⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 33 වන දිගහැරුම ⸎

`` නාටකය ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….

………………………………………………....................................


සයුරිගෙන් … ? මෙි වෙලාවෙ…?

*ඒක තමයි….. අපි අරගෙන බලමු…

මෙතැන් සිට…

මටත් අහන්න ඔීන….ඔීක ස්පීකර් දාන්න.

*හෙලෝ සයුරි …..

(දුරකථනයෙන් ) නා.. නනන නාරද…
උන් මාව හොයාගෙන ඇවිත්…

*මොකක් ….? ඔයා කොහෙද ඉන්නෙ…?

සයුරි - මම මෙි මෙි…. කඩෙිට ආවා…..

සයුරි මිස්…. මම තේනුවර. අපි ඔයා එක්ක ඉන්නවා. කලබල වෙන්න එපා. ඉන්න තැන කොතන වුනත්, අඳුරු තැනක හැංගෙන්න….

සයුරි - චුට්ටක් ඉන්න…..
දැන් හරි… මම ගහක් යට හැංගුනා..

හොඳයි …. දැන් හොඳ හුස්මක් ගන්න….

හ්ම්ම්… හරි දැන් ඔයා කියන්න මොකද වුනේ කියලා.

සයුරි - මම කඩෙිට ආවා ඔෆිසර්…
ඇවිත් ආපහු යනකොට බෝඩිම ඉස්සහා වෑන් එකක් නවත්තලා. වෑන්එක ලඟ රැවුල් වවපු දෙන්නෙක් හිටගෙන පාර දෙපැත්ත බලාගෙන හිටියා. ඊට පස්සේ මම ආපසු ආවා.

දැන් එතකොට ඉන්නෙ කොහෙද ….?

සයුරි - මම ඉන්නෙ කඩේට එහා තුන්මං හන්දියේ ගහක් යට හැංගිලා….

හරි…. කලබල වෙන්න එපා. මම කියන දේ හොඳට අහගන්න.. මෙි වෙද්දී සේපාලිකා තුන්පාරකට වඩා කෝල් අරගන්න ඇති…

සයුරි - ඔ ඔ ඔව්….

හරි…. වැඩෙි පැහැදිලියි. ඔතනින් නගින්න කොහෙට හරි කමක් නැහැ එන බස් එකකට.

සයුරි - බස් එකක් එනවා… බොරැල්ල එකක්.

හරි නගින්න ඉක්මනට…..

සයුරි - නැග්ගා….

සීට් තියනවා නම් වාඩිවෙන්න….

සයුරි - තියනවා… මම වාඩිවුනා….

බොහොම හොඳයි…. කසුන්… නියමයි සුපුන්ට කියන්න බොරැල්ල හංදියට වාහනේ අරගෙන , දෙන්නෙක් එක්ක යන්න කියලා. ආ… ගන්න මගෙ එකෙන්.

හරි සයුරි…. ඔයා බොරැල්ල හංදියෙන් බැහැලා අඳුරු තැනක හැංගිලා ඉන්න.

*සර්… නියෝජිත ජනිත් ලයින් එකේ.

දෙන්න ඔීකත් මට. දුරකථන දෙක අත්දෙකට ගත්තෙමි. හරි දෙන්නම අහගන්න කතාව. නියෝජිත සුපුන්
ඇහෙනවද….?

**සර් මම පිටත්වුනා….

ආයුධ වාහනේ තියනවා නේද…?

**ඔව් සර්… අපි ඒවා අපහු ගත්තෙ නැහැ.

වෙරිගුඩ් …. දැන් දෙන්නම අහගන්න.
සයුරි ඔයා එතනින් බැහැලා කියපු විදිහට හැංගිලා ඉන්න. කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න එපා. අපේ වාහනේ සුදුපාට වෑන් එකක්.. නම්බර් එක WP TA 5315. ඔතනට ආවට පස්සේ. ආවට පස්සේ මගෙ නියෝජිතයෙක් රතුපාට ටෝච් එකක් වටෙිට ගහයි. ඊට පස්සේ
නම්බර් එක හරිද බලන්න. ඊට පස්සේ
එලියට එන්න එපා තමන් ඉන්න තැන හරියටම කියන්න. හරිද…?

