මිනිසුන් අතර දෙවියෙක්

(කෙටිකතාව)

කර්තෘ-රුවන් චින්තක

"තාත්තේ... මට අලුත් සපත්තු දෙකක් ඕන..."

සවස වැඩ නිමවී නිවසට ගොඩ වන විටම මාගේ පුතු එසේ කියමින් මා වෙත දිව ආවේය.

"ඇයි පුතේ මං ගිය අවුරුද්දේ සපත්තු දෙකක් අරන් දුන්නා නේ..."

"ඒක දැන් පරණ වෙලා. පන්තියේ ළමයි හැමෝම අලුත් සපත්තු අරන්...මං විතරයි පරණ සපත්තු දාගෙන ඉන්නේ..."

"පුතේ දැන්ම සපත්තු දෙකක් ගන්න මා ළඟ සල්ලි නෑ. සල්ලි හම්බුන ගමන් මං පුතාට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්නම්..."

"එහෙම බෑ...මට හෙටම ඕන..."

"මුරණ්ඩු වෙන්න එපා පුතේ... තාත්තා කියන දේ අහන්න..."

කුසුමා එසේ කියමින් අප අතරට ආවාය.

"කොහොම හරි මට අලුත් සපත්තු දෙකක් ඕන..."

පුතු හඬමින් නිවෙස තුළට දිව ගියේ ය.

"ජයන්ත...හිත කරදර කරගන්න එපා. පොඩි දරුවා නේ..."

"කොහොමද හෙටම සපත්තු අරන් දෙනනේ..? අදත් කඩේ ණය ගෙවලා ආවේ.දැන් අතේ කීයක්වත් නෑ...කොහොම මේවා කරන්නද කියලා හිතාගන්න බෑ කුසුමා..."

මා එසේ කියමින් සාලුව ද රැගෙන ළිඳ වෙත ගියෙමි.

********************************************

"රෑට උයන්න මොනවද තියෙන්නේ..?

මම ඇසුවෙමි.

"හාල් ඇටයක් වත් නැහැ...මම කොස් ටිකක් තැම්බුවා..."

"අපිට නම් ඔය මොනවා කන්න බැරිද. ඒත් දරුවාට ඕවා කන්න දෙන්න පුලුවන්ද..?"

"ඒක ඇත්ත ජයන්ත.පියල් නම් කොස් කටේ තියන්නේ නෑ. ඊයෙත් කොස් කෑවේ අඬ අඬා..."

"මොනවා කරන්නද...මෙහෙම තමයි කන්න වෙන්නේ අදත්.මං මේ කල්පනා කළේ හෙට කොහොමද සපත්තු දෙකක් අරන් දෙන්නේ කියලා.දවසේ කුලිය හම්බුනත් සපත්තු ජෝඩුවක් ගන්න ඒක මදියි..."

"වත්තේ මහත්තයගෙන් ණයට කීයක් හරි ඉල්ල ගන්න බැරිද..?"

"හැමදාම ණය ඉල්ලන්න බෑ කුසුමා. මහත්තයා සල්ලි දෙන්නේ අදි මදි කරලා..."

"ඒත් දරුවා ගැන කිව්වොත් නොදී ඉන්න එකක් නැහැ..."

"බලමු එහෙමවත් කරලා..."

"අදත් කොස්ද කන්න තියෙන්නේ..? මට බෑ හැමදාම කොස් කන්න.අම්මේ අද වත් බත් නැද්ද..?

"අදට ඕක කන්න පුතේ.හෙටවත් බැරිය බත් කන්න..."

ඔය බඩ ගින්නට කෑවා මිසක් ආසාවකින් නෙවෙයි කෑවේ...හෙට දවාලට වත් කන්න බත් කටක් තිබුනොත් ඇති. අපිට නම් මොනවා කන්න බැරිද..."

"ඔන්න තාත්තේ හෙට මට අලුත් සපත්තු දෙකක් ඕනමයි... නැත්නම් මං ආයේ ඉස්කෝලේ යන්නේ නෑ..."

**************************************************

මා උදෑසනින්ම වත්තේ අයිතිකාර මහත්තයා වෙත ගියෙමි.

"මොකද ජයන්තය අද වැඩ කරන්නේ නැද්ද..?"

"මහත්තයා මං ආවේ ලොකු උවමනාවකට."

"මොකක්ද..?"

"මගේ පුතාට ඉස්කෝලේ දාගෙන යන්න අලුත් සපත්තු දෙකක් ඉල්ලුවා.මට අරන් දෙන්න අතේ සල්ලි නෑ...ණයට කීයක් හරි දෙනවාද..? මගේ වැඩ කුලියෙන් කපාගන්න..."

"මේක හැමදාම කරන්න බෑ ජයන්ත.ඇරත් සපත්තු දෙකක් බොහොම ගණන්..."

"ඒත් දරුවා අඬනව මහත්තයා..."

"එහෙනම් මේක තියාගන්නවා දැනට...මේකෙන් ගන්න පුළුවන් වෙයි..."

ඔහු රුපියල් දෙදාහක් මා අත තැබුවේය.

"බොහෝම පිං මහත්තයා.මම ගිහින් එන්නම්..."

මා මුදල් ද රැගෙන වීථිය වෙත ගියෙමි.

"මේ සපත්තු ජෝඩුව කීයද..?"

