⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 28 වන දිගහැරුම ⸎

`` වීඩියෝ පටය ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

**නැතුව…. ඇයි සර් ඔට්ව පරාදයි නෙ..

ඔව්… කසුන් මහත්තයා.. තමුන් ඔට්ටුව පරාදයි…

*හරි හරි යමල්ලා ඉතින්… ( තිදෙනාම සිනාසෙමින් )

මෙතැන් සිට……

රාත්‍රි ආහාරයෙන් පසු… තිදෙනාම නැවත පැමිණියේ මදීනා ටෙක්ස්ටයිල්ස් වෙතය.

කසුන් මහත්තයා ….

*සර් ⁣…..

බොහොමයක් ස්තුතියි කෑම වේලට….

*ඒක සුළු දෙයක්…. සර්…

**සර් නඩුවට තව දින දහයයි නේද….?

හ්ම්ම්… ඔව් නියෝජිත ජනිත්…

**මට ෂුවර් ඔය සයුරිගෙ මෙමරිකාඩ් එකේ තියෙන වීඩියෝ එකෙන් අර කොල්ලව ගොඩදාගන්න පුළුවන් වෙනවා කියලා. නමුත් ඒක අපේ අතට ආවෙ නැත්නම් මොකද කරන්නේ …?

හොඳ ප්‍රශ්නයක් ….. ඔය මහත්වරුන් අහලා නැද්ද කියමනක් තියනවා `` නිර්දෝශි මිනිසෙකුගෙ කඳුල තරම් ශාපයක් තරම් දරුණු ශාපයක් , මෙි ලොව කොහෙවත් නැත ´´ කියලා .. ඉතින් ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. ඒ හන්දා එහෙම වුනොත් ඒකට උත්තරය තමයි `` ප්ලෑන් බී ´´

*සර් `` ප්ලෑන් බී ´´ එකකුත් හදලද තිබ්බෙ…?

කසුන් …. මාත් එක්ක මිෂන් දෙකක් ඉවරකරලා නේද ඉන්නෙ … ඉතින් දන්නෙ නැද්ද මම වැඩ කරන්නේ කොටස් දෙකකට කියලා. එකක් වැරදුනොත් , දෙවන එකට යන්න බලාගෙන.

*ඔව් ඒක මම දන්නවා. එතකොට
`` ප්ලෑන් බී ´´ මොකක්ද ….?

ඇයි… අමතකයිද අයිස්මෑන් , එහෙමත් නැත්නම් පොල්බෑමූණගේ DNA පරික්ෂාව.
අන්න එතනදී මෑන් අපිට කොටුවෙනවා..

**ඒක අසමත් වුනොත්….?

ආයෙත් හොඳ ප්‍රශ්නයක් ….. කසුන් මහත්තයා. මගෙ වැඩපිළිවෙළ ගැන දන්නවා නෙ…?

*ඔව් මොකද මම නොදන්නේ. අපි යනවා
`` ප්ලෑන් සී ´´ වලට…

**`` ප්ලෑන් සී ´´ අම්මපා එහෙම එකකුත් තියනවද….?

ඔව් නියෝජිත ජනිත්… එහෙම එකකුත් මම ලඟ තියනවා. කසුන් මහත්තයා.. මොකක්ද `` ප්ලෑන් සී´´ එක….?

*``කඩි ගුලට ගල් ගැසීම´´

හරියටම හරි යාළුවා…
``කඩි ගුලට ගල් ගැසීම´´ ඒක තමයි…
නියමයි තක්කෙටම කිව්වා…

**මො මො මොකක්ද ඒ.. ගල්ගහන කතාව….?

නියෝජිත ජනිත්… ඒක මගෙ උපක්‍රමයක්.. අපි හහොයාගත්ත හෝඩුවාවන් එකලස් කරලා , කතාවක් නිර්මාණය කරනවා. ඒ අතරට වගකිවයුතු චරිත ටික දාලා, ඒ කකාවෙ ඇතැම් සිද්ධි වලට වගකිවයුතු අය විදිහට ඒ චරිතවලට වගකීම බාරදීලා.
ඒක යථාර්ථයක් බවට පත්කරනවා. එහෙම කරලා කතාව සාමාන්‍ය ලෝකයට ඇදලා දාලා, උන් උන්ව කොටවනවා. එතකොට අපි නොදන්නා සත්‍ය එලියට එනවා. ඒක අපි වාසිදායක විදිහට ප්‍රයෝජනයට ගන්නවා එච්චරයි….

