නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 12
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
12 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හ්ම්ම්ම්ම් එව්වා ඉතින් එහෙම තමයි.
මල් උයනක වුනත් වඩාම ලස්සන මල තමයි කවුරුත් නෙලා ගන්නෙ. ඒක තමයි
ලෝක ස්භාවය.
මෙතැන්සිට……
එතකොට ඔය කතන්දරය හැමෝම දන්නවද මෙි පැත්තෙ.
*මොකද තාම නොදන්නෙ අපෙ මහත්තයා. විතරයි දන්නෙ නැත්තේ. ඕකුන් සල්ලාල පවුලක්. මමත් උන්ගෙන් තමයි යැපෙන්නේ. ඒ වුණාට නරක දේට නරකයි කියන්න එපැයි.
හහ් හහ් හා…. අංකල් එයාලගෙන් පිනට යැපෙන්නෙ නැහැ නෙ. අංකල් එයාලට සේවයක් කරලා ඒකට ලැබෙන පඩියෙන් තමයි ජීවත් වෙන්නෙ. මෙතන වෙන්නෙ ගණුදෙනුවක්.
*ඒකනම් හැබෑව…
එතකොට සල්ලාලකම් කිව්වෙ.
*ඔය වලව්වේ පුංචි හාමු මහත්තයා ඇරෙන්න අනිත් ඈයෝ සේරම මේ ගෝනහෙල ගමෙි ලස්සන කෙළි පැටික්කියන්ට පෙරේත බැල්ම දාගෙන හිටියේ. දෙතුන් දෙනෙක් අනාථ කරව්වා මං දන්නා තරමින් ඕං.
එතකොට එව්වට නීතිමය පැත්තෙන් මොකුත් වුනේ නැද්ද .. ?
*අපෙ මහත්තයා සල්ලි තියනවා නම් මෙි රටෙි මොනවද කොරන්ඩ බැරි. සල්ලි දුන්නා. කට වැහැව්වා එච්චරයි. මොකද ඔය වගෙ වංසක්කාර සල්ලිකාර වලව් කාරයො එක්ක
මෙි ගම් හත්පත්තුවෙ මොකාටද හටන් කොරලා බේරෙන්ඩ පුළුවන්.
ඔව් ඒකත් ඇත්ත තමයි නේද ඉතින්…
*අපෙ මහත්තයා ( වටපිට බලමින් ) කාටවත් කියන්ට එපා. ඔය වලව්වේ නැවතිල වැඩ කරන ජෝෂගෙ ලොකු කෙලීටත් වැඩෙි දීලා කියලා මට ඇහුණා දවසක් පුංචි හාමු මහත්තයා යකා නටනවා.
ජෝෂා කිව්වෙ ජෝශප් අංකල් ද … ?
*ඔව් ඔව් උන්නැහැහේ තමයි. පව් ඒකත් අසරණයා නොවැ අපෙ මහත්තයා. මම වගේ උනානම් ඕකුන්ට ඔළුව කුඩුවෙන්ට තියනවා අම්මපා. තූ නොදකින්.
අංකල් බලාගෙන ගියාපුවහම කදිරා වගේ පොරක් නෙ මම සිනාසෙමින් කිව්වෙමි.
*කදිරා …. කදිරා නෙමෙි මම ඇහේ ඉඳලා පට්ට ගහන්නෙ අම්මපා එල්ලුම්ගස් හතක ගියත්. ඔය මැරුන හාමු මට බයයි.මොකද මම ලඟ තුවක්කුව තියෙන හන්දා.
ඒක ඇත්ත. දෙමාපියන් දරුවො පොඩි කාලේ ඉඳලා හැම දුකක්ම විඳගෙන හදා වඩා ගන්නෙ ලොකු වෙනකොට විනාස වෙනවා දකින්න නෙමෙි නෙ.
*ඒකනෙ අපෙ මහත්තයා. උන් හිතාගෙන ඉන්නෙ මෙික අප්පිලගෙ රට , අප්පිලගෙ නීතීය , අම්මගෙ හැරමිටිය කියලා. ඕන්න ඕකයි ප්‍රශ්නෙ.
