⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 22 වන දිගහැරුම ⸎
> අනතුරක් <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~

මහේෂ් - හොඳයි ඔයාලගෙ කැමැත්තක්.

එහෙනම් සර් අපි ගිහින් එන්නම්.

මහේෂ් - හොඳයි හොඳයි ජයවේවා..

නිවසින් නික්ම ගොස් වෑන්රියට ගොඩවූයේ තිදෙනාම සතුටු සාමිච්චියේ
යෙදෙමින්ය.


මෙතැන්සිට …….

වතු පරිශ්‍රයෙන් නිදහස්ව අපි ගමන් ඉඳුරාම ටෙක්ස්ටයිල්ස් වෙත නොවෙි. හොන්ඩා මාදිලියේ යතුරුපැදියක නැගී දෙදෙනෙකු අපව හඹාගෙන එන බව අපට කල්තියාම දැකගැනීමට හැකිවිය.
හෙතෙම අවහන්ලකට ගොඩවූ අප රාත්‍රි ආහාරය කල්තියාම අනුභව කරන්නට පටන් ගත්තෙමු. තිදෙනාට වටපිට පහසුවෙන් දැකීමට හැකි පරිදි වාඩීවූ අප
ක්‍රමානුකූලව ආහාර අනුභව කෙරුවෙමු.

**සර් මෑන්ලා දෙන්නා මෙි අවට ඉන්නවා ඇති ෂුවර් එකටම.

*වැඩෙි ගැස්සුනාවත්ද…?

නැහැ. හැබැයි පොඩි සැකයක් තියෙන්න පුළුවන්. අපි ඇත්තටම කවුද …? මොනවද කරන්නේ යනවග දැනගන්න මෑන්ට ආස ඇති මෙි දෙන්නා හරහා. ඒක හන්දා ගමනාන්තය දක්වා මුන් එන්න පුළුවන්.

**ඒ කියන්නේ ටෙක්ස්ටයිල්ස් එකට ගිහින් බැහැ.

අපි යමු… ගිහින් රෙදි ටිකක් විකුණමු. එතකොට උන් දැනගනියි අපි සාමාන්‍ය මිනිස්සු කියලා.

*ඔව් ඒක තමයි කරන්න ඕන මෙි වෙලාවෙ මටත් හිතෙන විදිහට සර්.

හරි.. කලබල වෙන්න එපා මහත්වරුනි. බඩු ඉනේ තියාගෙන නෙ ඉන්නෙ. කෝකටත් ලෑස්තිපිටම එලියට බහිමු. බොහෝදුරට අපිව ඇම්බුෂ් ( රැකසිට පහරදීමක් - පාබල හමුදාවල සිදුකරන උපක්‍රමයකි ) කරන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. මෙි වගේ ප්‍රසිද්ධ තැනක උන් මොකුත් කරන්නේ නැහැ. හුදකලා ප්‍රදේශයක් හමුවෙනතුරු උන් අපිව ඉස්සර කරන්නේ නැහැ. මෙිවා අනුමාන විතරයි. අපි යමු එහෙනම්.

**ටෙක්ස්ටයිල්ස් එකට….?

ඔව් .. බිල නිරවුල් කර තිදෙනාම වෑන්රිය වෙත සූදානම්ව ආවත් ඔවුන් ඈතින් ඉන්නා බව පෙනුනනද. එය පිස්තෝලයක ළුලදායි දුරක් නම් නොවීය.

යමු.. ඒ අයට අපේ පස්සේ පාඩුවෙ එන්න දෙමු. පව්නෙ.. එයාලගෙ ජොබ්එක නෙ ඒ කරන්නේ. අඩහෝරාවකට පසු නුගේගොඩ මදිනා ටෙක්ස්ටයිල්ස් වෙත
අපි පැමිණ තිදෙනාම පිරිමි අයවළුන් හට ඇඳුම් තේරිම සඳහා උදව් වූයෙමු. අපව ලුහුබැඳ ආ දෙදෙනාද සාප්පු සංකීර්ණයට ගොඩවැදුණි. ඔවුන් දෙදෙනාව පිලිගත්තෙද මා විසින්මය.

