⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 15 වන දිගහැරුම ⸎

`` නීත්‍යානුකූල පැහැරගැනීම ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔබටත් එසේම වේවා යාළුවා…
හ්ම්ම්… එහෙනම් පීටර් ලෑස්තිවෙන්න
එදා හරියටම මොකක්ද වුනේ කියලා අපිට කියන්න.

මෙතැන් සිට…….

**ඩග් ඩග්….

හා එන්න නියෝජිත ජනිත් …. ඇවිත් වාඩිවෙන්න…

**බොහොමයක් ස්තුතියි සර්…..
ඉතින් මොනවද අළුත් තොරතුරු.


හ්ම්ම්… මට ලැබුනා තවත් ලොකු පොයින්ට් එකක්. ඒකෙ සැකයේ වාසිය අපිට ලැබුනොත් , මෑන්ව උස්සන්න ඔීන.

**හැබෑටම කවුද ඒ….

මෙි ලිපිගොනුවෙ පලමු සාක්ෂිකරු.
එයාගෙ සාක්ෂිය ගැන ප්‍රශ්නයක් නැහැ . නමුත් එයාගෙ දින චරියාව සමඟ සසන්දනය කරාම පොඩි නොගැලපීමක් තියනවා . පොඩි කිව්වට පොඩිම නැහැ. මෑන්ගෙ නම පීටර්.. මෑන් මම ගැන හෙට උදෙන්ම හෝදිසි කරලා. අපිට වාසිදායක නිගමනයකට එන්න පුළුවන් වුනොත් හෙටම අතුරුදහන් කරලා දාමු.

**ඒ කියන්නේ අනපේක්ෂිත ප්‍රශ්න කිරීමක්..

ඔව් …. එහෙම එකක්. නීත්‍යානුකූල පැහැරගැනීමක් කිව්වත් නිවැරැදියි. මෑන්ගෙ හොම්බ තලලා හරි. ඇත්ත දැනගන්න ඔීන.

**හොඳයි සර් සනාථ කරගෙන කියන්න.
මම එන්නම් පීටර්ව අනාථ කරලා දාන්න.

ඔව් ඒ වගේම. මම හෙට හවස යනවා අර පාළු ගෙදර සෝදිසි කරන්න. හෙට මට ඉතාමත් කාර්යාබහුල දිනයක් වේවි.

**හා…. මට අමතක වෙනවා තව ටිකෙන්.
ඔය පාළු ගෙදර අයිතිකාරයා ඉන්නෙ දැනට ඉතාලි වල. මෑන්ගෙ නම `` වෝල්ටර් සපරමාදු ´´ විදේශගතවෙලා අවුරුද්දක් විතර වෙනවා.

නියමයි.. බොහොමයක් ස්තුතියි…
අපිට වැඩ ගොඩක් තියනවා…. ඉදිරියට.
ගෝල්ෆේස් ආපු කළු හාදයා කවුද , කොහෙද ඉන්නෙ කියලා හොයන්න ඔීන.
ශාන්තගේ ටෝච් එක ගන්න ඔීන. මරදාන රෝහල ඇතුලෙ ඉන්න කණ්ඩායම ගැන තොරතුරු වගේම.
පොලිස් උන්නැහේ ගැන ⁣තොරතුරු වගේම, ඔය පණිවිඩ හුවමාරු කරන පිරිස හරහා මෙිකෙ මහමොළකරුවා හොයාගන්න ඔින. මොනවා කරන්නත් අපිට කාලය සීමිතයි. මෙි ඝාතකයා අල්ලගත්තා නම්. අර නිර්දෝශි කොල්ලව එලියට ගන්න පුළුවන්.

**ඔව් සර් මට තේරෙනවා…. අපි ගේමට බහිමු. අපිට තව මාසයක් තියනවා. මෙික ඉවරකරලා දාන්න පුළුවන්..

ඔව් නියෝජිත ජනිත් … ඔයා හිතනවද මෙි මිහිරාණි මෙනවිය මැරුන එකට මෙි කල්ලියේ සම්බන්ධයක් තියනවා කියලා.

**ඔව් සර්… මෙිකට ඍජුවම සම්බන්ධයි.

ඔව් … ඒක හරි. වැඩෙි කියන්නේ කොල්ව නිර්දෝශි කියලා ඔප්පු කරාම . අනිත් එවුන් ටික හැංගෙනවා. අන්න එතනයි අපිට තියෙන ලොකුම අවාසිය.

