⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 16 වන දිගහැරුම ⸎
> අළුත් සැකකරුවෙක් <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

*නමුත් ඇයි සර් එහෙම කරන්නේ.

ඒකට උත්තර අර ගලට නැගලා බලපුවාම තේරෙයි. දැන් යමු කාලය සීමිතයි මහත්වරුනි.

මෙතැන්සිට …..

කුඩා ගල්තලාවකට නැගගත් අප තිදෙනා ඉන් අනතුරුව විදුහල්පතිගේ නිවස දෙස දුරදක්නය බාවිතා කරමින් බලා සිටියෙමු. අඩහෝරාවක් පමණ කාලය ගෙවුනද කිසිම දෙයක් මතුපිටින් පෙනෙන්නට නොතිබුනි.

*සර් මොකුත් හැලහොල්මනක් නැහැ නෙ.

ඉවසන්න මහත්වරුනි. තව ටිකක් ඉවසලා ඉමු නේද…

සුළු මොහොතකට පසු…

මහත්වරුනි දැන් මොනවද පේන්නෙ..?

*සර් දෙන්නෙක් ගේ ඇතුලෙ ඉඳලා එලියට එනවා.

හොඳට බලන්න කවුරුහරි අඳුරන අයද කියලා.

*සර් මෙි අර මෝඩ ජෝඩුව නේද…? මුන් දෙන්නා මොකක්ද මෙතන කරන්නේ.

හරියටම හරි.. ඒ දෙන්නා තමයි. මොකක්ද කරන්නේ කියලා හොයාබලන්න තමයි අපි ආවෙ. මොනවා කරනව ඇද්ද …?

**මටනම් එහෙම ලොකු අදහසක් නැහැ.

කමක් නැහැ දිගටම බලාගෙන ඉන්න. මම කියනතුරු.

**සර් මොකක්ද මෙතන වෙන්නේ ඇත්තටම…?

මෙතන වෙන්නෙ ඔය මහත්වරුන් හීනෙකින්වත් නොසිතපු දෙයක්. ඔය විදුහල්පති කාරයයි , මුන් දෙන්නා අතර ලොකු හාදකමක් තියනවා. ඒක මම කලින් ඉඳලම දැනගෙන හිටියා. ඒ වගේම , මෙි සේරම එකම කල්ලියේ අය.

**සර් කොහොමද ඒක හරියටම කියන්නේ..?

ඒක ගැන මම කියන්නම්. අන්න බලන්න මෑන් ගෙයින් එලියට ආවා. දැන් ඔය කොන්ක්‍රීට් පුටුවක වාඩිවෙනවා.

*හරියටම හරි සර්. මෑන් වාඩිවුනා.

ඔව් දැන් බලන්න වෙන දේ. දැන් මෑන් කාටහරි කෝල් එකක් ගන්නවා.

**ඔව් සර් මෑන් ෆෝන්එක අතට ගත්තා.

අන්න කතා කරනවා කාට හරි. දැන් බලන්න මහත්වරුනි ආශ්චර්යක්. ඔන්න මම අර බ්‍රැස්ට්යන් අල්මෙිදාගෙ නම්බර් එකට කෝල් එකක් ගන්නවා හරිද…?
පේනවා නේද..? මගෙ ෆෝන්එකෙ කෝල්එක වෙයිටින් වෙන ලස්සන. කියමින් මගේ දුරකථනය සහයකයින් දෙදෙනාටම පෙන්නුවා.

**අම්මපා සර්… ඇත්තනෙ. සර්ගෙ ෆෝන්එක වෙයිටින් නේද..?

*සර් ඒ කොහොමද….?

ෂුවර් නැහැ නේද…? ඉන්න මම මෙික කට් කරලා , ආයේ අරගෙන පෙන්වන්නම්. නැවත කෝල් වෙයිටින් පෙන්වන්නට විය. මෙි… පේනවා නේද..?

**අම්මටසිරි . තාත්තට වෙරි කිව්වලු.
යමු සර්. ඕකගෙ හොම්බට දෙකක් ඇණලා කුදලගෙන එමු.

ඒකට වෙලාව තවම උදාවී නැහැ මිත්‍රවරුනි. ඔන්න බලන්න මෑන් කෝල්එක කට් කලා. මම දැන් මෑන්ට කෝල් එකක් අරගෙන පෙන්වන්නම්.
නැවත එම අංකය ඇමතුවා පමණි. ඈත සිට්න ඔහු එම ඇමතුමට ප්‍රතිචාර දක්වන ලදි

දුරකථනයෙන් - හෙලෝ… කවුද මෙි.

