⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 30 වන දිගහැරුම ⸎

`` පලමු වෙඩි මුරය ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~---


හොඳයි…. ඊට පස්සේ තව තියනවා අද දින රූගත කරපු නාට්‍යයයේ ජවනිකා දෙකක්.

හරි…. ඒකත් මම දැන් විස්තර කරන්නම්.

මෙතැන් සිට…

කසුන්… රෝහලට ගියාට පස්සේ මම
බත් වයලට්ව පේනමානයේ ඉඳගෙන
එතන තියෙන දුරකථන කණුවෙක් පහේ කාසි දෙකක් දාලා. මම ලඟ තිබුන දුරකථන අංක වල⁣ට අරගෙන බැලුවෙ.
එතන බත් වයලට් ගෙ නම්බර් එක තියෙනවද කියලා. ඒ නම්බර් අටෙන් අවසාන එක බත් වයලට්ගෙ. මම ටිකක් වෙලා හඬ වෙනස් කරලා කතා කරා.

*ඉතින් සර් මොනවද ඒකි කිව්වෙ ….

මම ඇහැව්වා බඩු තියනවද කියලා.
තියනවලු සල්ලි නැතුව එන්න එපාලු.

**ඉතින් …?

තව… තව වැදගත් දෙයකට කියවුනේ.
මෙතන තියෙන නම්බර් වලින්. ජොනි කියලා කුඩුබොන හාදයෙකුත් ඉන්නවා කියලා දැනගත්තා . හැබැයි ඒ කල්ලියට මෙයා සම්බන්ධද කියලා නම් එතනදී
කියවුනේ නෑ වයලට්ගෙ කටින්. හැබැයි අයිස්මෑන් එක්ක අනියම් සම්බන්ධයක් තියනවා කියලා නම් අනාවරණය වුනා.
ඒ වගේම මම උන්දෙන්නට තඩිබාපු හන්දා . ඌ මේ දවස්වල ගහපු එකා හොයනවලු.

**උන්ට ගහපු එකා හොයාගන්න පුළුවන් වෙයිද…?

පුළුවන් … නුදුරේදීම දවසක මම උගෙ මූණ ලඟට කිට්ටුවෙලා කියනවා. මම තමයි එදා උගෙ හොම්බ තැලුවෙ කියලා.

*එතකොට සර් ඔය අනියම් සම්බන්ධතාවයෙන් ගන්න පුළුවන් වාසිය මොකක්ද අපිට…?

හහ් හහ් හා…. කසුන්.. මිනිස්සු හුඟක් දේවල් වලට ලොල් වුනාට , ඒ දේවල් වලින් ගලවාගන්න එතරම්ම අමාරු නැහැ. නමුත් රාගයට. එහෙමත් නැත්නම් අනියම් සම්බන්ධයක් කඩන එක ලේසි නැහැ . එහෙම සම්බන්ධයක් අනිත් දේවල් වලට බලවත් . අන්න ඒ රාගික බැඳීම හේතුවෙන්. එතන එකිනෙකා ඇලීමක් සහ ගැටීමක් සිද්ධ වෙනවා. බැරි වෙලාවත් ඒ දෙන්නා අතරට තුන්වැන්නෙක් ආවොත්. එතන ලොකු ගැටුමක් නිර්මාණය වෙනවා. අන්න ඒ ගැටුමේදී අපි නොහිතපු දේවල් එළියට එන්න පුළුවන්. ඉතින් ඒක අපිට ලොකු වාසියක්.

අපි මෙහෙම හිතමු. මෙතෙන්ට අපි දානවා තුන්වැන්නෙක්. ඔහු ප්‍රායෝගික නොවෙන්න පුළුවන් නමුත් නාමිකව. ඊට පස්සේ එතන අපි ගැටුමක් නිර්මාණය කරනවා. ප්‍රායෝගික වෙන්නම අවශ්‍ය නැහැ. මම කෙටියෙන්ම කතාව කිව්වොත්, මේ කල්ලි අතර ගැටුමක් ඇති කරන්න ඒක හොඳ සාධකයක් වෙනවා.
මුන් එකිනෙකා මරාගන්නවා. ඇත්තටම එකිනෙකා මරා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි එක එකා මරලා. ඒ මරාගැනීම සිද්ධ උනේ අනියම් සම්බන්ධයක් කියලා ප්‍රසිද්ධ කරනවා. එතකොට අපේ ක්‍රියාකාරකම් සේරම ආවරණය වෙලා. කිසිම කෙනෙක් අතරට යන්නේ නැහැ අපි කවුද අපිද මේ දේ කරේ කියලා. පත්තර කාරයෝ ,රූපවාහිනි කාරයෝ, ගුවන් විදුලි කාරයෝ, හංවඩු ගහන්නේ අනියම් සම්බන්ධයක් මූලික කරගෙන ගැටුමක් නිර්මාණය වුණු බවයි. මොකද ඕනෙම දෙයක් නිර්මාණය කරන්න හෝ නිර්මාණය වෙන්න, පිළිගත හැකි හේතු සාධකයක් අවශ්‍යයි. අන්න එතනදි තමයි මේ අනියම් සම්බන්ධය අපිට හුඟක් වටින්නේ.