**සර් අපිට පුළුවන් නෙ. කාලය මදි වුනොත්, කොල්ලව ජීවිතාන්තය දක්වා ඇතුලට දැම්මොත් , ඒක අභියෝගයට පත්කරලා නැවට ඉල්ලුම් කරන්න..

ඔව් පුළුවන්… ඒත් සාපරාධී ක්‍රියාවක් හන්දා අපිට හුඟක් අමාරු වෙනවා. ඒකට කරන්න තියෙන්නෙ. අද මිනීමරුවා
අත්අඩංගුවට අරගෙන. හෙට සේරම වටලන්න ඔීන. නැත්නම් සේරම අතුරුදහන් වෙනවා. ඒ හන්දා එක දවසේ මෙි ජාලයම අත්අඩංගුවට ගන්න වෙනවා. ඒ ක්‍රියාවෙිදි කීප දෙනෙක් බරපතළ තුවාල වෙන්නත් පුළුවන්. අපිට ආපේ අවිආයුධ ටික සුද්ද කරලා තියාගන්න වෙනවා. ඒ වගේම මම ලොකු අවධානමකට පත්වෙනවා නුදුරේදීම. සමහරවිට මට වෙඩි කන්නත්, එතනින් එහාට කූරියා ගහන්නත් වෙයි ද දන්නෙ නැහැ ( සිනාසෙමින් )

**හෑහ් …. එහෙම වෙන්න දෙන්න පුළුවන් ද. ඊට කලින් අපි ඉස්සර වෙමු.

ඔව් ඒක ඇත්ත .. අපි බලමු නේද…

**සර් හරියන්නේ නැහැ . එක එකා අතුරුදහන් කරමු.

ඔව් අපි… හරියටම සිද්ධිය සනාථ කරගෙන. සවිස්තරාත්මක වාර්තාවක් Dark Head ට දීලා, එයා හරහා ආරක්ෂක ලේඛම්ට දැනුම් දීලා , සම්පූර්ණ අනුමැතිය ගන්න ඔීන.

**බලන්න සර්… මුන් කීදෙනෙක් මරලා තියනවද.. මෙි ජාවාරම් කරන්න. ඉතින් ඒ මරණ වලට අපිවත් සාධාරණයක් කරමු.

ඔව් නියෝජිත ජනිත්. අර කතාවක් තියනවා නේද `` කොට්ටෝරුවා හැම ගහටම කොට කොට යනවා , කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා ´´
කියලා. ඉතින් මිහිරාණි කියන කෙසෙල් ගහට කෙටුව එකෙන් වැඩෙි ගැස්සුනා.

**ඔව් සර්… එතකොට ඔය පොලීසිය. මෙි ගැන විමර්ශනය කරන්නෙම නැද්ද.

මම දන්න තරමින් බඩුත් එක්ක හොරු අහුවුන හන්දා. කේස් එක යන්නා වාලෙ යනවා ඇති. අපිවාගේ රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා කියලා මමනම් හිතන්නේ නැහැ.

**හොඳයි සර්….. මම ගිහින් එන්නද.
මොනවාහරි අවශ්‍යතාවයක් තතියනවා නම් මට කියන්න.

බොහොමයක් ස්තුතියි. වාහනයකුයි. තව දෙන්නෙකුයි ලෑස්තිපිට තියන්න. මම කතා කරපු සැණෙන් එන්න. වෙන මොකුත් දැනට නැහැ. එහෙනම් සුභ රාත්‍රියක් යාළුවා ..

**හරි සර්… සුභ රාත්‍රියක් වේවා…

පසුදින….

පෙ:ව හයේ කනිසමට ලඟාවෙත්ම මා
පෙරහැර මාවතේ තම යතුරුපැදිය පාරෙ අයිනක නවතාගෙන එහි හෝරාවක් පමණ තම යතුරුපැදියේ දෝෂයක් ඇතිබැවු යන එන අයට පසක්කිරීමට උත්සාහ ගන්නා අතරතුර මාළු පීටර් තම පෙට්ටි බසිසිකලය රැගෙන ඒවියැයි බලාපොරොත්තු සහගත ලෙස ගල් ගෙවූවත් එවැනි වෘත්තීය ලක්ෂණ පෙන්වූ කිසිදු අයෙකු ආවෙ නැත.

