⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 15 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හරි.. මෙි යකාව පැක්කරලා වාහනේට දානවා. අපි යනගමන් තමුන්ව පාරට දාගෙන යනවා. එතනින් බස්එකක නැගලා යන්න පුළුවන්.

නලින් - හරි සර්…

මෙතැන් සිට ……..
මාගෙ පිස්තෝලය ඉනෙන් අතට ගෙන නැවත තවත් උණ්ඩයක් නලින්ගෙ වම් කකුලෙ මස් ගොබයට තැබුවෙමි.

නලින් - අම්මෝ සර්…

වහාම ඔහුගෙ කට වැසෙන පරිදි අතේ අල්ලෙන් තර කෙරුවෙමි.

ෂ්ෂ්ෂ්ෂ්…… කටවහගනින්. උඹ හිතනවද උඹ කියන දේ උන් විශ්වාස කරයි කියලා. ඌට ඔළුවට තියලා උඹව නිකංම නිදහස් කරා. පිස්තෝලයක් අතේ තියාගෙන. හිතන්න එපා උන් එච්චර මෝඩයි කියලා. තමුසෙ ඔය සිම්එක කඩන්න කලින් කන්ටැක්ට් ටික කොපි කරගෙන , තමුසෙගෙ මෙි තුවාලෙත් පොටෝ එකක් ගහලා යවනවා හරිද..

ඔහු හිසා වනා එය අනුමත කරා. ඉන්පසු ප්‍රථමාධාර පෙට්ටිය ගෙන පසාරු කරගෙන ගිය තුවාලය සුද්දකර වෙළුම්පටි දමා බැඳ දැමුවෙමි.

හොඳයි අපි යමු. මහත්වරුනි.

වෑන්රියට ගොඩවූ අප , මිනිත්තු කීපයකට පසු ප්‍රධාන පාරකට අවතීර්ණ වුනෙමු. රයිට් මෙතනින් බහින්න එහෙනම්. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපිට වංගු දාන්න ලෑස්ති වෙන්න එපා. අපිට වංගු දැම්මා කියන්නේ කොම්බුවෙන් පටන් අරගෙන බම්බුව හරහා බිංදුවෙන් තමයි නවතින්න වෙන්නෙ. ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර මගෙ මිනිස්සු ඉන්නවා. ඒ හන්දා වෙට්ටු බැහැ හරිද…?

නලින් - හරි සර්…

හ්ම්ම්… හරි… අපි යමු.

**එතකොට සර් මූට මොකද කරන්නේ. ..?

අපි යමු බොරැල්ල කනත්තට. ගිහින් පුච්චලා දාමු.

*සර් මට තියෙනවා සර්ගෙන් අහන්න ලොකු ප්‍රශ්නයක්..

මම දන්නවා කසුන්.. මගෙන් අහන්න හදන ප්‍රශ්නය මොකක්ද කියලා. නෑ මුන්ගෙන් ඒ ප්‍රශ්නය අහලා වැඩක් නැහැ. ඇත්තටම කියනවා නම් මුන් හතරදෙනා ඒකට සම්බන්ධ නැහැ. මහාචාර්යතුමාව පැහැර ගත්තෙ වෙන කණ්ඩායමක්. ඒක මට පැහැදිලිවම කියන්න පුළුවන්. ඒකට ඍජුවම සම්බන්ධයි ඔය බ්‍රැස්ට්යන් අල්මෙිදා කියන හාදයා. මෑන්ගෙ වෙන ස්ථිර කණ්ඩායමක් තමයි ඒ ගේම් එක හැඩල් කරේ. මුන්ගෙන් ඒක අහලා වැඩක් නැහැ. මෙි වගේ එවුන්ට ඒ වලේ භාරදූර කාර්යයක් බාරදෙන්න තරම් ඔය අල්මෙිදා
කියන මෑන් මෝඩ නැහැ. මොකද මෙික
ලොකු ආන්දෝලාත්මක කතාවක්. මැරිලා තියෙන්නෙ රටට අත්‍යාවශ්‍ය සුපිරි බුද්ධිමත් පුද්ගලයෙක් නෙ. ඒ හන්දා බාල පිහියක් පාවිච්චි කරලා අතේ කොහොල්ලෑ ගා ගනියි කියලා නම් හිතන්න එපා.