(සැබැවින්ම මට සිනහව වාවගන්න අපහසු විය )
හ්ම්ම්ම්ම් ඕන්න ඕකයි ප්‍රශ්නෙ. මමත් ඒකම කිව්වෙමි.
*මට ඔව්වා මතක් වෙනකොට ඌරු ජුවල් නගිනවා. ඔය එක එකා හැඳිගෑවිලා යන්නේ ඕකුන් කොරපු අපරාධ වලට තමයි. නැත්තං ඉතින් ගස් ගල් වගේ ඉන්න අපිත් අකාලේ නහින්න එපැයි. එහෙනං මම ගොහින් එඥ්ඤං අපෙ මහත්තයා. ඔව්වා ගැන කල්පනා කොරන්ඩ එපා අපෙ මහත්තයා.
හොඳයි හොඳයි.
හ්ම්ම්… තවත් සැකකරුවෙක් ඉස්මතු වුනා එහෙනම්. කලින් සපත්තු මසන්නා , දෙවනුව පොත් කියවන්නා , තව.. දැන් මෙහෙකරු වන ජෝශප්. හ්ම්ම්ම්ම්.. මොකක්ද මාධව මෙතන වෙන්නෙ. ඇත්තටම මෙික කණ්ඩායම් ගේමක්ද. ?නැත්නම් තනිවම ගහපු ගේමක්ද.. ?
සමහරවිට මෙි කිසිවෙක් මෙිකට සම්බන්ධ
නොවන්නත් පුළුවන්. මෙික තනිකරම
මිරිඟුවක් ද එතකොට. තව කීදෙනෙක් තර්කානුකූලව සැක කරන්න වෙයිද මන්දා
සමහර මිනිස්සු ආවෙිගයට පත්කරන්න කරන්න තමයි වැසීගිය දේවල් කටින් එලියට එන්නෙ. වරින්වර සිනාසුන මා රාත්‍රි නින්දට යනතුරුත් සිනාසුනෙමි.
පසුදින …
කාර්යාලයට යනවිට කැරොලින් මහත්මිය ඇවිත් සිටියාය.
ගුඩ් මෝර්නින් මැඩම්…
*ගුඩ් මෝර්නින් මිස්ටර් කෙවින්.
අද උදෙන්ම…
*ඔව් අද ඉඳලා ඔෆීස් එනවා.. මොකද මට දැන් මෙතනට එන්න ලොකු හේතුවක් තියනවනෙ.
ඔව් නේද එකවුන්ට් කියන්නෙ පුළුල් විෂයක් නෙ නේද .. ?
*අහවල් එකවුන්ට්. මම එන්නෙ ඔයාව බලන්න.
මැඩම් කාටවත් ඇහෙයි.
*හ්ම්ම්ම්ම්. කියමින් ඇය වටපිට බලා , අහක බලා ගත්තාය.
මා නිහඬව තොග ගණන් සටහන් තැබීමේ ලිපිගොණුව පිරික්සන්නට විය.
*මේ….
හ්ම්ම්…
*ඔයා වැඩ නේද … ?
ඒ වගේ නේද .. ?
ඇය මාදෙස බලා සිට ,මද වෙලාවකට පසු මට තවදුරටත් බාධා නොකර මගෙ කාර්යාලයෙන් ඉවත් ව ගියාය. ඇස් කොනින් ඈ යන දෙස බලාසිටි මා නැවතත් ලිපිගොණුව වෙත තම අවධානය යොමු කෙරුවෙමි.
දිවා ආහාරය සඳහා නේවාසිකාගාරයට
ගොස් මෝටර් රථයෙන් බහිනකොටම
දුරකථන ඇමතුමක් ආවෙ කසුන්ගෙනි.
දොර බාගෙට ඇරගෙනම දුරකථනය අතට ගත් මා ඇමතුමට සම්බන්ධ වුනෙමි.
ආ… නාරද
දු ක - සර් කතා කරන්න පුළුවන් තැනකද ඉන්නෙ.
අ… පුළුවන්.. කියනකොටම දුරකථනයට වෙනත් අමුතු ශබ්දයක් ඇසෙන්නට විය. සැබැවින්ම එය වෙනත් විද්‍යුත් චුම්බක තරංගයකින් සිදුවන බාධාවක් බැව් මට ක්ෂණිකව වැටහුනි. අ… හරි මචං පුළුවන්. ඉතින් කියපං මොකද වෙන්නෙ.
