⸎⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 53 වන දිගහැරුම ⸎

`` රවින්ද්‍රගෙ අවසානය ´´
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

**හරි සර්… අපි අපේ උපරිමයෙන් සර්ට සහයෝගය දෙනවා…

බොහොමයක් ස්තුතියි මහත්වරුනි. එහෙනම් විවේක ගන්න …

සුභ රාත්‍රියක් මහත්වරුනි ….

මෙතැන් සිට……..

පසුදින.. පෙරවරු අටෙි පැයට අප ගොඩනැගිල්ල ඉදිරිපිට ගාල්කර තිබූ ගිලන්රථයට නැග සුදු ඇඳුමින් සැරසී, අප තිදෙනා ගම්පහ බලා පිටත් වුනෙමු. ඒ යන අතරතුරදී ජිල්බෝල පැකට් තුනක්ද මිළදී ගන්නට ද අමතක නොකෙරුවෙමු. හෝරාවකට ආසන්න කාලයකදී ගම්පහ නගරයට යාබදව ස්ථානගතවෙලා ඉන්නට හැකියාව ලැබුනි. උදා ආහාරයත් අසල කඩෙිකින් ලබාගෙන අප දෙදෙනා පමණක් රවින්ද්‍රගෙ නිවස වෙත ගොස් පිටුපසින් ගෙට ඇතුල්වී පැකේජ්ය නිවසට ඇතුල්වන තෙක් නිසොල්මනේ රැඳී සිටියෙමු. පෙරවරු දහය පසුවී විනාඩි පහලවක් පමණ ගතවෙද්දි සේපාලිකා ගෙන් මැසේජ් එකක් ලැබුනි.

කසුන්…

*සර්…

පැකේජ් එක එතනින් පිටත්වුනා.. ලෑස්තිපිට ඉන්න. ගෙට ඇතුල් වෙනකොට පිටිපස්සෙන් ඇවිත් අතින් කුඩා මොළයට පාරක් ගහන්න. ඊට පස්සේ මෑන් ඩවුන්.
මම පැනපු ගමන් පපුවට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙන්නම්… ඊට පස්සේ කෝකටක් ක්ලෝරෆෝම් පිහිට පතමු.

*හරි සර්…. මම රෙඩි..

වෙරිගුඩ් ….

හෝරාවක් පමණ ඉවසාගෙන සිටින්නට විය.. ක්ලික් ….. දොර අගුළු ඇරෙන්නට විය. තම නියෝජිතයා වහාම ඇරෙන දොරට මුවාවී සැඟවෙන්නට විය. අනපේක්ෂිත ලෙස පැකේජය ආපසු හැරී , දොර වසනවාත් සමගම මා ක්ෂනිකව ක්‍රියාත්මක වී රවින්ද්‍ර ගේ කුඩා මොළයට
දකුණු අත්ලෙන් පහරක් එල්ල කෙරුවෙමි. කිසිදු දෙයක් නිශ්චය කරගැනීමට ඉඩ නොදුන් මා පහර කෑ ආපසු හැරෙනවාත් සමග මාගේ අතේ තිබුන අධි විදුලි විහිදුම් උපකරණය පැකේජ්යේ පපුවට තබා තද කෙරුවෙමි.
ඔහුට පිටුපසින් කොන්දට වාරු දෙමින් නියෝජිතයා අනගි සහයක් ලබා දෙන ලදි.

වැඩෙි හරි… කසුන් හෑන්ඩ් කප් දාන්න. මම නියෝජිත ජනිත් ට සිග්නල් එක දෙන්නම්…

*හරි සර්…

තම නියෝජිතයා විසින් අත් දෙකට හා දෙපයට මාංචු දැමීය

මා නියෝජිත ජනිත් වෙත සංඥ්ඤාව ලබාදීමෙන් පස් නැවත අධි විදුලි විහිදුම් උපකරණය තැනින් තැන තබා ක්‍රියා කෙරුවෙමි.

*සර්ට තවම සැකයි නේද….?

