දෙවනි විලංගුව...🧟🧟

ජැක් ඩැනියල් වර්ගෙන් ගහපු ශොට් තුන හතර වගේම.. ක්ලබ් එකට යද්දි දාපු එක්ටසි එකෙන් ආපු කික් එකෙන් පාරෙ ඉරි සුරංගට නිකං පැන්සල් ඉරි වගේ පෙනුනෙ... BMW වර්ගේ පීඩන ඔ‍රොත්තු දෙන්න හදපු සුපිරිම වර්ගේ කාර් එකක් නොවෙන්න මෙලහට කාර් එකේ ඉදපු තුන්දෙනා පරලෝ ගිහින්..

- සර්... හෙමින් යමුද.. දිලිනිට වමනෙ වගේලු...

ඉස්සරහ සීට් එකේ ඉදපු ශානිකා සුරංගගෙ පපුව මැදින් අත ගෙනිච්ච...

සුරංගගෙ හිනාව වාහනෙන් ඇහුනෙ..

* ඔයා කියන දෙයක් බේබී... ඕන දෙයක්.. ඔයා දන්නවනෙ මේ සුරංග ගැන.... නේද.. ඔයා යාලුවට කිව්වෙ නැද්ද මං ගැන...

සුරංග ශානිකාගෙ කලව උඩින් එහාට මෙහාට හෙමින් අත ගෙනිච්ච...

- කෙල්ල ක්ලබ් එකට ඇවිල්ල වැඩි කාලයක් නෑ සර් පස්සෙ ඉගෙන ගනී... නංගි කේක් එක පරිස්සමෙන් තියා ගන්න...

*ඔව් ඔව් අපි හෙමින් උගන්නල ගමුකො... නේ... කෙල්ලෙ.. ඔන්න අපි ආව...

රිමෝට් එකෙන් ඇරුනෙ විශාල ගෙදරකට

- වයිෆ් බබා එහෙම නැද්ද සර්...

* ඔන්න ඔන්න ඉතින් මගෙ කෙල්ලත් පිස්සු කියවනවනේ... ඒ ගෑනිට තේරෙනවද පාටි එකක තීන ෆන් එක... ඒකයි උපන්දිනේ දවසෙ අම්මලගෙ ගෙදර ගිහින් දාල ආවෙ...
සල්ලි නිසා බැන්ද මිසක්.. බබී ඒ මෝඩ මූසලී නිසා ලයිෆ් එක මාර බෝරින්..

කාර් එක මිදුලෙ නැවතුනේ ලොකු බ්‍රේක් පාරක් එක්ක... ශානිකාගෙ ඇදුම සුරංග නිසා ඇගේ නැති ගානක් වගේ... දෙන්නව අත් දෙනෙන් ලගට අර සුරංග ලොකු දොර ඇරන් ඇතුල් උනා...

* රයිට්.. මගෙ ඒන්ජල්ස්ල දෙන්නට පරන නියම වයින් එකක් අරන් චූටි වොශ් එකක් දාගෙන මම එනවා... වොශ් ඕනනම් ඔය පැත්තෙ රූම් එකෙන් දා ගන්න...
ඔයාගෙ යාලුවව රෙඩි කරල තියා ගන්න කෙල්ල... ඔය දෙන්නම අද මගෙ...

අන්තිම ටික ශානිකාගෙ කනට කොදුරල කනත් ලාවට හපාගෙන සුරංග වැනි වැනි පඩිපෙල නැග්ග..

® අක්කෙ මගෙ බඩ රිදෙනව..

දිලිනි හවස කාපු ශෝටීස් එකක් හින්ද අමාරුවෙන් හිටියෙ.. දිලිනි කියන්නෙ ශානිකා වගේ සංකර කමට හැදිච්ච කෙල්ලෙක් නෙවේ ගමකින් ආපු කෙල්ලෙක්.. ගෙදරට සල්ලි ඕන නිසා ක්ලබ් එකේ වැඩ කලත් දිලිනිට තිබ්බෙ හැරෙන්න බැරි කම.. ගෙදර උවමනාවන් වලට සල්ලි හොයන එක සරල දෙයක් උනේ නෑ කෙල්ලට...

ශානිකා දිලිනිගෙ ඔලුව අතගෑව..

- යන්න ගිහින් එන්න වොශ් රූම් එකට මේකප් ටිකක් දාගෙන එන්න කෙල්ල.. මේකෙන් චුට්ටක් බොන්න ඕක ඇරිල යයි...

