⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 27 වන දිගහැරුම ⸎
> බලාපොරොත්තු නොවූ ප්‍රහාරය <
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

*ජයවේවා සර්…

තිදෙනාම රාත්‍රි හතහමාරට පමණ වෑන්රියට ගොඩවී. මහරගම බලා පිටත් වුනෙමු. අඩ හෝරාවක් පමණ අපට කාලය ගතවුවද , පෙර සැළසුම්කරගත් පරිදි පටු මාවත අද්දර ලොකු මාර ගසක් වට වෑන්රිය නවතා දැමුවෙමු.

මෙතැන්සිට ….

හෝරාවකට වැඩි කාලයක් නිස්කලංකව එතන අප රැඳුනේ. පරිසරය තුල පවතින ඝෝෂාව අවම වනතෙක්ය. රාත්‍රි කාලයේ රාත්‍රි හයේ සිට අටහමාර දක්වා කාලය තුල ⁣ඕනෑම නාගරික පරිසරයක ඝෝෂාව
ප්‍රමාණයට වඩා වැඩිය. එය අපට සවන්දීමෙි කාර්යයට බාධා පමුණුවන්නේ
නිරායාසයෙනි. පසුව කළුපැහැති ඇඳුම් ඇගත් තිදෙනාම අත්වලට අත්මෙිස් හා රාත්‍රි දුරදක්නද හිසට දමාගෙන සූදානම්ව සිටිමින්, රාත්‍රි විසිඑකේ පැයට ලඟාවෙත්ම වත්ත සීමාකර තිබුන තාප්පය අසලට අප තිදෙනාම පැමිණපැමිණීමෙන් පසු මා ගේට්ටුවේ ස්භාවය කලුවරේම අතපතගාමින් බැලුවෙමි. එහි කිසිවෙක් නොසිටින බැව් පෙන්වීමට මතුපිටින් තරමක ලොකු ඉබි ලොක් එකක් දමා තිබුනි. අධි ක්‍රියාකරි ඇසිට් ස්වල්පයක් ඉබි අගුලුවට දමා, මුඩිය වසා , නැවත කබා සාක්කුවට දමාගෙන, ඔයිල් කුප්පිය ගේට්ටුවෙහි එකිනෙක ඇතිල්ලෙන, ගැටෙන ලෝහ ලිවරයන් වලට වත්කර , නැවත මුඩිය වසා කබා සාක්කුවට දමාගෙන මිනිත්තු කීපයක් කල් මැරුවෙ දොරගුළු ඇසිඩ් වලට දියවීමට ඉඩහසර ලබා දෙමින්ය.

හොඳයි මහත්වරුනි ( රහසින් ) දැන් මගෙ වෙලාව නමයයි විනාඩි අටයි. හදාගන්න ඒ වෙලාවට ඔයාලගෙ ඔය ඔරලෝසුවත්..

*හරි සර්…
** හරි සර්…

සුළු මොහොතකට පසු ``ටක්´´ හඬක් නංවමින් ඉබි අගුල බිමට වැටුනි. ඒ අවසරෙන් පිස්තෝලයට සයිලන්සරය ස⁣විකරගෙන අනෙක් දෙදෙනාට හස්ත සංඥ්ඤා කරමින් මා ගේට්ටුව සීරුමාරුවට තල්ලු කෙරුවෙමි. කිසිදු ශබ්දයක් නිකුත් නොකරම ගේට්ටුවෙ එක දොරක් හැරෙන්නට විය. මා ක්ෂනිකව වත්ත පරිශ්‍රයට ඇතුල් වී සැළසුමේ පරිදි කසුන් ද ඇතුල් වී දෙදෙනාම මාරුවෙන් මාරුවට වරෙක මා පියවර කීපයක් දිවගොස් නතර වුන තැන, කසුන් හෙවත් දෙවැන්නා නැවතී සිටි තැනින් නැගිට පියවර කීපයක් දිවගොස් නතරවන තැන මා නැවත නැගිට පියවර කීපයක් දිවගොස් නිවසෙහි ප්‍රධාන දොරටුව අසල රැඳී සිට්න විට , කසුන් පිටුපස දොරට යාර කීපයක් ඈතට දිවගොස් තාප්පයට පිටුපා පහත්වී සිටියි.