හදිසියේම එක් අයෙකු තම යතුරුපැදිය නවතා මා අසලට පැමිණ
*මොකද මල්ලි අවුලක්ද…?

ඔව් මහත්තයා… මම මරදානෙ සනුල බත් කඩෙ වැඩ කරන කෙනෙක්. මට මෙි පීටර් අයියා මුනගැහෙන්න ඔීන. කොහෙද ඉතින් මෙි මගුල කැඩුනනෙ මෙතනම.

*ෂුවර් එකටම තෙල් බ්ලොක් එකක් ඇත්තෙ. තෙල් තියනවා නේද..

අපොයි තියනවා. ටැංකිය පිරෙන්නම තියනවා. අද හදිසි දවල් බත් ඔීඩරයක් ආවා. මාළු ටිකක් ගන්න තමයි මෙි පීටර් අයියා හොයන්නෙ. මම තැන දන්නෙත් නෑ ආවට. මොකද වෙනදා එයා අපිට මෘළු ගෙනැත් දෙනවා නෙ.

*අයියෝ මල්ලි මිනිහා සතිඅන්තවල මාළු විකුණන්නෙ නැහැ. අද ගියාට වැඩක් නැහැ.

ඔය ඇත්තමද …?

*මල්ලි …. මල්ලිට කියන්න.. මම මේ වැයික්කියේ ඉන්නෙ අවුරුදු විස්සක ඉඳලා. මම අද වෙනකම් දැකලා නෑ මිනිහා සතිඅන්තවල මාළු විකුණනවා.

අයියෝ එහෙමද… එතකොට ගෙදර මාළුත් නැද්ද..

*හ්ම්ම්… මම හිතන්නේ ඉතුරු එව්වා. එයා කරවල කරනවා. අමුවා තියා ගන්නෙ නැහැ.

ඒකත් එහෙමද මදැයි කොරා….

*හරි හරි … මල්ලි ටැංකියේ රොඩු ඇති. කෝකටත් මුඩිය ගලවලා ටැංකි කටට පිඹලා බලන්න..

එහෙමද…. ඉන්න බලන්න. කියමින් ටැංකිය මූඩිය විවෘතකර , එහි කටට
තම කට තබා ලොකු හුස්මක් ගෙන පිම්ඹෙමි.

*හරි…. දැන් බලන්න …

හරිනෙ අයියේ … බඩු ස්ටාර්ට්..( පුහු සතුටක් මුහුණින් පෙන්වා )

*ඒකනෙ මල්ලි …. වාහන පැද්දට වැඩක් නැහැ . පොඩි පොඩි ලෙඩ තමනිම හදාගන්න දැනගන්න ඔීන. නැත්නම් අතරමග තමයි…

ඒක ඇත්ත කතාව. අනේ අයියේ තෑන්ක් යූ.

*හරි මල්ලි එහෙනම් එලකිරි… අපි ගියා.

හොඳමයි අයියේ…. තව දුරටත් මෙය සැකහැර දැනගැනීසට මාහට වුවමනා හන්දා යතුරුපැදිය පණගන්වා පටු මාවත ඔස්සේ දිගටම ගමන් කෙරුවෙමි. මිහිරාණි මමෙනවිය මියගිය නිවස පසුකර නිවාස දෙකක් ගිය පසු මාළු පීටර්ගෙ නිවස පිහිටා තිබුණි. මා යනවිටත් තරමක උස මහත හාදයෙකු
මිදුල අතුගාමින් සිටියි.

තම යතුරුපැදියේ නලාව වාද කර, ඔහුගේ අවධානය ගත්තෙමි.

*කවුද … මොකක්ද කෙරෙන්න ඔීන…?

අර…මාළු පීටර් අයියලාගෙ ගෙදර කෝකද අයියේ…?

*මාළු පීටර් කියන්නේ මට තමයි. ඇයි මිස්ටර් මොකක්ද ප්‍රශ්නයක් ද…?

මම……… මරදාන සනුල බත් කඩෙිට අළුතෙන් ආව එක්කෙනා. මම ආවෙ මාළු තියනවද කියලා බලන්න…?

*සනුල බත්කඩෙි….. හ්ම්ම්… හා හරි හරි. හැරිස් මුදලාලිගෙ කඩෙි නේද…?