රිදීපාට ඔඩි සිල්වර් බෝහලයක් ශානිකා දිලිනි අතේ තිබ්බ ඒකෙ තිබ්බෙ බ්‍රැන්ඩි... තමන්ට පිටුපාගෙන යන දිලිනිව ශානිකාට මතක් කරේ තමන්ගෙ නංගිව...

බෑග් එකේ තිබ්බ වීඩියෝ කැමරා එක ශානිකා එලඉයට අරන් වටපිට බැලුව.. දොරෙන් ඇතුල් වෙන තැන තියෙන කබඩ් එක උඩ තිබ්බොත් මුලු පැත්තම කවර් වෙන බව තේරුම් අරන් ක්‍රියාත්මක වෙන්න ශානිකා තත්පරයක් වත් පරක්කු උනේ නෑ.. ඇතෙන්ම ශානිකා ගාව වීඩියෝ සිය ගානක් තිබ්බත් ඒව ගෙන් වැඩක් ගන්න කවදාවත් හිතිල තිබ්බෙ නෑ... ශානිකා නැග්ග පුටුව ආයෙ හදල වැරැන්ඩ එකේ පුටුවකට බර දුන්න... වෙලාව පාන්දර 12.20...
හෙමින් ඇවිදන් ආපු දිලිනි ශානිකා ගාව බිම වාඩි වෙලා උකුලට ඔලුව තියා ගත්ත...

දිලිනිගෙ ජීවිතේ කොලඹ අහස යට හම්බෙච්ච එකම විස්වාසවන්ත චරිතෙ ශානිකා අක්ක..

- අමාරුද දිලී... බිව්වද ටිකක් අරකෙන්..

® දැන් හරියයි අක්කෝ... සර් එන්නෙ නැද්ද දැම්ම... මට බයයි මං කලින් ඇවිල්ල නෑ මෙහෙම...

+ දිලි... මේ..

ශානිකා කට ඇරියෙ දිලිනිට කතා කරන්න උනත් ශානිකා දැක්කෙ වැරැන්ඩ එක ඉස්සරහ හිටගෙන ඉන්න පීස ගෙනියන සුදු කොල්ලෙක්ව..

දාන් ඉන්න කැප් එක නිසා මූන හරියට නොපෙනුනත් හැන්ඩි පෙනුමක් තිබ්බ.. ශානිකා කලින් විදල නැති සීතලකින් ඇටමිදිලු දක්වා වෙව්ලල ගියෙ ඇයි කියන්න සංකිර්න හැගීමක්..

- ඇයි මේ වෙලාවෙ..

ශානිකා අහද්දි තමයි දිලිනි ඔලුව ඉස්සුවෙ....

# පීස ඕඩරයක් තියෙනව කලින් ඕඩර් කරපු එකක්...

කොල්ලගෙ අතේ තිබ්බ පීස පෙට්ටිය හද්ද පරන එකක්... හරියට බැලුව නම් පුස් අල්ලපු එකක්.. ශානිකා හිටියෙ ටිකක් එහායින්...

ඒ එක්කමයි ඇතුලෙන් සුරංගගෙ කටහඩ ආවෙ...

+ ශානිකා මයි ඩාලින්... ඔය අලුත් ඇපල් ගෙඩියත් අරන් වරෙන් කෙල්ලෙ ඇතුලට...

- යන්න සර් ඇතුලෙ ඉන්නව...

ශානිකා කියපු වචනෙට කිසිම හැගීමක්... අඩුම ගානෙ ඔලුව හරවලා කරන බැලීමක් වත් නොකරපු පීස කොල්ල පලවෙනි අඩිය වැරැන්ඩ එකට තියද්දි මුලු ගෙදරම ලයිට් ගියා... ඒ වෙලාවෙ ශානිකා කොල්ල දිහා තත්පරේකට බැලුව නම් ඒ වෙලාවෙමයි ශානිකා සිහි නැති වෙන්නෙ පනුවො බේරෙන මූනෙ ගින්දර පාට ඇස් දෙකක්... ඒත් ඒ තත්පරේකට විතරයි ආයෙ ලයිට් ආව....

පීස ගෙනාපු කොල්ල ගෙට යදි දැනුන කුනු ගද ශානිකාට වගේම දිලිනිටත් අඩු නැතිව මත් ගතිය මැදිනුත් දැනුන...

* අපෝ මොකද්ද ඒ ගද... දිලී... ඔයාද ඒ.. වොශ් රූම් යන්න ඕනද ඔයාට...