දු ක - සර් මොකද වෙන්නෙ.
හා.. එහෙමද… ? ඔව් මචං.. මම දැන් නුවර ඉන්නෙ. අතනින් අස්වෙලා ආවා. උඹ එන දවසක එතනට යන්න එපා. මෙහෙ වරෙන්. ඉතින් උඹ කවද්ද ලංකාවට ආවෙ.
දු ක - සර්…
ඔව් … ඔව්.. හා එහෙමද.. ? හොඳයි නෙ ඉතින්. මම මෙි කෑමට ක්වාටස් එකට ආවා. මට විනාඩියක් දියං. මම ඇතුලට ගිහින් උඹට ආයෙ කෝල් එකක් ගන්නම්. කියමින් ඇමතුම විසන්ධි කර කාරයේ දොර වසා , ඉඳුරාම නේවාසිකාගාරය තුළට ආවෙමි. නැවතත් කසුන් වෙත ඇමතුමක් ගත්තෙමි.
දු ක - සර්…
නාරද කාර් එකේ පොඩි අවුලක් තියනවා.
දු ක - ඒ මොකක්ද සර්..
වාහනයේ signal interference device
( සංඥා බාධක උපකරණයක් ) හෝ Radio transmitter ( විද්‍යුත් චුම්බක තරංග සම්ප්‍රේෂකයක් ) එකක් තියනවා. මම ෆෝන් එකෙන් කතා කරනකොට වෙන සිග්නල් එකක් මිශ්‍ර වෙන ශබ්දය මට ඇහුණා.
දු ක - අම්මට උඩු සර්… ඒ මොකද… ?
වෙනත් පාර්ශවයක් මෙතන ඉන්නවා. නැත්නම් පලමු පාර්ශවය මෙික තවම හොඳ උනන්දුවෙන්
අහගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. මොකද අපි දෙවන පාර්ශවය නෙ.
දු ක - සර් අපි ඕක අයින් කරමු.
බැහැ නාරද. මෙික තියාගෙන අපි උන්ව වටෙි යවමු. ඕක ඔහොම්ම තියාගමු. සමහරවිට මේක CDI නියෝජිතයෙක් ගෙ ගේමක් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් කමක් නැහැ. කියන්න බලන්න ඇයි මට ගත්තෙ කියලා.
දු ක - අර පල්සර් කාරයා බයික් එක මග නවත්තලා පුස්තකාලයට ගියා.
ෂාහ්හ්හ්හ් නියමයි නෙ. ඉතින් ඊට පස්සේ..
දු ක - ඊට පස්සේ නේද. ටික වෙලාවකට පස්සේ මෑන් නැවත ආවා..
හිස් අතින් ද , නැත්නම් මොනවාහරි අරගෙනද ආවෙ.
දු ක - හිස් අතින් සර්…
විශිෂ්ඨයි යාළුවා. මම බලාපොරොත්තු වුණෙත් ඒකම තමයි. ඊට පස්සේ.
දු ක - ඊට පස්සේ තෙල්දෙනියට ගිහින් එක ගෙදරක නැවතුවා. සර් අමතක කරන්න එපා මෙික මගෙ ඒරියා එක කියලා. මම මෙි මහනුවර නොදන්නා තැනක් නැහැ.
නියමයි. එතකොට මෑන්ගෙ මුහුණ දැක්කෙ නැද්ද … ?
දු ක - නැහැ සර්… මෑන් මාස්ක් එකක් දාගෙන හිටියෙ.
ඒකට කමක් නැහැ. තැන බලාගත්තා නෙ ඒ හොඳටෝම ඇති. හෙට දවසෙ හවස් වරුවෙ ඔයා මෑන්ව සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කරන්න ඕන.
දු ක - හරි සර්..
එතකොට අර පොත ගත්ත අයගෙ තොරතුරු හොයන වැඩෙි මොකද..?
දු ක - සර් ඒක අතයටින් කරගෙන යනවා.
හ්ම්ම්ම්ම් නියමයි. තව වැඩක් තියනවා.