ඔව් කසුන්… ඉන්මනට ඔය ෆෝන් එක අරගෙන FM රේඩියෝ එක ඔන් කරලා මට දෙන්න ….

*ආ සර්…..

FM රේඩියෝව ක්‍රියාත්මක කරන ලද දුරකථනය අතට ගෙන පැකේජයේ ශරීරයේ අස්සක් මුල්ලක් නෑර තබා බලන විට. වම් බාහුවෙ එක තැනකදී දුරකථනයෙන් අමුතු හඬක් නිකුත් වන්නට විය. හ්ම්ම්… බඩු මෙතන තියනවා. හැබැයි අපෙන් ලැබුන ෂොක් එකට අක්‍රීය වෙලා නම් නැහැ.

*හපොයි එහෙමද ….? වෙලාවට බැලුවෙ.

ඉන්න කියමින් නැවතක් අධි විදුලි විහිදුම් උපකරනය එතට තබා ක්‍රියාත්මක කර නැවත විසන්ධි කෙරුවෙමි. නැවත දුරකථනය තබා බලනවිට කිසිදු ශබ්දයක් නොඇසුනි. නියමයි දැන් හරි..
බලන්න අපේ එක ආවද කියලා …

*ඔව් සර්… ..

හ්ම්ම්… යමු මෙයාව උස්සගෙන. දෙදෙනාම පැකේජය ඔසවාගෙන ගෙයින් එලියට එනවිට නියෝජිත ජනිත් විසින් ට්‍රොලිය තල්ලු කරගෙන එන ලදි. එය මත
පැකේජ්ය තබා තල්ලුකරගෙන ගිලන්රථයට දමා දොර වසා දැමුවායින් පසු… සයිරන් නලාවද දමාගෙන වෙිගයෙන් ගමන් ගත්තේ වත්තල එන්හවුස් වෙතය. එහි ගොස් අදාල අවිආයුධ ටික හා දුර දක්න දෙකක්ද රැගෙන , ගිලන්රථයට දමාගෙන
ඉඳුරාම ගමන් ගත්තෙ වත්තල , මහබාගෙ නගර සීමාවෙ වෙරලට ආසන්නව පිහිටි පාළු නිවස වෙතය.


දෙදෙනාම සිහිසුන්ව සිටි රවින්ද්‍රව ඔසවාගෙන එනවිට බැඳ දැමීම සඳහා
නියෝජිත ජනිත් විසින් යකඩ පුටුවක්
රැගෙන වහලය රහිත පාළු ගේ තුලට ගොස් එහි ආලින්දය මැද තැබීය. සිහිසුන්ව සිටින රවින්ද්‍රව එහි ඉන්දවා
බැඳ දැමීය. පසුව බ්ලොග් ගල් කීපයක් තබා ආසන තුනක් තනාගෙන කසුන් මාර්ගය දෙස බලමින් හා නියෝජිත ජනිත් වෙරළ දෙස බලා සිටින විට මා වතුර ස්වල්පයක් පැකේජයේ මුහුනට ඉසුවෙමි.

සිහිය ආ විගස පැකේජ්ය එහෙ මෙහෙ සෙලවීමට වෙර දැරුවත් තදින්ම පුටුවට තබා ඇදබැඳ තබා ඇති බැවින් කිසිවක් කරගන්නට රවින්ද්‍රට හැකියාව නොලැබුනි. ඉදිරියට නැමී මුව වසා තිබූ ටෙිප්එක ගලවා සාක්කුවට දාගත්තේ සාක්ෂි කිසිවක් හෝ නිගමන වලට ඒමට හැකියාව අවම කිරීමටය.

$ තමුසෙලා දන්නවද වැරදි මිනිහව ගෙනත් තියෙන්නෙ. විනාඩි දහයෙන් තමුසෙලා වෙඩි කනවා….

