවිතයට කණකොකා හඬන්න අත්තිවාරම දැම්ම මූසලකාරි දවස වුනේ. එදා පැට්රික් මාව දැකලා මම ගැන අදහසක් ඇතිවෙලා තියනවා. ඒත් අපි දෙන්නා අතර වයස් පරතරය ඒකට ලොකු පවුරක් වුනා කෙවින්. මොනවා නැති වුනත් ඕනම කෙනෙක් කසාදයකට කලින් වයස බලනවනෙ. ඒක අනිවාර්යය දෙයක්. ඊට පස්සෙ මෙයා ඒක හිතේ තියාගෙන මගෙ අප්පච්චිට විවිධ විදිහට නිතර ඉඟිකරලා තියනවා ඒ ගැන. අප්පච්චි කොහොමටත් ඒකට කැමති වෙලා නැහැ. දවසක් අපේ බණ්ඩාරවෙල ගෙවල් කිට්ටුව තවත් වතුයායක් තියනවා. ”ලයන්ස්” කියලා. ඒ වතුයායේ අංකල් ගෙ ලොකු පුතාගෙ වෙඩින් එකේ උත්සවය අපේ අප්පච්චිට වගේම ලංකා තේවතු සංගමයේ සියළුම ක්‍රියාකාරි සාමාජිකයින් ට ආරාධනා කරලා තිබ්බා.
*එදා රෑ පැට්රික් එක්ක මගෙ අප්පච්චි එකම
ටේබල් එකේ තමයි ඩ්‍රින්ක් දාලා තියෙන්නෙ.
කොහෙන් කොහොමහරි එදා රෑ අප්පච්චිට ප්‍රමාණය ඉක්මවා පොවලා තියනවා. හොඳටම වෙරි වුනාට පස්සේ වෑන් එකක දාගෙන බණ්ඩාරවෙල හොටෙල් එකක කාමරයකට දාලා. ඊට පස්සේ ගණිකාවක් ගෙනැල්ලා දෙන්නගෙම ඇඳුම් ගලවලා. දෙන්නා සෙක්ස් කරන විදිහට ඉරියව් වලින් එක එක විදිහට තියලා නිරුවත් ෆොටෝ අරගෙන. ඊට පස්සේ වීඩියෝත් කරලා. ඊට පස්සේ නැවත අප්පච්චිට ඇඳුම් අන්දලා වෑන්එකට දාගෙන ගෙනැල්ලා වීරයෝ වගේ අපේ ගෙදරට ඇරලවලා තිබ්බා.
මයිගෝඩ් කැරොලිනා.
*ඔව් මහත්තයෝ ඔව්…
ඉතින් ඊට පස්සේ…
*ඊට පස්සේ. මගෙ අප්පච්චිට ඒ ෆොටෝස් , වීඩියෝ පෙන්නලා බිලැක්මේල් කරලා. ඒ දේවල් ඇපේට තියාගෙන නිතරම ක්ලබ් ගානෙ එක්කගෙන ගියා. සූදුවට ඇබිබැහි කරා. අප්පච්චි ලෝකයට හෙලිකරයි කියන ලැජ්ජාවට පැට්රික් ගෙ පදයට නටලා , මුළු සේසතම විකුණලා සූදු කෙලියා බිව්වා. අපි කියන දෙයක් අප්පච්චි කණකට ගත්තෙ නැහැ. අවසානයේ අපේ සේසතම නැතිවෙලා ඉන්න වලව්ව විතරයි අපිට සන්තකයේ ඉතුරුවෙලා තිබ්බෙ. ඒකත් උගසට තියලා සින්න වෙිගෙන එනකොට තමයි අපි දන්නෙ. ඊට පස්සේ ඒක බෙිරලා දෙන්න පැට්රික් මාව ඉල්ලුවා ගණු දෙනුවක් විදිහට. අප්පච්චි මැණිකක් වගේ මාව හැදුවෙ. නමුත් ඒකට කැමතිවුනේ නැහැ.
නමුත් පවුලේ නම්බුව ගැන හිතලා මම කැමතිවුනා මෙි මහල්ලා එක්ක දීග කන්න.
