⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 09 වන දිගහැරුම ⸎
....................................................................................
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
……………………………………………....................................
**හරි සර් මම යනවා මෙිකත් අරගෙන. වැඩෙි ඉක්මනට වෙයි. එහෙනම් සුභ රාත්‍රියක්.
සුභ රාත්‍රියක් නියෝජිත ජනිත්…

`` ජැක්පොට් මාධව ´´
මා මටම මිමිනුවෙමි. එහෙනම් මෙිකයි හිස් කොලයේ සිද්ධිය.

මෙතැන් සිට...

එහෙනම් මේ ක්‍රමයට තමයි මෙයා සන්නිවේදනය කරන්නේ. නමුත් මොකක්ද මෙච්චර රහසින් කරන අතයට යන ගනුදෙනුව...? කවුරු එක්කද මෙච්චර රහසින් සන්නිවේදනය කරන්නේ...? මෙි සියළුම ප්‍රශ්න වලට තරමක් දුරට හෝ පිලිතුරු ලැබේවි රෝහල් කම්කරුගේ විදුලි පන්දම සියතට ගත්ත දාට. එසේ නොමැති වුවහොත් මීට වඩා මේ මෙහෙයුම දියත් කිරිම දුෂ්කර වේවි. එසේනම් නොපමාව එය මද වෙලාවකට හෝ සියතට ගත යුතුය. ඊලඟට විසදිය යුතු ගැටළුව නම් සැකකාර තරුණයා අතෙහි සිහිසුන් වනවිට පැවති පිහිය හා මරණ පරීක්ෂක නිගමනයට අනුව මිහිරාණි මෙනවියගේ උදරයේ පිහිටි පිහි ඇනුම් පාරෙහි ඇති සිදුරෙහි විශ්කම්භය නැත්නම් මැනුම් දුරෙහි ඇති පරස්පර විරෝධි බවය. එය පමණයි මෙම නිර්දෝෂි තරුණයා හට නිදහස ලබාගැනීමට ඇති එකම තුරුම්පුව වනුයේ. නමුත් එය ප්‍රමාණවත් වන්නේ ද නැත. එසේනම් එයට පිලිතුරු සෙවීමත් කඩිනම් කල යුතුය. එයින්ම පැහැදිලි පෙනී යනවා මෙම ඝාතනය සදහා යොදාගත් ආයුධය අදාල ඝාතකයා විසින් නැවත රැගෙන ගොස් ඇති බව. ඊලගට මනාව අවබෝධ වෙනවා සියළු සාක්ෂි මකාදැමීම සදහා හිතාමතාම එම නිවසේ ගින්නක් ඇතිකර ඇති වග. එසේනම් එම ගින්න ඇති කරෙ කවුරුන් විසින්ද...? බොහෝදුරට ඝාතකයා හෝ වෙනත් අයෙකු විය යුතුයි. එය එසේනම් ඝාතකයා නොවන්නේනම් එම සහයකයා කවුද...? පොලිස් බී වාර්තාවට අනුව අසල්වාසින් විසින් පොලිස් ක්ෂණික විමර්ශන අංශය වෙත ලබාදුන් දුරකථන ඇමතුමක් මගින් මෙි පිලිබදව දැනගැනිමෙන් පසු එතැනට විත් ඉදිරි කටයුතු සිදුකර ඇති බැව් සදහන්ව ඇත. ගිණිගැනීම සිදුව ඇත්තේ එම නිවස තුල හදිසියේ ඇතිවූ විදුලි කාන්දුවක් බව සදහන්ව ඇත. එසේනම් පිටපත කලින් ලියා ඒ අනුව ක්‍රියාකර ඇති බැව් පෙනීයයි. තවමත් මාහට ඇය මියපරලොව යැවීමට හේතුව සොයාගැනීමට පවා නොහැකි විය

හොදයි මාධව අපි සදුදා වැඩ පටන් ගමු. මීට වඩා විමර්ශන කටයුතු සංකීර්ණ කරන්න සිද්ධ වෙනවා . ඒ වගේම වෙනස් වෙනස් උපක්‍රම යොදන්නම වෙනවා..හ්ම්ම්.....

