⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 52 වන දිගහැරුම ⸎

`` වත්තල නියෝජිතයා ´´
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හරි මැඩම්…. හෙට ඔයාගෙන් පැකේජ් එක එලියට එන සිග්නල් එක එනකම් ලෑස්ති වෙලා ඉන්නවා අපි…

***ok sir….

මෙතැන් සිට….

ඇමතුම විසන්ධි කරපු මා හෙට දින සිදුකිරිමට නියමිත මෙහෙයුම පිලිබඳව
වැඩිදුරටත් නිර්මාණය කරන්නට ලෑස්ති වූයේ කිසිම මොහොතක දුර්වල තැන් තිබීම අපට මහත්සේ අවාසිදායක වන බැවින්ය. සැළසුම පැන්සලෙන් ඇඳ, පලායන ස්ථාන වගේම , පසු නිරීක්ෂණය කරන ආකාරය ගැනද අවදානය යොමු කෙරුවෙමි. අඩ හෝරාවකට පසු සියල්ල
සකසා අවසන් කරන්නට සමත් වූයෙමි.

හ්ම්ම්… පැන්සල පැත්තකට තබා පුටු ඇන්දට තදින්ම බර දමා, උඩ බලාගෙන ඇස්දෙක පියාගෙන මදක් සන්සුන්ව සිටියෙමි.

*සර්…

හ්ම්ම්…

*අපි ඇතුලට එන්නද…?

මම කිව්වෙ විවෙික ගන්න කියලා නේද..?

**සර් ඒ කතාව කියලා පැය දෙකක් වෙනවා…

අම්මපා කියන්නේ …?

**ඔවි සර්….

එතඑතකොට මම පැය එකහමාරක් කල්පනා කරලද මෙතන…

*වෙන්න ඇති….

හ්ම්ම්… ඒකත් එහෙමද….? වාඩිවෙන්න ඇවිත් ….

**තෑන්ක්යූ සර්….

ඉතින් නියෝජිත ජනිත්… කොහොමද රඟපෑම…

*නියමයි සර්…. හොඳට රඟපෑවා…

බොහොම හොඳයි….
දැන් මට මැසේජ් එක ආවා මරදාන රෝහලට මිල්ටන්ව ඇතුලත් කරා කියලා.

*ඔීහ්… එහෙමද….

** එතකොට මෑන් ට්‍රැක් එකෙන් ඉවතට..

ඔව් මහත්වරුනි …. කෝ මගෙ ආයුධය…?

**සර් ඒක මම පහල ලොකර් එකට දැම්මා …

බොහොම හොඳයි ….

*ඇත්තටම සර් නුගේගොඩ තියෙන අන්ලිමිට් ගොඩනැගිල්ල උන්ගෙ ප්‍රධාන පොට් එකක් කියලද…

ඔව් …. බොහෝදුරට එහෙම වෙන්න ඔීන.
අපේ මිෂන්එක ඉවර කරපු ගමන් මෙි ගැන්සියේම නායකයා වෙන්නෙ මිල්ටන්…
ඊට පස්සේ මෑන් ලංකාවෙ විතරක් නෙමෙි විදේශීය සම්බන්ධතා පවා හොයා ගනියි. ඊට පස්සේ ජාලයම සුද්ද කරලා දායි. ඒ කොටස් අපිට අදාල නැහැ. හරි.. හෙට උදේ දහයට විතර රවින්ද්‍රව CiD එකෙන් කාවකාලිකව නිදහස් කරන්න නියමිතයි. නිදහස් වෙලා පැයකට පස්සේ මිනිහව අපි උස්සන්න ඔීන. අවුරුදු තිහක් ඌ රැඟුවා හොඳටම වැඩියි.

**ඔව් සර්… ඒක ඇත්ත..

*හරි සර්… අපිට සම්පූර්ණ සැළසුම පැහැදිලි කරන්න…

හරි මම විග්‍රහ කරන්නම් .. පොඩ්ඩක් ඉන්න නියෝජිත B200 ව ගෙන්නගන්න ඔීන.. ස්ථාවර දුරකථනයෙන් ඇමතුමක් ලබාගත්තේ ප්‍රධාන සංඥ්ඤා නිනියෝජිතයා වෙතය.

හෙලෝ….. ප්‍රොන්ටෝ…

***සර්….

නියෝජිත B200 ට දැන්ම එන්න කියන්න මගෙ කැබින් එකට..