මාතියා මම පාරිෂ් කතා කරන්ඩෙ. යේක කේන් ඔයිල් එක තියනවද..? මට යේකෙන් කේන් ඔයිල් අටක් තමා ඕන.

දුරකථනයෙන් - ඔය මහත්තයට වැරදීමක් වෙලා.

යේක ෂෙංකඩගල ඔයිල් මාර්ට් එක නේද මාතියා …?

දුරකථනයෙන් - නෑ නෑ වැරදි නම්බර් එකක්.

අනේ… යේක ෂමාවෙන්න ඕන මාතියා.
කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.
හ්ම්ම්… දැන් මොකද කියන්නේ ඔය මහත්වරුන්.

*සර් මට කියන්න මූද එතකොට බ්‍රැස්ට්යන් අල්මෙිදා.

ඒකට උත්තරයක් දැන්ම මම දෙන්නෙ නැහැ. ⁣අන්න බලන්න මෑන් වෙන ෆෝන එකකින් කාටහරි කතා කරන්න හදන්නේ.
මම තක්කෙටම කියන්නම් ඔය ගන්නෙ මට වෙන්න ඕන. කියනකොටම ඔන්න මට කෝල් එකක් එනවා.

හෙලෝ….

දුරකථනයෙන් - ඔය රත්නායක නේද…?

නෑ නෑ මාතියා මම ෆාරිස් තමා තමා කරනවා.

දුරකථනයෙන් - හා.. සොරි. වැරදි නම්බරයක්. ඔය මහත්තයාගෙ ගෙවල් කොහෙද..?

මාතියා මම දික්හින්න තමා ඉන්නවා.

දුරකථනයෙන් - හරි හරි ඕකේ සොරි..
කියමින් ඇමතුම විසන්ධි විය.

**සර් අන්න අර මෝඩ ජෝඩුව පිටත්වෙනවා..

අපිත් පල්ලම් බහිමු. මම වාහනයට නැග්ගහම කියන්නම් කතාව. වෙිගයෙන් පසුබැස වෑන්රියට ගොඩවූයෙමු. අපි යමු පාඩුවෙ උන් එනකම් හිටියොත් උන් සැක හිතන්න පුළුවන්. වෑන්රිය අප සමග හෙමින් ගමනට පිටත් විය.

*සර් දැන්වත් කියන්න කොහොමද මෙි විදිහට නිවැරදිව අනුමාන කරේ.

මම කියන්නම ඔීනද…?

**නැතුව සර්

හොඳයි… මහාචාර්යතුමගෙ මළගෙදර අපි දෙන්නා අවා. ඒක නියෝජිත ජනිත් දන්නවනෙ. ඉතින් අපි මෘතදේහයට අවසන් ගෞරවයත් දක්වලා තැනනට ඇවිත් වාඩිවුනා ඊට පස්සේ ඔය මිහිදු ජයසිංහ නැත්නම් මහාචාර්ය විනීත ජයසිංහ තමන්ගෙ බාප්පා බව කියාගෙන
ආපු හාදයා තමයි අපි ඔය ගේ ඇතුලෙ ඉඳලා එලියට ඇවිත් විවිධ දුරකථන ඇමතුම් ගත්තෙ. ඉතින් එදා අපිත් එක්ක ඉතා සුහදව කතාබහ කරා කසුන්ට මතක ඇති. ඒක සාමාන්‍ය දෙයක් සමහරු හරිම සමාජශීලියි. ඒකට කමක් නැහැ. නමුත් අපිත් එක්ක ඒ කතාබහ අතරතුරදී මෙි මිහිදු කියන හාදයා දාගෙන හිටපු උපැස්යුවල කැඩපත් ආකාරයෙන් අපේ මුහුණට ඉඳුරාම පෙනෙන කොට ඒ ප්‍රතිබ්ම්බය හරිම රසවත් ඡයාවක් බවට පත්වුනා මටනම්.

*සර් මොකක්ද දැක්කෙ..

කසුන් නොදුටු දෙයක් එහි තිබුනා. ඒක තමයි මම නිතරම කියන්නේ හැමදෙයක් ගැනම අවධානයෙන් පසුවෙන්න කියලා.
ඒ ප්‍රතිබ්ම්බයේ මම දැක්කේ මෙි මෝඩ ජෝඩුව අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා. අපි උන්ට පිටුපාලා හිටපු හන්දා
උන්ගෙ ඉගිපලකරන රංගනය මම දැක්කෙ මෙි අපිත් එක්ක සුහදශීලීව කතා කරපු තරුණයාගෙ උපැස්යුවල තුලින්. උන් මෙයාට තමන්ගෙ ඇඟිලි වලින් යම්කිසි විධානයක් වැනි දෙයක් කලා වගෙ දැක්කා.

