⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 09 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

*සර් අර බවුසර් එක….

ඔව් ඒක තමයි කසුන්.. මහත්වරුනි .
ලොකු චාරිකාවක් යන්න ලෑස්ති වෙන්න.
අන්න බවුසර් එක යනවා. අපිත් යමු..

මෙතැන්සිට ……

කොළඹ ගාලු පාරට දාගත්ත බවුසර් රඛය වේගයෙන් ඉදිරියට ධාවනය වන්නට විය. අපද ඔවුන් පසුපස ගියමුත් ඔවුන්ට නොපෙනෙන මානයේ සිට ලුහුබඳින්නට වගබලා ගත්තෙමු. විටෙක ඔවුන්ව පසුකරමින්ද. තවත් වෙලාවක ඔවුන්ට වඩාත් පසුපසින්ද වෑන්රිය මනාව ධාවනය කරන්නට නිනියෝජිතවරයා සමත්විය. සිතු පැතූ පරිදිම මාතර ෆුඩ් කෝනර් එකෙන් දිවා ආහාරය ගන්නට බවුසර් රථයෙන් බසින විට ඔවුන් දෙදෙනාගෙ බාහිර ලක්ෂණ මනාව පෙනෙන්නට විය.

නියෝජිත ජනිත් …

**සර්…?

මෙතනින් එහාට අපිට මුන්ව ලුහුබඳින එක අවධානම්. මොකද මොනවා වුනත් මුන් දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ මුන් එක්ක අපි ආවා කියලා. කථාකරන්න. මෙි පැත්තෙ අපේ නියෝජියෙකුට. ජැගුවරා එකක් අරගෙන මෙතනට එන්න කියන්න හැකි ඉක්මනින්ම. කසුන් මම අපි දෙන්නා මෙතනින් එහාට බයික් එකේ යමු. මොකද මසැක හිතුනා , නොහිතුනා
උන්ට අපේ වාහන මතකයි.

**හොඳයි සර් ඉන්න මම ක්ෂනිකව ගෙන්න ගන්නම්…

හරි… ඉක්මන් කරමු.

මිනිත්තු පහලවකට පසු හෙල්මට් දෙකක්ද අතැතිව ගාල්ලේ නියෝජිතයෙකු පැමිණ තම යතුරුපැදිය අප අසලින් නවත්වන ලදි. පසු කසුන් සමග මම හෙල්මට් දෙක දමාගෙන බවුසර් රථය පිටත් වන විට ඔවුන් පසුපස ලුහුබඳින්නට විය. නියෝජිතයින් දෙදෙනා
එතන වෑන්රිය තුල නවතින්නට විය.

වෙරළාසන්න මහා මාර්ගය ඔස්සේ ගොස්
අවසානයේ `` යාල ´´ නමින් මාවතේ පැත්තක නාම පුවරුව සවිකර ඇති ස්ථානයද අප පසුකර ගොස් කිලෝමීටර් එකක් පමණ ගෙවාගොස් ඔවුන් වනන්තරයට ඇකුවන කුඩා පටු හාවතකට අවතීර්ණ විය.

කසුන් බඩුම තමයි… දැන් අපි උන් සමීපයෙන් පසුපස ගියොත් පැති කණ්නාඩි වලින් අනඅනිවාර්යයෙන්ම පේනවා. ඒ හන්දා නොපෙනෙන්ට යමු.

*සර් කොහොමද එහෙම යන්නෙ …?

මතක් කරලා බලන්න.. අපිට තියෙන්නෙ විකල්ප දෙකයි. ටයර් පාර අනුගමනය කරලා යන්න. නමුත් මෙි බොරළු පාරෙ ටයර් පාරවල් අනුගමනය කරන්න බැහැ. මොකද පාරවල් හිටින්නෙත් නැති හන්දා.
එහෙනම් එකම විකල්පය දූවිලි පාර අනුගමනය කරන එක. අපි එහෙම යමු.
පුළුවන් තරම් ශබ්දය සීමා කරගෙන යන්නත් වෙනවා.

