අඳුරු සෙවනැලි රහස් පරීක්ෂක කතා මාලා අංක 07 ( රහස් ආයුධය ) 03 වන කොටස
…………………………………………………………........................
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
…………………………………………………………....
…………………………………………………………....

*ඔව් සර්… එතකොට මෑන් ගෙට ඇතුල් වුනේ පිටවුනේ කොහොමද. මොකද කොල්ලගේ වගේම මිහිරාණිගේ පාසලකුණු හැර වෙනත් ආවගිය අඩි සලකුණු තිබිලා නැහැ කියලා තමයි වාර්තා වල තියෙන්නෙ.

මෙතැන් සිට…..

ඒක හරි… අපි ඒකත් බලමු. යමු එලියට. හොඳයි … අපිට පා සලකුණු බලන්න බැහැ . මොකද සිද්ධිය පරණයි. ආවගිය අය බොහොමයි.

*ඔව් ඒක ඇත්ත …

නමු……..ත්ත්… බලන්න කසුන් පොඩ්ඩකට ඇස් මට්ටමෙන් ඉහල. පේනවා නේද තියෙන ගස් ගොඩ.

*ඔව් සර්… නමුත් එක ලඟින් නැහැ තියෙන පරතරය වැඩියි නේද. ඒ හන්දා මිනිහෙකුට ගහෙන් ගහට මාරුවෙන්න බැහැ නේද…

බොහොම හොඳයි . ඔයාගෙ නිරීක්ෂණ ශක්තිය ඉහලයි. නමු…..ත්.

*නමුත්……..?

සාමාන්‍යයෙන් මිනිහෙකුට බැරි බව ඇත්ත. නමුත් මෙි සඳහා විශේෂ පුහුණුවක් ලබපු අයෙකු නම් මොකද කියන්නේ …?

*සර් කියන්න යන්නේ…..

ඔව් යාළුවා …. ඉතාම සැහැල්ලු වගේම නම්‍යශීලී දේහයක් හිමි කෙනෙක්.

සර්කස් කාරයෙක් ( දෙදෙනාම එකට පවසමින්)

හහ් හහ් හා… හරියටම හරි කසුන් . ඔය ආවෙ ඔලුවට. ඒ වගේ නින්ජා සටන් කලාවෙ සමහර කොටස් ප්‍රගුණ කරපු කෙනෙක්. ඒ කියන්නේ වඳුරු පිම්ම , කොටි පිම්ම වගේම, මකර ගමන වගේ ගමන් විලාශයන් හදාරපු අයෙක් කියන කාරණයත් මෙි සමගම ඔලුවට දාගන්න.

*සුළු නින්ජා කෙනෙක්…( පුදුමයට පත්ව )

ඔව් කසුන් ….

*සර් කොහොමද එහෙම නිගමනයකට ආවෙ. ….?

ඒකට මම ලග තියනවා කරුණු ටිකක් . මේ බලන්න …. මේ හැම ගහක්ම අඹ ගස්. ඒක අපිට විශේෂ වාසියක්.

*අඹ ගස්….? ඒ කොහොමද ඒක විශේෂ වාසියක් වෙන්නෙ…?

කසුන් .. කසුන්.. කසුන් මහත්තයා …
ටිකක් හිතලා බලන්න අඹගස් කියන්නේ කිරිගස්. පොත්තට සුළු හෝ හාහානියක් වුනහම එතනින් කිරි වැගිරෙනවා. හොඳට බලන්න හැම ගහකම තැනින් තැන මැලියම් තියනවා. සාමාන්‍යයෙන් ගහක වැගිරෙන කිරි පරණ වුනහම තමයි මැලියම් වෙන්නෙ. බලන්න හැම ගහකම මැලියම් තියනවා. ඒ තියෙන්නෙ යමුකිසි පටිපාටියකට අනුව. කියමින් මා අත තිබූ කුඩා දුර දක්නය තම සහයකයා අත තැබුවෙමි.

