⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 20 වන දිගහැරුම ⸎

`` සයුරි වික්‍රමසේකර ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

***අනිවාර්යයෙන්ම ඔෆිසර් ….

ගිහින් එන්නම් ….
***ගිහින් එන්නම් සර්…

***හොඳයි … හොඳයි….


මෙතන් සිට….

හෝරාවකට පසු….

යමු සුපුන් …….. අපි හවස කතා කරමු.
කසුන් ආවට පස්සේ ඔය දෙන්නම මාව මුණගැහෙන්න. මට තියනවා ලොකු කරුණු කාරණා ටිකක් කතා කරගන්න.

**ok sir….

18:30 පැයට…..

එන්න දෙන්නම ඇවිත් වාඩිවෙන්න…
ඉතින් කසුන් මහත්තයා මොනවද අළුත් තොරතුරු.

*සර්… පලවෙනි කරුණ තමයි `` රෝමය ගිණිගෙන නැහැ ´´ කියන කාරණය.

බොහොම හොඳයි.. කොහොමත් අපි සැළසුම් කරෙ එහෙම නොවෙන්න. මිනිස්සු තමන්ට වාසිදායකනම් මොන බලු වැඩක් කරත් මුනිවත රකින්න පුරුදු වෙලා තියනවා. ඒකනෙ රට මෙි තත්වයට වැටෙන්න ප්‍රධානතම හේතුව. ඉතින් මෑන් කියයිද ``මට නින්දගියා´´ කියලා. ඇහැරිලා බලනකොට ඇතුලෙ කිසිදු දෙයක් අස්ථාන ගතවෙලා නැත්නම්. තත්ත්වය සාමාන්‍ය පරිදිම තියනවා නම්,
ඉතින් තවත් මොකටද වෙිදනා නේද නියෝජිත සුපුන් ….

**සහතික ඇත්ත සර්…

*මොකක්ද සර්… සුපුන් කතාව…? මොකක්හරි ගේමකට ගිහින් වගේ දෙන්නම…

හහ්… හහ් හා… නැතුව නැතුව. හරි ඒ ගැන මම තව ටිකකින් විග්‍රහ කරන්නම්.
ඉතින් ඊට පස්සේ ….?

*දෙවන කාරණය ගැන කියනවා නම්..
බත් වයලට්ට එහෙම ලොකු හැඟීමක් නම් නැහැ සර් ගැන. මම කිව්වෙ හිඟන්නා ගැන…

හා ඒක මිසක්… මම බැලුවා මම ගැන කියද්දි මොකාටද එන්න හදන්නේ කියලා.

*හපොයි සර්… අපිට අනංගයා තහනම් නෙ..

නෑ එහෙම නැහැ කසුන්… මමනම් අනංගයා තහනම් කරගත්තා මිසක.
තමන් වසර ගණනාවක් ආදරෙ කරපු කෙල්ල තව එකෙකුට පරිස්සම් කරලා ⁣, තිබුන හැටියටම දෙන්න හැම පිරිමියෙකුටම බැහැ. එහෙම පිරිමි දරාගන්නවා හැමදේම. කඳුල හදවත යට සඟවාගෙන.. ඒ වගේම තම ගෝත්‍රයාගෙ නිදහස වෙනුවෙන් උණ්ඩයට මුහුණ දෙන්නත් හැම පිරිමියෙකුටම බැහැ. එයාලට කියන්නේ `` සුපිරි පිරිමි ´´ කියලා.

**හෑහ් ඒ මොකක්ද සර් ඒ….

මොකුත් නැහැ නියෝජිත ජනිත්… අපි නැවත මාතෘකාවට අවතීර්ණ වෙමු. ඉතින් කසුන් මහත්තයා බත් වයලට් මොකද කියන්නේ …

*වෙන කොහෙහරි හිඟාකනවා ඇති කියලා තමයි කිව්වෙ ….

එතකොට `` සයුරි වික්‍රමසේකර ´´ ගැන මොකද හිතෙන්නේ.

*එයා කියන විදිහට මිහිරාණි ලෙඩ නිවාඩු පහයි , අනියම් තුනයි, අනිවාර්ය නිවාඩු දෙකයි, එකතුව දහයයි කියලා තමයි කිව්වෙ.

හ්ම්ම් ඒකත් එහෙමද….?

*පොඩ්ඩක් ඉන්න …. සර් කොහොමද සම්පූර්ණ නම දන්නෙ…? මම කොයි වෙලාවෙ වත් සම්පූර්ණ නම කිව්වෙ නැහැ නෙ සයුරිගෙ…..?

