⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 32 වන දිගහැරුම ⸎

`` DNA වාර්තාව ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~


*හපොයි සර්… යන්න මෙතනින්. සයුරි දැක්කොත් ප්‍රශ්න පත්තරයක් අහයි මගෙන්…

හරි හරි…. ඔය මහත්තයා එන්නකෝ…

මෙතැන් සිට…..

*සර් මොකද වුනේ දෙන්නෙක් ඩවුන් නේද..?

ඔව් කසුන්… දෙන්නෙක්ව බිම දාන්න සිද්ධ වුනා. වැඩෙි ගැස්සීගෙන ආවෙ.
ඒ හන්දා කොකා ගස්සන්න වුණා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ.. ගිය දේ ගියා කොහොමත් ඔය ජීවිත වැදගැම්මකට නැති ජීවිත නේ. අපිට කොහොමහරි උදේ හය වෙද්දි තැනට යන්න පුළුවන් උනා. පොලිස් මාර්ග බාධක කිහිපයකුත් අපිට හම්බුනා. අපේ ස්පයිඩර්ස්ලා දුන්න තොරතුරු අනුව ඒ චෙක් පොයින්ට් ඒ විදිහටම දිවා රාත්‍රී රාජකාරිවල නිරතවෙලා තිබුණා.

අපිට ප්‍රශ්නයක් වුනේ නැහැ. දැන් තමයි
ද්වීපාර්ෂ සටන පටන් ගත්තෙ. ඔයා දන්නවද උන්දෙන්නා මැරෙන්න කලින් වාහනේට මැග්නට් GPS එකක් යනගමන් දමලා ගහලා තිබුනා. ඒක අපේ වාහනේ චැසියට ඇලිලා තිබ්බා..

*අම්මපා …. ඉතින් සර් කොහොමද ඒක දැනගත්තේ.

මට ඒක ඉවෙන් වගේ තේරුනා. පස්සේ මම චෙක් කෙරෙවුවා අපේ ඒජන්ට් B120 ට කියලා. ඊට පස්සේ තමයි බඩු අහුවුනේ…

*ඊට පස්සේ මොකද කරේ…..?

අපි ඒක ගාල්ල බලා යන කොච්චියේ ඇලෙව්වා. දැන් බඩු ගාල්ලෙ ඇති…

*උන් වටෙි යයි නේද…? එක පාරක් ගාල්ලට යනවා. ආයේ පාරක් වව්නියාවට යනවා.. ආයේ ගාලු යනවා.. ආයේ වව්නියා යනවා. උන් බලයි ඩොක්ටර්ට පිස්සුද කියලා… එහෙම නැත්නම් සැර බීමක් බීලාද කියලා.

ඒක ඇත්ත තමයි… ඒක ටිකක් සැර ආතල් එකක් නේද…?
ලේනා ජම්බු ගහට ආයේ නගියි..
ආයේ බසියි…
ලේනා ජම්බු ගහට ආයේ නගියි..
ආයේ බසියි…
GPS එකෙ බැටරි බහින කමිම, ලේනා නගිනවා බහිනවා….
(දෙදෙනාම සිනාසෙන්නට විය)

*හොඳ වෙලාවට නියෝජිත ජනිත් මෙතන නැත්තේ… එහෙම වුනානම් හිනාවෙලා පණ යනවා.. කොහොම වුනත් උන් දැන් හැමදෙයක් ගැනම සැකයෙන් බලයි…

අනිවාර්යයෙන්ම උන් සැක කරයි උන්ගෙ විරුද්ධ පාර්ෂවයෙ වැඩක් කියලා. අපිත් ඉක්මනට හොයාගන්න ඔීන උන්ට විරුද්ධ පාර්ෂවයක් ඉන්නවද කියලා. එහෙම නැත්නම් අපි එහෙම විරුද්ධ පාර්ෂවයක් නිර්මාණය කරන්න වෙනවා. මොකද මෙි දේවල් වල වගකීම් අපිට ගන්න බැහැ.

*ඒක ඇත්ත තමයි….

හ්ම්ම්…… එතකොට මොකද තත්වය සයුරිගෙ.

