මාවතේ ගීතය

(කෙටිකතා)

කර්තෘ-රුවන් චින්තක

මා එදින ද කුඩා වීථි පසු කර කරමින් රථයෙන් නිවසට එමින් සිටියෙමි.නගරයේ වීථී දෙපස සිඟමනේ යෙදෙන යාචකයන් මා හට සුලබ දසුනකි.එහෙත් මෙදින මා දුටුවේ සිඟමනේ යෙදෙනා කුඩා ළදැරියකි.

ඇයගේ කිළිටි වී ඉරී ගිය ගවොම,හරිහැටි පීරා නොමැති කෙස් කළඹ දුටු මා ගේ සිතට නැඟී ආවේ අසීමිත ශෝකයකි.

වෙනදා ද මා මෙසේ වීථි මැදින් ගමන් කරන්නෙමි.එහෙත් මින් පෙර මා ඇයව දැක නො තිබුණෙමි.

යාචකයන් බොහෝ සිටිය ද ඔවුන් මැදි වියේ පසු වන පිරිමින් සහ ගැහැනුන් වන්නේ ය.

එහෙත් මේ සිටින්නේ වයස හත අටක් හෝ සපිරෙන කුඩා ළදැරියක් බැව් බැලූ බැල්මට පෙනී යන්නේ ය.

ඈ මඩ තැවරුණු ගවොමකින් සැරසී පදිකවේදිකාව මත හිඳ සිටියාය. මා රථය ඈ අසල නතර කළෙමි.රථයේ කවුළුව විවෘත කළ මම ඇය දෙස බැලුවෙමි.එහෙත් ඇය සිටිවන ම බිම බලාගෙන සිටියාය.

දැරිය ගීයක් මුමුණමින් සිටින බැව් මාහට පෙනී ගියේය.

ඈ ගැයූ ගීතය මාහට යන්තමින් මෙන් ඇසුන ද එය ශෝකයෙන් පිරී ගීයක් බැව් මාහට හැගී ගියේය.

මම රථයෙන් බැස ගත්තෙමි. ඇය වෙත ගිය මම,

" දුව මොකද ඔයා මේ තනියම කරන්නේ කෝ ඔයාගේ අම්මා...?

යනුවෙන් ඇසුවෙමි.

ඇය තිගැස්සී ගොස් මා දෙස බැලුවාය. ඒ මුහුණේ තිබුණේ අසීමිත භීතියක් බැව් මාහට පෙනී ගියේය.

මම මද සිනාවක් පෑවෙමි. එහෙත් ඇයගේ ඉරියව් එසේම වූවාය.

" දුව බයවෙන්න එපා.මම ඔයාට කරදරයක් කරන්නේ නෑ. ඔයා තනියමද මෙතන ඉන්නේ...?

ඇය මදක් සන්සුන් වූවාය.ඉන්පසු මා වෙත සුරත පෑවාය.

ඇය මාගෙන් යමක් ඉල්ලා සිටින බව මා හට හැඟී ගියේ ය. එහෙත් මේ මොහොතේ ඇයට ලබාදීමට තරම් යමක් මා අත නොවූවේ ය .

ඇය මද වේලාවක් එසේ සුරත පා සිට අමනාපයෙන් මෙන් යළි සුරත හකුලා ගත්තාය.

මගේ සිතට දැනුනේ අසීමිත වේදනාවක් හා කම්පාවකි.ඇය වචනයකුදු නොදොඩා ම පාදික වේදිකාව දිගේ දිව ගොස් අවසානයේ නොපෙනී ගියාය.

කුඩා දැරියට කිසිවක් ලබා දීමට නොහැකි වූ හෙයින් මගේ සිතට ඇති වී තිබුණේ කනගාටුවකි.

මාගේ දියණියට කොතරම් නම් ආහාර සෙල්ලම් බඩු මා ගෙනැවිත් දෙන්නේ ද. එහෙත් මේ කුඩා දැරියට ඒවා ලබා දෙන්නේ කවුරුන්ද?

ඇයට රසවත් ආහාර පාන කවදා රස විඳීමට ලැබෙන්නේ ද?

ඇයට හෙට දිනයේ දී කෙසේ හෝ වටිනා යමක් ලබා දිය යුතුය.

මෙසේ සිතමින් ම මා රථයට ගොඩ වුණෙමි.

පසුදා උදෑසන ද මා එම වීථිය පසු කරමින් සිටියෙමි.එහෙත් කුඩා දැරිය පෙනෙන්නට නො වූවා ය.

මා පැමිණියේ උදෑසනින් ම වීම හේතුවෙන් ඇය තවත් ප්‍රමාද වී හෝ පැමිණේවී යැයි මා සිතුවෙමි.

මා ඇයට ලබාදීමට බිරිඳට කියා රසවත් බත් මුලක් රැගෙන ආවෙමි. වෙළෙඳසලකට ගොඩ වූ මම ඇයට බෝනික්කෙක් හා ගවොමක් ද මිල දී ගත්තෙමි.රැකියාවට යාමට ප්‍රමාද වුව ද ඇය එනතුරු සිටිය යුතු යැයි මාහට හැඟී ගියේය.

එහෙත් මා උදෑසන දහය වන තුරුම බලා සිටිය ද ඇය නො පැමිණීයා ය.යාචකයන් පිරිසක් වීථියේ ඔබ මොබ සැරිසැරූහ.

එහෙත් කුඩා ළදැරිය පෙනෙන්නට නොවූවා ය.

මෙසේ මා දින ගණනාවක්ම උදෑසනත් සවස් යාමයේත් ඇය එනතුරු බලා සිටියෙමි.

