⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 30 වන දිගහැරුම ⸎
> පුපුරවාහැරීම <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හොඳයි හෙට උදෙන්ම පිටත්වෙමු. අපි දැන් රෑට උයමු නේද…? මොනවද මිත්‍රවරුනි උයන්නෙ රෑට.

**මොනවාහරි සැහැල්ලු කෑමක් හදමු සර්.

හොඳයි එහෙනම්.

මෙතැන්සිට …

රාත්‍රි ආහාර ගන්නා අතරතුර අප තිදෙනා රූපවාහිනී නාලිකා කීපයකම ප්‍රවෘත්ති වැඩසටහන් කීපයකටම සවන්දුන්නද
එම හැම නාලිකාවකම ප්‍රමුඛ පුවත වූයේ දිනෙන් දින වැඩිවන පාතාල කල්ලි අතර
වෙඩිතබාගැනීම්ය. ප්‍රධාන පෙලේ පාතාල කල්ලි දෙකක් අතර ගැටුම් මෙි දිනවල උත්සන්න වී ඇති බවත් , එම ගැටුම් වලින් සාමාන්‍ය පුරවැසියන්ට කිසිදු හානියක් මෙිවනතුරු සිදුව නැති බවත් එහි කියැවින. දකුනෙ පාතාලය නිහඬ වනවිට කොළඹ අවට පාතාලයේ ක්‍රියාකරකම් වැඩිවී ඇති බවත් , මෙි පිලිබඳව නියෝජ්‍ය පොලිස්පතිවරයගේ
පූර්ණ අවධානයට ලක්ව ඇති බවත් එහි වැඩිදුරටත් කියැවින.

*සර් CDI ලා මෙිකට අතගහන්න කලින් අපි ඉවරකරලා දාන්න වෙනවා.

**ඔව් ඔව් සර්.. නැත්නම් මෙලෝ වැඩක් කරගන්න බැරි වෙනවා.

ඔව් ඒක ඇත්ත. හෙට ගැටුමෙන් පස්සේ එයාලගේ අවධානය නුවර ඒරියා එකට යොමුවෙනවා. ඒ අතරෙ අපිට පුළුවන්
නැවත කොළඹ වැඩටික කරගෙන යන්න.
ඇත්තටම කියනවා නම් අවසාන වැඩටික තමයි කරන්න තියෙන්නෙ. මෙතන ඉතුරු වෙන්නෙ ⁣කවුද. උන් ටිකත් අවසාන මිෂන් එකෙන් පස්සේ ඉවරකරලා දාන්න ඕන.
මීයො වගේ හැංගුනාට වැඩක් නැහැ ගුලට රිංගලා හරි, නැත්නම් ගුලට දුම් ගහලා හරි එලියට අරගෙන ගහලා දාන්න ඕන.

*සර් හිතනවද මිහිදු ගොයියා හෙට එයි කියලා මෙික ගෙනියන්න.

බොහෝදුරට එන්න ඕන. මොකද මෙික ජැක්පොට් එකක් මෑන්ට. නමුත් මහේෂ් කවදාවත් මෙිවගේ එකකට එන්නෙ නැහැ. ඒක මට ස්ථිරවම කියන්න පුළුවන්. මොකද මෑන් කරන්නේ බළල්ලු ලව්වා කොස්ඇට බාවන එක මිසක. කෙලින්ම ගේමට බහින්නෙ නැහැ.
හොඳයි මහත්වරුනි දැන් නිදාගන්න අපි මෙට උදෙන්ම වැඩ පටන්ගමු. සුභ රාත්‍රියක්. කියමින් මා අධිශීතකරණය වෙත ගොස් එය විවෘතකර ලේ දමා තිබූ කුප්පිදෙක ඉවතට ගෙන. ඉතා කුඩා කුප්පියකට ⁣මාගේ ලේ ස්වල්පයක් දමා ඉන්න පසු ලොකු කුප්පි දෙක තුල තිබූ ලේ ටික සින්ක් එකට වක්කර වතුර දමා මුදා හැරුවෙමි. පසුව එම කුප්පි දෙකට පැණිබීම දමා නැවත අධිශීතකරණයට දැමුවෙමි.