ඇත්තද…. වෙඩි ඒ තරමි රසයිද කොස්තාපල් රවින්ද්‍ර ….? සොරි සොරි එස්අයි රවින්ද්‍ර …. හරි… තමුසෙ කියනවා නම් අපි මෙතන පැයක් ඉන්නවා මොකාද එන්නෙ කියලා බලන්න … ඇත්තටම කවුද එන්නෙ…? ඇන්ටනීගෙ ගැන්සියද…? එහෙම එන්නෙ නැහැ . මොකද තමුසෙ ඌටත් ගේමක් ලෑස්ති කරානෙ..

$මම…. මම එහෙම කරේ නෑ ඔීයි…

දැන් කවුද එහෙම කරේ නෑ කියලා පිලිගන්නෙ …? ඒ කතාව පිලිගන්නෙ අපි විතරයි .. මොකද ඒ ගේම සෙට් කරේ අපිනෙ. අඩුම තරමෙ CDI එකවත් පිලිගනියිද…?

$ මොකක් තමුසෙලා….?

ඔව්… අපි තමයි … ඇයි ෂැකද…?
ඒ විතරක් නෙමෙි.. මිහිරාණිගෙ බොඩිඑක අතුරුදහන් කෙරුවෙත්, මිනීමැරුම කරපු ගෙදරට වතුර සපයපු ලි⁣ඳේ තිබුන ෆෝන් එක ගොඩ අරගෙන ඒකෙ තිබුන වීඩියෝ එක උසාවියට යනකම් වැඩකටයුතු අධීක්ෂණය කරෙත් අපිම තමයි.

$ තමුසෙලා මොක්කුද….?

අපි නේද…. අපිගැන ලියන්න ගියොත් ශුද්ධ වූ බයිබලයටත් වඩා ලොකුවෙයි පොත. කියන්න ගියොත් බොහෝ කාලයක් ගතවෙයි. ඒ හන්දා මම පටන්ගන්නම් තමුසෙගෙ පැටිකිරියෙන්

නාරද …

*සර්…

මම කොතනින්ද පටන්ගන්න ඔීන…?

*සර් කොස්තාපල් රවින්ද්‍රගෙන් පටන්ගමු.

එල…. මීට අවුරුදු තිහකට කලින් කොස්තාපල් රවින්ද්‍ර එවකට වව්නියාව පොලීසියේ වැඩකරා. පස්සේ මෑත කාලයෙත් වැඩකරා. ඒක හරි කියමුකො.
කොස්තාපල් රවින්ද්‍රට ඔීන වුනා හුඟක් සල්ලි හොයන්න. මොකද කොස්තාපල් පඩිය මදි වුනා. ඉතින් එවකට ගාලුමෝදර ප්‍රාදේශීය සභාවෙ සභාපති වශයෙන් වැඩ කරපු අමරබන්දු රූපසිංහ සමඟ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වුනා. නමුත් වැඩි කාලයක් කරගෙන යන්න ලැබුනෙ නෑ. ඒ ගැන ``දිනකර ´´ පත්තරේට ආන්දෝලාත්මක ලිපියක් ලිව්වා ගාලුමෝදර කණ්ඩායමක් හෙරොයින් නිශ්පාදනය කරනවා වගේම, හෙරොයින් ආනයනය කරනවා කියලා. යම්කිසි බෙහෙත් ද්‍රව්‍යයක් ලංකාවට ආනයනය කරන මුවාවෙන් වැඩෙි කරගෙන යනවා කියලා තමයි ඒ,ආටිකල් එකේ තිබ්බෙ. මම හරි නේද…?

හ්ම්ම්… නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නෙ මා නිවැරදි බවය… හරි… තමුසෙට මතකයිද ඒ විද්‍යාඥ්ඥයා කවුද කියලා..?

$ මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු …

හ්ම්ම්… හොඳ මතක ශක්තියක් තියනවා තමුන්ට.. ඔව් මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු. රසායනික විද්‍යාව පිලිබඳව හසලයෙක්.. මීට වසර තිහකට කලින්
තමුසෙලා කණ්ඩායමක් ඇවිත් මහාචාර්ය
මයිකල්ටයි , එයාගෙ බිරිඳටයි නළලට වෙඩි තියලා , කුඩා අතදරුවයි , අවුරුදු අටක පිරිමි ළමයයි ගේ ඇතුලට දාලා ගෙට ගිනි තිබ්බා පිච්චිලා මැරෙන්න.
තමුසෙ මහ නීච අධමයෙක් ඔීයි..
ත්‍රස්තවාදීන්ගෙත් තිබ්බා හොඳ ප්‍රතිපත්ති. කවදාවත් උන් සොල්දාදුවන්ට වස විස දීලා මැරුවෙ නැහැ. එහෙම කරන්න උන්ට වුවමනාව තිබ්බා නම් ලිං වලට වසවිස දාන්න තිබ්බා. නමුත් උන් එහෙම කරේ නැහැ . ඒක උන්ගෙ ප්‍රතිපත්තියක්.. කොටියෙක් මුවෙක්ව දඩයම් කරන්නේ ආහාරයට විතරයි. අනිත් වෙලාවට උන්දෙන්නා එකට එක කඩිත්තක වතුරත් බොනවා. එහෙමයි සත්තු. නමුත් තමුසෙලාට එහෙම එකක් වත් නැහැ.. ඒ කියන්නේ තිරිසනුන්ටත් වඩා අන්තයි.

$ උඹ කොහොමද ඒක දන්නෙ….?

ඒක දන්නෙ… ඒ අත දරුවා මගෙ නංගි
ඒ අවුරුදු අටෙි පොඩි එකා තමයි මම.
මම අවුරුදු තිහක් උඹ ගැන ඇහැගහගෙන හිටියා. උඹට ෂොට්එක දෙන්න මට ඒහැටි වෙලාවක් යන්නේ නෑ.
ඒ වුනත් මට ඔීනකම තිබුනා ජාලය පාලනය කරන මහඑකා හොයාගන්න.
එදා සම්පූර්ණ මාස්ක් එකක් දාගෙන ආවෙ අමරබන්දු රූපසිංහ කියන්න මම දැන් දන්නවා … උඹ හිතුවද අපි CDI හෝ වෙනත් පාතාල කල්ලියක එවුන් කියලා…? නෑ අපි ATU සාමාජිකයින්. ඔව්.. Anti Terrorist Unit ( ත්‍රස්ථ මර්දන ඒකකය ) එකේ සාමාජිකයින් මම ඒකෙ
ටීම් CO කෙනෙක්. මම මෙච්චර දුර ආවෙි
උඹට ෂොට්එක එක දෙන්නම නෙමෙි. මුළු ජාලයේ මහඑවුන්ට සුදුකොඩි පෙන්වන්න පරයෝ… කියමින් පිස්තෝලයේ බැරලය රවින්ද්‍රගේ නළලට තැබුවෙමි..

$ my god…. ඒ පොඩිඑකා උඹද…?
උඹ කොහොමද බෙිරුනේ…?

මම ⁣මගෙ අතපය ගැටගහලා තිබ්බ ලණුව කටින් හපලා කඩාගෙන මගෙ නංගිත් අරගෙන දොර කඩාගෙන එලියට පැන්නා පරයෝ. තොපිට බැරිවුණා මගෙ ආත්ම ශක්තිය මරන්න… උඹලට පුළුවන් වුනාට මගෙ තාත්තව මරන්න , ඒත් එයා මට දීපු පන්නරය මරන්න බැරිවුනා. උඹ ලබන මාසෙ විශ්‍රාම යන්න බලාගෙන හිටියට අදම අපි උඹව සියළුම දීමනා සහිතව පරලොව යවනවා. මෙි⁣ වෙද්දී ශාන්ත ඇතුළු සේරම පරලොව යැව්වෙත් අපි තමයි. උඹලට පරණ හතුරො නෑ. අපි තමයි හැම කුමන්ත්‍රණයක්ම කරේ. උඹලා ප්ලෑන් ගහනකොට අපි ගැහැව්වෙ ප්ලේන්…මට උඹගෙන් දැනගන්න කිසිම දෙයක් නැහැ. මොකද අපි දේවල් හොයනවා මිසක, අහන්නෙ නෑ කාගෙන්වත්.. හරි.. කොහොම නමුත් මරදාන හොස්පිටල් එක හිටපු අළුත් හිඟන්නා වගේම , සයුරි අතුරුදහන් කරා කියලා පණිවිඩය දීපු හිඟන්නත් මම ම තමයි. ඩොක්ටර් දුනිත් , සයුරි අතුරුදහන් කරෙත් අපිම තමයි.
ශාන්තගේ කතාව ඉවර කරලා බොඩී එකත් පුච්චලා අළුටික බේර වැවට දැම්මෙත් අපිම තමයි.