මොකද මට වෙන විකල්පයක් තිබ්බෙ නැති හන්දා. මල්ලිට හොඳට උගන්වන්නත් ඕන , වලව්ව බේරගන්නත් ඕන හන්දා අපි ගාව වෙන විකල්පයක් තිබ්බෙ නැහැ කෙවින්. මම ඒ හන්දා ඒ ගැන හිතලා මම මාව, විකුණගත්තා.
හ්ම්ම්.. ඒකත් සෙල්ලම් නැහැ. ඔයා කරලා තියෙන්නෙ තමන්ගෙ පවුල වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක්. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙි. ඉතින් ඊට පස්සේ…
*මට වතුර ටිකක් දෙන්න..
හ්ම්ම්… ඉන්න පොඩ්ඩක්. ආ.. මෙන්න බොන්න.
එක හුස්මට වතුර වීදුරුව පානය කල ඈ නැවත කතාවට මුලපිරුවාය.
*මෙි කුමන්ත්‍රණයට ඔය පැට්රික් එක්ක නොයෙල් , ෂෙල්ටන් සහෝදරයින් තුන්දෙනාම හවුල්.
එතකොට මිස්ටර් මාවන්..
*නෑ.. මාවන් මල්ලි ඒවට හවුල් නැහැ. මම හිතන්නේ මාවන් කියන්නේ රිචඩ්ගෙ එකම පුතා වෙන්න ඕන. මෙි තුන්දෙනා රිචඩ්ගෙ
දරුවො වෙන්න නම් කොහොමටවත් බැහැ
කොහෙන් කොහොමහරි ඉතින් මීට වසර හතරකට කලින් මගෙත් එක්ක මෙතන උත්සව ශාලාවෙ මෙි පැට්රික් කියන නාකි මිනිහගෙ වංචනික කසාදය සිද්ධ වුනා.
හ්ම්ම්… ඕකයි වුනේ එහෙනම්.
*කතාව ඉවරයි කියලද හිතුවෙ. නැහැ මගෙ මහත්තයෝ කතාව දැන් තමයි පටන් ගත්තෙ.
හ්ම්ම්… කියන්න ඉතුරු ටිකත්. මම අහගෙන ඉන්නම්. කියමින් ඇඳෙන් නැගිට අසල පුටුවක වාඩි වුනෙමි.
*ඇයි ඔයා මගෙන් ඈත්වුනේ.
නෑ කැරොලිනා නැහැ. ඔයාට තව ටිකක් වාතාශ්‍රය ඕන ඒකයි මම ටිකක් ඈත්වුනේ.
*හ්ම්ම්… මගෙ නෑයෝ පවා ඇවිත් අප්‍රසාදය පලකරා. වචනයෙන් ක්‍රියාවෙන් නැති වුනත් එයාලගේ මුහුනෙන් මම දැක්කා එයාලා මට සරදම් කරනවා කියලා. කොහොමහරි කසාද බැඳලා මාසයක් විතර පාඩුවෙ ගෙවුනා. ඒ මාසෙ අන්තිමට වාගේ පැට්රික් රට ගියා. ගෙදර හිටියෙ නොයෙල් , ෂෙල්ටන් විතරයි.
එතකොට මිස්ටර් රිචඩ්..
*එයත් නැහැ කෙවින්. එයා කලින්ම කැනඩා ගියා මෙහෙන් යවන තේකුඩු ටික එහෙ තොග මාකට් එකට දාන්න.
හ්ම්ම්… ඉතින්.
*ඉතින් එක දවසක් රෑ හයියෙන් වැස්සා. කොච්චර වැස්සද කිව්වොත් හරිම ඝෝෂාවයි. වලව්වේ ඇතුලෙ හයියෙන් කෑ ගැහැව්වත් සද්දෙ ලොකුවට කාටවත් ඇහෙන්නෙ නැහැ. එදා රෑ නොයෙල් මගෙ කාමරයට ආවා. ඇවිත් මාව අල්ලගෙන බලහත්කාරකම් කරන්න උත්සාහ කරා. මම කිව්වා පැට්රික්ට කතා කරලා කියනවා කියලා. ඊට පස්සේ මට කිව්වා “ගනින් අයියට කෝල් එකක්” කියලා. මම එවෙලෙම කෝල් එකක් ගත්තා පැට්රික් ට.