සයුරි - හරි….

හරි …. ඊට පස්සේ වාහනේට නැගලා කට් කරන්න… දැනට ලයින් එකේ ඉන්න.

සයුරි - හරි… මම බැස්සා..

දැන් හැංගෙන්න ….
නියෝජිත සුපුන් කොහෙද ඉන්නෙ.

**සර් මම තැනට ඇවිත් ඉන්නෙ…

හරි ගහන්න රතුපාට එලිය වටෙිටම.
සයුරි …. ඔයාට පේනවද රතු එලියක්.

සයුරි - ඔව් මට පේනවා…. මම ඉන්නෙ බෝගහ ලඟ තියෙන කැනස් පඳුර ලඟ…

නියෝජිත සුපුන් … වාහනේ ගන්න බෝගහ ලඟට …. හරිද….? හරිද…?

**හරි සර්….
හා හරි… සයුරි මිස් නගින්න …

සයුරි …. හරි නේද…?

සයුරි - හරි ඔෆිසර්…

රයිට් කට් කරන්න…

නියෝජිත සුපුන් … ඔීක ස්පීකර් දාන්න.

**හරි සර්…

දෙන්නටම ඇහෙනවා නෙේද මම කියන දේ…
සයුරි - ඔව් ඔෆිසර්…

නියමයි … නියෝජිත සුපුන්…

**සර්…….?

දැන් සයුරි මිස් සේපාලිකාට කෝල් එකක් ගන්නවා. අරගෙන ටිකක් හයියෙන් කෑගහලා කියනවා.

``සේපාලිකා මාව බේරගන්න කවුද මදාවියෝ කට්ටියක් මාව පැහැර ගන්නවා ´´ කියලා. ඒ කියනකොටම ඔයා ෆෝන්එක අරගෙන
`` කටවහපිය බැල්ලි ´´ කියලා ෆෝන්එක ඔතන බිමට අතහරින්න ඔීන.

**හරි සර්….

එතකොට සයුරි මිස් ඔයා… ආයේ පාරක් කෑගන්න ඔීන සාමාන්‍ය ගාණට. එතකොට
නියෝජිත සුපුන් ඔයා සයුරිගෙ කට වහන ගමන් ෆෝන් එක ඇහිඳගෙන ලයින්එක කට් කරන්න. ඊට පස්සේ ෆෝන්එක ඔීෆ් කරලා දාන්න ..

ප්‍රශ්න අහන්න එපා සයුරි මිස්. කියනදේ කරන්න … හරි.. පටන්ගන්න..

සයුරි - හේහේලෝ…. සේපාලිකා අක්කා.

දුරකථනයෙන් - කොහෙද බං ඉන්නෙ..?

සයුරි - සේපාලිකා මාව බේරගන්න අක්කෙ.. කවුද මදාවියෝ කට්ටියක් මාව පැහැර ගන්නවා..

**කටවහපිය බැල්ලි….

සයුරි - සේපාලිකා අක්කෙ මාව බේරගන්න …. බු බු බු බහ්… මු මූ මූ….
නියෝජිතයා ඇයගෙ මුව තම අත්ලෙන් වසන ලදි.

**හරි සර් කට් කරා….

හරි වෙල් ඩන්.. ඉක්මන් කරලා ටෙක්ස්ටයිල්ස් එකට ගිහින් , වාහනේ යාඩ්එක ඇතුලටම දාන්න. යන ගමනේදී
මොකක්හරි ගැටුමක් ඇතිවුනොත් `` fire at will ´´ ok…?

**ok sir….

හරි… අපි එන ගමන් ඉන්නෙ. කසුන්… අපියමු….