ඔව් ඔව්…. හැරිස් මහත්තයාගෙ තමයි.

*මෙිකයි මල්ලි කේස් එක. මම සතිඅන්තවල මාළු විකුණන්නෙ නෑ. ඇයි හැරිස් මහත්තයා ඒක දන්නෙ නැද්ද.

දන්නවා දන්නවා අයියේ… ඒත් ඉතින් අළුතෙන් හදිසි ඔීඩරයක් ආව හන්දා. මෝදර පැත්තෙ යන්න කලින් කෝකටත් මෙහෙත් බලාගෙන යන්න කිව්වා මට.

*හා…ඒකට කමක් නැහැ. මල්ලිගෙ නම මොකක්ද.. ?

මම ජගත් ….

*හරි හරි…. එහෙනම් මෝදර පැත්තට ගිහින් ගන්න. මොනවා කරන්නද…

හා……. ඒකට මොකද. මම ගිහින් එන්නම් එහෙනම් අයියේ..

*හා.. හොඳයි .. දෙවි පිහිටයි..

දෙවි පිහිටයි අයියේ …

වහාම ආපසු තම යතුරුපැදිය හරවාගත් මා මිහිරාණි මෙනවිය මියගිය පාළු නිවස පිහිටි වත්තට ඇතුලට ගොස්, නියෝජිත J50 හට ඇමතුමක් ලබාගත්තෙමි.

නියෝජිත ජනිත්…

**ඔව් සර්…

සැකයේ වාසිය අපිටයි. උප පරීක්ෂක කසුන් ආවද….?

**ඔව් සර්….

දැන්ම කසුන් එක්ක එන්න.. අපි හදිසි පැහැරගැනීමක් කරන්න ඔීන දැන්ම.. අපි තුන්දෙනයි, රියදුරයි ඇති ගේමට. මම ඉන්නෙ මිහිරාණි මර්ඩර් පොට් එකේ.

**ok sir….

විනාඩි දහයක් පමණ ගතවෙන්නට ඇත..

ගරා……ස්ස්… (දොර විවෘත කරමින් )

*සර් නගින්ඩ …….

කෝ…. ක්ලෝරෆෝම් එකයි ලේන්ස්වයි දෙන්න මෙහාට….

**ආ.. සර්…..

හැමෝම මාස්ක් දාගෙන මම කියන දේ අහගන්න…. අපි ක්ෂනික පැහැර ගැනීමකටයි ලෑස්ති වෙන්නෙ. කවුරුවත් පදවී නාම පාවිච්චි කරන්න එපා. විහිළු නාම පමණක් සුපුරුදු පරිදි පාවිච්චි කරන්න අමතක කරන්න එපා. මෙතන ඉඳලා මීටර් තුන්සීයක් ගිය තැන දකුණු පැත්තෙ තමයි තැන තියෙන්නෙ. වාහනය
මෙතනින් හරවගෙන රිවස් එකට යන්න ඔීන. මොකද පාර පටුයි. හදිසි පලායාමකට එතන සුදුසු මදි. හරි.. පැනපු ගමන් මම කොහොමහරි මෑන්ගෙ සිහිය නැතිකරලා ඇදගෙන එනවා. වාහනේට ආපු ගමන් , ඔය කළු රෙදි බෑග්එක ඔලුවට දාලා අතපයට මාංචු දාන්න. ඊට පස්සේ ග්‍රිඩ් 6203 නේ 4520 ට කියන තැනට යමු. මූලස්ථානයට එපා..
මෙි දේවල් මම අමුතුවෙන් කියන්න ඔීන නැහැ කියලා මම දන්නවා. නමුත් එතනදී ව්‍යාකූලත්වයට පත්වෙයි කියලා තමයි මම විස්තර කරේ කරන්න ඔීන මොනවද කියලා. හරි… එහෙනම් මහත්වරුනි ජයවේවා හැමෝටම.

වෑන් රථය පසුපසට වෙිගයෙන් ධාවනය කර නැවැත්තූ සැණෙන් මා සමග නියෝජිත J50 සමග බැසගෙන පැනපු ගමන් මාළු පීටර්ගෙ මුහුණට ලේන්සුව
ඔබා , සිහි මුර්ජා කර , වාහනයට ඇතුලට දැමුවෙමු.