**ඒක නියමයි නෙ…

අපි එහෙමයි……

**හර… සර් මම ගිහින් මගෙ spiders ලා දෙන්නා එක්කගෙන එන්නම්…

හොඳයි …..

එහෙනම් කසුන් මහත්තයා . දැන් වෙලාව රෑ නමයට විනාඩි පහයි… තව ටිකකින් මට කෝල් එකක් එනවා…. ⁣තම මෙිසය මත ඇති දුරකථනය පෙන්වමින්..

*සර් මම හිතන්නේ ඒ කෝල් එක වෙන්න ඔීන…ඔය ෆෝන් එක වයිබ්‍රෙිටි වෙන්නෙ.

හා ඔව්මයි…. හෙලෝ…. ඔව් සර්…
හොඳයි නෙ… හැමදේම තියනවද ඒ ගෙදර…? ඔව් ඔව්… හා හරි.. මම ඇවිත් කෝල් එකක් ගන්නම්.. බොහොම ස්තුතියි සර්….

හ්ම්ම්… මම කිව්වා නේද කසුන්… මෑන් වෙලාවට වැඩ කියලා. තැනක් හොයාගෙන.. අපි එතැනට තමයි යන්න ඔීන.

**excuse me sir…

හා ඔය මහත්වරුන් එන්න ඇතුලට ….

**සර් මෙන්න ඡායාරූප දෙක…

හ්ම්ම්… බලමු… (ඡායාරූප දෙස බලමින්) හොඳයි.. ස්පයිඩර් 220, ඒ වගේම ස්පයිඩර් 120

***සර්….

අපි මිෂන් එකක ඉන්නෙ කියලා දන්නවා නේද…?

***ඔව් සර්….. නියෝජිත J50 අපිට ඒ ගැන කියලා තියෙන්නෙ.

බොහොම හොඳයි… මම මෙි කියනදේ හොඳට අහගන්න… අපි අනිද්දා උදෙන්ම. ඒ කියන්නේ පාන්දර දෙකට මෙතනින් පිටත් වෙනවා අපිට ඉන්න ප්‍රබල සාක්ෂිකාරයෙක් වන ඩොක්ටර් දුනිත්ව සුරක්ෂිත කරගන්න ඔීන හන්දා පුත්තලම , වනාතවිල්ලුවෙ තැනකට… යන්නෙ අපේ පාන් බාගෙක. ඉතින් මෙි ෆොටෝස් වල ඉන්න දෙන්නා වගේ ඔය දෙන්නා වෙස්වලාගන්න ඔීන. මොකද අපි මෙි
යන ගමනේදී , පලමුවෙන්ම Hotel Blue Beach එකට ගිහින් ඩොක්ටර් ව අරගෙන ඊට පස්සේ කෙලින්ම යන්නෙ මෑ⁣න්ගෙ නෝනායි, දුවයි ගන්න මෑන්ගෙ නාරම්මල පිහිටි ගෙදරට. එතන ඉන්නවා අපිට ප්‍රතිවිරුද්ධ දෙන්නෙක් . උන් දෙන්නට අපි ඒත්තු ගන්වන්න ඔීන අපි උන්ගෙ කල්ලියේ කට්ටිය කියලා. අපි මෙතෙක් හොයාගෙන තියෙන කරුණු අනුව, දැනට මෙි කල්ලියේ ප්‍රබල සාමාජිකයෙක් තමයි
ඇන්ටනී කියන්නේ. ඉතින් ඒ දෙන්නා අපි ගන්න යනකොට උන් මොන ප්‍රශ්නය අහන්න ගියත් අපි දෙන්න ඔීන උත්තරය තමයි `` මෙික ඇන්ටා අයියගෙ වැඩක්. උඹලට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ ´´ කියන එක. ඊට පස්සේ අපි ක්ෂනිකව එතනින් යනවා. බැරිම වුනොත් එයාලට
කොකා ගස්සන්නම වෙනවා.