අනතුරුව මිනිත්තු පහක් ගතවගිය තැන
ගේට්ටුවෙන් ඇතුල්වූයේ අප තෙවැනියා වන නියෝජිත ජේ50 ය. පසුව ඔවු දෙදෙනාම එකම තැනක ස්ථානගත වනතුරු මා ඉවසිල්ලෙන් රැඳී සිටියෙමි. පසුව දොරගුළු වලට ඇසිඩ් වත්කර දොර සරනේරු වලට ඔයිල් වත්කර තවත් මිනිත්තු කීපයක් දොර ආසන්නයේ රැඳි සිටින්නට සිදුවිය. ඒ අතරතුර නිවස ඇතුලාන්තයේ කීදෙනෙක් සිටීදැයි නිර්නය කරගැනීමට අභ්‍යන්තර ⁣විවිධ ශබ්දයන් වලට ඇහුම්කන් දෙන්නට විය. අභ්‍යන්තර ආලෝකයක් වත් තිබුනේ නැත. ඔවුන් කලින්ම විදුලි පහන් නිමා දැම්මාද යනවග සැකසහිතය. ඉතා පරිස්සමට දොරගුළු සිදුරෙන් ඇස දමා පෙනෙන සීමාව තුල ඉතා උනන්දුවෙන් පරික්ෂා කෙරුවෙමි. දෙදෙනෙකු රූපවාහිනීයේ ශබ්දය අඩුකරගෙන එය නරඹමින් සිටියි.

එතකොට අනිත් අය කෝ…? මගෙ සිත මගෙන් විමසයි. මෙි තරම් පරිස්සමෙන් ඉන්නෙ මෙතන අපිට ගේමක්වත් සෙට් කරලා වත් ද…? මොන ගේම වුනත් මෙි ටික ඉවරකරලම තමයි නවතින්න වෙන්නේ. නැත්නම් මුන් ටික අනිවාර්යයෙන්ම අපේ පස්සේ පන්නනවා
ඒක සහතිකයි. හ්ම්ම්… හොඳයි එහෙනම් ඔයිල් ටිකයි, ඇසිඩ් ටිකයි තමතමන්ගෙ වැඩ කොටස කරලා ඉවර ඇති මම හිතන්නේ. බලමු එහෙනම් කියමින් පිත්තෝලය දකුණතින් අල්ලාගෙන , වම් අත මිට මොළවා දොරට තබා , හෙමිහිට තල්ලු කෙරුවෙමි. එය නිරායාසයෙන්ම ගේතුලට තල්ලු විය. එය බාගයක් පමණ ඇරුණු පසු තමන් ඉලක්ක ⁣වීමට තියෙන ඉඩකඩ අඩු කරන්නට මා උපරිම පහත් වී , ගේ තුලට ඇතුල් වුනෙමි.

