⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 46 වන දිගහැරුම ⸎

`` ෆාම් හවුස් ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~-

සැරයන් රාජපක්ෂ - හරි… මම මෙික කරලා දෙන්නම් ….

හරි …. එහෙනම් අපි විසිරෙමු…

සැරයන් රාජපක්ෂ - හොඳයි….

මෙතැන් සිට……….

පොලිස් සැරයන්වරයා සමග සම්මුතියකට එලැඹීමෙන් පසු අපි ඉඳුරාම
ගමන් කරේ අප ටෙක්ස්ටයිල්ස් වෙතය.

*සර් වැඩේනම් හරි වාගේ. නමුත් මිනිහා
දෙබිඩිකාට්ටු වැඩක් කරයි ද….?

මම මෙි දක්වා කරපු හැම සැළසුමක් පිටුපසම තව සැළසුමක් තිබ්බා නේද ..?
මෙිකත් එහෙම තමයි. නිකමට හිතලා බලන්න කවකවමදාකවත් දැකපු නැති , කතාබහ කරලා නැති මිනිහෙක් ට මෙි වගේ දෙයක් පවරනකොට කසුන් අහපු ප්‍රශ්නය ඔීනම කෙනෙක් මගෙන් අහන්න පුළුවන්. මොකද විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ අපිට හැම කෙනාම.
ඉතින් ඒක තමයි මම සල්ලි ටික යන්තමට පෙන්නලා ලියුම් කවරයට දැම්මෙ..

*ඒ කියන්නේ ….

ඔව්… ඒ කියන්නේ ඒක තමයි. මෙි තියෙන්නෙ . කියමින් කුඩා වීඩියෝ කැමරාව මගේ කමිසයෙන් බොත්තම් සිදුරු අතරින් එලියට අරගෙන පෙන්නුවෙමි.

*ඒ කියන්නේ සර් මෑන්ව බ්ලැක්මෙිල් කරා..

ඔව්… මෙිකෙ හඬ අයින් කරලා වීඩියෝ එක විතරක් පරිස්සම් කරලා තියාගන්නවා. එතකොට හරි. මොකද කතාබහ දැම්මොත් අපේ සැළසුම අවුල් යනවා. සැළසුම ඒ අයුරින්ම ක්‍රියාත්මක වුනොත් හරි. නැත්නම් මිනිහත් ඇතුලෙ.

ඔය වගේ මිනිස්සු එක්ක ගණුදෙනු කරනකොට මෙි වගේ වැඩ කරන්නම වෙනවා අපිට. නැත්නම් අපි අමාරුවෙ වැටෙනවා. මොකද මෙතන තියෙන්නෙ විශ්වාසය ගැන ප්‍රශ්නයක්. අපි බලමු නේද….?

**සර් මම ඇතුලට එන්නද…?

මා එන්න නියෝජිත ජනිත්. මොකක්ද ඔය කොලය…?

**සර් සේපාලිකා ගෙන පණිවිඩයක්…

පණිවිඩයක් …. කෝ දෙන්න බලන්න…
TD , NGT , MTTG , CNCD..
හ්ම්ම්… අපි අදට වැඩෙි නවත්තමු.

*ඒ මොකද සර්…

මෙික අරගෙන කියවලා බලන්න.

*කෝඩ්වර්ඩ් නේද…. මොකක්ද මෙි කියලා තියෙන්නෙ…?

හ්ම්ම්… කසුන් මහත්තයා මෙි භාෂාව නම් හොඳට හදාරන්න වෙනවා. තියරිය කරා වගේම මෙව්වා ප්‍රායෝගිකව විසඳන්න වෙනවා. ඒක ලොකුම අඩුවක් අපරාධ විමර්ශකයෙකුට ..

හොඳයි….