නියෝජිත ජනිත්…

**සර්….

අපි හතරදෙනාම සයිලන්ස් ආයුධ අරගෙන යන්න ඔීන. ඒවා සේරම අපේ බඩු නෙමෙි. අපි පිටින් ගත්ත එව්වා. මම ලඟ දැනට එකක් තියනවා නෙ. ඊට අමතරව `` SOM ´´ (Signal Ocsitalor Monitor - අමතර සංඥ්ඤා ග්‍රහනය කරගැනීමෙි උපකරණයක් ) එකක් අරගෙන යමු… මොකද ⁣මුන් ඒ ගෙදරින් ගෙනියන මොනවාහරි උපකරණයකට GPS Tracking Device එකක් හයිකරන්න බැරි නැහැ. හිතන්න එපා හැමදාම උන් මෙි අයට පේන්න රෑට පාරෙ නිදාගන්නවා කියලා. උන් එච්චර මෝඩ නැහැ. ලඟ ගෙදරක් කුලියට අරගෙන රෑට තාක්ෂණික උපකරණ උදව් කරගෙන විවෙික ගන්නවා ඇති.


**ඔව් සර්…. ඒක ඇත්ත..

හ්ම්ම්… එතකොට. එහෙම උපකරණයක් තිබ්බොත් , ඒකට කරන වැඩෙි මම එතනදී කියන්නම්… දැනට එච්චරයි.
එතනදී කාලානුරූපව සැළසුම වෙනස් කරන්න වුනොත් මම කියන්නම් කරන්න ඔීන වැඩ ටික. මගෙන් මොකුත් අහන්න තියනවද ඔය මහත්වරුන්ට…

**නැහැ සර් පැහැදිලියි …..

නියමයි වෙරිගුඩ් ….. එහෙනම් ඔය දෙන්නට යන්න පුළුවන් ….

නියෝජිත ජනිත්ට පුළුවන් නෙ ඒ ටික බලාගන්න…

**පුළුවන් සර්… එහෙනම් සර් සුභ රාත්‍රියක් වේවා දෙන්නටම…

හොඳයි බොහොමයක් ස්තුතියි එසේම වේවා ඔබටත්… හ්ම්ම්… එතකොට කසුන්… මොකද තත්ත්වය. සයුරි මිස් ට කතා කරාද…?

*ඔව් සර්.. මම කතා කරා..

හ්ම්ම්… මම දැක්කා රෑට කන ගමන්
ඔය ෆෝන් එකෙන් මැසේජ් දානවා.

*සර් දාපු මැසේජ් දැක්කද…? ( තම ඇස් ලොකු කරමින් )

අපෝ පිස්සුද … ම⁣ට එහෙම මානසිකත්වයක් නැහැ ….

*සර්… මට තියෙන ප්‍රශ්නය මිහිරාණි මැඩම් මැරුවෙ ශාන්ත ද, නැත්නම් ඇන්ටනී ද කියලා.

ඔව් අයිස්මෑන්ගෙ චරිතය කවුද රඟපෑවෙ කියලා අපිට හොයන්න වෙනවා. මොකද මම හිතන්නේ නැහැ. ඒ වීඩියෝ එකෙන්
ඒගැන තොරතුරු ටිකක් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද වීඩියෝ එකෙන් අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්නෙ.
අර කොල්ලා ඒකට වගකිවයුතු නැහැ කියලා විතරයි. මම හිතන්නේ නැහැ මූ දේහ සලකුණු මතුපිටට පේන විදිහට ඇඳගෙන ආවා කියලා. මොකද
`` පුහුල් හොරා කරෙන් දැනේ ´´ කිව්වට, මෙි හොරා නිකංම පිටේ පුහුල් ගෙඩිය ගෙනියන්න තරම් මෝඩ නැහැ. එහෙම නම් අයිස් අවිය පාවිච්චි නොකර සාමාන්‍ය විදිහට මරන්න තිබ්බානෙ. හුඟක් පරිස්සමෙන් කරපු දෙයක්..