මරා ගැනීමේ ජවනිකාව පටන් ගන්නේ. අනියම් සම්බන්ධතාවයක් හේතුකොටගෙන.
එහෙම අනියම් සම්බන්ධයක් තියනවා කියලා ජනමාධ්‍යකාරයෝ තමයි ප්‍රචාරය කරන්නේ.
අපේ රටෙි මිනිස්සු කටකතා පිලිගන්නෙ නැතිවුනාට ජනමාධ්‍යකාරයෝ කියන එව්වා හිස් මුදුනින් පිලිගන්න පුරුදුවෙලා ඉන්නවා. ඒක තමයි අපිට තියෙන පරම වාසිය. ඊට පස්සේ එකිනෙකා මරාගන්නවා තමන්ගේ හිතවත් කට්ටිය මැරූ පලිය ගන්න. මොහොතක් කල්පනා කරලා බලන්න. මේ ලෝක ඉතිහාසය හුඟක් ගැටුම් ඇතිවුණේ , විසඳා ගන්න බැරි ප්‍රශ්න හන්දා නෙමෙයි. ප්‍රශ්නයට හරි උත්තරය නොදුන්න හන්දා. ඒ වගේම පොඩි පොඩි ප්‍රශ්න සුළුවෙන් විසඳා නොගත්ත හන්දා. ඉතින් මේ කල්ලි මරා ගැනීමට. අපි යොදන හේතු කාරණාව තමයි අනියම් සම්බන්ධයක් දුරදිග යාම කියලා. දෙපැත්තේ විරුද්ධවාදින් දෙන්නෙක් ව කොටවලා, විරසකයක් ඇති කරලා, අපේ අය ගිහින් ඒ දෙන්නාම ඉවර කරනවා. ඊට පස්සේ දෙපාර්ශ්වයම තමන්ගේ හිතවත්තු මරපු පලිය ගන්න දෙපැත්තෙන් දෙපැත්තෙන් ඇනකොටා ගන්නවා. ඉතින් දැන් මට කියන්න අනියම් සම්බන්ධතාවයක් අපිට වාසියක්
නොවන්නේ කොහොමද කියලා. මෙතන සුළු ගැටුමක් නිර්මාණය කරලා. ඒක මහා පරිමාණයේ ගැටුමක් බවට පරිවර්තනය කරලා. ``අවිගත්තෝ අවියෙන්ම නසලා´´ දානවා. කාලානුරූපව අපි හැංගෙනවා. එච්චරයි

**කෙටියෙන්ම කියනවා නම් කෙන්ද , කන්ද කරලා දානවා…

හරියටම හරි නියමයි ජනිත්…

*නියමයි සර්… එතකොට අනිත් ජවනිකාව…

අනිත් ජවනිකාව තමයි. දොස්තර දුනිත් මම දුන්න උපදෙස් හරියටම පිළිපදිනවද කියලා හොයලා බලන එක. මම ඒ පිළිබඳවත් අද උදේ වරුවේ හොයලා බැලුවා. මෑන්ට තියෙන ජීවිත තර්ජනත් එක්ක, ඒ වගේම අපිත් එක්ක ගොඩ නගාගත්ත විශ්වාසය මත මෑන් අපි කියන ඕනෙම දෙයක් කරනවා කියලා මට අද තහවුරු වුණා. දුන්න උපදෙස් අකුරටම පිළිපදිමින් මිනිහා වාහනය වික්කා. ඒ කොළඹින් පිට ඒරියා එකක තියෙන වාහන සේල් එකකට.

