1900 වර් ශය ඉතා සුව්ශේෂී වුයේ එවකට ආරම්භ වූ ඇතිවු කර්මාන්ත අර්බුදය රුසියාවටද විශාල ලෙස බලපෑම නිසාය .විශාල කර්මාන්ත ප්‍රමාණයක් වැසී ගිය අතර රැකියා අහිමි වු දශලක්ෂ ගණන් කම්කරුවෝ තැන් තැන්වල කැරලි ගැසූහ.මෙම පිරිස් හමුදාව සමඟ ද ගැටුම් ඇති කර ගත්හ.එය බොහෝ සීතල කාලගුණයකි. ස්ටෙප්ස් තණබිම් හරහා හමා එන සුළඟ මිනිසෙකුට දරාගත නොහැකි තරම් වුවත් එම පරිසරයේ හැදී වැඩුණු සතුනට එය එතරම් සුවිශේෂී නොවින. වසන්ත කාලයට වඩා ශීත කාලයේ උපදින සතුන් මෙන්ම මිනිසුන් ද ශක්තිමත් බව ජනප්‍රවාද වල සදහන් වෙයි.බොහොමයක් මිනිසුන් ආර්ථික ගැටළු හේතුවෙන් සතුන් දඩයම් කරමින් තම වේල සරි කරගත් අතර අනෙක් පිරිස් වනාන්තර කපා එලි පෙහෙළි කරමින් දර පුළුස්සා අඟුරු විකිනිමටද යොමුව සිටියහ.

දිමිත්ර්ව් මහත් කම්පනයකට පත්ව සිටියේ ඔහුගේ බිරිද දරු ප්‍රසුතියට ලංව සිටීමත් .. පවතින තත්වය අනුව ඔහුට නිවසින් බැහැර වනාන්තරයේ දුරට යාමට අවකාශයක් නොමැති වීමත් නිසාය. රැකියාවෙන් වනාරක්ෂකයෙකු වූ ඔහු එය සිදුකලේ තම රැකියාව ලෙසම පමණක් නොව පරම්පරා හතකට පෙර සිටම වනයේ ආරක්ෂකයින් ලෙස තම මුතුන් මිත්තන් සිදුකල සේවය ඉදිරියට ගෙන එන අවසාන පුරක ලෙසිනි.අදික සීතල වුවද ඔහු හැකි තරම් දුරක් වනමංකඩ නිරීක්‍ෂණය කර නිවට පැමිණීමට පිටත් විය.හද ඇති රාත්‍රියේ බොහෝ දඩයක්කරුවන් අවසරයකින් තොරව දඩයමේ නිරත වන බව ඔහු අත්දැකීමෙන් දත් නිසා වෙනදා නම් ඔහු සුදානම් ව වනයට ගොස් සංචාරය ආරම්භ කොට ඇත.වෙනදාට වැඩා හද පැහැදිලි නිල්පාටකින් යුතු බවත් එහි අලංකාරයට වශික්රුත්ව ඔහු බලා සිටයේ කදු වල සෙවනැල්ල සමග මවා ඇත්තේ සිතුව්මකටත් වඩා නෙත් පිනවන බැවිනි.1900 සැප්තැම්බර් 09 සැලකිය යුතු දෙයක් නොමැති බව ඔහු තම පොතේ සටහන් කළේය. එක්වරම ඔහුගේ මතකය ඔහුට යමක් සිහිපත් කළේය. මොනවා අද 09 09 ...අතට ගත සුරුට්ටුව නැවත පසුම්බියට දමාගත් ඔහු වේගයෙන් තම නිවස දෙසට දිව යන්නට වුයේ රාත්‍රී 9 වන්නට තව ඇත්තේ පැයකට අඩු කාලයක් වූ බැවිනි ...( මතු සම්බන්ධයි )



Episode Name :
ඇල්ෆා - නිල් හද  [01 Oct 2023]

Read Episode


Story :
ඇල්ෆා


Date :
1900 September 09

Description : එලි නොවූ වසර සිය ගණනක ප්‍රබන්ධයක් නව ලෝකය සමග ගැටීමක ආරම්භය

Date Added : 01 Oct 2023

Read Story Now