⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 31 වන දිගහැරුම ⸎
> ඊලඟ සැළසුම <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

**හා හරි අපිට දැන්නම් සහසුද්දයෙන්ම තේරුනා නේද ජනිත් මහත්තයා.

**අම්මපා ඔව් සර්.

මෙතැන්සිට ….

මෙි දිනවල ක්‍රියාත්මක කරනලද මෙහෙයුම් ගැන සම්පූර්ණ විස්තරයක් ඒකක ප්‍රධානීන් හට ලබාදුන් අතර , ඉදිරි සැළසුම් පිලිබඳව විස්තර කිරීමට මා උත්සාහ කලේ නැත.

DH - එතකොට මාධව තමුසෙලා උන්ටිකටත් කොකා පෙන්නලා, කෝටි දෙකකුත් අරගෙන එතනින් කැපුනා.

ඔව් සර්…

DH - සේරමත් හරි. එතකොට මොකටද ඔච්චර මුදලක්. මම අහන්නෙ සල්ලි මොකටද…?

සර්. සර්ට මතකයිද ටේක්වූඩ් වලව්වේ මිෂන් එක. ඒකෙ හාමු මහත්තයා හංගලා තිබ්බා කෝටි දෙසීයක මුදලක්. නමුත් අපි ඒකෙන් සත පහක්වත් අපේ සුබසිද්ධිය තකා ගත්තද..?

DH - නෑ මාධව. මට ඒක සීයයට දාහක් ෂුවර්..

අන්න ඒ වගේ තමයි. මෙිකටත් අපි කරන්නේ. අසරණ පවුල් වලට බෙදලා දෙනවා ජීවත්වෙන්න මොනවාහරි ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් විදිහට.

DH - ඒක හොඳයි මාධව. මොකද අපි මරන මැරිල්ලට කවදාවත් සුගතගාමී වෙනවා කියන එකනම් පට්ට බොරුවක්. නමුත් ජීවතුන් අතර ඉන්න, ඉතුරු කාලයේ මෙවැනි දේවල් කරලා අඩුම තරමෙ මානසිකව හරි සතුටු වෙන්න පුළුවන් නෙ. දැන් කෝ සල්ලි ටික…?

මෙතන තියනවා සර්…

DH - හොඳයි මම විරුද්ධ නැහැ. මෙි මිෂන් එකෙන් පස්සේ අපි ඒ සල්ලි අරගෙන කීප දෙනෙකුට සාධාරණයක් කරමු. මොනවා වුනත් පරිස්සමෙන්. දැනටමත් CDI එක මෙි ගැන විපරමින් ඉන්නෙ කියලා මට ඊයේ උකුස්සා කතා කරලා කිව්වා. ඒ හන්දා ගහන ප්ලෑන් එක තිතටම ගහන්න. මට තමුසෙව ෂුවර් මාධව. නමුත් මිනිහෙකුට වරදින්න සුළු මොහොතයි යන්නෙ. ඒ හන්දා පරිස්සමෙන් කරන දෙයක්. එහෙනම් මම තිබ්බා ජයවේවා.

ජයවේවා සර්…

තවත් දින දෙකක් පුරාවට ආරක්ෂිත නිවසේ ගතකල අප තිදෙනා.සුපුරුදු වෑන්රියෙන් ටෙක්ස්ටයිල්ස් වෙත ආවෙමු. ආපු සැණෙන් ප්‍රොන්ටෝ හමුවී විශේෂ පණිවිඩ මොකුත් තිබෙිදැයි පරික්ෂා කෙරුවෙමි. ඔහුගෙන් හිස් වාර්තාවක් ලැබුනි. පසුව කාර්යාලයට ගොස් කාලය ගත කරපු මා ඉදිරි සැළසුම වන බ්‍රැස්ට්යන් අල්මෙිදා මරාදැමීම සඳහා පිඹුරුපත් සැකසුවෙමි.

පලමුවෙන්ම බ්‍රැස්ට්යන් අල්මෙිදා නිතරම ගැවසෙන තැන් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. ඊට පසු ඔහු ගමන් ගන්නා වාහනය පුපුරවා හැරීමට සැළසුම් කල යුතුයි. එසැණෙන් නැවත අභ්‍යන්තර ඇමතුමක් ගත්තෙ ප්‍රොන්ටෝ වෙතය.

අර ඇමති ජීවානන්ද ඉන්නවා නේද..?