® පිස්සුද අක්කි දැන් හොදයි මට... ඔයා දීපු බෙහෙතෙන්.. මටත් ආව ගදක්..

* අපි යං ඇතුලට සර් ඔයාව හොයන්නෙ අද මාව නෙවේ යං පීසත් ගෙන්නල සර්.. මං කිව්වනෙ ඔයාට, සර්ට සල්ලි තීනව ඇති තරමක් දිලී..

ඒ එක්කමයි සුරංග සාලෙට ආවෙ..

+ කවුද තමුසෙ.. මොකද මේ රෑ වෙලා...

# සර් කලින් ඕඩර් කරපු පීස එකක් තිබ්බ ගෙනල්ල දෙන්න ආවෙ..

+ තමුසෙට පිස්සුද මං ඕඩර් කරපු පීස එකක් නෑ...

වටේම තිබ්බ ලයිට් වල නිවෙන ලයිට් අඩුවෙන ගතිය ශානිකාගෙ ගමන නවත්තන්න තරම් ප්‍රමානවත් උනා ශානිකා වගේම දිලිනි ගෙදර දොරෙන් ඇතුල ඒන තෙක් මානෙ සුරංග සාලෙ මැද්දෙ ඉදන් බෙරිහන් දුන්න...

* සර් කලින් ඕඩර් කරපු එකක් ගෙනාවෙ..

+ කලින් කියන්නෙ ගිය අවුරුද්දෙද අයිසෙ.. මගෙ පාටිය කන්නෙ නැතිව යනව..

* නෑ කලින් කියන්නෙ දැනට අවුරුදු 5කට කලින්...

කොල්ල පාත් කරන් හිටපු ඔලුව ඉස්සුවෙ ඒ වෙලාවෙ... බල්ලෙක් උඩු බුරන සද්දයක් එක්කම සුරංගගෙ යටි ගිරියෙන් ආපු ලතෝබියත් වියරු හිනාවෙනුත් පස්සෙ හිටපු ශානිකාගෙ වගේම දිලිනිගෙ කකුල් පන නැති වෙලා ගියා..

+ බුදු අම්මෝ.... මිනී මරනෝ... ..

ඕජස් ගලන පනුවො වැරෙන කුනු ගද ගහන ශරීරෙ දැන් හොදට පේනව... කුනු ගද වටේම පැතිරිලා සුරංග හිටියෙ සාලුවක් ඇදගෙන...

ඇගත් බෙල්ලත් සුරංගගෙ පැත්තටම තීද්දි, ඔලුව විතරක් සම්පුර්ණයෙන් කැරකිල ශානිකා හිටපු පැත්තට හැරුන...

* අම්... අම්මේ... මොක්.. මොකාද මේ

බුදු ගුන මතක ඇති කාලෙකින් කියපු නැති හින්ද ඉතිපිසෝ ගාතාව වත් හුරු නැති කමට ශානිකා දිලිනිවත් අතින් ඇදගෙන දුවන්න ගත්ත...

************************************

+ ස්ටොප්... එතකොට තමුන්ල දෙන්න දුවද්දි සුරංග මොකද කලේ...

මම වීඩියෝ එකේ ශානිකාගෙ මර ලතෝනිය ඇහෙන තැනින් වීඩියෝ එක නවත්ත ගත්ත.. වීඩියෝ එකෙන් වීඩියෝ වෙලා තිබ්බෙ සුරංග ඉන්න ඈන්ගල් එක විතරයි.. මේක මොන ජාතියෙ මර්ඩර් එකක්ද කියල හිතා ගන්න බැරි තැනක මං උන්නෙ.. ශානිකාගෙ ඇස් වල තිබ්බෙ නිදිමත වෙනුවට බය..

* සර්.... සුරංග මහත්තයව අන්තිමට දකිද්දි හිටියෙ සාලෙ මැද්දෙ...

+ එතකොට තමුන් කොහොමද පොලීසියට බාර උනෙ...

* අ.. අපේ බෑග් දාල සර් දිව්වෙ.. දෙයියනේ... මං බයට මැරෙන්නෙ සර් තව විනාඩියක් හිටිය නම්...

+ තාම කේස් එක ඉවරනෑ තමුන්ලව ඇරෙස්ට් කර්න්න වෙනව සැක ලිස්ට් එකේ ඔහේ ඉන්නව...
සාජන් පෙරේරා... මෙයාව අරන් යන්න

මං ආයෙම වීඩියෝ එක ප්ලේ කලා..

