නීත්‍යානුකූල ඝාතනය 01
නීත්‍යානුකූල ඝාතනය 22
⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
22 වන දිගහැරුම
( රඟපෑම )
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
*කෙවින් ඔයා දන්න දේවල්.
එතකොට මොකද කරන්නේ.. ( නැවතත් මා ඇයව බෙල්ල ලඟටම හිර කෙරුවෙමි.
මා බලාපොරොත්තු වන්නේ බළලා මල්ලෙන් එලියට ගැනීමටය )
*හරි අපි බලමුකො එතකොට.
(කැරොලින් මැඩම් ඔයත් කපටිම නෑ නේද)
මෙතැන්සිට ……
කෙමෙන් කෙමෙන් ගෝනහෙල හංදියට
ලඟාවිය.
කැරොලිනා ඔයා ඒ ගැන දැන් හිතන්න එපා. ඔයා කල්පනා කරලා තීරණයක් ගන්න. මොකද ඔයාලගෙ පැලැන්තියේ පැවැත්මට ඒ ගන්න තීරණය ඍජුවම බලපාන බව මම දන්නවා.
*නෑ නෑ මට ඌව එපා කෙවින්. ඌව නෙමෙි
ඌ ඇතුළු හත්මුතු පරම්පරාවෙ ඉන්න එකෙක් වත් මට එපා. එතන හිටියෙ එකයි. ඌ මගෙ මගෙ අවාසනාවකට අපිට , මට නැතිවුනා.
ඇයි ඉතින් ඔයා අඬන්නෙ. කියමින් මා මෝටර් රථය පාරෙ අයිනක නැවැත්තුවෙමි. මට ඔයාගෙ ඔය දුක, දුකට හේතුව සම්පූර්ණයෙන්ම දැනෙන්නේ නැහැ. ඔයා කැමතිනම් ඒ සේරම දැන් වුනත් කියන්න පුළුවන් මට. මෙි බලන්න මම දිහා. කෝ ඉතින් කැරොලිනා.. බලන්න මම දිහා. ඕන නම් අපි ආපහු නුවර යමු. රූම් එකකටත් යමු. මෙතන යන එන මිනිස්සුන්ට පේනවා. පිටින් කිසිම කෙනෙකුට ඇතුලෙ ඉන්න අපිව නෙපෙනෙනුනාට , අපෙ වාහනය මෙි පැත්තෙ හැමෝම දන්නවා නේද.. ? රූම්
එකකට යමු කියන්නේ ගෑණියෙක් එක්ක මිනිහෙක් නිදාගෙන කරන දේට නෙමෙයි.
වටපිටාවට කිසිම දෙයක් ඇහෙන්න හොඳ
නැති හන්දා.
*මම දන්නවා කෙවින්. ඔයා ඒ වගේ පහත්
අශීලාචාර මිනිහෙක් නෙමෙි කියන්න. මම
ඔයා ඉදිරියේ අශීලාචාර වුනත් , ඔයා නම් එහෙම නෑ කියන්න මම දැනගෙන හුඟාක් කල්. ඒ කාලය මාසයක් වුනාට , මට ඒක කල්පයක් වගේ. හැබැයි මගෙ තාත්තා ඇරෙන්නට මට මගෙ ජීවිතයේ සමීපයට ආපු සේරම අශීලාචාර පහත් තත්වයේ මිනිස්සු. ඒ වගේ මිනිස්සු එක්ක වාසය කරලා, ඔයා වගේ හොඳ කෙනෙක් ඇසුරු කරනවා කියන්නේ තිත්ත කසාය බීපු ලෙඩෙකුට මීපැණි බිංදුවක් පෙව්වා වගේ.
*මම සේරම කියන්නම්. හැබැයි මට තව ටික කාලයක් දෙන්න.
හොඳයි කැරොලිනා. දැන් ඔය කඳුළු පිහ
දාගන්න ඔයා දැන් යන්නෙ ඔයාගෙ ගෙදර.
