⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 34 වන දිගහැරුම ⸎

`` හිඟන්නාගෙ පණිවිඩය ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


*සර් කවුරුවත් බහින්න එපා.. මම උදේට කන්න මොනවාහරි අරගෙන එන්නම්. සයුරි .. ඔයා වැඩිය එලියට මුහුණ පේන විදිහට ඉන්න එපා. අපි තවම සුරක්ෂිත නැහැ …

හරි… කසුන්… ගිහින් එන්න ….

මෙතැන් සිට………

නුවරට ගොස් ඉන්පසු පිලිමතලාවෙ තම සහයකයාගෙ නිවසේ සයුරි මෙනවිය නතරකොට. හරි කසුන්… අද ගෙදර නැවතිලා හෙට උදෙන්ම බස් එකට නගින්න. මොකද සයුරිට නුහුරු තැනක් හන්දා එකපාරටම එයාව දාලා එන්න අවශ්‍ය නැහැ. ඒ වගේ වෙිෂය වෙනස්කරගෙන ඉන්න කියලා දෙන්න.

*හරි සර්….

තම සහයකයා එහි නවත්වා , දිවා ආහාරයද ගෙන නැවත ඒකක අංගනයට එනවිට හවස තුනේ කනිසමට ලඟාවී තිබුනි. කොළඹ පරිශ්‍රයට ඇතුල්වනවිට වෙනදට වඩා ආරක්ෂාව තරකර තිබුනි.
මෑතක සිට ප්‍රචන්ඩකාරි රැල්ලක් මතුවන බැව් ආරක්ෂක අංශ වලට ඉවෙන් වගේ වැටහී ඇති බැව් පෙනේ.

වාහන තදබදය හේතුවෙන් කීප තැනක
පාරෙ කල්මැරීමට සිදුවන අතරතුරදී
වෙනදට වඩා යාචකයින් හා හඳුන්කූරු වෙළෙන්දන් සෑම වාහනයකටම එබිකම් කරන බවක් පෙනෙන්නට තිබුනි.

නියෝජිත ජනිත් පේනවා නේද…. හැම හිඟන්නෙක් ම වාගේ කට්ටියට නොදැනෙන්න වාහන සෝදිසි කරන ලස්සන. මුන් සේරම හොයන්නෙ සයුරිව
කියලා මට සහතිකවශයෙන්ම කියන්න පුළුවන්.

**ෂුවර් එකටම උන්ට මුදල් ත්‍යාග දෙනවා කියලා ඇති.

අනිවාර්යයෙන්ම… අපරාදෙ අපි ලොකු වාහනයක ආපු එක. දැන් අව ටිකක් අවාසියි කියලත් හිතෙනවා මට.
හ්ම්ම්… මම කියන්නද.. ඔයා තැනට යන්න. මම මෙතනින් බැහැලා මගෙ පොට්එකට යන්නම්. මට තියනවා කරන්න වැඩක් දැන්.

**ඒ මොකක්ද සර්….

``කලදුටු තැන වල ඉහ ගන්න පුළුවන්´´ මෙි වෙලාවෙ මගහැරියොත් විශාල පාඩුවක් මට..

**හරි සර් මට තේරුනා එහෙනම් ජයවේවා …

වාහනයෙන් බැස, බස් එකකට නැග
ඉඳුරාම ගමන් ගත්තෙ තම නවාතැන වෙතය. ක්ෂනිකව තම සුපුරුදු හිඟන වේෂයට මාරුවී, පෑල දොරෙන් කෙටි මාර්ග ඔස්සේ ප්‍රධාන පාරට අවතීර්ණ වී
සෙසු හිඟන්නන් මෙන් මාද විවිධ වාහන වලට එබිකම් කරමින් හිඟමන් යැද්දෙමි.
හෝරාවක් පමණ වාහන එකිනෙකට එබිකම් කරන අතරතුර හඳුන්කූරු වෙළෙන්දෙක් තම අසලට විත් ,

*නැද්ද තොරතුරක් ….?

නෑ ලොක්කා…(තම ගොරෝසු හඬ අවදි කරමින්) එහෙම එකියක් දැක්කෙ නෑ. ඔහේ ලඟ පොටෝ එකක් නැතැයි ඒකිගෙ…? පොටෝ එකක් එහෙම කාරිය තිබ්බා නම් පංකාදුයි….