මිනිත්තු කීපයක් ඇතුලත ටෙක්ස්ටයිල්ස්
රහසිගත තැනට යනවිටත් නියෝජිත ජනිත් ඇතුළු කණ්ඩායම පැමිණ සිටියහ.

*නියෝජිත ජනිත් කෝ සයුරි …..

**අර ඉන්නෙ සර්…

දෙදෙනාම ඇය අසලට යනවිට. සයුරි ඉඳගෙන සිටි අසුනෙන් නැගිට කසුන්… අසලට විත් හඬන්නට විය.

*හරි හරි සයුරි …. අපි දැන් ඔයාව නිරුපද්‍රිතව අරගෙන ආවනෙ. බයවෙන්න එපා…

***ඒ වුනත් නාරද…

හරි.. හරි. මිස් සයුරි කලබල වෙන්න දෙයක් නැහැ . ඔයා දැන් සුරක්ෂිතයි.

***ඔයා කවුද …?

මම තේනුවර ….

***එදා ආපු තේනුවර වෙනස් නෙ.

ඔව් පෙනුම වගේම කටහඩත් වෙනස් නේද…? ඒ අපේ හැටි. ගණන් ගන්න එපා.
අපිට ප්‍රතිරූප කීපයක් තියනවා. ඒක නෙමෙි ඔය ෆෝන්එකේ සිම්එක එලියට අරගෙන කඩලා දාන්න. ඔය වගේ පරණ දේවල් තියෙනකම් ඔයාගෙ ජීවිතය අවදානම්. කසුන්…

*සර්…. මෙයාව අපිට මෙහෙ තියාගන්න බැහැ. මොකද මෙික අපි වැඩකරන නිකංම නිකං කඩයක් විතරයි . හෙට උදේ වෙද්දී ප්‍රශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒ හන්දා දැනට N House එකට අරගෙන යන්න වෙනවා දැන්ම. හෙට උදේ තීරණය කරමු මෙයාව ටික කාලයකට. පේනවා නේද සයුරි මිස් තව පොඩ්ඩෙන් ඔයාට අත්වන ඉරණම
මොනවගේද කියලා හිතාගන්න පුළුවන් ද….?

***ඔව් ඔෆිසර් මට තේරෙනවා දැන්.
මෙච්චර කල් මම වටෙි හුඟක් දේවල් සැළසුම් කරලා තියනවා කියලා.

හ්ම්ම්… ඒක තමයි මම කලින්ම කිවිවෙ.
හරි… කමක් නැහැ. ඔයාට විනාඩි දහයයි දෙන්නෙ. මෙතනින් ඔයා කැමති ඇඳුම් ටිකක් තෝරගන්න. අපි විනාඩි දහ⁣යකින් මෙතනින් පිටත් වෙනවා.

හරි… එහෙනම් මහත්වරුනි. තව විනාඩි දහයකින් අපි පිටත් වෙනවා.. සයුරි මිස් එක්ක අපි තුන්දෙනා ගියාම ඇති.

මිනිත්තු දහයකට පසු නැවත වෑන් රථය කෙටි මාර්ගයන් ඔස්සේ අප ගමන් ගත්තේ වත්තල පිහිටි N House වෙතය.

හෝරාවකට පසු Safe house තුල සයුරි මෙනවියට වාසයට සුදුසු කාමරයකට යොමුකරන විටත් ඇයව සිහිසුන්කර තැබුවෙමු. අප සියළු දෙනා ආලින්දයට පැමිණ ඉදිරි කටයුතු ගැන කෙටි පිලිසඳරක නියැලෙන්නට වුනෙමු.