**මොකද නියෝජිත ජනිත් නිකං කට කොනින් හිනාවෙන්නේ… ?

**නෑ මොකුත් නැහැ …. සයුරි කියන්නේ
සර්ගෙ මල්ලි බඳින්න ඉන්න ගෑණු ළමයා නෙ.

*මොකක් ….?

**මම නෙමෙි කියන්නේ. ඔයාගෙ මෙි පෙරිය දොරෙයි නෙ කියන්නේ (සිනාසෙමින් )

*මොකක්හරි දෙන්නා ප්‍රයෝගයක් දාලා තියනවා. මම නැති අතරෙ.

හ්ම්ම් හ්ම්ම්… ඉන්න. මම කියන්නම්.
කසුන්… අපි ඉතින් කොහොමත් ප්‍රයෝග කාරයො නෙ. අපි ගියා පොලිස් මාමව නිරීක්ෂණය කරන්න. මම තේනුවර විදිහට. එතකොට අපේ නියෝජිත ජනිත්
සුපුන් විදිහට.. ඉතින් මෑන් රාජකාරි කරන තැනට ගිහින් හොඳටම නිරීක්ෂණය කරා…

**ඔව් ඔව් අපි තමයි හොඳටම ඒක කරේ..

හැබෑව… හැබෑව…. ඉතින් අපිට කවත් පණිවිඩකරුවෙක් ග්‍රහනය කරගන්න පුළුවන් වුනා. ඊට පස්සේ ගිජුලිහිනියා වඩු කුරුල්ලව ලුහුබැන්දා..

*ඊට පස්සේ මෙික නොදන්න වඩු කුරුල්ලා, කෙලින්ම රිංගුවා තමන්ගෙ ලොකු කූඩුවට…

හරියටම හරි…. යාළුවා…

*ඒ කියන්නේ සර්ලා උන්ගෙ තිප්පොල හොයාගත්තා….?

සීයයට අසූවක් විතර අනුමාන කරන්න පුළුවන් ඒ ගැන….

*ඉතිරි විස්ස ගැන පස්සේ සලකා බලමු…
ඉතින් ඊට පස්සේ ….?

අපි ආපසු ඇවිත් මම හෙන්රි කල්දේරා වගේ සඟ දාගෙන , එතකොට නියෝජිත ජනිත් මහත්තයා ෂාරුක් ඛාන් වගේ ගිහින්

**කබි අල්විදනා කෙහෙනා චිත්‍රපටය රඟපෑවා….

*කොහෙද රඟපෑවෙ….?

මිහිරාණි මෙනවි⁣යගෙ ගෙදර. මම හෙන්රි කල්දේරා මහත්තයා වගේ එතන ගිහින් සිංදුවක් කිව්වා.

*සිංදුවක් ….?

සිංදුවක් කිව්වට සිංදුවක්ම නෙමෙි. බයිලයක්…. ( සිනාසෙමින් )

*වැල්වටාරම් නැතුව කියන්නකො සර්…

හරි හරි…. මට ඔීන වුනා මිහිරාණිගේ ෆෝන් එක කොහෙද කියලා දැනගන්න ඉතින් මම එහාට ගිහින් කල්දේරා වගේ
සිංදුවක් කිව්වා. එතනදී මම කිව්වා ඔීනම වෙලාවක උදව් කරකරන්නම් කියලා. එයාට සැකයක් වගේ ඇතිවුනා ඇයි මම එහෙම උදව් කරන්නේ කියලා.

**සැකයක් කිව්වට සැකයක් ම නෙමෙි.

ඔව් ඒක සැකයක්ම නෙමෙි තමයි …
ඉතින් එතනදී නිකමට වගේ ඔය සයුරිගෙ කතාව එතනට බද්ද කරා. වැඩෙි හරිගියා.
සැකය නැතිවුණා. එතනදී තමයි සයුරි වික්‍රමසේකර කියලා මෑන් අතින් කියවුනේ. ඒකෙන් තේරෙනවා. මෙි සයුරි කෙල්ල මිහිරාණිගෙ හොඳම යාළුවෙක් කියලා. නැත්නම් ඉතින් මෑන් කොහොමද දන්නෙ මෙි කෙල්ලගෙ සම්පූර්ණ නම.

*ඒ කියන්නේ `` අඳුරෙ විදපු හීය , නොසිතූ ලෙස මුවාට වැදුනා ´´

ඔව් කසුන්… එහෙම තමයි වුනේ… හැබැයි තව ප්‍රශ්නයක් ඒ එක්කම හටගත්තා.. මිහිරාණිගෙ ෆෝන්එක
තමන්ගෙ තාත්තා ලඟත් නැත්නම් ,
අර බන්ධනාගාරගත කොල්ලා ලඟත් නැත්නම් ඒක කොහෙද…? මතකතියාගන්න ඒ ෆෝන් එක රහස් ගුහාවක් කියන එක විතරක් ..