*උඹලට හෙට උදේ පොටෝ එකක් හම්බවෙයි. එතකම් සෝදිසියෙන් හිටපල්ලා. මොකද හරි තොරතුරක් දුන්න එකාට තමයි සල්ලි දෙන්නේ.
හැම එකාටම දෙන්න අපි වෙස්සන්තර නෙමෙි නෙ…

හරි බොසා… අපි බලන්නම්. බොසා මොන ඒරියා ඒකේද…?

*උඹට ජාතකෙන් වැඩක් නැහැ බණ අහපං..

හරි ලොක්කා සමාවෙන්ඩ ඔීන..(තම හිස මදක් පහත් කරමින් යටහත් පහත්ව)

හරි මාධව… මුන් ලඟ තවම ඡායාරූපයක් නැහැ කාටවත් දෙන්න. මුන් හැඩහුරුකමෙන් තමයි හොයන්නේ. හොඳයි… එහෙනම් මෙි සේරම හිඟන්නෝයි , විදී වෙළෙන්දොයි සයුරිව හොයනවා මුදල් කුට්ටිය ගන්න. ඒ කියන්නේ මුන් තරයේ විශ්වාස කරනවා
සයුරි ලඟ මොකක්හරි මුන්ට අවාසිදායක දෙයක් තියනවා කියලා. දැන් වැඩෙි පත්තුවෙලා තියෙන්නෙ. නමුත් මුන්ට පත්තුවුනේ කොතනින්ද කියලා හොයාගන්න බැහැ. කල්පනා සයුරේ කිමිදෙන ගමන් මා පයින්ම ගමන් ගත්තෙ පිටකොටුවට දෙසටය.

හරියටම හරි…. අර ඉන්නෙ එස්අයි උන්නැහේ. හිටපං ⁣මම දෙන්නම් ලණුවක්.
අසල පටු මාවතකට කොරගසමින් ඇවිද ගොස් අසල වැටී ඇති කඩදාසියක පෑනකින් මෙසේ ලිව්වෙමි

`` උඹලා හොයන සයුරි දැන් ලංකාවෙ නෑ. ඒකි රෑම මාලදිවයිනට යැව්වා. ඒකි ලඟ මොකුත් තිබ්බෙ නෑ. ඒකි දන්න ඉටිගෙඩියක් නෑ. හැබැයි අර නර්ස් හිටපු තැන ලි⁣ඳේ තිබිලා අපිට ලැබුනා ඒකිගෙ ෆෝන්එක. ඒකෙ හැමදේම තියනවා. උඹලට හිතාගන්න බෑ අපි කවුද කියලා. අපි ජොනී දන්න ගැන්සියක එවුන්. අපි උඹලගෙන් අපේ එවුන් මරාපු පලිය ගන්නවා බලාගෙන හිටපල්ලා ´´ යනුවෙන් ලියා , එම කඩදාසිය ගුලිකරගනිමින්.

රවින්ද්‍ර නිලධාරීයා ලඟට හෙමින් හෙමින් ලගාවිමි. සර්…

*ඇයි මොකද….?

සර්ට මෙික දෙන්න කිව්වා… කියමින් මෙතෙක් වේලා ගුලිකරගෙන සිටි කඩදාසිය ඔහුවෙත දුන්නෙමි.

*මෙි මොකක්ද ඔීයි….?

මම දන්නෙ කොහොමැයි… මොකද මම අකුරු සාත්තරේ දන්නෙ නෑ නෙ…

මට පිටුපා කඩදාසිය දිගහැර එය කියවා බලා , ඇස්දෙක ලොකුකර, වටපිට බලා මාදෙස බලා..

*උඹට කවුද මෙික දුන්නේ…

මම දන්නෙ නෑ සර්. ඒකා මගෙ යාළුවෙක් නෙමෙි නෙ. බස් එකෙන් බැහැලා පන්දාහෙ කොළයක් මට දීලා , මෙි කොලය සර්ට දෙන්ඩ කියලා, ඒ බස් එකේම නැගලා තොලොංච් වුනා. එච්චරයි…

*උඹට ආයේ පාරක් ඌව දැක්කොත් අඳුරන්න පුළුවන් ද…?