*වරදක් නැහැ සර්… අද මම ගාණෙ ඇඳුම්
වලට වියදම් කරේ…

හ්ම්ම්…… තව දවස් දෙකකට පස්සේ තුන්වන දවසේ නඩුව තියනවා. මම VCD තැටියකට වීඩියෝ එක පිටපත් කරා. එතන මුල් තත්පර තිහයි , අවසාන තත්පර හැටයි කපලා දැම්මා. මොකද
මුල් තත්පර තිහේ සයුරිගෙ නම කියැවෙනවා මිහිරාණි අතින් . ඒ වගේම
අවසාන ජවනිකාවෙ මිහිරාණි ෆෝන් එක අරගෙන ඒ වීඩියෝ එක සේව් කරන සිද්ධියත් තියෙන හන්දා ඒ දෙපැත්තම කපලා දැම්මා. නැත්නම් ලොකු අවුලක් වෙන්න පුළුවන්. කෝකටත් ඔයා සයුරිට කියන්න එදාට නිවාඩුවක් දාලා මෙහෙ ටෙක්ස්ටයිල්ස් එකට වෙලා ඉන්න කියලා.
මොකද මොනවා වුනත් උන් වියරු වැටෙන්න පුළුවන්.

*ඒක ඇත්ත …..

⁣දැන් මම මෙි පිලිබඳව සවිස්තරාත්මකව
කරුණු දක්වලා ලිපිගොනුවක් හදන්න ඔීන `` උකුස්සාට ´´ යවන්න එතනින් අපිට
``Open Fire orders´´ ( විවෘත වෙඩි තැබීමෙි නියෝග) ලැබුන ගමන් අපේ කුමන්ත්‍රණය පටන් ගමු. වයලට්ගේ අනියම් සබඳතා ඇති කරලා ඒවගේ වීඩියෝ උන්ගෙ එවුන් අතර ප්‍රචලිත කරලා, අපි රාවයක් ගොඩනගන්න ඔීන. එතනදී මුන්ටික කොටවනවා වගේම, මුන්ගෙ විරුද්ධ පාර්ෂවය හොයලා උන් දෙන්නෙක් , තුන්දෙනෙක් වත් පරලොව සැපත් කරලා , උපක්‍රමශීලීව උන් සහ මුන් අතර කෙටවීමෙි කුමන්ත්‍රණයද පටන්ගන්න ඔීන.

*එතකොට ශාන්ත ….

ඔව්… ශාන්ත වගේම, තව ප්‍රභල චරිත කීපයක් ඉන්නවා , උන්ගෙන් ප්‍රශ්න කරලා, මෙිකෙ මහමොළකරුවා හඹා යන්නත් ඔීන.

*සර් අර ෆෝන් නම්බර් වල විස්තර ටික මම මෙි ලාච්චුවට දැම්මා. සර් බැලුවද ඒක…?

ඔව් කසුන්…. උන්ගෙ එකම නම්බර් එකක් වත් ජීවතුන් අතර ඉන්න අයගෙ
හැඳුනුම්පත් වලට ගත්ත සිම්පත් නෙමෙි.
ඒ සේරම මැරුණ අය. එතකොට උන් සතියක් ඇතුලත කෝල් අරගෙන තියෙන ස්ථාන අපිට වටිනවා. එතනට ගිහින් දවස් දෙක තුනක් ඔත්තු බැලුවොත් , මොනවාහරි තොරතුරක් ගන්න බැරිවෙන එකක් නැහැ මම හිතන විදිහට. මෙිකෙ මහමොළකරුවා කොහොමහරි අල්ලගමු.
ශාන්ත කියන්නේ මරණීය කල්ලියට , මරන්න ඔීන කවුද කියලා තොරතුරු දෙන
කෙනා. එතකොට ඒ රහස් ලිස්ට් එ⁣ක මෑන්ට දෙන්නෙ කවුද කියලා අපි දැනගත්තට , උන්ට ඒ මරන්න කියලා උපදෙස් දෙන එකා හොයාගන්න ඔීන. ඒකට ඔය රහස් ලිපිය මුද්‍රණය කරන දෙන්නා අල්ලගෙන උන් ඔස්සේ උපි ඉහලටම යන්න වෙනවා. මහමොළකරුවා අල්ල ගන්න නම්.

*අනිත් මිෂන් වගේ නෙමෙයි. මෙිකෙ තියෙන්නෙ දුරදිග හඹායාමක් නේද…?