පසුදින අළුයම අවදි වූ අප තිදෙනා ජැගුවර් යතුරුපැදි දෙකක ගමන් ආරම්භ ⁣කලේ නුවර බලාය. හෝරා එකහමාරකට පසු පසුව නුවර නනගරාසන්නයට පැමිණි අප නියෝජිත බී380 හමුවී සයිලන්සරය සහිත නීත්‍යානුකූල නොවන පිස්තෝලය තුනද රැගෙන , නැවත කෙටි දැනුම්දීමකදී නුවර නගරාසන්නයට එනලෙස උපදෙස් දී , අප තිදෙනා හුන්නස්ගිරිය කන්දට ආසන්නයේ කුඩා වන ලැහැබක යතුරුපැදි දෙක පෙරලා දමා, පාරෙන් එපිට කන්දකට මා පමණක් නැග ගත්තෙමි. සහයකයින් දෙදෙනා මුදල් රදවා තබන තැනට නුදුරේ ස්ථානගතවන ලෙස උපදෙස් ලබාදී , මා කුඩා ලේ සාම්පලය අඩංගු කුප්පියද , පැණිබීම පුරවා තිබූ අනෙකුත් කුප්පි දෙකද , කුඩා බෑගයට දමා. බෝම්බය වලලා තැබු තැන ගසේ අත්තක් කඩා එය එල්ලුවෙමි. පසුව නැවත මහා මාර්ගයේ අනෙක් පසට පගොස් නැවත ස්ථානගතවෙලා දෙදෙනාම ඇමතුවෙමි.

*බ්‍රාවෝ ෆෝර් ඇල්ෆා. අපි ස්ථනගතවෙලා ඉන්නෙ.

ඇල්ෆා ෆෝර් බ්‍රාවෝ වන් ඇන් ටූ කොපියඩ්. වටපිටාව පිලිබදව ඇහැගහගෙන ඉන්න. මම දැන් උන්ට ස්ථානය ගැන දැනුම් දෙන්න යන්නෙ.

*බ්‍රාවෝ ෆෝර් ඇල්ෆා කොපියඩ්.

හෙතෙම දුරකථනය අතට ගෙන පලමුවන ප්‍රතිවාදියා වන මිහිදුට ඇමතුමක් ගත්තෙමි.

හෙලෝ මිහිදු ලොක්කා ඔන්න මම කුකුලා අතට අරගෙනම කතා කරා.
අද උදේ නමය වෙද්දින් කොකත් අරගෙන
හුන්නස්ගිරිය කන්ද ලඟට එන්න ඕන.
හරිද..

මිහිදු - හුන්නස්ගිරිය …?

ඔව් ලොක්කා. හුන්නස්ගිරිය තමයි. එතනට ඇවිත් තුන්වන ගල්පොත්ත ලඟ තියෙන ⁣උසම දේවදාර ගහ ලඟ සල්ලි බෑග් එක තියන්න ඕන. මතක තියාගන්න ඕන. උදේ නමය කියන්නේ නමයට මිසක අටයි පනස් පහවත් , නමයයි පහවත් නෙමෙි. ඒ වගේම , වෙන ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා. වැඩෙි ඩවුන් තමයි එහෙම වුනොත්.

මිහිදු - හරි… වැඩෙි තිතටම වෙයි.

හරි ලොක්කා. කියමින් ඇමතුම විසන්ධිකර. අනිත් දුරකථනය අතට ගෙන
ඇමතුම අරගත්තේ මහේෂ් ජීවානන්ද වෙතය.

ආයුබෝවන්ඩ දොරේ.. ඔන්න කුකුලා අතින් අරගෙනම මම ආවා.

මහේෂ් - කියනවා ඉතින්.

හොඳයි බොසා. හරියටම අද උදේ නමයයි පහලවට වඩෙි වෙනවා.

මහේෂ් - කොතනද …

හුන්නස්ගිරිය කන්ද කිට්ටුව. මම හරියටම තැන කියන්නම් එතනට ආවට පස්සේ.

මහේෂ් - හරි.. මට පැය තුනක් තියනවා වැඩෙිට. හොඳයි මගෙ අය එතන වෙලාවට ඉඳියි.

හරි බොසා. හැබැයි නමයයි කාලනම්, නමයයි කාල තමයි ආයේ විනාඩි පහ දහය එහෙ මෙහෙ වෙන්න බෑ හරිද…? ඒ වගේම වෙන වෙන ගේම් දෙන්න හදන්න එපා. එහෙම වුනොත් නිධානයත් එක්කම භුතයත් අතුරුදහන් වෙයි හරිය.