***හරි සර්…

***excuse me sir…

Sure agent B200. come here.. have a sit plz..

***thank u sir….

හරි මහත්වරුනි .. දැන් හොඳට අහගන්න. මගෙ විග්‍රහය ඉවරවුනහම මම ඔය මහත්වරුන්ට ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්නම්… හරි අපි යමු සැළසුමට.

හරි… මම මුලින්ම කියන්න ඔීන අපි තුන්දෙනා විතරයි ගේමට යන්නේ..

නියෝජිත B200….

***සර්…

ඔයාට තියෙන්නෙ ස්ථාන දෙකක පෙර දැනුම් දීම විතරයි.. ඉන්න මම කියන්නම් ඒ ගැන…

***හරි සර්…
මෙි දල සිතියම දිහා හොඳට අවධානයෙන් බලන්න… කියමින් මෙතෙක් මා අඳින ලද දල සිතියම මෙිසය මත දිගහැරියෙමි. පැකේජ් එක CID ග්‍රහණයෙන් මිදුනහම මෑන් කෙලින්ම යන්නෙ ගෙදර.. අපිට මෑන් එලියට ආවා කියලා පණිවිඩය ලැබුන ගමන් අපි මෙහෙන් අපේ වාහයෙන් පිටවෙන්න ඔීන.
හැබැයි අපේ දැන් තියෙන වාහනය නෙමෙයි. හෙට උදේ වෙද්දින් මෙතනට යුනිට් එකෙන් ගිලන් රථයක් එවනවා. මොකද ගිලන් රථයක් තමයි මෙි මිෂන් එකට වඩාම සුදුසු වාහනය වෙන්නෙ. මොකද පැකේජ් එක අරගෙන යනකොට මගදි බැරිවෙලාවත් පොලීසිය නැවැත්තුවත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. අපි තුන්දෙනාම යන්නෙත් ඇ⁣ටෙන්ඩන්ට් ලා විදිහට වේෂය මාරුකරගෙන . ඊට පස්සේ රවින්ද්‍රගෙ ගෙදර ඉඳලා මීටර් තුන්සීයක් එහායින් , ඒ කියන්නේ ගම්පහ යක්කල පාරෙ.. මොකද මෙහා පාරෙ ඉඳලා ආපසු ගිහින් , අපසු එනවා කියන්නේ පාරෙ යන මිනිස්සුන්ගේ අවදානයට පාත්‍ර වෙනවා කියන එක. අපි එහෙම විය යුතු නැහැ. හරි… නියෝජිත ජනිත් අපේ වාහනය ඇතුලේ ස්ථානගතවෙලා ඉන්න ඔීන. එතකොට කසුන් , මම අපි දෙන්නා විතරක් රවින්ද්‍රගේ ගේ ඇතුලට කලින් ගිහින් නිසොල්මනේ ඉන්නවා පැකේජ් එක ගෙට ඇතුල් වෙනකම්. ඊට පස්සේ මෑන්ගෙ සිහි නැති කරලා , අතපය ගැටගහලා, දාගන්නවා ඇතුලට. එතකොට ඔය මහත්වරුන්ට ප්‍රශ්නයක් මතුවෙයි. කොහොමද සිහි නැති කරන්නේ කියලා.

*ඔව් සර්…

හොඳයි … සිහි නැති කරන්නේ පියවර දෙකකට. පලමු පියවර අපි මෑන්ට අපේ ඉලෙක්ට්‍රොනික් හයිටෙිෂන් ගන් එකෙන්
පපුවට ෂොක් කරනවා. ඊට පස්සේ මෑන් අඩපණ වුනාට පස්සේ තමයි. ක්ලෝරෆෝම් මගින් සිහිනැති කරන්නේ.
ඇයි එහෙම හයි වෝල්ට් ෂොක් එකක් ක⁣රන්නේ….?