ඇත්ත වශයෙන්ම ඔව් කසුන්…
කෙලවරක් දකිනකම්ම හඹායාමක් තියෙන්නෙ. අද ශාන්ත බලන්න ඇති ඩොක්ටර් දුනිත් වැඩට ආවෙ නැත්තෙ ඇයි කියලා. ඒ වගේම මෑන් ඩොක්ටර් ට කෝල් ගන්නත් ඇති සියපාරකට වඩා.
ඒ අතරෙ නාරම්මල මෑන්ගෙ දෙන්නෙක් මරලා කියලා උදෙන්ම කෝල් එන්නත් ඇති. දැන් වැඩෙි පත්තුවෙලා තියෙන්නෙ.
දැන් උන් හොයනවා විදේශ සංචාරයක් වෙනුවෙන් නිවාඩු ගියානම්. මොන ගුවන් තොටුපොලෙන්ද ගියේ කියලා. ඒ වගේම මගේ පිටපතට අනුව රඟපාපු නාට්‍ය උන්ගෙ ඔලුවෙ වැඩකරයි කියලා මම විශ්වාස කරනවා.

*එතකොට සර් මරපු උන් දෙන්නා ගැන .
මුන් කොහොම නිගමන වලට එයිද…?

අංක එක - විරුද්ධවාදීන්ගේ ප්‍රහාරයක්.
අංක දෙක - වෛද්‍ය දුනිත් මුන්ගෙ රැහැනෙන් බෙිරී රටින් පිටුවහල් වීමට, කුලී ආරක්ෂකයින් යොදාගත්තා කියලා නිගමන වලට එන්න පුළුවන්. මොනවා වුනත් උන්ටික මෙගැන හොයනවා. ඒක ස්ථිරයි.

*එතකොට අපි ගැන සැක හිතන්නේ නැද්ද…

එහෙම හිතන්න තියෙන ඉඩකඩ සීමිතයි යාළුවා… මොකද මෙික රහස් විමර්ශන අංශයකට හෝ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලීසියම මැදිහත් වෙලානම් හෝ බාරදීලා නම් ඒ ගැන කරුණු හොයලා , එහෙම විමර්ශනයක් යනවද , නැද්ද කියලා හරියටම තහවුරු කරලා කියන්න පුළුවන් කමක් තියනවා එස්අයි රවින්ද්‍රට. නමුත් එහෙම දෙයක් නැති හන්දා එතනින් එන්නෙ ඍණාත්මක උත්තරයක් අපි ගැන. ඒ හන්දා අපිගැන උන්ට හිතාගන්න බැරිවෙනවා කියලා මට සහතික වශයෙන්ම කියන්න පුළුවන් …

එතකොට අංක එක ගැන සලකා බැලුවහම උන්ට හිතන්න තියෙන්නෙ විරුද්ධවාදීන් ගැන විතරයි. සමහරවිට
පරණ හතුරෝ ⁣නැවත ඔලුව උස්සලා වෙන්න පුළුවන්. නැත්නම් අළුතෙන් මොකක්හරි පොඩි මගඩියකදී ඇතිවුන ⁣බහින්බස්වීමක් හන්දා අළුයට වැළලුන අඟුරු නැවත ඇවිලුනා වෙන්නත් පුළුවන් කියලා උන් විසින්ම කල්පිතයක් ගොඩනගා ගන්නවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට පරණ තරහා කාරයෝ හෝ නවක තරහා කාරයෝ හොය හොයා මරලා දානවා. අන්න ඒ වගේ ඔය ක්ලබ්වල ඇතිවුන පොඩි මගඩියක් අපි හොයාගන්න ඔීන වගේම, එතනදී දෙපාර්ශවය අතර හුවමාරු වුන වාග් මාලාවත් හොයාගත්තහම දෙපැත්තේ එවුන්ට මතක් කරන්න විතරයි ඔීන. එතකොට ඔය පෙරකී අළුයට ගිණි අඟුරු නැවත දුම දාගෙන ඇවිලෙනවා. එය අපට ප්‍රමාණවත්. මොකද කෙන්ද කන්ද කරන්න මීඩියා කාරයො ඉන්නවා නෙ.

*අම්මපා ඒක නම් ඇත්ත ``නොමිළේ හුලං වෙරලේ ´´ කියලා කියමනකුත් තියනවනෙ. සර්ගෙන් මම අහපුදේට හරි උත්තරය තවම මට ලැබුනෙ නැහැ.