TD කියන්නේ Today කියන වචනය කෙටි කරලා. එතකොට NGT කියන්නේ Night කියන වචනය කෙටි කරලා. ඒ වගේස MTTG කියන්නේ Meeting කියන වචනය කෙටි කරලා. අවසාන වශයෙන් CNCD කියන්නේ Cancelled කියන වචන කෙටි කරලා….

*ඒ කියන්නේ Today Night Meeting Canceled. අද රාත්‍රි හමුව අවලංගු කරලා.

ඔව් …. කෝඩ් නෙමෙි මෙවා කෙටි යෙදුම්.
කෙටි කරපු හන්දා Meeting has been Cancelled වෙනුවට has been අයින් කරලා. නමුත් තේරුම් ගන්නාට එතන හානියක් නැහැ. මොකද අර්ථය එකයි නෙ.

**ඒ කියන්නේ මොකක්හරි අවුලක් තියනවා..

ඔව් එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. පේනවා නේද මම කලින් කියපු කතාව සේපාලිකා කියන්නේ.
සාධාරණ හේතු දක්වන කතා මාලාවකට ආරූඪ වෙච්ච අප වගේම රහස් සංවිධානයක නියෝජිතයෙක්. මෙි වගේ කෙටි යෙදුම් වලින් ඒක මනාවට පැහැදිලි වෙනවා.

*ඒ කියන්නේ එයා දැන් දන්නවා. අපි එයාගැන දන්නවා කියලා.

ඔව් කසුන්… එදා මල්වත්තේ එයාව මම අඳුරගත්තෙ අතේ මහපට ඇඟිලෙන්.
ඒකෙන් එයා දැනගත්තා අපිගැන හොඳටම. එයා හිතුවට වඩා අපි වැඩිදියුණු වෙච්ච කණ්ඩායමක් කියලා එයා දැනගත්තා. ඒකයි මෙහෙම ලියමන් අපිට එවන්නේ. එයාගෙ වෘත්තීය මට්ටමින් එයා වැඩෙි ගෙනියනවා කියන එකට ඉඟියක් තමයි මෙි.

*මෙිකත් හරියට කොන්දගෙ රුපියල වාගේ නේද සර්…

ඔව් කසුන්… එයාලගෙන් අපි අහන්නෙත් නැහැ , එයාල අපෙන් අහන්නෙත් නැහැ. ඒ වුනාට පොයින්ට් එක තමයි රුපියල.
තව විදිහකට කිව්වොත් ජපන් භාෂාවෙන් කතා කරන්න පුළුවන් ජපන් භාෂාව දන්න කෙනෙක් එක්ක විතරයි නෙ. ඒක අවබෝධ කරගන්න පුළුවන් අයට විනා වෙන නොදන්නා අය එක්ක ඒ විෂය ගැන කතා කරලා වැඩක් නැහැ.

හරි…. නියෝජිත ජනිත්… ප්‍රොන්ටෝ අපේ වැඩෙි කරාද…?

**ඔව් සර්….

වෙරිගුඩ්… ඒක එහෙම දුවනකොට. ඔය දෙන්නා පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්න සුපුරුදු පරිදි. මම ජොනිට කතා කරන්න යන්නෙ.

මගහරින ලද ඇමතුම් හතරකට පසු පස්වන ඇමතුමට ප්‍රතිචාර දක්වමින්

⁣ජොනි - හෙලෝ… බොසා….

ජොනි.. මොකද මගෙ වැඩෙි…

⁣ජොනි - වැඩෙි හරි බොසා.. පැහැදිලි උත්තරයක් තියනවා.

හ්ම්ම්… කියන්න බලන්න…

⁣ජොනි - ඔය කියන වාහන වලින් NPWA xxxxxx කියන නම්බර් එක තියෙන වාහනේ කළුතර පන්සල පහුකරලා ගිහින් කිලෝමීටර් එක හමාරකට පස්සේ
මුහුද පැත්තට හැරිලා යනවලු.