ජයසූරිය යන්න .. යන්න … මම බයික් එකේ එන්නම්….

හෝරාවකට පසු ….

බකමූනො ( නියෝජිත ජනිත් ) අරූව පුටුවෙ තියලා බැඳලා දාන්න.

**හරි …. හැලිවඳුරො.

කටුස්සෝ (කසුන් ) ඔීකට වතුර ටිකක් . ඉහලා සිහිය ගන්න. අපිට වෙලා නැහැ.

රයි….ට් බකමූනෝ ඔීකගෙ මූණට එක දිගට පාරවල් පහක් ගහලා කළු බෑග් එක ගලවන්න ….

දිස් දිස් දිස්…..( පහරවල් කීපයක් හිසට එල්ලවිය)


*අම්මෝ…. ක.ක.ක.කවුද ….?

මාළු පීටර් ලොක්කා. මෙතන ප්‍රශ්න අහන්නෙ මම විතරයි. උඹට තියෙන්නෙ හරි උත්තරය දෙන්න විතරයි. හරි උත්තරය නොලැබුනොත් උඹට ගහලම මරණවා. මරලා දාලා බොඩී එක දානවා මෝරුන්ට කන්න. අවසාන කටයුතු උන්ටික බලාගනියි.

*මො මො මොනවද … සර්ට මගෙන් දැනගන්න ඔීන.

අර නර්ස් මරලාදාපු දවසේ උඹ කොහෙද හිටියේ….?

*මම මා මා මාළු විකුණුවා එදා සර්…

ඔව් ඒක අපි දන්නවා පොලිස් වාර්ථාවෙ උඹ සාක්ෂි දීලා තියනවා නෙ. ඒක අමුතුවෙන් උඹ අපිට කියන්න අවශ්‍ය නැහැ . ඒ වුනාට අපි දන්නවා ඒක බොරු කියලා . මට දැනගන්න ඔීන ඇත්ත.
ඇත්ත කියපං…

*මම සර් ඇත්ත කියන්නේ.

හා උඹ එහෙමද පීටර්…
බකමූනෝ දියං ඔය පිස්ටල් එක මෙහාට.
පිස්තෝලය අතට ගෙන පතුරම් බහාලන මැගසින් එක එලියට ගෙන, රෙඩි කර , පීටර්ගෙ නලලට තබා එක වරක් කොනා ගැස්සුවෙමි. `` ඩිග්ග්ග්´´ හඬ ඇසෙනවාත් සමග පීටර්ගේ දෑස් පියවී ගැස්සී ගිය පසු…

ඊලඟ පාර මෙිකට බුලට් ටික දාලා රෙඩි කරලා, උඹේ ඔලුව හිල් කරන්න කලින් මට ඇත්ත කියපිය. මොකද මම මිනිහෙක් මරන්න දෙපාරක් හිතන්නේ නැහැ.

*සර් සර්…. මම කියන්නම්.

ඉතින් කියපං මිනිහෝ මගෙ කාලය නාස්ති නොකර…

*පොලිස් සර් . ඔය මරණය වෙන්න සතියකට කලින් ම⁣ට ඇවිත් රුපියල් පනස්දාහක් දෙන්නම් , වැඩක් තියනවා කරනවද කියලා ඇහැව්වා.

මොන පොලිස් සර් ද….?

*රවින්ද්‍ර සර්….

හා…. හරි කියපං ඊට පස්සේ…

*ලොකු දෙයක් නෑ. කටඋත්තරයක් දෙන්න විතරයි තියෙන්නෙ කිව්වා. වැඩෙි ඉවරවුනාට පස්සේ තව පනස්දාහක් දෙන්නම් කිව්වා.

ඉතින් උඹ කැමතිවුනා….?

*ඔව් සර්…

එතකොට උඹ මුණගැසෙන්නට ආවෙ කවුරු එක්කද…?

*තනියම සර්….

හ්ම්ම්… ඊට පස්සේ කියපං ස්ටෝරිය…

*එදා මම මාළු විකුණන්න අනිවාර්යෙන්ම යන්න කිව්වා . හැන්දෑවෙ ආපසු එන ගමන් නර්ස් නෝනාගෙ කුලී ගෙදර ගිණි අරන් තියනවා දකියි. ඒ දැකපු දේ විතරක්
කටඋත්තරයක් විදිහට කියන්න කියලා.
ඉතින් මම එදා මාළු ටිකක් එහෙන් මෙහෙන් හොයාගෙන විකුණලා කාලෙ නාස්ති කරලා, ඒ වෙලාවට ආවා.