පසුදින උදෑසන මා සුපුරුදු මාරගස අසලට විත් හිගමනේ යෙදෙන්නට විය. දුර ඈත පේනමානයේ නියෝජිත J50 තේ කඩයකයකට වී මා පෙනෙන පරිදි සිටිනු පෙනෙයි. අදුරු වලාවන් දෙක තුනක් හිරු වසා ගැනීමත් සමග දිවා කාලයට එලැඹ ඇත. වෙිළුන කුණු කරවල කැබැලිවලට වටපිට බලා වතුර ස්වල්පයක් වත්කර ගත්තෙමි. ඉන්පසු කෙමෙන් කෙමෙන් ප්‍රධාන මාවත ඔස්සේ ගොස් සිරිල් පෙරේරා මාවතට අවතීර්ණ වී ටික දුරක් ගමන් ගත්තෙමි. අවසානයේ මා නැවතුනේ මිහිරානි මෙනවිය මියගිය නිවස පේනමානයේය. මා ආපසු හැරි බලද්දී නියෝජිත‍ J50 මා අසලින් ගමන් ගත්තේය. මහත්තයා පිනට යමක් දෙන්න කියමින් මා තම පැරණි ටින්එක දිගු කෙරුවෙමි.
*ලොකු උන්නැහැහේ මොකද මෙි ඉසව්වෙි කියමින් කාසියක් ගෙන ටින්එකට දැමීය .
වටපිට බලා මා . නියෝජිත J50 මෙික මට රෑ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට ඔයාගෙ සහය ඔීන හන්දා තමයි මෙතනට ආවෙි. එතන කියන්නත් බැහැනෙ.

*මොකක්ද ලොකු උන්නැහේ ඒ....?

අර ගරා වැටුන ගේ පේනවා නේද...?

ඔව් ඒ අර සීන්එකට අදාල එකනේ...?

ඔව්.... ඔයා යන්න ඒ වත්තට නිකං මුත්‍රා කරන්න යනවා වගේ. ගිහින් ගරා වැටුන ගේ පහුකරගෙන වත්ත පිටිපස්සේ කෙරවල වෙනකම් ගිහින් නිරීක්ෂණය කරලා එන්න..

*හරි... මම මොනවද විශේෂයෙන්ම බලන්න ඔීන...?

වත්ත මායිම මොනවගේද.. පුද්ගලයෙකුට යන්න එන්න පහසුයිද... කියලා. ඒ වගේම මොනවද තියෙන විශේෂ දේවල් වගේම විශේෂ බාධක මොනවද කියලා.

*හරි මම බලන්නම්...

බොහොම හොදයි. මම දැන් අතුරුදහන් වෙනවා. අද හවස හමුවෙමු.

*හරි....

ආපසු හැරුණු මා ඉතා සීරුමාරුවට අදාල කැලෑරොද වෙත ගොස් එහි තැනක සගවා තබා ඇති ඇදුම් ආයිත්තම් කටිටලය ආධාරයෙන් වේෂය මාරුකරගෙන ප්‍රධාන මාවතට ප්‍රවිෂ්ඨ වුනෙමි. වීදි කඩයකට ගොස් තේ කෝප්පයක් බී, ඒ අසල ගල් පුටුවක වාඩිවී ඈත පෙනෙන මරදාන රෝහලේ ගේට්ටුව වෙත දෑස අයාගෙන සිටියේ ශාන්ත එනතුරුය. සැබවින්ම මා අද ඔහුව දෙවන වතාවට ලුහුබැදීම සදහාය. හෝරාවකට පසු සියළුම රෝහල් සෙවකයින් විසිර ගියද ශාන්ත මෙිවනතුරු පැමිනියේ නැත. ඔහු රාත්‍රී සේවයේ සිටීනම් තම සහයකයා ඒ බැව් මාහට දැනුම්දිමට පෙලඹෙන්නේය. නමුදු එසේ කිසිදු තොරතුරක් නොලැබුනා කියන්නේ කිසිදු වෙනස්කමක් සිදු නොවුන බවය. ඇයි එතකොට මෑන් හැමදාම පරක්කු වන්නේ....? තම සහයකයාද අද දින පරක්කුයි. ඔහුට නැවත එලියට ආවේ ද නැත.