දු ක - ඒ මොකක්ද .. ?
ඔයා හෙට මහනුවර ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට යන්න. උප්පැන්න, විවාහ හා මරණ සහතික නිකුත් කරන අංශයට ගිහින් මාවන් පීරීස් කියන නම දීලා එයාලා විවාහවුනු, ව්වාහ සහතිකයේ පිටපතක් ගන්න. ඊට පස්සේ බලන්න ඒ නමටම මරණ සහතිකයක් තියනවද කියලා.
දු ක - හරි සර්.. මම හෙට උදෙන්ම යන්නම්.
උදෙන්ම යන්න එපා. එතන අය කාල, බීලා,
මෙිකප් දාලා , මිස් කමලගෙ බල්ලා නාවපු හැටි කතා කරලා, මිස් නවෝද්‍යාගෙ වොෂින් මැෂින් එක හදපු හැටි කතාවෙලා , මිස් ෆාතිමා පෙරේදා රාමසාන් හඳ බලබු සීන්එක කතාබස් කරලා ඉවරවෙනකොට නමය හමාර විතර වෙනවා. අන්න ඒ වෙලාවට යන්න ඕන. ඊට පස්සේ ආයේ පැයකින් තේ වෙලාව නෙ. ඊට කලින් යන්න බලන්න. ඒ යනකොට ගෙදර බ්ලෙන්ඩර් එකේ වොරන්ටි කාඩ් එකයි , වඳ පුංච් අම්මගෙ දුවගෙ උප්පැන්න සහතිකේ අළුත් කොපියකුයි , ගමෙි පන්සලේ වැඩ ඉන්න හාමුදුරුවන්ගෙ විවාහ සහතිකයේ අළුත් පිටපතකුත් අරගෙන යන්න අමතක කරන්න එපා.
දු ක - එව්වා කොහෙන්ද හොයන්නෙ.
කොහෙන්හරි හොයාගන්න වෙයි ඉතින්.
දු ක - එතකොට ඔය කියන කාර්යාල වල වැඩක් කරන්නෙම නැද්ද..
වැඩ කරන්න කියලා එහෙම නියමයක් නැහැ. හිතුනොත් කරනවා. නැත්නම් ඒ මිස් මෙි මිස් නැහැ අද නිවාඩු. සබ්ජෙක්ට් එක කරන මිස් පොඩ්ඩකට එලියට ගිහින් කියලා නිදාගන්නවා. නියමිත කාලයට පඩිය එනවනෙ. පඩිය ටිකක් අඩු වුනොත් තමයි උද්ඝෝෂණ වලට යන්නෙ.
දු ක - හත්තික්කේ…
හරි හරි.. මම තිබ්බා වැඩ වැඩ ජයවේවා.
දු ක - ජයවේවා සර්.
හ්ම්ම්ම්ම් … මාධව. හොයමු කොණක ඉඳලා. සේරම හොයන්න පටන්ගන්න ඕන.
මැරුන , ජීවත්වෙලා ඉන්න කට්ටිය වගේම මීයෝ වගේ ඉන්න පූසො ටිකත් එලියට ඇදලා ගමු. මෙි හාදයොන්ට එළිපිට හතුරො නැති වුණාට , දැන් බලනකොට වැඩියෙන්ම ඉඳලා තියෙන්නේ හතුරො නෙ. ඔය අතරින් හැමෝම නිහඬව ඉන්නවා කියලා හිතන්න බැහැ. එකෙක් දෙන්නෙක් හෝ කුමන්ත්‍රණ කරා වෙන්න ඕන. එහි ප්‍රතිඵලය වශයෙන් දෙන්නෙක් රහසේමඋපක්රමශීලීව මරා දැම්මා වෙන්නත් බැරි නැහැ. තව එක පැත්තක් මට මගහැරිලා තියනවා. ඒකට දැන්ම අත ගහලා බැහැ. දිවා ආහාරය අවසන්කර නැවත මෝටර් රථයට නැග කඩිමුඩියේ ම මා නැවත
කාර්යාලයට පැමිණියෙමි. මෙි වනතෙක්
මා දුරකථනයෙන් කරන ලද සියළු කතාබහ සිදුකලේ මෝටර් රථයෙන් බැහැරවය. එහෙමත් නැත්නම් එලියට විත් එහි දොර වසාගෙනය. මා මීට වඩා ඉදිරි කාලයේදී පරිස්සමෙන් කටයුතු කිරීම වඩාත් යෝග්‍ය සහගත ය.