එතකොට උඹ දන්නෙ නැහැ එතන මිණීමැරුමක් වුනා කියලා….?

*මම දෙවියන් වහන්සේ ගෙ නාමයෙන් දිවුරනවා සර්…..

දෙවියන් වහන්සේ ගෙ නාමයෙන් උඹලා කරන දේවල් ජේසුස් වහන්සේ දන්නවා නම්. උන්වහන්සේ උඹලට ශාප කරනවා.
උඹලා කරන සාපරාධී වැඩවලට.
තොපි වගේ කාළ**නි හැමදේකට `` දෙයියන් පල්ලා ´´ කියලා තමයි කරන්න පුළුවන් හැම ජරාවැඩක්ම කරන්නේ.
උඹලට දෙවියන් වහන්සේ සමාව දුන්නත්, යමපල්ලා සමාවක් දෙන්නෙ නැහැ.
හරි…. ඊට පස්සේ …?

*සර් … පැය දෙකකට පස්සේ තමයි මම සේරම දැනගත්තේ.

එතකොට උඹ මරපු එවුන් දන්නවා…?

*නෑ සර්… මම දන්නෙ නෑ….

උඹ ඇත්තමද කියන්නේ…

*ඔව් සර්…..

හරි…. මම කෙටි කාලයකට මෙි ටික පිලිගන්නම්. බලපං මෙි අය අඳුරනවද කියලා . කියමින් තම දුරකථනය අතට ගෙන එහි පින්තූර ගැලරිය විවෘතකර.
ගෝල්ෆේස් හි සිටි සිව්දෙනා පෙන්වූයෙමි.

*සර්… මෙි එස්අයි මහත්තයා.
එතකොට මෙි…. ?

ඔව්… මෙි කවුද ….? ඇයි උඹ නැවතුනේ..?

*මෙි අර ඇටෙන්ඩන්ට්….

ඇටෙන්ඩන්ට් …. මොන..? කොහෙද…?

*මරදාන හොස්පිටල් එකේ වැඩ කරන්නේ.

නම මොකක්ද ….? තමුන් කොහොමද මූ අඳුරන්නේ…?

*සර් මම මාළු විකුණන සමහර දවස් වලට මෙයාව දකිනවා. පාරෙ එක එක
එවුන් එක්ක එනවා යනවා. නම නම් දන්නෙ නෑ.

හ්ම්ම් හරි…. එතකොට මූ….?

*සර්… මෙයාව නම් දන්නෙ නැහැ.

හොඳට කල්පනා කරපං… මොකද මට දෙන හරි උත්තර මත තමයි උඹ තවදුරටත් ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ප්‍රශ්න වලට හරි උත්තර ලැබුනොත්, උඹට ජීවිතය කියන තෑග්ග අපි දෙනවා. නේද කටුස්සෝ ..?

**ඔව් හැලි වඳුරො…. නැත්නම් ඌෂ්ෂ්ෂ්… උඩ තමයි… ( තම දඹර ඇඟිල්ල උඩට දික් කරමින්)

හ්ම්ම්… පේනවනෙ කටුස්සෙකුත් අනුමත කරා මගෙ යෝජනාව. දැන් උඹ ඒක ක්‍රියාවෙන් ස්ථිර කරපං. හරි.. දැන් හොඳට බලලා කියපං.

*සර්… මට මතක හැටියට මෙයාව දැක්කා පොලිස් සර් ඉතුරු සල්ලි ටික දෙන්න ආපු වෙලාවෙ. ඒ කාර්එක ඩ්‍රයිව් කරගෙන ආවෙ මෙයාද…? ඔව් මෙයාම තමයි…

උඹට ෂුවර් ද….?

*ඔව් සර්….

මතක් කරා කියපං .. මොනවද මුගෙ මූනෙ දැක්ක විශේෂ ලක්ෂණ.

*එහෙම කියන්න තරමි…. හරි මූනෙ ප්ලාස්ටර් එකක් ගහලා තිබ්බා.

ප්ලාස්ටර් එකක්…? මූනෙ කොතනද..?