ඒ වගේම මම කියපු විදිහටම. එතන කාර්ය මණ්ඩලය තුළ කල්පිතයක් ගොඩනගන්න සමත් වුණා මිනිහා නුදුරේදීම විදේශගත ⁣වෙනවා කියලා. ඉතින් මගේ සැලසුමේ පරිදි ඉතිරි වැඩ කටයුතු ටිකත් ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ කර ගත්තට පස්සේ මේ කල්ලිය පිළිබඳව වගේම මෙයාලගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් ලිපි ගොනු ගත කරලා අපේ ලොකු බෝසාව හම්බෙන්න යන්න ඕනා. ඊට පස්සේ ලොකු බොසා හරහා ආරක්ෂක ලේකම්තුමා හම්බවෙලා. මේ සියලු කරුණු කාරණා පැහැදිලි කරලා අපිට වෙඩිතැබීම් නියෝග ගන්න වෙනවා. කෙටියෙන්ම කියනවනම් කැරලි මර්දන වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා.
හදිසියේම අපි අතින් මැරෙන එවුන්ට කරන්න දෙයක් නැහැ. ඒකට ඔීඩර් එනකම් ලතැවෙන්න බැහැ නෙ.

**අපිට තියෙන්නේ වැඩේ ගැස්සෙන්නෙ නැතිවෙන්න වැඩේ කරගෙන යන්න.

හරියටම හරි නියෝජිත ජනිත්.. ඒක තමයි අපි කරන්න ඕන. මොකද මේ වෙඩි හුවමාරුවලදී අපේ කෙනෙක් මැරුණොත් ඔහුත් ත්‍රස්තවාදියෙක් විදියට තමයි සැලකෙන්නේ සුපුරුදු පරිදි ආරක්ෂක ලේකම් ප්‍රතික්ෂේප කරයි අපිව. මොකද අපි නිල නොලත් කණ්ඩායමක්නේ. ලැබෙන්න තියෙන දේවල් පසුව ලැබෙයි. නමුත් නිල නොලත් කණ්ඩායමක් විදිහට අපිට පැවරිලා තියෙන රාජකාරී බැරෑරුම් එව්වා. කොහොම වුණත් කාලාන්තරයක් තිස්සේ පැවතගෙන එන මේ කල්ලි නැතිම කරලා දාන්න ඕන මිනිස්සුන්ට නිදහසේ ඉන්න අවශ්‍ය නම්. නැත්නම් මීට වඩා මිනිස් ඝාතන රාශියක් ඉදිරි කාලයේදී සිද්ධ වෙන්න පුළුවන්. අපිට හැමදේම තිබිලත් නිවටයෝ වගේ බලන් ඉඳලා තේරුමක් නැහැ. අපි රටට සමාජයට අපෙන් විය යුතු මෙහෙවර අනිවාර්යෙන්ම අපි ඉටු කරන්න බැඳිලා ඉන්නවා…. මහත්වරුනි, අපි ඒ දේ කරමු.

නඩුව ඉවර යනකම් අපිට නිහඬව ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි අපේ දඩයම පටන් ගන්නවා. වැරැද්ද පිළිගෙන දඬුවම් විඳින්න කැමති අයට අපි අවස්ථාවක් දෙනවා ඒ වැදගත්ම කියන පාර්ශවයට පමණයි අනිත් අයට සොරි තමයි ඉතින්. හරි… දැන් අපි අවධානය යොමු කරන්න ඕනා වෛද්‍ය දුනිත් සැඟවීමේ ක්‍රියාන්විතයට. මොකද උන් ක්‍රියාත්මක වෙන්න බලනකොට , සියලුම දේවල් උන්ගෙන් ගිලිහිලා තියෙන්න ඕනා. හරියට නින්දෙන් ඇහැරෙනකොට ගෙදර බඩු මුට්ටු හොරු හොරකම් කරලා තියෙනවා වගේ. එතකොට තමයි මේ කතාව රසවත් වෙන්නේ අපිට…

කසුන්…

*සර්…

නඩුව තියෙන දවසට සයුරිට කියන්න නිවාඩුවක් දාන්න කියලා. එදාට සයුරිගෙ නවාතැන්පල අසල අපේ දෙන්නෙක් දාලා තියමු වැඩි ආරක්ෂාවට. බොහෝ දුරට එතන ඉන්න සේපාලිකා තමයි මොනවා හරි දෙයක් කරන්න පෙලඹෙන්න ඕන. සේපාලිකාව නිහඩ කරවන්න වගේම මතුපිටින් එන තර්ජන වළක්වන්න තමයි අපි කටයුතු කරන්න ඕන. එහෙම නොවෙන්නත් පුළුවන්. ඒක තීරණය වන්නේ කොලුවගෙ නීතිඥයා උසාවිය ඉදිරියේ පිට කරන වාග් මාලාව අනුව. ඒක හරියටම වැඩ කරොත්, සයුරි උන්ගේ රැහැනෙන් නිදහස් වෙනවා.