*එතකොට මෑන් සටන්කලාව ප්‍රගුණ කරපු කෙනෙක් නේද…?

ඔව් තරමක් දුරට එහෙම කරලා තියෙන්න පුළුවන් … නැත්නම් ඉතින් ගහෙන් ගහට පනින්න නුපුහුණු කෙනෙකුට බැහැ නෙ.

*එතකොට අර ෆෝන් එක කාගෙ වෙන්න ඔීනද… ?

ඒක අපි හොයමු.. මම ලඟ ඒකේ තිබුන ආපු, ගියපු නම්බර් තියනවා නෙ. මම හෙට මෙි නම්බර් ටික චෙක් කරනවා. රිපෝර්ට් එක එනකම්.

හොඳයි… අපි එහෙනම් යමු නේද විවෙික ගන්න අඳුරු තැනට.

*යමු නේද සර්… යමු යමු….

රැය පහන් විය….

Good morning කසුන්…

*good morning සර්…

වැඩට යන්නද සූදානම….?

*ඔව් සර්…. අද මෙමරිකාඩ් එක අපිට ලැබෙයි නෙ. ඒක ගන්නත් ඔීන.

යමු මාත් යන්න ඔීන එලියට… බයික් දෙකේ යමු…

*ඒක හොඳයි .. මොකද මට සයුරි එක්කගෙන යන්න එයාගෙ තැනට යන්න ඔීන….

හහ් හහ් හා…. ``දළුලා ප්‍රේම ගසේ ´´ නේද…? හරි හරි… එහෙනම් ජයවේවා
කසුන්…

*ජයවේවා සර්…

යතුරුපැදිය හෙමිහිට පැදගෙනවිත්
බත් වයලට් පෙනෙන මානයේ නතරකර. ඒ අසල ඇති වීදි ස්ථාවර දුරකථන කුටියකට ගොස් කාසී කීපයක් දමා , දුරකථනයේ මයික්‍රපෝනයට ලේන්සුවක්ද ඔතා , තම සාක්කුව තුල ඇති කුඩා සටහන්පොත අතට ගෙන එහි පෙර දිනයක පාළු නිවසෙහි තිබියදී සොයාගන්නා ලද ජංගම දුරකථනයෙන් ලබාගන්නා ලද දුරකථන අංක එකින් එකට ඇමතුම් ලබාගන්නා ගමන් බත් වයලට් දෙස බලා සිටියේ කුමන හෝ අංකයක් ඩයල් කිරීමෙිදි ඇය එකකට හෝ ප්‍රතිචාර දක්වයිද කියා පරික්ෂා කිරීමටය.

දුරකථන අංක කීපයකට ඇමතුවද , එම අංක වලින් විවිධ අය තම කටහඬ අවදි කෙරුවද , බත් වයලට් තවමත් නිසොල්මන්ව සිටි. අවසාන අංකයද ඇමතුවෙමි. අවසන් මොහොතේ ඇය තම දුරකථනය අතට ගන්නා බවක් දුරකථන කුටිය තුල සිටින මට පෙනී ගියේය.

බ:ව හෙලෝ…..

හෙලෝ…. වයලට් (ගොරෝසු හඬින්)
බ:ව ඔව් කියන්න …

බඩු නැද්ද ….?

බ:ව කවුද මෙි….?

උඹට ජාතකෙන් වැඩක් නැහැ. බඩු හෑවුද නැද්ද එච්චරයි..