පලමුවෙන්ම ඇතුල් වනවිටම සිටි දෙදෙනාගෙන් එක් අයෙකුගේ නලලට වෙඩිල්ලක් තැබුවෙමි. දෙවැන්නා වහාම තම ආසනයෙන් පැන ගොස් දිග සෝපා ආසනයට එහායින් සැඟවුණු අතර, ``දඩාස් ´´ ශබ්දය පමණක් ඇසෙන්නට වූයේ මරුමුවට පත්වූ ප්‍රතිවාදියා පුටුවෙන් බිමට ඇදවැටුණු ශබ්දයයි. සැගවුනු ප්‍රතිවාදියාට වෙඩි උණ්ඩය ආවෙ මොන දිශාවෙන්ද සොයාගන්නට නොහැකි වන්නට ඇති. වෙඩි තුනක් සෝපාවට තැබු අතර, කිසිම ශබ්දයක් ඇසුනේ නැත. එක පිම්මට පැන්න මා සිමෙන්ති පොලව දිගේ රූටා ගොස් ආලින්දයේ කෙලවර නතර වනවිට සෝපාවට ආවරණය වූ ප්‍රතිවාදියා වැටි තිබුනි. ඇතැම් විට මා තැබූ වෙඩි සෝපාව පසාරුකර ගොස් ඔහුගෙ පපු පෙදෙසට වදින්නට ඇති. කෙසේ නමුත් ඔහුගේ හිසට තවත් උණ්ඩයක් නිදහස් කර , හෙමින් සීරුවෙ නැගිට ගත්තෙමි. මෙිවනවිට පතුරම් පහක් මා වැයකරා නම් තවත් පතුරම් අටක් මාගේ පිස්තෝලයේ මැගසීනයේ අන්තර්ගතව ඇත. පලමුවෙන්ම හමුවූ කාමරයේ දොර වසා තිබුන අතර , එය විවෘතකිරීමට යාම අණුවණ කමකි. එසේනම් කෙලින් සිටගත් මා අංශක හතලිස් පහක් පමණ ඉහල ඇස් මට්ටමෙි සිට පහලට වනසේ දොර පසාරුකර උණ්ඩය බසින පරිදි `` චස්…… චස් චස්…… ´´ හඬ නංවමින් වෙඩි තුනක් තැබුවෙමි. එසේ වෙඩි තබනවිට දෙදෙනෙක් වේගයෙන් මෙන්න ගහනවෝ කියමින් කෑ කසාගෙන තවත් කාමරයක සිට ගේ පිටුපස දෙසට දුවන්නට විය.

ඊට පසු තව එකෙකු `` කවුද ඩෝ ´´ කියමින් කෑගසන්නට විය. එසැණින් ``කචාස්ස්…ස් ´´ හඬක් ද තදින්ම ඇසෙන්නට වූ අතර , එම ශබ්දය අනුව නම් එය ටී 56 මාදිලියේ ස්වංක්‍රීය තුවක්කුවක් විය යුතුමයි. මාගේ අනුමානය පසක් කරමින් ඔහු මා දෙසට එන්නට විය. නමුත් මා කලින් වෙඩි තැබූ කාමරයේ දොර ඇරගෙන මා ඇතුලට යන විට තවත් උණ්ඩ කීපයක් ඇතුලේ සිට් දෙදෙනෙකු වෙත තැබුවෙමි. මගෙ මැගසීනයේ පතුරම් ඉවරවී බැව් `` කිචිස්´´
හඬ නංවමින් පිස්තෝලය සැල කරනවිට
නැවත මැගසීනයක් මාරු කලද එය රෙඩ් කිරීමට යාමෙිදී ඉතා සියුම් හඬක් ඇසෙන බැවින් නිශ්ශබ්දතාවය බිදීමට එය හේතුවක් වනු ඇත. එසේ ශබ්දයක් ඇසුනොත් සුළු යාන්ත්‍රික අවිය රැගෙන එන ප්‍රතිවාදියාට මාව සොයාගන්නට එය මහත් රුකුලක් වනු ඇත.

