⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 39 වන දිගහැරුම ⸎
> අවසාන සැළසුම <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හරි… එහෙනම් අපි මෙතනින් විසිර යමු.
යන්න. දැන් ගිහින් විවෙික ගන්න

*හොඳයි සර් සුභ රාත්‍රියක්.
**සුභ රාත්‍රියක්

සුභ රාත්‍රියක් මිත්‍රවරුනි.


මෙතැන් සිට….

ඔවුන්ට සමුදීමෙන් පසු දුරකථනය නාදවිය.

ඔව් මැඩම්.. කොහොමද ඉතින්.

දිව්‍යා - හොදින් සර්. ඇමතිත් ඉවරයි නේද…?

ඔව් නේද.. ? කවුදෝ ගහලා දාලා නේද..?

දිව්‍යා - කවුදෝ… ?

ඒකනෙ මැඩම්. කවුරුහරි එකෙක් ගහලා තියනවා.

දිව්‍යා - සර් මොනවා වුනත් පරිස්සමෙන්. මොකද අපේ අයත් වැඩෙිට අවධානය දීලා තියෙන්නෙ. දැන් මම මෙි විදිහට කතා කරන අවසාන වතාව. මොකද නැවත සුපුරුදු කෝඩ් ක්‍රමයට සන්නිවේදනය කරන්න වෙනවා. අවදානමක් තිබුන දවස්වල මම කෝඩි මැසේජ් දැම්මා. දැන් උන් නැති හන්දා සාමාන්‍ය විදිහට කතා කරාට , ආයෙ හමුවෙන්න එහෙම බැරිවෙයි. මම දන්නවා සර් නොකියන කතාව. ඒකට කමක් නැහැ. මම එහෙනම් නවතිනවා. පරිස්සමෙන්

ඕකේ මැඩම්.

ඇමතුම විසන්ධි වීමෙන් පසු. මා කාර්යාලයට ගොස් ආසනයේ වාඩීවී ඉදිරි සසැළසුම් ගැන කල්පනා කරන්නට විමි.
එම සමවැදීමට බාධා කරෙ නැවතත් මාගේ දුරකථනයයි.

DH - මාධව වැඩෙි හරි නේද… ? අවුලක් නැහැ නෙ.

සර් මොන වැඩෙිද … ?

DH - හරි හරි.. ඒකට කමක් නැහැ. සලකුණු මොකුත් තිබ්බෙ නැහැ කියලා මම විශ්වාස කරනවා. හොඳයි කරගෙන යන්න. අවසානය මට මතක් කරන්න.
එහෙනම් මම තිබ්බා ජයවේවා.

ඇමතුම විසන්ධි විය.

ඉන්පසු ඇමතුමක් ගත්තේ නලින් වෙතය.

නලින් - සර්…

හෙට අදාල ගමන යනවද.. ?

නලින් - හෙට නැහැ සර්. අනිද්දා තමයි.

හරි.. අනිද්දා අනිවාර්යයෙන්ම යනවා නම් මට ඒ ගැන හෙට හවස කියන්න.

නලින් - හරි සර්…

ඇමතුම විසන්ධි කර නැවත කල්පනා කරන්නට විමි. මාධව.. අවිආයුධ ස්ථානගත කරන වැඩෙි සාර්ථක වැඩක්ද..?
ඔය යාලේ කඳවුරේ ඉන්න බළඇණියේ උන් දුර බලාගෙන ඉන්න පුළුවන්. එතකොට කඳවුරු අවට ඔය ආයුධ වල දැම්මොත් උන් දකින්නට පුළුවන්. එහෙම වුනොත් වැඩෙි දෙල් වෙනවා. මොනද උන් දැනගන්නවා ළඟදීම අපි මිෂන්එක ක්‍රියාත්මක කරනවා කියලා. එහෙම දැනගත්තොත් කලින්ම උන් අපිව ඇම්බුෂ් ( රැකසිට පහරදීමක් ) කරයි. නැත්නම් ඒපී මයින්ස් (බිම් බෝම්බ ) වලදාලා තියයි. එතකොට අවිආයුධ ගන්න ගිහින් එතනදිම නිකංම මැරුම් කන්න වෙනවා. ඒ හන්දා මෙිකට වෙන විසඳුමක් කල්පනා කරන්නම වෙනවා. ඒ හන්දා හොඳම වැඩෙි බවුසර් එක කඳවුරට කිලෝමීටර් දෙකක් තියා නවත්තලා , අවිආයුධ ටික පාරෙනුත් දකුණට හෝ වම්පැත්තට වෙන්න කිලෝමීටර් එකක්වත් ගිහින් හංගන එක වගේම , හෙට උදේ හංගනවා නම් , හෙට රෑ අනිවාර්යයෙන්ම ගේමට බහින්න ඕන. උන්ට දෙයක් කරන්න කාලය ලබාදන්න නරකයි. එසේනම් අපි හතර දෙනෙක් මෙි ගමන යායුතුයි. එහෙම නොගියොත් වැඩෙි කාර්යක්ෂමව කරගන්න බැරිවෙනවා. හ්ම්ම්ම් ඒකත් ඉක්මනට කරලා බලමු මාධව.