$ තව ටික වෙලාවයි උඹලට තියෙන්නෙ..

දවසම මෙතන හිටියත් උඹව ගන්න බල්ලෙක් තියා , උගෙ පොඩි එකා කුක්කෙක්වත් එන්නෙ නැහැ. මොකද
GPS ට්‍රැකින් ක්‍රම පාවිච්චි කරේ කෝපි කාලේ. දැන් එව්වා වැඩක් නැහැ.
අපි ඔය සේරම සෙල්ලම් ඉගෙනගෙන තමයි ගේම් වලට බහින්නෙ.
තමුසෙගෙ කාලය ඉවරයි. කරපු සේරම අපරාධ මතක්කර ගනින්… මොකද කිසිම දෙයක් සදාකාලික නැහැ. දහස් ගාණකගෙ වැගිරුනු උණු ලේ වලට උඹලගෙ නඩය ඍජුවම වගකියන්න ඔීන. සාමාන්‍යයෙන් පොලීසිය කියන්නේ ලංකාවෙ උත්තරීතර ආයතනයක්.
එව්වා ගෙ සේවය කරන බහුතරය විනය ගරුකයි. ඒත් තොපි වගේ අපතයෝ ටිකක් හන්දා තමයි මිනිස්සු පොලීසියට කැමති නැත්තෙ. පොලීසිය නෙමෙි. ඔීනම ආයතනයක ⁣තොපි වගේ අපත හිපාටුවො ඉන්නවා. ඒකෙන් වෙන්නෙ සමස්ථ ආයතනයම කිලිටු වෙන එක.

$ උඹලට බෙිරුමක් නැහැ. මම මෙිකෙ
ඉත්තෙක් විතරයි. අමරබන්දු සර් ලඟට උඹලට කිට්ටු වෙන්න බෑ.

අමරබන්දු උඹලට මහ එකෙක් වුනාට, අපිට නිකංම නිකං ගොබ්බ හිපාටුවෙක් විතරයි. ඌව ඉවරයක් කරන එක අපිට මහලොකු ගේමක් නෙමෙි. උගේ දකුණු අතයි වම් අතයි වන අප්‍රිකන් කාරයෝ දෙන්නත් ඉවරයි. ඒ වගේම අමරබන්දු ඉන්න තැනත් අපි හොයාගෙන ඉවරයි.
උඹ දන්නවද ඌට අපි මොකද කරන්නේ කියලා …. ? අපි ඌව, ඌ හදපු මෝරුන්ට ම කන්න දානවා.

$ මොනවා…. උඹලා දන්නවද..? මමවත් දන්නෙ නැහැ..

