⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 05 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~


හරි අපි තව පැය දෙකකින් ගමනට ලෑස්ති වෙමු. ප්‍රශ්න තියනවද කසුන්.

*නැහැ සර්….

හොඳයි නියමයි .. අපි එන වැඩෙි වෙනස්වන විදිහට ඇණේ ගහමු හරිද…

මෙතැන්සිට ………..

සැළසුම් කල පරිදි හවස් යාමය වනවිට
මහනුවර නගරයට ඒමට අපට හැකිවිය.
රාත්‍රි අඳුර කෙමෙන් කෙමෙන් රජයන විට අප දෙදෙනාම පිලිමතලාවහි මහාචාර්යවරයාගෙ මහගෙදර පරිශ්‍රයට ඇතුල් වුනා. අසල දෙල් ගසක් යටට වී තවත් අඩ හෝරාවක් පමණ රැඳී සිටියේ තද අඳුර පරිසරය වෙලා ගන්නාතුරුය.

කසුන්. හොඳට බලන්න වටපිට. හ්ම්ම්… අවුලක් නැහැ. අපි යමු මට වඩා පියවර දහයක් පසුපසින් එන්න.

*හරි. යමු සර්…

දොරගුළු මුදාහරිමින් පලමුව මා ගේතුලට ඇතුල්වුනා. දෙවනුව සහයකයාද ඇතුල්විය. සෑම කාමරයක්ම
මාරුවෙන් මාරුවට ඉතා සූක්ෂම ලෙස විදුලි පන්දම් එලියෙ ආධාරයෙන් පිරික්සුවා. අවසානයේ ආලින්දයට දෙදෙනාම ගමන්කර , පිලිවෙලට තබා තිබුන ආසන දෙකක වාඩී විරාමයක් ගෙන කල්පනා කරන්නට විය. පසුව රහසිගත ⁣කතාබහකට මුල පිරුවෙ කසුන්ය.

*සර්. කෝ මොකුත් නැහැ නෙ.

වෙන්න බැහැ කසුන්. කොහොමත් වෙන්න බැරි දෙයක්. මෙතන මොකක්හරි වැදගත් දෙයක් අපිට හමුවෙන්නම ඔීන. මෙි ගෙදර දිග පළල සන්දානාත්මකව බලපුවාම අපි මෙච්චර ඉක්මනට සෝදිසි
කරේ කොහොමද.. ? මොනවද කසුන් අපි මගහැරියේ.. `` සෑම පොදු කාරණයක් ඇතුලේ වෙනස් යමක් ඇතොත් , තව දුරටත් එය පොදු කාරණයක් නොවෙි ´´ මොකක්ද අපි දැකපු පොදු කාරණය… ? ඔයා බලමු කාමර තුනේම අල්මාරි තිබ්බද කසුන්… ?

*ඔව් සර්…..

මම බලපු කාමර තුනෙත් අල්මාරි තුනක් තිබ්බා. බොහොම හොඳයි. ඒක පොදු කාරණයක්. හොඳයි ඒ දැකපු අල්මාරි තුනම මොනවගේද…?

*මට වැඩිය එහෙම අදහසක් නැහැ.

හොඳයි අපි බලමු. එන්න යමු.

දෙදෙනාම ගොස් කාමරවල අල්මාරිවල ස්භාවයන් සියුම්ව නිරීක්ෂණය කරා. කාමර හයේම අල්මාරි තිබුනද එක් අල්මාරියක් පමණක් ලීයෙන් නිමවා තිබුනි. අඩි පහක් පමණ උසට එය ශක්තිමත්ව නිමවා තිබුනි.

පේනවා නේද යාළුවා. මෙි අල්මාරිය විතරක් ලීයෙන් හදලා තියෙන්නෙ. ඒ වගේම මේක හරිම ශක්තිමත්. ඒ වගේම පේනවා නේද. අනිත් අල්මාරි පහටම කකුල් හතරක් තියනවා. නමුත් මෙිකෙ එහෙම නැහැ. මෙික නිකං පෙට්ටියක් වගේ. අපි බලමු අසාමාන්‍ය දේ මොකක්ද කියලා. සීරුමාරුවට එහි අගුල හැර විවෘත කර විදුලිපන්දම ආධාරයෙන් හොඳින් පරික්ෂා කලද , එහි කිසිවක් තිබුනේ නැත.