ඒක කොරන්ඩ මට බෑ සර්. මිනිහා නහය කට වැහෙන්ඩ මාස්ක් එකක් දාලා හිටියේ. කොණ්ඩය නම් වවලා උන්නා වගේ නිච්චියක් තියනවා..

*හා…. කොච්චර වෙලාවක්ද මෙික මට දෙන්න කියලා , උඹට දීලා…?

විනාඩි පහක් ඇති සර්…

*හා… උඹ පලයන්… ඔහොම හිටපං.

සර්… ?

*කෝ උඹට දුන්නයි කියන පන්දාහෙ කොලේ… පෙන්නපං මට.

මෙන්න සර්… අළුත් වාන්දොරක්…

*ඔහොම දික් කරන්න එපා ගවයො. වටපිටාවේ එවුන් හිතයි. මම උඹෙන් පගාව ගන්නවා කියලා … අරං පලයං ඔීක මගෙ දෑහැට නොපෙනි..

හොඳමයි සර්…

කොර ගහගෙන අමාරුවෙන් නැවත පිටකොටුවෙන් ඔබ්බට ටික දුරක් ඇවිදගෙන විත් ඉතාම අපහසුවෙන්
මාර ගසක් යට වාඩීවී. වටපිටාව ගැන විපරම් කෙරුවෙමි. විවිධ අයවළුන්, විවිධ මුහුණුවරින් රවින්ද්‍ර නිලධාරීයාව මුණගැසීමට ඇවිත් කෙටි කතාබහකින් පසු ඔබමොබ ගමන් කරන අයුරු මාහ දැකගැනීමට හැකිවිය. ඔවුන් පවසන්නේ තවමත් ප්‍රතිඵල රහිත බැව් ඔවුන් දෙස බලන කල ඒ ශරීර ඉරියව් තුලින් මනාව පෙනෙන අතර , නිලධාරීයාගෙ නොසන්සුන් බවද මනාවට පිලිබිඹු වෙි.


එහෙනම් මුන්ට සන්තෝම් දිදී ඔත්තු බලවන්නේ රවින්ද්‍ර… හ්ම්ම්…… දැන් තියෙන්නෙ අනිත් පැත්තෙන් ජොනියව
අවුස්සන එක… වහාම අපහසුවෙන් නැගිටගත් මා බොරැල්ල දෙසට ගමන්කර, කෙටි පටු පාරවල් ඔස්සේ
තම නවාතැන වෙත ආවෙමි. ඉන්පසු
තම වෙිෂය වෙනස්කර නැවත ගමන් ගත්තේ මාර්ගයන් අසල ඇති වීදී කාසි දුරකථනයක් වෙතය. තම සාක්කුවෙ ඇති කුඩා සටහන්පොත අතට ගෙන එහි අවසානෙ තුන්සීය අසූව අංකය වීදී දුරකථනයට කාසි කීපයක් දමා ඇමතුවෙමි. දෙතුන් වතාවක් අමතා , ප්‍රතිචාර නොදැක්වුවද, හතරවන අවස්ථාවෙ ඇමතුමට අයෙකු සම්බන්ධ විය.

*මොකාද මෙි මැරෙන්න හදන එකා….?

තම කටහඬ වෙනස්කර ගොරෝසු හඩින් මා ඔහු අමතන්නට විමි.

උඹ ජොනිද…?

*උඹ දන්නෙ නැද්ද මම කවුද කියලා. එක එකාගෙ නම කියන්නෙ..?

බයිලා වැඩක් නැහැ. උඹ ජොනීද නැද්ද කියපං. මට කාලය සීමිතයි.

*ඔව් මම ජොනී තමයි ඇයි….? උඹ කවුද..?

කවුද , කින්ද මන්ද උඹට වැඩක් නෑ. උඹෙි ජීවිතය අනතුරේ…

*අනංමනං කතන්දර වැඩක් නෑ කෙටියෙන් කෙලින් කියපං..?

උඹ දන්නවද ඊයේ රෑ කෙල්ලෙක් උස්සලා කියලා ….?

*ඔව්… මම දන්නවා..

ඒකට උඹව තමයි සැක කරන්නේ..

*මොකක් මම…?