හොඳයි… අපි මෙහෙම කරමු. කසුන් අද රෑ මෙහෙ ඉන්න. මොකද මෙයාව තනියම දාලා යන්නත් බැහැ. හෙට උදේ හය වෙනකොට අපි දෙන්නා එනවා මෙතනට. ඔය දෙන්නා ලෑස්ති වෙලා ඉන්න. අපි වාහනයෙම යන්න ඔීන. පොදු ප්‍රවාහන ගැන යන්න තියා හිතන්නවත් එපා. මොකද උන්ගෙ එවුන් හැමතැනම දාලා ඇති. පිස්සු බල්ලන් වගේ අපිව හොයනවා ඇති. අපි ඉක්මන් වුන හන්දා
අවදානම ටිකක් අඩුයි. මොකද කොළඹ
වපසරියෙන් ඔබ්බට දැන්ම ආපු හන්දා.
බොහෝදුරට හෙට උදේ වෙද්දීන් උන්ගෙ ඔත්තුකරුවන් හැමතැනම දානවා. මෙයාව හොයන්න. පිටකොටුවෙ තැන් කීපයකට වගේම දුම්රියපලෙත් ඉන්න පුළුවන්.

ඒ වගේම , පොඩි පොඩි ගැට කපන එවුන් ඉඳලා ලොකු කඩකාරයින්ටත් පණිවිඩය හෙට උදේ ලැබෙනවා. ඒ හන්දා හෙට යන ගමනේදී සයුරිව හිඟන්නෙක්වත් දකින්න හොඳ නෑ. කොහොම වුනත් අපි හොඳට රඟපෑවා. දැන් උන් හොයනවා ඇති කවුද උන්ට අමතරව මෙයාව පැහැරගන්න හදන එවුන් කියලා. උන් දැන් හිතාගෙන ඉන්නෙ මෙයාව පැහැරගත්තා කියලා. මම එහෙම නාටකයක් රඟපාන්න සැලැසුම් කරේ, උන්ට එතකොට හිතාගන්න බැහැ වෙන්නෙ මොකක්ද කියලා. කොහොමහරි ඉතින් ``ඉදිලා කන්න හිටපු කපුටට කලින් ගැට කාලෙම වවුල්ලු කෑවා ´´ වගේ වැඩක් තමයි මෙතන වුනේ. දැන් හිතලා බලන්න කසුන් මහත්තයාටත් හිතාගන්න බැහැ නෙ සමහර කරුණු කාරණා..

*ඒ කිව්වෙ සර්…

ඇයි මිහිරාණිගෙ බොඩීඑක අතුරුදහන් වීම ගැන..

*ඔව් ඒක මිසින් වෙලා….

මා නියෝජිත J50 දිහා උපහාසාත්මක ලෙස බැලුවෙමි.

මිසින් වෙලා නෙමෙි. මිසින් කරලා…

**සර් මොකද මම දිහා බලන්නෙ… හරියට නිකං මම තනියම ගේම දුන්නා වගේනෙ… එතන මෝචරියෙන් මිනියක් ගෙනියන්න මට තනියම අමාරුයි.

ආන්න පවාදුන්නා… දැක්කද…?

*මොකක් ….? ඒ කියන්නේ මිහිරාණිගෙ මිනිය අතුරුදහන් කරේ ඔය දෙන්නද…?

මම එහෙම කිව්වෙ නැහැ නෙ. නියෝජිත සුපුන් මහත්තයා තමයි එහෙම කිව්වෙ.
මම මෝචරියෙන් එලියට අරගෙන වාහනේට පැටෙව්වා විතරයි. අරගෙන ගිහින් හැංගුවෙ මම නෙමෙයි.

*හත්ඉලව්වෙ…. මෙි දෙන්නා කම්බ හොරුනෙ….

**මොකද සර්… ඔච්චර පුදුමවෙලා…
අපි හරියට මහබැංකුව හොරාකෑවා වගේ නෙ…

ඒකනෙ….මම විශේෂයෙන්ම කියන්ට ඔීන. අපි පලමුව කලයුත්තේ බැංකු පද්ධතිය ශක්තිමත් කරන එක. දෙවනුව තමයි හොරාකෑම කලයුත්තේ..

