නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 14
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
14 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
දු.ක - අම්මපා සර්….
ඔව් නාරද.. අපි ඒ ගැන හෙට හමුවෙලාම කතා කරමු.
දු.ක - හොඳයි සර්. ගුඩ් නයිට්.
ගුඩ් නයිට් නාරද
මෙතැන් සිට…..
“යුගාන්තය “ නැවත අතට ගත්තෙමි. පොතේ එක පිටුවක් නෑර හොඳින් පරික්ෂා කෙරුවද එහි අමුතු දෙයක් සොයාගත නොහැකි විය. පොත මෙිසයේ පසෙකින්
තබා දිග සුසුමක් හෙලුවෙමි. කිසිවක් නැහැ මාධව.. කිසිම දෙයක් නැහැ. ඒ කියන්නෙ කැරොලින් මහත්මිය මෙතන රඟපානවා නෙමෙිද .. ? නෑ නෑ එහෙම වෙන්න විදිහක් නැහැ. මම එහෙම ලේසියෙන් මගෙ සැකය දියවෙන්නට දෙන්න ඉඩදෙන්න බැහැ. මොකක් හෝ දෙයක් මෙහි තිබිය යුතුමයි. ඉන්පසු අතට ගත්තේ මියගිය මාවන් පීරිස් ගෙ ව්වාහ සහතිකයේ අනු පිටපතයි. මෙතෙක් දවසක් ක්‍රියා විරහිත කර තිබු මගේ විශේෂ සිම්පත ක්‍රියාත්මක කර දුරකථන ඇමතුමක් ගත්තේ මදීනා ටෙක්ස්ටයිල් වෙතය.
දු.ක - ආයුබෝවන්.. මදීනා ටෙක්ස්ටයිල්.
ඔබට සහය වන්නේ කෙසේද … ?
සියරා සියරා ටැන්ගො විස්කි.
දු.ක - කරුණාකර කෝඩ්එක කියන්න.
සියරා ටැන්ගෝ 4017555
දු.ක - මොහොතක් රැඳී සිටින්න හඬ පරීක්ෂාවට.. අනන්‍යතාවය තහවුරුයි. ආයුබෝවන් එස්ටී. ( Spy tiger )
ආයුබෝවන් ප්‍රොන්ටෝ
ප්‍රොන්ටෝ - සර්..කාලෙකට පස්සෙ.
ඔව් කාලෙකට පස්සේ. කොහොමද කොල්ලො ටික හොඳින් ඉන්නවා නේද.. ?
ප්‍රොන්ටෝ - අවුලක් නෑ සර්.
කාලය සීමිතයි. මම කෙලින්ම පොයින්ට් එකට එන්නම්. 2004 අවුරුද්දෙ සුනාමියට අවතැන් වෙච්ච අයගෙ නම් ලැයිස්තුව ගන්න පුළුවන් ද… ?
ප්‍රොන්ටෝ - හපොයි පුළුවන් සර්… ඒකට අපදා කලමණාකරණ දෙපාර්තමේන්තුවේ
සිස්ටම්එක හැක් කරන්න වෙනවා. මම කරලා දෙන්නම්. මොකක්ද ඒකෙන් හොයන්නේ.
හ්ම්ම් … ලියාගන්න මෙි නම් දෙක
ප්‍රොන්ටෝ - කියන්න සර්.
ඩබ්ලිව් එම් ඉනෝකා සඳමාලි ,
පැස්කුවල් සේදිරිස් ගෙ මාවන් පීරිස්.
මෙි නම්දෙක ඒකෙ ලියාපදිංචි වෙලාද කියලා මට දැනගන්න ඕන. එහෙම තිබ්බොත් වත්මන් ලිපිනය තියනවද කියලා බලන්න. එහෙම නැති වුනොත්
ඊට සමාන මුළකුරු වගේම වාසගම් සමග
නම් ලැයිස්තුව මට පුළුවන් තරම් ඉක්මනට ඊමෙිල් කරන්න.
ප්‍රොන්ටෝ - හරි සර්… මම ඉක්මනින් දෙන්නම්.
හරි… එතකොට අර පල්සර් බයික් එකේ විස්තර ටික තියනවද.. ?
ප්‍රොන්ටෝ - තියනවා. සර්ව සම්බන්ධ කරගන්නෙ නැතුව ඒ විස්තර ටික දෙන්න බැහැ නෙ.