*නෑ.. මම යන්නෙ මට උරුම මගෙ හිර ගෙදරට.
හ්ම්ම්… කොහොම වුනත් , අපි යමු එහෙනම්.
*යමු යමු… තම ලේන්සුවෙන් මුහුණ හොඳින් පිහදාගත් ඇය මාදෙස බැලුවාය.
කෝ ඉන්න… කියමින් මා වතුර බෝතලය ගෙන , එහි පියන විවෘතකර මගේ සුදු ලේන්සුවට වතුර ටිකක් වත්කර පොඟවා දමා, ඇයගේ මුහුණ හොඳින් පිසදැමුවෙමි. ඔන්න ඉතින් මෙිකප් එකත් හේදිලා. අර උලලා තිබ්බ පවුඩර් ටිකත් හේදිලා ගිහින්. කෑල්ල වගේ හිටපු කෙල්ල දැන් හෑල්ල වගේ වෙලා. දැන් තමයි නියම පෙනුම ඇවිත් තියෙන්නෙ.
*අනේ මෙි.. යන්න.
යන්න නෙමෙි ඇත්ත කියන්න. රිචඩ් හාමු
දැක්කොත් මේ මූණ. සර් හිතයි මම ඔයාට මොනවාහරි කරලා ගෙනැවිත් ඇරලලා
කියලා. පව් අහිංසක මම.
*ඔව් ඔව්…
ඒක නෙමෙි මට දෙයක් දැනගන්න තියනවා ඔයාගෙන්.
*ඒ මොකක්ද .. ?
ඔයා ඔය නින්දෙන් ඇවිදින ලෙඩේ දන්න
කාලෙ ඉඳලම තිබ්බද නැත්නම්. මෙි මෑත කාලයේ හැදුන අසනීපයක් ද … ? අවධානය වෙනතක යොමුකරන්න මාහට ලොකු වුවමනාවක් තිබුනද , එයද මට වාසිදායක
අන්දමින් කලයුතුය.
*ඇයි කෙවින් එහෙම ඇහැව්වෙ.
අනේ මැණිකේ මාව වරදවා හිතන්න එපා. මට ඕන ඕකට ප්‍රතිකර්මයක් තියනවද කියලා හොයන්න.
*අනේ.. ඔයා මට මැණිකේ කිව්වා නේද.. ?
හරි ෂෝක්.
නෑ නෑ මට ඒක වැරදීමකින් කියවුනේ. ඒක
නෙමෙයි නෙ මම ඇහැව්වෙ. (සැකයක් ඇති නොවෙන්න මට එහෙම කියන්න සිද්ධ වුනා)
*හ්ම්ම්… මම දන්න කියන කාලයේ ඉඳලා මට එහෙම තිබ්බෙ නැහැ. මාවන් මල්ලි නැතිවුනාට
පස්සේ තමයි මට ඒක වුනේ.
ඉතින් ඔයා ඒකට ප්‍රතිකර්මයක් කරන්න බැලුවෙ නැද්ද .. ?
*බැලුවා..කෙවින්. අවසානයේ අපි මානසික වෛද්‍යවරයකුත් හමුවුනා.
ඉතින් …
*මෙික මානසික ප්‍රශ්නයක් ලු. මාවන් මල්ලි නැතිවුන එක මට ලොකු දුකක් වගේම ලොකු පාඩුවක්. එයා තමයි මාව හැම ප්‍රශ්නයකින් ම වාගේ බෙිරගත්තෙ. ඉතින් හිතේ කොණක ඒ දුක හැංගිලා තියෙන හන්දා ඒක ඔය විදිහට තමයිලු ප්‍රතිචාර දක්වන්නේ. කාලයාගේ අවෑමෙන් හරියයි කිව්වා.
මානසික ප්‍රශ්නයක් නම් හරි වෙන්න ඕන.