**එතකොට මොකාද ඔය කියන බ්‍රැස්ට්යන් අල්මෙිදා කියන්නේ.

හොඳ ප්‍රශ්නයක් නියෝජිත ජනිත්. ඇත්තටම බ්‍රැස්ට්යන් අල්මෙිදා කියන්නේ
ආරූඪ කරගත් බොරු නමක්. එහෙම නැතුව මෑන් වෙන කවුරු හරි සමාජයේ නම්දරාපු වැදගත් කියන චරිතයක් වෙන්න ඕන. ඒ වගේම මෑන්ට තියනවා තවත් අපූරු හැකියාවක්…

*ඒ මොකක්ද සර් …?

මෑන්ට පුළුවන් ඕනම කෙනෙක් ගෙ හඬ අනුකරණය කරන්න.

**ඈහ්…

ඔව් මහත්වරුනි. ඒක තමයි එදා වුනේ. කොස්ටපල් ජයසූරිය කියන හාදයට ඩීඅයිජී ගෙ හඬින් කතා කරලා උපදෙස් දුන්නේ අර මෝඩ ජෝඩුව CDI නියෝජිතයින් කියලා. ඒ හන්දා අපි ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම මෑන්ගේ ඒ විශේෂ හැකියාවත් අපි අධ්‍යනය කරොත් අපිට පුළුවන් වෙයි.
කවුද මෙි වෙස්මුහුණක් දාගෙන , දියයටින් ගේම ගහන එකා කවුද කියලා
හොයාගන්න.

*එතකොට අර මෝඩ ජෝඩුව මොකද වටෙි ඇවිදින්නේ…?

තවත් හොඳ ප්‍රශ්නයක් .. උන් විමර්ශනය කරනවා මෙිකේ තවත් සැඟවුණු පැත්තක් තියනවද කියලා. වැඩෙි කියන්නේ උන්ට තවම හොයාගන්න බැහැ ඒක. මම හිතන්නේ නැහැ. තවම උන්ට මහාචාර්යතුමාගෙ අර පොලව යට තියෙන විද්‍යාගාරයවත් හොයාගෙන ඇති කියලා.

**එතකොට සර් අර කියපු මහාචාර්යතුමාගෙ ඥාති පුතාද කවුද කියන ඉස්කෝල විදුහල්පති වරයා ගැන මොකද හිතන්නේ.

තමුසෙලා දෙන්නා නියමයි ඕයි. එක එක ප්‍රශ්න අහලා මගෙ මොළය හොඳට පොලිෂ් කරනවා. නියමයි. මම ඒ ගැනත් හිතලා තියෙන්නෙ. බලමු මෑන්වත් අල්ලගෙන මොනවද අපිට දැනගන්න පුළුවන් කියලා. ඊලඟට ඇත්තටම මෑන් මොනවද දන්නෙ කියලා හොයලා බලමු.

හෝරා දෙකකට පසු…

හරි අපි මොනවාහරි සප්පායම් වෙලා ටෙක්ස්ටයිල්ස් එකට යමු. මට තියනවා ලොකු ප්‍රශ්න දෙකක් කල්පනා කරලා උත්තර හොයන්න. දිවා ආහාරය මගහැරුනු අපි ආහාර ගන්නා විට හවස් වී තිබුනි.

මදීනා ටෙක්ස්ටයිල්ස් ….

එන්න වාඩිවෙන්න මහත්වරුනි. මට කරුණු කාරණා දෙකක් ගැන කල්පනා කරන්න තියනවා. ඉතින් මම හිතන්නේ
පලමුවන එක තමයි අර කොළපාට තියෙන බාගෙට ඉදිකරන ලද චෛත්‍යය.

*සර් මොකක්ද ඒ අට මගලෙ..?