පසුදින …..

**ගුඩ් මෝර්නින් සර්… පුටුවෙම නින්ද ගියාද…? නැත්නම් පාන්දර මෙතනට ආවද ..?

ගුඩ් මෝනින්.. හපොයි සුපුන් මහත්තයා
මට මෙිකෙම නින්ද ගිහින් නේද. මම බර කල්පනාවක ඊයේ රෑ හිටියෙ.

**මට තේරෙනවා සර්. සර් ඉන්නෙ ලොකු මානසික පීඩනයක කියලා. මොකද ඒක පිටකරන්න ක්‍රමයක් නැහැ නෙ. සමහරවිට මම සර්ගෙ තැනේ හිටියානම් ලොකු පිස්සුවක් කෙළලා ඇති. මෙික සුළුපටු වගකීමක් නෙමෙි.

ඔව් සුපුන් මහත්තයා. කට්ට කන එකා තමයි කට්ටෙ හයියයි , කට්ටෙ රසයි , දිග පළලයි දන්නෙ. සමහරවිට මතුපිටින් පෙනෙන කෙනාට ඒ කට්ට පේන්නේ චීස් කෑල්ලක් වගේ වෙන්න පුළුවන්. කොහොම වුනත් කමක් නැහැ. මම මුහුණ හෝදගෙන එන්නම්. මට විනාඩි කීපයක් දෙන්න. කියමින් තම අසුනෙන් නැගිට්ටෙමි.

අඩහෝරාවකට පසු මා නැවත කාර්යාලයට එනවිට සහයක නියෝජිතයන් දෙදෙනාම අසුන්ගෙන සිටියේ මා බලාපොරොත්තුවෙන් ය.

*ගුඩ් මෝනින් සර්..

ගුඩ් මෝර්නින් කසුන්.

*රෝමය ගිණි අරන් නේද… ? පොලීසිය හැම තැනම දාලා. වගකිවයුතු පාර්ෂව හොයනවා.

එහෙමද… ? ඉතින් අපිට මොකද.. ?
එයාලා හොයාගනියි නෙ.

**ඒකනෙ සර්. අපි දන්නෙත් නැහැ. අපි දැක්කෙත් නැහැ.

හ්ම්ම්ම්.. අපි ඉදිරි සැළසුම් ගැන කතා කරමු මහත්වරුනි. අපිට ඉතුරුවෙලා තියෙන්නෙ තව පියවර දෙකයි. එකක් අවිආයුධ ස්ථානගත කිරීම. ඊළඟට පහරදීම තමයි ඉතින්. අද හවස අපිට නලින්ගෙන් හරි තොරතුරක් ලැබෙයි.
ඊට පස්සේ ස්ථානගත ⁣කරමු. ඒකට අපි හතර දෙනෙක් යන්න ඕන නලින්ට අමතරව. එතනත් තියනවා අපිට රඟපාන්න පොඩි නාටකයක්. මම ඒක ගැන කියන්නම්. ඒ හැමදෙයක්ම කියන්න
අද හවස නලින්ගෙන් හරි උත්තරයක් ලැබෙන්න ඕන. එතකම් මම සැළසුම කියන්නේ නැහැ මහත්වරුනි. හරි අපි යමු දැන් මොනවාහරි සප්පායම් වෙලා එන්න.

*යමු යමු සර්..