*හරිම පුදුමයි නෙ සර්. මෙිකෙ මොකුත්ම නැහැ නෙ. මොකුත්ම නැත්නම් අහවල් එකකටද මෙතන අල්මාරියක් දාලා තියෙන්නෙ….?

අන්න හරි… ඔය හිතන්නේ හරියටම. අපි බලමු. ඒක තමයි විශේෂත්වය. කියමින් මා ශක්තිමත් මෙම අල්මාරිය ඇතුලට ගොස් එහි ඇතුලේ සිට එලියට මුහුණලා පරික්ෂා කරනවිට කුඩා ලිවරයක් දැක්කෙමි. `` ජැක්පොට් මාධව ´´ කියමින් මම එය උඩට අදින්නට උත්සාහ කලද එය කල නොහැකි විය. පසුව පහලට කලද එයද අසාර්ථක උත්සාහයකි.

*සර් මොකද ඔතන වෙන්නේ….?

මෙතන අමුතු දෙයක් වෙනවා කසුන්.
ඉන්න බලන්න කියමින් මා අල්මාරියෙන්
එලියට ආවෙමි. මෙි අල්මාරියේ මොකක් නමුත් ලිවර් එකක් තියනවා. සමහරවිට වැඩි බරට මේක හිරවෙනවා ඇති. කියමින් එලියේ සිට දකුණු අත දමා ලිවරය පහලට කරකවන විට එය නිරායාසයෙන්ම කැර⁣කී , පහල තිබු තූනී ලෑල්ල කෝණයක් පිහිටන ආකාරයෙන් ඉහලට එසවිණි. නියමයි මෙි තියෙන්නෙ බඩු කියමින් මා විදුලිපන්දම් ආලෝකය ඒ තුලට යොමුකරන විට අඳුර අකරින් විදුපි ආලෝකය ඇතුලට විහිදෙන විට.
යම් යම් දේවල් පෙනෙන්නට විය.

*සර් බිම් කාමරයක් නේද….?

ඔව් කසුන්. බලමු ඇතුලට ගිහින්. මම ගිහින් ටෝච්එකෙන් සංඥ්ඤා කරාම විතරක් ඇතුලට එන්න. මොකද මොන මරාලයක් ඇතුලෙ තියනවද දන්නෙ නැහැ නෙ..

*හරි සර්…

කුඩා පඩිපෙලක් ආධාරයෙන් පියවර කීපයක් තබා අවසානයේ සිට ගත්තේ ගුප්ත වූ කාමරයක් තුලය. විදුලිපන්දම් එලියෙන් මනාලෙස වටපිට බැලුවෙමි. කිසිදු අවදානම් තත්වයක් නැති බැව් සැකහැර සනාථ කරගත් මා , සහයකයා හට ආලෝක සංඥ්ඤාවක් කරන්නට අමතක නොකළෙමි.

බොහොම සෙමින් වටබිට බලා අඩිය තබා අවසායේ මා ලගට සහයකයා පැමිණි පසු මා උඩ බැලුවෙි විදුලි බුබුළු තිබේදැයි කියාය. විදුලි බුබුළු හතරක් පිලිවෙලට උඩ එල්ලලා තිබුන හෙයින් , ඊලඟ මා වටපිට බැලුවෙ එය දැල්වීම සඳහා බිත්තිවල මොනයම් ආකාරයේ හෝ ස්විචයන් තිබෙිදැයි කියා බැලීමටය.
බලාපොරොත්තු වූ පරිදිම බිත්තියේ එක් තැනක ස්විචයන් හතරක් තිබී එම දෙසට ගොස් මා එය පහලට දමා විදුලි බුබුළු දෙකක් පමණක් දැල්වා වටපිට බැලුවා.
හොඳින් වටපිට බලනවිට සැබවින්ම මෙය විද්‍යාගාරයක ස්වරූපය පෙන්නුම් කෙරුණි.

*දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..
විද්‍යාගාරයක් නේද මෙතන..මරු පොට්එකක් නෙ මෙික.