හ්ම්ම්… එතකොට අනිත් එව්වා …

⁣ජොනි - එව්වා ගැන තොරතුරක් නැහැ තවම බොසා… හැබැයි ඔය නියපු නම්බර් එක තියෙන වාහනය මෙි ලඟපාත සයිවර් කඩෙිකට යනවලු.

සයිවර් කඩෙිකට….

ජොනි - ඔව් බොසා.. මොකක්ද ලොකු සුදුපාට පෙට්ටියක් අරගෙන තමයිලු කඩෙි ඇතුලට යනවා කියන්නේ. පැයනට විතර පස්සේ ආපහු යනවලු.

හ්ම්ම්… එහෙමත් එකක් ද..? එතකොට
මොනවගේ අයද එනවා කියන්නේ.

ජොනි - කොණ්ඩය ක්‍රේල් කරපු කළුඋස මහත හාදයෝ දෙන්නෙක්.

වෙරිගුඩ් ජොනි…. නියමයි. හරි…. මගෙන් මොනවද තමුසෙට වෙන්න ඔීන…

⁣ජොනි - මොකුත් නෑ බොසා මම වෙනුවෙන් කරපු දේවල් හොඳටෝම ඇති.

නෑ නෑ ඉදිරියේදී තවත් සහන රැසක් බලාපොරොත්තු වන්න..

⁣ජොනි - අපෝ…. එපා බොසා. දුන්න සහන හොඳටෝම ඇති. අවසානයේ යටඇඳුමත් දාලනෙ ගියේ…

නෑ නෑ ඒ වැඩි කරපු විරුවනෙ.
මම එහෙම නැහැ මම දෙන සහන ලඟදීම ප්‍රවෘත්ති වල කියයි. එතකොට හිතාගන්න බැරියැ. හරි…. හරි ඒකෙන් වැඩක් නැහැ. සිප්පියා ගෙ ගතමන්ට් එක තව දවස් තුනකින් ලැබෙයි. මොකද මම එයාලට දවස් පහක කාලයක් දුන්නා.
මොනවා වුනත් තමුසෙ රැකිලා ඉන්නවා.

ජොනි - හරි බොසා ජයවේවා…..

එහෙනම් මහත්වරුනි… අපි දියත් කරපු අභ්‍යාසයන් සාර්ථක වෙලා තියෙනවා.
දැන් අපි ටික ටික උන් ඉන්න තැනට කිට්ටු කරන්න ඔීන. කළුපාට මහත එවුන් දෙන්නා අප්‍රිකන් දෙන්නා වෙන්න ඔීන.
*එතකොට සුදුපාට පෙට්ටිය මොකක්ද..?

මොකක් වෙන්න ඇද්ද ….?

**සර් මම හිතන්න ඍජුෆෝම් පෙට්ටියක් වෙන්න ඔීන…

විශිෂ්ඨයි නියෝජිත ජනිත්…. ඔව්… ඒක ඍජුෆෝම් පෙට්ටියක් වගේම ඒකෙ ඇතුලෙ තියෙන්නෙ දියවෙනසුළු දෙයක්…

*ඒ මොනවද සර්… ඒ…?

මොනවා වෙන්න ඇද්ද ….? බලන්න කියමු.

*හ්ම්ම්… සයිවර් කඩෙිකට සුදුපාට ඍජුෆෝම් පෙට්ටියක්. ඒකෙ ඇතුලෙ දියවෙනසුළු දෙයක් ….

ඔව්… දියවෙනසුළු දෙයක්….

**සර් පොයින්ට් එක මොකක්ද…

හහ් හහ් හා..එහෙම එකකුත් ඔීනද….?
හරි… කමක් නෑ. පොයින්ට් එක තමයි වෙන මොකවත් නෙමෙි. සයිවර් කඩෙිමයි.