ප්‍රොන්ටෝ - ඔව් සර්…

මෑන් යන එන තැන් ගැන විපරම් කරන්න ස්පයිඩර්ස්ලා දෙන්නෙකුට මැසේජ් දෙන්න. මට සතියකින් රිපෝට් එකක් ඕන.

ප්‍රොන්ටෝ - හරි සර්.. මම දැන්ම මැසේජ් එක දෙන්නම්.

හොඳයි බොහොමයක් ස්තුතියි ප්‍රොන්ටෝ.
කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.
මෙිසය මත අත්දෙක තබාගෙන අසුනෙ ඇන්දට බරදී ඇස්දෙක පියාගෙන නිසොල්මන්ව මද වෙලාවක් කාලය ගතකෙරුවෙමි. නිහැඩියාව කඩාබිඳ දැමුවෙ නියෝජිත බී200 විසිනි.

බී 200 - සර් මම එන්නද ඇතුලට..

ෂුවර්.. එන්න..

බි200 - සර් පසුගිය සතියෙ අයවැය. වගේම ඩිමාන්ඩ් ටිකයි ඕඩර් ටිකයි.
සේරම චෙක්කරලා බලන්න.

හපොයි ඔව්.. මම මෙතන මැනේජර් බුවා නෙ නේද..? හරි හරි.. ඉතින් කොහොමද වාසදේස එහෙම …?

බි200 - විශේෂ මොකුත් නැහැ. දිව්‍යා මැඩම් ආවා. ඊයේ.

මොනවා. මට කිව්වෙත් නැහැ නෙ. ඉතින් ..?

බි200 - මොකුත් කිව්වෙ නැහැ. සර් නැති හන්දා ආපසු ගියා.

මට මොකුත් පණිවිඩයක් දුන්නෙත් නැහැ එහෙමද…?.

බි200 - ඔව් සර්…

හ්ම්ම්… හරි. මම මෙි ටික පරික්ෂා කරලා අත්සන් කරලා කියන්නම්.

බි200 - හරි සර්..

හ්ම්ම්… එව්වත් කෙරෙන්න එපැයි. සමාජයට වසන්වෙලා ඉන්න නම්. කියමින් දුරකථනය අතට ගත්තෙ දිව්‍යාට කතා කිරීමෙි අටියෙනි. දුරකථනය දෙපාරක් නාදවනවිට එයට ඇය සම්බන්ධ වූවාය.

දිව්‍යා - හෙලෝ සර්…

දිව්‍යා මැඩම්. කොහෙද ඉන්නෙ.

දිව්‍යා - ඉන්න සර් මම එන්නම්. කියමින් ඇමතුම ඈ විසන්ධි කලාය. සුළු මොහොතකට පසු ඇය මාගේ කාර්යාලය ආසන්නයේ සිටි අතර, ඇය දෙස වරින්වර විපවිපරම්සහගත බැල්මෙන් සිටියේ ගැනුම්කරුවන්ට රෙදි තතෝරාගැනීමට උපකාරි වන නියෝජිත ජේ50 ය.

දිව්‍යා - සර් මම ඇතුලට එන්නද..?

ෂුවර් ප්ලීස් මැඩම්… කියමින් අතින් ඇතුලට එනලෙස විධානය කළෙමි.

දිව්‍යා - ස්තුතියි සර්…

ඉතින් දැන් කවුරුවත් පස්සෙන් එන්නෙ නැහැ නේද ..?

දිව්‍යා - දැනට නැහැ සර්…

ඒක තමයි නිල නොවන මිෂන් වලට සම්බන්ධ වුනාම එහෙම වෙනවා.

දිව්‍යා - ඔව් ඉතින්. නමුත් මට ඒ දේවල් වල⁣ට සම්බන්ධ වෙන්න සිද්ධවුනා. ඒක අහම්බයක් වගේ.

කාරි නැහැ. නැවත එන්හවුස් එකට යන්න හිතන්න එපා. මොකද ආයෙ යන්න බැහැ.

දිව්‍යා - ඒ මොකද සර්… ?

පාස්වර්ඩ් මාරු වෙනවා සතියකට සැරයක්. වි⁣ශේෂ නියෝජිතයින්ට විතරයි
ඕන වෙලාවක ඇතුල්වන්න පුළුවන්.

දිව්‍යා - සර්ලගෙ යුනිට් එකට දීලා තියෙන්නෙ අමුතුම පහසුකම්. පුදුමයි.

හ්ම්ම්… ඔය යුනිට් එකෙන් පිට කෙනෙක්
රැදෙව්වාමයි. සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් රඳවන්න අපට බැහැ. මොකද ඕන මතුපිටින් ගෙයක් වගේ පෙනුනට ඕක බංකර් එකක් නෙ. හරි ඒකට කමක් නැහැ. දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නෙ …?