එකවරම උණ්ඩ කීපයක් දොර පසාරු කරගෙන එන්නට විය. මා දොර මුල්ලේ සැඟව සිටියෙමි. ``වරෙන් පරයා එලියට´´
කියමින් දොරට පාපහරක් එල්ලකර ප්‍රතිවාදියා කාමරය තුලට ඇතුල්වනවාත් සමගම මා මගේ පිස්තෝලය කටින් හපාගෙන , ඉදිරියට එන ටී56 අවියේ අප් හෑන්ඩ් ගාඩ් කොටසෙන් ( අවියේ ඉදිරිපස අල්ලන කොටස ) අල්ලාගෙන පලමුවෙන්ම මැගසීනය ගලවා අතට ගෙන දෙවනුව ප්‍රතිවාදියාගෙ බඩට මැගසීනයෙන් පහරක් ගසා බිම දැමුවෙමි. තෙවනුව නැගිටිනවාත් සමග මුහුණ හරහා යකඩ මැගසීනයෙන් පහරක් ගසා මැගසීනය බිම දමා , මාගේ කටෙි රඳවා තිබු පිස්තෝලය අතට ගෙන එහි ස්ලයිඩරය පිටුපසට කර ලෝඩ් ක්‍රියාවෙන් පසු නළලට වෙඩිල්ලක් තබා. නැවත පිස්තෝලය කටේ රඳවාගෙන, ප්‍රතිවාදියගේ අතේ රැඳුන ටී56යේ අවිය ඔහුගෙන උදුරාගෙන , නැවත මැගසිනය අවියටද කවා ලෝඩ්කර කාමරයෙන් එලියට විත් ගේ පසුපසට යනවිට. හදිසියේම මා ඉදිරියට පැනපු වෙඩික්කරුවෙකු මාහට වෙඩි තැබීය. වෙිගයෙන් සුළු ප්‍රමාණයක් පහත්වූ මා
ටී56 යේ අවියෙන් උණ්ඩ කීපයක් වෙඩික්කරුගෙ පපුවට තැබුවෙමි.

තෙවනුව මතුවන ප්‍රතිවාදියාට වෙඩි තැබීමට සැරසෙත්ම , එකවර ඔහු ඇද වැටුනේ හිසේ දකුණු පසින් ලේ සීරාවක් විදිමිනි. කෙටි බිත්තයෙන් එපිටට අවියේ බැරලය දමා. එබී බලනවිට කසුන් මතුවිය.

**සර් සර් මම මම…

හරි… එන්න අපි දකුණු පැත්ත ටිකක් බලමු කියමින් දෙදෙනාම මාරුවෙන් මාරුවට වම දකුණ පැති මාරු කර කර කාමරවල අභ්‍යන්තරය පරික්ෂා කෙරුවෙමු.

*ක්ලියර්… සර්…

ඕකේ… විඩ්‍රෝව්….

ඉතිරි කාමර දෙක තුල කිසිවෙකු සිටියේ නැත. පසුව දෙදෙනාම පිටුපස දොරින් නික්ම යනවිට නියෝජිත ජනිත් ලඟ දෙදෙනෙකු මැරි වැටී ඇති බැව් පෙනුනි.

මහත්වරුනි.. අපිට වැඩි වෙලාවක් නැහැ.
ඉක්මනට යමු මෙතනින්.. කියමින් මා අතැතිව තිබූ ටී56 අවියද ගේතුලට දමා තිදෙනාම ගේට්ටුවෙන් එලියට විත් ලහිලහියේම වෑන්රිය වෙත ආවෙමු. නියෝජිත ජනිත් විසින් සුපුරුදු පරිදි එය පණ ගන්වා වෙිගයෙන් ඉදිරියට ධාවනය කරන විට වෙලාව රාත්‍රි නමය පසුවී විනාඩි තිස්පහක් ඉක්මවා ගොස් තිබුනි. මද දුරක් යනවිට ට්‍රෙිල් වර්ගයේ බයික් එකක් අප පසුපස වේගයෙන් මොර දෙමින් එන්නට විය.

**සර් දෙන්නෙක් අපේ පස්සේ පන්නනවා.

ඔව් සුපුන්.. අපි පුළුවන් තරම් වේගයෙන් යමු. මුන් අපි ලඟට එන්න දෙන්න හොඳ නැහැ. වෑන්රියේද වෙිගය වැඩිවිය. අතරින් පතර එන වාහන මගහරවමින් අප ගමන් කලද යතුරුපැදිය හැරවීමෙි හා හැසිරවීමෙ පහසුව නිසාදෝ ඔවුන් අප ආසන්නයට වරින් වර පැමිනේ.