**මොනවගේ දෙයක් ද සර්… ?

හරියට ``පසුව මාව හමුවන්න ´´ වගේ දෙයක්.

*ඕහ් එහෙමද…

ඔව් මහත්වරුනි. ඒ වගේම නලින්ගෙ කටඋත්තරයෙන් එක දෙයක් අපිට හෙලිඋනා. ඒ තමයි සමහර⁣ වෙලාවට ඒ නම්බර් එක වැඩ කරනවා. සමහර වෙලාවට වැඩ කරන්නේ නැහැ කියන එක. මම එතනදී නිගමනය කරා. එහෙම වෙන්න හේතුව සිග්නල් මදිකම මිසක.
දුරකථනය ක්‍රියාවිරහිත කරනවා කියන එක නෙමෙි කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. මෙවැනි කඳුකර පලාත්වල තැනින් තැනට දුරකථන වලට සිග්නල්
ලැබෙන ප්‍රමාණය එක මට්ටමකට ලැබෙන්නේ නැහැ. ඒ හන්දා සමහර වෙලාවට දුරකථනය ප්‍රතිචාර දක්වන
ආකාරය වෙනස්. ඊලඟ කාරණය තමයි
මෙි සිම්පත ලියාපදිංචි කරලා තියෙන්නෙ
වත්තල ප්‍රදේශයේ කෙනෙක්ගෙ නමට.
එතකොට වත්තල කියන්නේ නාගරික ජනගහනය වැඩි නගර. එවැනි ප්‍රදේශය වල ඕනම තැනකට සිග්නල් එක හා සමානව ලැබෙනවා. ඉතින් තර්කානුකූලව අනුමාන කරා. සිම්පත ලියාපදිංචි ප්‍රදේශයෙන් බාහිර තැනක තමයි තියෙන්නෙ ඕන කියලා. ඒකයි , කණ්නාඩියෙන් පෙනුන ඒ සිද්ධියයි , දෙකම එක්ක මම තීරණය කරා මහත්වරුනි මෙි පිලිමතලාව පැත්තට ඔලුව දාලා බලන්න.

**නියමයි සර්.. එතකොට මේ යකාද බ්‍රැස්ට්යන් අල්මෙිදා…?

හහ් හහ් කොහොමත් ම නැහැ මහත්වරුනි. මෑන්ට අපි කෝල් ගත්තා කියලා ඒකෙන් නිගමනය කරන්න යන්න එපා මෑන් තමයි බ්‍රැස්ට්යන් අල්මෙිදා කියලා. මොකද මෙතන ඉන්න මෙි මිහිදු ජයසිංහ කියන්නේ තවත් අතරමැදියෙක් විතරයි මේ ක්ෂේත්‍රය තුල. හිතන්න එපා එච්චර ලාබෙට අපිට බ්‍රැස්ට්යන් අල්මෙිදව දකින්නට ලැබෙයි කියලා.

**සර් අරුන් දෙන්නා එනවා..

හරි… එයාලට ඉස්සර වෙන්න ඉඩදෙන්න. අපි බලමු උන්දෙන්නා කොහෙද යන්නෙ කියලා.

**හොඳයි සර්…

අඩහෝරාවක් ගෙවාගෙන් මොවුන් දෙදෙනා පිවිසියේ නුවර නගරය වෙත.
ඉන් අනතුරුව මාවතේ අයිනක සිටි හිඟන්නෙක් සමඟ විනාඩි කීපයක පිලිසඳරක යෙදුනත් එම කතාබහ මතුපිටින් පෙනෙන කෙනෙකුට එතන කතාබහක් සිදුවෙනවා කියා සෙවීමට පවා අපහසුවන පරිදි පරිස්සමෙන් කටයුතු කිරීමට ඔවුන් වගබලා ගත්තා . මොහොතකින් මිනිත්තු කීපයකට සිමාකෙරුනු තම පිලිසඳර හමාර කර
පිටත්ව යන ලද්දේ කෑගල්ල හාරහා මාවනැල්ල ප්‍රධාන මාවතටය. ඉන් පසු

*සර්.. මුන් හිතන තරම්ම මෝඩ නැහැ නේද.