ඒක තමයි මහත්වරුනි. කොළපාටින් නිර්මාණය කරපු එක තමයි මගෙ සැකයට තුඩු දීලා තියෙන්නෙ. මොකද බිම් ගොඩනැගිල්ලක් කවාකාරව ගොඩනගන්න පුළුවන්. මොකද ඒක එක මෝස්තරයක්. මතකයිද අප්‍රිකානු කාන්තාර ආශ්‍රිතව ජීවත්ව ``මුඩායි´´ කියන ගෝත්‍රිකයන් වහලයක් නැති කවාකාර පොඩි නිවාස හදාගන්නවා. අදටත් එහෙම නිවාස දක්නට ලැබෙනවා.
නමුත් කොලපාටින් නම් නෙමෙයි.
එතකොට කොළපාටින් නිර්මාණය කරන්නේ මන්ද…?

**භූමියට අනුව සැඟවීමට හෝ අඩු නිරීක්ෂණ මට්ටමක තියාගැනීමට නේද සර්… ?

හරියටම හරි.. නියෝජිත ජනිත්. ඒක තමයි අරමුණ. එතකොට පොයින්ට් එක මොකක්ද. ඒක එහෙම වෙනකොට…?
මොකක්ද ඒ තරම් රහසිගත විදිහට මතුපිටට නෙරාගිය දේ..?

*මටනම් එහෙම අදහසක් එන්නෙ නැහැ සර්…

**මටත් නැහැ සර්…

ඇත්ත. එහෙම එකපාරටම ඔළුවට එන්නෙ නැහැ තමයි එහෙම දෙයක්. නමුත් ම පොඩි සංකල්පයක් ගේන්නද ඔය දෙන්නට.

**මොකක්ද සර් ඒ…

මට තියනවා පොඩි අදහසක්. මෙි බලන්න. මෙි තියෙන්නේ නාසා පර්යේෂණ ජනපදයේ එක තැනක පිහිටි ඇති සුදුපාට අර කියූ පරිදි තියෙන කවාකාර පොඩි ගොඩනැගිල්ලක් වගේ යමක්. හැබැයි ඒක හරිම නිමාවකින් යුක්තයි.
හොඳට බලන්න. කියමින් පරණ ඇමරිකානු නාසා ආයතනයේ සඟරාවක ඡායාරූප දෙකක් පෙන්නුවෙමි.

*සර් මෙි රොකට් රැඳවුම් පථයක් නේද..?

ඔව් කසුන් එහෙම එකක් තමයි. එතකොට අර කියපු තැනයි මෙතනයි සමානකම් වලින් බැලුවොත් පැහැය විතරයි නේද වෙනසකට තියෙන්නෙ.

**සර් කියන්න හදන්නේ උන් රොකට් රැඳවුම් පථයක් හදලා කියලද… ?

ඔව් මහත්වරුනි. ⁣Rocket pad එකක් තමයි ඒක. මම සෑහෙන වෙලාවක් මෙිගැන කල්පනා කරා. ඒකට සාධාරණ හේතූන් මම දැන් විස්තර කරන්නම්. ඇත්තටම ඔය චයිනා මිල්ක් කියලා යන බවුසර් එකේ කිරි නැහැ කියලා අපි දන්නවා. කිරි නැත්නම් මොනවද ඒකේ ප්‍රවාහනය කරන්නේ.

*සාමාන්‍ය බවුසර් රථ යොදාගන්නේ මොනවාහරි දියර වර්ග ප්‍රවාහනය කරන්න නෙ.

හරියටම හරි…. එතකොට කිරි නෙමෙි නම් මොනවද…?

**කිරි නෙමෙි නම්. අපේ අවුමානයන් අනුව තෙල් වෙන්න එපැයි.

නියමයි හරියටම හරි.. තෙල් තමයි. සුපිරි භූම්තෙල් එහෙමත් නැත්නම් සුදු භූමිතෙල්. මොකද සුපිරි භූමිතෙල් තමයි රොකට් වලට පාවිච්චි කරන්නේ.

*එතකොට සර් කොහොමද අර වඳුරව බවුසර් එක ඇතුලට දැම්මෙ….?