මම දන්නවා කසුන්… මගෙන් ඔීනම කෙනෙක් එක ප්‍රශ්නය දෙපාරක් ඇහැව්වොත් උත්තරය කෙසේ වෙතත්, ප්‍රශ්නය මතක තියාගන්න. හැබැයි ඒකට හරිම උත්තරය දෙන්න තවම වෙලාව ඇවිත් නැහැ. මොකද මම බාග නැත්නම් , අසම්පූර්ණ උත්තර දෙන්නෙ නැහැ කියලා මතක ඇති. තවම මගේ උත්තරය දෙන්න තරම් වෙලාව සැකසිලා නෑ… යාළුවා…

වෙලාව ආපු සැණෙන් නැවත වතාවක් ඒ ප්‍රශ්නය අහන්න කලින් මම උත්තරය අනිවාර්යයෙන්ම දෙන්නම්…

*හරි කමක් නැහැ සර්… මම දන්නවා සර් මොනවා කලත් , ඒකෙන් නිවැරදි , නිර්දෝශි පාර්ෂවයට අබමල් රේණුවකවත් හානියක් වැරැද්දක් වෙන්නෙ ⁣නැහැ වගේම , එහෙම වෙන්න දෙන්නෙත් නැහැ කියලා.

හොඳයි උපරීක්ෂක කසුන්… මට එහෙනම් මෙි ලිපිගොනුව හදන්න වෙලාව ඇවිත් තියෙන්නෙ. මට ඒකට දැන් වෙලාව ගන්න ඔීන…

*ok sir i dont disturb u anymore. Plz proceed …. I leave now..

Sure… thank u kasun….

සවස් යාමය වනතුරු විවිධ ෂාක්ෂි හා විවිධ ලිපිලේඛන එක්රැස්කර එකම වර්ගයේ ලිපිගොණු දෙකක් සකස්කර නිමා කිරීමට හැකිවිය. ඉන්පසු එම ලිපිගොනුව අතැතිව `` Dark Head ´´ (ඒකක දෙවන අණදෙන්නා ) මුණගැසීමට ගියෙමි…

*plz come here madawa… have sit…

Thank u sir…..

*so… how are ur position….

Actually it high now….

*Really ….? Excellent ….

So…. Let get the point sir….

*ok im waiting madawa…. Plz tell me…

සර්… මෙන්න මෙිකයි මෙතන වෙන්නෙ..
(ආරම්භයේ සිට මෙි දක්වා කතාව විස්තර කළෙමි)
සියළු දේ නිසොල්මන්ව , සාවදානව අසා සිටි `` Dark Head ´´ තම හඬ අවදි කරන්නට විය.

*හ්ම්ම්… (මෙතෙක් වෙලා තම අතැතිව තිබුන පෑන මෙිසය මත තබමින්) මෙිකනම් පේන විදිහට සීරියස් කේස් එකක් මාධව. තමුසෙ ටිකක් පිටත් ගිහින් තියනවා. මම කියන්නේ අද උදේ වෙච්ච වෙඩිතැබීම ගැන. මම ඒ වුනාට ඒකට ඉතින් මොකුත් කියන්නේත් නැහැ. මොකද ඒ වෙලාවෙ හුරතල් වෙලා බැහැ නෙ. මම හිටියත් ඔච්චර තමයි ඉතින්…
හරි… මම මෙි ෆයිල් එක දැන්ම කියවලා බලන්නම්. ඊට පස්සේ හෙට උදේ
`` Ghost Head ´´ ( ඒකක අණදෙන්නා ) මුණගැසෙන්නට යනවා. ගිහින් ඊට පස්සේ හවස `` Hawk ´´ (උකුස්සා ආරක්ෂක ලේඛම්) හමුවෙලා. මෙහෙයුමෙි සම්පූර්ණ පාලනය අපේ අතට ගන්න පුළුවන් විදිහට කතා කරලා, ඔීඩරය අරගෙන උත්සාහ කරන්නම්. ඊට පස්සේ අපි ගේම් එකට බහිමු ..