හවස් වනතුරු සාමාන්‍ය පරිදි කාලය ගතකෙරුවෙමු. හවස 17 පැයට නලින්ගෙන් ඇමතුමක් මාහට ලැබුණු අතර , ඔහු කියා සිටියේ හෙටදින උදේ දහයට වියලි සලාක රැගෙන යාල බලා පිටත්වන බැවිනි. තම ගෝලයාට අද රෑ අරක්කු නැහැමින් පොවා හෙට දින ඔහු පත්වන අපහසුතාවය හේතුවෙන් එම ගෝලයා නවාතැනේ තබා තනියම ඒමට කටයුතු සිදුකරන බවත් , මගදි අප දෙගොල්ල එකට හමුවීමට කථිකා කර ගත්තෙමු.

අභ්‍යයන්තර දුරකථයෙන් සහයක නියෝජිතයින් දෙදෙනාම හා නියෝජිත බී 200 අමතා වහාම පහල මාලයේ තිබෙන සාකච්ඡා කාමරයට එන ලෙස දැනුම්දී, මාද කාර්යාලයෙන් පිටව සාකච්ඡා කාමරයට ගියෙමි. දෙදෙනාම අසුන් වලින් නැගිටින ලදි.

වාඩිවෙන්න මහත්වරුනි. නලින්ගෙන් සනාථකිරීම ලැබුණා. හෙට උදේ අපිඅපේ මෙි පැක් කරපු අවිආයුධ ටිකත් පටවගෙන
වෑන්එකේ යමු යාල අපි අපේ වාහනය නවත්තපු තැනට. ගිහින් උණවටුන ඉන්න අපේ නියෝජිතයන් දෙන්නට කතා කරලා
වෑන්එකේ ආරක්ෂාවට තියලා , බවුසර් එකට බඩුටින පටවගෙන අපි කෙලින්ම යන්නේ යාල කෑම්ප් එක තියෙන පාර දිගේ ඉදිරියට. ගිහින් මම යම්කිසි තැනක නවත්වන්න කියනවා නලින්ට. ඊට පස්සේ අපි යනවා. මෙි අවිආයුධ පෙට්ටි ටිකක් අරගෙන කැලේ ඇතුලට. ගිහින් ඒ ටික හංගලා එතනම ඔය තුන්දෙනා ස්ථානගතවෙලා ඉන්නවා ම නැවත බවුසර් එකෙන් බඩුටික කඳවුරේ ඇතුලට දාල එනකම්. ඊට පස්සේ අපි හතරදෙනාම ඇවිත් නලින් එක්ක එයාගෙ වාහනය නිදහස් කරලා අපි අපේ වාහනයේ එනවා නැවත. එච්චරයි. ඊට පස්සේ නැවත හවස පහට සංවිධානය වෙලා ගිහින් කඳවුරට පහරදීලා ඔය වෛරසය අරගෙන යන රෙකට්ටුව නවත්වන්න ඕන. හෙට රෑ කීයට හරි මෙි සැළසුම ක්‍රියාත්මක කරලා ⁣
මිෂන්එක කරන්න ඕන. මිෂන් ප්ලෑන්එක මම විස්තර කරලා කියන්නම් නිසි කාලය ආපවහම. දැනට මම මෙතෙක් විස්තර කරපු සැළසුම් අංක එක පැහැදිලිද මහත්වරුනි.

*ඔව් සර්
**මටත් පැහැදිලියි
***මටත් පැහැදිලියි සර්.

නියමයි.. හරි.. අපි මෙතනින් විසිර යමු.

පසුදා උදෙන්ම අවිආයුධ සමූහය සමග
අප වෑන්රිය නුගේගොඩින් පිටත්වූයෙමු.
දකුණු පුරවරය බලා විවිධ නගරයන් අභිබවමින් අප හෝරා දෙකකට පසු යාල අභය භූමිය ආසන්නයට විත් පෙර සිටි මහා මාර්ගයට දුරින් අඳුරුවූත් , අතුරු මාවතේ ස්ථානගත වුනෙමු. අප පසුපස ආ උණවටුන නියෝජිතයන් දෙදෙදෙනාද
අප සමග බවුසර් රථය එනතුරු ස්ථානගතවී සිටියහ. නිෂ්ශබ්දතාවය රැකගෙන හෝරාවකට අධික කාලයක් ගෙවා සිටින මොහොතේදී නලින් බවසර් රථය රැගෙන අතුපාර දිග පැමිණි පසු. අප සතුව පවතින අවිආයුධ කට්ටලයන් හා වෙඩි ද්‍රව්‍ය ද බවුසර් රථයේ ටැංකියට දමා තිදෙනෙක් ඒ තුල සඟවා පෙර සිටි ගෝලයාගෙ බාහිර මුහුණට සමාන වන පරිදි වෙිෂය මාරුකරගෙන සිටි මා රථයේ ඉදිරිපස අසුනේ වාඩ් වූයෙමි. පසුව වෑන්රියේ ආරක්ෂාව නියෝජිතයන් දෙදෙනාට බාරදී අප එතනින් නික්ම ගියේ යාල කඳවුරු භූමිය බලාය. සුපුරුදු පරිදි කිලෝමීටර් පහක් පමණ වනන්තරය මැදින් ගමන් කරන අතරතුර දකුණු පසින්
ගව ගාලක් දක්නට ලැබුනි. තවත් කිලෝමීටර් දෙකක් පමණ ගෙවා යනවිට
තවත් දෙදෙනෙකු වගුරු වූ පාර අයිනෙ ගසක් යට සිටිනු දක්නට ලැබුණි. සියලු අයවළුන්ට හස්ත ආචාර කරමින් අපි සාමාන්‍ය වෙිගයෙන් ගමන් ගත්තෙමු.
මෙි සියලුම අයවළුන් චරපුරුෂයන් ය.