ඩොක්ටර් හරියටම කියලා තියනවා. මොකද දැන් පිස්සුව තදවෙලා කියලා මටත් ලාවට වගේ හිතෙනවා.
*අනේ මෙි යන්න මහත්තයෝ.
හරි හරි.. ඌයි මගෙ කණ යෝධියේ. මෙික රබර් කණක් නෙමෙි. කොතන ගියත් අපිට කාන්තා හිංසනේ තමයි ඉතින්.
*තව කවුද ඔයාට හිංසා කරන්නේ.
නෑ ඉතින්. ගෙදර හිටපු කාලේ මම කොච්චර උස්මහත් වුනත් පොඩ්ඩ ඇත්නම් මට අම්මගෙන් කෑම හම්බවෙනවා. හරි කමක් නෑ. ඔන්න එහෙනම් අපි ආවා.. හෙන්ද්‍රික් වලව්වෙ මිදුලට ගොස් මෝටර් රථය නවත්වන විට මෙහෙකාර ජෝෂප් දුවගෙන ඇවිත් ඩිගියට අත දමා සියල්ල රැගෙන ගියේය. “හිටින්ඩ හිටින්ඩ මහත්තයා මම ගන්නං”
*මිස්ටර් කෙවින්.. යමු ඇතුලට. පපාට සමහරවිට ඔයාව දකින්න ඕන ඇති.
හ්ම්ම්… යමු යමු එහෙනම් මැඩම්.
ආයුබෝවන් සර්…
**ආයුබෝවන් තරුණයා. දැන් බිසී වගේ නේද… ? දකින්නත් අමාරුයි.
ඔව් සර්… ප්‍රඩක්ට්එක ටිකක් වැඩියි. ඒ හන්දා මට ටිකක් වැඩත් වැඩියි.
**ඔව් මට තේරෙනවා. මෙදාපාර ප්‍රොෆිට් (ලාභය ) එකත් වැඩිවෙයි කියලා. බොහොම හොඳයි. සතුටුයි.
ඔව් අපි බලමු නේද… ?
*මෙි මිස්ටර් කෙවින් මම එහෙනම් රූම් එකට යන්නම්. පපා කතා කර කර ඉන්නකො එහෙනම්. මාත් එක්ක ආවට බොහොම ස්තූතියි.
හරි මැඩම්. ඒක සුළු දෙයක්.
මිනිත්තු කීපයක් රිචඩ් හාමු සමග කතා බහ කර මා නැවතුනේ වලව්වේ පිටුපස සිටින ජෝෂප් අංකල් ලඟය.
**අපෙ මහත්තයා… කාලෙකින් නොවැ.
හ්ම්ම්… ඒක තමයි.
**මටත් වැඩ වැඩියි නොවැ. ඒ ඉසව්වට ටික කාලෙකින් එන්නත් බැරිවුනා ඕන්න. අද මම මාකට් එකට යන්ඩ හිටියෙ. නෝනා හාමුට යන්න ඕන කිව්වනෙ. ඉතින් මම හිටියා.
කමක් නෑ ඉතින් වැඩෙි කවුරුහරි කරානෙ.
කෝ ටයිගර්..
**ඔය ඉන්නෙ කූඩුවට වෙලා.
හා… ටයිගර් කොල්ලා කොහොමද.. ? මා උගේ හිස අතගානවිට ඌ සංවේදී විය.
ඒක නෙමෙි අංකල් මගෙ ෆෝන් එකේ චාජර් එක මෙහෙ බැරිවෙලාද කොහෙද. දෙකක් තිබ්බා දැන් තියෙන්නෙ එකයි. ඒක අවුල් ගියාට පස්සේ තමයි මටත් හොයන්න මතක් වුනේ. සමහරවිට ඇඳ යටට වැටිලද දන්නෙ නැහැ යමුද බලන්න.