ඔව් කසුන්… මෙතන මොකක් නමුත් පර්යේෂණයක් කරලා තියෙනවා. වැඩිය මොකුත් අල්ලන්න යන්න එපා. අපි දන්නෙ නැහැ නෙ මොනවගේ පර්යේෂණයක් මෙතන කරාද කියලා.
තැනින් තැන ⁣වීදුරු මෙිසයන් මත කුඩා බීකරයන් තුල විවිධ පැහැයෙන් යුතු රසායනික ද්‍රව්‍ය ඝන හා ද්‍රව වශයෙන් අසුරා තිබෙන්නට විය. තවද , මිනිස් සිරුරේ ධමනි , ශිරා සටහන්කර ඇති මාංශ සැකිල්ලක ලොකු පෝස්ටර් එකක් ද. අවයව වල පමණක් ඡායාරූප මුද්‍රණය කර ඇති ලොකු පෝස්ටර් එකක් ද බිත්තියේ අලවා තිබුණි. විදුලි සැපයුම් ස්විචයන් ලඟ කුඩා අධිශීතකරණක්ද විය. අප දෙදෙනාම රබර් අත්ආවරණ හා නාසය වැසෙන පරිදි කළු ⁣ලේන්සු ඇඳ පැලද සිටීම තරමක හෝ ආරක්ෂාරි වීමට මහත් අස්වැසිල්ලක් විය. මා හෙතෙම අධිශීතකරණය අහක බලාගෙන විවෘත කර බැලුවා. එහි ඕ පොසිටිව් හා ඒ නෙගටිව් ලේබල් සහිත ලේ පැකට් දෙකක් හා නයෝසීන් එන්නත් කුප්පි කීපයක් හා වෙනත් නම් වලින් සඳහන් එන්නත කුප්පි කීපයක්ද විය. වහාම මාගේ කබා සාක්කුවට අත දමා කුඩා සටහන් පොත අතට ගෙන එම බෙහෙත් වර්ග ටිකවල නම් ටික ලේබලයන් කියවා. සටහන්කර ගන්නට අමතක නොකෙරුවෙමි.

*සර් මෙතන අළුත් බෙහෙතක් අත්හදා බලලා තියනවා මට හිතෙන විදිහට.

ඔව් යාළුවා. ඒක තමයි මම කලින්ම කිව්වෙ මෙතන අපි නොදන්නා මොනවාහරි දෙයක් කරනවා. ඒක සුභදායී ද අසුභදායි ද කියන්න අපි තවම දන්නෙ නැහැ.

*සර මෙි සෝඩියම් සල්ෆේට් නේද…?

ඔව් කසුන්.. ඔතන තියෙන හැම ලේබලයකම ⁣තියෙන නම්ටික ලියාගන්න.
අපි අවසානයේ නිවාඩුපාඩුවෙ බලමු මොනවද කරන්න හදලා තියෙන්නෙ කියන්නේ. ඇතැම් වීදුරු බීකරයන් වල රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කර. විවිධ සංයෝගද සෑදී තිබුනි. ළන වීදුරු වලින් සාදන ලද තවත් මෙිසයක් මත අන්වීක්ෂයක්ද දක්නට ලැබුණි. තවත් වැඩිදුර සෝදිසි කිරීමෙිදි ලියැවෙන්නැති පෑන් දෙකක් හා සුදු කඩදාසි කීපයක්ද දක්නට ලැබුනි. කොහොම නමුත් මා එම ලේ පැකට් දෙකෙන් ⁣පිරිසිදු එන්නත් කටු මගින් වෙනවෙනම කුඩා කුප්පි දෙකකට ලේ ස්වල්පය ගාණෙ දමාගත්තා.

*සර් මෙතන ලියැවෙන්නැති පෑන් තියනවා. ඒ වගේම සුදුකඩදාසි ටිකකුත් තියනවා.

නියමයි ඒ සේරම ටික ගන්න. මොකද අර කණ්ඩායමත් මෙි තැන හොයාගන්න පුළුවන්. එහෙම වුනොත් උන් මෙිටික අරගෙන යයි. ඊට කලින් අපි මෙිවා අරගෙන යමු.

*හොඳයි සර්. මෙතන තියනවා ලී පෙට්ටියක්…

ඇරලා බලන්න පරිස්සමෙන්.

*සර්. මෙිකෙ වෙපන් එකක් තියෙනවා..

