⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 10 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

*ඒකත් ඉතින් ඇත්ත තමයි..

ඒකනෙ ඉතින්… මම කොහොමහරි තැන හොයාගෙන ඇතුලට යනවාමයි.


මෙතැන් සිට …….

බොහෝ දුරට මේ සන්නද්ධ කණ්ඩායම චීනයේ නීත්‍යානුකූල නොවන සන්නද්ධ සංවිධානයක සාමාජිකයින් විය යුතුයි.
ඒ වගේම, ලොකු පිරිසක් මෙරට රහසිගතව රැඳී සිටිනවා කියලා හිතන්න අමාරුයි. බොහෝ දුරට තිහකට අඩු ප්‍රමාණයක් මෙරට තුළ රැඳී සිටිනවා විය හැකියි. කොහොම නමුත් අපි පරිස්සම් විය යුතුයි. බාහිර සමාජයට මොවුන්ගේ ක්‍රියාකාරීත්වයක් පෙන්නුවේ නැති උනත් ,
සමහර විට මොවුන්ගේ බුද්ධි අංශයක් ක්‍රියාත්මක වීමට හැකියාව තියෙනවා. නමුත් ඔවුන් ඒ තරම් ප්‍රබල කණ්ඩායමක් විය හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව භාෂාව පරිහරණයේදී ඇතිවන ගැටලු මොකද ඔවුන්ට සිංහල භාෂාව කතා කිරීමේ හැකියාවක් නැති හන්දා තමයි මෙරට වාසය කරන කුලී ඔත්තුකරුවන් පාවිච්චි කරන්නේ. නමුත් ඔවුන්ගෙන් සිතූ පරිදි උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් නැහැ. මොකද ඔවුන් මනා පුහුණුවකින් හෙබි පුද්ගලයින් නෙමේ ඔත්තු බැලීමට සහ සැපයීමට. ඒ නිසයි මේ මෝඩ චෝඩුව මේ තරම්ම අපරීක්ෂාකාරී ලෙස ක්‍රියා කරන්නේ. ඒක ඉතින් අපිට ලොකු වාසියක්.

*ඔව් සර් එතරම් දක්ෂ එවුන් නෙමෙි කියලා උන්ගෙ හැසිරීම් වලින් අපිට තේරෙනවා.

කොහොම වුනත් ගියපාර මෙහෙයුමේ වගේ මේ පාරත් සන්නද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙයි. ඒකත් මෙවැනි නිහඬ මෙහෙයුමක් විය යුතුයි.
මම මොන සැලසුමක් කරලා හරි මේක ඇතුලට අනිවාර්යෙන්ම රිංගන්න ඕනා. මොකද මට එතන වෙන දේ හොයාගන්න ඕන අනිවාර්යයෙන්ම.

*සර් හිතනවා ඒක ලේසි වෙයි කියලා.

නෑ යාළුවා ඒක කොහොමත් ලේසි කටයුත්තක් නෙමෙයි. නමුත් අනිවාර්යයෙන්ම ඒක කළ යුතුයි.
එක පාරක් ඕක ඇතුලට මට රිංග ගන්න පුළුවන් වුනොත් මම දන්නවා කරන වැඩේ. මට ස්ථිර වශයෙන්ම දැනගන්න ඕනා මේ වයිරස් එක කොහොමද ප්‍රචාරණය කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒ වගේම මොන රටේද මොන ප්‍රදේශයටද මේක පළමුවෙන්ම ව්‍යාප්ත කරන්න හදන්නේ කියලා.

*සර් හිතන්නේ මෙහෙන් හදලා වෙන රටකට මුදා හරින්න සැළසුම් කරනවා කියලද…

ඔව් කසුන්. මොකද ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් දියත් කරන්න ඕන ධනවත් රටකට මිසක් දුප්පත් රටකට නෙමෙයි. මොකද මම කලින් කිව්වා වගේ දුප්පත් රටක් ආයි දුප්පත් කරන්න දෙයක් නෑනේ.
එතැනදී පෝසත් රටක් දුප්පත් කරන්න ඉලක්ක කරලා ඇති.ඒ ඉලක්කගත රට අපි හොයලා බලන්න ඕනා. මොකද මෙච්චර සන්නද්ධ ආරක්ෂකයින් පිරිසක් යොදා ගන්නේ. මීටත් වඩා බරපතල් කාරණයක් මෙතන තිබිය යුතුයි කියලා මට විශ්වාසයෙන්ම කියන්න පුළුවන්.