**අම්මපා… ? යමු යමු මහත්තයා.
පිටුපස දොරින් උඩ වලව්වට ඇතුල් වූ මා උඩ තට්ටුවට යන තරප්පු පෙළ දිගේ සයිමන් පසුපස ඉහලට නැග්ගෙමි. මා සිටි කාමරයේ දොරට යතුර දමා එය විවෘතකර මට ඉඩහසර වෙන්කර දුනි.
**බලන්ට බලන්ට මහත්තයා..
ඇඳට එබෙන්නට කලින් මා සිග්නල් මොනිටරය ක්‍රියාත්මක කර උඩ සාක්කුවට දමා ගත්තෙ යම්කිසි සංඥාවක් හුවමාරු වුවහොත් කුඩා රතු බල්බයක් පත්තුවන නිසා එය හොඳින් දැකගැනීමෙි අටියෙනි. හොඳින් කාමරය ක්ෂණිකව පරික්ෂා කෙරුවෙමි. පසුව බිම දිගාවී ඇඳ දෙසද පොලව දෙසද බැලුවෙමි. තවම රතු බල්බය නිශ්ශබ්දයි.
**නැද්ද මහත්තයා ..
නැහැ ජෝෂප් අංකල්. මම ආයේ පාරක් එහෙ හොඳට බලන්නම්. චාජර් එකක් මට කඩෙන් ගන්න පුළුවන්. ඒ වුනාට ඒකට ආපුඑක තරම් හොඳ නැහැ. හ්ම්ම්… යමු පහලට යමු. මගේ සැකය තහවුරුයි එහෙනම්. හොඳ වෙලාවට උන් මෙතන ට්‍රාන්ස්මීටරයක් හයි කරලා නැහැ. දැන් මට තහවුරුයි. ඒ වුනාට මියගිය නොයෙල් පීරිස්ගෙ කාමරය තුල අනිවාර්යයෙන්ම හයිකරල තියෙන්න ඇති. නමුත් පොලීසිය එන්න කලින් එය ගලවලා දාන්න ඇති. නැත්නම් සේරම කොට උඩ යනවනෙ.
අපි පහලට එනවිට කැරොලින් මහත්මිය
නැවුම් ලෙස තම කාමරයෙන් එලියට ඇවිත් මා සමඟ සිනහමුසු මුහුනෙන් යුතුව කතාවට මුල පිරුවාය.
*ඉතින් මිස්ටර් කෙවින්…
මම මැඩම් යන්න කියලා සූදානම.
*ඔයා යනවද…
ඔව් මැඩම්… හා.. දැන් නෙ මතක් වුනේ.
වාහනයේ සර්විස් එක කරන්න තියෙන්නෙ මෙි එන දහවෙනිදා. මම වාහනේ අරගෙන යන්නද. නැත්නම් සෙනසුරාදා අරගෙන යන්නද… ?
*සෙනසුරාදා කියන්නේ එකොළොස් වෙනිද නේද.. ?
ඔව් මැඩම්…
*බැහැ බැහැ අනිවාර්යයෙන්ම දහවෙනිදා යන්න ඕන. යන්න ඕන කිව්වට යමු. මමත් එනවා. වාහනවල සර්විස් කල් දාන්න බැහැ. ( තම මංගල මුදුව ඇඟිල්ල තුලම කරකවමින් )
මැඩම් දවසක් දෙකක් එහෙමෙහෙ වුනාට කමක් නැහැ නේද … ?
*අපෝ බෑ මිස්ටර් කෙවින් අනිවාර්යයෙන්ම යමු.
ඕකේ මැඩම්. ඔයාගෙ කැමැත්තක්. මම අදිමදි කරේ එදාට මම වැඩනෙ ඒකයි.
*ඒකට කමක් නැහැ යමු. ඒක මගෙ අවසාන තීරණය.
ඕකේ ඕකේ මැඩම්… එහෙනම් මම ගිහින්
එන්නම්.
*ඕකේ මිස්ටර් කෙවින්.