**ඒකනෙ සර්…

කසුන්… මහත්තයා ඔයා දන්නවා නෙ මම
කරන දෙයක් අංග සම්පූර්ණව කරනවා කියලා. පලමුවෙන්ම ඩොක්ටර් දුනිත් අතුරුදහන් කරා. දෙවනුව මළමිනිය.
මරණ පරීක්ෂනයෙන් සමත්වුන මළමිනියක් ගන්න විජේරත්න මල්ශාලාවෙන් එනකොට, ඒ වගේම ලේබල් කරපු වාහනයකින් රියදුරු විදිහට මෙි සුපුන් මහත්තයා ආවා. මම ආවා සහයක විදිහට ඉතින් වාහන දෙකටම බොඩී දෙක පැටෙව්වා. ඔරිජිනල් වාහනේට ඒ ගැහැණු බොඩිය පටවනකොට, ව්‍යාජ අපේ එකට මිහිරාණිගෙ බොඩීඑක පැටෙව්වා..
එච්චරයි ..

*එතකොට ඔය විජේරත්න මල්ශාලාවෙන් ආපු එවුන් ප්‍රශ්න කරේ නැද්ද `` ඔයාලා කවුද ´´ කියලා…?

**නැතුව නැතුව… විජේරත්න කියන්නේ
ලංකාවෙ හැමතැනම ශාඛා තියෙන ආයතනයක්. අපි බදුල්ලේ කට්ටියක් කියලා ෂේප් වුනා එච්චරයි….

*දැන් එතකොට කෝ ඒ බොඩීඑක….?

ඒක ඩීප්‍රෙෂර් එකක දාලා තියනවා මෙි ගේ ඇතුලෙ…

*මොකක් …. එතකොට අපි ඉන්නෙ මළමිනියක් තියෙන ගෙදරකද…?
මම කිව්වෙ මෙි safe house එකේද..?

නැතුව… ඉතින්
ගමෙි නැතුව වෙන කොහෙ ලඟින්නද…
වත්තලමයි මගේ කුඩා ගෙය…
ඇයි අවුල්ද …. යාළුවා…

*අවුල්නෙ සර්… මළමිනියක්.

හා හා… කෑගහන්න එපා. සයුරිට ඇහුනොත් එහෙම….(සිනාසෙමින් )
ගෙදර ශීතකරණයේ කුකුල් මස් , මාළු වර්ග දාගෙන ඉන්න පුළුවන්. මෙිකෙ මළමිනියක් දාගෙන ඉන්න එක වැරදියි ද යාළුවා… ? වර්ග දෙකම මෘත ශරීර නෙ.
වෙනසකට තියෙන්නෙ ඒක කන්න පුළුවන් . මෙික කන්න බැහැ එච්චරයි.

*ඒ කතාවත් ඇත්ත තමයි නේද…?

**සර් එහෙම බැලුවාම හැම ගෙදරකම වාගේ මෝචරියක් තියනවා නේද..?

ඔව් …. නම විතරයි වෙනස්. සරළ මෝචරියක් තමයි ඒකත් ඉතින්..
හරි… දැන් ඔය මහත්වරුන්ට දැවෙන ප්‍රශ්නයක් තියනවා මෙි බොඩිය ඇයි එතනින් අතුරුදහන් කෙරුවෙ කියලා.
අංක එක - අනිවාර්යයෙන්ම සඳුදා නඩු තීන්දුවෙන් පස්සේ ප්‍රබල පෙරලියක් ඇතිවෙනවා රට තුල. ඒ වගේම S Tigers කල්ලිය තුලත්. මොකද නඩු තීන්දුවෙන් කොල්ලව නිදහස් කරනවා වගේම , නියෝග කරනවා මරණයට වගකිවයුතු පාර්ෂවයන් විමර්ශනය කර අත්අඩංගුවට ගන්න. අනිවාර්යයෙන්ම CID එකට මෙි කේස්එක ඉඳුරාම බාරදෙනවා. අන්න එතකොට ඔය කල්ලිය බලනවා මෙි බොඩිඑක අතුරුදහන් කරලා
පුච්චලා දාන්න. එතකොට කවමදාකවත්
DNA එකක් ගන්න බැරිවෙනවා.