ආයුබෝවන් සුභ සන්ද්‍යාවක් වේවා සර්.
මොනවස බැලුවෙ …? ෂර්ට් එකක් …? ඩෙනිමක් ද…? දෙදෙනාම මාදෙස බලා, දෙවනුව සහයක පරීක්ෂක වරුන් දෙදෙනා දෙසද බැලීය. `` නෑ මහත්තයා සොරි වැරදීමක් ´´ එකෙකු පවසන විට. මා
ඒකට කමක් නැහැ මහත්තයා කියමින් පෙරලා පිලිතුරු දුන්නෙමි. දෙදෙනාම ආපසු හැරී යතුරුපැදියට නැග යන්නට විය.

**සර් උන් දෙන්නා ගියා නේද…?

ඔව්… ඒ වුනාට හිතන්න එපා උන් දෙන්නා අපේ පස්සෙන් එනඑක දැන්ම නතර කරයි කියලා. ඔය පටන්ගැන්ම විතරයි. අවසානය ඔයිට වඩා උණුසුම් වෙනවා. මොකද දිගින් දිගමට උන් දෙන්නා රැඟුවොත් , දෙන්නම ඉවර කරලා දානවා.
මොකද නිලනොලත් කණ්ඩායමට කරන්න බැරි දෙයක් මෙි රටෙි නැහැ නෙ.
ඒක උන් දැනගන්නකොට පෙරහැර ගිහින් ඉවරයි. හරි.. දෙන්නම දැන්ම එන්න මගෙ කැබින් එකට.

*යමු සර් ….

හ්ම්ම්… වාඩිවෙන්න. මට හිතෙනදේ කියන්න කලින් ඔය දෙන්නගෙ අදහස් මට දැනගන්න ඕන.

**සර් මමනම් හිතන්නේ ඇතුලෙ ආරක්ෂාව තදයි. මෑන් පුද්ගලික ආරක්ෂාව ගැන දැඩිව හිතනවා වගේ.

ඔව් ඉතින්. ඔය වගේ කළු, සුදු ව්‍යාපාර දෙකම කරන අයට සතුරු ආපදා වැඩියි. හරි. ඒ කියන්නේ එතන ගේමකට යන එක අවදානම් ..?

**පුළුවන් සර්… හැබැයි අපි නිකරුනේ උන්ට චෙක් වෙන සම්භාවිතාවය වැඩියි. දැක්කද තිබ්බ කැමරා ගොඩ.

හොඳයි බොහොම ස්තුතියි නියෝජිත ජනිත්. එතකොට ( කසුන් දෙස බලමින් )
කසුන් මහත්තයා. කියමු බලන්න ඔයාගෙ අදහස.

*සර් මමනම් කියන්නේ මෙික කපලා කොටලා අපි පලමුවෙන්ම කරන්න ඕන
අපේ යූටියුබ් චැනල් එකට දානඑක.

ඔව්.. ඒක හොඳ අදහසක්. එතකොට තමයි උන්ගෙ සැකය පහව යන්නේ.
ඒක හොඳ හේතු කාරණාවක් වෙනවා.
හරි.. තව…?

*තව…. නියෝජිත ජනිත් කියනදේ හරි. එතනට ගිහින් ගහනඑක එච්චරම අමාරු නැහැ. හැබැයි කැමරා තියෙන ප්‍රමාණය වගේම , එ⁣කිනෙකට තියෙන පරතරය අනුව අපිව චෙක් වෙන ප්‍රවණතාවය වැඩියි වගේ..

එතකොට අපි මෑන්ට ගහන්න ඕන මොනවගේ ගේමක්ද…?

*හ්ම්ම්… මම හිතන්නේ අපි එලියෙදී ගැහැව්වොත් හරි.

හරි… බොහොමයක් ස්තුතියි ඔය දෙන්නට. හොඳයි දැන් මම කියන්නම් මට හිතෙන දේ.. හොඳට මතක් කරලා බලන්න අඩි පහලවකට නොඅඩු තාප්පයකින් තමයි මෙි වත්ත වටකරලා තියෙන්නෙ. එතකොට ප්‍රධාන පිවිසුම් පාරේ කැමරා කීපයක් හයිකරලා තිබ්බා.