**ඇයි සර්….

හ්ම්ම්… ඔයාලට තවම මෙි විෂයේ ඉගෙනගන්න දේවල් හුඟක් තියනවා.
සාමාන්‍ය CDI එක තුල සැකකාර රැඳවියෙක් විදිහට හිටපු ඔීනම පුද්ගලයෙකුට අවස්ථානුකූලව සහ සැකයේ ස්භාවය අනුව `` Micro GPS Tracking device ´´
( කුඩා විදිනයක් මාර්ගයෙන් ශරීරය තුලට ඇතුල් කරන ඉතාම කුඩා ප්‍රමාණයකින් යුතු ස්ථානය හඳුනාගැනීමෙි කුඩා චිප් එකකි) එකක් ශරීර ගතකරන්න පුළුවන් ඉඩකඩ වැඩියි. ඉතින් ඒක අක්‍රීය කරන්න පුළුවන් හයි වෝල්ටෙිජ් ගන් එකකට විතරයි. එහෙම එකක් ඇඟට දාලා තිබ්බොත් අපි යන්නෙ කොහෙද , ඒක සැටලයිට් මාර්ගයෙන් CDI එකට දැනගන්න පුළුවන්. ඒක අක්‍රිය කරන්න තමයි ඒක පාවිච්චි කරන්නේ ….

**ඒක හොඳයි …..
*ඊට පස්සේ ….?

ඊට පස්සේ අපි ක්ලෝරෆෝම් යොදාගෙන
පැකේජ් එක සිහිනැති කරලා , කලින් කිව්වා වගේ අතපය ගැට ගහලා, ඒ බව දැනුම් දෙනවා නියෝජිත ජනිත්ට.

**ඊට පස්සේ මම වාහනය අරගෙන එනවා එතනට…

ඔව්… ඊට පස්සේ පැකේජ් එක දාගෙන යනවා අර වත්තලට ගිහින් අපේ එන් හවුස් එකෙන් අවශ්‍ය අවි ආයුධටික අරගෙන වාහනයට දාගෙන , ඊට පස්සේ එහා පැත්තේ බීච්එකට සමාන්තරව තියෙන පාර දිගේ උඩහට ගිහින් කිලෝමීටර් දෙකකට පස්සේ හමුවන, ඒ කියන්නේ මෙන්න මෙතන පාළු ගෙදරට යනවා. ගිහින් මෑන්ව බැඳලා දාලා අපේ වැඩ ටික කරලා , මෑන්ට කොකා ගස්සන්න කිට්ටු වෙනකොටම එස් ටයිගර්ස්ලගේ නායකයා වන ඇන්ටනීට කෝල් එකක් අරගෙන රවින්ද්‍ර හැංගිලා ඉන්න තැන වශයෙන් අපි එතන ඉන්න තැන ගැන කියනවා.. රවින්ද්‍රව මරන්න බලාගෙන වියරුවෙන් ඉන්න ටයිගර්ස්ලා වෙිගයෙන් අපේ තැනට එනවා. ඒ අතරෙ වත්තල පොලීසියටත් ඔත්තුව දෙනවා. වත්තල ප්‍රධාන පිවිසුමට ආසන්නයේ ඔන්න ඉන්නවා නියෝජිත B 200.. හරිද…?

***හරි සර්….

කෝකටත් ගම්පහ ස්පයිඩර්ස්ලා දෙන්නක් ගන්න පුළුවන් ඔයාට වැඩෙි අපහසුයි නම් හොඳද…?

***හරි සර්… මම ඒක බලාගන්නම්..

වෙරිගුඩ් … ඊට පස්සේ ටයිගර්ස්ලගේ වාහන ටික එතනින් ඇතුලට යනවාත් සමග අපිට ඒ බව දැනුම් දෙනවා.

***හරි සර්….

වැඩි වෙලාවක් ගතවෙන්නට මත්තෙන් එතනින් වත්තල පොලීසියත් ඇතුල් වෙනවා. මොකද වත්තල පොලීසියට බීච් ලයින් එක ලඟ හන්දා .. ඒ වෙද්දින් , ඒකත් අපිට කියලා නියෝජිත B200 එතනින් ඉවත් වන්න ඔීන. එතකොට ඔයාගෙ ටාස්ක් එක එතනින් ඉවරයි .. තේරුනාද නියෝජිත B 200..

***ඔව් සර්…

රයිට් …. ටයිගර්ස්ලා එතනට ඇතුල් වෙනකොටම අපි , අපේ වෑන්එකෙන් එතන ඉඳලා මීටර් පන්සීයයක් එහා. ඒ කියන්නේ මෙන්න මෙතන වාහනය හංගලා මෙන්න මෙතන තියෙන ගල්
කුට්ටිවල හැංගෙනවා. කසුන් සහ මම ඒ පාළු ගෙදර පැත්ත බලාගෙන වගේම ,
නියෝජිත ජනිත් අපිට පිටුපාලා සන්නද්ධව බලාගෙන අපිට පැති ආරක්ෂාව ලබාදෙන්න ඔීන.