*හරි සර්…

අනවශ්‍ය විදිහට යතුරුපැදිය ⁣වේගය වැඩි නොකර , දූවිලි හමන පාර දිගේ ඉතා සෙමෙන් වනය තුලට අප යන්නට විය.
පාර එන්න එන්නම පටු වන්නට විය.
වනය සිසාරා ඉදිරියට ගියද වනන්තරය අභ්‍යන්තරයට සේන්දු වනවිට තුරුලතා සෙවණ හේතුවෙන් මා⁣වතේ ඇති වියලි බව පහව ගොස් තෙත සහිත භූමියක් නිර්මාණය වී තිබීම අපට අවාසිදායක ලෙස බලපා ඇත. නමුත් පලමු න්‍යාය
එතනදී අපිට වාසිදායක වන්නට පටන් ගත්තේ තරමක තෙත් පොලවෙ ටයර්වල සටහන් රජයන්නට පටන්ගත් හේතුවෙනි.

නවත්තන්න කසුන්…

*සර්… ?

ඔව්. වහාම නවත්තලා ඔය අකුලකට මෙික තල්ලු කරමු ඉක්මනට. කියමින් දෙදෙනාම එකතුවී යතුරුපැදිය අසල
ලන්දකට තල්ලුකර දමන්නට විය. පසුව වෙනත් කුඩා ලන්දකට මා ගමන් කරන අතරේ මා පසුපස සහයකයා එන්නට විය.
කසුන් බිම දිගාවෙන්න… මාද බිම දිගාවී දුරදක්නය අතට ගෙන එය අධාර කරගෙන මා වටපිට හොඳින් නිරීක්ෂණය කෙරුවෙමි. කිසිදු හැලහොල්මනක් ⁣පෙනෙන්නට නොවුනත් , ඉදිරි භූම්යේ මොනයම් හෝ ⁣විස්තර කිරීමට අපහසු දෙයක් තිපෙන බැව් මාහට ඉවෙන් වගේ වැටහුණි.

*සර් මොකක්ද අවුල ( රහසින් )

විස්තර කරන්න අමාරුයි. ඒත් මොනවා හෝ යමක් තියනවා කසුන් ඉස්සරහා. පොඩ්ඩක් ඉන්න අපි බලමු. කෝකටත් අපේ සන්නිවේදන උපකරන නිහඬ කරලා දාන්න. මද වෙලාවක් ගතවිය. සුළු මොහොතකට පසු පිලිවෙලකට නිළඇඳුම් අඳින ලද නවීන කුඩා අවි රැගත් හමුදා කණ්ඩායමක් වටපිට බලමින් බෙහොම සෙමෙන් කුඩා පාර දිගේ අප පසුකර යන්නට විය. ඉතාමත් අලංකාරවත් කැලෑ ඇඳුමක් ඇඳ සිටි ඔවුන් අපේ රටට අයත් අයවලුන් නොවන වග මුහුණුවලින් පෙනී යයි.
`` Xianshen women jiu zheyang huilai ´´
යනුවෙන් එකෙකු මුමුණන්නට විය. ඉදිරිපසින් ගිය තවකෙකු `` bu women zou ling yitiao lu ba. Jintian dao ci weizi ´´
යනුවෙන් මුමුණන්නට විය. කිසිම චලනයක් නොපෙන්වා ආවරණය වූ පඳුර තුලම අප දෙදෙනා සිටියා. අප දෙදෙනාද
ආපසු හැරී ඔවුන් නොපෙනෙන තෙක්ම ඉන්න ඉරියව්වෙන්ම රැදී සිටින්නට විය.

*සර් ඒ මොක්කුද… ? ( රහසින් )

මට පේන විදිහට `` පැරා මිලිටරි ´´ ( කුලී හමුදාවක් ) එකක් වගේ.

*පැරා ආමි එකක්..? මෙහෙ…?

ඔව්… අපි පස්සේ ඒ ගැන කථා කරමු.

*සර් දැන් මොකද කරන්නේ …?

`` ගෙදර ගියොත් තෝ නහී. මග හිටියොත් අඹු නහී ´´ කිව්වලු. ඉඳලත් බැහැ. ගිහිනුත් බැහැ. මුන් කතා කරේ චයිනීස් භාෂාව වෙන්න ඕන. මට තේරුන විදිහට ආපසු එන්නෙ නැහැ වෙනත් විකල්ප මාර්ගයක් ඔස්සේ යනවා කියලා තමයි කිව්වෙ.

*එහෙනම් අපි යමු….