නියමයි සර්… මම ඒක බලාපොරොත්තු වෙන දෙයක්…

*ඔව් ඉතින්… මුන් එක්ක හැමදාම මෙික කරන්න බැහැ නෙ. මුන් මෙි වෙද්දී ජීවිත කීයක් බිලිදීලා ඇද්ද මුන්ගෙ කුප්ප වැඩවලට. තවදුරටත් එහෙම වෙන්න බැහැ. අපි මොනවාහරි දෙයක් කරමු.
මොකද මුන් හිරගෙදර දාන්නත් බැහැ.
ටික දවසයි. මොන ගේමක් දීලා හරි මුන් එලිවට ඇවිත් පුරුදු ගොනාම දක්කනවා.
ඔීකනෙ වෙන්නෙ. අපි කරමු මාධව මෙික.

ඔව් සර්… මට හරිම සතුටුයි. හැබැයි ඒ සතුට තියෙන්නෙ මගෙ කතාවට එකඟවීම ගැන නම් නෙමෙි. සර් යථාර්ථය තේරුම් ගත්ත එකට…

*හරි මාධව…. අපිව කොන්ට්‍රෝල් කරන්න පුළුවන් එවුන් නෙමෙි කාටවත්. හරි අපි බලමුකො නේද…. එතකොට මොකක්ද ප්ලෑන් එක….?

ලොකු දෙයක් නෑ සර්… දෙපැත්ත කොටවන එක තමයි…

*හා…. ඒක හොඳයි.. ඒක නියම ක්‍රමයක් තමයි…

හරි සර්… එහෙනම් මම යන්නද…?
සර් ඔීක අධ්‍යනය කරලා. වැඩෙිට බහින්න.

*අනිවාර්යයෙන්ම මාධව …. U can leave now…i can read now…

හහ් හහ් හා.. Sure sir… කියමින් අචාර කර, කාර්යාලයෙන් ඉවත් වුනෙමි.

හෝමාගම සිට නැවත මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත එනවිට රාත්‍රි හතේ කණිසමට ලඟාවී තිබුනි. තම කාර්යාලයේ දොර විවෘතකර ඇතුලට එනවිට එහි මේසය මත ලිපිගොනුවක් තිබුනි. වහාම එය විවෘතකර බැලුවෙමි.
එහි සඳහන් වූයේ ඉංග්‍රීසි ලිපි කීපයකි.
සැබවින්ම එය අපි බලාපොරොත්තු වූ DNA වාර්තාවයි. එහි සඳහන් වන පරිදි
මිහිරාණි මෙනවියගේ නියපොතුවල තිබු මස් කැබලි හා පසුව ලබාදුන් ලේ සාම්පලය සමඟ සසැ⁣⁣ඳෙන බවය.
`` ජැක්පොට් මාධව ´´

**ජැක්පොට් ….? ඇයි සර්…? මොකක්ද ජැක්පොට් එක…?

නියෝජිත ජනිත්… අපි බලාපොරොත්තු වුන විදිහටම DNA වාර්තාව ඇවිත්. මොනවද දන්නවද ඒකේ තියෙන්නෙ ..?

**මොනවද සර්… ?

ඇන්ටනීගෙ ලේ සාම්පල් එකයි , මිහිරාණි මෙනවියගේ ඇඟිල්ලේ තිබුන මස් කැබලිවල සංඝටක එක සමානයි.

**ඒ කියන්නේ බඩු බනිස් නේද….?

ඔව් බනිස් තමයි….

**නියමයි සර්…..

ඒ වුනාට ආයේ උන්ට බේකරි දාන්න බැරිවෙන්න වැඩෙි දෙන්න ඔීන. නැත්නම් ඉදිරියේදී උන් පාන් දාන්නත් පුළුවන්.

**ඒක ඇත්ත තමයි… දැන් මොනවද ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ….

`` ඉදිරියේදී තවත් සහන රැසක් බලාපොරොත්තු වෙන්න ´´ කියලා තමයි කියන්න තියෙන්නෙ..

**මට මතකයි තව කවුරුහරි ඔහොම කතාවක් කිව්වා වගේ….

මට මතක නැහැ. මොකද සිංහලගෙ මතකය දවස් හතයි කියනවනෙ නේද..?