************************************

කෙල්ලො දෙන්න වැටි වැටි දුවනව සුරංග බලා හිටියෙ හීනෙකින් වගේ අත්වල ගැට ගහපු බර වගේ නිසා අතක් ප්‍යක් හොලවනව කියන්නෙත් නොකෙරෙන වැඩක්.. සුරංග උන්නෙ හීන ලෝකෙක ජැක් ඩැනියල් එකෙන් ගෙනාපු මත පරයාගෙන වේදනාව වගේම බයත්.. ඇගේ ව්ක්කෙරෙන හීන් වතුර බිදු වෙනුවට දාඩියත් වැක්කෙරෙනව, ඒ වෙලාවෙයි අර ඔලුව ආයෙම හැරුනෙ...

# සර්ට මාව මතකද...

+ ප්...පලයං මෙතනින්.... මට පාඩුවෙ ඉන්න දීපං...

# හඃ හඃ හඃ.. පාඩුව මතක් උනෙ දැන්ද.... යන්නම් ඊට කලින් මේක දීල...

සුරංගගෙ අතපය එක පාරට ඇගට සම්පූර්ණයෙන්ම තද වෙලා ගියා ඔලුව ඇරෙන්න කිසිම ඇගේ කොටසක් තව දුරටත් සුරංගගෙ නොවෙන ගානට දේවල් සිද්ද උනෙ...

කේක් එක කපන්න ගෙනාව පිහිය අතට ගත්තු සුරංග ඇස් දෙක කෑ ගහන ගමන් ගලවන්න ගත්ත.... සුර්ංගගෙ කටෙන් ඇහුනෙ මං ජීවිතේටෙ අහපු බයානකම මර ලතෝනිය...

+දේවක මට සමාවෙයන්... මාව.. මාව මරන්නෙපා...

සුරංග විලාප ගහන අස්සෙ කාටදෝ බැගෑපත් උනත් කැමරාවෙන් ඒ කොටස වැහිල... දිගින් දිගටම ඇහුන බල්ලෙක්ගෙ උඩුබිරුමත්.. සුරංගගෙ විලාපයත් විතරමයි...

ඊලග විනාඩියෙ තමන් අතතියෙන පිහියෙන් තමන්ගෙම පපුවට හෙමින් සැරේ තද කර ගන්න ගත්ත... හරියට කවුරුහරි සුරංගගෙ මරනෙ බලාගෙන කුරිරු ආසාවක් සම්පූර්න කරනව වගේ...

පපුවට එක දිගට ඇනගෙන ගියපු සුරංග පන නැතිව ඇදගෙන වැටුනෙත්... ගෙදරම ලයිට් නැති වෙල ගියෙත් ඒ වෙලාවෙ..

මං වීඩියෝ එක පෝස් කරල පුටුවෙ ඇන්දට හේත්තු උනා.. මිනීමැරුම් ඕන තරමක් දැකල පදම් වෙලා ඉන්න එකෙක්ට උනත් පොඩි ශොක් එකක් දෙන්නඒඑ වීඩියෝ එක හොදටම ඇති. මිනිමරුවෙක් ඉන්න මරනෙකට වඩා කොහොමද මැරුවේ කියල හිතා ගන්න බැරි මරනයක්... ඒක මට ගැටලුවක් සෑහෙන හිත අවුල් වෙන තරමින්...

**************************************

සැරින් සැරේ නිහඩ බව බිදින වෝකිටෝකි සද්දෙත්.. සික් එක හැදිල දගලන කහින කිබුහුම් පෝලිමට යවන කුඩ්ඩෙක් ඇරුනම.. ස්ටේශන් එක පාලුවට ගිහින් තරම් තනිකම හිතේ...

" සර් අදට පොඩ්ඩක් නිදා ගන්න යන්නෙ නැද්ද.."

මගෙ මනෝ ලෝකෙට ගල් තඩියක් ගහපු රූපෙ දිහා මම පුටුවෙන් හැරිල බැලුව -සාජන් පෙරේරා- උලුඅස්ස ගාව මක් හිටියෙ ඒ වෙද්දි සිද්දියෙ වීඩියෝ එක හිතා සිය වෙනි වතාවට එහෙම නැත්තම් දාස් වෙනි වතාවට බලන ගමන්..😑

+ මොකද්ද දැන් පෙරේර ඇහුවෙ..

- දැන් සර් ටිකක් නිදා ගත්ත නම් හොදයි කියල කිව්වෙ..