**සර් ඒක ගැන මම බලාගන්නම්. මොකද අපි තුන්දෙනාම උසාවි යන හන්දා. අනිවාර්යයෙන්ම සයුරිගෙ තැනට දෙන්නෙක් දාන්නම වෙනවා.

*සර් ඊට වඩා මං ළඟ හොඳ අයිඩියා එකක් තියෙනවා.

ඒ මොකක්ද...?

*නඩුව ඉවර වෙනකම්. සයුරිට පුළුවන් අපේ තැනට එන්න. ඇවිත් රෙදි තෝරන්න..

ෂා… ඒක මරු අදහස. එදා දවසේ එයාට පුළුවන් අපේ තැන ෂොපින් කරන්න. එතකොට අපිට බිස්නස් එකකුත් වෙනවා. ආරක්ෂාවත් ඇතුලෙන්ම වෙනවා නෙ. (සිනාසෙමින් )

**ඔව් සර්… ඒක නියමයි ….

එහෙනම් කසුන් සයුරිට කියන්න. එදා දවසේ මදිනා ටෙක්ටයිල්ස් එකට එන්න කියලා. ඔයාට පුළුවන්නේ ඔයා ගානේ රෙදි ටිකක් අරන් දෙන්න. කොහොමත් ගෑණු ළමයිට රෙදි තෝරන්න සෑහෙන වෙලාවක් යනවනෙ.

*මම එකඟයි සර්….

**අනේ මන්දා සර් (තම හිස කසමින්)

තිදෙනාම සිනාසෙන්නට විය.

ඒක ⁣හරි එතකොට … නියෝජිත ජනිත්..

**සර්….

මම පොඩ්ඩක් සැළසුම වෙනස් කරා…

**කොතනද සර්…?

මෙහෙමයි.. රැයක් ඩොක්ටර්ව එතන තියෙන එක අවධානම්. ඒ හන්දා මම තීරණය කරා ඩොක්ටර් ව වෙනත් රූම් එකකට මාරු කරන්න. එතකොට කවුරු ඇවිත් බැලුවත් ඩොක්ටර් හිටපු කාමරයේ නැහැ. එතකොට උන් බැරිවෙලාවත් හොයාගෙන ආවත් උන්ට හොයාගන්න බැහැ. මොකද රෙජිස්ට්‍රාර් වෙලා තියෙන රූම් එකේ මෑන් නැහැ නෙ. වෙනත් රූම්වල බලන්නත් බැහැ උන්ට. ඒකට මැනේජ්මන්ට් එක කොහොමත් අවසර දෙන්නෙ නැහැ.

**ඒ කියන්නේ සර්… රූම් එකක් අරන් දාලා එනවද බඩු ටිකත් අරගෙන….?

ඔව්…

**ඒකත් හොඳයි ….

හරි…. එහෙනම් මහත්වරුනි විවෙික ගන්න. නැවත හමුවෙමු…

හවස් යාමය…..

වෛද්‍ය දුනිත්ව ඇමතුවෙමි….

හෙලෝ ඩොක්ටර්.. මම එස්පී…

දුනිත් - සර් මම ස්ථානගතවෙලා ඉන්නෙ.

මම කියපු තැන…?

දුනිත් - ඔව් සර්… කාමර අංක 16 යේ ඉන්නෙ මම.

හරි… සිම්එක මාරු කරාද….?