දැන්ම බැහැ කසුන්. අපි තව විනාඩි තිහක් විතර මෙතන ඉමු. අඩ හෝරාවකට පසු දෙදෙනාම නැගිට යතුරුපැදිය මාරුවෙන් මාරුවට තල්ලුකරමින් ආපසු පාර දිග එන්නට වූයේ නිශ්ශබ්දතාවය රැකිය යුතු නිසාවෙනි. කිලෝමීටරයක් පමණ එසේ ගෙවාගෙන ආ ගමන හමාර කරන්නට වූයේ ඉතුරු හරිය යතුරුපැදිය පණ ගන්වා වෙිගයෙන් පැද ආ හේතුවෙනි.

කිසිදු වචනයකුදු කථා නොකර වෙිගයෙන් ගමන් ගත්තේ මාතර ෆුඩ් කෝනර් අසල ඇති අප වෑන්රිය කරා ය. පසුව ගාල්ල නියෝජිත G700 වෙත යතුරුපැදිය භාරදී ඔහුව පිටත් කිරීමෙන් පසු. වෑන්රිය තුල මද වෙලාවක් ගිමන් හැරියෙමු. අවසානයේ කතාවට මුලපිරුවෙ නියෝජිත ජනිත්ය.

**සර් මොකද දෙන්නම ගොළුවෙලා.
මොනවාහරි කාලා ඉමුද…?

නියෝජිත ජනිත් කෑවද…?

**ඔව් සර් අපි දෙන්නම කාලා හිටියේ ඔය දෙන්නා එනතුරු…

හ්ම්ම්… බොහොම හොඳයි. කසුන් අපි යමු. ගිහින් මොනවාහරි සප්පායම් වෙමු.
එතන වෙිටර් කෙනෙක්ව කතාවට අල්ලගන්නත් පුළුවන් වෙයි. මම යන ගමන් විස්තරය කියන්නම්.

**හරි සර්.

අඩහෝරාවකට පසු තිදෙනා වෑන්රියට ගොඩවැදී , ආපසු එන්නට විය.

**සර්… දැන්වත් මට කියනවද මොකක්ද වුනේ කියලා..

නියෝජිත ජනිත්. අපි හිතුවටත් වඩා මෙික බැරෑරුම්. එන්න එන්නම බැරෑරුම් වෙනවා. ඒ වගේම සංකීර්ණ වෙන හැඩයි.
මම කිව්වෙ මෙි සංවිධානයක් කරගෙන යන ව්‍යාපෘතියක් කියලා. ඊටත් වඩා යමක් මෙතන තියෙනවා.

**ඒ මොකක්ද සර්… ?

උන්ට ඉන්නවා පැරා මිලිටරි එකක්.

**මොකක් .. ? පැරා මිලිටරි එකක්..? එකවරම නියෝජිතයා අතින් වෑන්රියේ තිරිංග තද විය. තිදෙනාම ඉදිරිවට නැමි නැවත ප්‍රකෘති විය.

ඔව් නියෝජිත ජනිත්. උන් හොඳට සන්නද්ධ පුහුණුව ලබපු හමුදාවක්
කියලා කියන්න පුළුවන් බැලූ බැල්මට. ඒ වගේම වැඩිය උස නැති චීන්නු ටිකක්.

**චීන්නු ….? ( නැවත සාමාන්‍ය වෙිගයට වෑන්රිය පත්කරමින් )

ඔව් චීන්නු. මොකද ඒ උන්ටික කතා කරපු භාෂාව චීන. අනික ඒ කැලෑ ඇඳුම සම්මත හමුදාව අඳින නිළඇඳුමක් නම් නෙමෙි කියලා මට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුලී හමුදාවකට තියෙනවා සම්මතයෙන් ඔබ්බට ගිය නිළඇඳුම් වර්ගයක්. මෙි ඇඳුමත් එහෙම එකක් තමයි.

*එතකොට සර් අපේ හමුදාවට මෙි ගැන දැනුම් දෙන්න වෙයි නේද…?

එහෙම කරන්න පුළුවන්. නමුත් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලොකු ප්‍රශ්න ගොඩකට ලංකාවෙ අපිට මුහුණ දෙන්න වෙනවා එහෙම වුනොත්. අනික වසංගත ප්‍රචාරයණය කියන්නේ ජාත්‍යන්තර අධිකරණයක අහන්න ඕන නඩුවක්.
මෙික ඔප්පු කරන්න ගිහින් අපිට ලොකු අවාසි වලට මුහුණපාන්න සිදුවෙනවා ඒකාන්තයි.