*මිනීමරුවා ලඟ තියෙන්න බැරිද…?

ඔව් බාගවෙලාවට එහෙම හිතන්න පුළුවන්.. ඒක එහෙම නොවුනා නම්.
කොහෙද ඒක දැන් ….?

**සර් මිනීමරුවා ඒක අරගෙන විනාශකරා වෙන්න බැරිද…?

කොහොමද ….?

**පුච්චලා….

කොහෙද….?

**හ්ම්ම්… ඒකට මට උත්තර දෙන්න නම් බැහැ සර්…

හරි හරි… කමක් නැහැ.. මතකයි ද බලන්න මේ දෙබස් ටික

``මොකද තත්ත්වය … අවුලක් නැහැ නෙ..?

තවම නම් කේස් එකක් නැහැ සර්. බලමු
නේද ඉතින්.

තමුසෙ බය නැතුව ඉන්නවා. මම කවර් කරලා දෙන්නම්. හරි.. එතකොට අර වැඩෙි මොකද…?

ඒ වැඩේ සර්. දැන්ම කරන්න බැහැ. මම ඒගැන ඇහැගහගෙන ඉන්නෙ..´´

*සර් මෙි අර එස්අයි කාරයාගෙයි ශාන්තගෙයි අතර ඇතිවුන දෙබස නේද…

ඔව් කසුන් ඔව්… පන්දු යවන්නා off spinner කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම
විකට් කීපර්ට අමතරව තව ස්ලිප් කෙනෙක් දාන්නම ඔීන. මොකද පාඉන්නේ ඉඳලා , පිට ඉන්නට පංදුව දෝලනය වෙනවා. ඉතින් පිතිකරුවගෙ බැට් එකේ පිට දාරේ වදින පන්දුව, විකට් කීපර්ට එහායින් යනවාමයි. ඒක රැකගන්න අමතර ස්ලිප් ක්‍රීඩකයෙක් ඔීනමයි. මමත් හරි වෙලාවට කසුන් කියන විකට් කීපර් ඇතුලෙ තියලා, හිඟන්නා කියන ස්ලිප් එලියෙන් තිබ්බා.

**ඉතින් ඒක වැඩකරාද සර්…..

නැතුව නැතුව …. එහෙම නැත්නම්. මෙච්චර වැදගත් දේවල් හුහුඟක් ග්‍රහණය කරගන්න පුළුවන් වෙයිද…?
බලන්න මෙි දෙබස තුලම තියනවා අපේ ප්‍රශ්නයට උත්තරය…

*ඒ කොහොමද සර්….?

පලවෙනි කාරණය අපි කලින් කතාවුනා වගේ සයුරි කියන්නේ ලඟම මිතුරියක් මිහිරාණි මෙනවියගේ. ඒක හොඳටම ඔප්පු වුනා එයාගෙ තාත්තගෙ කතාවෙන්.
මොකද ගෙදර ඇවිත්. දින ගණනක් ගත කරනවා කියන්නේ හොදම මිතුරියක් වෙන්න ඔීන. ඊට පස්සේ
``හරි.. එතකොට අර වැඩෙි මොකද ´´
⁣කියලා අහන ප්‍රශ්නය තුල හරිම ගැඹුරු අර්ථයක් තියනවා කියලා මම විශ්වාස කරනවා. මගෙ දැනුමට අනුව නම්.

*ඒ කියන්නේ ඒ ෆෝන් එක සයුරි ලඟ. ශාන්ත වක්‍රවාකාරව උත්සාහ කරනවා ඒක සයුරිගෙන් ගන්න …

විශිෂ්ඨයි යාළුවා… තක්කෙටම අනුමාන කරා. අන්න පරිණත වෙනවා තමුන්..
මගෙ සංකල්පය හරි හෝ වැරදි නමුත් ඉක්මනින් තේරුම් ගත්ත එක හරිම හොඳයි .

**පරිණත වුනාට කමක් නැහැ පතනරි නොවී….

*හහ් හහ් හා… ඒක ඇත්ත තමයි.

ඉතින් කොහොමහරි අපි ඒක ගන්න බලන්න ඔීන.

*ඒ කියන්නේ මෙි කථාවෙ අහම්බෙන් හමුවුන සයුරි කියන්නේ. ලොකු චරිතයක්.