මෝටර් රථයට ගොඩවී නැවත නවාතැනට
මා ආවෙමි. හවස හතර පසුවී තිබුන බැවින් ව්‍යායාම ඇඳුමකින් සැරසුන මා එලියට විත් සයිමන්ගෙ නවාතැනට ආවෙමි.
ගැමුණු මල්ලි … ගැමුණු මල්ලි …
*සර්…
යමුද මාත් එක්ක රවුමක්.. ඇඟටත් හොඳයි නෙ. කසුන් සයිමන් දෙස බැලීය.
**මගෙ අමනාපයක් නෑ කොල්ලො ගිහින් වරෙන්.
*සර් මට විනාඩියක් දෙන්න. මම පටස් ගාල එන්නම්.
හරි…
මිනිත්තු කීපයකට පසු කසුන් සමඟ කඳුයාය පැත්තට ගමන් ගත්තෙමි.
ඉතින් ගැමුණු.. අපි ඒ නමින්ම කතා කරමු.
ඒක කෝකටත් හොඳයි.
*ඔව් සර්… මම දැක්කා මැඩම් එක්ක සර් යනවා.
ඔව් ගැමුණු. මැඩම් එක්ක ගියා මහනුවර මාකට් එකට.
*මාකට් එකට..
ඔව් .. මාකට් එකට ගිහින් එළවලු ගත්තා. මාළු ගත්තා..
*හොඳයි නෙ. සර් දැන් මැඩම් එක්ක මාකට් යනවා වගේ. නිකං හස්බන්ඩ් , වයිෆ් වගේ.
හ්ම්ම්… මට ඕනෙ හොඳට රඟපාන්න. මොකද රංගනය තාත්වික වෙන තරමට. අපි මවාගත්ත ව්‍යාජ අනන්‍යතාවය ස්ථිර වෙනවා මෙි සමාජය හමුවෙ. එතකොට තමයි විශ්වාසය කියන වරප්‍රසාදය අපිට ලැබෙන්නේ. අන්න ඒ විශ්වාසය කියන වරප්‍රසාදය ආවරණය කරගෙන තමයි අපිට අපේ විමර්ශන කටයුතු රහසේම කරගෙන යන්න පුළුවන්. ඒ හන්දා පුළුවන් තරම් තාත්වික රංගනයක යෙදෙන්න මහන්සි ගන්න ඕන. ඔයා දන්නවද ගැමුණු.
මම අද සුපිරි රඟපෑමක් කරා. හැබැයි ජීවිතයේ පලමු වතාවට ගැහැණියක් ගැන මට අනුකම්පාවක් ඇතිවුනා. කැරොලින් මැඩම් හොඳට රඟපාන බව අපි දැන් දන්නවා. නමුත් ගැමුණු මම ඔයාට කියන්න ඕක අද මම ඉදිරිපිට හෙලපු ඒ කඳුළු නම් රඟපෑමක් නෙමෙයි කියලා.
*ඇයි සර් මොකද වුනේ..
ඉන්න මම ඒක සවිස්තරාත්මකව පැහැදිලි කරන්නම්. එයත් රංගනයේ අන්තයටම
යනකොට , මටත් මගෙ පැත්තෙන් ඒ අන්තයට නොයා ඉන්න බැරිවුනා. ඉතින් මමත් යන්න පුළුවන් තරම් රංගනයෙන් ඒ දෙසටම ගියා. හැබැයි ඒකත් යායුතු සීමාව පසු කරගෙන නම් නෙමෙයි. ඔයා දන්නවද එයාට මාත් එක්ක අද හවස රූම් එකක තනිවෙන්න වුවමනා වුනා කියලා.
*මොකක් … ? රූම් එකක … ?