*කොහොම වුනත් වැඩෙිනම් අපි හිතුවටත් වඩා බරපතල් නේද සර්.

සැබවින්ම කසුන්. අපි හිතුවට වඩා හුඟක් බරපතල්. කොහොම නමුත් මෙික ඉවරකරන්න පුළුවන් හොඳම විදිහට ඉවර කරමු. අපි අනිද්දා වැඩ පටන්ගමු. හෙට උදෙන්ම පිටත් වෙමු. අනිද්දා රිංගමු යාල කැලේට. වෙන විකල්පයක් නැහැ කසුන්. බොහෝවිට මෙතෙක් කාලයකට දකින්න නොලැබෙන දේවල් ටිකක් අපිට ඉදිරි කාලයේදී බලාගන්න පුළුවන් වේවි.

*සර් එතකොට අර ගිලන්රථය දැන් කොකන ඇද්ද …?

හ්ම්ම්… ඉන්න බලමු. මගේ විශේෂිත ජංගම දුරකථනය අතට ගෙන ජීපීඑස් සංඥ්ඤා ග්‍රහණය කර බැලුවෙමි.
දැනට නම් තියෙන්නෙ පැල්මඩුල්ලෙ තැනක. ඒ ගැනත් හොයලා බලමු. මොකද අතුරුදහන් කරන අය අරගෙන යනවා ඇත්තෙ බොහෝදුරට මේවගෙ ගිලන්රථ වල. මොකද කවුරුවත් සැක කරන්නේ නැහැ නෙ. හෙට උදේ යන ගමන් පැල්මඩුල්ලෙ පැත්තෙත් රවුමක් දාගෙන යමු.

*ඒක හොඳයි….

අපි තැන හොයාගෙන ගිහින් ඒ ගිලන් රථයේ අංක තහඩුව පරීක්ෂා කරලා බලලා , ඒකෙ තියෙන නම්බරේ ලියාගන්න ඕනා. ඊට පස්සේ අපි බලමු පොන්ටෝට දීලා ඒ අංක තහඩුවට අයත් ගිලන් රථයක් ලංකාවේ කොහේ හරි පුද්ගලික හෝ රජයේ රෝහලක ලියාපදිංචි කරලා තියනවද , නැද්ද යන වග. එහෙම ලියාපදිංචි වෙලා නැති උනොත්. අපිට අපේ වැඩ පහසුයි. නැත්නම් මේකට සම්බන්ධ තව රජයේ හෝ පුද්ගලික අංශයේ නිලධාරීන් සිටින්න පුළුවන්. එහෙම වුණොත් අපේ විමර්ශන කටයුතු පුළුල් කරන්නේ සිද්ධ වෙනවා අපිට. ඒකට ``ටීම් ඒ ´´ කියලා කණ්ඩායමක් නම් කරන්න සිද්ධ වෙනවා.
මොකද එහෙම මේක ලොකු ජාලයක් වුණොත්, අපිට එකෙක් නෑර අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. බරපතල් එවුන් ටික ඉවර කරලා දාන්න සිද්ධ වෙනවා. නැත්නම් මේ ප්‍රශ්නය විසඳනවා බොරු.

*මොනවා වුනත් මෙි සීතල යුද්ධය කවුරු පටන් ගත්තත් , ඉවර කරන්නේ අපි තමයි.

ඔව් යාළුවා… අනිවාර්යයෙන්ම. තේරෙනවා නේද මෙි ප්‍රශ්නය කොච්චර බැරෑරුම් ද කියලා …?

*ඔව් සර්…

හරි… අපි දැන් විවෙික ගමු….

පසුදින උදෑසන ……….