උඹ තමයි… නැතුව ඔරුගොඩ වත්තේ ජොනිලා හැටක් ඉන්නවද ගවයෝ..?
උඹට ලඟදීම පත්තු වෙන්නයි යන්නේ.
උඹ දන්නවද කොටුවෙ එස්අයි කාරයා එහෙම…?

*ඔව්… දන්නවා ( හඩෙි සැර බාලවිය)

ඌ පන්චිකාවත්තෙ කොටියා මාක් ගැරජ් එකේ ඇන්ටනීගෙ ගැන්සියේ පොරක් නෙ.
උඹ එක එක ගේම් දෙනවා කියලා උන් දන්නවා. මෙිකත් උඹෙි ගිණුමට දාන්න තමයි ඌ හදන්නේ… මම බොරුනම් කියන්නේ බලපං අද රෑ එස්අයි කාරයා උඹව ගන්න උඹෙි පොට්එකට එන්නෙ නැද්ද කියලා. උඹ කෝකටත් පොට් එකෙන් එලියෙ හිටපං..

*මම කොහොමද උඹව විශ්වාස කරන්නේ…?

උඹ මාව විශ්වාස කරන්න ඔීන නෑ. උඹ අද රෑ ඇහැගහගෙන හිටපං. පොලීසිය එස්අයි කාරයත් එක්ක සිවිලි පිට උඹෙ පොට්එකට ආවොත් විතරක් මාව විශ්වාස කරපං. එච්චරයි… මොකද උඹව උන් ගත්තා කියන්නේ උඹට දාන්න පුළුවන් කේස් සේරම දාලා ඇතුලට දානවා. උඹ කල්පනා කරනවා ඇති ඇයි එහෙම කරන්නේ කියලා. උඹ උන් එක්ක පරණ කෝන්තරයක් තියනවා කියලා මතක තියාගනින්.

*ටයිගර්ලා…. පර බල්ලෝ… ඔීකුන් එදා ඉඳලම අපෙ කොල්ලො මැරුවා. දැන් මට ගේම සෙටල් කරා එහෙනම්.. හරි බොසා.. උඹට මොනවද මගෙන් කෙරෙන්ඩ ඔීන..?

හොඳ ප්‍රශ්නයක් …. ඒක අද රෑ පොලීසිය ඇවිත් ගියාට පස්සේ උඹට පුළුවන් මාව විශ්වාස කරන්න.. ඊට පස්සේ මම උඹට කියන්නම්… මොකද මටත් තියනවා උන් එක්ක විසඳගන්ඩ පරණ ගණුදෙනුවක්…. කියමින් දුරකථනය විසන්ධි කෙරුවෙමි.

ඉන්පසු බස් පොදු ප්‍රවාහන රථයකට ගොඩවී කෙලින්ම සේන්දු වූයේ මදීනා ටෙක්ස්ටයිල්ස් වෙතය. වෛද්‍ය දුනිත්ට
ඇමතුමක් ගෙන එහි තත්ත්වය අසා දැනගෙන , ඉන්පසු ඇමතුමක් dark head වෙත ලබගත්තෙමි.

හෙලෝ සර්….

*හා… මාධව.. දැන් මෙි ආවා විතරයි.
තමුසෙ මාරයි නෙ. මම ගැනත් ඇහැගහගෙනද ඉන්නෙ….?

ඇයි සර් එහෙම අහන්නෙ …?

*නෑ ඉතින් .. හරි ටයිම් එකටම කතා කරානෙ ඒකයි… හරි හරි… මගෙ පැත්තෙන් සුභදායී තොරතුරක් තමයි දෙන්න තියෙන්නෙ. වැඩෙි කරගෙන යන්න මට බලතල දුන්නා. හැබැයි ඉතින්
සුපුරුදු ක්‍රමයම තමයි.

ප්‍රශ්නයක් ඇතිවුනොත් , නිළ වශයෙන් මෑන් අපිව ප්‍රතික්ෂේප කරනවා. මම හරිනෙ…?

*ඔව් මාධව ….. වැඩෙි ක්‍රමානුකූලව කරගෙන යන්න තමයි තියෙන්නෙ
මම කියන්නේ `` Safty First ´´ එච්චරයි.