මොනවා……? කෝ බලන්න … තුවක්කුව අතට ගෙන මා හොඳින් එය පරික්ෂා කර බැලුවෙමි. ඕහෝ… මෙික air pressure gun ( සුලං පීඩනයෙන් ක්‍රියා කරන තුවක්කුවක්) එකක් නෙ.

*මෙික වනජීවි නිලධාරීන් පාවිච්චි කරන එකක් නේද…?

ඔව් විවිධ සැත්කම් වලට සතුන්ට නිර්වින්දන බෙහෙත් දුර තියා විදින්න වගේම , නිදිබෙහෙත් විදින්නත් මෙික තමයි පාවිච්චි කරන්නේ.

*එතකොට මෑන්ට මොකටද මෙික….?

දැන් නම් ටික ටික මට දේවල් ටිකක තේරුම් යනවා යාළුවා. හරි අපි අපේ තැනට ගිහින් තර්ක කරලා බලමු.

*මෙික අපි ගන්නවද…?

එපා… අපිට ඔිකෙන් කරන්න වැඩක් නැහැ නෙ. හ්ම්ම්… පොඩ්ඩක් ඉන්න..
රයිට් ගන්න ගන්න ඕකෙන් තියනවා අපිට හොඳ වැඩක් කරන්න. ඕක දෙකට කඩලා නමාගෙන බෑග් එකට දාන්න.

*ඒකත් හරි…

මා තවදුරටත් එහි ඇති සියලුම දේවල් සියුම්ව පරික්ෂාවට ලක්කරා. අවසානයේ කුඩා හිස් පොතක් හා ලංකාවෙ විවිධ ෆාමසි වලින් එක එක බෙහෙත් වර්ග මිළදී ගත්ත රිසිට්පත් ටිකකුත් සොයාගන්නට හැකිවිය. හොඳයි අපි බලමුකො මොකක්ද මෙි හුටපටය කියලා. හොඳයි අපි යමු එහෙනම් ඉක්මනට මෙතනින්.

*යමු සර්….

වහ වහාම තරප්පු පෙල තරණය කරගෙන උඩවිත් නැවතත් ලිවරය උඩට කරකවා දමා. පිටුපසින් එලියටවිත් කුඩා කඳුගැටයද තරණයකර අකුලක සඟවා තැබු අපගේ යතුරුපැදිය පණගන්වා කොටියාකුඹුර බලා වේගයෙන් පදවන්නට විය. පැය දෙකක ගමනකින් පසුව කොටියාකුඹුර නගරයට පැමිණ අවන්හලකින් රාත්‍රි ආහාරයද රැගෙන ඉඳුරාම ගමන් ගත්තෙ නවාතැන්පල වෙතය.

අඩහෝරාවකට පසු…..

හොඳයි …. බලන්න මෙි අවිය දිහා. මෙික වාටු පීඩන කිව්වට නිකංම නිකං වායු පීඩන අවියක්ම නෙමෙි. මෙිකෙන් පුළුවන් මීටර් පනහක විතර ඈතින් තියෙන ඉලක්කපතකට නිවැරදිව තියලා දාන්න.
එතකොට කසුන් අපි දැක්ක දේවල් අනුව
මුල ඉඳලා කොටස්ටික ගලපගෙන ආවොත් අපිට පුළුවන් පොඩි කතාවක පිටපතක් සකසන්නට. හරි අපි දැන් මුල ඉඳලා බලමු. නයෝසීන් කියන්නේ ශරීරය ප්‍රතිශක්තිකරණ එන්නතක්. ඊට පස්සේ ඒක පාවිච්චි කරන්න වඳුරෙකුත් ඇති කරලා තියනවා. ඒ කියන්නේ වඳුරෙක් යොදාගන්නේ මනුෂ්‍යයෙක් එතනට යොදාගන්න බැරි හන්දා. එතකොට සෝඩියම් සල්ෆේට් යොදාගන්නේ මම දන්නා පරිදි නම් ලේවල තියෙන විෂක් මර්දනය කිරීමට හෝ වර්දනය වන දෙයක් නැසීමට හෝ පාලනයට. එතකොට එතකොට විවිධ රසායනික දේවල් යමිකිසි ප්‍රමාණයකට සංයෝග කරලා ඒවා ලේ වලට කලවම් කරලා අන්වීක්ෂයකින් බලන්න පුළුවන් සිදුවන වෙනස්කම් මොනවද කියලා. එතකොට ඒවගෙ තියෙන වෙනස්කම් හා කරන ලද රසායනික සංයෝගයන් ලියාගත්තේ මෙි ලියැවෙන්නැති පෑන් වලින්. ඒක මට සහතිකවශයෙන්ම කියන්න පුළුවන් කසුන්.