කිලෝමීටර් දහයක් පමණ ගෙවා ගිය පසු මා හඬ අවදි කෙරුවෙමි.

ඉතින් නලින් කෝ ගෝලයා… ?

නලින් - සර්.. මම මෑන්ට ඊයේ රෑ හොඳටම පෙව්වා. අද උදේ හුඟක් පරක්කුවෙලා නැගිට්ටෙි. ඔලුවෙ කැක්කුමයි කියලා කිව්වා. ඉතින් මම සැළසුම් කරපු විදිහටම ආවා.

නියමයි නලින්. තමුසෙ අදින් පස්සේ අතුරුදහන් වෙන්න ඕන. මොකද ආයේ මෙහාට හාල්පොල් අදින්න හම්බවෙන්නෙ නැහැ.

නලින් - ඒකත් එහෙමද … ? හරි සර්. මම හැංගිලා ඉන්නම්.

ඔව්.. මම කියනතුරු හැංගිලා ඉන්නවා. මම කිව්වහම එලියට එන්න පුළුවන් වගේම , ඊට පස්සේ කිසිම අවදානමක් නැහැ තමුසෙට. මොකද දැන් මහේෂ් මොනවා කරලා හරි මෙි කේස්එක හොයන අපිව කොනක ඉඳලා හොයන්න ගන්නවා.
සමහරවිට තමුසෙත් සැකකරුවන්ගෙ ලයිස්තුවෙ ඉන්නවා වෙන්න බැරි නැහැ.
අනිද්දා හවස නේද ආදාහනය… ?

නලින් - ඔව් සර්.. සර්ලා නේද ගැහැව්වෙ.

පිස්සුද. අපි නෙමෙි. අපිට වැඩක් නැහැ කවුද ගැහැව්වෙ කියලා හොයනඑක. නමුත් කවුරුහරි වැඩෙි කරා.

නලින් - එහෙනම් ඇරපු අතක් නැහැ චීන්නු වෙන්න ඇති.

ඔව් එහෙම වෙන්නත් බැරි නැහැ. මොකද මෙික හසුරවන්නෙ චීන සමාගමක ලොකු එකෙක්. පසුකාලීනව මෙික මෙි යක්කුගෙ කටින් එලියට යයි කියලා කලින්ම ගහලා දැම්මා වෙන්නත් බැරි නැහැ. මොකද ඕක හොටෙල් එකක් හන්දා විවිධ රටවල මිනිස්සු ගැවසෙන එක සාමාන්‍ය දසුනක් නෙ. ඉතින් ඒ මුවාවෙන් ගහලා දැම්මා වෙන්නත් පුළුවන්. ඔය වගේ මිනිස්සුන්ට හතුරො වැඩියි.

නලින් - ඒකනම් ඇත්ත තමයි සර්. දැන් මම වුනත් සර් එහෙම ඉබෙි ඇතිවෙච්ච හතුරෙක් නෙ. සර් අතනත් දෙන්නෙක් ඉන්නවා. කියමින් ඈත පාරෙ සිටින දෙදෙනෙකු මාහට පෙන්විය.

ඔව් නේද. කියමින් ඔවුන් දෙදෙනාටද මිත්‍රශීලි අන්දමින් අත වැනුවෙමි.