ඔව් සර්… ඒක ඇත්ත… අපි මෙි ගේමට උන්ගෙම ආයුධ තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම අනිත් දේවල් වලටත් මම සැළසුමක් හදලා තියෙන්නෙ ඒ හන්දා
පුළුවන් තරම් අපි උත්සාහ කරනවා යාප්පුවෙන් ගේම ගහන්න…

*ඒක හොඳයි…. එතකොට දැන් මෙි වැඩෙිට කීදෙනෙක් විතර ඔීනද…?

සර්… මෙි ඉන්න ටික ඇති. මොකද එකදිගට කරගෙන යන දෙයක් නෙමෙි නෙ. අනික උන් උන් තමයි වැඩිපුර මරාගන්නෙ. අපිට ඉතින් තියෙන්නෙ පැත්තකට වෙලා විසිල් ගහන්න තමයි.

*ඒ කියන්නේ තමුසේ දැනටම ප්ලෑන් එක
ක්‍රියාත්මක කරලද තියෙන්නෙ …?

ඔව් සර්…

*හහ්ම්ම්…… නියමයි. හරි හරි පරිස්සමෙන් කොල්ලො ටික දාලා වැඩෙි කරගෙන යන්න … එහෙනම් මම තිබ්බා.

හොඳයි සර්… බොහොමයක් ස්තුතියි..

එහෙනම් මාධව ගේමට අතදාමු… කියමින් නීත්‍යානුකූල නොවන පිස්තෝලයට සයිලන්සරය සවිකර එය
වම්පස තුනටියේ රඳවාගෙන
තම කාර්යාලයෙන් එලියට විත් පහල තට්ටුවට එනවිට නියෝජිත ජනිත් කීප දෙනෙකු වටකරගෙන නවතම ඇඳුම් වල
මිළ හා එහි ඇති වාසිය පිලිබඳව කෙටි පිලිසඳරක යෙදෙන්නට විය. ඇස් කොනෙන් මා දෙස බලා පොඩි හසරැල්ලක් පාමින් සිටියදී , මා කරගෙන යන ලෙස හස්ත සංඥ්ඤා කර එලියට විත් තම යතුරුපැදිය පණ ගන්වා නාවලපිටිය වෙිට්ලන්ඩ් උයන වෙතය.
එතනින් එහා මාර්ගයේ අයිනක තම යතුරුපැදිය නවතා සම්පූර්ණ මූණ වැසෙන පරිදි රෙදි මාස්ක් එක දමාගෙන , ඊට උඩින් ෆුල්ෆේස් හෙල්මට් එක දමාගෙන පයින්ම ගමන් ගත්තෙ
සයුරි සිටි කුලී නිවස අසලටය. ඒ යන විටත් රාත්‍රි හත පසුවී තිබුනු අතර මාර්ගය අහල පහල අසාමාන්‍ය අයුරින් හැසිරෙන කීපදෙනෙක් දක්නට ලැබුනි. කිසිවෙකු දිහා විශේෂ සැළකිල්ලක් නොදක්වා කෙලින්ම ගමන් ගත්තේ කුලී නිවස වෙතය. වත්තට ඇතුල්වන විට දෙදෙනෙකු කොන්ක්‍රීට් පුටුවල වාඩීවී බියර් දෙකක් පානය කරමින් සිටිති.

*නවතිනවා …. කවුද තමුසේ… ?

මම කවුරු වුනත් උඹට මොකද.. ? ඇයි මෙික උඹලගෙ පොට් එකක්ද…?

**ඔව් අපේ පොට් එකක් තමයි….

හා…. එහෙමද .. ඔප්පුව පෙන්නපං බලන්න.

*අඩෝව්ව් …. උඹෙි කට වැඩියි….

ඒ උපන් හැටි. ඇයි අවුල් ද උඹලට…?

එසේ පවසනවිට එකෙකු අතමිට මොළවා තම මුහුණ හරහා යන පරිදි පහරක් ගැසනවිට මා හිස මදක් පිටුපසට කර, එම පහරදෙන අත තම දකුණු අතින් අල්ලාගෙන වැරෙන් තමා දෙසට ඇද , තම වැලමිටෙන් ඔහුගෙ නිකට වෙත තදින් පහරක් එල්ලකර, වම් අතින් බෙල්ල තදින්ම අල්ලාගෙන තම දකුණු කකුල නමාගෙන දණහිසෙන් ඔහුගෙ බඩට පාරවල් කීපයක් ගසනවිට අනෙකා
පිස්තෝලයක් මාදෙසට මානගෙන.