*ඉන්න බලන්න …. හරි… ඉස්සො…
ඔව් උත්තරය ඉස්සො …

හරියටම හරි මහත්වරුනි…. උත්තරය ඉස්සො. සතියනට සැරයක් කටට, රසට කෑම ටිකක් කන්න ඔීන හන්දා ඉස්සො ටිකක් අරගෙන ඇවිත් සයිවර් කඩෙි කෝකියන්ට කියලා රසට උයාගෙන අරගෙන යනවා නැවත ඇතුලට. එකෙන් තේරෙනවා උන් කරගෙන යන්නෙ ඉස්සො ෆැක්ටරියක් කියලා. නියමයි .. නියමයි මහත්වරුනි .. නියමයි …

හැබැයි තව බරපතල කාරණයක් තියනවා අපිට තරමක හෝ වාසිදායක වන..

**ඒ මොකක්ද සර්…. ?

හිතන්න පුළුවන් ද… ඒක බොහොම සියුම්ව හිතන්න ඔීන දෙයක්. අපරාධ ගවේෂකයෙකුට තිබිය යුතුම දක්ෂතාවයක්.

**හැබෑටම මොකක්ද සර්…..

මතක තියාගන්න හැම සෙනසුරාදාවකම උන්ටික කුණුවෙන්න බොනවා කියන එක.
ඒකට අවශ්‍ය කටගැස්ම තමයි ඔය ඇවිත් හදාගෙන යන්නෙ. එතකොට ඔය මහත්වරුන්ට හිතෙන්න පුළුවන්. ඇයි උන්ට ඉස්සො ඩෙවල් එකක් දාගන්න බැරිච කියලා. ඔව් පුළුවන් … මොකද බැරි. නමුත් උන් දෙමළ අය උයන ක්‍රමයට , වට්ටෝරුවට තමයි වඩා කැමති. එතකොට අයිස් පෙට්ටියක ඉස්සො අරගෙන එනවා කියන්නේ අඩුම තරමෙ ඉස්සෝ කිලෝ පහ පැනලා අරගෙන එන්න ඔීන. එහෙම අරගෙන ඇවිත් හැදුම් කුලිය දීලා කටගැස්ම හදාගෙන ගිහින් මධ්‍යසාර බොනවා වෙන්න ඔීන. ඒකනම් ඉතින් මට තක්කෙටම කියන්න පුළුවන්. ඒ වගේම තව දෙයක්.. ඒ තරම් විශේෂ විදිහට ඉස්සො උයාගෙන යන්නෙ සෑම සෙනසුරාදා දවසකම විශේෂ අමුත්තෙක් උන්ගෙ ෆාම් හවුස් එකට එනවා ඇති.

දැන් තේරෙනවා ඇති ඔය මහත්වරුන්ට මම සයිවර් කඩෙිට රිංගුවේ ඇයි කියලා.

**මෙි සේරම ප්ලෑන් ….

ඔව්… සේරම ප්ලෑන් තමයි. මම කලින් කිව්වා වගේ… හරි අපි තැන හොයාගෙන,
ඊට පස්සේ බලමු ඇතුලට කඩාවැදිලා. මොකාද එතන ඉන්න කෙරුමා කියලා.


*සර් එතකොට ජොනි යොදාගෙන කරන මෙහෙයුමට මොකද වෙන්නේ…

මොකක්ද බත් වයලට්ව යොදාගෙන කරන හුටපටයද…?

*ඔව් සර්…

ඒ හුටපටයට වඩා රවින්ද්‍ර ලොක්කව CID එකට යවලා , ඒ අනුව ඇති කරන ගැටුම
තාත්විකයි. අපි බලමු ඒක ක්‍රියාත්මක කරන්න. මොකද ගෑණු විශ්වාස කරන්න
බැහැ. ගේම අනිත් පැත්තට හරවන්න ගෑණියෙකුට ලේසියි. ඉතින් මහත්වරුනි.
හෙට අපි කළුතර බලා පිටත් වෙමු. ආයුධ සන්නද්ධව යන්න ඔීන බව මතක තියාගන්න.