*සර් මුන් ෆයර් කරන්නේ නැහැ නෙ.

නෑ නෑ මුන් එන්නෙ මැග්නට් බෝම්බයක් දාන්න වගේ. ටෙක්ස්ටයිල්ස් එකට යන්න එපා. අවිස්සාවේල්ල පාරට දාන්න.

**හරි සර්…

හෝමාගම හමදා කඳවුර පසුකර අපි ගියද , ඔවුන් අප පසුපස එන බවක් පෙනෙන්නට තිබුනෙ නැත.

**සර් උන් අපිව මගහැරියද….?

නැහැ සුපුන්. වෙිගය අල්පමාත්‍රයක්වත් අඩුකරන්න එපා දිගටම යමු.

**හරි සර්.

තවත් කිලෝමීටර් පහක් පමණ ගොවා යනවිට වෙිගයෙන් ට්‍රෙිල් වර්ගයේ යතුරුපැදි දෙකක් අප පසුපස හඹා එන්නට විය.

*සර් මුන් ආයෙ එනවා.

මුන් දන්නවා මෙික බුලට් පෲෆ් වාහනයක් කියලා.

**සර් මීට වඩා වෙිගය වැඩි කරොත් මට පාලනය කරගන්න බැරිවෙයි මෙික.

කමක් නැහැ සුපුන්. පාලනය කරගන්න පුළුවන් වෙිගයෙන් යන්න.

*එතකොට මොකද කරන්නේ …?

දෙකක් එනවා කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න දෙයක් නැහැ ⁣බයික් දෙක අපේ දෙපැත්තට දානවා. කමක් නැහැ අපි ඒකට ඉඩ දෙමු. කසුන් සූදානම්ව ඉන්න මැග්නට් බ්ලාස්ටර් එක දමලා ගහන්න කලින් පදින එකාට හෙඩ්ෂොට් ගහන්න. මමත් මෙි පැත්තෙ හෙඩ්ෂොට් ගහනවා. සුපුන් උන්ට අපිට ලංවෙන්න ඉඩදෙන්න.

**හරි සර්.. ඔන්න අඩු කරා.

කසුන් රෙඩි වෙන්න එහෙනම්.

*හරි සර්…

මා කියූ පරිදිම ඔවුන් වෑන්රියේ පසුපස සීමාවට ඇතුල්වනවාත් සමග මා ක්ෂනිකව වීදුරු කවුළුව බාගෙට ඇර , එයින් එලියට පිස්තෝලය දමා, යතුරුපැදිය පදින්නාගෙ හිසට වෙඩි දෙකක් තැබුවෙමි. හිසට වෙඩි වැදුනු ඔවුන් යතුරුපැදිය සමග වෙිගයෙන් පොලව කාගෙන ඇද වැටෙන්නට විය.

වන් ඩවුන්.. මා කෑගසන්නට විමි.

කසුන් දෙවනුව වීදුරු කවුළුවෙන් තම පිස්තෝලය එලියට දමා දෙවන උණ්ඩය නිකුත් කලද යතුරුපැදිකරු වෙට්ටුවක් දමන්නට විය.