ඔව් කසුන් සමහර තැන්වලදී මුන් දෙන්නා යම්කිසි මට්ටමක ඉන්නවා. හැබැයි හරිම දුර්වල දෙන්නෙක්. කෝකටත් අපේ අවිස්සාවේල්ල ස්පයිඩර් ට කියලා තියන්න වෙන වාහනයක් ටවුන් එකේ ලෑස්ති කරලා තියන්න කියලා. මොකද දිගටම මුන් පස්සේ අපිට එක වාහනයක යන එක අපිට අවාසිදායකයි. මොකද මුන්ට සැක හිතුනොත් අපිව නොමග යවන්න පුළුවන්.

*හරි ඉන්න මම කියන්නම්.

නියෝජිත ජනිත්. අවිස්සාවේල්ල නගරයේ රැදෙන්න. එතනින් එහාට අපි දෙන්නා ජැගුවරා එකේ යනවා. ඔයාට තියෙන්නෙ
අපි කියනකම් ඉන්න.

*හරි සර්…

අවිස්සාවේල්ල දක්වා ඔවුන් පසුපස ආ ගමන හමාර නොකර වෑන්රියෙන් බැසගත් අප දෙදෙනා අවිස්සාවේල්ල
සූදානම්ව සිටි අප නියෝජිතයාගෙ යතුරුපැදියට නැග ඔවුන් පසුපස ලුහුබඳින්නට විය. ඉතාමත් වෙිගයෙන් ඔවුන් පසු ගමන්ගත් අපි අවසානයේ රැඳුනේ පැල්මඩුල්ලෙ පිහිටි අපෙන් වෙඩි කෑ කණ්ඩායම සිටි නිවස අභියසය. යතුරුපැදිය නොපෙනෙන පරිදි සඟවා ඔවුන් පසුපස පයින්ම ගමන් ගත් අප දෙදෙනා ඈත තියාම ඔවුන් දෙස විමසිලිමත්ව බලා සිටියෙමු.

*සර් මොකද කරන්නේ …. ? කඩාවැදීමක් කරනවද…?

නෑ මොකුත් කරන්න ඕන නැහැ. මුන් දෙන්නව එවලා තියෙන්නෙ මහඑකා මට හිතෙන විදිහට නලින්ගෙ කල්ලියට මොකද වුනේ කියලා බලන්න. මම හිතන විදිහට නලින් ගානට අපේ ගුලිය මුන්ට අඹරලා තියෙන හැඩයි. සත්‍ය අසත්‍යතාවය බලන්න තමයි මුන් දෙන්නා ආවෙ. අපි දෙන්නා මෙතනින් යමු. මොකද මුන්දෙන්නා මෙතනින් පිටත්වෙනවා. අපිව මුලිච්චි වෙන්න නරකයි. අපි වහාම එතනින් නික්මගොස්
පැල්මඩුල්ලෙ තැනක නැවතුනෙමු.

⁣*මෙි ජෝඩුව නැවත පිලිමතලාවට යයිද..?

නැහැ.. දැන් යන්නෙ නැහැ. වෙන වෙලාවක යයි. අපි යමු කසුන්. පස්සෙන් යන්න ඕන නැහැ ඉක්මනට අපි යමු අවිස්සාවේල්ල. මොකද උන් දැන් කෙලින්ම යන්නෙ උන්ගෙ නවාතැනටයි.
අපි තව ටික කාලයක් උන්ගෙ රංගනය දිගටම කරගෙන යන්න ඉඩදෙමු. මොකද තව කරුණු කීපයක් තියනවා සනාථ කරගන්න. ඊට පස්සේ තමයි කට්ටියම අනාථ කරන්න තියෙන්නෙ. සැළකිවයුතු කාලයක් ගෙවා දැමු අප අවිස්සාවේල්ලට ලඟාවුනා. ඊට පස්සේ අප නියෝජිතයා හට යතුරුපැදිය බාරදී වෑන්රියට නැගගත්තේ වත්තල බලා යාමටය.