තවත් රටපටලවන ප්‍රශ්නයක්. ඒකට උත්තරය සරළයි යාළුවා. එනම අංක තහඩු වලින් බවුසර් රථ කීපයක් උන්ලඟ තියනවා වෙන්න බැරිද ඒක එක වැඩ වලට. කවුද හිතන්නේ බවුසර් එකක් ඇතුලෙ වඳුරෙක් ගෙනියන්න පුළුවන් කියලා. අනික මහාපරිමාණ කිරි වාහන
වගේ දේවල් රථවාහන පොලීසිය පරික්ෂා කරනවත් අඩුයි නෙ.

*තර්කානුකූලව ඒක හරි කියමුකො.
එතකොට මොකටද මුන්ට රොකට් එකක් සර්.

නියම ප්‍රශ්නයක්. මම අනුමාන කරන විදිහට. මෙි වෛරස් එක අපේ රටට එරෙහිව ක්‍රියාත්මක කරන්න හදපු එකක් වෙන්න බැහැ. රැයක් ඇතුලත වෙන රටකට මුදාහරින්න තමයි මෙයාලා සැළසුම් කරනවා ඇත්තේ. ඒක තමයි රොකට් එකක් පාවිච්චි කරන්නේ.
එතකොට කිසිම අනන්‍යතාවයක් නැහැ.
කාටවත්ම අදහසකුත් නැහැ නෙ.

**ඒ කියන්නේ සර් කලින් දවසක විස්තර කලා වගේ ධනවත් රටකට තමයි මුදාහරින්න සැළසුම් කරලා තියෙන්නෙ.
මොකද අපේ රට දුප්පත් රටක් නෙ
අපේම අයට පිං සිද්ධ වෙන්න. අපෙන් ගන්න දෙයක් නැහැ නෙ. වට්ටන්න කියලා අමුතු දෙයකුත් නැහැ නෙ.

ඔව් ඒක ඇත්ත. නියමයි ජනිත්. මොකක් නමුත් ධනවත් රටක් ඉලක්ක කරලා තමයි තියෙනවා ඇත්තෙ බොහෝදුරට.

*ප්‍රශ්නය එන්න එන්නම බැරෑරුම් වෙනවා නේද…?

ඔව් කසුන්. අපි මෙි ඉන්නෙ ලොකු ප්‍රශ්නයක. වහාම අපි මෙිගැන උකුස්සට කියන්න වෙනවා. හැබැයි මෙික අපේ තාර්කික සංකල්පයක් විතරයි. මෙික හරියටම සිඇසින් නිරීක්ෂණය කරල , සනාථ කරගෙන තමයි කියන්න ඕන.
නැත්නම් එතනත් අවුලක් ඇතිවෙනවා.
ඊලගට පරණ ප්‍රශ්නමයි උඩට එන්නේ. කවුද මෙි අල්මේදා …? ඊලඟට අපි මෑන්ව හොයාගෙන අල්ලගන්න ඕන. අපි හොයලා බලමු මෑන් කවුද කියලා.

**දැන් කොහොමද මෑන්ව අපි හොයාගන්නෙ…?

කොහොමද මෑන්ව හොයන්නෙ…? තාත්වික ප්‍රශ්නයක්. අපිට හරිහැටි හෝඩුවාවක් නැහැ. තියෙන්නෙ ෆෝන් නම්බර් එක විතරයි. වෙනත් කිසිම තොරතුරක් නැහැ. එතකොට විමර්ශන කටයුතු මීට වඩා සංකීර්ණව , සූක්ෂ්මව කරන්න වෙනවා. කොහොමද එහෙම දෙයක් කරන්නේ..?

*අපිට නම්බර් එක ට්‍රෙිස් කරලා බැරිද හොයන්න.

හොඳ අදහසක් කසුන්. නමුත් හිතන්න එපා මෙි යකා එහෙම නිතර නිතර කතා කරන නම්බර් එකක් කියලා මෙික. මෙි නම්බර් එක පාවිච්චි කරන වෙලාවක් තියනවා දවසට. අනිත් හැම වතාවෙම ඒක ක්‍රියා විරහිත කරලා තියෙන්නෙ. ඊලඟ කාරණය මෙහෙම වෙන්නත් පුළුවන්.

*කොහොමද …?