දුනිත් - ඔව් සර්… සේරම හරි…

වෙරිගුඩ්…. මගේ ගෝලයෙක් රෑ හතට ඔතනට එයි රූම්බෝයි කෙනෙක් විදිහට.
ඇවිත් රහස්‍ය වාක්‍ය කියයි. එහෙම කිව්වොත් විතරක් බඩුටික එයාට දෙන්න. රෑ නමයට වෙනත් කෙනෙක් ඇවිත් දොරට තට්ටු කරයි. පලමුව තට්ටු දෙකක් දාලා, තත්පර පහකට පස්සේ එක දිගට තට්ටු අටක් දායි. එහෙම තට්ටු දාන්නෙ මගෙ මිනිහා. එහෙම නොවුනහොත් තමුන් සද්ද නැතුව ඉන්න ඔීන. ඊට පස්සේ දොර අරින්න.. ඒ මෑන් ඇවිත් වෙනත් කාමරයක යතුරක් තමුන්ට දෙයි. තමුන් ඒ කාමරයට රෑ නමයට යන්න ඔීන. ඒකේ සම්පූර්ණ ගෙවීම කරලා තියෙන්නෙ. එතකොට කාමර අංක 16 රෑට හිස්ව පවතීවි. අද රෑ නමයෙන් පස්සේ කිසිම කෙනෙක් එක්ක කිසිම කතාබහක් ඇතිවෙන්න බැහැ. රෑ නමයට කලින් ගෙදරට පණිවිඩය කියන්න ඔීන. තේරුනාද…?

දුනිත් - ඔව් සර්…

හොඳයි… මෙච්චර පරිස්සමෙන් කටයුතු කරන්න වෙන්නෙ. ජීවිත තුනක අවදානම නැතිකරගන්න..

දුනිත් - එකඟයි සර්…

හොඳයි…

රාත්‍රි හතේ කනිසමට ලගාවෙත්ම තම වේෂය තේනුවරගෙ පෙනුමට වෙනස්කර , සූදානම් කරගත් වෑන් රථයේ අදාල හෝටලය වෙත ගොස් , රාත්‍රිය ගතකිරීමට පමණක් ව්‍යාජ හැඳුනුම්පත් විස්තර සපයා. සම්පූර්ණ මුදලද ගෙවාදැමීමෙන් පසු, මාහට කාමර අංක 28 ලැබුනි. ඉන්පසු එහි රාජකාරි නියුතු රූම්බෝයි කෙනෙකුට අල්ලසක් ලබාදී වියයුතු දේ පවසා කාමර අංක 16 වෙත පිටත් කරන ලදි. මිනිත්තු කීපයකට පසු ලොකු ප්‍රමාණයේ ගමන් මළු දෙකක් සමග ඔහු ආපසු පෑල දොරෙන්ම එය ලබාගෙන තම වාහනයට දැමීමට ප්‍රථම වෙඩි ද්‍රව්‍ය හෝ GPS යන්ත්‍ර සවිකර ඇද්ද යන්න සොයාබලා ඉන් අනතුරුව වාහනය තුලට දමා ගත්තෙමි.

වෙලාව රාත්‍රි නමයයි….
සැණෙන් කාමර අංක 16 වෙත ගොස් කථිකා කරගත් පරිදි දොරට තට්ටුකර කාමර අංක 28හි යතුර ලබාදී නැවත
තම වෑන් රථයට ගොඩවී. ඒකක ශාඛාව
වන මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත ආවෙමු.
ඉන්පසු තම නියෝජිතවරුන් තිදෙනා සමග සාකච්ඡා කර , පසුදින අළුයම තුනේ පැයට පිටත්වීමට සූදානම් වන ලෙස උපදෙස් ලබාදුන්නෙමි.

පසුදින අළුයම….

සැළසුම් කරගත් පරිදි මා සමග අනෙකුත් නියෝජිතයින් තිදෙනාම තම වේෂයන් මාරුකරගෙන හිස සිට පාදාන්තය⁣ තෙක් කළු පැහැති ඇඳුමින් සැරසී, හිසට ලෝගුවක් ද දමාගෙන, blue beach හෝටලය ට ගොස් වෛද්‍ය දුනිත් ද රැගෙන ඉඳුරාම අප වාහනය ගමන් ගන්නේ නාරම්මල පිහිටි වෛද්‍ය දුනිත්ගෙ නිවස බලාය. වෙිගයෙන් ඇදුන වෑන්රිය නාරම්මලට කිට්ටු වනවිට හෝරා එකහමාරකට ආසන්න විය. එහි යන විටත් වෛද්‍ය දුනිත්ගෙ පවුල ගමන සඳහා සියල්ල
සූදානම් කරගෙන සිටියහ.

වහාම වාහනයෙන් බැසගත් තම නියෝජිතයින් දෙදෙනා. ඔවුන්ගෙ බඩුබාහිරාදිය වාහනයට දමා ගත්හ.

*මහත්තයා … මෙි අය කවුද …..?