බ:ව බඩු නෑ.. කවුද මෙි…? ජොනි අයියා නේද… ?

ඔව් බං.. මම ජොනී තමයි..

බ:ව ඒකනෙ බං… උඹ මොකද හඬ වෙනස් කරලා..?

ටිකක් අසනීපෙන් ඉන්නෙ. සික් එක බං.
⁣බ:ව මොනවා…. ? බඩු නැතුවද…?

ඔව් බං….

බ:ව බඩු තියනවා නිකං බෑ.. අපිටත් වාසියක් එහෙම ඔීන ඉතින්..

වාසියක් …. ඒ මොනවද …?

බ:ව මොනවද කියලා අහන්නෙ..? උඹ බබා.. සති දෙකකින් විතර යටට මොකුත්
ලැබුනෙ නැහැ බං.

ඇයි ඇන්ටා නේද උඹව මෙින්ටෙන් කරන්නේ…? ඌට මොකද…?

බ:ව ඌට කොහෙද බං වෙලාවක් . අර එකෙක් රෑ ඌ⁣ට තඩි ගහලා ලේ පෙරෙන්න. ඌ දවල් රෑ නැතුව ඌ හොයනවා බාවන්න… හැබැයි ඒ ගහපු එකත් ලේසිපහසු එකෙක් වෙන්න බැහැ.

ඒකත් එහෙමද….? එතකොට අර එස්අයි කාරයා…?

බ:ව ඌ හරියන්නේ නැහැ. ඌ හොයන්නෙ නර්ස්ලා…

එහෙම සීන් එකකුත් තියනවද…?

බ:ව ඔව් බං… මෙි.. ඒක නෙමෙි. කෝ උඹෙි අගට තුන්සීය අසූව එන නම්බර් එක. මම දවස් කෙ තුනක ඉඳලා ඒකට ගත්තා වැඩ නැහැ නෙ බං.

තියනවා … තියනවා… පොඩි ගේමක ඉන්නෙ. ඒ හන්දා ඒක ටික දවසකට වැඩ නෑ.

බ:ව හා හා… වරෙන්කො. මට වාසියක් වුනොත් , උඹටත් සලකන්නම්..

හ්ම්ම්… කියමින් දුරකථනය විසන්ධි
⁣කර, වහාම එතනින් ඉවතට ගොස් මරදාන රෝහල් පරිශ්‍රයට ඇතුල්වන තැන මොහොතක් බලා සිටියෙමි. සුළු වෙිලාවකට පසු තම සහයක සමග සයුරි යතුරුපැදියෙන් රෝහල් පරිශ්‍රයට ඇතුල් වනවා දුටුවෙමි. තම සහයකයාද මාදෙස බලා කට කොනින් සිනහවක් දමමින් මා පසුකර ගියහ.

නැවත යතුරුපැදිය පණගන්වා යන්නට සැරසෙත්ම වෛද්‍ය දුනිත් ගේ ⁣මෝටර් රථය ප්‍රධාන දොරටුවෙන් එලියට එනු දුටුවෙමි. වහාම එම වාහනය ලුහුබඳින්නට තීරණය කලෙමි. මාර් අංක 120 කැස්බෑව මාර්ගය දිගේ වෙිගයෙන් ධාවනය වන අතර , මා ඒ පසුපස නොදැනෙන්නට ගමන් ගත්තෙමි. එතනින් ඔබ්බට ගොස් , හොරණ නගරයේ පිහිටි වාහන සේල් ගොඩනැගිල්ලක වාහනය නවත්වන ලදි. මිනිත්තු දහයක් පමණ පමාවී මාද තම යතුරුපැදිය නවතා එතනට ලඟාවිමි.

``දුෂාන් ට්‍රෙිඩර්ස් ´´ නමින් ලොකු අකුරින්
සඳහන් බෝඩ් ලෑල්ලක් එහි විය.

අලෙවිකරු - good morning sir…. වාහනයක් ගන්නද…?

ඔව් මිස්ටර්….