*සර් කියන්න හදන්නේ ලේවල ඇති තදබල විෂක් මර්දනය කරන්න අළුත් බෙහෙතක් නිර්මාණය කරන්න උත්සාහ කරා කියලද මහාචාර්යතුමා.

ඔව් ඔයා හරියටම තේරුම් ගත්තා. තදබල විෂක් නසන්න බෙහෙත් නිර්මාණය කරන්න උත්සාහ ගත්තා නම්. මොකක්ද එතනින් කියැවෙන සරළ සිසිද්ධාන්තය…?

*ඒකේ තේරුම මට හිතෙන විදිහට අළුත්
බෙහෙතක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ දැනට ලෝකයේ එම විෂ මොකක් වුනත් එය විනාශ කරන විකල්ප බෙහෙතක් නැහැ කියන එක නෙ සර්.

විශිෂ්ඨයි යාළුවා විශිෂ්ඨයි. මම බලාපොරොත්තු වුන උත්තරය ඒක තමයි.
ඒ කියන්නේ මෙි විෂ මොකක්ද ….

වෛරස් එකක්…. )දෙදෙනාම එකවර කියන්නට විය)

හ්ම්ම්…

*හපොයි දෙවියනේ….

ඔව් කසුන්. දැන් තේරෙනවද ඉදිරියේදී ඇතිවන විනාශය මොකක්ද කියලා.

*ඔව් සර්.. සීතල යුද්ධයක් නේද…

ඔව්.. ජිව විද්‍යාත්මක ප්‍රහාරයකට මෙි රට
ගොදුරු වෙන්නයි යන්නෙ මගේ අනුමානය පරිදි නම්. ඒ එක්කම මට තියෙනවා ඒකටම ඈඳුණු ඊලඟ ප්‍රශ්නය.

*ඒ මොකක්ද සර්… ?

ඇයි යාළුවා… මහාචාර්ය විනීත නොහොමද මෙි පිලිබඳව දැනගෙන හිටියේ. අංක එක - මෙයා මෙි වෛරස් එක නිර්මාණය කිරීමෙි කණ්ඩායමෙි සාමාජිකයෙක් වෙලා ඉඳලා පසුකාලිනව මොනයම් හේතුවකට එතනින් ගැලවුනා.
අංක දෙක - මෙි ගැන සෙවිල්ලෙන් ඉඳලා හෝ මොනයම් ක්‍රමයකින් ආරංචි වෙලා ඒකට කල්තියාම ප්‍රති ක්‍රියාකාරි බෙහෙතක් නිර්මාණය කරන්න උත්සාහ කරා රහසේම. ඔය දෙකෙන් එකක් වෙන්න ඕන. එතකොට ඔය සංවිධානයට සම්බන්ධ හෝ මුදලට පිටින් ක්‍රියාත්මක යගවන එවුන් තමයි මම කලින් කිව්වා වගේ වඳුරව මරන්න එන්නෙ. ඒ වගේම මම එතන තිබ්බ ලේ සාම්පල් දෙකේම ටිකක් වෙවෙනම කුප්පි දෙකකට දාගත්තා. අපිට පුළුවන් මෙි ලේ සාම්පල් දෙක අපේ කෙනෙකට දාලා. ඒ ලේ සාම්පල් වල අසාමාන්‍ය අසාධිත වෛරස් ජීවින් ඉන්නවද කියලා බලන එක. ඒකට අපි හෙට උදෙන්ම යන්න ඕන. අපිට ඒකට උදව් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා වෘත්තීය මට්ටමින් නොවන විදිහට.

*ඒ කවුද සර්… ?

ඩොක්ටර් දුනිත්..

*ඩොක්ටර් දුනිත්…? ඒ කිව්වෙ මාස තුනකට කලින් අපි ඉවර කරපු මිෂන් හකේ ඩොක්ටර් නේද..?