දුනිත් - නෝනෙ විස්තර කරන්න වෙලාවක් නැහැ. මම යන ගමන් කියන්නම්…

**බැහැ තාත්ති… අපි ගෙදර ඉන්නම්
අපිට බෑ යන්න ….

සංවාදය දුරදිග යන බවක් පෙනුන හෙයින් මා කතාබහට බාධා කෙරුවෙමි.

මැඩම් අපි හොරු, මංකොල්ලකාරයෝ නෙමෙි. ඔයාලගෙ ජීවිතේ ලොකු අනතුරක තියෙන්නෙ. යන ගමන් සේරම දොස්තර මහත්තයා කියයි. දැන් වාද නොකර දුවත් එක්ක වාහනයට නගින්න.

දුනිත් - දෝණි ප්ලීස් වාහයට අම්මත් එක්ක නගින්න….

ඇය අකමැත්තෙන් වුවත් , තම දුවද රැගෙන වාහනයට ගොඩවීමෙන් පසු සැණෙන් වාහනය ගේට්ටුවද පසුකර ඉදිරියට ඇදුනි. කිලෝමීටරයක් පමණ ඉදිරියට යනවිට ලොකු ට්‍රෙිල් වර්ගයේ යතුරුපැදි දෙකක් අප පසුකර විත් ඉදිරිපස පාර හරස්වන පරිදි යතුරුපැදි දෙක නවතා බහින විට. එකවර වෑන් රථයේ තිරිංග තද කරනවිට තාරපාර හා ටයර් අතර ඝර්ෂශනය තර වෙමින් කරාාාාාස්ස්ස්…. හඬ නංවමින් අප වෑන් රිය නතර විය.

`` agents fire at will ´´ ( නියෝජිත වරුනි. අවස්ථානුකූලව වෙඩි තියන්න) යනුවෙන් විධානය කරමින් තම පිස්තෝලය අතට ගෙන එහි slider කොටස පස්සට ඇද slide safty ලිවරය පහලට දමා ක්ෂනික වෙඩි තැබීමකට සූදානම්ව, ඉදිරිපස දොර
හෙමින්සීරුවෙ අගුළු හැර නිහඬව සිටියෙමි. `` ඔය තුන්දෙනා සීට් වලින් බැහැලා ඔලුව පාත් කරගෙන ඉන්න යනුවෙන් පැවසුවෙමි. වෑන්රියේ පැති දොරවල් දෙක දෙපසින් ඇරගත් පසුපස සිටින නියෝජිතයින් දෙදෙනා වාහනයෙන් බැස. තම හඬ අවදි කරන්නට විය.

ඇයි මචං…..?

*අඩෝ සිරා… කොහෙද මුන්ව ගෙනියන්නේ….?

වෙන පොට් එකකට ගෙනියන්න කියලා දැන් පැයකට කලින් ඇන්ටනී අයියා කිව්වා බං. උඹලා ට්‍රැක් එකෙන් අයින් වෙලා හිටපල්ලා. දැන් ගේම් එක අපිට ගෙනියන්න කියලා ඇන්ටනී අයියා ඔීඩරය දීලා තියෙන්නෙ. අපි ගේමට එන්ටර් වෙලා ඉන්නේ.

*අපිට එහෙම කිව්වෙ නැහැ නෙ. හිටපං අපි කෝල් එකක් අරගෙන බලන්න.

දැන් ගන්න එපා.. ඇන්ටනී අයියා මෙි වෙලා ක්ලබ් එකේ ෆන් ගන්න වෙලාවනෙ. උඹලා කරදර කරන්න යන්න එපා…

*පොඩ්ඩක් හිටපං අපි කෝල් එකක් අරගන්නකම්.

ක්ෂනිකව දොර ඇරගත් මා ප්‍රතිවාදීන්ගෙ ඔළු ඉලක්ක කර වෙඩි දෙකක් තැබුවෙමි. `` චස් චස් ´´ හඬ නගමින් තම පිස්තෝලයේ සයිලන්සරයෙන් හඬත් සමග නිකුත්වූ උණ්ඩ දෙක ප්‍රතිවාදීන්ගෙ නලල පසාරු කර යද්දී ප්‍රාණය නිරුද්ධව දෙදෙනාම යතුරුපැදි පෙරලාගෙන එය උඩ ඇද වැටෙන්නට විය. උඹලට අපි සැරයක් කිව්වා නේද. අපේ ගේම් එකෙන් අයින්වෙන්න කියලා.