*ටාගට් මිස්…

**ඔහොම ඉන්න සර්. මම කරන්නම්.
කියමින් වෑන්රියේ වෙිගය එකට එකක් අඩුකර , එකවර තිරිංග තද කරන්නට විය. වෑන්රිය එකවර පාරෙ හරහට හැරෙන්නට විය. ඒ අවසරයෙන් දොර අරගත් සහයක කසුන් එක දිගට උණ්ඩ කීපයක් ඔවුන් වෙත මුදාහරින්නට විය. ඉන්පසු දෙදෙනාම පාලනයෙන් ගිලිහුන යතුරුපැදියෙන් ඇද වැටෙන්නට විය. ක්ෂනිකව බැසගත් අප දෙදෙනා ලඟට ⁣ගොස් ඔවුන්ගෙ හිසට වෙඩි තබා , මා විසින් එකෙකුගෙ ජංගම දුරකථනය රැගෙන කබා සාක්කුවට දමා ගත්තෙමි. ලහිලහියේ නැවත වෑන්රියට නැගින විට වෑන්රිය වෙිගයෙන් අවිස්සාවේල්ල දෙසට ධාවනය කරන්නට විය.

සුපුන් වෙිගය අඩුකරන්න එපා.. ගේම්එක ඉවර නෑ. උන්ගෙ එවුන් තව මග ඉන්න පුළුවන්..

**හරි සර්…

*මොකක්ද සර් මෙි වෙන්නේ මුන් පිස්සු බල්ලො වගේ..

ඔව්.. උන්ගෙන් එකෙක් ගේ ඇතුලෙම ඉඳගෙන කට්ටියක් ඇවිත් ගහනවා කියලා කියන්න ඇති. අඩුම තරමෙ කෙටි පණිවිඩයක් හරි යවන්න ඇති. මෙි තියෙන්නෙ බඩු. මූට ඇතුලෙන් ඇවිත් පණිවිඩය. ඉන්න බලන්න කවුද කියලා. මා කෙටි පණිවිඩය ආ දුරකථන අංකය දෙස පරික්ෂාවෙන් බැලුවෙමි. හරියටම හරි බඩුම තමයි. මහේෂ් ලොක්කා තමයි අනිත් එවුන්ට මැසේජ් ටික දෙන්නෙ.

*ඔව් සර්. ඒක තමයි කරන්න ඇත්තෙ.

යමු මහත්වරුනි. එලිවෙනකම් හරි කමක් නැහැ සුද්දෙ දාමු. එච්චරයි.

**දෙමු දෙමු සර්..

අවිස්සාවේල්ල නගරයට ආවත් වෙනත් කිසිවෙකු අප එනතුරු හෝ අප පසුපස
හඹා ආවෙ නැත.

**සර් දැන් මොකද කරන්නේ…?

අපි යමු කෑගල්ලට. එහෙ තියෙන සේ්‍ෆ් හවුස් එකේ දවස් තුනක් විතර ඉමු. හෙි උණුසුම් තත්වය පහව යනතුරු.

**හරි.. අපි යමු සර්…

හෝරාවකට පසු කෑගල්ලට පැමිණි අපි බෙරගල පිහිටි ``එම් හවුස් ´´ පරිශ්‍රයට ලගාවනවිට මධ්‍ය රාත්‍රියට ආසන්න විය.
එම්හවුස් එකෙහි රථ ගාලට වාහනය දමා , රහස් අංකය ඇතුල්කර දොරගුළු මුදාහැර ගේතුලට පිවිසියෙමු. සෝෆා ආසනය මත තිදෙනාම වාඩිවී ගිමන් හරින්නට විය..

*සර් අරුගෙ ෆෝන්එක කෝ…?

ආ…. මම ඒක කලගෙඩිහේන ලඟදි ඇලකට දැම්මා. දැන් මාළු කෝල් ගන්නවා ඇති. මොහොතක් තිදෙනාම එකිනෙකාගෙ මුහුණෙන් මුහුණ බලා තදින්ම සිනාසෙන්නට විය.

හ්ම්ම්… මහත්වරුනි. දැන් ඉතින් සන්සුන් වෙන්න. මෙික ඉතින් අපේ ජොබ්එකනෙ.
සමහර තැන්වල මගෙන් අහන්න ප්‍රශ්න එහෙම ඇති. ඒ ගැන අපි හෙට උදේට කතා කරමු නේද… ?