අලෙවිකරු - එන්න .. එන්න … මොන වගේ එකක්ද සර් හොයන්නේ…?

මට අර මයික්‍රෝ පෙජරෝ එක හොඳයි කියලා හිතෙනවා. ටිකක් බලමුද…

අලෙවිකරු - සර්… ඒක දැන් තමයි ගෙනාවෙ. ඒකේ අයිතිකාර සර්. තවම ගණුදෙනු කතා කරන ගමන් ඉන්නෙ. මැනේජර් එක්ක. ඉතින් සර්… විනාඩි දහයක් විකර යයි. අපි එතකම් වෙන එකක් බලමුද..?

වාහනේ හොඳම තත්වයේ තියෙනවා.
මට මෙිකම තමයි ගන්න හිතෙන්නේ.
මමත් ඇතුලට ගිහින් ගණුදෙනු කතා කරගන්නද….?

අලෙවිකරු - සර්…

ඔව් ඔවි මට තේරෙනවා මිස්ටර්..
මම ගන්නෙ ඔයාලගෙන් නෙ. මට එයාගෙයි , ඔයාලගෙයි ගණුදෙනු වැඩක් නැහැ. ඔයාලගෙ ගාණට , වාහනයේ තත්වය එක්ක මට ගැලපෙනවා නම් , මම ගන්නවා එච්චරයි …

අලෙවිකරු - වෙරිගුඩ් සර්… එහෙනම් ගිහින් බලන්න …

හොඳයි බොහොම ස්තුතියි මිස්ටර් ….

ඝනකම් වීදුරු වලින් නිර්මාණය කරන ලද ලොකු දොර ආසන්නයට ගොස් තට්ටුවක් දැමුවෙමි. යම් තරබාරු අයෙකු එන්න කියමින් හස්ත සංඥ්ඥාවක් කල පසු මා ඇතුලට යනවිටත් , වෛද්‍යවරයා සමග
ගණුදෙනුවෙ අවසන් අදියරට පැමිණ සිටි බව පෙනී ගියේය.

*ආයුබෝවන් සර්…..

ආයුබෝවන් මිස්ටර් ….

*මම රහල්… මෙතන මැනේජර්…

ඔීකෙ මිස්ටර් රහල්….

*සර් මට විනාඩි පහක් දෙන්න …

Ok ok please go ahead….

*දුනිත් සර්… මෙතන. මෙතන එතකොට මෙන්න මෙනත. මෙන්න මෙතනත් අත්සනක් දාන්න.

**හරි…. එච්චරයි ද…?

*ඔව් සර්…. එතකොට සර්ට කෑඹ් එපා. කෙලින්ම අකවුන්ට් එකට සල්ලි දාපුවාම හරි.

**ඔව් මිස්ටර් ….

*ඔීකේ… ඉන්න මම දැන්ම මුදල් ටාන්සර් කරන්නම්….

වෛද්‍ය දුනිත් මාදෙස බලා මෘදු සිනහවක් පාමින් ගුඩ් මෝර්නින් මිස්ටර්..

ගුඩ් මෝර්නින් මිස්ටර් ….

**මම ඩොක්ටර් දුනිත් … මරදාන හොස්පිටල් එකේ ශල්‍ය වෛද්‍යවරයෙක්.

ඔීහ් ඇත්තද… නියමයිනෙ.. මම ජගත් ජයසූරිය. පමුනුව රෙදි කඩයක් කරනවා.. සර්ව හඳුනාගැනීම සතුටක්…

**බොහොම ස්තුතියි….. වාහනයක් ගන්නද…?

ඔව් සර්…. මම අර නිල්පාට මයික්‍රෝ පෙජරෝඑක ගන්න කියලා. ඒක හොඳට පාවිච්චි කරලා තියනවා වගේ. තවම තත්ත්වය පරික්ෂා කරේ නම් නැහැ.

**ඔයා බය නැතුව ගන්න… මම ගැරන්ට් කරනවා. ඒක මගේ වාහනය.

අම්මපා … ඇත්තද…. වාහනය මතුපිටින් නම් හොඳට තියනවා නෙ.