ඔව්.. ඒක ඇත්ත. මට ඔය විස්තර එක්ක
ඊමේල් එකක් දාන්න ඉක්මනටම.
ප්‍රොන්ටෝ - හරි සර්…
එහෙනම් ජයවේවා.. ඇමතුම විසන්ධි කෙරුවෙමි. එතකොට කැරොලින් මහත්මියගේ හුටපටය බලමු. ඊලඟට ක්ෂණිකව දුරකථන ඇමතුමක් ගත්තේ කසුන්ටය.
දු.ක - හෙලෝ සර්..
හෙලෝ නාරද.. කෑවද රෑට.
දු.ක - ඔව් සර්..
හොඳයි. හෙට එනකොට ගේන්න සේරම බඩුටික පැක් කරාද … ?
දු.ක - ඔව් සර්. පැන්සල් ( පිස්තෝලයන් ) දෙක හැරෙන්නට අනිත් සේරම ගත්තා.
ඒක හොඳයි. පැන්සල් දැන්ම ගේන එක අවදානම් වගේම , දැන්ම අපිට ඕන වෙන්නේ නැතිවෙයි.
දු.ක - ඒක තමයි සර්. මමත් ගන්න හිටියෙ ඒක අහන්න NV ( night vision - රාත්‍රි දුරදක්න ) දෙකකුත් ගන්න.
දු.ක - ඔව්.. මම දාගත්තා.
බොහොම අගෙයි.
දු.ක - ඒක නෙමෙයි. මට නිකං තේරෙනවා සර් හරිම නොසන්සුන් ව ඉන්නෙ කියලා.
ඔව් නාරද. කොතන හරි මට මගහැරිලා තියනවා. මොකක්වත් හරියට ගලපා ගන්න බැහැ.
දු.ක - මගහැරිලා…? සර් මොකක් ගැනද කියන්නේ.
මෙි පොත ගැන මම කියන්නේ. මෙිකෙ සැකකටයුතු කිසිම දෙයක් නැහැ. නිකංම නිකං නවකථා පොතක් විතරයි.
දු.ක - එතකොට මොකද වෙන්නේ.
මීට වඩා අපේ විමර්ශන කටයුතු දැඩි කරන්න වෙනවා. මොකද ප්රශ්නය එන්න එන්නම සංකීර්ණ වෙනවා. කියන්නේ විමර්ශන කටයුතුවල වෙනසක් කරන්නම වෙනවා.
දු.ක - ඒක ඇත්ත. අපි තව හරියට ගේමට බැස්සෙ නැහැනෙ. බහිමු බහිමු.
හ්ම්ම් … නාරද.. ඔය පොත ඇරෙන්න වෙන මොකුත් තිබ්බෙම නැද්ද.. ? මම අහන්නේ පොත ඇතුලෙ යමක් තිබ්බද ..?
මොකක්හරි දෙයක්.. ?
දු.ක - රිබන් පේපර් එකක්.
මොනවා… කෝ දැන් ඒක..
දු.ක - තිබුනා.. මව ඒක කුණු කූඩෙට දැම්මා… ඉන්න බලන්න.
නාරද පිස්සු කෙලින්න එපා. බලනවා බලනවා ඉක්මනට.
දු.ක - තියනවා සර්.
හ්ම්ම් ඇති යන්තම්. මෝඩයෙක් වගේ වැඩ කරන්න එපා. ඒක මොනවගේ එකක්ද.
දු.ක - රෝසපාට රිබන් එකක් තියනවා.
රෝසපාට.. හ්ම්ම් ගෑනු ළමයි බහුතරයක් කැමතිම පාට. හොඳයි තව මොනවද තියෙන්නේ.
දු.ක - සර්… තව.. ඒකට අමුණලා තව පොඩි සුදුපාට කාඩ් එකක් තියනවා.
නියමයි… ඒකෙ මොනවත් ලියලා හෝ මුද්‍රණය කරලා තියනවද..? මොකක්හරි ඉඟියක් වත්.
දු.ක - එහෙම නැහැ සර්. මම ඒකයි මෙික
ඩස්බින් දැම්මෙ.
හා … කමක් නැහැ. ඕක හෙට එනකොට අනිවාර්යයෙන්ම අරගෙන එන්න.
දු.ක - හරි සර්..