**එව්වත් අංශක එකසිය අසූවට එහාට මෙහාට කරකැවෙන.

ඔව්… ඇත්ත. එහෙම කැමරා හයිකරලා තිබ්බෙ සිග්සැග් ක්‍රමයට. ඒ හන්දා තව තවත් වැඩෙි අමාරුයි. නමුත් පාරෙදි අපි උන්ට ගහන්න බැහැ.

*ඇයි ඒ සර්… ?

මෑන් යන වාහන තුනම බුලට් පෲෆ්. වී එයිට් වර්ගයේ එව්වා. ඒ වගේම ටොන් පහක පීඩනයට ඔරොත්තුදෙන වාහනයක් තමයි ඔය වාහන වර්ගය. එතකොට යන ගමන් ක්ෂනිකව ගහගෙන යන්න නම් කොහොමත්ම බැහැ. අන්න එතනදී තමයි කසුන් මහත්තයා අපිට ඒ වැඩෙි කරන්න බැරි. අනික මෑන් අත්‍යාවශ්‍යම ගමන් විතරයි යන්නේ. අනිත් වැඩ. ඒ කියන්නේ ව්‍යාපාරික හමුවීම් වගේ දේවල් මෑන්ගෙ ගෙදරට ගෙන්වලා තමයි කරගන්නේ. නැත්නම් අන්තර්ජාලය හරහා. මම මෙිගැන විටෙන් විට පූර්ණ විමර්ශනයක් කරා. මෙි වෛරස් ව්‍යාපෘතියත් එක්ක තමයි මෑන් තමන්ගෙ ආරක්ෂාව තර කරලා තියෙන්නෙ අතීතයට වඩා වර්ථමානය තුල.

*ඒ කියන්නේ අපි ගෙදරට බහින්න ඕන..?

ඉන්න… මම තවම මගේ පැහැදිලි කිරීම හමාර කලේ නැහැ. මගේ සැළසුම තිබ්බෙ ගෙදරට ගිහින් ගහලා එනඑක තමයි. ඊට පස්සේ සාක්ෂි වශයෙන් අර ⁣ෆෝන් දෙකෙන් එකක් එතන දාලා එන්න. නමුත් එතනදී මම නැවත කල්පනා කරා. අපි නිකං වැඩෙි කරලා හිතාමතාම සාක්ෂි දාලා ආවා වගේ වෙනවනෙ කියලා. එතකොට ඊට වඩා ආරක්ෂක අංශ මේගැන විමර්ශනය කරාවි. එහෙම කරාට කමක් නැහැ. නමුත් අපේ මිෂන් එක ඉවර වුනාට පස්සේ. තවම අපිට තියනවා අදියර කීපයක් සම්පූර්ණ කරන්න.

**එහෙනම් සර් එකම විකල්පයයි තියෙන්නෙ.

*මොකක්ද …? තාත්තායි , පුතයි එකම දවසේ අඩි පහක් යටට යවන්නද..?

*ඔව් ඉතින් … වැඩෙි ගැස්සිලත් බැරිනම් වෙන මොනවද කරන්නේ.

ඔව් ඒකත් හරි. එකම දවසේ මෑන්ට ගහලා, ඊට පස්සේ යාලට ගිහින් මිෂන් එක ඉවර කරන්න පුළුවන් ද අපිට…?
ඒ හන්දා කලින් සැළසුම් කරන්න අවශ්‍ය වටපිටාව තමයි මහත්වරුනි මම මෙි හදාගෙන යන්නෙ. පාබල සොල්දාදුවෙක්
නොදන්නා කැලයක් තුලට ක්‍රියාන්විතයක් කරන්න බැස්සහම
සතුරන්ව හොයලා හැල්මෙ දුවලා පුළුවන්ද තමන්ගෙ මිෂන්එක සම්පූර්ණ කරන්න. බැහැ නේද…? ඇයි බැරි. අඩුම තරමෙි ඒ වනන්තරය ගැන දල දැනුමක් ලබලා තියෙන්න ඕන වගේම , සිතියම් කියවීම , දුර ගණනය කිරීම වගේම , මර උගුල් ගැන හරියටම අධ්‍යනය කරලා තියෙන්න ඕන. නැත්නම් ඒ කැලේ ඇතුලෙ පියවර සීයයක් යනවා බොරු. වෙඩි නොකා මරඋගුල් කා මැරෙන්න වෙන්නෙ.
අපිත් ඒක තමයි මෙි කරන්නේ. නිවැරදි අධ්‍යනය ..