දිව්‍යා - මට තවම නිල වශයෙන් මොකුත් රාජකාරියක් බාරදීලා නැහැ CDI එකෙන්.

හොඳයි.. දැන් ඔය මැඩම් අතුරුදහන් වෙන එක තමයි හොඳම දේ. නමුත් මාත් එක්ක සම්බන්ධතාවය දිගටම තියාගන්න.

දිව්‍යා - ඔව් සර්… මොකක්ද සැළසුම.

සැළසුම … මම ඉදිරියේදී කියන්නම්.
හොඳයි වෙනත් යමක් …?

දිව්‍යා - මට සතුටුයි සර්. මම ඉදිරි ජීවිත කාලයම හරිම සතුටින් ඉඳියි.

ඒ මොකද…?

දිව්‍යා - මගේම කියලා කෙනෙක් මෙි ලෝකෙ තව ඉන්නවනෙ. ඒ විතරක් නම් මදැයි, නලුවෙක් වගේ ලස්සන , යකෙක් වගේ දරුණු , නරියෙක් වගේ කපටි අයියෙක්.

හා හා… කට කට. මෙික මගෙ ඔෆිස් එක.
ඒ ගැන කතාකරන්න කාලය ආපුවාම මම ඒ ගැන කතා කරන්නම්. ඒකට මෙතන සුදුසු නැහැ.

දිව්‍යා - හරි හරි සර්… මම යන්නම්.

හොඳයි පරිස්සමෙන්.. මෙි මෙි…?

දිව්‍යා - සර්…? ( ආපසු හැරී )

තවම තත්වය සම්පූර්ණයෙන්ම පාලනය වෙලා නැහැ. ඒක මම අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ. කෝකටත් පරිස්සමෙන්

දිව්‍යා - හරි සර්… මද සිනහවක් පාමින් ඇය නැගිට කාර්යාල දොර පසු කරනවාත් සමඟ කසුන් ඇතුලට ආවෙ ඇයට මද සිනහවක් පාමින් ය.

*ආ.. මැඩම් එලියට ඇවිත් වාගෙ.

ඔව් කසුන්. දැන් ඉතින් ලොකු අවධානමක් නැහැ නෙ. වාඩිවෙන්න.

*සර්… මෙි ගේම් එකේ ඉන්නෙ අපි දෙන්නා. අනිත් නියෝජිතයින් අපට පොඩි සහයක් විතරයි දෙන්නෙ නියෝජිත ජේ50 හැර.

ඔව් ඉතින් …? ( මෙිසය මත ඇති විසිතුරු වීදුරු බෝලය කරකවමින් )

මෙිකෙ ඉතුරුටික කොහොමද කරන්නේ කියලා අපි දෙන්නා තමයි සැළසුම් කරන්න ඕන.

ඔව්…

*ඉතින් මොකක්ද සර් අපේ සැළසුම…?

සැළසුම නේද… මෙි තියෙන්නෙ සැළසුම තමයි. කියමින් වීදුරු බෝලය කැරකවීම නවතා එය මා සුළු දුරක් තමා වෙතට ඇද්දෙමි. ඉන්පසු වීදුරු මෙිසය මත ඇති කුඩා සිදුර පෙනෙන්නට විය.

*මොකක් under ground attacking ( පොලව යටින් පහරදීම ) එකක්..? ඒත් කාටද..?

ඔව් යාළුවා. ඇමති ජීවානන්දට. මොකද උඩින් මෑන්ට ගහන්න ගිහින් වැඩෙි දෙල් වෙනවා දැනට තියෙන තත්වය එක්ක. මොකද අපි මෙි ටිකේ රැඟුවා වැඩියි. ඒ හන්දා උන් ආරක්ෂාව තර කරලා තියෙන්නෙ. ගහන්න පුළුවන් ඕන යකෙකුට. ඒත් මෙතන පොලිස් ආරක්ෂාව එක්ක යන හන්දා වෙඩි හුවමාරුවකදී ඒ නිලධාරීන්ටත් කෙලවෙන්න පුළුවන්. ඒ වගේම කේස් එක දරුණු වෙනවා ඊට පස්සේ. ඒ හන්දා තමයි මම මෙි ක්‍රමය ගැන කල්පනා කරේ.

*එතකොට සර් රියදුරාට එහා පැත්තෙ යන්නෙ සිවිල් පොලිස් නිලධාරියෙක් නේද සාමාන්‍යයෙන් ඇමති කෙනෙක් ගෙ වාහනයේ.