**හරි සර්….

*එතකොට අපි දෙන්නා මොකද කරන්නේ සර්… ?

අපි දෙන්නා නේද…? අපි දෙන්නා පොලීසියට ආරක්ෂාව ලබාදෙනවා.
කෙටියෙන්ම කියනවා නම් අපි දෙන්නා ``Covering fire ´´ ( ආවරණ වෙඩි ) සපයනවා….

*මීටර් පන්සීයයක් ඈත ඉඳලා…?

ඔව් ….

*ඒ කියන්නේ අපි ඈත ඉඳගෙන ගහන්නද යන්නෙ …?

ඔව් කසුන්… නැත්නම් අපිව චෙක් වෙනවා හැමෝටම. ඒ හන්දා අපි ස්නයිපරයක් පාවිච්චි කරන්න යන්නෙ …

**ස්නයිපර් එකක් …. සිරාවටම සර්…

ඔව් කසුන් … උන්ගෙ පිරිස වැඩිවෙලා ,පොලීසියේ පිරිස අඩු වුනොත් , මුහුණට මුහුණ ගහගත්තත් පොලීසියට අවාසියි.
අමතර බළඇණියක් ගෙන්වා ගන්න කලින් සේරටම ගහලා ඉතුරු එවුන් ටික පැනගනියි. එතකොට අපේ ප්ලෑන් එකෙන් වැඩක් නැහැ. පැකේජ් එක ඉවර කරපු එක හරි. නමුත් අපරාධකරුවන් විතරයි මෙි ප්ලෑන් එකෙන් මැරෙන්න ඔීන.
පොලීසියේ අය මැරෙන්න දෙන්න බැහැ. ඒකයි අපි පැත්තක ඉඳලා විශ්මයජනක ආවරණ වෙඩි මුරයක් දියත් කරන්න ඔීන.
මොනවා වුනත් පොලිස් නිලධාරීන් ටික බෙිරගන්න ඔීන.

*නියමයි සර් ඒකනම් ….

අපි එතන ඉඳලා. එක එකාට ගහලා දාමු.
වත්තල පොලීසිය එවෙලෙට හිතයි එයාලගෙ ආයුධ වලින් වැඩෙි කෙරුනා කියලා. පස්සේ ඉතින් වැඩෙි එලිවෙනකොට කොහෙන් කියලා හොයන්නද… ගැහැව්වෙ ස්නයිපර් එකකින් කියලා හොයාගනියි. ඒත් කවුද ගැහැව්වෙ ….? මම වෙලාව කියන්නම් හරියටම මෙි මෙි දේවල් වෙන විදිහට. ඔය මහත්වරුන්ට තියෙන්නෙ කාලානුරූපව මගෙ අණට වැඩ ටික කරන්න .

**දෙන්නම් සර් තිතටම

වෙරිගුඩ් …. එතකොට මහත්වරුනි එන් හවුස් එකෙන් මෙි ආයුධ ටික අපි අරගෙන යන්න ඔීන…

M107 කැලිපර් ස්නයිපරය
9mm silent පිස්තෝල
නො. 36 ජීව අත්බෝම්බ තුනයි
M18 smoke grenade ( දුම් බෝම්බ ) හතරයි.
ජිල්බෝල පැකට් හතරයි…

*සර් අපිට M107 කැලිපර් ස්නයිපරය
වෙනුවට Dranvoy 50 ස්නයිපරය පාවිච්චි කරන්න බැරිද….?

පුළුවන් කසුන්… ඒත් ඒක දිග වැඩියි.
ප්‍රථිපලදායි දුරනම් වැඩියි තමයි. නමුත්.
ඒක අධි ස්වංක්‍රීය නෙමෙ නෙ. අපි පාවිච්චි කරන හැම අවියක්ම සුළු යාන්ත්‍රික වුනාට මදි. හොඳ ක්‍රියාකාරිත්වයක් තියෙන්න ඔීන. ඒකයි මම ස්නයිපරය විදිහට M107 කැලිපර් ස්නයිපරය තෝරගත්තෙ ….

**සේරම හරි කියමුකො. එතකොට ඇයි ජිල්බෝල….

හහ් හහ් හා…. ඒක අත්‍යාවශ්‍යම ආයුධයක් අපිට….

*ඒක මොකටද….?