**නවත්තපං ඔීක… තියනවා ඔලුව කුඩුවෙන්න.

කියන විට තම ඉදිරිපස ඉණේ තිබුන පිස්තෝලය දකුණු අතින් ක්ෂනිකව ගන්නා අතරතුර සේෆ්ටි ලිවරය පහතට දමාගෙන තම ග්‍රහනයේ සිටින ප්‍රතිවාදියාගෙ කිහිල්ල තුලින් තම පිපිස්තෝලය යවා , වෙඩි දෙකක් තැබුවෙමි. `` චස් චස් ´´ ශබ්ද නගා පපුවට වැදුන උණ්ඩ දෙක හේතුවෙන් අප්‍රාණිකව ඔහු ඇද වැටුනි. නැවත තම පිස්තෝලය ඉණේ රඳවා. පහර කෑ ප්‍රතිවාදියාව උස්සලා අනෙක් අතට ⁣පෙරලා දමන ගමන් ඔහුගේ ඉණේ තිබුන පිස්තෝලය ද අතට ගත්තෙමි. නහයෙන් කටින් ලේ දමාගෙන ඔහු බිම ඇද වැටුනි.

වෙඩි වැදුන ප්‍රතිවාදියා වෙත යනවිටත් ඔහු මියගොස් තිබුනි.

යකෝ …. වෙඩි තියන එකා කිය කියා ඉන්නේ නෑ. තියලා දානවා මිසක. කියමින් අනෙකා ලඟට නැවත් පැමිණියේ තම පිස්තෝලය නැවත අතට ගෙනය. තොපි මොන මැරයොද බොල. තොපිට මැරයො කියන කට හොඳයි ගහක උලාගන්න එක. නොදකින්… ඇන්ටනියගෙ බලු කුක්කො ටික.

*ත ත ත.. ත තමුසෙ ක. ක.. කවුවුද…?

ගනින් කෝල් එකක් උඹෙ මහ එකාට.
මම කියලා දෙන්නම් ඌට… ගනින් පරයා
මගෙන් වෙඩි නොකා..

තම දෑත්වල තිබුන ලේ ඇඳි වතෙන් පිසදමාගෙන දුරකථනය අතට ගෙන
ඇමතුමක් ගත්තෙ ඇන්ටනි වෙතටය.

*හ හ හ හලෝ…. ඇන්ටා අයියේ …

(ඇන්ටනී දුරකථනයෙන් ) මොකද බං…?

*පිපි.. පිසාච..චයා ඉවරයි. ඌට තිබ්බා එකෙක්…

ඇන්ටනී - අඩෝව්ව් …. මොකාද මගෙ කොල්ලට වෙඩි තියපු පරයා… මම ඌව කනවා යකෝ.. හිටපං මම එනකම්.

ඇන්ටනී…. ඇයි උඹ පොරක්ද…? ඇයි මතක නැද්ද මම උඹෙි හොම්බ තැලුවා ගිය අටවෙනිදා රෑ මහපාරෙදි…
තෝ මොන මැරයෙක්ද බොල මට…? තමන්ගෙ පිස්තෝලයවත් රැකගන්න බැරි එකා තමයි. මෙි පම්පෝරි ගහන්නේ…

ඇන්ටනී - කවුද උඹ පරයෝ….?

උඹෙි පරණ යාළුවෙක් තමයි. ජොනියගෙ ලඟම හිතවතෙක්.. මම ලඟදීම දවසක උඹෙ ඔලුවට කොකා ගස්සන්න එන්නම්.
කියමින් දුරකථනය පොලවෙ ගසා දැමුවෙමි. උඹත් පලයං පිසාචයා එක්කම.
කියමින් තම පිස්තෝලයෙන් උණ්ඩ හිසට දෙකක් මුදාහැර , පිස්තෝල දෙකද අරගෙන පිටුපස ඉණේ ගසාගෙන. මොකුත් නොවුන ගාණට හෙමින්සීරුවෙ
තම යතුරුපැදිය වෙත ඇවිත් එය පණගන්වා ක්ෂනිකව මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත පැමිණියෙමි.