*ඔව් සර්… හරිම පුදුමයි. සර් කොහොමද මෙිගැන හරියටම දැක්කෙ…?

එන්න ඇතුලට … මෙි බලන්න මෙි කඩාගෙන වැටිලා තියෙන මුදුන් ලීය දිහා… මොනවද දකින්නට තියෙන්නෙ ..?

*මෙික සම්පූර්ණ පිච්චිලා නැහැ.

එච්චරයි ද…?

*හ්ම්ම් .. වෙන මොකුත් එහෙම විශේෂ දෙයක් නම් පේන්නෙ නැහැ මටනම්.

හරි හරි ඒකට කමක් නැහැ. තව ටිකක් හොඳට ලංවෙලා බලන්න.

*හපොයි …. තැනින් තැන හිල්වෙච්ච සලකුණු තියනවා නේද මෙිකෙ. මට එකපාරටම හිතුනෙ මෙික වහලය ඉදිකරපු වඩුවගෙ වැඩක් කියලා. නමුත් මෙතන තියෙන හිල් ටිකත් නිකං පිලිවෙලකට පිහිටලා තියනවා.

නියමයි ඔය කිව්වෙ … මෙි වාගෙ හිල් නේද වටේම තියෙන ගස්වලින් පේන්න තියෙන්නෙත්…?

*ඔව් සර්…. ඒකෙන් අදහස් වෙන්නෙ මොකක්ද….?

ඒකෙන් අදහස් වෙන්නෙ. ඔීනම අර්ධ ඝන පෘෂ්ඨයක් මත යාමට හැදූ විශේෂ ලෝහමය අතක් නිර්මාණය කරලා තියෙනවා. ඒක තමන්ගෙ අතට සවි කරගෙන තමටි අත්තෙන් අත්තට පැනලා තියෙන්නෙ මගේ නිරීක්ෂණයන්ට අනුව නම්.

*අර්ධ ඝන ද්‍රව්‍ය….?

ඔව් යාළුවා … ඇයි.. ඇකඩමියෙන් කියලා දුන්නා නේද අර්ධ ඝන ගැන. ඒ කියන්නේ ලෝහ නොවන කොටස්... ලෝහ නොවන කොටස් වලට කාවදිනවා මෙි පොඩි ආධාරක ආයුධය. ඒක හොඳටම පේනවා ගස්වලටයි , යටලීයෙ තුලටයි කාවැදිලා තියෙන ක්‍රමවත් සිදුරු දෙස බලපුවාම.

*සර්… කියන්න උත්සාහ කරන්නේ ලෝහමය නියපොතු වලින් හදන ලද අතක කොටසක් කියලද…?

ඔව් හරියට වලස් අතක් වගේ යමක්.

*ඒත් ඇයි සර් …?

ඒකට කියන්නේ “ පරිස්සම “ කියලා කසුන් … සාක්ෂි ඉතුරු නොකර වැඩෙි කරලා සූක්ෂ්මව පලායාම තමයි අරමුණ.
දැන් තියෙන්නෙ මෙි හාදයාව මොන ලෝකෙ පෙරලලා හරි හොයන එක. කොල්ලව බේරගන්න නම්. ඒ විතරක් නෙමෙි. තව මෙිකට සම්බන්ධ සියලුම අය හොයන්න ඔීන.

*ඔව් ඒක ඇත්ත . අපි හොයමු සර් කොනක ඉදලා…අවසානයේදී නිරීක්ෂණ වලින් අපිට තේරුම් ගන්න පුළුවන් වුනා ඉතා සැටකපට සූක්ෂමව වැඩකරන පුද්ගලයෙක් වඳුරෙක් වගේ ගහෙන් ගහට පැනලා. වහලයේ උළුකැට අයින් කරලා , ගෙට ඇතුල් වෙලා වැඩේ කරලා, එතනට ආපු එකා උපක්‍රමශීලීව මෙිකට මාට්ටු කරලා පැනලා ගිහින් කියලා ..