ඔව්…. එහෙම තමයි. මම සාමාන්‍යයෙන් හුඟක් දුර හිතලයි වැඩ කරන්නේ. ඒක තමයි ඔයාව ඇතුලට යවලා, මම එලියෙ හිටියේ. මෙිවගේ තරුණ කඩවසම් කොල්ලෙකුට තරුණියක් හාදවෙන එකේ අරුමයක් නැහැ. එහෙම නේද නියෝජිත ජනිත්…

**ඒක ඇත්ත සර්…

*හපොයි මාව මුරුංගා අත්තේ මුදුනටම තිබ්බා නොවැ. එතකොට අපි ඒක ගන්නෙ කොහොමද..? කොහෙද ඒක හංගලා තියෙන්නෙ …?

ඒ ගැන දැනගන්න වෙන්නෙ එයාගෙන්ම තමයි. හැබැයි ශාන්තට කලින් අපි ඉස්සර වෙන්න ඕන.

*ඒක සර්… ශාන්තට කවදාවත් සයුරි වගේ රූමත් කෙල්ලක් නම්මගෙන ඒ තොරතුරු ගන්නවා කියන එක නම් බොරු. මොකද ඒ වගේ කළු, කොට , කැත එකෙකුට එයා කවදාවත් කැමති වෙනවා බොරු.

**ඒකනෙ අපි සුදු , කඩවසම් කොල්ලෙක් ගේමට එන්ටර් කරේ නේද සර්…

හහ් හහ් හා… ඒක ඇත්ත.

*සර් එතකොට මෙහෙම ප්‍රශ්නයක් පැනනගිනවා…

ඒ මොකක්ද ….

ඔය ශාන්තලාට පුළුවන් නෙ සයුරිව පැහැරගෙන , වධහිංසා කරලා ඔය ෆෝන් එක තියෙන තැන දැනගන්න.

හොඳ ප්‍රශ්නයක් කසුන්…
අපි වගේම උන් ඉන්නෙත් අඩමානයෙන්.
උන් හරියටම දන්නෙ නැහැ නෙ ඒක සයුරි ලඟ තියෙන්නෙ කියලා. වෙන යාළුවෙකුට දීලා තිබුනොත් හොකද කරන්නේ …? මොකද ඒක එහෙම නොවුනහොත් මොකද ඊලඟට කරන්නේ….? සයුරිව මරලා දාන්නද…? එහෙම කරන්න උන්ට බැහැ. එහෙම වුනොත් මිහිරාණිගෙ සේරම යාළුවො මරලා දාන්න වෙයිනෙ මෙි ඉලව් ෆෝන් එකක් හන්දා. එහෙම කරලත් නොලැබුනොත් ….? එහෙම එක ලඟ මරණ දෙකක් වුනොත් වැඩෙි ගැස්සෙනවා කියලා උන් හොඳාකාරවම දන්නවා. ඒ හන්දා උනුත් අපි වාගේ හීන් නූලෙන් ගේම හසුරවනවා. ඒක තමයි කසුන්ව මෙතනින් මගෙ නවාතැනට ගෙන්වා ගත්තෙ. මොකද මෙතන උන්ට සැකහිතෙන්න පුළුවන් හන්දා.
තව දෙයක්
හරි ඒකට කමක් නැහැ.
මට තියනවා ඒ හා සමාන වැදගත් කාරණාවක් කියන්න.

ඔව් මට තේරෙනවා… ශාන්ත හෙට රෑ නයිට්…

*සර් කොහොමද හරියටම කිව්වෙ…?

ඇයි මට කලින් කියලා තිබ්බනේ ඒ ගැන.

*හා ඔව් නේද…. එහෙනම් අර සැළසුම ක්‍රියාත්මක කරමු නේද…? මම හෙට day off එකක් දැම්මා නයිට් එකක් කරන්න ඔීන හන්දම. මොකද කාලය අපිට සීමිතයි නෙ..

ඔව් …ඒක ඇත්ත. අපි අනිවාර්යයෙන්ම ඒ ටෝච් එක ටික වෙලාවකට හරි අතුරුදහන් කරන්න ඔීන. ඒ වගේම සයුරිගෙ හිතේ ඔයා කෙරෙහි තියෙන ඇල්ම , විශ්වාසය ගොඩනගා ගන්න බලන්න. මොකද අපිට ඔීන කරන ප්‍රභල
සාක්ෂි ඒ ෆෝන් එකේ තිබුනොත් , අර කොල්ලව බේරගන්න පුළුවන්. එක පාරක් ඒ කොල්ලව එලියට ගත්තහම , මම දන්නවා කරන්න ඔීන දේ.