ඊට පස්සේ … ?
*මම අරගෙන නොයෙල් මාව රේප් කරන්න හදනවා කියලා කිව්වා. ඔයා දන්නවද මට
දීපු උත්තරය ඒ මහල්ලා … ?
නෑ …
*මට ගත් කටටම කිව්වා “මම ගෑණියෙක් ගෙනාවෙ අපි තුන්දෙනාටම තමයි. උන් දෙන්නා කියන දෙයක් කරපං ගෑණියෙ. නැත්නම් මම උඹෙ අප්පච්චිගෙ නැටුම් සේරම එලියට දානවා” කියලා. මගෙ මහත්තයෝ මගෙ අතින් ෆෝන්එක අතැරුනා ඒ වෙලාවෙ. මට ඒ වෙලේ හිතාගන්න බැරිවුණා මොකක්ද ඒ කිව්වෙ කියලා. ඉතින් මම නොයෙල්ගෙන් ප්‍රශ්න කරා
මොකක්ද ඒ හතරබීරි නැටුම් කථාව කියලා.
ඊට පස්සේ ….
*ඊට පස්සේ තාත්තගෙ අර ගණිකාවත් එක්ක නිදිවැදපු ෆොටෝ මට උගෙ ෆෝන් එකේ තිබිලා පෙන්නුවා. එතකොට තමයි මට තේරුනෙ ගහක් ගලක් වගේ හිටපු මගෙ අප්පච්චිට මොකද එකපාරටම වුනේ කියලා. මෙි තිරිසනා පැනපු ගමන් මාව ඇඳේ පෙරලගෙන මගෙ නයිටිය ගලවලා මාව නිරුවත් කරලා මට වධ දීලා සතුටු වුනා.
මයි ගෝඩ්… ගෝ ටූ හෙල් පාස්ටර්ඩ්. මා
ඉඳගෙන හිටපු පුටුවෙන් ඉබේටම නැගිටුනු අතර , මගෙ මුවින් වචන පිටව ගියේ ඉතා ආවේගශීලිවය.
*වාඩිවෙන්න කෙවින්. කතාව ඉවර නැහැ.
එතෙක් කාලයක් මගෙ අප්පච්චි ගැන මට තිබුනෙ වෛරයක්. නමුත් ඊට පස්සේ ඒක
අනුකම්පාවකට හැරුනත් , මම අද මෙි වනතෙක් කෝල් කරේ නැහැ , කතා කලේ නැහැ. කොටින්ම මෙි අවුරුදු හතරට මම ගෙදර ගිහින්ම නැහැ. එහෙම යන්න තරම් බලාපොරොත්තුවකුත් නැහැ.
ඔයා අප්පච්චිට තවමත් වෛර කරනවද
මැණිකේ … ?
*නැහැ මහත්තයෝ. නැහැ. ඒකට හේතුව ඔයා.
මම… ? ඒ කොහොමද … ?
*දවසක් ඔයා රෑ අපිත් එක්ක කෑම කන
ගමන් කිව්වා මතකයිද “දෙමව්පියන්ගෙ සමහර තීරණ ගැන ප්‍රශ්න කරන්න දරුවො විදිහට අපිට අයිතියක් නැහැ. එයාලා තීරණයක් ගත්තොත් ඒක ගන්නේ හුඟාක් දුර හිතල” කියලා. එදා රෑ මම ඒ කතාවෙ තියෙන බරපතල්කම ගැන කල්පනා කරා. ඒක හරිම ගැඹුරු අර්ථයක් තියෙන කතාවක්. ඒක ඇත්ත තමයි අප්පච්චිගෙ අසරණකම හන්දමයි මට මෙහෙම වුනේ. නැත්නම් මැණිකක් වගේ රැක්ක මාව පුළුවන් කමක් තිබුනා නම් , මෙි වගේ කාම පිසාචයෙකුගෙන් මාව බේරගන්න දෙපාරක් හිතන්නේ නැහැ.