ඔව් ගැමුණු රූම් එකක. සාමාන්‍යයෙන්
ආදරය , සෙනෙහස , රැකවරණය , කරුණාව ඒ වගේම කාමය නැත්නම් රාගය කියන්නේත් ගැහැණියක් අපේක්ෂා කරන දෙයක්. හැබැයි එතන තමන්ට ආරක්ෂා විය හැකි දැඩි වූ අනන්‍යතාවයක් තියනවා. ඒකට තමයි “විශ්වාසය” කියලා කියන්නේ. පුද්ගලයා කවුරු වුනත් ඔය දොරටු සේරම ඇරගෙන රිංගන්න පුළුවන් ඔය විශ්වාසය කියන තදබල අවිය පාවිච්චි කරලා. අන්න එතකොට පෙර මම කියපු හැඟීම් කියන දොරටු වලට ප්‍රායෝගික දෙයක් බාහිරින් රිංගන්න පුළුවන්. ඒක තමයි ස්භාවය.
*සර් කියන විදිහට ඔය දොරටු සේරටම එක යතුරක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ යතුර තමයි විශ්වාසය.
හරියටම හරි.. මම මෙතනදී විස්තර කරන්නේ ගැහැණිය කියන කාරණාව විතරයි. පිරිමි ගැන විස්තර කරන්න ඕන නැහැ.මොකද අපේ මාතෘකාව ගැහැණියක් හන්දා. ඉතින් මම මෙි වෙද්දී විශ්වාසය කියන එක දිනාගෙන ඉවරයි. නමුත් ඒක යතුරක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් යම්කිසි සීමාවකට විතරයි. මට ඔය කියපු සේරම දොරවල් ටික අරින් පුළුවන් වුනත්
එයා ලඟ තියෙන තදබල දොර අරින්න මට තවම බැරුව ගියා. ඒ දොරින් වැහිලා තියෙන්නෙ රහස් කියන කාමරය. ඒක අරින්න අද මම හුඟාක් උත්සාහ කලත් මම පරාජය වුනා. ඒ කියන්නේ මම තවම ඒ රහස් කියක දොර අරින්න තරම් පරිණත වෙලා නැහැ කියලා. අකමැත්තෙන් වුනත් පිලිගන්න වෙනවා.
ඉතින් රූම් එකකට යන්න එයාම මට ආයාචනා කරා. නමුත් එතනදී රූම් එකට යන්න තියෙන වුවමනාව මට දැනගන්න බැරිවුණා. එහෙම සාමාන්‍යයෙන් ගැහැණියක් එක්ක පිරිමියෙක් අසම්මතව කිසිවෙකුට නොපෙනෙන විදිහට බිත්ති හතරකට මැදි වෙන්නෙ ඇයි. ඔයාට හිතෙයි යහන්ගත වෙන්න කියලා. නමුත් මම එහෙම නෙමෙි කිව්වොත් ඔයාට පුදුම හිතෙයි.
*පුදුමයි තමයි ඉතින්.
ඔව් ගැමුණු. ලෝකයාට නොඇසෙන සේ
යමක් කියන්න වෙන්න බැරිද.. ? අන්න
ඒ සංකල්පය ලඟ මගෙ හිත නැවතුනා.
*ඒ කියන්නේ එයා යමක් සර්ට කියන්න උත්සාහ කරා. එහෙමද… ?
ඇත්තටම ඔව් ගැමුණු. නමුත් අවසාන මොහොතේ ඒ තීරණය එයා වෙනස් කරා.
එයාට හිතෙන්න ඇති තව ටිකක් කාලය ගන්න ඕන කියලා. හරියට අපි අපරාධ කරුවෙකුගේ නළලට පිස්තෝලය තියලා, ඒක රෙඩිත් කරලා , සේෆ්ටි ලිවර් එක පහලටත් දාලා , ට්‍රිගර් එක ගස්සන්න හදලා අවසාන මිලි තත්පරයේ තීරණය වෙනස් කරනවා වගේ. මෙතනත් වුනේ එයාට ඒකම තමයි කියලා මට ඔයාට සහතික වශයෙන්ම කියන්න පුළුවන් ගැමුණු.