**යමු යමු සර්…..

පසුදින අළුයම වෑන්රියෙන් කළුතර බලා
අප පිටත් වුනෙමු. කළුතර බෝධිය පසුකර යනවාත් සමග දකුණු පස ඇති
මහජන පුස්තකාල ගොඩනැගිල්ලට යාබදව ඇති ගසක් යට අප වාහනය නවතා , වෙරල දෙස ඇදෙන පටු මාවත ඔස්සේ ඉදිරියට පයින්ම ඉදිරියට ගමන් ගත්තෙමු. සැබවින්ම මෙය තරමක දුෂ්කර මාවතකි. කිලෝමීටර් එකහමාරක් පමණ ගෙවා යනවිට
දුර ඈත පේනමානයේ මද අඳුර මැදින් අක්කර ගණනාවක් යකඩ වැටකින් වටවුන භූමි ප්‍රදේශයක් දක්නට ලැබුනි.

කසුන් …. ජනිත්

සර්… ?

අර පේන්නෙ පොට්එක වෙන්න ඔීන. මම කිට්ටු කරලා බලන්නම් හරියටම මොකක්ද ඒක කියලා. පැය භාගයක් විතර මට ගතවෙයි. කලබල වෙන්න එපා. මම විනාඩි පහෙන් පහට මෙි ලේසර් එක ඔය පැත්තට ගහන්නම්. මට අනතුරක් වගේ නම් මම නිහඩයි. එහෙම වුනොත් හදිසියේම කඩාවදින්න ලෑස්තිපිට ඉන්න .

**හරි සර්… පරිස්සමෙන්..

හොඳයි ජයවේවා …..

මාගේ පිස්තෝලයට සයිලන්සරය හයිකරන කරන ගමන් තරමක් පහත්වී ගහෙන් ගහට මාරුවී ඉදිරියට ගමන් ගත්තෙමි. අවට සතර⁣ දෙසින් එකිනෙකට කෝණයන් කැපෙන පරිදි ඉතා උසින් යුතුව පහන් කණු දල්වා තිබුනි. ඉතාමත් ශක්තිමත් ලෙස කටු කම්බි හා යකඩ කම්බි යොදාගනිමින් අඩි දහයක් පමණ උසකින් සමන්විත දිගටම වැටක් නිර්මාණය කර තිබුනි. අධික එලිය හේතුවෙන් මීට වඩා කිට්ටුවට යාමට අනුවණකමකි. වහාම කුඩා දුරදක්නය ගෙන ඉතා සූක්ෂම ලෙස එයින් ඔබ්බට නිරීක්ෂණය කලෙමි. එහි ඇතුලෙහි විදුලි පහන් නිමාදමා තිබුණ බැවින් කිසිවක් මාගේ ඇසට ගෝචර කරගන්නට නොහැකි වුනි. නැවත හැරි ලෙසර් කදම්බයක් පාර දෙසට විහිදුවා නැවත
ඉදිරි භූමිය දෙස සුපරීක්ෂාකාරීව බලා සිටියෙමි.

එහි ප්‍රධාන ගේට්ටුවට සමානුපාතිකව මා සිටින බැව් හැඟී ගිය නිසාවෙන් කෝණය වෙනස්කිරීමේ අරමුණින් වම් පසට ගමන් ගත්තෙමි. නැවතත් ගහෙන් ගහට මාරුවී මීටර් පනක් පමණ ලංවෙන්නට හැකියාව ලැබුනි. නැවත වරක් ආසු හැරී , ලේසර් කදම්බය ප්‍රධාන මාර්ගය දෙසට එක්වරක් යොමුකර , ආපසු බලනවිට විදුලිය විසන්ධි වීමක් දක්නට ලැබුනි. මෙතෙක් වෙිලා සතර අතින්ම ආලෝකය විහිදුවා තිබූ මෙම ආරක්ෂිත කලාපය
අඩ අඳුරෙහි ගිලුනි. වහාම එය ආශිර්වාදයක් කරගෙන කම්බි වැට ආසන්නයට ගමන් ගත්තෙමි. නැවත වතාවක් සාක්කුවට අත දමා කුඩා දුරදක්නය අතට ගෙන එහි කාචය තුලින් ඇතුලාන්තය නිරීක්ෂණය කරන්නට පටන් ගත්තෙමි. ලොකු ගොඩනැගිලි තුනක් හා රථ ගාලක්ද එතනින් ඔබ්බට
නිල් පාටට තටාකයක් බදු දෙයක් පෙනුන නමුත් එය අඳුරෙ ඇති බැවින් හරියාකාරව
නිශ්චය කිරීමට මාහට නොහැකි විය.