අඩහෝරාවකට පසු කසුන් ගේට්ටුවෙන් එලියට විත් වටපිට බලමින් මා ඉදිරියට ගමන් කරයි. එහු සොයනුයේ සුපුරුදු හිගන්නා විය යුතුය. මා පසුකර යනවිට සෙමෙන් කසුන් මහත්තයා යනුවෙන් ඇමතුවෙමි. මා කියූ දෙය ඇසුනද ඒ ගැන අවධානයක් යොමු නොකර හිස වනා ඉදිරියට ගමන් ගත්තේය. එහි තේරුම නම් මාහට ඔහු පසුපස එන ලෙසය. වහාම ගල් ආසනයෙන් නැගිටගත් මා යම් දුරක් තබාගෙන ඔහු පසුපස ඉදිරියට ගියෙමි. බසයකට නැගගත් පසු මා එම බසයට ගොඩවුනෙමි. තවත් රෝහල් සෙවකයින් කීපදෙනෙකු බස් රථයේ සිටි බැවින් අප දෙදෙනා නොහදුනන අයවළුන් ලෙස හැසිරීමට තිරණය කලෙමු. මිනිත්තු කීපයකට පසු මා බස් රථයෙන් බැස ගත්තේ තව ස්වල්ප වේලාවකින් තම සහයකයාද බස් රථයෙන් නික්මෙන නිසාය. මීටර තුන්සීයයක් පමණ දුරක් ගෙවා ගොස් කසුන්ද බස් රථයෙන් බැස අසල අවන්හලකට ගොඩවිය. මද වේලාවකින් පසු වටපිට බලා මාද එම අවන්හලට ගොඩවිය. පසුව ඔහුට පිටුපා ආසනයක වාඩිවුනෙමි.

මා ඇතුළුවන විටත් හේ තේ පානය කරමින් සිටිය. මාද තේ එකක් ඇනවුම් කර කෙටි කතාවට මුල පිරුවෙමි.
මොකද ලොක්කා .. මොකක්හරි අවුලක්ද..?

*ඔව් අයියේ....

ඇයි කවුරුහරි අපිව ලුහුබැන්දද...?

*නෑ එහෙමමත් නැහැ . හැබැයි නැතුවාමත් ම නෙමේ... අපි අද රෑට ඒ ගැන කතා කරමු.

හා හරි... කියමින් කිසිදු වචනයක් ඉන්පසු කතා නොකෙරු මා අසුනෙන් නැගිට මුදල ගෙවා නික්ම ගියෙමි.

හෝරාවකට පසු මා සිටියේ තම කාර්යාලයේ අසුන මතය. ඒ තම සහයකයා බලාපොරොත්තුවෙනි.

*සර් මම ඇතුලට එන්නද...
අනිවාර්යෙන්ම කසුන්... එන්න වාඩිවෙන්න...
ඉතින් මොකද වුනේ එතන....?

*සර් ගෙ අනුමානය හරි.. එතන යනවා ලොකු ගේමක් ශාන්ත තමයි ගේම හසුරවන්නේ. ඒ හන්දා තමයි මෑන් කිසිම කෙනෙක් එක්ක කිසිදු ඇසුරකට පෙලඹෙන්නේ නැත්තේ. මෑන්ගෙ හිතේ අප කෙරෙහි විශ්වාසයක්. හිතවත්කමක් කවදාවත්ම ගොඩනගා ගන්න බැරි වෙයි සර්.