*සමහරවිට සර්ගෙ රංගනය තාත්වික ඇති. ඒත් අවසාන මොහොතේ එයා තීරණය වෙනස් කරා වෙන්න ඇති කියලා මමත් හිතනවා. මොකද සර් මෙච්චර කාලයක් විවිධ චරිත රඟපාලා තියනවා. ඒ සේරම තාත්වික හන්දා තමයි මෙච්චර මිෂන් ප්‍රමාණයක් සාර්ථක වෙන්න හේතුව.
ඔව් ගැමුණු. අපි එහෙම හිතමු. ඒ මම උත්සාහ කලේ පොඩි ෂෝට්කට් එකක් විතරයි නෙ. නමුත් ඒක මිස්වුනා කියලා අපි යන පාර නිවැරදි නම්, අපිට ලොකු හානියක් වෙන්නෙ නැහැ. වෙනසකට තියෙන්නෙ අපිට කාලය ටිකක් වැඩිපුර වැයවන එක තමයි. කමක් නැහැ. අපි කාලය අරගෙන මෙිකෙ කෙලවරක් දකිමු.
*ඔව් සර්.. එතකොට අපි යන පාර හරියටම හරිද … ?
ඔව් ගැමුණු. දැන් මට ඒක තක්කෙටම කියන්න පුළුවන්. තව පියවර තුනයි තියෙන්නෙ. ඒ පියවර තුනම සාර්ථක වුනොත් මගෙ නිගමනය හරියටම හරි. ඊට පස්සේ තියෙන්නෙ ගේමට බහින එක
*ඒ කියන්නේ සර්. අපේ ටාගට් එකට ගිහින් ඉවරයි කියලද … ?
ඔව් ගැමුණු. මට දැනගන්න ඕන මොකාද මෙි සිප්පියා කන්දෙ කරක් ගහන එකා කියලා. ඒ වගේම තැන තැන රේඩියෝ ට්‍රාන්ස්මීටර් හයිකරලා මෙතන වෙන කතා බස් අහගෙන ඉන්නෙ කවුද කියලා. මෙි සේරම කරන්නේ එකෙක් ද නැත්නම් දෙන්නෙක්ද කියලා මට හොයාගන්න ඕන. මොකද එහෙම වුනොත් ගේමක් අස්සෙ ගේමක් යනවා නම් මෙි දෙන්නගෙ අරමුණු මොනවද කියලා දැනගන්න ඕන.
*මෙි දෙකම එක්කෙනෙක් කරනවා නම් අපිට ලේසියි නේද .. ?
ඔව් ගැමුණු. එහෙම නම් අපට ලේසියි. නමුත් කැරොලින් මැඩම් ඩබල් ඒජන්ට් ( දෙපැත්තකට වාසිදායක ) කෙනෙක් විදිහට වැඩ කරනවා නම්. එතකොට මොකද වෙන්නෙ.
*සර් කියන්නේ. ඔය පල්සර් උපාලි කියන්නේ කැරොලින් මැඩම්ගෙ නියෝජිතයෙක් මෑන් මුදලට වැඩ කරන්නේ. මැඩම්ගෙ කීමට මෑන් පාර්ශව දෙකකට තොරතුරු සපයනවා කියලද.
ඔව් .. ඒක අනුමානයක් විතරයි.
*ඇයි එහෙම කරන්නේ..
හොඳ ප්‍රශ්නයක්…
නැවත හමුවෙමු ….
Episodes List
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 11 [24 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 08 [17 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 05 [11 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]
Episode Name : නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]
Episode Name : නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]
Other Stories By Same Author
Story : නීත්‍යානුකූල ඝාතනය 01
Date : 2024 නොවැම්බර්
Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම
Date Added : 03 Nov 2024
Story : Mission Pandora
Date : 2024 may
Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.
Date Added : 25 May 2024
Story : රහස් ආයුධය
Date : 2023 December
Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.
Date Added : 14 Dec 2023