කුලී නිවසේ හිමිකරුට නිවසෙහි යතුරු බාරදී අප පිටත්විය. හෝරාවකට පසු ජීපීඑස් සංඥ්ඤා අනුගමනය කර පැල්මඩුල්ලෙ යම් නිවසකට අයත් රථගාලක අදාල ගිලන්රථය නවතා තිබෙනු අප දුටුවෙමු. තැන බලාගත් අපි හෝමාගම පිහිටි මධ්‍යස්ථානය වෙත ගොස් එම ගිලන්රථයට අයත් අංක තහඩුවෙ සඳහන් අංකය සංඥ්ඤා අංශයේ ප්‍රොන්ටෝ වෙත භාරදී එම ගිලන්රථය දිවයිනේ කුමන හෝ පුද්ගලික හෝ රජයේ රෝහලක් යටතේ ලියාපදිංචි වී ඇද්ද යන්න පරික්ෂා කර තත්ව වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කර , උණවටුන පිහිටි `` සී හවුස් ´´ වෙත ගමන් ගත්තෙමු. දහවල වනවිට සී හවුස් හි ස්ථානගවීමට හැකිවිය. හැම ``සේෆ් හවුස් ´´ එකකම තිබියයුතු හැම පහසුකමක් ම ( ආයුධාගාරයක් , පරිඝනක කාමරයක් , අවට නිරීක්ෂණය කලහැකි කැමරා පද්ධතියක් හා පුද්ගලයින් පස්දෙනෙකුට වාසය කිරීමට හැකි සියළුම පහසුකම් සහිත ) මෙහිද අන්තර්ගත වී තිබුනි.

*ඒකත් හරි….

කසුන් බලන්න ඔය ආයුධාගාරයේ මොනවද තියෙන වෙපන් කියලා…

සහයකයා කීප විටක් ඩිජිටල් අගුල විවෘත කිරීමට උත්සාහ කරද එය ඔහුට කල නොහැකි විය.

*සර්… මෙික මගෙ ඇඟිලි සලකුණු වලට ඇරෙන්නේ නැහැ නෙ…

කෝ බලන්න …. ඔවි නේද..? මගෙ ඇඟිලි සළකුණු වලට වැඩ. ඒ කියන්නේ ඔයාගෙ
දත්ත සමහර දේවල් වලට අවසරය දීලා නැහැ. ඒකට කමක් නැහැ අපි බලමු ආයුධාගාරයේ මොනවද තියෙන්නෙ කියලා.

*ෂාහ්හ්හ්හ් මෙික නියමයි නෙ සර්.
වත්තල එකයි , නුවරඑළිය එකටයි වඩා මෙිකෙ තියෙන අවිආයුධ වෙනස්..
නියමයි සැහැල්ලු අවියෙ ඉඳලා ආර්පීජි එක දක්වාම තියනවා.

පේනවා නේද අපි වගේ අයට සේෆ් හවුස් එකක් කොච්චර වටිනවද කියලා…?

*ඒකනෙ ඉතින් … මෙතන තියනවා පනහකට වුනත් ගහන්න බඩු…

හ්ම්ම්… හරි. අපි හෙට උදෙන්ම යාල බලා පිටත් වෙනවා. දවස් දෙකකට කැලෑ සලාක අරගෙන යමු. මොකද අපිට ඔය කැලෑවෙ ඇතුලෙ කොතනද තැන. මොනවද එතන වෙන්නෙ කියලා හොර රහසේම , ඉතා සූක්ෂ්මව නිරීක්ෂණය කරන්න වෙනවා. සෑමවිටම මතක තියාගන්න මොන වර්ගයක කැලයක් වුනත් නිශ්ශබ්දයි නම් එතන අනිවාර්යයෙන්ම අනතුරක් තියනවා කියලා. අනතුරක සේයාවක් දැනුන හැම සතෙක්ම නිශ්ශබ්දව හැංගෙනවා. ඒ හන්දා තමයි කැලයක් නිශ්ශබ්ද වෙනවා කියන්නේ අනතුරක් අතලග කියන්නේ.

*හරියට ඒරියා 51 එකට ඇතුල්වෙනවා වගේද…?

හහ් හහ් එච්චර බැරෑරුම් නැහැ. නමුත් අපි බලමු නේද. මොකද වෙන්නෙ කියලා.
හරි… අපි දැන් යමු මොනවාහරි උයන්න.

*යමු යමු සර්…..

කැමරා පද්ධතියේ සියළුම රූප රාමු එකම තැනකින් බලන ගමන් අප දෙදෙනා වනයේ නිරීක්ෂණය කරන ආකාරය සැළසුම් කරා.

හොඳයි කසුන්… අපි උන් ඇතල්වෙන පාරට සමාන්තරගතව ඇවිදගෙන යමු ඉස්සරහට…

*සර් කොච්චර පරතරයක් තියාගෙනද..?

මීටර් සීයයට නොඅඩු විය යුතුයි උන්ගෙ පාර හා ගැලපීමෙිදී. ඒ වගේම මෙි තියනවා එකට පන්දාහ භූමි සිතියමක් යාල වනෝද්‍යානයට අයත්. අපි යන මාර්ගය අපි සලකුණු කරගෙන යමු. එතකොට ආපසු එන්න ලේසි වෙනවා.