ඔව් කසුන්… මෙි නිගමනය සීයයට සීයක් නිවැරදි වෙන්න ඇති කියලා හිතන්න බැරි වුනත් , වෙලා තියෙන්නෙ මීට හැම අතින්ම සමාන දෙයක් කියලා අපිට තර්කානුකූලව විශ්වාස කරන්න පුළුවන්.
⁣කරුණු කොහොම වුවත්, අපි දැන් මෙතනින් යමු. මොකද අපිට වැඩ ගොඩක් ඉතිරිව තියෙනවා. කාලය සීමිතයි . අපි යන ගමන් කතාකරමු වැඩි විස්තර ..

වහ වහා එතනින් නික්ම කොටුව දිශාවට අප දෙදෙනා පයින්ම යාමට තීරණය කලෙමු.

*සර්… එතකොට ඔය එයත් එක්ක හිටපු අර කැතරින් ප්‍රනාන්දු කියන නෝනගෙන් පොලීසිය කටඋත්තර අරගෙන නැද්ද …?

තියනවා කසුන්… නමුත් එතනදී සැලකිල්ලට ගන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් ඉදිරි කාලයේදී මම ගිහින් වෙනම
ප්‍රශ්නකිරීම් ටිකක් කරන්න ඔීන. මොකද මෙි මැරුණ තරුණ නෝනගෙ අවසාන කාලයේ හැසිරීම් රටාව හරියටම දන්නේ ඔය කැතරින් නෝනා බව ඔීනම කෙනෙකුට තේරෙනවා නෙ.

*ඒ කියන්නේ කැතරින් නෝනගෙ කටඋත්තරයෙ පරිදි මෙයා මියයාමට මාසයකට කලින් එයා ස්ථාන මාරුවීමක් ලැබිලා ගිහින් තියනවා. ඒ හන්දා මෙයා හුදකලා වුනා …?

සැබවින්ම කසුන්… ඒක එහෙම තමයි වෙලා තියෙන්නෙ.

*ඒක විශ්වාස කරන්න පුළුවන් ද. …?

භාගවෙලාවට පුළුවන් ….

*එතකොට මෙි මහිරානි මැඩම්ගෙ තාත්තා මොකද මෙි ගැන කියන්නේ ….?

තාත්තා කෙනෙක් විදිහට කියන සාමාන්‍ය දේවල්ම විතරයි. අපිට එතනිනුත් වැඩි යමක් ගන්න බැහැ. හැබැයි එයා තමයි අර කඩදාසි කෑල්ල මට දුන්නෙ. මම කෝකටත් ඒ ගෙදරින් මහිරානි මෙනවිය ලියපු වෙනත් ලිපිවල අත්අකුරුවල ශෛලයන් මම සූක්ෂ්මව නිරීක්ෂණ කරා. නමුත් මෙි ලියමන් දෙකම එක සමානයි.
ඒත් මට තව දෙයක් පරික්ෂා කරන්න තියනවා කසුන්….

*ඒ මොකක්ද සර්…..?

මම දන්නවා අපි යන වේගය වැඩියි කියලා. නමුත් ඊලඟ නඩු තීන්දුව කොහොම වෙයිද කියලා අපිට කියන්න බැහැනෙ. මොකද සැකයේ අවාසිය මෙි තරුණ හාදයට තමයි. මොකද බඩුත් එක්කම හොරු අහුවෙලානෙ. මතක තියාගන්න කසුන් “ පිහියක් අතැතිව පුද්ගලයෙක් නීතියේ රැහැනට හසුවුනා කියලා , අපිට ඒකෙන්ම නිගමනයට එන්න බැහැ ඔහුමයි ඒ ඝාතනයට වගකිවයුත්තා කියලා “

*ඔව් සර් ඒක ඇත්ත … ලුණුයි සීනියි එක පාට , එකම හැඩය වුනාට රස දෙකක් නෙ.