හවස් යාමය සුපුරුදු පරිදි පුරුදු දෙවල් වල
නියැලුන පසු විවෙිකීව පසුවන්නෙමි. මුරකරු වන සයිමන් මාමා ගෙනා රාත්‍රි ආහාරයද ගැනීමෙන් පසු නැවත කල්පනා කරන්නට වූයේ ඊළඟට හා කවුරු , කොතන විමර්ශනය කලයුතුද යන්නය. රාත්‍රි කාලයට මෙම කඳුකර වතුකරයේ හරිම නිස්කලංකයි , වරෙක බස්සෙකුගෙ "හ්ම්" හඬ ඇසෙන්නට විය. ඒ හැර ඈත එපිට කඳුයායේ ගැටී එන සුළඟ කම්පෙති වල වදිනවිට කුණාටුවක හඬ වන සූසූසු.. හඬ ඇසෙන්නට විය. ජනේලය හැරදමා සීතල සුලංවල පහස විඳින විට ඈත පෙනෙන කුඩා රතුපාටට කඩින් කඩ දැල්වෙන එලියක් දුටුවෙමි. ඒ මොකක්ද හපොයි දෙවියනේ. මට කොහොමද ඒක මගහැරුනේ… ඒක ගුවන් ඒක radio transmission repeater ( ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂක පරාවර්තකයක් - ගුවන් විදුලි තරංග ලබාගෙන එය බලවත් කර එය නැවත දසත විසිරුවා හැරීම සිදු කරනු ලබයි ) එකක් නේද .. ? උසට උසේ මෙි තියෙන කණුව මට අමතක වුනේ කොහොමද. නිතර දකින කුකුළා හන්දද.
ඔය සම්ප්‍රේෂකය කොපමණ කාලයකට සැරයක් නඩත්තු කටයුතු කරගෙන යනවාද. ඒ සඳහා කාර්මිකයෙකු මසකට සැරයක් එනවද
කියා සොයා බැලිය යුතුය. මෙි රැහැන් රහිත කණුව තමයි මෙි වතුයායට ආසන්නයේම තියෙන උසම කණුව වන්නේ. මෙහි සිට යමෙකුට. වෙනත් සංඛ්‍යාත පරාසයකින් යුත් කුඩා සම්ප්‍රේෂකයක් ආධාරයෙන් කිලෝමීටර් දෙක හමාරක පමණ ඈත සිට ඒ සඳහාම
නිමවන ලද රූපවාහියකින් බැලීමට හැකිය. ඇතැම්විට මෙි වපසරිය තුල කීප තැනක කුඩා සම්ප්‍රේෂකයන් සවිකර , එයින් ලැබෙන හඬ ශ්‍රව්‍ය දෘශ්‍ය මිශ්‍ර තරංග බලවත් කර සාමාන්‍ය දුරක සිට අසනවා වෙන්න බැරිද. යමෙකු මෙි දේවල් කරමින් දවසින් දවස මෙහි යාවත්කාලීන තොරතුරු ඈත සිට අසනවා වෙන්න බැරිද… ? නේවාසිකාගාරයේ දොර වසාදමා පැමිණ වහාම මෝටර් රථයට ගොඩවූ මා විදුලි පන්දම් එළියෙන් වාහනයේ අස්සක් මුල්ලක් නෑර පරික්ෂා කෙරුවෙමි. පසුව කබා සාක්කුවෙන් ජංගම දුරකථනය අතට ගෙන , රැහැන් ඉයර්පෝනයන් දෙක කන්වල රඳවාගෙන, පාරිභෝගික සේවා අංකයට ඇමතුමක් ගෙන දුරකථන නැවත වතාවක් කාරයේ ඇතුලත එහෙමෙහෙ ගෙන යන විට එක් තැනක නැවත ඒ හඬ ඇසෙන්නට විය. දුරකථන නැවත ඈත් කරන විට එය නොඇසෙන අතර නැවත නැවතත් එසේ කරන විට එහි ශබ්දය තිවුර වුනි. විදුලි පන්දම ගසාගෙන පාපිස්ස මත වැතිරී බලන විට, විලායක රැඳවුම් කොටසට ( fuse bord ) පහලින් කළු පැහැති කුඩා ප්ලාස්ටික් පෙට්ටියක් දක්නට ලැබුණි. එහි වයර් දෙකක් පමණක් ඇති බැව් පෙනුන අතර වෙනත් කිසිවක් දක්නට නොලැබුනි. එසේනම් මෙය කුඩාවට නිම කරන ලද ට්‍රාන්ස්මීටරයක් විය යුතුය. නමුත් මෙය ගෝනහෙල පසුකර යාමෙිදී ප්‍රධාන සම්බන්ධකය සමඟ සබඳතා ඇතිවේද යන්න ප්රශ්නයකි.