*ඒක තමයි අපි ඒක කලින්ම කරේ…

ඔව් කසුන්… අපි උන්ට වඩා පියවර කීපයක් ඉදිරියෙන් ඉන්නේ.
උන්ගෙ මර නින්ද අස්සේ ,අපේ හීන රිසිසේ සැරිසැරුවා. ඒවා සැබෑ කරගත්තා. උන් ඇහැරෙනකොට සියළුම දේ ගිලිහෙලා ගිහින් තිබුනා…

**ඒක නිකං සින්දුවක පද පේලියක් වගේ.

*සර් උන්ට පුදුම හිතෙයි වැඩෙි පත්තුවුන දවසට මෙි පොඩි ටීම් එකක් දීලා තියෙන ගේම දැක්කහම නේද…?

හහ් හහ් හා…. කසුන් ටීම් එක පොඩි වුනාට . ඉන්න අය පොඩි නැහැ නෙ.
හැබැයි ඔය මහත්වරු හිතන්න එපා.
මම මෙි බොඩිය අතුරුදහන් කරේ.
උන්⁣ සාක්ෂි නැතිකරයි කියලා හන්දා නම් නෙමෙයි..

**එහෙනම් …..?

මොකද හිතෙන්නේ ….?

*ඇත්තටම ඇයි ඒ සර්… ?

උන්ව කොටවන්න…

*උන්ව කොටවන්න… ?

ඔව්… බලාගෙන ඉන්න. මම මෙි මිනියක් උපයෝගි කරගෙන උන්ගෙ කල්ලිය කොටවන හැටි. ඒ තිර රචනයත් මම ලියලා ඉවරයි. හරි…. අපි එහෙනම් යමු නේද… කසුන් ඔයා සයුරිට වතුර ටිකක් ඉහලා සිහිය අරගෙන, එයත් එක්ක මෙි කොත්තුව රෑට කන්න. කෙල්ලව බලාගන්න. හෙට උදෙන්ම අපි නුවර බලා පිටත් වෙනවා. කොත්තු කෑවට තොත්තු දෙන්න බැහැ රජෝ…

*හහ් හහ් හා…. හරි සර්… මම කරන්නේ මගෙ රජකාරියේ කොටසක්. එතනින් එහාට මොකුත් නැහැ.

**එතකොට සර් අපිට කොත්තු…?

වෙරිගුඩ් කසුන්… අර ඩීප්‍රෙෂර් එක ලොක් කරලා තියෙන්නෙ. ඒක වැඩක් නැහැ. එතකොට අපි මරදානෙන් හොඳට මගෙ ගාණෙ සප්පායම් වෙලා යමු. කොත්තු බැරිනම් රයිස් හරි…

**එළකිරි සර් ….

එහෙනම් හෙට උදේ හමුවෙමු. ගුඩ් නයිට්.
මගදී කඩයකින් සප්පායම් වූ අපි මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත එද්දී රෑ දහය විතර විය. තම කාර්යාලයට වී කල්පනා කරමින් සසිටියදී. තම කල්පනා දැහැන බිඳ දමන්නට සමත්වූයේ නියෝජිත B200 ය.

හා… එන්න ඇතුලට ඉතින් ….

*සර් මෙතන තියනවා මෙි සතියේ අයවැය වාර්තාව. ඒක චෙක් කරලා දෙන්න.. එතකොට මෙතන තියනවා අර ශාන්තගේ
ලිස්ට් එකේ හිටපු අයගෙ විස්තර…

ෂාහ්හ්හ්හ් නියමයි නෙ…. බොහොම ස්තුතියි…

*ඒක සුළු දෙයක් සර්….