හහ් හහ් හා… ඔය කිව්වෙ ඉතින් (දෙදෙනාම සිනාසෙමින් ) ඒ කතාව මෙතනට ගැලපෙනවද කසුන්…

*සාමාන්‍ය දුරට ගැලපෙනවා නේද… ?

ඔව් ඔව්…. ඒක නෙමෙි මෙි මොකක්ද කසුන් …?

*මේ මරදාන රෝහල නෙ…

ඔව් …. එතකොට මෙි ගහ මොකක්ද…?

*සර් මෙික මාර ගහක්නෙ …?

නිකං නෙමෙයි යාළුවා විශාල මාර ගහක්.

*ඔව් සර්…. ඇයි මෙහෙම ප්‍රශ්න ටිකක් මගෙන් ඇහැව්වෙ …..

ඔව් යාළුවා … මෙි රෝහල වගේම , මේ ගහ යට අපිට පිස්සු බල්ලෝ වගේ උමතුවෙන් දිවා කාලයේ මෙන්ම, රාත්‍රි කාලයන් වලද ඉව අල්ල අල්ල දුවන්න වෙනවා.

*ඇයි සර් එහෙම දෙයක් කිව්වෙ…? මම දන්නවා මෙතන අපිට හුඟක් අදාල වෙනවා කියලා . ඒත් එහාට මෙහාට කලබලයෙන් දුවන්න තරම් මොකක්ද කියෙන වෙනස.

සැබවින්ම තියනවා කසුන්… ඒක මම විස්තර කරන්න යන්නෙ නැහැ. ඉදිරියේ දී ප්‍රායෝගිකව අත්විඳින්නට පුළුවන් වුනාම⁣ තේරුම් ගන්න පුළුවන් වේව්. මොකද මට තේරෙන විදිහට මෙිකට මිහිරාණි මෙනවියගේ වෘත්තීය මියයාමට පසුබිම සෘජුවම බලපාලා තියෙන බව මට තක්කෙටම කියන්න පුළුවන්. ඇයි මතක නැද්ද අර කොල කෑල්ලේ ලියලා තිබුනා නේද අතපසුවීමක් ගැන.

*සර් කියන්න හදන්නේ මේක පලිගැනීමක් කියලද…?

බොහෝදුරට එහෙම වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අපි බලමු නේද පිටියට බැහැලා. තවම අපි ඉන්නේ විවේකාගාරයේ නෙ…

*ඔව් ඒක ඇත්ත. ඉතින් කවද්ද අපි පිටියට බහින්නෙ ….?

තව සතියකට වැඩි කාලයක් යයි. මොකද තව කරුණු කාරණා කීපයක් තියනවා දනාථ කරගන්න. ඊට පස්සේ අපි පිටියට බහිමු සෙල්ලමට.

⁣*හොඳයි සර්… ඔන්න අපි , අපේ තැනට ආවා.

ඔව් නේද… හරි… අපි නැවට රෑට හමුවෙමු.

*හරි සර්….

ඔහුගෙන් සමුග් මා ඉඳුරාම පියනැගුවෙ ඒකකයේ දෙවන අණදෙන නිලධාරී වන Tiger Head හමුවීමටය.

*හා මාධව… ඉතින් කොහොමද..? මොකද අළුත් කේස් එකේ වත්මන් තත්වය…?

කියන්න තරම් ලොකු වෙනසක් නැහැ. නමුත් මම දැන් ගිහින් ආවෙ මිහිරාණි මෙනවිය ඝාතනය කරපු ගරාවැටුණු ගෙදරට.

*හ්ම්ම් ඉතින් ඉතින් … ?

මට තේරෙන විදිහට මෙික ඝාතනය කරලා තියෙන්නෙ දැන් චෝදනා ලබලා , සිර අඩස්සියේ ඉන්න කොල්ලා නම් නෙමෙයි.

*එහෙමද….? ( තම ආසනයෙන් මදක් මාදෙසට නැඹුරුව )

ඔව් සර්… නමුත් මෑන්ගෙ වෙලාවට එතන ආපු නිසයි මෑන්ට කොහෙවත් නැති කරුමෙකට කරගහන්න වෙලා තියෙන්නෙ.