*සර් එතකොට මෙි ව්‍යාපෘතිය හසුරවන්නේ තාත්තද..? පුතාද ..?

අන්න හරි… නියත වශයෙන්ම අපි ඒ ගැන හොයලා සනාථ කරගන්නම වෙනවා. මොකද ඒක ඉතාමත් වැදගත් අපිට මිෂන් එකේ අවසාන ලෙවල් එකට යන්න නම්. මොකද අපි මෙිකෙ අගමුල හොයන්න යුහුසුළුව කටයුතු කරනකොට, උන්ගෙ සංවිධානයත් මෙිකට ප්‍රතිවෛරස් එක නිර්මාණය කරන්න යුහුසුළුව ක්‍රියාත්මක වෙන බව අපි මතක තබාගන්න ඔීන.

**එතකොට මහමොළකරුවා තාත්තද , නැත්නම් පුතාද කියලා හොයන්නත් අපිට දුවන්න වෙනවා නේද…?

හ්ම්ම්… එහෙම්මම කියන්නත් බැහැ. අපි බලමු ඒක අපිට සරළවම දැනගන්න පුළුවන් වෙයි. කොහොම වුනත් කන මකුණයි නොකන මකුණයි දෙන්නම ඉවරයක් කරන්න වෙනවා අපිට. මොකද නොකෑවා කියලා ඌ හාවෙක් නෙමෙයි නෙ. ඌත් මකුනෙක් ම තමයි. හොඳයි ඔහොම ටික දවසක් ගෙවුනාවෙ. අපි ඊලඟට කරන්න ඕන දේවල් ටික සැළසුම් කරමු. ඒ කියන්නේ අපි යාල විද්‍යාගාරයට රිංගන්න සැළසුම් කරන්න ඕන.

නියෝජිත ජනිත්. මොකද මම ඉල්ලපු ඡායාරූප තියෙයිද..?

**සර්… අපිට හෙට වනතුරු ඉන්න වෙනවා. මොකද උන්දෙන්නා අර අවහන්හලට ගොඩවෙන්න එපැයි.
දැනට ස්පයිඩර් කෙනෙක් එතන ඉන්නවා වැඩෙිට බැහැලා.

නියමයි.. අපි ඒ ටික එනතුරු ඉවසලා ඉමු.
මොකද මෙික ශ්‍රීලංකාවේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම නෙමෙිනෙ. ආව ගමන් එක පෙලට අවුට්වෙලා ලකුණු 55 ට සේරම යන්න. ඒ විදිහට අපි මෙි මිෂන්එක කරානම් ATU එකක් තිබ්බ තැනක්වත් හොයාගන්න බැරිවෙනවා. හරි… එහෙනම් ඔය මහත්වරුන් ගිහින් තමතමන්ගෙ වැඩක් කරගන්න. එතකොට මට තියනවා වැඩ ටිකක් තනියම කරන්න.

*හොඳයි සර්. අපි යමු…

වහාම යතුරුපැදියට ගොඩවැදී මා ගමන් ගත්තේ ඔරුගොඩවත්ත වෙතටය. එහි ගොස් ජොනී හමුවූයේ නලින් ගැන තොරතුරු සොයාබැලීමෙ අටියෙනි. කෙලින්ම ජොනිගෙ ගෙදරට ගොස්
දොරට තට්ටු කරනවිට එලියට ආවෙ වෙනත් අයෙකුය.

*මහත්තයා කවුද ..

මම තේනුවර. ජොනී ඉන්නවද.. ?

*ඉන්න පොඩ්ඩක්.. කියමින් නැවත දොර වැසීය.

මද වෙලාවකට පසු දොර විවෘත කරගෙන මා ඉදිරියේ සිටගත්තේ ජොනිය.

ජොනි - ටහුඩු තේනුවර මහත්තයා. එන්න දොරේ ඇතුලට එන්න එන්න වාඩිවෙන්න. කියමින් මාව උණුසුම් ලෙස පිලිගත්තේය.