*සර් කොහොමද හරියටම විශ්වාසයෙන්ම කියන්නේ. සයුරි ලඟ ඒක තියනවා කියලා.

ඇයි ඔයාට අමතකයිද ඔයාමනෙ කිව්වෙ
එයා `` ඔීකුන් තමයි හැමදේම කරන්නේ ´´
කියලා . ඒකෙන් මනාවට තේරෙනවා. මෙයා මෙි සම්බන්ධව අපිට වඩා දෙයක් දන්නවා . හැබැයි ඒ සාක්ෂි ටික දෙන්න කෙනෙක් නැහැ . මොකද එයාට කිසිම කෙනෙක් මෙිකෙදි විශ්වාස කරන්නේ නැහැ . ඒක සාධාරණයි. මොකද මිහිරාණි ලිව්වා වගේ ``` හොරාගෙ අම්මගෙන් පේන අහලා වැඩක් නැහැ ´´ නෙ. හැමදෙයක්ම ගැනම හිතලා එයා නිහඬව ඉන්නෙ ඒකයි.

*නියමයි සර්… ඒකනම් ප්‍රබල තර්කයක් තමයි. එහෙනම් බඩුම තමයි. මම උපරිම උත්සාහ කරන්නම් එයාව ප්‍රේම දැලේ දාගෙන කොහෙ හරි නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට එක්කගෙන යන්න.

**රූම් එකකට…. එයා කැති වෙයිද…?

*රූම් එකකට නම් නෙමෙි නියෝජිත ජනිත් … මම බොරුවට නම් ආදරෙ කරන්නේ නැහැ. හැබැයි මෙතනදී ඇත්තටම ඒක කරන්නත් බැහැ.

හරි… ඒක ගැන වැඩිය හිතන්න එපා.
එයාව කැමති කරවා ගන්නකො බීච් එකකට හරි එක්කන් යන්න . එතනින් එහාට අපි එයාව පැහැර ගමු. අරගෙන , සැබෑ තත්ත්වය පැහැදිලි කරලා දීලා , ඒක ගමු. එතකොට රැවුලයි , කැඳයි දෙකම බෙිරලා තියෙන්නෙ.

*ඒක හොඳයි සර්… එතකොට පහුවදා ඉඳලා මට එයාගෙ මූන බලන්න පුළුවන් නෙ නිරවුල් ව.

කී… කීක්…. කී කීක්….
නියෝජිත ජනිත් ඔයාගෙ ෆෝන් එක නේද ඔය. බලන්න මොකද කියලා.

**excuse me sir….

Sure……

**හා හරි… ඔීහ් එහෙමද… හරියටම තැන දන්නවද…? රයි….ට් ඔයා මෙහෙම කරන්න. තව දෙන්නෙක් විකර දාගෙන ෆුල් රෙකී ( නිරීක්ෂණයක් ) එකක් දෙන්න. දීලා බලන්න නිතරම සර්විස් එකට කවුද එන්නෙ කියලා. ඒ වගේම බලන්න එතන සේවක පුරප්පාඩු තියනවද කියලා. හ්ම්ම්… හරි හරි..
එහෙම කරන්න. ඊට පස්සේ මට කියන්නකො. හරි … බොහොම ස්තුතියි ජයවේවා. (දුරකථනය තම සාක්කුවට දාගනිමින්)

**සර් සුභ ආරංචියක්….

අම්මපා …. ඒ මොකක්ද හැබෑටම..?

**සර් බඩු බනිස්. S Tigers නමින් පංචිකාවත්තෙ තියනවලු ටිකක් ලොකු ගරාජ් එකක්. එතන දහයක් විතර වැඩ කරනවලු. එතන ඔය කියන කාර් එකත් තියනවාලු. සර්ගෙ අනුමානය හරි. ඒක
``නිසාන් සනී´´ මාදිලියේ කාර් එකක්…

විශිෂ්ඨයි (අත්පුඩි ගසමින් ) නියෝජිත ජනිත්… විශිෂ්ඨයි . දැන් තමයි ගේම පටන් ගත්තෙ… ඉන්නකො ඉදිරි කාලයේදි හොඳ හොඳ ගිණිකෙලි ටිකක් බලාගන්න පුළුවන් හැමෝටම. පත්තරවලට , ටීවී , රේඩියෝ චැනල් වලට හුඟක් නිවුස් ලැබෙයි. මෙි කොල්ලව එලියට ගත්තා කියන්නේ ඉතින්
Game on නැත්නම් Show time තමයි…

මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now