මෙි ෆෝන්එක පාවිච්චි කරන්නේ සාමාන්‍ය මිනිහෙක්. අවශ්‍යතාවයට පමණක් මිනිහා අතට ගන්නවා වෙන්නත් පුළුවන්.
මොකද හැම අතින්ම පරිස්සම් වෙන කපටි චරිතයක් වෙන්න ඕන මෑන්. සිම්පත වුනත් මෑන්ගෙ නමට තියෙන්න විදිහක් නැහැ. කොහොම වුනත් අපි ප්‍රොන්ටොට කියලා මෙි නම්බර් එක ලියාපදිංචි කරලා තියෙන්නෙ කාගෙ නමටද කියලා බලමු. ඊට පස්සේ අපි යමු මෑන්ගෙ ලිපිනයට ගිහින් පොඩි නිරීක්ෂණයක් දාමු. ඊට පස්සේ බලමු මොනවද කරන්න පුළුවන් කියලා. ඒ වගේම ලංකාවෙ MOH වල විතරයි uniself වාහන තියෙන්නෙ. එතකොට මෙි අතරින් MOH වල ලියාපදිංචි නොවුන වාහන තිබෙිනම්, ඒ ඉඳුරාම ලංකාවෙ uniself එකට සම්බන්ධ වාහන විතරයි. එයිනුත් ඔබ්බට තිබෙිනම් එව්වා ඉතින් ව්‍යාජ වාහන විය යුතුයි. කමක් නැහැ අපි පලමුවෙන්ම සිම්එක පරික්ෂා කරලම බලමු. කසුන් මෙි නම්බර් එක ප්‍රොන්ටොට දීලා බලන්න කාටද මෙික ලියාපදිංචි කරලා තියෙන්නෙ කියලා.

*හොඳයි සර්. ඉන්න පොඩ්ඩක්. මට විනාඩියක් දෙන්න.

හරි යාළුවා.. එතකොට නියෝජිත ජනිත්. අපිට මෑන් හොයාගන්න කම් මොකුත් කරන්න බැහැ. මිනිහව නිහඬ කරලා තමයි ජාලයම නිහඬ කරන්න වෙන්නෙ.
ඊට පස්සේ කුලී හමුදාව ගැනත් අවසානයේ දී බලාගමු. මෙි අදිසි මොළකරු හොයාගෙන ප්‍රශ්න කරන්නේ නැහැ අපි. ඊට පස්සේ මම රිංගනවා යාලේ කෑම්ප් එකට. එතන මොකක්ද වෙන්නෙ කියලා හරියටම බලාගෙන තමයි වැඩෙිට බහින්න ඔින.

*හරි සර්… මෑන්ට විනාඩි දහයක් දෙන්න කිව්වා. විනාඩි දහයෙන් අපිට කියයි.

බොහොම හොඳයි..

*එතකොට සර් සිම්එක ලියාපදිංචි කරලා තියෙන මෑන් හොයාගෙන අපි දෙන්නා යනවද…?

නැහැ කසුන්. ඒකට අපි අපේ ස්පයිඩර් කෙනෙක් යවමු මුලින්ම. ඊට පස්සේ මෑන්ගෙ පරිසරය විපරම් කරලා. මෑන්ව වැඩිපුර ආශ්‍රය කරන්නේ කවුද කියලා හොයලා බලලා , හරි තොරතුරක් ලැබුනට පස්සේ තමයි අපි යන්න ඕන.

**ගිහින් හොම්බට දෙකක් ඇනලා දැනගනිමු.

හහ් හහ් හා.. නියෝජිත ජනිත්..හැමවෙලේම ඇ⁣ඟේ හයියෙන් ප්‍රශ්න විසඳන්න බැහැ. මොලෙත් පාවිච්චි කරන්න වෙනවා. ඔයත් හරියට ලංකාවෙ වනිදු පතරංග , තුසාල් මෙන්ඩිස් වාගෙ හිතන්න එපා. එයාලා හිතන්නේ එන හැම⁣ බෝලෙටම පාරවල් ගහලා හය හතර ගන්න. එහෙම බැහැනෙ ක්‍රීඩා කරනවා කියන්නේ අසීරු අවස්ථාවන් වලදී ඉවසීමෙන් කටයුතු කරන එක. එහෙම කරන්න මොළය පාවිච්චි කරන්න ඕන.
ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයො ලඟ නැත්තෙත් බුද්ධියයි , විනයයි නෙ. ඒ දෙක තිබ්බා නම් තරඟ පරදින එක නවත්තා ගන්න පුළුවන්. ලංකාවෙ කාන්තා ක්‍රිකට් දැන් පිරිමි ක්‍රිකට් වලට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්නවා. ඒ හන්දා හැම වෙලේම බුද්ධියට ඉඩදෙමු.