ජොනි - ඉතින් මහත්තයා. දෙවියන් වහන්සේ දැක්කා වගේ. කියමු බලන්න
මගෙන් මොනවද තව වෙන්න ඕන.

එහෙම විශේෂ දෙයක් නැහැ. නලින් කෝ..?

ජොනි - මෑන් යහතින් ඉන්නවා සර්.

හ්ම්ම්… මට පොඩ්ඩක් හමුවෙන්න පුළුවන් ද.. ?

ජොනි - පුළුවන් සර්… ඉන්න. කොල්ලෝ.
අර මහත්තයට එන්න කියන්න. හරි විනාඩි පහෙන් මෑන් මෙතන.

හරි…

සුළු මොහොතක නිශ්ශබ්දතාවය බිඳ දැමුවෙ. නලින් ගේ පිටුපසින් ඒම හේතුවෙන්ය.

නලින් - ආ.. සර්.

හ්ම්ම්… තමුසෙට කොහොමද දැන්…?

නලින් - අවුලක් නෑ සර්…

බාහිරින් ප්‍රශ්න මොකුත් ආවද…?

නලින් - තවම නෑ සර්…

හොඳයි.. එසා රෑ නමයට විතර දෙන්නෙක් ආවා තමුසෙව කම්බස් කරලා දාන්න. බලනවා මෙි දෙන්නව අඳුරනවද කියලා.
කියමින් වෙඩික්කරුවන් දෙදෙනාගෙ ඡායාරූප දෙකක් මා පෙන්වීය. තම ඇස්දෙක ලොකු කරගත් නලින් මාදෙස බැලීය.

නලින් - සර් මුන් දෙන්නා මහේෂ් මහත්තයගෙ ලඟම ඉන්න දෙන්නෙක්.

හ්ම්ම්… එහෙමද…? මෙි දෙන්නා දැන් මෙලොව නැහැ. තමුසෙ දන්නවද මෙි දෙන්නා වැඩිපුර ගැවසෙන තැන. එහෙමත් නැත්නම් පදිංචි තැන එහෙම.

නලින් - ඔව් සර්. මම දන්නවා. මුන්දෙන්නා මහරගම අංක 65/3 හතර වන පටුමගේ ගෙදරක තමයි හිටියෙ.

හ්ම්ම්… එතකොට මුන්⁣ සේරම එකම කණ්ඩායමක්…?

නලින් - ඔව් සර්..

ඇයි මට කලින් ඔය ගැන නොකිව්වෙ…?

නලින් - සර් .. මම ඇත්තටම හිතුවෙ සර් නලින් සර්ලගෙ කට්ටිය කියලා. හිටපු ගමන් උන්ව පාවා දෙනවද කියලා හොයලා බලන්න ඔය වාගෙ වැඩ උන් කරනවා. නමුත් සර් මගෙ ජීවිත ආරක්ෂාව ගැන දෙපාරක්ම හිතපු හන්දා දැන් මට විශ්වාසයි.

මම කලාතුරකින් තමයි මගෙ අත්අඩංගුවට පත්වෙන එකෙක් ජීවතුන් අතර තියන්නෙ. තමුසෙට තවම ජීවත් වෙන්න වාසනාව තියනවා.

ජොනි - සර්…

ඔව් ජොනි කියන්න.

ජොනි - මොකක්ද සර් ඇත්තටම ඔය රන්වෙන සීන්එක.

මට ඒක කියන්න බෑ ජොනි. ලොකු විනාශයක් රටතුල ඉදිරි කාලයේදී වෙන්න නියමිතයි. ඊට වඩා යමක් මම කියන්නේ නෑ. මෙි මිනිස්සුත් වක්‍රවාකාරව ඒකට සහයෝගය දුන්නා. පුදුමයි මට මෙි යකාව මරන්න හිතුනෙ නැති එකනම්.

ජොනි - එහෙමද දොරේ.. මෙි මල්ලි උඹ දන්න සේරම කියලා දාපං. මොන ඉටිගෙඩිය තිබ්බත් වැඩක් තියෙයි ද බං. ඉන්න රටක් නැතුව.