කවුද මෙි මාධව … CDI ද , නැත්නම් වෙනත් අදිසි පාර්ශවයක්ද … ? මෝටර් රථය තුල සිදුවන කතාබහ ඇසීමට වුවමනා කාටද .. ? මා ගැන උනන්දුව වන පුද්ගලයින් අතර සමාන අවධානයක් යොමු නොවුනත්, ජගත් ගැනත් සලකා බැලිය යුතු යැයි දැන් මට හැඟේ. ඉඳුරාම මගෙ සැකය ඔහු වෙත යොමුවීමට ප්‍රධාන කරුණක් නොවුනත් , ඔහුටත් මා සමග මෙි විෂය ගැන කතා කිරීමට වුවමනාවක් තිබෙන බැවි පෙනේ. නමුත් ඔහු ඒ බැව් සැඟවීම උත්සාහ ගන්නා බැව් මා දන්නවා.
ඒ වගේම මම හෙන්ද්‍රික් වලව්ව තුල සිටි සමයේ එහි සිටිනවාට ඔහු කිසිසේත්ම කැමති නැති බැව් ඔහු ව්‍යාංගාර්ථයෙන් කිව්වා ද මට මතකයි. ඔත්තුකරුවන් කීප දෙනෙකු දමාගෙන ඔවුන් තවදුරටත් කරන්නෙ මොකක්ද .. ? තවත් මොරසූරන වැස්සකට සැරසෙනවා වත්ද … ? හොඳයි මම මාවන්ගෙ විවාහ සහතිකයේ ඉඳලා පටන් ගන්නම්. අනිත් කෙලවර පටන් ගන්නේ කැරොලින් මහත්මියගේ ඉඳලා.
ගැහැණුන් මොනවට ලෝබ නැතත් , අාදරේට ලෝබයිලු කියලා මම අහලා තියනවා කතාවක්. ප්‍රේම මායා දැලේ මා නොපැටලී , ඇයව පැටලීම තුලින් ඇතැම් කරුණු ඇයගේ මුවින් මාහට ගන්න පුළුවන් වේවි.
කසුන් මෙහාට ගන්නාතුරු කිසිදු බාහිර ක්‍රියාකාරකමක් සිදුකිරීම ඥාණාන්විත ක්‍රියාවක් නොවෙි. ඔහු මා සමඟ සම්බන්ධ වූවාට පසු රාත්‍රි කාලයේදී පමණක් සියුම්ව විමර්ශන කටයුතු වල යෙදෙමි. නැවත නේවාසිකාගාරයට විත් දොර වසාදමා නැවතත් කල්පනා සයුරේ ගිලෙන්නට විමි. කැරොලින් මහත්මියගේ කතාව මෙසේ නිර්මාණය වෙද්දී , තවත් නොවිසඳුණු ගුප්ත කථාවක් වෙනම හොර රහසේ විකාශනය වන බැව් මාහට සැකයක් ඉපදී ඇත. එය නිශ්චිතවම සනාථ කරගැනීමට
හෙට දහවල් වනතුරු ඉවසා සිටිය යුතුය.
එය මගේ සැකයේ වාසියට බර වුවහොත්,
නිසැකයෙන්ම පොටක් පාදාගත හැකි අතර,
එසේ වුනා හෝ නොවුනා පෙරකී පරිදි කැරොලින් මහත්මියගෙ කතා පෙලේ අවසානය කෙබදු වෙිද කියා විමර්ශනය කරන අතරතුර ඇය අවසන් කරන්න කලින් සුභවාදී විදිහට මා එය අවසන් කල යුතුය.