මට මතක හැටියට තව කිලෝමීටර් පහක් වගේ යන්න ඕන.

නලින් - ඔව් සර්..

කිලෝමීටර් දෙකක් විතර තියලා නවත්වන්න. අපිට අපේ වැඩෙි කරගන්න පුළුවන් එතකොට.

නලින් - හරි සර්..

මිනිත්තු පහලවකට පසු.

නලින් - සර්.. මෙතන හොඳයිද.. ?

හොඳයි.. මොකක්ද ඒ දුම.. ?

නලින් - සර්.. මම රේඩියේටරයට වතුර අඩුවෙන් දැම්මෙ. සර් මෙි කෑන් එකත් අරගෙන යන්න යනකොට. උන්ගෙ කට්ටිය දැකලා ඇවිත් අහන්න බැරි නැහැ. එතකොට මට කියන්න පුළුවන් එන්ජිම බොයිල් වෙලා කියලා. ඇත්තම දැන් එන්ජිම බොයිල් වෙලා තියෙන්නෙ. සර් ඉක්මනට බැහැලා යන්න.

නියමයි නලින්.. තමුසෙ මටම හරියන මිනිහෙක් තමයි. කියමින් මා දුරදක්නය අතට ගෙන ඉදිරියේ කිසිවෙකු අප දෙස බලාසිටිනවාද යන්න හොඳින් පරික්ෂා කෙරුවෙමි. එසේ කිසිදු චලනයක් නොමැති බැවින් රථයෙන් බැස වතුර බූලියද රැගෙන පිටුපසට ගොස් ටැංකියට තට්ටු දෙකක් දැම්මෙමි. සිව්දෙනාම එකතුවී අවිආයුධ පෙට්ටි හතර කරමත තබාගෙන කැලයේ ගස් අතරින් පඳුරු සිසාරා සැලකිවයුතු දුරක් ගොස් පෙට්ටි හතර ස්ථානගතකර , කැලෑ ඇඳුම් රෙද්දකින් වසා දැමුවෙමු. පසුව අප ආපසු පැමින ආ දුර⁣ මෙන් අඩකින් සහයකයින් තිදෙනා නවත්වා කල්පනාවෙන් කාලය ගතකරන ලෙස උපදෙස් දී මා වතුර බූලියද රැගෙන බවුසර් රථය අසලට ආවෙමි. සැළසුමෙි පරිදිම රේඩියේටරයට වතුර වත්කර , නැවත ගමන ආරම්භ කෙරුවෙමු.

පුරුදු පරිදිම බවුසර් රථය ප්‍රධාන ගේට්ටුවෙි පිරික්සුම් සෙබලාගෙ කෙලි පරික්ෂණයෙන් පසු , යාල කඳවුරට ඇතුල්වී එය නවතාදමා නලින් ගබඩාකරු සමග සුහද සංවාදයක යෙදෙමින් ගබඩා කාමරයට යන අතරතුරේදී මා බවුසර් රථයේ ටැංකියට ගොඩවී වියලි ආහාර අසුරනයන් පහල සිටින චීන කම්කරුවන් හට ලබා දුන්නෙමි. මිනිත්තු දහයකට පසු නැවත අප දෙදෙනා බවුසර් රථයෙන් කඳවුරු පරිශ්‍රයෙන් එලියට ආවෙමු.

ආපසු එන ගමනේදි සහයක නියෝජිතයන් තිදෙනාද නැවත බවුසර් ටැංකියට දමාගෙන දුෂ්කර ගමන ගෙවාගෙන ආවෙමු. මහ මාර්ගයට පිවිස බවුසර් රථය ගමන්ගත් අතර , අප සිව්දෙනා වෑන්රියට නැග ආපසු එන ගමන් සෙසු නියෝජිතයන් දෙදෙනාට ස්තූතිවන්ත වී සමු දුන්නෙමු. දිවා ආහාරයද මග නැවතී අවහලකින් ලබාගෙන නැවත නුගේගොඩ පිහිටි අප මදීනා ටෙක්ස්ටයිල්ස් වෙත එනවිට දහවල් වී තිබුණි. ආ විගස මූලස්ථානයට සිටින Dark Head වෙත skype video සබදතා ඔස්සේ කතා කෙරුවෙමි.

සර්… සේරම හරි. මම සැළසුම් කරලා තියෙන විදිහට අද රෑ ක්ෂනික කඩාවැදීමක් කරලා මිෂන්එක සම්පූර්ණ කරන්න තමයි තියෙන්නෙ.