හ්ම්ම් … අවසානයේ මට සිද්ධ වුනා පොඩි කාඩ් එකක සහය පතන්න. ඒකත් පොඩි බලාපොරොත්තුවක් විතරයි. එ් තුලත් යම්කිසි දෙයක් අඩංගු නොවුනහොත් කැරොලින් මහත්මිය ගැන තියෙන සැකය තදබල අත්හරිනවාද.. ? නැත්නම් වෙනත් විකල්පයකට යනවාද … ? එහෙම යනවා නම් මට සිද්ධ වෙනවා. බොරුවට හෝ ප්‍රේමණීය චරිතයක් වගේම ඒ චරිතයට ආවේණික ජවනිකා ටිකක් රඟපාන්නට.
ඉටියෙන් හරි , මැටියෙන් හරි පූසව අඹලා මේ සැඟව සිටිනා මීයන් අල්ල ගන්නම වෙනවා මාධව. හ්ම්ම් නිදාගමු. වෙන ඉතින් මොනවා කරන්නද .. ?
රැය පහන්විය….
සුපුරුදු පරිදි කාර්යාලයට එනවිට කසුන් තම සියලු බඩුබාහිරාදිය සමග ඇවිත් සිටියා. පසුව ඔහුව එක්කාසු කරගෙන ගියේ මුරකරු වන සයිමන් හමුවීමටය.
ඔවුන් දෙදෙනාට දෙදෙනා මුණගස්වා, රාජකාරි ස්භාවය පහදලා දෙන්මෙන් සයිමන්ට දන්වා මා නැවත කාර්යාලයට ආවෙමි. දහවල වනවිට මුරකරු වන සයිමන් , කසුන් හෙවත් ගැමුණු විජේසිංහ
කැටුව වතුයායේ අස්සක් මුල්ලක් නෑර
යන බැව් වම්පස පිහිටි ජනෙල් කවුළු
තුලින් පෙනුනි.
එකවර දොරට තට්ටු දාන හඬක් ඇසී , මා හිතාමතාම ගැස්සී දකුණු පස බැලුවෙමි.
*සර් මම ඇතුලට එන්නද.. ?
ෂුවර්… ජගත් මහත්තයා. එන්න. ඇවිත් වාඩිවෙන්න.
*තෑන්ක්යූ සර්… සර් මොකද නිකං ලාවට වගේ හිනාවෙන්නෙ..
නෑ ජගත් මහත්තයා. මම මෙි බැලුවේ අළුත් මුරකාරයා දිහා. මෑන් සයිමන් අංකල් එක්ක විසිට් එකක් යනවා. ජොබ්එක පුරුදු වෙනවා.
*හා කව්ද.. නම මොකක්ද….
ගැමුණු විජේසිංහ..
*ආන්න හරි.. ගැමුණු විජේසිංහ. මිනිහා හොඳයි වගෙ නේද සර්… කිසිම කලබලකාරී බවක් පේන්න නැහැ.
ඔව්… ඒකනම් ඇත්ත. අපි බලාගෙන ඉමු නේද මෑන්ගෙ වැඩ කොහොමද කියලා.
ඉතින්.. මොකද මෙි පැත්තෙ.. ?
*සර් මම ආවෙ හෙට නිවාඩුවක් දාගන්න.
මට අත්‍යාවශ්‍ය වැඩ ටිකක් තියනවා හෙට කරන්න.
කෝ දෙන්න බලන්න… කියමින් නිවාඩු ලිපිගොනුව පෙරලා බැලුවෙමි. කෝ.. ජගත් මහත්තයා. නිවාඩු අරගෙනම නැහැ නෙ. තව අනිවාර්ය නිවාඩු එහෙම්ම නෙ.
අනියම් ටික අරගෙන තියනවා.
*ඔව් සර්… ගෙවල් ඉතින් තෙල්දෙනියෙ හන්දා මට නිවාඩු ගන්න තරම් ලොකු අවශ්‍යතා තිබ්බෙ නැහැ.
හරි හරි. මෙන්න ගන්න කියමින්. නිවාඩු අවසරපත අත්සන් තබා ලිපිගොනුව නැවත ඔහුගේ අතට දුන්නෙමි.
*බොහොම ස්තූතියි සර්. කලින් හිටපු සර්.
ඔහොම නිවාඩු අත්සන් කරේ නෑ. සතියක් තිස්සේ කෙඳිරි ගාන්න ඕන.
දන්නෙ නැද්ද ඉතින්. මිනිස්සු විවිධාකාරයි නෙ. ඒ හන්දා එයාලා හැසිරෙන විදිහද වෙනස් ඉතින්.