තවත් මෙතන රැඳී සිටිම අවධානම් සහගත දෙයක් බැවින් ක්ෂනිකව එතැනින් පියවර තබමින් , ගහෙන් ගහට ආවරණය ගනිමින් ආපසු එන ගමනේදී මීටර් හැත්තෑ පහක් පමණ ගෙවාගෙන එනවිට නැවත බලසැපයුම සක්‍රීය විය. අවසානයේ තම සහයක නියෝජිතයින් වෙත පැමිණියෙමි. මහත්වරුනි … ඉක්මනට මෙතනින් මාරුවෙමු. තිදෙනාම වේගයෙන් පයින් ගමන්ගෙන වෑන් රථයට ඇතුළු වී , වෙිගයෙන් ආපසු ආවෙමු. කිලෝමීටර් පහක් පමණ ගෙවා ආපසු වෑන්රිය පාරෙන් ඔබ්බට ගොස් නවත්වන මෙන් නියෝජිත ජනිත් වෙත විධානය කරෙුවෙමි.

**හරි සර්…

විනාඩි පහක් පමණ නිශ්ශබ්දතාවයක් පැවතියේ මගේ කල්පනා කිරීම හමුවෙි
අනිත් නියෝජිතයින් දෙදෙනා නිහඬ වීමෙනි.

*සර්… What happened…?

Yes… kasun its had some special thing i think.

**සර් කියන්නේ මිල්ටන් කියපු දේවල් හරි කියලද….?

ඔව්… මහත්වරුනි.

*ඔීහ්… එහෙමද…? එතකොට සර් එච්චර තදින්ම කල්පනා කරේ මොනවද…?

කසුන්… මෙික මම අනුමාන කරා වගේ මහා පරිමාණයේ ⁣ඉස්සො ගොවිපලක්
වගෙ පේන්නෙ. මගේ අනුමානය නිවැරදියි ජොනි දුන්න තොරතුරු ප්‍රකාරව බැලුවොත්. ඒ විතරක් නෙමෙි සුවපහසු ෆාම් හවුස් එකකුත් තියනවා. තවත් ගොඩනැගිලි දෙකකට අමතරව. මම තදින්ම කල්පනා කරේ මෙික ඇතුලට රිංගන්නේ කොහොමද කියලා. විශ්වාස කරන්න අපි ලඟ තවම වාසනාව කැරකෙනවා.
හරි වෙලාවට එතන බලසැපයුම අක්‍රීය වුනේ. ඒකෙන් මට වැට ලඟටම යන්න පුළුවන් වුනා. ඒත්… ඒ දැල් වලින් සමන්විත අඩි දහයක් උස වැට හන්දා මට ඇතුලෙ තියෙන කිසිම දෙයක් පැහැදිලි ව
බලාගන්න බැරිවුණා. ඒකෙ තේරුම මම අසමත්වුනා කියන එක නම් නෙමෙි.