"මේක වෙනවා දෙදාස් පන්සීයක්..."

"ඊට අඩුවෙන් නැද්ද..?"

"නෑ ඔය කියන ප්‍රමාණයේ සපත්තු වල මිල ඔය ගණන් තමයි..."

"මං ගාව තියෙන්නේ රුපියල් දෙදාහයි. පස්සේ ඉතුරු පන්සිය ගෙනත් දෙන්නම්.සපත්තු දෙක ගන්න පුළුවන් ද..?"

"එහෙම කරන්න බෑ.මේ කඩේ අයිතිකාරයත් මං නෙමෙයි. ණයට නම් සපත්තු දෙන්න බෑ..."

කඩේ රැඳී උන් වැදගත් පෙණුමක් තිබූ අයෙක් අප අසලට ආවේය.

"මොකක්ද ප්‍රශ්නේ..?"

"මේ ණයට සපත්තු දෙකක් ඉල්ලනවා..."

"කීයද මේ සපත්තු දෙක..?"

"දෙදාස් පන්සීයයි..."

"හොඳයි ඒක දෙන්න.මම සල්ලි ගෙවන්නම්..."

"මහත්තයා මං ගාව දෙදාහක් තියෙනවා..."

"කමක් නෑ.ඒක තියාගෙන මේකෙන් සල්ලි ගන්න..."

"මහත්තයාට බොහෝම පිං..."

මම කීවේ කඳුළු සලමිනි.

"මහත්තයා මාව දන්නෙවත් නැතුව මෙහෙම උපකාරයක් කළේ ඇයි..?"

"මිනිස්සුන්ට උපකාර කරන්න හඳුනගන්න ඕන නැහැ.මේ සල්ලිත් තියාගන්න. ගෙදරට උවමනා කරන දේවල් අරගෙන යන්න..."

එසේ කී ඔහු තවත් දාහේ කොළ කීපයක් මා අත තැබුවේය.

"මම එහෙනම් යන්නම්..."

එසේ කියමින් ඔහු රථයට ගොඩ වී පිටත් වූවේය.

මිනිසුන් අතර දෙවියන් වැනි මිනිසුන් ද සිටිනා බැව් මා හට සිතුණේය.මිනිසුන්ට උපකාර කළ යුත්තේ මිනිසාමය.එසේ උපකාර කිරීමට හඳුනාගැනීම අවශ්‍ය නැත.

අලුත් සපත්තු ජෝඩුව මා සුරතට ගත්තෙමි.එය දැක මාගේ පුතු සතුටින් ඉපිලී යනු මා හට මැවී පෙනුණේය.

සමාප්තයි.


Episode Name :
මිනිසුන් අතර දෙවියෙක්  [10 Oct 2023]

Read Episode


Story :
අඳුරු මාවත (The Dark Way)


Date :
2023.10.13

Description : මිතුරෙකුගේ ප්‍රිය සම්භාෂණයකට ගොස් සිය නිවස වෙත නැවත යමින් සිටි සමන් නම් වූ ලිපිකරුවෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 13 Oct 2023

Read Story Now


Story :
මිනිසුන් අතර දෙවියෙක්


Date :
2023.10.10

Description : දරිද්‍රතාවෙන් පෙලෙන කුටුම්බයක ජීවන අරගලයක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 10 Oct 2023

Read Story Now


Story :
මාවතේ ගීතය


Date :
2023.10.08

Description : සමාජයේ ඇස නොගැටෙන වීථි දරුවෙකු මෙහෙකාර සේවයේ යෙදවීමේ ශෝචනීය සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 08 Oct 2023

Read Story Now


Story :
අබිරහස් යුවතිය (The Mysterious Girl)


Date :
2023.10.07

Description : සිල්වෙස්ටර් ජොහැන්නස් නම් තරුණයෙකු සිය නිවසේදි අත් දකින අද්භූත සිදුවීමක් මෙම නිර්මාණය තුලින් පිළිඹිබු වේ.

Date Added : 07 Oct 2023

Read Story Now


Story :
බිහිසුණු රැයක් (A Terrible Night)


Date :
2023.10.04

Description : හල්දෙමුල්ල ගම්මානයේ විසූ සිරිදාස නම් ගොවියෙකු මුහුණ දෙන අද්භූත සිදුවීමක් මෙම කතාන්දරය තුලින් දිග හැරේ.

Date Added : 04 Oct 2023

Read Story Now


Story :
වැම්පයර් භීෂණය (The Vampire Terror)


Date :
2023.10.02

Description : ඇඩම් ස්මිත් නම් තරුණයෙකු සිය බාප්පාගේ ව්‍යාපාර කටයුත්තක් සඳහා ඔහුගේ නිවස වෙත පිටත්ව යයි.එහිදී ඇඩම් මුහුණ දෙන බිහිසුණු අත්දැකීම් සමූදායක් මෙම කතාන්දරය තුලින් පිළිඹිබු වේ.

Date Added : 02 Oct 2023

Read Story Now


Story :
මළවුන්ගේ හෝරාව (The Hour Of Dead)


Date :
2023.10.02

Description : සේරුවිල ගම්මානයට එල්ලවන අද්භූත බලවේගයක් හා මෙම කතාන්දරය ගෙතී ඇත.

Date Added : 02 Oct 2023

Read Story Now