**මතුපිට විතරක් නෙමෙි වාහනයේ ඇතුලත් එහෙම තමයි. මොකද මම ඉතින් දුර ගමන් යනවා බොහොම අඩුයි නෙ.

එතකොට සර් වාහනය හදිසියේම විකුණන්නෙ ….?

**ඇත්තටම මම දවස් දෙක තුනකින් රට යනවා. ඒකයි…

යන්නම යනවද…?

**අපෝ නෑ මම මාස කීපයකට තමයි යන්නේ….

*excuse me sir… ( අප කතාබහට බාධා කරමින්) වැඩෙි හරි. මම ඔන්න සර්ගෙ අකවුන්ට් එකට සල්ලි ටාන්සර් කරා….

**ඉන්න බලන්න …. හා හරි මට එස්එම්එස් එකක් ආවා.. හරි බොහොම ස්තුතියි. එහෙනම්.. මම දැන් යන්න ඔීන පේෂන්ලා බලන්නත් එපැයි.

*හරි සර් best of luck ( අතට අත දෙමින් )

**මිස්ටර් ජයසූරිය .. ගිහින් එන්නම්

හරි සර් ජයවේවා….

*එතකොට සර්…..

හ්ම්ම් …. අපි යමු වාහන බලන්න…

******************************************************

වාහනයක් ගන්නවා වගේ රඟපෑමෙන් පසු. හවස එන පොරොන්දුව මත මාද එතනින් නික්ම ආවෙමි. මරදානට පැමිණ
උදා අහාරය ලබාගන්නා අතරතුර. තම සහයකයා ගෙන් ඇමතුමක් එන ලදි..

ඔව් .. නාරද කියන්න

*සර් කොහෙද ඉන්නෙ …?

මම….. ලගපාතමයි ඉන්නේ.

*සර් බඩු ලැබුනා…

අම්මපා කියපං…

*ඔව් සර්….. දැන්ම එනවද…?

මට විනාඩි පහක් දෙන්න.. මම උදේට කන ගමන් …

*හරි සර් හදිස්සියක් නැහැ. විනාඩි පහකින් එන්න..

හරි ඔීකේ ජයවේවා …..

මිනිත්තු කීපයකට පසු …. තම සහයක පරීක්ෂකගෙන් අදාල මෙමරිකාඩ් එක
ලබාගෙන නැවත ක්ෂනිකව පැමිණියේ රහස් මධ්‍යස්ථානය වන මදීනා ටෙක්ස්ටයිල්ස් වෙතය. වහ වහාම තම කාර්යාලයට පැමිණ ලැප්ටොප් පරිඝණකය ක්‍රියාකර , මෙමරිකාඩ් එක ඇතුල්කර එහි වීඩියෝව පරික්ෂා කෙරුවෙමි. සියල්ල සක්සුදක් සේ පැහැදිලිව පෙනෙන්නට තිබුනේය.
මිනිත්තු තිහක පමණ කාලයක් තිබු මෙම වීඩියෝවෙ. ටෙලි නාට්‍ය ජවනිකාවක් මෙන් ඉතා පැහැදිලි රූගතවී තිබුනි.

පලමුවෙන්ම මිහිරාණි තම දුරකතනය ආලින්දයේ ඇති වීදුරු කැබිනට් එකේ රඳවා තබා එහි අසල ඇති වැරැන්ඩා පුටුවක වාඩීවි සිටින අතර මද වෙිලාවකින් සම්පූර්ණ කළු පැහැති ඇඳුමකින් හා උඩුකය කළුපාට ලෝගුවකින් වසාගත් යමෙකු වහලයේ ඇති උළුකැට කීපයක් කඩාගෙන ඇතුලට පැන මිහිරාණි වෙත පාපහරක් ගසන ලදි.
දෙවනුව ඇගේ කොණ්ඩයෙන් අල්ලාගෙන
තමාවෙත ඇද ගනිද්දී ඇය තම දකුණු අතින් ඝාතකයාගේ මුහුණ පහුරුගාන බවක්ද පෙනී යන්නේය. ඉන්පසු තම කුඩා පෙට්ටියකින් කිරිසුදු පාටින් බැබලෙන කිණිස්සක් වම් අතට ගෙන මිහිරාණිගෙ උදරය පසාරුවන ලෙස
ආයාසයෙන් ඇනින ලදි.