ඔව්… මෙච්චර අතයටින් ගේම් ගහපු අපිට ඔීක මොකක්ද පරයෝ… මීට පස්සේ නයිට් ක්ලබ්වල මීටින් ඉවරයි. උඹලගෙ
සම්පූර්ණ ටීම් එකත් තව විනාඩි පහලවක් ඇතුලත ඉවරයි … ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම තව ටික දවසකින් ඉවරයි.. ඇති නේද අවුරුදු තිහක් තිස්සේ මිනිස්සුන්ට ගින්දර දුන්නා..
වෛද්‍යවරුන් , හෙදියන් බර ගාණක් අහේතුක විදිහට මරලා දැම්මා. ඒ සේරම අහේතුක කතාවල පිටපත ලිව්වා. වැඩෙි වරදුනේ මිහිරාණිගෙන් නේද… ? තව 23 ක් මරන්න සැළසුම් කරලා තියනවා..
උන්ට අතක්වත් තියන්න ලැබෙන්නෙ නැහැ. උන් කරපු දේවල් වලට උසාවිය
දඩුවම් දෙයි. උඹ මිහිරාණිගෙ මිනීමැරුමෙ පිටපත ලියනකොට ඒ බුද්ධිමත් කෙල්ල වෙනම පිටපතක් ලිව්වා. ඒකෙන් උඹලා සේරම කොටුවුනා. උඹලට මරණ දණ්ඩනය දෙන්න ඔීන අපි මිසක උසාවිය නෙමෙි. මොකද උඹලට නීතී මාර්ගයෙන් මොකුත් කරන්න බැහැ. අපිට උඹෙන් දැනගන්න කිසිම දෙයක් නැහැ. උඹට තියනවද අපෙන් දැනගන්න මොකුත්…?

$ ඔව්… මට දැනගන්න ඔීන..
උඹලා මාව මරනවද කියලා …?
නැතුව උඹ ගව මෙතනට පන්නගෙන ආවෙ ජිල් ගහන්න නෙමෙි…

$ මට මෙහෙම මැරෙන්න බැහැ. මට ගෞරවාන්විත මරණයක් දියල්ලා..

නෑ උඹට එහෙම මරණයක් හිමි නැහැ. ගෞරවාන්විත මරණයක් හිමි රට වෙනුවෙන් වැඩ කරපු අයට විතරයි. ඒකට නගර සභාවෙ කුණු පටවන මිනිහටත් අදාලයි. මොකද ඒ අය නැත්නම් මෙි නගර , පරිසර පද්ධතිය අපායක් වෙනවා. ඒ තරමි විනයගරුක රටක නෙ අපි ජීවත් වෙන්නෙ.. අවුරුදු 2500 ක ඉතිහාසය පුරාජේරුව කිය කියා , බීපු බියර් ටින්එක මහපාරේ. කාපු ටොෆියෙ කොලය මහපාරෙ. පාරෙ මිනිහෙකුට පයින් යන්න බැහැ කෙල ගහලා පාර පඩික්කම වාගේ. ඉතියෝපියාවට විතරයි ණය නැත්තෙ. මොකද උන් ණය දෙන්නෙ නැති හන්දා.
ඒ වුනාට වංශය කබල් ගගා ඉන්නවා. හැමදාම හොරු ටික පාර්ලිමේන්තුවට යවනවා. ඒ කරලා ප්‍රශ්න ටික පුපුරා ගියාම අරගල කර කර ආරක්ෂක අංශ වලට බැන බැන ඉන්නවා. ඔය අරගල කරන එකෙකුටවත් හිතුනෙ නැද්ද තමන්ගෙ කතිරය හරි එකෙකුට ගැහැව්වා නම් මෙි ප්‍රශ්න මොකුත් නැහැ කියලා. මෙච්චරකල් කරෙ තමන්ගෙ ඡන්දය අවභාවිතා කරපු එක. වක්‍රවාකාරව උඹලා වගේ එවුන් ප්‍රයෝජන ගත්තා ඒකෙන්. තරුණ පරපුර මතට පුරුදු කරා. නීතිය ආරක්ෂා කරන්න ඉන්න එවුන් ඒක දූෂණය කරලා හරියනවද පරයො…?