හ්ම්ම්... ඒකත් එහෙමද...?
*ඔව් සර්....මෑන්ව ලුහුබදින්න අදහස් කරානම් ඒක අද දින කරන්න එපා කියලා මට කියන්න වුවමනාව තිබුනත් ඒකට මට ඉඩ ලැබුනෙ නැති හන්දා තමයි මාව හඹාඑන ලෙස ඔළුව වනලා කිව්වෙ. මොකද මිනිහා ඉන්නේ තනියම නෙමේ. එස්අයි රවින්ද්‍ර ඇතුලෙ හිටියා. මමත් උපරිම උත්සා කරා පරක්කු වෙලා එතන ඉදලා මොනවාහරි දැනගන්න. නමුත් ඒකට ඉඩප්‍රස්තාව ලැබුනෙ නැහැ. වැඩිය ඔට්ටු වුනේ නැහැ. මොකද එහෙම කරානම් අපේ සේරම රගපෑම් වතුරෙ යන්න තිබ්බා . ඒකයි මම පරක්කු වෙලා හරි ආවෙි.

එහෙමද....? ඒක හොදයි. සමහරවිට මෑන්ව ඇරලවන්න එස්අයි කාරයා යන්නත් බැරි නැහැ.

*ඔව් ඒක තමයි . අනිත් කාරණාව තමයි එතන කැන්ටිමේ හාදයෝ දෙන්නෙකුත් මා එක්ක මගේ පිටිපස්සෙන් ආවා. මම හිතන්නේ නැහැ මාව ලුහුබැන්දා කියලා . නමුත් මමත් මෙි කාරණයේදි පරිස්සම් වෙන්න එපැයි. මට තියෙන එකම බය වැඩේ ගැස්සුනොත් ඇතුලෙ ඉන්න නිර්දෝශි කොල්ලා ගැන.

ඒ කියන්නේ කසුන්ට ෂුවර්ද ඒ දෙන්නා ඔයාගෙ පස්සෙන් ආවෙ නැහැ කියන එක.

*ඔව් සර්.... නමුත් අපි යන පාරෙම ගිහින් ටිකක් ඉදිරියෙන් බැහැලා තම තමන්ගේ තැනට යනවා ඇති.

හ්ම්ම්.... එහෙනම් උන් ගැනත් ටිකක් හොයලා බලන්න වෙයි නේද...?

*ඔව් සර් ඒක වඩා හොදයි නේද...?

හරි හරි අපි බලමු. මොනවා වුනත් සදුදා අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට බහින්න ඕන. මොකද මට මෑන්ගේ ටෝච් එක අත්‍යාවශ්‍යයි .

**සමාවෙන්න... සර් මම ඇතුලට එන්නද...

අනිවාර්යයෙන්ම .. එන්න ඇවිත් වාඩිවෙන්න නියෝජිත J50..

**බොහොම ස්තූතියි..

නියෝජිත ජනිත් ඔයත් මෙි කථාව අහගෙන ඉන්න... මොකද එයා ඊයේ රෑ මගෙන් අහපු පූශ්නයට දැන් පිලිතුරු ලැබෙයි.

**ok... sir.

*ඒ කියන්නේ සර් යම්කිසි දෙයක් හොයාගෙන වගේ.

ඔව් කසුන්... මූ අපි හිතන තරමට වඩා බලවත් පුද්ගලයෙක්. ඉතාම අල්පේච්චිත ජීවිතයක් ගතකරනවා වගේ පෙනුනට මම කලින් කියලා තිබ්බ පරිදිම තමයි.
හරී.... මම දැන් කියන්නම් මගේ අනුමානයන් ටික. මේ ශාන්ත කියන මෑන් තනි පුද්ගලයෙක් නෙමෙ. යම්කිසි ජාලයකට ඉදුරාම සම්බන්ධකම් කියන පුද්ගලයෙක්. බාගවෙලාවට මෑන් ඒකේ ප්‍රධානියා වෙන්නත් බැරි නැහැ.

*ජාලයකට....?