*ඔීහ්හ්… ඒකත් එහෙමද..? ඉතින් ඔය කියන ඝාතකයා ගැන ප්‍රමාණවත් හෝඩුවාවක් එතනදි හොයාගන්න පුළුවන් වුනාද…?

සැබවින්ම සර්.. මට අනුමාන කරන්න පුළුවන් හෝඩුවාවන් කීපයක්ම ලැබුනා. ඒත් ඒවා ශක්තිමත් ඒවා නම් නෙමේ. මොකද එව්වා ටිකක් පරණ සලකුණු හන්දා.

*ඔව් ඉතින් පොලීසිය අතගහලා වැඩෙ ඇනුනට පස්සේ තමයි අපිට කේස් එකේ විමර්ශන කටයුතු පැවරෙන්නේ. එතකොට අවශ්‍යම කරුණු හුඟක් වියැකී ගිහින් ඉවරයි. ඔීක තමයි ඉතින් උහුලන්නම බැරි දේ… හරි ඉතින් කියන්න බලන්න මොනවගේ හාදයෙක්ද කියලා ඔය අදිසි පුද්ගලයා.

ඒක ඇත්ත සර්… මෙහෙමයි මගෙ නිගමනය පරිදි නම් මෑන් ඉතා වෙිගවත් , සූක්ෂම වගේම හරිම උපක්‍රමශීලීව කටයුතු කරන හාදයෙක්.. සර් මෑන් ගේතුලට ඇවිත් තියෙන්නෙ ගහෙන් ලහට පැනලා , වහලයට ⁣ඇවිත් උළුකැට කීපයක් ඉවත් කරලා. ඒ හන්දා භූමියේ සලකුණු නැහැ වගේම , විපරම් බල්ලන් දාලා වැඩක් නැහැ .

*හපොයි ඒකත් එහෙමද…?

ඔව් සර්… ඉතින් මෙික හොයන එක බොහොම අසීරුයි.

*හොඳයි හොදයි මාධව.. ඉතින් මගෙන් මොනවද කෙරෙන්න ඔීන මෙි වෙනුවෙන්.

අන්න සර් මගෙ මාතෘකාවට ආවා… සර් මට ඔීන පුළුවන් තරම් ඉක්මනටම ඔය මිහිරාණි හෙදියගේ වෘත්තීය ජීවිතය සම්බන්ධව තියෙන ලිපිගොනුව. මම අදහස් කරේ හෙද සේවයට බැඳුණු දිනයේ ඉඳලා මියයනතුරුම සේවය කරපු ස්ථාන, හදාරපු පාඨමාලා මොනවද. සේවය කරපු රෝහල්වල වාට්ටුවල විස්තර පවා.

*ඒකනම් රජෝ ටිකක් අසීරුයි වගේම, ටික කාලයක් අපිට ගතවෙනවා ඒ තොරතුරු ටික ගන්න.

මම දන්නවා සර්.. නමුත් මෙික අනිවාර්යයි. මොකද මට ලොකු සැකයක් තියනවා මෙහෙම අකල් මරණයකට මුහුණපාන්න මොකක් නමුත් වෘත්තීය ජීවිතයේ මොනවාහරි වෙච්ච සිදුවීමක් හේතුපාදක වෙලා තියනවා කියලා.

*මාධව … මාධව තමුසෙ දෙයක් කිව්වොත් ඒක කිරිගහට ඇන්නා වගේ තමයි. ආයේ දෙකක් නැහැ. හොඳයි හොඳයි … මම උපරිමයෙන් උත්සාහ කරන්නම් හැකි ඉක්මනින් ඒ විස්තර ටික අරන් දෙන්න.

හරි සර්… කාලය සීමිතයි. මම ගිහින් එන්නම්.

*ok මාධව …

මතු සම්බන්ධයි…….


Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now