අපි මාර කට්ටක් කන්නේ මෙි අපරාධ නවත්වන්න. උඹලා මෙි රටෙිම ඉපදිලා, මෙි රටටම කෙලිනවා. ඉතින් උඹලා වගේ සුනඛයින්ට මොන ගෞරවාන්විත මරණද..? මම කියපු දේවල් ගැන කල්පනා කරපං අපායට ගිහින්.. දේශත්ද්‍රෝහීන්ට වෙඩි තියෙන්නෙ හරියටම නළලට. ඒක තමයි ⁣ද්‍රෝහියෙක් කියලා හංවඩු ගහන ක්‍රමය…
එහෙනම් …ගුඩ් බායි රවින්ද්‍ර..
කියමින් නළලට වෙඩි දෙකක් තැබුවෙමි.
චස්.. චස්.. හඬ නගමින් පිටවුන උණ්ඩ දෙක රවින්ද්‍රගෙ නළල විදගෙන, හිස පසාරු කරගෙන පිටුපසින් ලේ විහිදුවාලමින් පිටවිය. ක්ෂනිකව ඇස්දෙක ඇරගෙනම බෙල්ල
කඩා වැටුනි. දැන් පලයං…. ගිහින් එහෙ කුඩු විකුණපං අපතයා... අනිත් එවුන් ⁣උඹෙි පස්සෙන් එවන්නම්..

කසුන්…

*සර්… මෑන් ඩවුන්…

ඔව් … මූව ලෙහලා දාලා ඔය කණුවට හේත්තු කරන්න …. කියමින් හා ඇමතුමක් ගත්තේ ඇන්ටනී වෙතය.

හෙලෝ… ඇනිටනී….

$ කවුද ….?

උඹට ජාතකෙන් වැඩක් නෑ බණ අහපං…
එස්අයි රවින්ද්‍ර කාරයා CDI එකෙන් එලියට ඇවිත් වත්තල පාළු ගෙදරකට වෙලා ඉන්නවා. ඇවිත් උඹේ පලිය ගනින්.

$ හා…. උඹ හිතුවද මම ගවයෙක් කියලා…. මම කොහොමද උඹව විශ්වාස කරන්නේ. උඹ ලණුවක් දෙනවා වෙන්න ඇති.

හ්ම්ම්… හිටපං මම උඹට වීඩියෝ එකක් එවන්නම්.. කියමින් ඇමතුම විසන්ධි කර, කණුවට හේත්තුකර සිටින ප්‍රාණය නිරුද්ධ රවින්ද්‍රගේ හිසට කැප්එකක් දැමුවෙ උණ්ඩ වැදුනු සිදුරු දෙක වැසීයන පරිදිය. ඉන්පසු සජීවි ලෙස සිටින විදිහට ඈතින් සිට රහසින් වීඩියෝ කර
ඇති බැව් ඇඟවෙන පරිදි , ඉන්පසු අතේ බැඳි ඔරලෝසුවෙ වෙලාව පෙනෙන පරිදි කැමරා යොමුකර , කෙටි වීඩියෝවක් පටිගත කර , ඇනිටනී වෙත යවන ලදි.

නිමෙිෂකින් මාහට නැවත ඇන්ටනීගෙන් ඇමතුමක් එන ලදී….

හෙලෝ ලොක්කා….

$ කොහෙද ඔය පරයා ඉන්නෙ ….

උඹට මම ලොකේෂන් එක එවලා ඇති. ඒ වගේම මෙික දැන් වීඩියෝ කරෙ. උඹට පේනවනෙ වෙලාවත්. ඉක්මනට වරෙන් ඌ මාරුවෙන්න කලින්. මම උඹට පස්සේ කතා කරන්නම්. මට ලක්ෂ දහයක් ලෑස්ති කරපං.

$ ඒක වෙලාවට වෙයි…. උඹ ඇහැ ගහගෙන හිටපං මම දැන්ම කොල්ලො ටික අරගෙන පිටත් වෙනවා…

හරි… ලොක්කා… කියමින් දුරකථනය විසන්ධි කෙරුවෙමි.

*සර්… දැන් අපි මොකද කරන්නේ…?

කලබල වෙන්න අවශ්‍ය නැහැ මහත්වරුනි .. අපි ප්ලෑන් එකේ පරිදි වැඩ කරමු…. නියෝජිතයින් දෙන්නා සිග්නල් එක දෙනකම් මෙතන ඉමු නියෝජිත ජනිත්… කියමින් ඉඳුරාම වත්තල පොලීසියට ඇමතුමක් ගත්තෙමි.