මහේෂ් - නෑ නෑ තමුසෙට මම එහෙම කරන්නේ නෑ. ලඟ ඉන්න ⁣ද්‍රෝහියට වඩා මට ඈත ඉන්න තමුසෙව විශ්වාසයි.

හරි දොරේ. ⁣එහෙනම් ජයවේවා. කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.

ඇල්ෆා ෆෝර් බ්‍රාවෝ වන් ඇන්ඩ් බ්‍රාවෝ ටූ.
වැඩෙි හරි. දෙවන ගල්පොත්ට යන්න. තුන්වන ගල ලඟ තියෙන උස දේවදාර ගහ යට තමයි උන් සල්ලි තියෙන්නෙ. ස්කෑනරය ලග තියනවා නේද..?

*ඔබ හරි.. ඇල්ෆා. අපි වැඩෙි තිතටම කරන්නම්.

ඇල්ෆා ⁣කොපියඩි. දැනට රිලැක්ස් වෙලා ඉන්න. උන් කලින් ඇවිත් ස්ථානගතවෙලා ඉන්න පුළුවන්. නමුත් මොකුත් කරන්න යන්න එපා. නොපෙනෙන පරිදි හිටියාම ඇති. කෙ⁣මෙන් කෙමෙන් අඳුර පහව ලොස් වරින් වර ගොස් සාමාන්‍ය ජනයා පොදු ප්‍රවාහන බස්රථ ඔස්සේ තම රාජකාරි ස්ස්ථානයන් වෙත යන්නට විය. යතුරුපැදිකරුවන් ගමන් කලේ සීමිත ප්‍රමාණයකි. අද දින මා යොදාගන්නට හේතුව වූයේ රජයේ නිවාඩු දිනයක් වන බැවින්ය. කොහොම වුනත් මාර්ග තදබදයක් මෙි ප්‍රදේශයේ දක්නට ලැබෙන්නේ නැත. මක්නිසාද යත් කඳුකර ප්‍රදේශයක් වන නිසාවෙනි. කාලය ගෙවීගොස් පෙරවරු නමයේ කනිසමට ලගාවනවිට සුදුපැහැති වෑන්රියක් සෙමෙන් අප දෙසට එන්නට විය. අප පසුකර මීටර් පනහක් පමණ ගොස් එය නවතා , හයදෙනෙකු බැසගත් අතර , එයින් එකෙකු අතැතිව කළුපාට බෑගයක් විය. ඔහු සමග දෙදෙනෙකු දෙවන ගල්පොත්ත දෙසට ලඟාවිය.

ඇල්ෆා ෆෝර් බ්‍රාවෝ වන් ඇන්ඩ් ටූ. පැකේජ් එක ස්ථානගතවුනා.

*බ්‍රාවෝ වන් කොපියඩ්.
**බ්‍රාවෝ ටූ කොපියඩ් ස්ටෑන්ඩ් බයි.

ඇල්ෆා ෆෝර් බ්‍රාවෝ වන් ඇන්ඩ් ටූ කොපියඩ්. කියමින් නැවත දුරකථන ඇමතුමක් ගත්තෙ මිහිදු වෙතය.

ලොක්කා ආපු ගෝලයන්ට කියන්ඩ ඉක්මනට ඔය සහ කන්දෙ යට පේන ලොකු ටර්පන්යින් ගහ යටට යන්න කියලා. එතන බෑග් එකක තමයි බඩු තියෙන්නෙ. ඒකෙ කුඩා කුප්පියේ සාම්පල් එකක් තියනවා. අනිත් එව්වා දෙකෙ තියෙන්නෙත් බඩුම තමයි. කියමින් ඇමතුම විසන්ධි කර ඔවුන් දෙස බලාසිටින විට ඉතිරි තිදෙනාගෙන් එක් අයෙකු තම කලිසම් සාක්කුවට අත දමා තම ජංගම දුරකථනය අතට ගෙන වටපිට බල බලා යම්දෙයක් පිලිබඳව කතාකරන්නට විය. සුළු මොහොතකට පසු කුඩා බෑගයක්ද අතැතිව හේ තම සගයන් දෙදෙනා සමග කන්ද නගින්නට විය. මා දුරදක්නය අතට ගෙන වෑන්රියේ කීදෙනෙක් සිටිනවාද යන්න පරික්ෂා කලද, එහි කිසිවෙකු පෙනෙන්නට සිටියේ නැත. එසේනම් වෑන්රියේ පැමිණි සම්පූර්ණ ගාණ හයයි.