ඔව් වීඅයිපී අථවල එහෙම තමයි ව්‍යුහය හදලා තියෙන්නෙ.

*එතකොට බ්‍ලාස්ට් කරොත් මෑනුත් ඉවරයි නේද…?

ඔව් නියම තර්කයක් තමයි ඒක. ඒකට අපි මිනිහව දවස් කීපයකට ලෙඩ කරමු.

*ඒක හොදයි එතකොට රැවුලයි කැඳයි දෙකම බෙිරිලා නෙ. එතකොට අපි කොහොමද බ්ලාස්ට් එක සෙට් කරන්නේ..?

මෙි බලන්න කසුන්.. මගෙ සැළසුම බ්‍ලාස්ට් එකක් බව ඇත්ත. නමුත් ඒක එහෙම නොවී වෙන විදිහකට වෙන්නත් පුළුවන්. ඒක අවස්ථානුකූලව වෙනස් වෙනවා.

*ඒ කිව්වෙ …?

නිකං රිය අනතුරක් වෙන්නත් පුළුවන්.

*ඒක කොහොමද කරන්නේ …?

ඒකට අපිට සතියක් තුල ඇමති ජීවානන්ද
නිතරම යනඑන තැන් ගැන සෝදිසියෙන් ඉන්න වෙනවා. ඊට පස්සේ ඒ සතියෙ රිපෝට් එක අරගෙන ඒ අනුසාරයෙන් තමයි සැළසුම හදන්න ඕන.

*ඒ කියන්නේ නිතරම යනඑන මාර්ගයේ කොතනක හෝ තමයි වැඩෙි දෙන්න ඕන.

හහ් හහ් හා… වැරදියි යාළුවා. යන ගමන්වල සම්බාවිතාවය අනුව තමයි ඒක සැළසුම් කරන්න ඕන. දැනට මම ස්පයිඩර්ස්ලා දෙන්නෙක් දාලා තියෙන්නෙ නිරීක්ෂණ කටයුතු වලට. බලමු සතියකට පස්සේ රිපෝර්ට් එක අරගෙන. මට ඕන මේ එක එකා පරලොව සැපත් කරන්න. මෙි කාළකණ්නි ටික ඉන්නකම් මෙි රටෙි මිනිස්සුන්ට නිදහසේ ඉන්න බැරිවෙනවා

*හරි සර් සතියකට පස්සේ අපි බලමු එහෙනම්.

ඔව් යාළුවා.

දින තුනක් කිසිදු ක්‍රියාකරමක් සිදුකරන්නට අප තැත් නොකලෙමු. චයිනා මිල්ක් බවුසර් රථය සතියකට දෙවතාවක් ගමන් ගන්නා බව අප උණවටුන නියෝජිතයාගෙ වාර්තාවල සඳහන්ව තිබුනි. මෙිවනවිට ආසන්න වශයෙන් මහේෂ්ගෙ කල්ලියේ තිස්දෙනෙකුට වඩා වැඩි පිරිසක් ගුවන් ගතකර ඇත. තවමත් මෙි අදිසි සතුරා ඔවුන්ට සොයාගන්නට නොලැබුනේ. අප තිදෙනා විවිධ තැන්වල ක්‍රියාකරකම් කරන නිසාවෙනි. එකෙකු දෙන්නෙකු විසින් සුවිශාල ධනස්කන්ධයක් ඉපැයීම වෙනුවෙන් තම මව්බිම තුල කුමන හෝ මිනිස් සංහාරයකට අවශ්‍ය ප්‍රතිපාදන හා පිඹුරුපත් සකසමින් පවතියි. තව නොබෝ දිනකින් එහි ප්‍රතිවෛරස් එකද නිර්මාණය කල පසු. කුමන හෝ රටකට එය ගුවන් මාර්ගයෙන් මුදාහරින්නට සැළසුම් කර ඇති අතර, ක්‍රමයෙන් ක්‍රමයෙන් ඔවුන්ව දුර්වල කර එය නැවැත්වීමට දරන ප්‍රයත්නයේ අවසාන අදියර කීපයට අප පැමිණ සිටියි.

තවත් ඇත්තෙ ඇමති ජීවානන්ද හා ඔහුගේ පුත්‍රයා වන මහේෂ් පමණයි. නමුත් මහේෂ්ගෙ ගමනත් අවසන් කල යුත්තේ ලොකු සැළසුමකින් පසුවයි.

මතු සම්බන්ධයි…..


Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now