**එතකොට ඇයි සර් මෙික හමුදා බුද්ධි අංශයට දැනුනෙ නැත්තේ…?

මෙි අය කුඩා කණ්ඩායම් වශයෙන් ඉන්නෙ බොහෝදුරට. ඒ වගේම අපි දන්නෙ නැහැ නෙ මෙි වැඩෙි පටන්ගෙන කොච්චර කල්ද කියලා. මෙිවනවිට
තොරතුරු හොයාගෙන යනවා වෙන්නත් පුළුවන්. නමුත් මෙතන මම කලින් කිව්වා වගේ රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන හන්දා…. නැහැ නැහැ එහෙම වෙන්න බැහැ. මොකද එහෙම නම් ඒ ගැන උකුස්සා දැනගෙන ඉන්න එපැයි.

*ඔව් නේද සර්…. අපි උකුස්සගෙන් අහමුද..?

ඔව් අපිට අනිවාර්යයෙන්ම අහන්න වෙනවා.

**එහෙම දෙයක් ගැන උකුස්සා දැනගෙන නොහිටියොත් මොකද කරන්නේ…?

හොඳ ප්‍රශ්නයක්.. අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. එච්චරටම ආරක්ෂාව තර කරලා තියෙන්නෙ. මෙික සමූල ඝාතන අපරාධ වැඩසටහනක් නෙ.
මෙික එලියට කාන්දු වෙයි කියලම තමයි ලාංකික හමුදාවක් මෙිකෙ ආරක්ෂාවට ගත්තෙ නැත්තෙ.

*ලාංකික හමුදාවක්… ලංකාවෙ කුලී හමුදාවල් නැහැ නෙ.

මොකද නැත්තෙ කසුන්. අනියම් හමුදාවල් ඔින තරමි ඉන්නවා. ඇයි හමුදාවෙන් නීත්‍යානුකූලව අස්ව ගිය අය වගේම ⁣විනය හේතූන් මත නෙරපා දමපු අය. එතකොට රාජකාරිට වාර්තා නොකර පැනගිය අය. ඒ වගෙේ අය ටිකක් හදාගත්තහම ඒක අනියම් හමුදාවක් වෙනවා. එයාලා පාතාල කල්ලි ගනයට අයත් වන්නේ නැහැ. කොහොම නමුත්
අපි බලමු උන්ගෙ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා.

**එතකොට සර් ඊලඟට අපි මොකද කරන්නේ …?

ඊලගට අපි කොටියාකුඹුර ඉන්න තැනෙන් එලියට එන්න වෙනවා. අර මෝඩ ජෝඩුව ගැන බලාගන්න තව කල් තියෙනවා. අපි හෙටම ගාල්ලෙ ``සී හවුස් ´´ එකට එමු. මොකද මින් ඉදිරියට අපිට බෙහෝ වැඩකටයුතු තියෙන්නෙ යාල කැලේ තමයි. අපි දැන් මෙි ටික `` ඩාර්ක් හෙඩ්´´ ට කියන්න වෙනවා. ඊට පස්සේ අපි සූක්ෂමව කැලේට රිංගලා බලමු එතන⁣ මොකක්ද කරන්නේ කියලා.

හෝරා කීපයකට පස්සේ අපි නැවතුනේ ඒකක මධ්‍යස්ථානය තුලය. වහාම ඩාර්ක් හෙඩ් හමුවී දුටු සියල්ල පැවසූ ප මෙි බැව් කඩිනමින් ම උකුස්සා වෙත සැල කරන බවත්, නිරීක්ෂණ කටයුතු බොහොම පරිස්සමෙන් කරගෙන යන ලෙසත් දෙවන ප්‍රධානිගෙන් උපදෙස් ලැබුනු පසු. හෝමාගමට බස් රථයෙන් පැමිණ. යතුරුපැදියට නැග කොටියාකුඹුර පිහිටි නවාතැන වෙත එනවිට රාත්‍රි අඳුර වැටි තිබුනි. කරුණු

කසුන් අපි හෙටම පිටත්වෙන්න ඕන ගාල්ල සී හවුස් එක බලා. මොකද මම හිතන විදිහට ඔය සංවිධානයේ අත්හදාබැලීම් කරන රහස්‍ය තැනක් ඔය යාල වනෝද්‍යානය තුල තියෙන බව මට පායන ඉරහඳ වගේ සහතිකයි. ඒ හන්දා තමයි පැරා ආමි එකක් දාගෙන මෙි අය රහසේම වැඩටික කරගෙන යන්නේ.