සැනෙන් අනිත් දුරකථනය අතට ගෙන
මහේෂ් ජීවානන්දට ඇමතුමක් ගත්තෙමි.

දොරෙ මොකද තත්වය. කස්ටිය ඇවිත් ඉන්නෙ. මගෙ කොකා ගෙනාවද…?

මහේෂ් - ඔව්.. මගෙ කට්ටිය ඇවිත් ඉන්නෙ.

හොඳයි.. කොකා හුන්නස්ගිරිය කියලා ලහලා තියෙන බෝඩ්එකට පහල තියෙන කානුවට දාලා , එතන ඉදලා හුන්නස්ගිරිය කන්ද පාමුලට ඇවිත් , එතන තියෙන උසම ටර්පන්යින් ගහ යට තමයි සේරම කතන්දර ටික වෙන්නෙ. එහෙනම් තිබ්බා ජයවේවා දොරෙ. කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි.
දුරදක්නයෙන් ටර්පන්යින් ගස ලගට යන තිදෙනා දෙස බලා සිටියෙමි. ඔවුන් තිදෙනා ගොස් ගසේ එල්ලලා තිබූ බෑගය අතට ගෙන එහි කුඩා කුප්පියෙන් බිඳක් ගෙන කුඩා උපකරණයකට දමා එකෙකු තම එක ඇසක් වසා , අනෙක් ඇසෙන් ලංකර බලන්නට විය. එසැණින් තවත් ජීප් රථයක් පැමිණ නවත්වන ලදි. එයින් කළු පැහැති ඇඳුම් ඇඳගත් සිව්දෙනෙකු බැස ලහිලහියේ කන්ද වෙත යන්නට විය.

ඇල්ෆා ⁣ෆෝර් බ්‍රාවෝ වන් ඇන්ඩ් ටූ ඔතන ටාගට් හතරට ගහලා දාලා පාර අයිනට ආවරණ ඔස්සේ එන්න. කියමින් මමද පල්ලම් බැස පාර පැන කෙලින්ම ගියේ ජීප් රථය වෙතටය. එහි රියදුරාගේ හිසට පලමු නිහඬ වෙඩිල්ල තබා. දෙවනුව වාහනයේ ටයරයකට වෙඩිල්ලක් තබන විට වෙඩි සද්ද කීපයක් ඇසෙන්නට විය. දොලොව රත්වූ මා එසැණෙන් දිව ගියේ කන්ද දෙවන ගල්පොත්ත ආසන්නයට සහයකයින්ට සහය දී සඳහාය. දෙදෙනෙක් මියගොස් මුණින් අතට වැටී ඇති අයුරු දක්නට ලැබුනි. සියලුම දෙනා කළු පැහැති ඇඳුමින් සැරසී ඇති බැවින් සැකයෙන් ⁣පෙරලා මුහුණු දෙස බැලුවෙමි. ප්‍රතිතිවාදීන් දෙදෙනෙකු මියගොස් බැව් සනාථයි. වෙඩි හඬට සවන් දී කෙමෙන් කෙමෙන් යනවිට එකෙක් මට පිටුපා කසුන්ට වෙඩි තබමින් සිටි. ආපසු හැරෙනවාත් සමග මා ⁣පපුවට වෙඩි දෙකක් තබා අසල කුඩා ගලකට ආවරණය විමි. ඈතින් වෙඩි හුවමාරු කීපයක් ඇසෙන්නට විය. එසේනම් මහේෂ්ගෙ කණ්ඩායම ඔහුගෙ ද්‍රෝහියන් සමග ගැටෙමින් පවතියි.

ඇල්ෆා ෆෝර් බ්‍රාවෝ වන් ඇන්ඩ් ටූ ෂූට් කරන්න එපා. ඉදිරියෙන් ඉන්නෙ මම.
කියන විට කසුන් දෙපල මා ඉදිරියට එන ලද.

*සර් හොඳින් නේද…?