+ ම්.... මට සීනි නොදා කෝපි එකක් ගේන්න පෙරේරා..

පෙරේර යනව එක්ක මම ලැප් එක පැත්තකට කරල මේසෙට ඔලුව තියා ගත්ත...

*එක්ස්කියුස්මී... මේ අයි කමින්..

මං ඔලුව ඉස්සුවෙ නහය කඩාගෙන යන තරම් ආපු ලැවැන්ඩර් සුවදින්... කවුද යකෝ ලැවැන්ඩර් මල් කෑමට ගත්තු එකා බලන්නයි මං ඔලුව ඉස්සුවෙ.. සිරියමෙ සාරා කිව්වලු... මං ඉස්සරහ පන පිටිං සජීවීව මන්ත්‍රී කොඩි තුවක්කුගෙ දුව.. සුරූපී කියන වචනෙ පරිසමාප්ත අර්තය කෙසේ වෙතත් කෙල්ල නිරූපිකාවක්.. මං දන්න තරමින්..

දනිස්ස පහලට නං කවදාවත් කෙල්ලට ඇදල පුරුදු නැතුව ඇති...
ලැවැන්ඩර් සුවදින් ඔෆිස් එකම කොර වෙලා.. ඇබරිලා ගිහින්..

*එක්ස්කියුස්මී මේ අයි කමින්....

මගෙන් මෙලෝ ප්‍රතිචාරයක් නැති තැන මං ගල් පිලිමයක්ද කියල කෙල්ල ටෙස් කලාද කොහෙද.. මෙහෙම ගියොත් නෝන්ඩි වෙලයි නවතින්නෙ..

+ තව ඉතින් කම් එකේ ඉන් වෙන්න දෙයක් නෑ ඔයා දැනටමත් ඇවිල්ලනෙ ඉන්නෙ මිස් මේනකා කොඩිතුවක්කු... කරුනාකරල වාඩි වෙන්න..

* තැන්ක් යූ සෝමච් ඉන්ස්පෙක්ටර්..

මං මගෙ ඉස්සරහ පුටුව පෙන්නන ගමන් වෙලාව බැලුව රෑ 10.40..
කෙල්ලෙක්ට පොලීසියකට එන්න වෙලාවක් නෙවෙයි කොහොමටවත්..

+ ඉතින් මිස් මේනකා මොකක් හරි පැමිනිල්ලක් දාන්න ආපු ගමනක් වගේ නම් මට පේන්නෙ නෑ...

* ඉන්ස්පෙක්ටර් සාත්තරත් කියනව වගේ නේද..

+ හහ්... නෑ නෑ මම නිකම් ඇහුවෙ.. එහෙනම් මොකද මේ අවේලාවෙ...

* නොදන්නව වගේ පෙන්නුවට ඉන්ස්පෙක්ටර් දන්නව මං ආවෙ මොකටද කියල නේද...

කෙල්ලගෙ ඇස් එහෙම පිටින්ම තිබ්බෙ මගෙ ඇස් වල ගිලිල... වේදනාවට එහාගිය මොකද්දෝ හැගීමක් ඒ ඇස් වල තියෙනව..

+ තාම සැකකාරයෙක් හොය ගන්න බැරි උනා මිස්... අපි ඉක්මනින්ම තොරතුරු හොයාගන්නව..

* මට අයියව බලන්නයි ඕන ඉන්ස්පෙක්ටර්... මෝචරියෙ වටේට ගාඩ් දාල..

+ දැන් ඔයාට ඕන...

* ඉන්ස්පෙක්ටර් මං එක්ක එන්නයි ඕන.. ප්ලීස්...

අතින් අරන් තියා ගන්නව කියන්නෙ ඉතින් මේවට දැන් ඉතින් පලයංකො😑😑☝
**🧟🧟🧟🧟🧟🧟**🧟🧟🧟🧟🧟🧟🧟

තුන්වෙනි විලංගුවට...🧟🧟

Comment....😍





Episode Name :
Episode 2 [10 Oct 2023]

Read Episode


Story :
මළකඩ මල


Date :
2022/january

Description : විවාහයක් වැරදුනු ගුරුවරයෙක්

Date Added : 23 Oct 2023

Read Story Now


Story :
විලංගු


Date :
2023

Description : සාහසික ලෙස මරාදැමුනු තරුණයෙකුගේ නැවත පැමිනීම

Date Added : 10 Oct 2023

Read Story Now