මොනවා වුනත් තව දවස් කීපයකින් ප්‍රායෝගික පැත්ත ක්‍රියාත්මක කල යුතුය. මෙච්චර සෙවිල්ලෙන් ඉන්නේ මොකක් හරි අළුත්
ගේමකටම තමයි ඉතින්. හ්ම්ම්ම්ම්ම්.. බලමු ඉතින්. බලාගෙන ගියාම මට මෙි ගෙදරත් සැකයි දැන්. පාළුවට ගියත්. නැවතත් ජංගම දුරකථනය අතට ගෙන පෙර පරිදිම කුඩා රැහැන් හඬ ෆෝනය කනේ ගසාගෙන පාරිභෝගික සේවා අංකයට ඇමතුමක් ගෙන. දුරකථනය නේවාසිකාගාරය ඇතුලේ අස්සක් මුල්ලක් නෑරම ගොස් ඉක්බිති ගෙයින් එලියෙද රවුම් දෙකක් පමණ ගියමුත් කිසිදු අමතර ඝෝෂාකාරී ශබ්දයක් නොඇසුනි. හ්ම්ම්ම්
එසේනම් මෙි ගෙදර යම්තාක් හෝ දුරට ආරක්ෂිතයි කියා සිතන්නට පුළුවන්. පොඩ්ඩක් ඉන්න මාධව… එදා පොලිස් නිලධාරියා සමඟ තවත් පොලිස් නිලධාරීන් පස්දෙනෙක් ආවා නේද. එතනින් පොලිස් පරීක්ෂක නිලධාරියා පමණක් මා සමඟ පිලිසඳරේ යෙදුණ අතර,
අනෙකුත් කණිෂ්ඨ නිලධාරීන් එතකොට කොහෙද ගියේ. ඔවුන් මොනවද මෙි කාර්ලීය පරිශ්‍රය තුල කරන්නෙ… ? මොනවද සෝදිසි කරන්න තියෙන්නේ. මොකද මෙතන ජාවාරම් කරන තැනක් නෙමෙි නෙ. තවත් සිතන්නට යමක්.
හරි.. හෙටදින මා විසින් පළමුවෙන්ම සොයාබැලිය යුත්තේ පොලීසිය කොපමණ කාලයකට සැරයක් මෙි කාර්යාල පරිශ්‍රයට
එන්නේද යන වගය. බොහෝදුරට පොලීසිය විසින් හසුරවන රහස් විද්‍යුත් චුම්බක තරංග ජාලයක් වන්නටත් පුළුවන්. බලාගෙන ගියාම මෙිකටත් අයිතිකාරයො ගොඩක් ඉන්නවා වගේ.
මෙිකත් අවුල් ජාලාවක් නෙ.
පසුදින ……
දහවල් කාලය වනතුරු විෂයට අදාල කරුණු ගැන කිසිදු දෙයක් නිකමටවත් කල්පනා නොකෙරුවෙමි. ඒ අන් කවරෙකු නිසාවත්
නොව පෙරදින කසුන්ට මා බාරදුන් වැඩෙි
ප්‍රතිඵල එනතුරුය. ගෙවෙන, ගෙවීයන සෑම මිනිත්තුවක්ම මගෙ ඉවසීම අල්ප විය.
දහවල් කෑමට නැවත නේවාසිකාරයට ආවෙ පයින්ය. මෝටර් රථය පාවිච්චි කිරීම සිමා කෙරුවෙමි. දොරගුළු හැරලා ඇතුලට එනවිටම නොසිතූ ලෙස මාගේ ජංගම දුරකථනය නාද විය.
කසුන් මොකද තත්වය..
දු ක - සර් කිව්වා වගේ පට්ටම රස්තියාදුවක් වුනා විවාහ සහතිකය ගන්න
ඒ රාජ්‍ය සේවයේ හැටිනෙ. ඉතින් කියන්න බලමු මොකද තත්වය කියලා.
නැවත හමුවෙමු…
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023