**හරි සර් …

මහ මොළකාරයා අල්ලගත්තට පස්සේ හොම්බට බැරිනම් ඕන තැනකට නෙලුවට කමක් නැහැ. එතකම් අපි හැමෝම ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. (මිනිත්තු කීපයකට පසු සිම්පතේ හිමිකරුගෙ විස්තර අප⁣ට ලැබුනි. )


හරි මහත්වරුනි. ජේඒ ජයසිංහ
අංක 345/1 හැඳල හංදිය, මහබාගෙ
නියමයි. අපි මෙි විස්තර ටික අපේ වත්තල ස්පයිඩර් වෙත යවලා කඩිනමින් විස්තර ටික ගන්න ඕන ඊට පස්සේ බලමු. මෙතනින් මොකුත් බැරිවුනොත් කරගන්න. මම සංකීර්ණ විමර්ශනයකට යොමුවෙනවා. අපි බලමු නේද කවුද මෑන් කියලා. ඒ විස්තර ලැබෙනකම් අපි යමු පිලිමතලාවට

**සර් මමත් එන්නද…?

ඔයා…. හ්ම්ම් කමක් නැහැ යමුකො. එහෙනම් මහත්වරුනි හෙට උදෙන්ම අපි පිටත්වෙනවා පිලිමතලාව බලා. ඒ හන්දා හැකි උපරිමයෙන් තමන්ගෙ වේෂය මාරු කරගන්න ඕන. හෙට රජයේ නිවාඩු දවසක් හන්දා විදුහල්පති තුමා මුණගැහිලා එමු.

*හොඳයි සර්… ඒත් උපරිමයෙන් වෙිෂය මාරුකරගෙන …?

ඔව්. ඒකට හේතුව ඔයාලට දැනගන්නට පුළුවන් වෙයි. ඒ වගේ නිහඬ අවි අරගෙන යන්න ඕන.

**සර් ඇත්ත කියන්න. සිද්ධිය ඒ තරමට බැරෑරුම් ද….?

ඔව්. එහෙම හිතාගන්න.

පසුදින….

හිරු උදාවන්නටත් පෙර තිදෙනාම වෑන්රියට ගොඩවූයෙමු. හෝරා දෙකහමාරකට පසු අපිට පිලිමතලාවට ලඟාවීමට හැකිවිය. උදා ආහාරය පිලිමතලාවෙන් ගත් අපි ඉඳුරාම ගමන් කලේ මහාචාර්ය විනීත මහතාගේ ඥාති පුත්‍රයාගෙ නිවස වෙතය. නමුත් අතරමගදී අප වාහනය නවත්වන්නට මා උපදෙස් දුන්නෙ මාහට වෙනස් ආකාරයේ හෝඩුවාවක ඉව වැටුන නිසාවෙනි.

නියෝජිත ජනිත් …

**සර්

ආපසු හරවලා අයිනට දාලා නවත්වන්න මෙතන.

**හොඳයි සර්…

*සර් අපි එහෙට යන්නෙ නැද්ද.

ඇතුලතින් බලනවට වඩා වෙස් යමක් මතුපිටින් පේන්න පුළුවන් මහත්වරුනි.
අර තියෙන්නෙ මෑන්ගෙ ගෙදර. අපි මෙතන ඉඳලා අර පොඩි ගලට ගොඩවෙමු. එතන ඉඳලා දුරදක්නයන් ඔස්සේ තමයි ගේ දිහා බලන්න වෙන්නෙ.

*නමුත් ඇයි සර් එහෙම කරන්නේ.

ඒකට උත්තර අර ගලට නැගලා බලපුවාම තේරෙයි. දැන් යමු කාලය සීමිතයි මහත්වරුනි.

මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now