**ඔව් ඒකත් ඇත්ත තමයි… ඒ වුනාට 86, 89 මතකයිනෙ.

ඔව් ඒක මතකයි. ඒ කාලේ ඉපදිලා නැති එවුන්ටත් ඒක මතකයි. මොකද ඒක හොඳට දැන් කාලේ මාකට් කරනවනේ.
ඒ කාලේ කාපු කූඩැල්ලා මතකයි, මෑත කාලයේ ඔළුව කාපු කොටියා මතක නෑ.
ඔීක මතක් වෙන්න හයිටි වැසියෝ වගේ කිරිමැටි කන්න පටන් ගන්නම ඔීන.
මොකද මැටි කනකොට තමයි මොළය ඔපමට්ටම් වෙන්නෙ. එතකම් ඉතින් රටෙි පූජ්‍ය පක්ෂය හොරුන්ගෙ ඔළුව උඩ උතුම් ධාතු කරඩුව තියලා , අතට පිරිත්නූල බැඳලා , තව සෙත් පතනවා.
රටෙි හොඳම මොළ ටික දියුණු රටවල්වලට ගිහින් දවසෙ පඩියට ෂෙඩ්වල තෙල් ගහනකොට, රටෙි ඉතුරුවෙච්ච ගොබ්බ සෙට්එක අමුක ඩුමුක නට නටා ඉන්නවා. අවසානෙ ``තාත්තේ බඩිගිනියි, දරුවන්ගෙ තාත්තෙ ගෙදර හාල් ඇටයක්වත් නෑ දරුවන්ට කැඳ ටිකක්වත් දෙන්න ´´ කියලා කියනකොට විකල්පයක් නැති තාත්තා.
හරකා විකුණලා ඉතුරුවුන කඹේ අරගෙන බාල්කෙ එල්ලිලා මැරෙනවා. මොකද දරුවෙක් වගේ හදාගත්ත හරකා වික්කට , කඹෙි විකුණන්න බැහැ නෙ.
වෙච්ච දේ තේරුම්ගන්න බැරි හරක්ටික තවමත් පරණ , පරම්පරාගත හොරුන්ට කඩෙි යනවා. ඔීක නෙමෙයිද ඇත්ත. කවුද එහෙම දෙයක් නිර්මාණය කරේ. අපේ රටෙි ජනතාවම තමයි. තමන්ට නිසි වයස සම්පූර්ණ වුනාට පස්සේ ලැබෙන හොඳම වරය වන මනාපය තඩි හොරු රැලකට පලකරපු වැරැද්ද. මෙි රටෙි අම්මලා , තාත්තලාට බැරුව ගියා තමන්ගෙ දරුවන්ගෙ මතු අනාගතය ගැන හරි තීරණය අරගෙන , හරි එකෙකුට තමන්ගෙ මනාපය පලකරන්න.

**ඔව් සර්… ඒක තමයි තිත්ත ඇත්ත…

මෙව්වා කාටවත් කියලා තේරුම් කරන්න යන්න හොඳ නැහැ. එතකොට මමත් සමාජවාදියෙක් , රාජ්‍ය විරෝධියෙක් කියලා තමන්ගෙ මනාපයවත් හරියට පාවිච්චි කරන්න බැරි මහාචාර්යවරු
මාව හංවඩු ගහයි. මොකද බැලුවොත්
ආර්ථික වි⁣ශේෂඥ්ඤයෙක් ලු. දන්නෙ රටෙි තියෙන ටික විකුණලා දාන ගමන් ලෝකෙ වටේ පම්පෝරි ගගහා, හිඟාකන්න. මෙතෙක් කාලයකට ලෝකෙ කොහෙ ආර්ථික විශේෂඥ්ඤයද ලෝකෙ වටෙි හිඟාකන්න ගියේ. ඔයිට වඩා මෙි රටෙි පදික වෙිදිකාවෙ හිඟාකන මිනිහට පුළුවන් තමන්ගෙ දවසේ අයවැය ටික කළමනාකරණය කරගන්න.

හරි… ඒකෙන් වැඩක් නැහැ…. අපි මෙි මිෂන්එකට අවධානය යොමු කරමු.
නැත්නම් වෙන්නෙ අපිත් පිස්සො වෙන එක. හ්ම්ම්… එතකොට අපිට හෙටයි අනිද්දයි විතරයි තියෙන්නෙ. ඊට පස්සේ
උකුස්සාගෙ අණ පරිදි ක්‍රියාත්මක වෙනවා.

**ඉතාමත් සතුටින් …

ඔව්… සතුටින් නියෝජිත ජනිත් ඔයාගෙන් මම දැන් ප්‍රශ්නයක් අහනවා.
බලමු මට ලැබෙන උත්තරය.

**අහන්න සර්…..

වැඩියෙන්ම හානියක් කරන්නේ මැස්සද ? නැත්නම් මදුරුවද..?