*මට සර්.. කෑලෑබද සටන් මතක් වෙනවා.

ඔව් යාළුවා `` පුහුණුවෙිදී දාඩිය හෙලන සෙබලා , යුධ පිටියේදි තම ලේ හැලීම වලක්වා ගනියි ´´ කියලා කතාවක් කියලා දෙන්නෙ ඒක තමයි. මනාලෙස පුහුණු වුනාම ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් තනියම. හරි… ඒ පාඩමයි
සිතියම් කියවීමෙි පාඩමයි මතක් කරගෙන හෙට ගේමට බහිමු.

පසුදින උදෑසන දින දෙකකට සෑහෙන පරිදි කැලෑ සලාකද, අවශ්‍ය කරන ආම්පන්නද රැගෙන යාල බලා පිටත් වුනා.
වායු පීඩන අවියද ඒ අතර විය. හොරාවකට පසු සංවිධානය ගමන්ගත් අතුරු මාවතට එහා ඝන කැලෑ රොදක යතුරුපැදිය පෙරලා දමා, වනයට ආවේණික හරිත පැහැයෙන් යුතු ඝනකම් රෙද්දකින් එය වසාදමා. රහසේම ඔවුන් ගමන්ගත් අතුරු පාරට සමාන්තරව අප දෙදෙනාද ⁣තද කොල පැහැති කැලෑ ඇඳුමෙන් සැරසී ගමන් ගත්තෙමු. ගමන් කරන සෑම පියයවර සීයයකට වතාවක් තනි නූලක ගැටයක් ගැසුවෙමි. ( පාබල සේනාංකයක් භූමියක ගමන් ගැනීමෙිදී ගෙවා ආ දුර මැන බැලිම සඳහා යොදාගන්නා පැරණි උපක්‍රමයකි ) හෙමින් සීරුවෙ නිශ්ශබ්දතාවය රැකෙන පරිදි වංගු සහිත මාර්ගයට ඈතින් නමුත් මාර්ගය පෙනෙන පරිදි ගමන් කරන්නට විය. පියවර දාහක් පමණ ගමන් ගත්තද කිසිම හැලහොල්මනක් නොවීය. තරමක් වෙහෙසකර වුවද ගස් ගල් ආවරණය කරගනිමින් ඉඉදිරියට ගමන් ගත්තේ. ඇතිවූ මහත් කුතුහලය හේතුවෙනි. විටෙක ඇසෙන කුරුල්ලන්ගෙ කිචිබිචි නාදයද , මොනරුන්ගෙ අ⁣ඳෝනාවද අප වෙහෙස තරමක හෝ දුරුකර ලන්නට සමත් විය. අවසානයේ මාර්ගය දෙපස පෙනෙන පරිදි වන අලි විසින් පෙරලා දමා ඇති ගසකට ආවරණය වී දෙදෙනා පිටට පිට හේත්තු වන පරිදි වාඩිවී ගිමන් හරින්නට විය.

පුදුමයක් නෑ යාළුවා. ( රහසින් ) අපි ආවෙ මෙි සුර ජැගුවරා එකේ නෙ. ඉතින් පයින් එනනොට දැනෙන දුර වැඩියි කාලයාට සමාන්තරව.

*ඔව් සර් අපි බලමු මුන්ටික කොහෙද ඉන්නෙ කියලා. මෙි තරම් ලාභෙට මුන්ගෙ තැන හොයාගන්න නම් ලැබෙන්නේ නැහැ.

ඒක ඇත්ත… බොහෝදුරට වනජීවි එකත් මුන්ට සහය දෙනවා ඇති. මෙි සංවිධානයේ අරමුණ නොදන්නවා වුනත්..

*ඔව් සර්.. අපි උදේට කාලම යමු.

උදෙන්ම පිලියෙල කරගත් සැන්විචස් ආහාරයට ගන්නාවිට උදෑසන අට පසුව තිබුනි. ආ ගමන් මාර්ගය සිතියමෙි ලකුණු කරන්නට අමතක නොකෙරුවෙමි. ඉතාමත් අවධානයෙන් වටපිට බලාගෙනම උදා ආහාරය අවසන් කර තවත් මිනිත්තු කීපයක විවේකයකින් පසු නැවත ගමන ආරම්භ කරන්නට විය.
තවත් හෝරාවක් පමණ ගමනේ යෙදෙන්නට විය. තැනින් තැන නිර්මාණය වන ලද කුඩා වැව් , මඩ වගුරු බිම්ද , විටෙන්විට එයින් යැපෙන කොක්කු ද
වනයේ සොබා සෞන්දර්ය විදහාපාන්නට විය. එකවර කොක්කු රෑනක් ඉහලට ඉගිලෙන්නට විය.