DH - කොහොමද මාධව අවිආයුධ එච්චර ප්‍රමාණයක් අරගෙන යන්නේ මගින්ම උන් දැන ගනියි.

සර් සේරම හරි.. මම සේරම අවිආයුධ කලින්ම ස්ථානගත කරලා තියෙන්නෙ.

DH - හ්ම්ම්ම් එහෙමද. තමුසෙ කොහොමත් ගහන ගේම හරියට ගහන ඔෆිසර් කෙනෙක්නෙ. පුදුමයක් නැහැ.
මොනවද මගෙන් වෙන්න ඕන.

සර් මට මෙි වැඩෙිට ගෝස්ට්ලා අටදෙනෙක් ඕන. ආයුධ රහිතව. මොකද මම කලින් කිව්වා වගේ ඒ සේරම ස්ථානගත කරලා තියනවා නෙ.

DH - මොනවා.. තමුසෙ පැරා ආමි එකක් ඉන්න කඳවුරකට බස්සන්නෙ එයිට් මෑන් එකක්ද…?

නෑ සර්. මගෙන් හතරක් දානවා. එතකොට දොළහයි. ෆෝමෑන් ටීම් එකක් මග ඇම්බුෂ් එකක් විදිහට ස්ථාගත කරනවා. මොකද ඔය එක චීනෙක්වත් නැවත පණපිටින් යවන්න මගෙ අදහසක් නැහැ.

DH - හා… ඒක හොඳයි. නැත්නම් මෙික චොර කරනවා මීඩියා කාරයෝ ටික. ඊට පස්සේ මෙික අන්තර්ජාතික ප්‍රශ්නයක් වෙනවා. හරි මම ගෝස්ට්ලා අටක් එවන්නම් දැන්ම.

හරි.. බොහොම ස්තූතියි සර්…

DH - මාධව.

සර්….?

DH - මෙි මිෂන්එක තනිකරම යුද්ධයක් නේද..?

ඔව් සර්. නිහඬ සංග්‍රාමයක්.

DH - මෙිකෙන් මොනවා වෙයිද කියලා මට හිතාගන්න බැහැ.

කලබල වෙන්න එපා සර්. මම කොල්ලො ටික දාගෙන වැඩෙි හරියට කරලා දාන්නම්.

DH - මම කොහොමත් දන්නවා තමුසෙගෙ ඔළුවෙ පණකෙන්ද තියෙනකම් තමුසේ අවසාන ඇමෝඑක( උණ්ඩය ) දක්වා ෆයිට් කරනවා කියලා. මට තියෙන එකම බයත් ඒකම තමයි. තමුසෙ වගේ නිලධාරියෙක් මට ආයේ ලැබෙන්නේ නැහැ. ඒක මට වගේම සමස්ථ රටටම පාඩුවක්. නිකං නෙමෙි මිළකල නොහැකි පාඩුවක්. ම්ෂන්එක සක්සෙස් වෙන්නත් ඕන. තමුසෙ ඇතුළු මගෙ කොල්ලො ටික නිරුපද්‍රිතව ආපසු බෙිස් එකට එන්නත් ඕන.

සර් මම පොරොන්දු වෙනවා. දෙකම එලෙසම වෙනවා කියලා.

DH - හරි… කල් ඇරලා බැහැ මම LD ( Lead Head ) හමුවෙලා දැනුවත් කරලා.
සර් හරහා උකුස්සව දැනුවත් කරලා ඉක්මනට ගෝස්ට්ලා ටික එවන්නම්.
එහෙනම් පරිස්සමෙන්. ජයවේවා. කීයට හරි මිෂන්එක ඉවර කරලා මට කතා කරනතුරු මම මෙි සීට් එකෙන් නැගිටින්නෙ නැහැ හරිද… ?

හරි සර්. ජයවේවා. (ඇමතුම විසන්ධි විය )

එසැණෙන් ඇමතුම ගත්තේ දිව්‍යා වෙතය.

දිව්‍යා - සර්…

මැඩම්. අද රෑ අවසාන කරන්න යන්නෙ.
දැන්ම මගෙ තැනට එන්න. ඇවිත් කතා කරමු.

දිව්‍යා - දැන් ම එනවා සර්..

ඕකේ තෑන්ක් යූ. ( ඇමතුම විසන්ධි විය )

මතු සම්බන්ධයි…..




Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now