ඔව් ඔව්. ඔය දෙන්නා ඉක්මනට බෑග් එකත් අරගෙන යන්න. හුන්නස්ගිරිය
බෝඩ්එක ලඟ කාණුවෙ තව බෑග් එකක් ඇති ඒකත් ස්කෑන් කරලා අරගෙන යන්න. මම ඉක්මනට එන්නම් කියමින් වෙිගයෙන් කන්ද දිහාට දිවගොස් පේනමානයේ සිටින ප්‍රතිවාදියෙකුට වෙඩි තැබුවෙමි. තවකෙකු මට වෙඩි කීපයක් එල්ල කරනවිට මා එක අතක් බිමට තබා කරනමක් ගසා ගල් පොත්තකට ආවරණය වුනෙමි. එකෙකු මා ලඟට එනවිට කකුලට පයින් ගසා බිම වැටුන පසු හිසට වෙඩි දෙකක් තබනවිට අනෙකා දිවගොස් ගසකට ආවරණය විය. වැටී ඇති මළ සිරුරු ගණන හයකි. එසේනම් මොහු පමණයි ඉතිරිව ඇත්තේ. ආපසු හැරී වෙිගයෙන් කන්ද පහලට විත් පාර හරහා ගමන්කර ඉඳුරාම දුවගෙන ආවෙ කුඩා වන ලැහැබටය. යතුරුපැදිය කෙලින්කර , එය පණගන්වා පාර ආසන්නයට පිවිස. අටවා තිබූ දුරකථනයට ඇමතුමක් ගත්තෙමි. ``ඩීඩීන් ´´ හඬ නංවමින් ගිණිජාලාවක් සමගින් දුම්රොටු විහිදුවාලමින් බෝම්බය පුපුරන්නට විය. යතුරුපැදිය පාරට දමාගත් මා වෙිගයෙන් එය පැදගෙන ගියේ නුවර පැත්තටය.

කිලෝමීටර් තුනක් පමණ ගෙවා යනවිට
පොලිස් ජීප්රථ දෙකක් මා මුහුණට හමුවී පසුකර හුන්නස්ගිරිය පැත්තට වෙිගයෙන් යන්නට විය. වෙිගය අඩාල නොකර මා
කිලෝමීටර් පහක් පමණ යනවිට සහයකයින් දෙදෙනා ගමන්කරන යතුරුපැදිය දක්නට ලැබුනි. ඔවුන්ට කිට්ටුකර එක බෑග් එකක් රැගෙන මාගෙ කරට දමාගෙන මා පසුපස එන ලෙස සංඥ්ඤා කරගෙන වෙිගයෙන් නුවර දෙසට ධාවනය කලෙමු. අඩහෝරාවකට පසුව නුවර නියෝජිතයා හමුවී , ආයුධ තුන ඔහුට බාරදී වෙිගයෙන් බෙරගල පිහිටි ආරක්ෂක නිවස වෙත එනවිට හෝරා දෙකක් පමණ ගතවී තිබුනි. බෑග්දෙක එම් හවුස් එක ඇතුලට ගෙ ගියද එයින් කිසිදු බලපෑමක් සංඥ්ඤා පද්ධතියට සිදු නොවුනි. එසේනම් ඔවුන් මෙි බෑගයන් වලට කිසිදු වර්ගයේ සම්ප්‍රේෂකයක් සවිකර නොමැති බැව් පෙනෙයි.

තදෙනාම සෝපාවක වාඩීව ගිමන් හලෙමු.

**සර් එකොළහක් ඉවරයි නේද…?
( කෙටි නිහැඩියාව බිඳ දමමින් )

ඔව්… ඒක තමයි මහේෂ්ට කොකා ගස්සන එක පරක්කු කරමු කියලා මම කලින් කිව්වෙ. මොකද ඒක කලින් කරානම් මෙච්චර හානියක් උන්ට කරන්න බැරිවෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි මෙතෙක් මරපු එවුන් මෙි සමාජයට කොච්චර ඇණයක් වෙන්න ඇද්ද කියලා. ගැහැණු ළමයි කීදෙනෙකුට කරදර කරලා ඇද්ද ..? කීදෙනෙකුගෙ දේපල පැහැරගෙන ඇද්ද …?

*ඔව් ඒක ඇත්ත තමයි. එතකොට ඔය මිහිදු ආවෙ නෑ නේද…?

මොකද නැත්තෙ මෑන් බ්ලාස්ට් එකට මැදිවුනා. හැබැයි ඉතින් ඊට කලින් මෑන් ගුවන්ගතවෙලා හිටියෙ.