**සර් අපි දැන් කොහෙද යන්නෙ..?

අපි දැන් යන්නෙ වත්තල.. යමු. ගිහින් සිම්එකේ අයිතිකාරයා ගැන විපරම් කරමු.
ඒ යනගමන් මොනවාහරි සප්පායම් වෙලාම යමු. ඒ වගේම කසුන් මම ඒ ගෙදර තියෙන ඉසව්වට යනවා. අපි ගිහින් විනාඩි දහයකට පස්සේ ඔයා
එන්න ඕන ගේ ලඟට ඇවිත් ගෙදර අයගෙ අවධානය පොඩි වෙලාවකට ඔයාගෙ යටතට ගන්න ඕන. මගෙ තියනවා පොඩි සැළසුමක් මහත්වරුනි.
බලමු ඉතින් …

**එකෙන්ම දෙන්නම් ඇක්ටින් පාර අයේ දො⁣ඹෙන් යන්න සර්..

හහ් හහ් හා… එල මචං

හෝරා කීපයකට පසු වත්තල නගරාසන්නයට ඒමට අපිට හැකිවිය. බ්‍රැස්ට්යන් අල්මෙිදා ජේඒ ජයසිංහ නම දරණ පුද්ගලයෙක් ගෙ නමට ලියාපදිංචි කරන ලද සිම්පත පාවිච්චි කරන ලද බැව් සනාථ වන මුත් එවැනි අයෙකු මියගොස් දැනට වසර පහක් ඉක්මවාගොස් ඇති බැවත්, ඔහු විශ්‍රාමික ගුරුගුරුවරයෙකු බවත් , අපට ඔහුගේ පුතාගෙන් දැනගන්නට හැකිවිය.

නිවස හිමියා - ඒ මගෙ තාත්තා මහත්තයා.

එහෙමද මට හරිම කණගාටුයි මහත්තයා. මම මෙච්චරකාලයක් හිටියෙ ඉතාලි වල. ඉතින් මම ලංකාවට ආවෙ ඊයේ. මට හිතුනා ජයසිංහ සර්ගෙ සුවදුක් බලාන යන්න ඇවිත්. මොනවා කරන්නද.
මරණය කියනදේ අපට නවත්වන්න බැහැනෙ. මට එක උදව්වක් කරන්න පුළුවන් ද…?

නිවස හිමියා - ඒ මොකක්ද මහත්තයා…?

මට පුළුවන් ද සර්ගෙ පොටෝ ඇල්බම් එකක් තියනවා නම් ඒක පොඩ්ඩකට බලන්න. මම තව සර්ලා කීපදෙනෙක්
දන්නවා. නමුත් මුහුණ හරියටම මතක නැහැ නෙ.

නිවස හිමියා - හපොයි තියනවා. එන්න ඇතුලට වාඩිවෙන්න.

බොහොම ස්තුතියි. මද වෙලාවකට පසු ලොකු පොලිතීන් පොතක් මා අතැතිව තැබීය. එහි සියලු පින්තූර මා පරික්ෂා කල අතර, එක ඡායාරූපයක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුවිය.

මෙි සර් නම් මට මතකයි. මෙි ඉන්නෙ මිහිදු සර් නේද කසුන් මහත්තයා …?

*අනේ ඔව්නෙ.. මම හිතන්නේ පත්වීම ලැබුන මුල් කාලය වෙන්න ඕන. එතකොට මෙි ඉන්නේ මහාචාර්ය විනීත සර් වගේ..

නිවස හිමියා - ඔව් ඔව් මහත්තයා. මහාචාර්ය විනීත සර් හොඳ යාළුවෙක් මගෙ තාත්තගෙ.

කවුද මෙි ලඟදි දවසක අන්ත්‍රාවුන සර්ද.. ?

නිවස හිමියා - ඔව් ඔව්….

හ්ම්ම්… මට දැන් මතකයි.. කවුරු හරි ඇවිත් වගේ මහත්තයා..

නිවස හිමියා - ඉන්න බලන්න.

දොරකඩින් ඔලුව යාන්තමට බලනවිට නියෝජිත J50 ගේ පරිශ්‍රය දෙසට එමින් සිටියි. මා දුරකථනයෙන් ඇල්බම් එකේ ඡායාරූප කීපයක් ගත්තෙමි.

කවුද මහත්තයා..

නිවස හිමියා - කවුද මන්දා රක්ෂණ කාරයෙක්. අපිට මොන රක්ෂණද..?

ඔව් නේද.. හොඳයි මහත්තයා අපි ගිහින් එන්නම් බොහොමයක් ස්තුතියි.

නිවස හිමියා - මහත්තයා නමවත් කිව්වෙ නැහැ නෙ.

මම රහල් විජේවර්ධන. ගිහින් එන්නම්
අපි යමු කසුන් මහත්තයා..

⁣නිවස හිමියා - හොඳයි …


මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now