කසුන් නවතින්න යනුවෙන් හස්ත සංඥ්ඤා කෙරුවෙමි. අසල ගල්තලාවක් ආවරණය කරගෙන හෙමින් සීරුවෙ වටපිට බැලුවෙමි. මොකක් නමුත් වෙනසක් වුනා මෙතන. ඒනයි කොක්කු රෑන කලබල වුනේ. ඔය බයිනො එක අරගෙන හොඳට බලන්න වටපිටාව. හැබැයි ඉර පායන පැත්තට බයිනෝ එක මුහුණත් කරන්න එපා. දන්නවා නේ සිද්ධිය ..?

*ඔව් සර්. එතකොට මෙිකට වදින හිරුඑළිය ඒ පැත්තට පරාවර්තනය වෙනවා නෙ. එතකොට මිනිස් ක්‍රියාකාරකමක් වෙනවා කියලා වෙනත් පාර්ෂවයක් දැනගන්නවා.

හරියටම හරි… පුහුණුවූ දේවල් මතක් කරගන්න.. හොඳයි මොනවත් පේනවද..?

*මගේ පැත්තෙන් නෙගටිව් සර්…

හ්ම්ම් මෙි පැත්ත බලමු කියමින් මා දුරදක්නයේ ඉදිරිපසට ගෝනි රෙදි කැබැල්ලක් තියා අවට බැලුවෙමි. ඕහෝ..
මෙි නරි රෑනක් නෙ. වතුර බොන්න එනවා ඇති. හරි අපි යමු එහෙනම්. කිලෝමීටර් හයක් පමණ ගෙවා ගොස් ඇති බැව් ගැට නූල පෙන්වයි. කුඩා වැව පසුකර තවත් පියවර තුන්සීයක් පමණ පාරට සමාන්තරව ඉදිරියට යනවිට ඈතින් වාහන හඬක් ඇසී අප දෙදෙනා පහත් වන්නට විය.

*සර් බඩු එනවා වගේ… අපි බලමු මුන් මෙතනින් මොන පැත්තටද යන්නෙ කියලා.

බලමු මෙි වාහනය මොකක්ද කියලා. දුරදක්නය අතට ගෙන ඈතින් එන වාහනය දෙස බලන විට එහි ``වනජීවි´´ යනුවෙන් සඳහන් කර තිබුනි. මෙික වනජීවි වාහනයක් කසුන්.

*එතකොට අපිට බලාපොරොත්තු තියාගන්න බැරිද මෙි වාහනය ගැන..?

ඉන්න බලන්න. හ්ම්ම්… හ්ම්ම්…
හරි.. රියදුරු ලංකාවෙ එකෙක් වුනත් අනිත් පැත්තෙ ඉන්නෙ නම් සුදු ජාතිකයෙක්. වනජීවි එකේ සුද්දෙක් මොනවද කරන්නේ…? හරි.. අපි ඒ පාර දිගේ යමු බලන්න. හවස් යාමය වනතෙක් එම මඩ වගුරු සහිත පාරට සමාන්තරව ගමන්ගත් අපි නැවත විඩාව නිවාලනුවස් නැවත ගසක් ආවරණය කරගෙන ගිමන් හරින්නට විය.

*සර්… අන්න බඩු එනවා.

මිලිටරි ටීම් එකක් නේද..? නියමයි. ඒ කියන්නේ අපි ලඟටම ඇවිත් ඉන්නෙ.
කෝකටත් හැංගිලා බලාගෙන ඉමු. මුන් පසුපස අපි යන්න සුසුදු නැහැ. බෑගය කරෙන් නිදහස්කර, එය පසෙක දමා සැඟවුනෙමු. ඔවුන් අප පසුකර මිනිත්තු පහලවක් පමණ ගතවූවාට පසු. අප දෙදෙනා නැවතත් ගමන ආරම්භ කරන ලදි. අඳුර කෙමෙන් කෙමෙන් රජයන්නට විය. කුඩා ලඳු කැලෑවක් ඇතුලත පොඩිකර දමා වාසයට සුදුසු පරිදි සකසා ගැනීමෙන් පසු. රාත්‍රි ආහාරය රත්කර කෑමෙන් පසු. කුඩා ගිණි උදුන නිවාලන්නට විය.