එහෙත් ඇය යළි නො පැමිණියා ය. මා වීථියේ සැරිසැරූ කිහිප දෙනෙකුගෙන්ම දැරිය පිළිබඳව අසා සිටියෙමි.එහෙත් ඔවුන් ඇය ගැන නොදන්නා බැව් පැවසුවෝය.

මා එම දැරිය පිළිබඳ ව යාචකයෙක් ගෙන් අසා සිටියෙමි.

"අර එහා ඉන්නේ ඒ දැරිවිගේ අම්මා. එයාගෙන් අහලා බලන්න.."

ඔහු කීවේ වීථියේ එක් පසෙක හිද සිඟමන් යදිනා කාන්තාවක් පෙන්වමිනි.

මා ඇය අසලට ගොස් කුඩා දැරිය පිළිබඳව විමසුවෙමි.

"ඔව් මහත්තයෝ. ඒ මගේ කෙල්ල..."

"කෝ දැන් ඇය...?

"කෙල්ලව මං ලොකු මහත්තැන් කෙනෙකුගේ ගෙදරක නතර කළා."

"ඒ මොකටද...?"

"ගෙදර වැඩපළ කරන්න මහත්තයෝ.."

"මොනවා! ඒ තරම් පොඩි වයසක ඉන්න දරුවෙක් ව වැඩකාර කමකට දුන්නේ කොහොමද?"

"මට ඒ කෙල්ලට ඉල්ලන්න හැමදේම දෙන්න බෑ මහත්තයෝ. අපි ජීවත් වෙන්නේ බොහෝම අමාරුවෙන්.කීයක් හරි හොයා ගන්නේ කාට හරි අත පාලා. ඉතින් කෙල්ල එහෙ හොඳින් ඉදීවි."

ඈ කණගාටුවෙන් මෙන් පැවසුව ද මා හට ඈ කෙරෙහි ඇති ඇති වූයේ කෝපයකි.ආර්ථික අපහසුතා තිබුන ද මවකට එසේ කල හැකිද?

මම කිසිවක් නොපවසා ම මාවතට බැස්සෙමි.

ඒ තරම් ම කුඩා වියේ පසුවන දැරියක් එවැනි නිවසක මෙහෙකාර සේවයේ යෙදවීමට ඇය හිත හදා ගත්තේ කෙසේදැයි යන්න මා නොදනිමි.

සියලුම දෙනාට ආර්ථික අපහසුතා ඇත්තේය. යාචකයන් බිහිවන්නේද මෙවැනි පසුබිමක් තුළය.

එහෙත් පාසල් යන වියේ පසුවන මෙවන් මල් කැකුළු මෙහෙකාර සේවයේ යෙදවීම අපට අනුමත කළ හැකි ද?

සිතට දැනුනු අසීමිත ශෝකයත් කම්පනයත් පෙරදැරිව මා රථයට ගොඩ වූයෙමි.

ඒ කුඩා දැරියගේ ශෝකෙන් පිරි මුහුණ මා හට මැවී පෙනුනේය.ඇය ගැයූ ඒ ශෝකී ගීතය මාගේ සිතට ගෙන ආවේ කම්පාවකි.

එම අසරණ කුඩා දියණිය මා හට යළි කිසිදාක දැක ගන්නට නොලැබෙනු ඇත.

සමාප්තයි.

සමාජයේ ඇස නොගැටෙන චරිත ඇසුරින් කල නිර්මාණයකි.❤️❤️


Episode Name :
මාවතේ ගීතය  [08 Oct 2023]

Read Episode


Story :
අඳුරු මාවත (The Dark Way)


Date :
2023.10.13

Description : මිතුරෙකුගේ ප්‍රිය සම්භාෂණයකට ගොස් සිය නිවස වෙත නැවත යමින් සිටි සමන් නම් වූ ලිපිකරුවෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 13 Oct 2023

Read Story Now


Story :
මිනිසුන් අතර දෙවියෙක්


Date :
2023.10.10

Description : දරිද්‍රතාවෙන් පෙලෙන කුටුම්බයක ජීවන අරගලයක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 10 Oct 2023

Read Story Now


Story :
මාවතේ ගීතය


Date :
2023.10.08

Description : සමාජයේ ඇස නොගැටෙන වීථි දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ ශෝචනීය සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 08 Oct 2023

Read Story Now


Story :
අබිරහස් යුවතිය (The Mysterious Girl)


Date :
2023.10.07

Description : සිල්වෙස්ටර් ජොහැන්නස් නම් තරුණයෙකු සිය නිවසේදි අත් දකින අද්භූත සිදුවීමක් මෙම නිර්මාණය තුලින් පිළිඹිබු වේ.

Date Added : 07 Oct 2023

Read Story Now


Story :
බිහිසුණු රැයක් (A Terrible Night)


Date :
2023.10.04

Description : හල්දෙමුල්ල ගම්මානයේ විසූ සිරිදාස නම් ගොවියෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 04 Oct 2023

Read Story Now


Story :
වැම්පයර් භීෂණය (The Vampire Terror)


Date :
2023.10.02

Description : ඇඩම් ස්මිත් නම් තරුණයෙකු සිය බාප්පාගේ ව්‍යාපාර කටයුත්තක් සඳහා ඔහුගේ නිවස වෙත පිටත්ව යයි.එහිදී ඇඩම් මුහුණ දෙන බිහිසුණු අත්දැකීම් සමූදායක් මෙම කතාන්දරය තුලින් පිළිඹිබු වේ.

Date Added : 02 Oct 2023

Read Story Now


Story :
මළවුන්ගේ හෝරාව (The Hour Of Dead)


Date :
2023.10.02

Description : සේරුවිල ගම්මානයට එල්ලවන අද්භූත බලවේගයක් හා මෙම කතාන්දරය ගෙතී ඇත.

Date Added : 02 Oct 2023

Read Story Now