මම දන්නවා නියෝජිත B200 ඒක සුළු දෙයක් නෙමෙි කියලා. කොහොම වුනත්
පට්ට වැඩක් මෙික. නියමයි මම අගය කරනවා… එතකොට කොහොමද මෙි සතියෙ බිස්නස් එහෙම.

*සර්… කාන්තා රෙදි ගිය සතියට වඩා මෙි සතියෙ සීයයට විසිපහකින් විතර වැඩිවීමක් තියනවා.

ඒ කියන්නේ අපිට කාන්තා රෙදිපිලි ටිකක් වැඩිපුර ඇණවුම් කරන්න වෙනවා නේද…?

*ඔව් සර්……….

හොඳයි හෙට මට අපේ ඩිසයිනර්ට කියලා
ඔීන කරන ඩිසයින් ටික ගේන්න. අපි පමුණුවෙ හොඳ තැනකින් ඒ ටික ඇණවුම් කරමු.

*හොඳයි සර්….

එහෙනම් බොහොම ස්තුතියි ගුඩ් නයිට්..

*ගුඩ් නයිට් සර්…

ලංකාවෙ විවිධ ප්‍රදේශයන් වල සේවය කරන වෛද්‍යවරුන්ගේ ලිපිනයන් සමග දුරකථන අංකයන් ද එහි විය. හෙමින් සීරුවෙ සියල්ලන්ටම කතා කර ටික කාලයකට හැංගිලා ඉන්න ලෙස දැනුමිදිය යුතුය. ඊට පෙරාතුව තමන් මෙි කාර්ය කැමැත්තෙන් කරනවද කියා සොයාබැලිය යුතුය. එසේ නැති වුනොත් සියල්ල වෙනස් මඟකට සේන්දු වේවි. එය අපට ඉතාමත් අහිතකර තත්ත්වයකි. හෙට දින ශාන්තගේ හා එස්අයි රවින්ද්‍රගෙ හැසිරීම් රටාවෙ වෙනස්කම් සොයාබැලීමද කල යුතුය.

වෛද්‍ය දුනිත් යහතින් සිටින බැව්. මා ලබාදුන් කාලසටහනට අනුව මාහට කතාකිරීම තුලින් මා දැනගත්තෙමි. නඩුව අවසන් වුන වහාම ජොනීව අල්ලාගත යුතුය. ඔහු ලවා කරගත හැකි දේ පිල්බඳව නාට්‍ය පිටපතක් නිර්මාණය කිරීමද කල යුතුය. අවිවෙිකි දිනයක නිමාව සනිටුහන් කිරීමට මා තම යතුරුපැදිය පණගන්වා තම නවාතැන වෙත ගියෙමි.

පසුදින…

අළුයම අවදී වී නියෝජිත ජනිත් සමග
වෑන් රථයෙන් N house බලා පිටත් වුනෙමු. උදෑසන හයේ කණිසම වෙද්දීන්
එතන ලඟාවනවිට කසුන් සමග සයුරි ලෑස්ති වී සිටින ලදි. කිසිවක් නොපවසා වෑන් රථයට ගොඩවූ දෙදෙනාම රැගෙන නුවර බලා පිටත් වුනෙමු.

මිනිත්තු කීපයකට පසු තම හඬ අවදි කලෙේ රියදුරු වන නියෝජිත J50 ය.

**මොකද කට්ටිය නිකං දාහට අරගෙන ශත පනහට දීලා වගේ..

හෑහ් එච්චර පාඩු පිටද දීලා තියෙන්නෙ.
රුපියල් නමසිය අනූනමයි , ශත පනහක්ම පාඩුයි නෙ… මට පේන්නෙ සයුරි මිස් තමයි ඒ ගාණට දීලා තියෙන්නෙ. නැත්නම් ඉතින් මෙහෙම අවුලෙන් ඉඳියිද….