අපි පැනයන කොට අපේ පස්සෙන් කවුරු හරි පැන්නුවොත් ඔය ටික පාරට දාපු ගමන් වැහන වල ටයර් නොමග යනවා. එතකොට පාලනයෙන් තොර වුනා කියන්නේ පාරෙන් පිට පනිනවා කියන එක. එතකොට අපිව අල්ලගන්න අමාරුයි. මොකද අපේ පස්සෙන් මොකා පැන්නුවත් අපෙන් උණ්ඩ පිටවෙන්න බැහැ. මොකද ධීවරයින් , සාමාන්‍ය මිනිස්සු දකින්නට පුළුවන්… මොකද යුධ පිටියක යුද්ධන් නරා කියලා , යන යන හැමතැනම යුධ පිටියක් කරලා, ඊට පස්සේ ඒක වෙඩි පිටියක් කරලා, අවසානයේ මුළු පාරම මිනී පිටියක් කරන්න බැහැ. එතකොට අපි හත්පොලේ ගාගත්තා වගේ නෙ… සාමාන්‍ය මිනිස්සු වගේම පොලීසියත් අපේ මිත්‍ර පාර්ෂවයන්. ගනුදෙනු නොකරාට..

*ඒක නියම කතාවක් තමයි.. ත්‍රීවීලර් එකක පිටිපස්සෙ ගහන්න නම් සුපිරි වදන…

**එතකොට M18 smoke greneds…?

ඔව්… හදිසියේම නැවත අපිට මොනවට හරි උන් අතරට යන්න වුනොත් අපිට යන්න තමයි මම ඒ ටික ගන්න ඔීන කියලා ලැයිස්තුවට දැම්මෙ…

හොඳයි මහත්වරුනි … වෙනත් යමක් දැනගන්න තියනවද….?

*පැහැදිලියි සර්…

**නෑ සර් පැහැදිලියි..

***පැහැදිලියි සර්…

වෙරිගුඩ්… කියමින් මේසය මත තිබෙන ලොකු වීදුරු බෝලය කරකවන්නට විමි.

***සර් අපි යන්නද….?

යන්න ….? හරි ඔය මහත්වරුන් හැන්දෑවෙ හයට විතර ලෑස්ති වෙන්න මාත් එක්ක ගමනක් යන්න අපේ වාහනයේ….

*කොහෙද සර්….?

අපි යමු ජින්ජර් බියර් එක්ක සැරට කොත්තුවක් සප්පායම් වෙලා එන්න …

**අම්මපා කියන්නේ …

ඔව් මහත්වරුනි යමු…

**යමු යමු සර්…..

………………………………………………

දහ අටෙි පැයට පමණ සිව්දෙනාම ලෑස්ති වී වෑන්රියට ගොඩවිය..

**සර් කොහෙද අපි යන්නෙ ….?

අපි යමු ගම්පහට…. එහෙ ගිහින් එතනින්
පස්සේ වත්තලට ගිහින් එහෙ තියනවා MFC එක. එතනින් රෑට කාලා ආපසු එමු..

*ඇත්ත කියන්න සර්… අපි යන්නෙ අර දෙහිවල සයිවර් කඩෙිට ගියා වගේ ගමනක් නේද… ?

ඔව් මහත්වරුනි ….. අපි යන්නෙ හරියට භූමිය වගේම පාරවල් වල ස්භාවය බලාගන්න. මාර්ගබාධක , මාර්ග හන්දි , කලර් ලයිට්, වගේ දේවල් අධ්‍යනය කරන්න…

**මම හිතුවා සර් `` එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා ඩැහැගන්න ´´ යන්නෙ කියලා …

හරි ඉතින් …. අපි දෙක තුනම කරගමු.

***සර් නියෝජිත B500 වැඩ කරන්නේ ඔය MFC එකේ නේද…?

හරියටම හරි නියෝජිත B200…. අපි එතනට ගිහින් කොත්තුවක් කාලා

**එයාට තොත්තුවක්, නෑ නෑ වැරදුනා ඔත්තුවක් දීලා එමු…

හහ් හහ් හා…. ඔව් ඔව්… එහෙම තමයි
වෙන්න ඔීන…

වෑන්රිය මාගේ උපදෙස් පරිදි නියෝජිත ජනිත් විසින් අදාල මංමාවත් ඔස්සෙ ධාවනය කරන්නට විය. කොළම කුරුණෑගල මාර්ගය ඔස්සේ ගොස් , ගම්පහ මාවතට ප්‍රවිශ්ඨ වී රවින්ද්‍රගේ නිවසට ලංවෙත්ම. වෑන්රිය නවත්වන මෙන් නියෝජිතයා හට කිව්වෙමි.