**සර් මම හිතන්නේ මදුරුවා…

ඒ මොකද….?

**මොකද ඌ ලේ බොනවා. විතරක් නෙමෙියි , ඩෙංගු , බරවා වගේ ලෙඩත් ඇති කරනවා.

හරි… බොහොම හොඳයි.. එතකොට මැස්සා….?

**මැස්සා ඉතින් ලේ බොන්නෙ නැහැ නෙ. ඔය ජරා ගොඩක වහලා එතනින් මොනවාහරි යුෂක් බීලා පාඩුවෙ ඉන්නවා.

හ්ම්ම්… ඇත්තටම ඒක එහෙමද…?

*ඔව් සර්… මට පේන, දකින විදිහට එහෙම තමයි…

බොහොම හොඳයි. නමුත් මදුරුවට වඩා මැස්සා විනාශකාරියි… හිතලා බලන්න.
මැස්සා විවිධ රෝග පතුරවනවා, ඒ වගේම විවිධ පාඩු කරනවා මදුරුවන්ට වඩා සාපේක්ෂව ගත්තහම. මොකද ව්‍යාපාර ස්ථානවල මස් , මාළු කරවල වලට ඌ දාන බිත්තර හන්දා ඉක්මනට නරක් වෙන්න බලනවා වගේම , රිය අනතුරු පවා මැස්සා කරලා තියනවා.
ඒකාකාරිව වාහනයක් ධාවනය කරන මිනිහෙක්ට මැස්සෙක් කරදර කිරීම හන්දා අවධානය වෙනස් වෙලා , වාහනය පාරෙන් පිට පැනලා. ජීවිත හානි පවා සිද්ධ වෙච්ච අවස්ථා අපි අහලා, දැකලා තියනවා. සාමාන්‍යයෙන් මදුරුවෙක් ලේ බොන්නෙ නැහැ නෙ. ලේ බොන්නේ මදුරුවාගෙ ගැහැණු සතා වන මදුරු මැස්සී නෙ. ඒකත් බීත්තර වල වර්ධනයට
අවශ්‍ය ප්‍රෝටීන් ලබාගන්න විතරයි.

**එහෙම බලපුවාම මදුරුවන් කියන්නේ මාංශ භක්ෂක නෙමෙි නේද…?

ඔව් නියෝජිත ජනිත්…

**එතකොට මදුරුවාගෙ ගෑණු සතා මදුරි නෙමෙිද…?

මදුරි කිව්වෙ මදුරි ඩික්ෂිත් ද…..?

**නෑ නෑ මදුරි විතරයි …. කොහොම කලත් ගෑණු සත්තු කොහොමත් ලේ බොන එකනෙ කරන්නේ.

හරි හරි…. ඒක නෙමෙි. මම දැන් මැස්සා සහ මදුරුවන්ගෙ වෙනස ඇහැව්වෙ ඔීකට නෙමෙි. මෙි ක්ෂේත්‍රයේදි අපට මැස්සන් වගේම මදුරුවන් ද මුණගැහෙනවා. මැස්සන් හීන් නූලෙන් ලෙඩ පතුරවනකොට , මදුරුවන් ඉඳුරාම පහරදීලා ලෙඩ පතුරවනවා. මැස්සන් කියන්නේ හරියට බත් වයලට්ලා වගේ අය. එතකොට මදුරුවන් කියන්නේ අවිආයුධ අරගෙන අපරාධ කරන සාමාජිකයින්. ඉතින් හෙට දවසේ මම කාලය වැයකරන්න හිතාගෙන ඉන්නෙ
මැස්සන් කීප දෙනෙක්ගෙ නවාතැන් හොයාගන්න. මොකද ඉදිරි කාලයේදී උන්ව අල්ලගන්න අපිට ලේසි වෙනවා.

**ඔව් සර් එක ඇත්ත… ගොනා දවල් කාලයේ කොහෙ කරක් ගැහැව්වත් , රෑට ගාලට එන්න එපැයි.

අන්න හරි නියෝජිත ජනිත්. ඒක තමයි පොයින්ට් එක. ඒ හන්දා මම හෙට දවසේ
කාලය කැපකරන්නේ ටික දෙනෙක්ගෙ
නවාතැන් හොයාගන්න.

**හොඳයි සර්… මම ගිහින් එන්නම්

Ok good night ….