***අනේ නිකං ඉන්න… මම රැවුල ගිණි අරගෙන ඉන්නෙ ඔය මහත්වරු සුරුට්ටුව පත්තු කරන්න ලෑස්තිය…

**මොකක් …? ඔය මිස්ට රැවුලකුත් තියනවද…? කෝ පේන්න නැහැ නෙ…

***ඒ ගමන වෙන එකක් පටන් ගත්තා.

නෑ ඉතින් නැන්දම්මාගෙ ගෙදර පලවෙනි වතාවට යනකොට මූණ එල්ලගෙන යන්න එපා…

*ආන්න සර්… ඒකට හිනා ගියා…

සයුරි … සයුරි … සයුරි ….. ඔයා බයවෙන්න එපා. මෙි ප්‍රශ්න ටික අපි ඉක්මනට විසඳනවා. එතකම් ඉතින් ටිකක් හැංගිලා ඉන්න. ඔහොම තමයි ජීවිතේට අපි නොහිතන ප්‍රශ්න කඩාපාත් වෙනවා. ඒක ස්භාවිකයි.

**හැබැයි නැන්දම්මාගෙ ගෙදර අනපේක්ෂිතව යන එකනම් අස්වාභාවිකයි…. අන්න බලන්න
කසුන් සර්ගෙ මූණ රතුවුනා…

*නෑ එහෙම නෑ….

ඔව් ඔය් එහෙම නෑ… ඒක නෙමෙි සයුරි මිස්. ඊයේ කොත්තුව සැරට තිබ්බද…?

***ඔව් තේනුවර මහත්තයා …..

මගෙ නම නම් ඒක නෙමේ… ඒ වුනාට ඒන නමේ නරකකුත් නෑ නේද කසුන්… ?

*ඔව් සර්…

ඒක තමයි…. හරි කමක් නැහැ. කෝකටත් සයුරි මිස් එහෙ ගිහින්. තමන්ගෙ බාහිර ස්වරූපය ටිකක් වෙනස්කර ගන්න. ඒක කෝකටත් හොඳයි …

***හොඳයි ඔෆිසර්… මම එහෙම කරන්නම්.

ඔයාගෙ රැකියාව ගැන හිතන්න එපා. මොකද මොනවා කරන්නත් ජීවත්වෙලා ඉන්න එපැයි. බෝඩිමෙි ඔයාගෙ ෆෝටෝස් එහෙම තිබ්බද…?

***නෑ ඔෆිසර්… එදා මම සේපාලිකා කියන්නේ කවුද කියලා දැනගත්ත දවසේම මගෙ තිබුන ෆෝටෝ වගේම, මගෙ ගෙදර විස්තර පවා ගිණිබත් කරලා දැම්මා.

ෂාහ්හ්හ්හ් නියමයි නෙ… හොඳට මොළය පාවිච්චි කරල තියනවා. ඒක හොඳ බුද්ධිමත් තීරණයක්. නැත්නම් උන් ඔයාගෙ ෆොටෝ එකක් ලංකාවෙ හැම තැනට බෙදාහරින්න පුළුවන්. එහෙම වුනොත් ඔයාව උන්ට හොයාගන්න පහසු වෙනවා. කොහොම වුනත් ඔයාගෙ ඡායාරූපයක් උන් කොහෙන්හරි හොයාගනියි. කමක් නැහැ . ඒ වුනාට
ඔයාව උන් හොයාගන්න කලින් අපි නාටකය අවසන් කරනවා.. ඒ ගැන
මම සීයයට සීයයක් සහතික වෙනවා.

හෝරා එකහමාරකට පසු කුරුණෑගලට
ඒමට අපට හැකිවිය.

*සර් කවුරුවත් බහින්න එපා.. මම උදේට කන්න මොනවාහරි අරගෙන එන්නම්. සයුරි .. ඔයා වැඩිය එලියට මුහුණ පේන විදිහට ඉන්න එපා. අපි තවම සුරක්ෂිත නැහැ …

හරි… කසුන්… ගිහින් එන්න ….


මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now