ඔව් කසුන් ජාලයකට... එක්කෝ පාතාල කල්ලියකට. නැත්නම් ජාවාරම් කල්ලියකට. එහෙම නැත්නම් දෙකටම වෙන්නත් බැරි නැහැ. මෙයාලා රහස් ක්‍රමයකින් සන්නිවෙිදන කටයුතු කරනවා. ඒ කියන්නේ සතියකට හෝ සති දෙකකට සැරයක් අතින් අතට පණිවිඩ හුවමාරු කරගන්නවා. කිසිම කථාබහක් ඇතිවන්නේ නැහැ. ලිඛිතව පමණයි. ඒ හන්දා දුරකථන වලින් කරන්නේ සාමාන්‍ය කතාබහ පමණයි ඉන් ඔබිබට අවැසි පනිවිඩ හුවමාරු කටයුතු කරන්නේ ලිඛිතව.

*මොකක් මේච්චර සන්නිවේදන තාක්ෂණය දියුණුවෙලා තිබුනත්...?

ඔව් කසුන්... ඒක මට හොදටම තේරුනා අර එස්අයි කාරයාගේ කතාවෙන්. මොකද මෑන් එක තැනක කියනවා ශාන්ත හාදයාට `` කියන දෙයක් කාසි දුරකතනයකින් කියන්න ´´ ( කාසි දමා කතාකරන දුරකථන - පොදු ස්ථාන හා සමහර මාර්ගයන්ට යාබදව සිටුවා ඇති ස්ථාවර දුරකථන ) කියලා. එතකොට පුද්ගලික අංකයක් සදහන් වෙන්නේ නැති හන්දා කිසිම කෙනෙකුට පුද්ගල අනන්‍යතාවයක් හරහා තොරතුරක් ලබාගන්නට බැහැ. අනික මෙි ලියුම් ගනුදෙනුව හිටිහැටියේ වෙන දෙයක්. ඒ හන්දා නිරික්ෂකයෙකුගේ ඇසට හසුවෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි. මොකද බලාපොරොත්තු නොවන අවස්ථාවන් වල වෙන දෙයක්. විශ්වාස කරන්න කසුන් ඒ ලියමන පරිස්සම් කරන්නේ ඔය රැයක් දවාලක් නැතුව පරිස්සම් කරණ ටෝච් එක ඇතුලෙ දාගෙනයි. ඒකයි මට ඒ ටෝච් එක මෙි තරම්ම වැදගත්. මොකක් නමුත් විශේෂ පණිවිඩයක් තියනවා ඔය කඩදාසියේ. නමුත් සාමාන්‍ය කෙනෙක් ඒ අභ්‍යන්තරයේ තියෙන පනිවිඩය හොයාගන්නවා බොරු. මොකද මෙයාලා TIGHT SPELLING TYPING ක්‍රමය අනුගමනය කරනවා.

*මොකක් TIGHT SPELLING TYPING ක්‍රමය....?

ඔව් කසුන්.... මතකයි නේද ක්‍රමය. අර තැපැල් කාර්යාල වල පාවිච්ච කරන්නේ මුඳ්‍රා අක්ෂර ක්‍රමය. ඝන කඩදාසියක් මත අකුරු ටික ගලපලා කොටනවා. බැලූ බැල්මට ඒකෙ මොකුත් තියනවා කියලා හොයන්න අමාරුයි. නමුත් ඒක සරළයි තැපැල් කන්තෝරුවල. නමුත් ඊට වඩා රහසිගතයි මෙික. එකවරයි පාවිච් කරන්න පුළුවන්. ඒ අකුරු ටික කොටපු කොලය ගෙනැවිත් මෙිසයක් මත තියලා , යටින් සුදු කොලයක් තියලා ඊට උඩින් කාබන් කොළයක් තියලා. සිලින්ඩාකාර බෝතලයකින් එක වරක් රෝල් කරගෙන යනවා. එතකොට අර කොටපු අදිසි අකුරු ටික අර කාබන් කොලයේ කියෙන කාබන් යටින් තියෙන කොලය මත මුද්‍රණය වෙනවා. ඊට පස්සෙ තමයි පනිවිඩය කියවා ගන්න පුළුවන්. හැබැයි ඒකත් රහස්‍ය භාෂාවකින් ලියලා තිබ්බොත් අපිට වැඩ ටිකක් වැඩ වැඩිවෙයි යාළුවා . එතකොට එදා මෑන්ගෙ ගෙදරින් මට ලැබුනෙ යම්කිසි පනිවිඩයක ආකෘතියක්. එහෙම නැත්නම් අකුරු කොටපු කඩදාසියක්. හොද වෙලාවට මම ඒක අරගෙන ආවෙ නැත්තේ. ඒක ගෙනාවා නම් මුන් හොයනවා ඒක ගත්තේ කවුද කියලා. සමහරවිට මාව හොයාගන්න බැරිවෙයි නමුත් මීට වඩා මුන් පරිස්සම් වෙනවා. ඒක ගෙනාවත් වැඩක් නැහැ. මොකද ඒකේ කාබන් කොපිය හෝ ඒ කාබන් එකේ කාබන් ගැවුන කොලය තමයි අපිට අවශ්‍ය . අර කොලය නිකංම නිකං හිස් කොලයක් බවත් පත්වෙනවා.