*ඔව් සර්..

**ඔව් මටත් දැන් විවෙිකගන්න ඕන.

හොඳයි මහත්වරුනි. විවෙිකගන්න එහෙනම්.

පසුදින……

උදෑසනින්ම අවදිවූ මා පලමුවෙන්ම ගියේ සංඥ්ඤා කාමරය වෙතය. සැටලයිට් දුරකථනය ක්‍රියාත්මක කරනවිටම ඩාර්ක් හෙඩ්ගෙන් වීඩියෝ දුරකථන ඇමතුමක් ලැබුනි.

DH - ආයුබෝවන් මාධව.

ආයුබෝවන් සර්…

DH - බෙරගල නේද ඉන්නෙ…? ඒ කියන්නේ හෝමාගමට එහා හතරක් ඉවරයි. කොල්ලො දෙන්නා හහොඳින් නේද.. ?

ඔව් සර්.. අපි හොඳින්. ඒකයි මහරගම එකයි දෙකම අපි තමයි.

DH - වෙල්ඩන්. ටික දවසක් රිලැක්ස් වෙන්න.

ඔව් සර්… මමත් කල්පනා කරේ දවස් තුනක් විතර යනකම් පාඩුවෙ ඉන්න.

DH - ඒක හොඳයි. හෝමාගම කොහොමද
වැඩෙි වුනේ..?

සර්.. මුන් ⁣ටිකක් වෙනස් එවුන් ටිකක්. සන්නිවේදනය හරියටම තියනවා. එකෙකුට ගහනකොට අනිකට පණිවිඩය ලැබෙනවා ඉතින් රොත්ත පිටින් එනවා.
හැබැයි මෙි සේරම කරන්නේ මහේෂ් ජීවානන්ද තමයි. මෑන්ට තවම හොයාගන්න බැහැ අපි කවුද කියලා.
ඉතින් මිනිස්සු දම්මලා ගහලා බලන්න හදනවා.

DH - තමුසෙ කට්ටයා හන්දා වැඩෙි දෙල් වෙනවා..

ඔව් සර්…

හ්ම්ම්… පරිස්සමෙන්.

සර් මුන්ට ටී56 තියනවා. කොහෙන් ගෙනාපුවද මන්දා.

DH - හරි… අපි ඒකත් හොයමු මාධව. කලබල නොවී ඉමු.

ඔව් සර්… අනිවාර්යයෙන්ම ඒකත් හොයන්න ඕන.

**ආයුබෝවන් සර්…

DH - ආයුබෝවන් .. ආයුබෝවන් ..
ඒජන්ට් ජේ50. තමුසෙ දැන් තේත් හදනවා වගේ..

**ඔව් සර්.. ලොක්කට තේ එකක් හදා දීලා හරි ලකුණු දාගන්න එපැයි ( සිනාසෙමින් )

DH - බලාගෙන හිටහං. ලැබෙයි මේන් කියලා ලකුණු. හහ් හහ් හා…

**ඔව් සර්… මෙි ලැබෙන ලකුණු මදැයි.

DH - හරි හරි මාධව පරිස්සමෙන් හරිද. මම තිබ්බා ජයවේවා.

ජයවේවා සර්…. කෝ මෙි කසුන් පුතා..?

**ඉන්නවා සර්… ඔය එන්නෙ කියනකොටම.

*ආයුබෝවන් සර්…

ආයුබෝවන් කසුන්. බලන්න ආයුබෝවන් කියන වදනෙ තියෙන සැහැල්ලුව.

*ඒකනෙ සර්…

හරි වාඩිවෙන්න. ඉතින් අපි මොනවද දවස් තුනක් මෙහෙ ඉඳලා කරන්නේ…?

**මොනවා කරන්නද සර්… කාලා බීලා ආතල් එකේ ඉමු.

ඔව් එහෙමත් හොඳයි.

මතු සම්බන්ධයි.....


Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now