වහාම තම කාර්යාලය වෙත පැමිණ.
තම අසුනේ වාඩීවී නිසොල්මනේ දෑස් පියාගෙන උන්නෙමි. මිනිත්තු තිහක් පමණ ගතවිය…

**සර්… මම එන්නද ඇතුලට.

හා… නියෝජිත ජනිත්… එන්න ඇතුලට.
වාඩිවෙන්න…

**නිවුස් වල මෙි දැන් කිව්වා වෙිට්ලන්ඩ් උයනට ටිකක් එහා දෙන්නෙක් ඩවුන් කියලා…

හ්ම්ම්… වෙට්ලන්ඩි උයනට එහා පැත්තෙ මොනවද තියෙන්නෙ නියමයි ජනිත් …?

**සර් සයුරිගෙ කුලී ගෙදර නෙ…

හ්ම්ම්… හරියට හරි… මෙන්න තියනවා උන් දෙන්නගෙ පිස්ටල් දෙක… කියමින් මෙතෙක් වේලා තම ඉණේ රැදුන පිත්තෝලයන් දෙක මෙිසය මතට දැමුවෙමි.. නියෝජිත ජනිත් මාදෙස තම දෑස් ලොකු කරමින් බැලීය…

**හපොයි සර්…. සර්ද දෙන්නව නිහඬ කරේ…?

හ්ම්ම්… ඔව්.. අපිට උකුස්සාගෙන මරණීය නියෝග ලැබිලා තියෙන්නෙ.
ඉතින් දෙන්නෙක් මම බාවලා මෙි ආවා විතරයි.

**ඒත් සර්…..

ඇයි ඒත්….?

** සර් මටත් කිව්වා නම් මමත් එනව නෙ.

ඒකට කමක් නැහැ. සමහර තැන්වලට තනියම යන එක වාසිදායකයි. දන්නවද
මම මොකද කරේ කියලා..

**කියන්න බලන්න සර්…

මම එකෙක්ව කලින්ම ඉවර කරලා අනිකට ගහලා බිම දැම්මා. ඊට පස්සේ මම කිව්වා උගෙ බොසාට කෝල් එකක් ගන්න කියලා.

**ඉතින් ….

ඉතින් මෑන් ගත්තෙ ඇන්ටනීට….

**අපොයි ඊට පස්සේ ….?

ඊට පස්සේ මම ඌට කිව්වා. මම පරණ යාළුවෙක් උඹ දන්න ජොනිය එහෙම හොඳට අඳුරනවා කියලා.

**ඊට පස්සේ ….?

ඊට පස්සේ ඉතින් මූගෙ ඔලුවටත් දෙකක් තියලා මෙි භාණ්ඩ දෙක අරගෙන ආවා එච්චරයි…

**ඒ කියන්නේ උන් දෙගොල්ලො මරාගන්න පටන් ගනියි නේද…?

ඔව්… එහෙම මරාගෙන ඉතුරු වෙන එවුන්ට අපි කොනා ගස්සලා දානවා.
හැබැයි කිසිම විදිහකින් මෙතන තුන්වන පාර්ෂවයක් ඉන්නවා කියලා උන් දෙගොල්ලොම දැනගන්න හොඳ නැහැ.
එහෙම දැනගත්ත එකා තමයි අපි පලමුවෙන්ම ඉවරකරලා දාන්න ඔීන.
එච්චරයි …. පොඩ්ඩක් ඉන්න මට කෝල් එකක් වගේ…

හා… නාරද.. කියන්න

*සර් දැන් නිවුස් වලට කිව්වා දෙන්නෙකුට වෙඩි තියලා මරලා කියලා…

ඔව් නාරද… මටත් ආරංචියක් ආවා. මට හරිම දුකයි ඒ ගැන..

*හා හරි හරි… එහෙනම් මම තියන්නම්.

ඔීකේ ජයවේවා….

**මටත් හරිම දුකයි සර්….

ඒකනෙ… ඉතින්. හරි ඔතනින් එකක් ඔයාට. අනික කසුන් මහත්තයාට.

**එතකොට රජයේ ආයුධ….?

එව්වා ඔයිල් කරලා ආයුධාගාරයට දාන්න… ( සිනාසෙමින් )

මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now