රාත්‍රියේම තම නවාතැන වෙත යනවිට
තවමත් නිදි වර්ජිතව කසුන් පසුවූයේය.

කසුන් මහත්තයා … මොකද තවම අවදියෙන්….?

*මම සර් එනකම් හිටියේ….

මොකද විශේෂ යමක්ද…?

*ඔව් සර්…

ඒ මොකක්ද ….?

*සර් DNA වාර්තාව කියෙව්වද…?
මමයි ඒක සර්ගෙ මෙිසෙ උඩින් තියලා ආවෙ.

ඔව් … ඒ⁣කත් අපිට වාසිදායක විදිහට තමයි තියෙන්නෙ.. ඉතින් …?

*සර් … මට හවස කෝල් එකක් ආවා ඇතුලෙන් මිහිරාණිගෙ බොඩිය අතුරුදහන් වෙලා කියලා.

හැබෑටම….. ඉතින් ඉතින්…

*ඒ වගේම වෛද්‍ය දුනිත් යම්කිසි කණ්ඩායමක් විසින් පැහැරගෙන කියලා.

හ්ම්ම්… ඉතින්….?

*සර් අපේ ප්ලෑන් සේරම ටිකෙන්ටික අවුල් යනවා වගේ කියලා මට හිතෙනවා.

ඔව් ඒකට තියෙන ඉඩකඩ බොහොම අල්පයි.. දැන් කොච්චර වෙලාද ඔය ආරංචිය ලැබිලා….?

*දැන් මට දැනගන්න ලැබුනෙ…

උන් දැන් බොඩිඑක අතුරුදහන් කරලා වැඩක් නැහැ නෙ. අපි ඊට කලින් ක්‍රියාත්මක වුනානෙ..

*ඒක ඇත්ත … නමුත් සර්.. මට හිතෙන විදිහට උන් සේරම චරිත ටික හකුලන්න හදන්නේ. අද උදේ කරපු වෙඩිතැබීම් එක්ක.

මට තේරෙනවා කසුන් කියන්න හදන දේ..
එහෙනම් අපි සයුරිවත් අතුරුදහන් කරන්න ඔීන උන්ට කලින්. එහෙම නේද..?

*ඔව් සර්…

මෙි බලන්න කසුන්… එහෙම බැලුවොත් අපි කීදෙනෙක් අතුරුදහන් කරන්න වෙයිද…? එතකොට අපේ රාජකාරිය
මෙි අය පරිස්සම් කරන එක විතරයි නෙ.⁣
වෙන වැඩක් කරන්න කාලයක් නැහැ නෙ.

*ඒක ඇත්ත සර්… නමුත් අපිට රැකගන්න පුළුවන්කම තියෙද්දීත් අපි යමක් නොකලොත්…?

කසුන්… කසුන්… කසුන්… තමන් ආදරෙ කරන කෙනෙක් නැතිවුනාම තමන්ට තියෙන දුක ඔයාට අද ඊයේ දැනුනට , මට දැනුනේ බොහෝ කලකට ඉස්සර. ඒ හන්දා මම ඔය කඩයිමත් පහුකරලා වසර ගණනාවක් වෙනවා. හරි… මම දැන් මොකද කරන්න ඔීන. ඔයාම කියන්න බලන්න.

*සර්… සයුරිව ටික කාලයක් යනකම් අතුරුදහන් කරමු.

ඔව් පුළුවන් …. නමුත් කොහෙද හංගන්නේ..? ABCD House වලද…?
එව්වා මතුපිටින් නිවාඩු නිකේතනයන් විදිහට පෙනුනට , එව්වා ආයුධාගාර
වගේම ඔත්තු බලන තැන් නෙ. ගෑණු ළමයෙකුට කොහොමත් ගැලපෙන්නේ නැහැ අපේ House ටික.

*සර්… අපේ ගෙදර නවත්වමු. අම්මයි නංගියි , තාත්තයි විතරයි නෙ ඉන්නෙ.
මම දන්නවා රාජකාරි පැත්තෙන් බැලුවොත් අපිට තහනම්. නමුත් අපි ජීවිතය බෙිරගන්න එහෙම දේවල් කරන්න වෙනවා. සර්… ඉන්න මට කෝල් එකක්….

සයුරිගෙන් … ? මෙි වෙලාවෙ…?

*ඒක තමයි…..


මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now