ඔව් කසුන්. ඩොක්ටර් දුනිත්. අපි එයා වෙනුවෙන් කරපු දේවල් වලට ඔීනම ආකාරයේ උදව්වක් කරන්න අපිට පොරොන්දු වුනා මතකයිද..?

*ඔව් සර්…

ඉතින් අපිට වෘත්තීයමය වශයෙන් මෙි දේට යන්න කලින් අපි එයා ලවා මෙික පරික්ෂා කරලා බලමු. මොකද මෙික ඉතාම රහසිගත ලෙස කරන්න ඔීන දෙයක්.

*අනිවාර්යයෙන්ම සර්… එහෙම කරමු.
මොකද උගුරට හොරා බෙහෙත් කන්න අපිට වෙනවා මෙි ප්‍රශ්නය විසඳන්න නම්.

අන්න ආවා ට්‍රැක් එකට. ඒක තමයි මම මෙි කියන්නේ. එතකොට අපි දැන් හොයන්න ඔින කොනක ඉඳලා. ඒ වගේම මෙි සංවිධානය කොතනද වැඩ කරන්නේ කියලා බලාගන්නත් ඔීන.

*ඒකට සර් ලග සැළසුමක් තියනවද…?

ඔව් කසුන්. ඔයා දන්නවනෙ මම සැළසුමක් ඇතුව වැඩ කරන්නේ කියලා.

*ඔව්. ඒ වගේම ඒ සැළසුම අවසාන හොහොත දක්වා මටවත් කියන්නේ නැති බවත් දන්නවා ( මද සිනහවක් පාමින් )

හහ් හහ් හා… හරි හරි මම කියන්නම්.
ඒකට උදව් කරන්නේ අපි දෙන්නට අර මෝඩ ජෝඩුව තමයි ඉතින්. උන් දෙන්නා අපිව ගෙන්නගන්න ගහපු ප්ලෑන් එකෙන්
අපි අනිත් පැත්තට ප්ලෑන් එකක් ගහලා
උන් ඉන්න තැන දැනගන්නවා. අපි මෙි මෝඩ ජෝ‍ඩුව මගහැරලා එතනට එන තව එකෙක් දෙන්නෙක්ව හඹායමු. එතකොට මොකක් හෝ පොටක් පෑදෙනවා කියලා මට තක්කෙටම කියන්න පුළුවන් කසුන්. ඒක මම කරන විදිහ සවිස්තරාත්මකව එදාට කියන්නම්.
හරිද…?

*හරි සර්….

එතකොට හෙට මෙි ලේ සාම්පල් පරික්ෂාවෙන් පසු තත්වය කොහොමත් බැරෑරුම් නෙ. අපි මෙි ගැන Dark Head ට කියලා. ඒ මාර්ගයෙන් උකුස්සාව දැනුවත් කරන්න ඕන.

*ඔව් සර් අනිවාර්යයෙන්ම.

හ්ම්ම් දැන් මම කෝල් එකක් ගන්නවා අපේ වෛද්‍යතුමාට. කියමින් මාගේ දුරකථනය අතට ගෙන වෛද්‍ය දුනිත්ගෙ
අංකයට ඇමතුමක් ගත්තෙමි.

**හෙලෝ කවුද මේ ( දුරකථනයෙන් )

මෙි ඩොක්ටර් දුනිත් නේද…?

**ඔව්… කවුද මෙි…

මම තේනුවර ….

**හා… සර්… කියන්න ඉතින්.

මෙි වෙලාවෙ කතා කරන්න පුළුවන් ද..?

**හපොයි පුළුවන්. කියන්න..

දුනිත් මහත්තයා අපි ලොකු ප්‍රශ්නයක ඉන්නෙ. මට උදව්වක් ඕන.. මෙි ගැන වැඩිදුර කතා කරන්න අපි හෙට එනවා. මෙිකෙ කතා කරන්න බැහැ. අපි හෙට කොතනටද එන්න ඕන..?

** මට තේරෙනවා සර්… මම ඕන උදව්වක් කරන්නම්. හෙට මහරගමට එන්න පුළුවන්ද. ක්වාටර්ස් එකෙදිම හමුවෙමු.

හොඳයි මහත්තයා මම තියනවා. ජයවේවා.

**ජයවේවා සර්…


හරි… ඒකත් හරි. අපි හෙට උදෙන්ම පිටත්වෙමු කසුන්..

*හරි සර් …

මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now