**මොනවා…?

ඔව් සුපුන් මහත්තයා. සාම්පල් එක චෙක් කරන්න ආවෙි මෑන් තමයි. නමුත් මෑන් හොඳට රඟපෑවා. මෑන් බ්ලූටූත් එකක් කනේ ගහගෙන තමයි මගෙ කෝල් එකට උත්තර දුන්නෙ. ඊට පස්සේ නැවත කෝල් එකක් එන විදිහට මෑන් දෙවනුව ⁣තමන්ගෙ සාක්කුවට අතදාලාෆෝන් එක අරගෙන කෙටි පිළිසඳරක යෙදුනා. මාව අන්දන්න කියලා හිතාගෙන. මොකද මෑන් හොඳාකාරවම දන්නවා අපි සීන්එක දිහා බලාගෙන ඉන්නෙ කියලා. අපිව හොයාගන්න බැරි වුනත්.

*අවසානයේ මහේෂ් ලොක්කට කෝටි දෙකක් පාඩුයි. මිනිස්සු පස්දෙනෙකුත් නැතිවුණා.

ඔව් මහත්වරුනි. ඒ වගේම තවත් විනාඩි කීපයක් අපි පරක්කු වුනානම් පොලීසියට අපි මාට්ටු වෙනවා. එහෙම වුනානම් අපිටත් කේස් තමයි. මොකද පොලීසියට වෙඩි තියන්නයැ. කොහොමහරි තව දවස් දෙකකින් අපි මෙතනින් යන්න ඕන. බරක්
වැඩ තියනවා කරන්න.

**සර් ඊලඟ ඉලක්කය කවුද …?

තාත්තව ඉවරයක් කරන්න ඕන.

*බ්‍රැස්ට්යන් අල්මේදව..

ඔව්… මෑන් තමයි මගෙ ඊලඟ ටාගට් එක.
ඒකට සැළසුමක් මම ලඟ තියනවා. ඒක මම කියන්නම් ටෙක්ස්ටයිල්ස් එකට ගිහින්. ඊට පස්සේ අවසාන මිෂන් එකේදී මහේෂ් ඇතුළු චීන කුලී හමුදාව. මොකද තව පොඩි කාලයයි අපට තියෙන්නෙ. වැඩි කාලයක් නැහැ උන් රොකට් එක මුදාහරින්නවා. ඊට කලින් අපි චීන කුලී හමුදාවට ගහලා මෙි ප්‍රොජෙක්ට් එක නවත්තලා දාන්න ඕන. මොකද රට මොකක් වුනත් විනාශ වෙන්නේම මිනිස් ජීවිත වගේම ඒ රටෙි ආර්ථිකය. අපි අවසාන මොහොත දක්වා උපරිම උත්සාහ කරමු මහත්වරුනි. මෙික ගොඩදාගත්තා කියන්නේ අපිට ජීවිත කාලයම සැනසෙන්න පුළුවන්.

*ඔව් සර්… බෙල්ල ගහලා ගියත් මෙික මුදාහරින්න දෙන්න නම් බැහැ. මරාගෙන හරි මැරෙමු.

**ඔව් සර්. මරාගෙන මැරෙමු. මමත් ලෑස්තියි .

බොහොමයක් ස්තුතියි මිත්‍රවරුනි. දැන් මෙි සල්ලි ටික අපි ආයුධාගාරයට දාමු. මිෂන්එක ඉවරකරලා අපි ඒ ගැන කතා කරමු නේද..?

**ඔව් සර් ඒක හොඳයි. එතකොට ඇයි බෑග් දෙක සර්ගෙ විස්වාසවන්ත යාළුවට නොදුන්නෙ..?

ඔව් ජනිත් මහත්තයා. මම ඒ තීරණය වෙනස් කරා. මොකද මෙි ගැන අනිවාර්යයෙන්ම විමර්ශනයක් යනවාමයි. එතකොට බැරි වෙලාවත් මෙි සල්ලි ගැන ලීක් වුනොත් වැඩෙි ගැස්සෙනවා.

*ඒ කියන්නේ සර්ට මෑන්ව අවසාන මොහොතෙ විශ්වාස නැතුව ගියාද...?

නෑ කසුන් එහෙම දෙයක් නම් නෙමෙි. යාළුවා විශ්වාස වුනාට, ගෑණුන්ව විශ්වාස කරන්න බැහැ නෙ. අර කථාවටත් කියනවා නේද ගෑණුන්ට රහස් රකින්න බැහැ කියලා. අනික මෑන් දන්නෙ නැහැ මම මෙි වගේ යුනිට් එකක වැඩ කරනවා කියලා.

**හා හරි අපිට දැන්නම් සහසුද්දයෙන්ම තේරුනා නේද ජනිත් මහත්තයා.

**අම්මපා ඔව් සර්.

මතු සම්බන්ධයි…..


Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now