*වුන්ට මොකා අහුවුනත් සොරි තමයි නේද…?

ඔව්… උන්ට කවුරුන් හෝ අහුවුනා කියන්නේ උන්ගේ පර්යේෂණ වලට
භාජනය කරනවා ඒකාන්තයි. ඒක කියද්දි මට මතක් වුනේ. මම ලඟ තියනවා ටොප් අයිඩියා එකක්.

*ඒ මොකක්ද සර් ….?

අපි ඉක්මනම පරික්ෂා කර බලන්න ඕන.
ලංකාවෙ ප්‍රධාන නගර වල හිඟන්නන් ප්‍රමාණය අඩුද ගිය මාසෙට සාපේක්ෂව. එහෙම අඩු නගර මොනවද කියලා.

*ඒ මොකටද…..?

ඔයා දන්නවා නෙ කසුන් මම හිතන විදිහ ගැන. මම සාමාන්‍යයෙන් ප්ලෑන් එකක් ගහනකොට , ඒක හදිසියේම ක්‍රියාත්මක කිරීමේදී අසාර්ථක වුනොත් , දෙවන ප්ලෑන් එකක් , එහෙමත් නැත්නම් ප්ලෑන් බී එකකට යනවා කියලා. ඒකත් මම කලින් සැළසුම් කරලා තියෙන්නෙ කියලා.

*ඔව් සර්. ඒක ඉතින් මම නොදන්නා කාරණයක් නෙමෙි නෙ.

ඔව් කසුන්. ඉතින් මම කල්පනා කරේ.
උන්ගෙ රහස් විද්‍යාගාරය හොයාගෙන අනවසර ඇතුළුවීමකට යොමුවෙන්න.
එහෙම බැරි වුනොත් ප්ලෑන් බී එකට වැඩ කරන්න.

*ප්ලෑන් බී….?

ඔව් ප්ලෑන් බී… ඇත්තෙන්ම කියනවා නම් ප්ලෑන් බී කියන්නේ අවසර ඇතුව ඇතුල්වීමක්…

*අවසරයෙන් ඇතුල්වීමක් …?
ඒ කොහොමද ….?

මොහොතකට හිතලා බලන්න. අපි හොයන ගිය මාසයේ යාචකයින්ගේ සංඛ්‍යා ලේඛණයයි, මෙි මාසයේ අන්තිමට ලැබෙන සංඛ්‍යා ලේඛණවලයි අගය පරස්පර විරෝධි වුනොත්, ඒ කියන්නේ වර්ථමාන ලේඛණයේ යාචකයින් එකෙක් දෙන්නෙක් හරි අඩුවුනොත්, ඒකේ තේරුම
මම අර කලින් කියපු න්‍යායට බොහෝසෙයින් සමාන වනවා කියන එක නේද….?

*අඩුවෙලා කියන්නේ බඩු අතුරුදහන් කියන එක නේද…?

හරියටම හරි…. ඒ කියන්නේ එක්කෝ ස්භාවික මරණ වෙන්න ඔින. නැත්නම් ආගිය අතක් නැතිවෙන්න ඔින කියන එක නේද … ?

*ඒ කියන්නේ අපේ නිගමනය බොහෝදුරට යථාර්ථයක් වෙලා තියෙනවා. උන් හිඟන්නන් අරගෙන යනවා ඉදිරි අත්හදාබැලීම් වලට.

විශිෂ්ඨයි යාළුවා… ඒක තමයි මම කියන්නේත්. එතකොට මමත් ප්‍රධාන නගරයකට යනවා හිඟාකන්න..

*හපොයි… යන්තම් හිහිඟාකාලා ඉවරවෙලා මාස තුනයි නේද වෙන්නෙ. ආයෙත් හිඟාකන්න යනවද…?

හහ් හහ් හා…. මෙි යන විදිහට නම් ලංකාවෙ හැමෝටම කොහොමත් හිඟාකන්න තමයි වෙන්නෙ. ඉතින් කලින්ම විෂයට බහින එක හොඳ නැද්ද …?

*ඒකත් ඉතින් ඇත්ත තමයි..

ඒකනෙ ඉතින්… මම කොහොමහරි තැන හොයාගෙන ඇතුලට යනවාමයි.


මතු සම්බන්ධයි……




Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now