කසුන් අපි ගිණිමැල ගහලා බැහැ. මොකද උන් උදේට නිරීක්ෂණ සංචාරයක් ආවොත් වැඩෙි දෙල් වෙනවා නොඅනුමානයි. ඒ හන්දා පුළුවන් තරම් ආලෝකය අවම කරගමු.

*සර් අලි එයිද….

නැහැ කසුන්. මිනිස් ගඳට අලි එන්නෙ නැහැ. අනික උන් රෑට ගම්වලට පනිනවා.
කැලේ ඇතුලෙ ඉන්නවා අඩුයි. අපි කලබල කරන්නේ නැතුව ඉමුකො. කෙටි නින්දක සිටි සගයාට තට්ටුවක් දමා රාත්‍රි අටට පමණ මා අවදි කෙරුවෙමි.

නැගිටින්න කසුන්. දැන් තමයි වෙලාව.
ඔය නයිට් විෂන් එක දාගන්න අපි යමු.
රාත්‍රි දුරදක්නය දමාගෙන දෙදෙනාම හෙමින් සීරුවෙ ඉදිරියට ගමන් ගත්තෙමු.
මීටර් දෙසීයක් පමණ ගතවෙන්නට ඇත. ඈතින් බොහොම මෘදු විදුලි බුබුළු ආලෝකයක් දකින්නට ලැබුනි.
`` ජැක්පොට් මාධව ´´ අන්න බඩු. මෙි පට්ට කැලේ කොහෙද ලයිට්. අපි බලමු තව ටිකක් කිට්ටු කරලා. කෙමෙන් කෙමෙන් ආලෝක සීමාවට අසලට කිට්ටු වූයේ බඩාගෙනය. කොලපාට කුඩා දැල් වලින් අඩ් පහලවකට නොඅඩු උසින් පිහිටියේ වැටකි. එය ශක්තිමත් ලෙස නිමවා තිබුනි. තැනින් තැන මුරකුටි යොදා තිබුන අතර. එහි සන්නද්ධ සෙබළුන් පෙනෙන්නට විය. සැබවින්ම මෙය කඳවුරකි. මෙහි ඇතුලාන්තයේ මොනවා වෙනවා ඇද්ද …?

*සර් අපි තව ටිකක් කිට්ටු කරමුද…?
(රහසින් )

තව අඩියක්වත් යන්න හිතන්නවත් එපා.
මෙතන ඉඳලා මොනවාහරි උගුල් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. සුළුවෙන් හිතන්න එපා. මෙච්චර ආරක්ෂාවක් තියාගෙන කරන මෙි කඳවුරේ වටෙි තියෙන වැටෙි බිම් මර උගුල් නැතිවෙන්න විදිහක් නැහැ. ඔයා ඔතනම ඉන්න. මම පොඩි වටයක් ගිහින් එන්නම්. මෙතන ඉඳලා බැලුවට කිසිම ඇතුලෙ දෙයක් පේන්නෙ නැහැ. වෙනත් කෝණයකින් බලපුවාම මොනවාහරි
දෙයක් බලාගන්න පුළුවන් වෙිවි.

*සර් … පරිස්සමෙන්…

හොඳයි …. කියමින් නැවත පසුපසට අඩි කීපයක් බඩාගෙන ගොස් ඈත සිට බඩගාගෙන විවිධ තැන් සියුම්ව නිරීක්ෂණය කෙරුවෙමි. අභ්‍යන්තරයේ ඇති කිසිවක් මතුපිටට නොපෙනෙන පරිදි
සුමට ලෙස ඉදිකර තිබුනි. දැල් කවුළු ඉතා කුඩා බැවින් රාත්‍රි දුරදක්නයෙන් වුවද පැහැදිලි හෝඩුවාවක් හෝ සසිද්ධියක් දැකගත නොහැකි විය. හදිසියේම මුර බල්ලන් දෙදෙනෙකු සමගින් පැමිණෙන සොල්දාදුවන් දෙදෙනෙක් දුටුවෙමි. වහාම මා පසුබැස්සෙමි.

නැවත සහයකයා සිටි තැනට බඩගාගෙන විත් දෙදෙනාම ආපසු පල්ලම් බහින්නට විය. සැඟවුණු කූඩාරමට විත් ගිමන් හැරියෙමු.


මතු සම්බන්ධයි……


Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now