හොඳට කල්පනා කරලා බලන්න එතන බලසැපයුම අක්‍රීය වුනාට , හරියටම විනාඩි දෙකෙන් බලසැපයුම සක්‍රීය තත්වයට ආවා. ඒකෙ තේරුම ස්වංක්‍රීයව වැඩ කරන විදුලි ජෙනරේටර් පද්ධතියක් උන් සතුව තියනවා කියන එක වගේම , බොහෝදුරට මුරකරුවන් හැම මුල්ලකම නැති එකෙන් පෙනී යන්නේ මෙි වැටට රාත්‍රි කාලයේදී විදුලි සැපයුමක් ලබාදෙනවා ඇති. ඒකයි විනාඩි දෙකක් තුල විදුලි බල මණ්ඩලයේ සැපයුම අක්‍රීය වුනත් , උන්ගේ ඇතුලේ විදුලි ජනක සක්‍රීය වෙන්නෙ. මම ප්‍රායෝගිකව දැනගෙන හිටියා ඔීනම විදුලි සම්බන්ධතාවයක් විසන්ධි වුනාට පස්සේ විනාඩි දෙකකින්
යථා තත්ත්වයට පත්වන බව. ප්‍රධාන රැහැන් පද්ධතිය එහෙම නොවුනත්, ඇතුලෙ එහෙම එකක් තිබුනොත් කියලා. ඒ හන්දා තමයි මම ක්ෂනිකව එතනින් මාරු වුනේ.

**හපොයි සර්… ඒ කියන්නේ. ඒක ඇතුලට යන්න බැරිද…?

ඔව්… සාමාන්‍ය විදිහට යන්න බැහැ.
මම වැට ලගට ගියෙත් කැමරා දිහා බලාගෙන හැරවුම් කෝණය මාරුවෙනකම් ඉඳලා. මෙච්චර සිකුරුටි එකක් පාවිච්චි කරන්නේ මුන් ඉස්සෝ හොරු ගනියි කියලා නම් හිතන්න එපා. ඒක හරිම මෝඩ විහිළුවක්.

*ඉස්සො නෙමෙි සර් රත්තරන් තිබ්බත් ඔය කියන විදිහට එපමණ ආරක්ෂාවක් අවශ්‍ය නැහැ.

ඔව් කසුන්… එතකොට මම කල්පනා කරේ ලොකු වාහන පාර්ක් එකක් තිබ්බා ඇතුලෙ.ඒ වගේම බවුසර් දෙකක් ද තිබ්බා. ඒකෙ තේරුම ඇතුලෙ තටාක වලට වතුර ගේන්නේ උන්මයි. එතකොට අමුත්තන් ඇතුලට ගැන්න වුවමනාවක් නැහැ නෙ. එහා පැත්තෙ මුහුද . එතනින් මෙතනට ගේන එක විතරයි කරන්න තියෙන්නෙ. ඒකත් පේන මානයේ ඉඳලා.

**ඒ කියන්නේ කාටවත් එලියෙන්
කිසිම දෙයක් ගේන්න අවශ්‍ය නෑ. එහෙම ගේනවා නම් සුපුරුදු මුහුණු ටිකටම කියලා අවශ්‍ය හැමදේම කරගන්න පුළුවන් …

ඔව් නියෝජිත ජනිත්…. ඇත්තටම මම හිතුවෙ නැහැ. මුන් මෙච්චරම මුහුද ආසන්නයේ ඉඳියි කියලා. මම අනුමාන කරේ පාරෙන් වම් පැත්තේ ටිකක් දුරින් තියෙනවා ඇති කියලා.

*ඒකේ තේරුම ජල සැපයුම්කරුවන් විදිහට අපිට යන්න තියෙන අවස්ථාව ගිලිහුනා කියන එක නේද…

සැබවින්ම ඔව් ….. මොකද උන්ගෙම එවුන් ඉස්සෝ වගාවට අවශ්‍ය මුහුදු වතුර උන්ම , උන්ගෙම වාහන වලින් ගේන හන්දා පිට අය අවශ්‍ය නැහැ වගේම , පිට අය ඇතුලට ගන්න වුවමනාවකුත් නැහැ.
ඒක තමයි උන්ගෙ මම දකින සුමට ක්‍රීයා පටිපාටිය. ඒක සාර්ථකයි. ඒ වගේම ඔව කියන මෝරු ඉන්න තටාකයට දෛනිකව වතුර දානවා ඇති. හැබැයි ඒ වතුර හොඳට පිරිපහදු කරලා තටාකයට මුදාහරින්න ඔීන. නැත්නම් වතුර වල විනිවිදභාවය ගිලිහෙනවා.