එම කිණිසි පහරින් පසු වේදනාවෙන් ඇය බිමට ඇදවැටුණු පසු. පෙරකී අයිස් කිණිස්සට අතින් අල්ලාගෙන, ඇයගේ පපුවට තම දකුණු පය තබා වැරෙන් ඇද්දේය. ඉන්පසු එම අයිස් කිණිස්ස. එතනම පොලවෙි ගසා , ඝාතකයා ජනේලයෙන් යමෙකු පැමිණෙන බැව් පෙනී. වහාම ඉදිරිපස දොර ඇරදමා.
ක්ෂනිකව ඇරුන දොරට හා බිත්තිය අතර ඇති හිඩැසේ හැංගිමුත්තන් කරන්නට විය. ඉන්පසු දැනට චෝදා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින තරුණයා එතනට පැමිණ මිහිරාණිව
තම සුරතට ගෙන , ඇයගේ නහයට තම කම්මුල තබා හුස්ම පරික්ෂා කර, පසුව නාඩි පරික්ෂා කරන අයුරුද පැහැදිලිව
පෙන්නුම් විය. ඉත් අනතුරුව තම ජංගම දුරකථනය අතට ගන්නාවිට. මෙතෙක් වේලා දොර අස්සේ හැංගී සිටි ඝාතකයා
පිටුපසින් විත් තරුණයාගේ හිසේ කුඩා මොළයට පහරක් ගසා, තම පිස්තෝලය අතට ගන්නාවිට , ඔහුට ඇමුතුමක් එන ලදි. එම ඇමතුමෙන් මද වෙලාවක් කතාබස් කර , තම පිස්තෝලය ඉණේ රඳවා. දුරකථන දෘශ්‍ය පරාසය පසුකර ගොස් තත්පර කීපයකින් නැවත තරුණයා ලඟට පැමිණ , ඔහුගේ දකුණු අතේ අඟිලි සහ අත්ල අතර මෙිස පිහියක් රඳවා අත මිට මොලවා තබා. නැවත කැමරා පරාසය පසුකර ගොස් නැවත සුදුපාට බූලියක් රැගෙනවිත් ආලින්දය දසත පුරාවටම එහි ඇති දියරය
විසිකර ගිණිකූරක් දල්වා එයද ගිණි ඇවිලෙන ලෙස විසිකර දමා , කරණමක්
ගසා වහලයේ යටලීයේ එලිලී , එම ගීය දිග තිරස් අතට බඩගාගෙන ගොස් පෙරකී උළුකැට වැටුන කවුළුව හරහා ඉහලට ගොස් අතුරුදහන් විය.

මිනිත්තු කීපයක් වටපිටාව ගිණිගෙන දැවෙනවිට , සයුරි මෙනවිය එතනට පැමිණ දෙතුන් වරක් මිහිරාණි හා වැටී ඇති තරුණයා දෙස බලා, පසුව දුරකථනය දෙසට දුවගෙන ඇවිත් , දුරකථනය අතට ගත් පසු වීඩීයෝව අවසන් විය.

``ජැක්පොට් මාධව ´´ මා මටම මිමිනුවෙමි.. දැන් සියල්ල පැහැදිලියි. බන්ධනාගාරගත කර ඇති තම මිතුරාගෙ පුතනුවන්ගේ කටඋත්තරය හා මෙම වීඩියෝඑක සර්ව සමානය. එඑසේනම් ඔහුව ⁣නිදහස් කරගැනීමට මෙය ප්‍රමාණවත්ය.


මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now