*සමහරවිට මෙිවගේ ගේමක් යනවා කියලා පොලිස් උන්නැහේ දන්නේ නැතුවත් ඇති. මෑන් දන්නේ මූ වෘත්තීය මිනිමරුවෙක් කියලා විතරක් වෙන්නත් පුළුවන් නේද...

ඔය සිතුවිල්ලේමයි මමත් ඉන්නේ කසුන්.. අපිට පුළුවන් වෙයි සදුදට මේ ප්‍රශ්න කීපයකටම උත්තර හොයාගන්න. එතකම් ඉවසීමෙන් ඉමු. මම හිතන්නේ නියෝජිත ජනිත්ට පිලිතුරු ලැබුනා.

**ඇත්ත වශයෙන්ම කිව්වොත් ඉතා සවිස්තරාත්මක පැහැදිලි පිලිතුරක් මට ලැබුනා . බොහොමයක් ස්තූතියි සර්.

නියමයි... ඉතින් නියෝජිත ජනිත් කියන්න බලමු ඔබතුමාගෙ අද්දැකීම්.

**සර් මම ගියා ගරා වැටිච්ච ගෙදර පහුකරලා ටිකක් ඇතුලට . මට හමුවුනා අඹගස් කීපයක්...

ඔව්.....?

**ඊට පස්සේ වත්ත තියනවා පහලට අක්කර කාලක් විතර. ඉතින් තියෙන ගස්කොලන් ටිකක් උසින් වැඩියි.

ඒ කියන්නේ අඩි පහකට වඩා වැඩියි...?

**ඔව් සර්...

නියමයි පහත් වෙලා යන්න පුළුවන් රෑ විතරක් නෙමෙ දහවල් කාලයෙත්....

**හරියටම හරි .... ඉතින් වත්ත කෙලවරෙ තියනවා අඩි හතක් පමණ උඩ තාප්පයක්. එතනින් එහාට ගෙයක් . ඊට පස්සෙ ඉතින් පාර තමයි. මම ඉතින් වටෙන් පාරට ඇවිත් බැලුවා ඒ ගෙදරත් වහලා තිබ්බෙි.

වහලා තිබ්බෙ කියන්නේ දින කිපයක් පාළු ගතියක්ද නැත්නම්. මාස කීපයක් හෝ ඊට වැඩි පාළු ගතියක් පෙනුනද...?

**මගෙ අනුමානය හැටියටනම් ඒ ගෙදරෙ මාස ගණනාවකින් කවුරුත් ඉදලා නෑ වගේ.

හ්ම්ම්.... පේනවා නේද කසුන්..... අපිට මගහැරුන තවත් පොයින්ට් එකක්. වැඩේට අවශ්‍ය වටපිටාව ලස්සනටම නිර්මාණය වෙලා තිබිලා.

*ඒකනෙ සර්... අපි ඒ ගේ ඇතුලෙත් බලමු නේද....

අනිවාර්යයයෙන් බැලිය යුතුමයි. එහෙනම් බොහොමයක් ස්තූතියි නියෝජිත ජනිත්.

**හා.... ඒක සුළු දෙයක් සර්....

මතු සම්බන්ධයි…….


Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now