*කම්මුලේ සර්….

අයිසෙ කියන දෙයක් පැහැදිලිව කියනවා මගෙ කාලය නොකා. වම් කම්මුලේ ද නැත්නම් , දකුණු කම්මුලේද…?

*වම් කම්මුලේ සර්….

හොඳයි… කොච්චර දිග ප්ලාස්ටර් එකක් ද….?

*අඟල් තුනක් විතර ඇති…. මම මූණ දිහා බැලුවට පස්සේ එයා අහක බලාගත්තා.
එතකොට තමයි මම පැහැදිලිව දැක්කෙ ප්ලාස්ටර් එක.

හර….මොකක්ද ආපු වාහනය..? පාට මොකක්ද..? නම්බර් එක මතකයිද …?

*වර්ගය මම දන්නෙ නෑ. හැබැයි පාට සුදුපාට..? නම්බර් එකනම් නිච්චියක් නෑ සර්…

හ්ම්ම් .. කමක් නෑ. කාර් එකේ හැඩය කියපං මට.

*ඉදිරි පැත්තත් , පිටිපස්සත් දිගයි..

හ්ම්ම් … ඔය කියන්නේ.. ඇත්ත. තව මොනවද වාහයේ දැක්ක දේවල්. මම කියන්නේ ස්ටිකර් වගේ දේවල් ගහලා තිබ්බද…?

*මෝස්තර …… හා ඒ දෙන්නා ආපහු යද්දී
මම දැක්කා කාර් එකේ පිටිපස්සෙ S Tigers කියලා ගහලා තියනවා.

හ්ම්ම්… තව…?

*ඒ වචනෙට යටින් කොටි අතක් තිබුනා…

හරි…. තව….?

*එච්චරයි සර්….

හොඳයි …. එතකොට මෙයා…?

*මෙයානම් මම දැකලා නැහැ.

ඇත්ත කියපං… සෙල්ලම් කරන්න හදන්න එපා..

*මගෙ අම්මපා සර්…

හරි එතකොට මූ….?

*දැකලා නෑ සර්….

හ්ම්ම්…… එතකොට මූ…..?

*ඒත් නෑ සර්…( හිස දෙපසට සොලවමින්)

හරි… උඹ මට සෑහීමකට පත්වෙන්න පුළුවන් උත්තර දුන්නා. හැබැයි උඹ ගැන අද ඉඳලා අපි ඇහැගහගෙන ඉන්නෙ.
මෙි දැන් වෙච්චි දේවල් ගැන උඹ කටක් එහෙම හොල්ලලා තිබ්බොත් , කොයිවෙලේ උණ්ඩයක් උඹේ ඔළුව පසාරු කරගෙන යයිද කියන්න මමවත් දන්නෙ නැහැ. අනික උඹ මෙහෙම අපිට දන්න දේ කිව්වා කියලා උන් දැනගත්තොත්, උඹව කම්බස් කරන්නේ අපිට කලින් උඹව. ඒ හන්දා පාඩුවෙ හිටපං. අපේ එකෙක් කොයිවෙිලේ හරි උඹට අහවල් තැනට එන්න කිව්වොත්, උඹ ක්ෂනිකව එන්න ඔීන හරිද… ?

*හරි සර්….

උඹට, උඹේ පව් සමාකරගන්න චාන්ස් එකක් ලැබුනොත් , උඹ කැමතිද ඒක කරන්න…?

*අම්මපා සර්… දෙයියන් පල්ලා සර්…

හ්ම්ම්… එහෙනම් අර මූන තුවාල වෙච්ච මෑන් ආයේ දැක්කොත්, ඌ ආපු වාහනයේ නම්බර් එක ඌට නොපෙනෙන්න කොහෙ හරි ලියාගන්නවා. නැත්නම් මතක හර තියාගන්නවා. කොයි වෙලේහරි අපේ එකෙක් එයි හමුවෙන්න ඌට තත්ත්වය කියන්න ඔීන. එච්චරයි…හොඳයි… කියමින් තම ලේන්සුව අතට ගෙන නහයට තබා තදකර, සිහිසුන් වුනාට පසු, වාහනයට දමාගෙන ගොස් ඔහුගෙ නිවස පිටුපස බිත්තියට හේත්තුකර ඉන්දවා. අපි විසිර ගියෙමු .


මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now