නලින් - ඔව් ජොනි අයියේ මම දන්න සේරම සර්ට කියන්නම්. ඔය මහාචාර්යතුමා උස්සපු දෙන්නත් මම දන්නවා. මෙන්න මෙි නම්බර් එක තමයි
උන්ගෙ ඔය නම්බර් එක ඔස්සේ ගියොත් සර්ලට මොනවාහරි කරගන්න පුළුවන් වෙයි. අරයා වැඩෙි කරා. මෙයා වැඩෙි කරා කියන දේවල් බොරු. මහේෂ් සර්ගෙ ලඟම ගෝලයෙක් වන මධූෂ්ගෙ නම්බර් එක තමයි ඔය.

මධුෂ් ….. හ්ම්ම්. මම මූව අල්ලගෙන බලන්නම්. හරි එතකොට මම ගිහින් එන්නම්. මොනවාහරි තිබ්බොත් මට කියන්න. (අසුනෙන් නැගිටිමින් ) ජොනි බොහොමයක් ස්තුතියි. මම ගිහින් එන්නම්.

ජොනි - ඕක මොකක්ද දොරේ. දන්නවනෙ
බො⁣ක්කෙන්ම සපෝර්ට් සර්ට මම. සර් හන්දා තමයි මම අද මෙහෙම ජීවත් වෙන්නේ. නැත්නම් ඉතින් මල්වඩමක් යට තමයි මට බුදියාගන්න වෙන්නෙ සදහටම.

එතකොට නලින් තමුසෙ පරිස්සමෙන් ඉන්නවා. මෙික ඉවර කරලා තමුසෙට මොකක්හරි කරලා දෙන්නම්.

නලින් - හරි සර්..

යතුරුපැදියට නැග වෙිගයෙන් පැදවූයේ ටෙක්ස්ටයිල්ස් බලාය. නමුත් අතරමගදී දුරකථනය කෙටි පණිවිඩයක් ලැබුනි. එය දිව්‍යාගෙන් බැව් වටහාගැනීමට එතරම් කාලයක් මාහට ගත නොවීය. එහි රහස් භාෂාවෙන් කියැවුනේ නුගේගොඩ හන්දිය ලඟදි දැන්ම හමුවන ලෙසය. වහාම ටෙක්ස්ටයිල්ස් වෙත ගොස් යතුරුපැදිය නවතාදමා , පයින්ම ගමන්ගත්තේ නුගේගොඩ හංදිය වෙතය. පයින් ගමන් ගත්තද සාමාන්‍ය පේනමානයේ සහයක නියෝජිතයින් දෙදෙනා මා පසුපස එන බව මා කල්තියාම දුටුවත් , එය ගණනකට නොගෙන තවතවත් පා ගමන ඉක්මන් කරන්නට පටන් ගත්තෙමි. මංසන්ධියට එනවිටම දෙල්කඳ හංදියට එනලෙස ඊලඟ කෙටි පණිවිඩය ලැබුනි.
ඉන්පසු තවත් වෙිගය වැඩිකර දෙල්කඳ
හන්දියට ආවත් කිසිදු දෙයක් දැකගැන්මට නොහැකි විය. `` හංදිය නම් හංදිය එහාටත් නැහැ. මෙහාටත් නැහැ. එහෙනම් කෝ මෙි ඩීවයි ´´ මා මටම රහසේ මිමිනුවෙමි. අවසානයේ වටපිට බැලීම නවතා බිම බැලුවෙමි. මා සිටගෙන සිටි තැන ගුලි කරන ලද කඩදාසියක් බිම තිබෙනු මා දුටුවෙමි. එය අහුලාගත් මා , ටික දුරක් වෙිගය අවම නොකර ගොස් දුරකථනය අතටගෙන එය මත කඩදාසිය තබා කියවා බැලුවෙමි. දෙවන පටුමගේ අංක හතර යනුවෙන් සඳහන්කර තිබුනි. දෙවන පටුමගට හැරුණු පසු මා වෙිගය මුළුනමින්ම අඩාල කෙරුවෙමි. ඇදගෙන සිටි ලෝගුව අස්සට දකුණු අතදමා පිස්තෝලය අල්ලාගෙන සෙමින් ඉදිරියට ගියෙමි. අංක හතර සඳහන් කිසිවක් එහි නොවුන අතර , අංක 44 සදහන් කඩ කාමරයක් දක්නට ලැබුනි.