යමු යමු….. මහත්වරුනි.. මා විධානය කල පසු. දොරවල් වසාගත් අපි වේගයෙන් වෑන් රථය ධාවනය කර කිලෝමීටර් පහක් පමණ ගෙවා ඉදිරියට එනවිට. යමක් අපිව ලුහුබඳිනවා යැයි මට සැක හිතෙන්නට විය.

සුපුන් …..?

*සර්….?

වාහනය නවත්වන්න ….

නියෝජිත B120….

**සර්….

ඔය ට්‍රැකින් ඩිවයිස් එක අරගෙන වාහයේ වටයක් අරගෙන යන්න. වාහනයේ උඩටද , යටටද තියලා බලන්න. හොඳට පරික්ෂා කරන්න.

**ok sir…..

තත්පර කීපයකට පසු….

** සර්… මුන් දෙන්නා GPS එකක් මෙිකට දාලා…

මොනවා…. අරගෙන එන්න මෙහාට…?

**මෙන්න සර්…..

හ්ම්ම්… Magnet cover GPS එකක්
( කාන්දම් සහිත ජීපීඑස් යන්ත්‍රයක්)
මුන් අපිව පහුකරන ගමන් වාහනයට විසික් කරන්න ඇති. මෙික මැගනට් හන්දා වාහනේ ඇලවුනා එහෙනම්.

නියෝජිත B120 තව පාරක් සර්ච් කරන්න.

*සර් අපි මෙිකට⁣ මොකද කරන්නේ…?

නියෝජිත සුපුන් … අපි යවමු මුන්ව හොඳ වටයක්..

**සර් වෙන නෑ….

රයිට් නගින්න වාහනේට…

නියෝජිත සුපුන්… ඔතනින් දාන්න මීරිගමට. ඊට පස්සේ අපි යමු යක්කලට.
තව විනාඩි පහලවක් ඇතුලට එනවා කොළඹ හරහා ගාල්ල බලා යන මගී ප්‍රවාහන කෝච්චියක් අපි ඒක අල්ලගන්න
ඔීන. යක්කල රේල්වේ ස්ටේෂමට ගිහින් බලාගෙන ඉමු..

*මට තේරුනා සර්… එහෙනම් යමු….

වාහනය පණ ගන්වා නාරම්මල වට රවුමෙන් දකුණට හරවා , කුරුණෑගල - කොළඹ ප්‍රධාන පාරට දමා වේගයෙන් යක්කල බලා පිටත් වුනෙමු.

මිනිත්තු කීපයකට පසු යක්කල ස්ටේෂමට ඒමට අපට හැකිවිය.
මා වාහනයෙන් බැස , නවත්වන ලද කෝච්චියේ පසුපස මැදිරියට ලඟට ගොස්
GPS එක එහි අලවා දමා නැවත වාහනයට ගොඩවිමි.

නියෝජිත සුපුන් අපි ආපහු කුරුණෑගලට ගිහින් පුත්තලම් පාරට දාගෙන යමු ආණමඩුවට…

*ok sir….

මෙතෙක් වෙිලා සියල්ල දෙස නිහඬව
බලා සිටි වෛද්‍ය දුනිත් හා ඔහුගෙ පවුල
රහසින් විවිධ දේ මුමුණන්නට විය.

එම කසුව බිඳදමන්නට මා මුලපිරුවෙමි.
දැන් දැනෙනවද දුනිත් මහත්තයට තමන් වැටිලා ඉන්න අවධානම. තමුන්ලගෙ ජීවිත බේරගන්න , ජීවිත දෙකක් ක්ෂනිකව ඉවර කරන්න සිද්ධ වුනා අපිට.
තරාතිරම මොකක් වුනත් එව්වත් ජීවිත තමයි කියලා මතක තියාගන්න…

***මහත්තයා මොනවද මෙි අය කියන්නේ. ඇත්තටම මෙයාලා කවුද…?

දුනිත් - නෝනෙ මෙයාලා ආරක්ෂක අංශයෙන්. අපිට ලොකු ජීවිත තර්ජනයක් තියනවා. ඒ හන්දා තමයි ඔයාලාව මම ට්‍රිප් එකක් එක්ක යන මුවාවෙන් මෙි එක්කගෙන යන්නෙ. මෙි සේරම මෙි ඔෆිසර්ලගෙ සැළසුම්. අපි වෙලාවට ඔයාලව ගන්න ආවෙ නැත්නම්
මෙි වෙනකොට ඔයාලා දෙන්නම මැරිලා.