***ආයුබෝවන් වත්තල පොලිස් ස්ථානය..

ආයුබෝවන් සර්… හදිසි තොරතුරක් දෙන්න කතා කරේ.

***ඔව් කියන්න මහත්තයා…

මට ඉක්මනට OIC මහත්තයාව සම්බන්ධ කරන්න …

***අවශ්‍යතාවය කියන්න පුළුවන් ද…?

සර් ඉක්මන් කරන්න… ලොකු ගේමක් යන්න යන්නෙ…

***පොඩ්ඩක් ඉන්න …

$ හෙලෝ ….

OIC මහත්තයා ද…?

$ ඔව් කියන්න ….

සර්… දන්නවා නේද වුඩ්ලන්ඩ් කඩ පෙලට එහා බීච් එක අයිනෙ තියෙන පාළු ගේ…

$ ඔව් ඉතින් ……?

සර්… එතන තව ටික වෙලාවකින් කල්ලි දෙකක් අතර ගැටුමක් ඇතිවෙනවා. මම කිව්වෙ ගන් ෆයිට් ටිකක්. සර්ලා ඉක්මනට එන්න…

$ තමුන් කවුද …..?

මම කවුද කියන එක පස්සෙ හොයන්න. මෙතන ගේම් එකට ඉන්වෝල් වෙලා මොනවාහරි කරන්න… කියමින් ඇමතුම විසන්ධි කෙරුවෙමි…

නියමයි… ඒකත් හරි… නියෝජිත ජනිත්…

**සර්…

වාහනය ගන්න හරවලා…

**ok sir….

කසුන්… නගින්න වාහනයට…
අපි රෙඩි පිට ඉමු යන්න බලාගෙන..

*හරි සර්…

ගතවූයේ නිමෙිෂයකි..

මගේ දුරකථනය නාද විය…

හෙලෝ….

*** F2 , B200….

ඒජන්ට් කන්ෆෝම් ….

***ටයිගර්ස් පැකේජ්ස් ටික ඇතුල් වුනා..

කන්ෆෝම්…..?

***කන්ෆෝම් AST…

මැසේජ් කොපියඩ්… ටැන්ගෝ ඇන්ඩ් අවුට්…

නියෝජිත ජනිත්… අපි යමු. ඒමින් පොට් එකට….

ගිලන්රථය වෙිගයෙන් ගමන් ගත්තෙ වෙරළට සමාන්තරගතව ඇති පාර දිගෙ කොළඹ දිශාවටය. වෙරලට ආසන්නයේ විශාල මාර ගසක් යට ගිලන්රථය නවත්වා.. M107 ස්නයිපරයද , ඊට අයත් පතුරම් කවන ලද මැගසින් පහක් හා දුරදක්නයද අතැතිව අසල ඇති කුඩා ගල් තලාව අසලට වී මුවා වුනෙමු. මගේ සහයක වන කසුන් ද තම පිස්තෝලය හා
දුර දක්නයද අතැතිව මා අසලින් කුඩා ගල් තලාව ආවරණය කරගනිමින් බිම දිගාවිය. නියෝජිත ජනිත් කම පිස්තෝලය හා දුරදක්නයද අතැතිව ගිලන්රථයට එහා පසට ගොස්, එහි සිට ඉදිරි පාර හා වෙරළ පැත්ත ආවරණය වන පරිදි බිම දිගාවී ස්ථානගතවිය.

කසුන්… මට දකින පේන හැමදේම කියන්න. විශේෂයෙන්ම ටයිගර්ස්ලගෙ ඉලක්ක පත් ටික. හරියට ටියුනප් කරගන්න ඔය බයිනො එක. උන්ගෙ හැම ටාගට් එකක් ම මට ක්ලියර් වෙන්න ඔීන.
මොකාට වුනත් මම ගහනවා. පොලීසියේ අය බෙිරගන්න එච්චරයි.

*හරි සර්…..

අපි දෙවන මැසේජ් එක එනකම් ඉමු….

*ok sir…..


මතු සම්බන්ධයි……..




Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now