*ඒක ඇත්ත තමයි සර්. හිටපු අය හොඳටම කරා සුදු කාර් එකට. (මා නෑසුනා සේ සිටියෙමි) සර් එහෙනම් මම ගිහින් එන්නම්.
හරි… අද පැයක් විතර කලින් යන්න.
*ෂාහ්හ් නියමයි. ඒත් මැඩම් දැනගත්තොත් එහෙම.
එහෙම දෙයක් නෑ. මම මැඩම්ට කියන්නම්. මම ලඟ හොර වැඩ නැහැ. කොහොමත් මෙි නිවාඩුව ගැන මම කියන්න එපැයි.
*තෑන්ක්යූ සර්…
හොඳයි..
ඔහු කාර්යාලයෙන් නික්මගිය පසු මා “හිටපු අය හොඳටම කරා සුදු කාර්එකට”
යන වචන කීපය කෙරෙහි තදින්ම කල්පනා කෙරුවෙමි. ඒ වදන්පෙල තදින්ම මගෙ සිතට කාවැදුනි. ඇයත් ගැහැනියකි. නමුත් අයාලේ නොයන. හෙන්ද්‍රික් වලව්වේ ආවරණ බිත්ති හතර තුල මොනවා වුනාද , නැද්ද කියලා මම දන්නෙ නැහැ. නමුත් මොකක්ද මාධව ඇත්තටම ඒකෙ හරුපෙ. මොකක්ද මට ජගත් නොකියා කියන්නේ. හ්ම්ම් …සුදු පාට කාර්එක කියන්නේ කැරොලින් මහත්මියටද.. ? මීට කලිනුත් ඔය වගේ හතරබීරි කතාවක් මට කිව්වා මතකයි. “ ඔය කලින් හිටපු සුපවයිසර් මහත්තයා ඔය සුදුපාට කාර්එක සෑහෙන්න පැදෙව්වා” කියලා. මාධව පරක්කු වෙලා බැහැ. මොකක්ද මෙි කතාවෙ තේරුම කියලා මම අහගන්නම ඕන. දැන්ම අහන්න ඕන.ඔව් මාධව දැන්ම.. වහාම කාර්යාලයෙන් එලියට එනකොටම ජගත් ඔහුගෙ යතුරුපැදියට ගොඩවී එය පණගන්වන විට මා දැක ඒ අදහස පසෙක තබා මා කඩිමුඩියෙ එනු දැක නිශ්චල විය.
*මොකද සර් හදිසියේම .. ?
ජගත් මහත්තයා මට විනාඩියක් කතා කරන්න පුළුවන්ද .. ?
*අපෝ පුළුවන් සර්… කියන්න.
ජගත් මහත්තයා මොකක්ද ඔය මට දෙපාරක්ම කියපු කතාව. මට ඒකෙ තේරුම දැනගන්න ඕන.
*මොන කතාවද සර්…
කැරොලින් මැඩම් ගැන. සුදු පාට කාර් එක ගැන. හාමුලා තුන්දෙනා තමයි හොඳටම කරේ කියන එක.
*සර්… නගින්න බයික් එකට. මෙතන බෑ මට ඒක කියන්න.. කරුණාකරලා නගින්න.
හ්ම්ම් යමු…
යතුරුපැදිය පණගන්වා වතුයායේ ප්‍රධාන ගේට්ටුවෙන් එලියට විත් මීටර් තුන්සීයයක්
පමණ ගෙවා ගොස් පාරේ අයිනක එය නවත්වන විට මා එයින් බැස ගත්තෙමි.
*සර්.. මෙික කාටවත්ම කියන්න එපා. මගෙ ජොබ් එක ගහලා යන වැඩක්.
නැහැ. මම කාටවත්ම කියන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා ජගත් මහත්තයා. තව කෙනෙක්ගෙ බඩට ගහලා මගෙ බඩ ස්ථාවර වෙයි කියලා හිතන්න තරම් මම අඳබාල මෝඩයෙක් නෙමෙි. ඉතින් කියන්න මොකක්ද ඒක.
*සර්… ( වටපිටාව බලමින් ) ඔය හෙන්ද්‍රික් වලව්වෙ හිටියෙ පිරිමි ළමයි හතර දෙනයි.
එක්කෙනෙක් සුනාමියෙන් මැරුණා..
ඔව් .. අර හමුදා නිලධාරීයා.