***නමුත් ඇයි මහත්තයෝ….? අපි මොකක්ද කරපු වැරැද්ද ….?

මැඩම් ඒක දිග කතාවක්. ගමනාන්තයෙන් පස්සේ අපි ඒ ගැන කියන්නම්. එතකම් ඔයාලගෙ ජීවිත රැකගන්න ඔීනනම්, තව දුරටත් ජීවත්වෙන්න ඔීන නම් , අපිට සහයෝගය දෙන්න. වැඩෙි අල නොකර..

*සර් අලද. දෙල්ද…?

දෙල් බැරිනම් පොල් හරි කමක් නැහැ. නියෝජිත සුපුන් ….

*නෑ මම නිකමට ඇහැව්වෙ…

මෙච්චර සීරියස් වෙලාවෙත් , ඇරියස් ආතල් කවර් කරන්න එපා මනුස්සයෝ…

*ඔව් ඔව් ඒක ඇත්ත සර්… ඔන්න අපි කුරුණෑගලට ආවා…

හරි …. පුත්තලම් පාරට දාලා කිලෝමීටර් පහක් ගියාට පස්සේ. ඔය ගෙවල් අඩු තැනක පාරේ අයිනේ නවත්වන්න..

*ok sir…..

විනාඩි කීපයකට පසු පාරෙ අයිනේ වෑන් රථය නවත්වන ලදී…

නියෝජිත B220, නියෝජිත B120..

**සර්…..

වාහනයෙන් බැහැලා ඇඳුම් මාරුකරගන්න. වෑන් එකේ පිට්පස්සේ ස්ක්‍රීන් එකේ උඩ ස්ටීකර්එක ගලවන්න.
ගලවලා ගිණි තියලා දාන්න …

**හරි සර්….

දුනිත් මහත්තයා ….

දුනිත් - සර්…. හිත සැහැල්ලු කරගන්න. තුන්දෙනාම වාහනයෙන් බහින්න එපා. කිසිම මොහොතක.

දුනිත් - හොඳයි සර්…

නියෝජිත සුපුන් …. අපි යමු නම්බර් ප්ලේට් මාරු කරන්න ….
වෑන් රථයේ අංක තහඩු මාරුකර. තමන්ගේ ඇඳුමිද මාරුකිරීමෙන් පසු, නැවත් වාහනය වෙත ගොඩ වුනෙමු.

සේරම හරිනෙ…. හොඳයි ඔය මහත්වරුන්ගේ ආයුධ මට දෙන්න..
නිනියෝජිතයින් දෙදෙනා තම පිස්තෝලයන් මාහට දුන් පසු,

මැඩම් ඔයාගෙ ෆෝන් රකත් ඔීෆ් කරලා මට දෙන්න කරුණා කරලා…

හරි…. නියෝජිත සුපුන්. මෙන්න මගෙ එකත්, ඔයාගෙ එකත් ඔතනට දාලා. ඩෑෂ්බෝඩ් එකේ යට තියෙන රහස් ලොකර් එකට දාන්න…

*හරි සර්….

හොඳයි හැමෝම හොඳට අහගන්න.
මේ පාරේ තව කිලෝමීටර් විස්සක් යනකොට , නිකවැරටිය ටවුන් එකට මෙහා අවුලේගම හන්දියේ පොලිස් චෙක් පොයින්ට් එකක් තියනවා . ඊට පස්සේ එතන ඉඳලා කිලෝමීටර් දොළහක් ගියාම
කොටවෙහෙර හන්දියේත් පොලිස් චෙක්පොයින්ට් එකක් තියනවා. අපි මෙි සේරම පසුකරගෙන යන්න ඔීන. ඒ හන්දා සාමාන්‍ය විදිහට හැසිරෙන්න ඔීන. විශේෂයෙන්ම ඔය මැඩම්ටයි, දුවටයි කියන්නේ මෙි වෙලාවෙ පොලීසියට බැහැ ඔයාලව බේරගන්න. ඔයා වෙඩිකාපු එවුන්ගේ මිත්‍ර පාර්ෂව කොහෙ ඉන්නවද අපි දන්නෙ නැහැ. ඒ හන්දා කිසිම කෙනෙක් විශ්වාස කරලා , වැඩ වරද්ද ගන්න එපා.

***හොඳයි ඔෆිසර්….

බොහොම හොඳයි …. එහෙනම් සුභ ගමන් හැමෝටම ….

අපි යමු නියෝජිත සුපුන් ….

මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now