*ඉතින් කතාව ඉවර නැහැ මහත්තයෝ. ඉතින්
ඒ විදිහට මගෙන් නොයෙල්, ෂෙල්ටන් දෙන්නම මාරුවෙන් මාරුවට කෑදර , නීච
පහසක් ලැබුවා.
අනේ.. ළමයෝ.. මෙි දේවල් ඔයා සේරම කොහොමද විඳ දරාගත්තෙ.
*මොනවා කරක්නද මහත්තයෝ මල්ලි කැම්පස් යනවා. එයාට උගන්වන්න ඕන. බය , ලැජ්ජාව සේරම යටගියා. අවසානයේ මම ලිංගික වහලියක් වුනා හෙන්ද්‍රික් සිරගෙදර.
ඒ කියන්නේ දැන් තාත්තයි ,දුවයි දෙන්නම වහල්ලු.
*ඔව් මගෙ මහත්තයෝ. ඔව්.
එතකොට මෙි දේවල් රිචඩ් හාමු දන්නෙ නැද්ද.. ?
*නැහැ පපා හිටියෙ කැනඩාවල. එයාට මම කොහොමද කටක් ඇරලා කියන්නේ.
මිස්ටර් රිචඩ් කොහොම කෙනෙක්ද .. ?
*පපා හරිම හොඳ කෙනෙක්. මම ඒකනෙ කලින් කිව්වෙ. පපාගෙ දරුවො වෙන්න බැහැ මෙි තිරිසන්නු තුන්දෙනා.
එතකොට මාවන්.
*ඉන්න මම කියන්නම්. මාවන් මල්ලි බැන්දට පස්සේ එයාලගෙ , ඒ කියන්නේ මමාගෙ ( මාවන්ගෙ අම්මා හෙවත් රිචඩ් හාමුගෙ බිරිඳගෙ මහගෙදර ) මහගෙදර ගියා. ඉතින් නිවාඩු ආපුවාම මෙහෙ ඇවිත් යන්න එනවා. දවසක් දා රෑ ෂෙල්ටන් මගෙ කාමරේට රිංගලා මට බලහත්කාරකම් කරනකොට මාවන් මල්ලිට අතේ මාට්ටු වුනා. මල්ලි පැනපු ගමන් ෂෙල්ටන්ට ගැහැව්වා. එතකොටම නොයෙල් ආවා. දෙන්නම එකතුවෙලා මාවන් මල්ලිට ගැහැව්වා.මල්ලිත් ගේම අතැරියෙ නැහැ. මම එදා තමයි හරියටම දැනගත්තෙ හමුදා නිලධාරියෙක් වුනු අපෙ මාවන් මල්ලි මොනතරම් කෙලින් වැඩ කරන මිනිහෙක්ද කියලා. දෙන්නට ගැහැව්වා වැටෙනකම්ම. “මම මෙි සේරම පපාට කියනවා කියලා තර්ජනය කරා” ෂෙල්ටන් තමන්ගෙ ෆෝන්එකේ වීඩියෝ ටික පෙන්වලා කිව්වා මෙි සේරම එලියට දානවා කියලා පපාට කිව්වොත්. කිසිම දෙයක් හරිහැටි වටහාගන්න බැරිවුනු මල්ලි එදා රෑ මගෙ අතින් අල්ලගෙන “මෙහෙ වරෙන් මගෙ අක්කෙ අපේ ගෙදර යන්න. උඹට මෙහෙ ඉන්න හොඳ තැනක් නෙමෙි” කියලා. එවෙලෙම ජීප්එකේ දාගෙන මාව අරගෙන ගියා මමාගෙ මහගෙදර.
*මම පහුවදා සේරම සිදුවීම් ටික මාවන් මල්ලිට කිව්වෙ. එයා හරියට දුක්වුනා. “අක්කෙ උඹ කලබල වෙන්න එපා මම මෙිකට මොකක්හරි විසඳුමක් හොයලා දෙන්නම්” කිව්වා. මම ඉතින් නිදහසේ ඒ ගෙදර හිටියා. ඊට දවස් දෙකකට පස්සේ ඉනෝකා නංගිගෙ යාළුවෙක් අන්ත්‍රා වෙලා කියලා කෝල් එකක් ආවා.
ඉනෝකා නංගි.. ?
යලි හමුවෙමු…
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023