නියෝජිත ජනිත් මෙතන නැවතිලා සිග්නල් එක එනකම් ඉන්න…

**මෙතන නේද තැන ….? හරි සර්

හ්ම්ම්…… අපි යමු එහෙනම්….
ඉන් අනතුරුව අප ගමන් ගත්තේ ඒ 33 මාර්ගය හරහා මද දුරක් ගොස් ඒ 03 මාර්ගයට වැටී එතනින් පහලට වත්තල බලා ආවෙමු. අවසානයෙේ වත්තල MFC වෙත අපට ඒමට හැකිවිය.

හොඳයි මහත්වරුනි …. තම තමන්ට කැමති දෙයක් ඇණවුම් කරන්න. මොනවා කෑවත්, මොනවා බිව්වත් ඒ සේරම මගෙ ගානෙ…

**රයිට් සර් අපි දෙන්නම් බඩ උල්වෙන්න..

මද වේලාවකින් තරමක් කාර්යබහුලව සිටි වෙිටර් වරයෙක් අප අසලට එන ලදි..

$ Excuse me …. සර්ලට තව මොනවද ඔීන.

අපිට ``Ape vs Cat ´´ වර්ගයේ බීම වර්ගය දෙනවද….

$ සොරි සර්… මට කෝඩ්එක දැනගන්න පුළුවන් ද…?

හපොයි පුළුවන් ඇල්ෆා , ටැන්ගෝ , මයික් , යැන්කි…

$ AST, ATU.. good evining sir….
මොකක්ද මගෙන් කෙරෙන්න ඔීන..

මා මෙිසය මත ටින් එකක දමා තිබූ අතපිහන සුදු කඩදාසියක් ගෙන එහි විස්තරය ලියා දුන්නෙමි. ක්ෂනිකව එහි විස්තරය කියවා බලා , හරි සර්…. මම ලෑස්තියි..

හොදයි බොහොමයක් ස්තුතියි. ඔයාට යන්න පුළුවන් ….

$ thank u sir…..
කියමින් මෙතනින් නික්ම ගිය ඔහු කඩදාසිය ගුලිකර කොත්තු දමන ගිණි උදුනට විසික්කර , එය දැවී අලුවන තෙක් එදෙස බලා සිටියේය.

සියල්ලෝම කාබී අවසන්කර වෑන්රියට ගොඩවී ආපසු මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත එනවිට රාත්‍රි දහයේ කනිසමට ලංවී තිබුණි…. කසුන්… සුපුන් ටිකකට මගෙ කැබින් එකට එන්න…

හෙට මිෂන්එක ගැන පැහැදිලියි නේද..?
ඔන්න මම පාරවල් ටිකත් පෙන්නුවා. හෙට උදේ අපි මෙහෙන් පිටත් වෙනවා.
සැළසුමෙ විදිහට අපි සුදු ඇඳුම් ඇඳගෙන යමු. නියෝජිත B200 එයාගෙ වැඩෙි හරියට කරයි. ඒ වගේම නියෝජිත B500 එයාගෙ වැඩෙි හරියට කරයි. අපි වැඩි වෙලාවක් නොගෙන ටයිගර්ස්ලට ඇටෑක් කරලා කෙලින්ම එන් හවුස් එකේ නැවතිලා දවස් තුනක් විතර එහෙ ඉමු.
ඊට පස්සේ හෙමිහිට මෙහාට එමු. ඒ ආව ගමන් . අමරබන්දු රූපසිංහ ගැන බලාගමු. එච්චරයි… මෙි මිෂන්එක ඉවර කරපු ගමන් අපි නුවරඑළිය එම් හවුස් එකේ මාසයක් විතර ඉමු. මොකද ඒකනෙ සාමාන්‍යයෙන් ක්‍රමය. සයුරිට වගේම ඩොක්ටර් දුනිත්ට මොකද වෙන්නෙ කියලා මම එදාම කියන්නම්. එච්චරයි..

*හරි සර්….

එහෙනම් මහත්වරුනි හෙට උදේ අටට
අපි මෙතනින් පිටත් වෙමු….

**හරි සර්… අපි අපේ උපරිමයෙන් සර්ට සහයෝගය දෙනවා…

බොහොමයක් ස්තුතියි මහත්වරුනි. එහෙනම් විවේක ගන්න …

සුභ රාත්‍රියක් මහත්වරුනි ….

මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now