*එතකොට සර් මෙහෙම මෝරු ඉන්නවා කියලා ප්‍රශ්නයක් එන්නෙ නැද්ද බාහිරෙන්.. ?

උන් මිනී කන මෝරු කියලා දන්නෙ අපි ටික දෙනෙක් විතරයි… අනික මෙිකෙ මහමොළකරුවා දේශපාලනයේ ප්‍රබලයෙක්. ඒකයි කිසිකෙනෙක් මෙිකට ඇඟිලි ගහන්නෙ නැත්තේ.. අපිට දැන් හොයාගන්න පුළුවන් වෙයි මෙි සැඟවුණු අමුත්තා කවුද කියලා.

**එතකොට අපි කොහොමද ඇතුලට යන්නෙ…?

විකල්ප තුනයි තියෙන්නෙ. මම ඒ විකල්ප තුන ගැන තමයි කල්පනා කර කර ඉන්න අතරතුරේදී තමයි මෙි කසුන් මහත්තයා හොස්ස දැම්මෙ. (මදක් සිනාසෙමින් )

*අනේ සොරි සර්…..

නෑ ඒකට කමක් නැහැ. මම ඒක විහිළුවට වාගේ කිව්වෙ. මම මෙි කතා කරන අවස්ථාවෙත් මගෙ යටි හිත වැඩසටහන සම්පාදනය කරනවා.

**හෑහ් එහෙම පුළුවන් ද…..

මට පුළුවන් …. හොඳයි මම විකල්ප තුන පැහැදිලි කරන්නම්.

අංක එක - නව සේවකයෙකු ලෙස එතනට වැඩට යාම. නමුත් ඒක එතරම්ම සාර්ථක නැහැ. මොකද සේවක පුරප්පාඩු නැති වුනොත් අපිට ඒකෙ වැඩට බලෙන් යන්න බැහැ නෙ.

අංක දෙක - අළුත් ගැණුම්කරුවෙකු විදිහට ඇතුල්වීම. නමුත් ඒකත් එතරම්ම සාර්ථක නැහැ. මොකද මෙච්චර පරිස්සමෙන් කරගෙන යන ව්‍යාපාරයකට
හිතන්න බැහැ අළුතෙන් ගැනුම්කරුවන් ගනියි කියලා.

*ඒ කියන්නේ මෙතන තියෙන්නෙ කාලය පිලිබඳව ප්‍රශ්නයක්. මොකද කාලය ඔීන
මුන්ගේ ඇතුලේ පරිපාලකයින්ගේ විශ්වාසය දිනාගන්න.

හරියටම හරි කසුන්… අපිට නැත්තේ ඔන්න ඔය කියපු ප්‍රමාණවත් කාලය තමයි.

**සර් එතකොට … මොකද කරන්නේ ඔය දෙකම ප්‍රායෝගික නැත්නම්.. ?

තවත් හොඳ ප්‍රශ්නයක් …. ඒකට කරන්න තියෙන්නෙ කඩාවැදීම විතරයි. ඒක තමයි මගෙ තුන්වන විකල්පය.

*කඩාවැදීම ….?

ඔව් … කඩාවැදීම. රහසිගත කඩාවැදීමක්‍. වෙන ඒකට විකල්පයක් නැහැ.

**ඒක කරන්නේ කොහොමද…?

හහ් හහ් හා…. ඒකටත් මම ලඟ තියනවා ප්ලෑන් එකක්. ඒක අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඔීන. හරි…. දැන් පාරත් නිරවුල් අපි දැන් යමු….


මතු සම්බන්ධයි……..





Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now