*ඔව් සර්… එයා විතරයි පවුලේ හොදම
කෙනා. අනිත් තුන්දෙනාම සල්ලාල ගෑනු පෙරේතයෝ. ඔය මාස හතරකට කලින් මැරුණ සුපවයිසර් නොයෙල් මහත්තයා
එක්ක කැරොලින් නෝනා අනියම් සම්බන්ධයක් තිබිලා තියනවා. ඒක ඒ නෝනා කැමැත්තෙන් කරගෙන ගියාද , නැත්නම් බලෙන් කරගෙන ගියාද කියලා මම දන්නෙ නැහැ. නමුත් ඒක ඇත්තක්
කියලා මම දන්නවා. හැබැයි ඔය මරණ වලට කවුද හවුල් කියලා නම් මම දන්නෙ නැහැ.
ඔව්… ඒ මරපු දේවල් අපිට අදාල නැහැ.
මොකද මම රජයේ රහස් පරීක්ෂක නිලධාරියෙක් නෙමෙිනෙ. ඒත් මම මෙතන දිගටම ඉන්න හන්දා යම් යමු කරුණු කාරණා දැනගෙන ඉන්න ඕන. නැත්නම් මමත් දවසක ලොකු අමාරුවක වැටෙන්න පුළුවන් ජගත් මහත්තයා.
*ඒක ඇත්ත ඉතින්.. ඔය තුන්දෙනා මෙි වතුයායේ අහිංසක දුප්පත් කෙල්ලෝ කීප දෙනෙක්ම අනාථ කරලා තියනවා. ඒකයි මම කිව්වෙ හාමුලා තමයි හොඳටම කරලා තියෙන්නේ කියලා.
එතකොට මෙි දෙන්නගේ අනියම් සම්බන්ධය ගැන පැට්රික් මහත්තයා දැනගෙන ඉඳලා නැද්ද.. ?
*මම දන්න විදිහට නම් දන්නවා. නමුත් එයාට ඒක ගාණක් නැහැ. මොකද මට ආරංචි හැටියට කැනඩාවෙ ලස්සන කෙල්ලො දෙන්නෙක් තියාගෙන ඉන්නවලු.
ඉතින් ඒ හන්දා කැරොලින් මැඩම් ගැන ලොකු උනන්දුවක් එයාට නැහැ. එයාට ඕන එයා නවාතැන් ගන්නෙ කොතනද , අන්න එතනට හොඳ හැඩකාර ස්ත්‍රී පරණයක් එක්ක දවස ගෙවන්නයි. සර්… මට හිතෙන විදිහට ඊට අමතරව මෙතන තියෙනවා බර අරගලයක් වගේ දෙයකුත්.
හ්ම්ම් … හරි හරි.. ජගත් මහත්තයා යන්න පරිස්සමෙන් එහෙනම්. ( වැඩිය හාර අවුස්සලා බැහැ. මං ගැන සැක හිතන්න පුළුවන් )
*සර්… මම සර්ව දාලා එන්නද… ?
එපා… මට මෙි ටික පයින් යන්න පුළුවන්.
*හොඳයි සර්.. මම ගිහින් එන්නම්.
ඕකේ ජයවේවා…
*ජයවේවා සර්..
ආපසු මා හෙමින් සීරුවෙ කාර්යාල පරිශ්‍රයට ආවෙමි. ඔහු කියූ සැඟවුනු
කතාව පිලිබඳව කිසිත් කල්පනා නොකර
මා වැඩකටයුතු අවසන්කර , ව්‍යායාම ද අවසන්කර , සුපුරුදු පරිදි නිවසේ ආලින්දයේ අසුනක වාඩිවුනෙමි. හ්ම්ම්
දැන් තමයි මාධව මෙි කරුණු කාරණා ගැන
හිතන්න හොඳම වෙලාව. එසැණින් දොරට යමෙකු තට්ටු දැමීය.
කවුද….
*සර් මම ගැමුණු. රෑට කෑම ගෙනාවා..
හා ඉන්න පොඩ්ඩක්. කියමින් දොර ඇරියෙමි. මා ඉදිරිපිට සිටියේ කසුන්ය.
ඔය මෙිසය උඩින් තියන්න.
*සර් බඩුටික ගෙනාවා. අතන තියන එක අවධානම්. ( රහසින් කොඳුරන්නට විය )
ඒක හොඳයි ගැමුණු මල්ලි. ( රහසින් ) කෝ ඒ ටික ගේන්න ඇතුලට. ඒ ටික සර් තව ටිකක් රෑවෙලා ගන්න මම දොරකඩ තියෙන පොඩි ෆයිනස් ගහ ලඟ හැංගුවා. දැන්ම ගන්න එපා.