එක හතරේ ඉලක්කමක් අඩුවුයේ මන්ද…? සාමාන්‍යයෙන් මිතුරු පක්ෂයකට බාග පණිවිඩයක් එවනවා යනු එම පාර්ෂවය අනතුරක සිටිනවා යනුවෙනි. 44 සදහන් කරන ලද පහල කඩකාමරයේ ඉහල සිට පහලට වැසෙන දොර සම්පූර්ණයෙන්ම වසාදමා තිබෙන බවක් පෙනෙන්නට තිබුනේ නැත.
කිසිම කලහකාරි බවක් මෙම පටු මාවතේ පෙනෙන්නට නොතිබුනේ වෙලාව රාත්‍රි 21:00 පැය පසුකර තිබුන හේතුවෙනි. මහාමාර්ගයේ පමණක් වාහන ඔබමොබ ගමන්කරන ශබ්දය පමණක් ඇසේ. කුඩා ඉඩ ප්‍රමාණයෙන් ඇතුලට යනවද නැද්ද ..? මා මද වෙලාවක් කල්පනා කෙරුවෙමි. එපා මාධව. මෙික උගුලක්. මගෙ සිත මට කියන්නට විය.
වහාම පසුපසට ගමන්ගත් මා , අනිත් ⁣අඳුරු කොණට ගොස් සැඟවුනෙමි. නමුත් මා ඉක්මන් කලයුතුය. නැවත මහලය දෙස සීරුමාරුවට බැලනාවිට එක කුඩා ජනේලයක් විවෘතකර තිබෙන්නට විය.
එසැණින් සහයකයින් දෙදෙනා මා පසුකරමින් යනවිට. දෙදෙ⁣නාම ආයාසයෙන් මා සිටින අඳුරු පඩිපෙල වෙත ඇදගත්තෙමි. ෂ්ෂ්ෂ්ෂ්…… කසුන්.

*සර්… ( රහසින් )

ඔයාලා හොඳ වෙලාවට ආවෙ. සන්නද්ධ වෙලාද ඉන්නෙ දෙන්නම.

**ඔව් සර්….

එළකිරි. (රහසින් ) මට ඩීවයි ගෙන් පණිවිඩයක් ආවා. ඒකයි මෙතනට ආවෙ. නමුත් ඒ ආපු මැසේජ් එක බාග මැසේජ් එකක්.

*මොකක් බාග එකක්. සර් අපි ඉක්මනට මොනවාහරි කරන්න වෙයි.

ඔව්. අර බලන්න ඔය දෙන්නත්. මෙි කඩ කාමරයේ දොර සම්පූර්ණයෙන්ම වහලා නැහැ. එතනින් රිංගන එක හරිම අවදානම් සහගතයි. ඊට උඩින් තියෙන කුඩා ජනේලයක් ඇරලා තියෙන්නෙ.
ඒ කියන්නේ මෙතන තියනවා කූට උගුලක්.

**සර්ගෙ අනුමානය මොකක්ද..?

ඔතන ජනේලය විවෘතයි කියන්නේ. අපි ඉන්න තැනට උඩින් දෙවන මහලත් විවෘත වෙන්න ඕන.

*සර් කියන්නේ පෙපෙළඹවීමක් කියලද..?

ඔව්.. අපිට උඋඩින් තියෙන කවුළුවත් ඇඑලා ඇති. එතනින් වෙඩික්කරුවෙක්
අතනට එන කෙනාගෙ ඔලුවට තියන්න මෙතන ඉඳගෙන ඉලක්කය ගන්න ඕන.
ඒක තමයි මගෙ නිගමනය.

**එහෙනම් සර් මෙි පඩිපෙල දිගේ උඩට ගිහින් ගහලා දාමු.

ඔව් මහත්වරුනි මිග්සැග් ක්‍රමයට යමු. මම දකුනෙ. කසුන් වමේ , සුපුන් නැවත දකුනෙ. හරිද.. එහෙනම් එකා….යි. දෙකා…යි. තුනා…යි. යමු


මතු සම්බන්ධයි……



Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now