හොඳයි..
*සර් කියපු විදියට පැන්සල් ගෙනාවෙ නැහැ.
පංකාදුයි ගැමුණු. වාඩිවෙන්න..
මෙතන තියනවා අපිට ටිකක් විශ්වාස කරන්න අමාරු සිද්ධි ටිකක්. මම කලින් කිව්වා වගේ කාර් එකේ තියනවා සිග්නල් ට්‍රාන්ස්මීටර් එකක්. ඒක හුඟක් බලවත්
නැහැ මම අනුමාන කරන විදිහට. නමුත් ඒක බලවත් කරන වෙනත් රිපීටර් එකක්
මෙි අහල පහලම තියෙන්න ඕන.
*හපොයි එහෙමද… අපි ඒක අනිවාර්යයෙන්ම හොයාගන්න ඕන.
ඔව් ගැමුණු. අනිවාර්යයෙන්ම. ඕක හයිකරපු එකා මෙි වතුයායේ වෙන දේවල් අහගෙන ඉන්නවා වෙන්න ඕන බොහෝදුරට. හැබැයි මෑන් ඉන්නත් ඕන වැඩි දුරක වෙන්න බැහැ.
*ඔව් සර්. කිලෝමීටර් දහයට අඩු තැනක ස්ථානගතවෙලා ඉන්න ඕන. මොකද ලොකුවට සෙල්ලම් දාන්න බැහැ. එහෙම වුනොත් , විදුලි සන්දේශන නියාමන කොමිසමට බඩු මාට්ටු වෙනවා නෙ.
අන්න හරි ඔයාට වැඩෙි තේරුනා.
*එතකොට මෙි ගේ ඇතුලෙ හරි මෙි අවට නැද්ද වෙන එව්වා.
මම දන්න තරමින් නැහැ. මොකද ඔය මෑන් බලාපොරොත්තු නොවුන දෙයක් මෙතන වුනා.
*ඒ මොකක්ද සර්…
ඒ තමයි අනපේක්ෂිත විදිහට මම මෙතනට සුද්ද පවිත්‍ර කරගෙන ආපු එක.
ඒක තමයි මෙතන වැරදුන තැන. හැබැයි
මාව නිරීක්ෂණය කරන එක මෑන්ගෙ සැළසුමෙි කොටසක් නොවෙන්නත් පුළුවන්.
*එතකොට සර් ඔය රිපීටර් එක කොහෙද ස්ථානගත කරලා ඇත්තේ..
ඔව්.. හොඳ ප්‍රශ්නයක් ගැමුණු මහත්තයා. සාමාන්‍යයෙන් නැගිය හැකි උසක ඕක තියෙන්න ඕන. හැබැයි එතන සියල්ලන්ටම වඩා උඩින් වෙන්නත් ඕන.
*ඒ කියන්නේ උසම ගහත් අබිබවා යන්න ඕන නේද.. ?
හරියටම හරි. එහෙනම් අර එලියෙ පේන
රෙඩියෝ ටවර්එක වෙන්න ඕන. මොකද ඔතන තියෙන උපකරණ සේරම ඒ අදාල විෂයටම සවිකරනලද දේවල් නෙ.
*ඔව් සර්..
සාකච්ඡා කරන්න නම් කතන්දර හුඟක් තියනවා. දැනට මෙි ඇති. වැඩි වෙලාවක් මෙතන ගතකරන්න එපා. සයිමන් අංකල්ට සැක හිතෙන්න පුළුවන්. මෑන්ව ඉක්මනින් යාළු කරගන්න බලන්න. ඒ වගේම ඔයා මෙච්චර වෙලා මොකද කරේ කියලා ඇහැව්වොත්, ගම්පලාත , පවුල් පරිසරය ගැන ඇහැව්වා කියන්න. දැන් යන්න.
*හරි සර්…ගුඩ් නයිට්.
ගුඩ් නයිට් ගැමුණු මල්ලි..
නැවත “යුගාන්තය” නව කථා පොත අතට ගත්තෙමි. රිබන් කාඩ් එකද අනිත් අතට ගෙන , නැවත බොත මෙිසය මත තබා,
රිබන් කාඩ් එක අතට ගෙන එය හොඳින් පරික්ෂා කෙරුවෙමි.
නැවත හමුවෙමු…
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023