⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 09 ⸎
⸎ නීත්‍යානුකූල ඝාතනය ⸎
11 වන දිගහැරුම
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හ්ම්ම්ම්ම් … ඔන්න අපි නුවරට ආවා. දැන් මට කියන්න බලන්න කොතනද , මොන පාරෙද ඔය පුස්තකාලය තියෙන්නේ කියලා.

මෙතැන්සිට……

*ඔතනින් වමට දාන්න.. ඊට පස්සේ නගර
සභාව , ඊට එහා පැත්තෙන් තමයි මහජන පුස්තකාලය තියෙන්නේ.

හරි… ඔන්න නැවැත්තුවා.

*මම යනවා ඇතුලට ඔයත් එනවද … ?

හ්ම්ම්ම්ම් … මැඩම් යන්නකො. මම තව ටිකකින් එන්නම්.

*මැඩම් .. ?

ඔව් … මෙතන හුදකලා තැනක් නෙමෙයි නෙ මැඩම්.

*හරි හරි…

ඇය පුස්තකාලය තුළට ගිය පසු. කාරයෙන් එලියට විත් , දොරද වසාදමා , ක්ෂණිකව ඇමතුමක් ගත්තේ කසුන් වෙතය.

දු ක - ආයුබෝවන් සර්…

ආයුබෝවන් නාරද. මෙි බයිසිකල් නම්බර් එකක් තියනවා මෙික ලියාගෙන ප්‍රොන්ටෝ ට කතා කරලා රථවාහන ලියාපදිංචි කිරීමෙ දෙපාර්තමේන්තුවේ දත්ත ජාලයට ඇතුල්වෙලා මෙික කාගෙ නමටද අරගෙන තියෙන්නේ. මොන අලෙවිසැලෙන්ද පලමු ලියාපදිංචිය කරලා තියෙන්නේ කියලා හොයලා මට කියන්න. ඔයා ළඟ ඒ විස්තර වල පිටපතක් තියාගන්න.

දු ක - කියන්න සර්…

XJ 25225 පල්සර් එන්එස් වර්ගයේ රතුපාටයි කළුපාටයි මිශ්‍ර වර්ණ එකක්.

දු ක - හරි සර්… මම බලන්නම්.

ඕකේ… මම ටිකක් බිසී. තියන්නම් ජයවේවා

දු ක - ජයවේවා සර්

ඇමතුම විසන්ධි කිරීමෙන් පසු , වාහනය අගුළු දමා පුස්තකාලය තුළට ගියෙමි.
ඇතුලට ගොස් කැරොලින් මහත්මිය
සෙව්වෙමි. පොත්පත් නිකුත් කරන තැනට ගොස් තමන් ලබාගන්නා ලද පොත නැවත ඉදිරිපත්කර, ඉන්පසු එම පොත රැගෙන ගියේ අදාල පොත් රාක්කය වෙතය. ඒ පොත `` යුගාන්තය ´´ බැව් දුර සිට වුවද
දැකගන්නට හැකිවූයේ පොතේ නම ලොකු අකුරෙන් මුද්‍රණය කර තිබීමෙන්ය. පුටුවක වාඩිවී මා ඇය පොත රඳවන රාක්කය දෙස බලා අහක බලන ඇසිල්ලෙන් ඇය මා දෙස බැලුවාය. නමුත් මා ඒ දෙස බලනවා ඇය දකින්නට නැති බැව් මට සීයයට දාහක් විශ්වාසය. පසුව පොත් දෙකක් නැවත ගත් ඇය එය නිකුත් කරන තැනට යනවිට නැවතත් මාදෙස බලා මද සිනහවක් පෑවාය. මාද මද සිනහවක් පා වටපිට බැලුවෙ අප දෙදෙනා දෙස හෝ ආගන්තුක මාදෙස කවුරුන් හෝ බලනවාද කියාය.
නමුත් සියළු දෙනා පොත් කියවමින් පසුවුනහ. ජංගම දුරකථන භාවිතය තහනම් බැවින් මා නැවත එය සාක්කුවට දමාගෙන එලියට ගොස් නැවත කසුන් වෙත කෙටි පණිවිඩයක් වේගයෙන් ලිව්වෙමි.

“නාරද තව විනාඩි කීපයක් ඇතුලත මහනුවර මහජන පුස්තකාලයට ඇවිත් නවකතා පොත් රාක්ක පෙලේ විසිඅටවන රාක්කයේ , උඩ සිට පහලට තියෙන තුන්වත තට්ටුවෙ අංක පනස්හය වන පොත තමයි යුගාන්තය. ඒක අරගෙන ඉක්මනට තමන්ගෙ තැනට යන්න. මම රෑවෙලා කතා කරන්නම් . එපමණයි”
ලියා අවසන්කර දුරකථනය සාක්කුවට දාගත් වහාම ඇය පුස්තකාලයෙන් ඉවතට ආවාය. අපි යමු කෙවින්..

ඕකේ…

*ඕකේ… ?

හොඳයි කැරොලිනා.

*අන්න හරි… ඔවා දන්නවද මට කැරොලිනා කියලා කතා කරනකොට එන හැඟීම. ඒක හරියට මගේම කෙනෙක් මට
කතා කරනවා වගේ. මට සමීපව ඉන්න අය විතරටි කැරොලිනා කියලා කතා කරන්නේ.


මා මෝටර් රථයට ගොඩවූ පසු අනෙක්පස දොර විවෘතකර ඇයට කතා කෙරුවෙමි. හ්ම්ම්… එන්න වාඩිවෙන්න.. පසුව ඇයද ගොඩවී වාඩිවිය.

හරි… දැන් කොහෙද අපි යන්න ඕන.

*ඔයා කැමති කොහෙ යන්නද… ?

මම ඉතින් නැවත වැඩට යන්න තමයි කැමති.

*මෙිකත් වැඩක් තමයි. තමන්ගෙ බොස්ගෙ වයිෆ්ට ප්‍රවාහන පහසුකම් සපයන එක.

හරි හරි ඉතින් .. නඩුත් හාමුදුරුවන්ගෙ , බඩුත් හාමුදුරුවන්ගෙ නෙ. කියන්න ඉතින්

*මට ඔයත් එක්ක නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට අරගෙන යන්න.

මම කොහොමද එහෙම තැනක් දන්නෙ. ඔයාට මෙහෙ මට වඩා හුරුයි ඔයාම කියන්න දන්න තැනක්. හැබැයි මට වැඩි වෙලාවක් ගතකරන්න බැහැ.

*ඒ මොකද… ?

කැරොලිනා.. මම වැඩ කරන වෙලාවට වැඩ විතරක් කරන්න කැමති කෙනෙක්.

*අපෝ මෙයාගෙ සැර.

නැහැ එහෙම නෙමෙි. ඔයාට මම කියන එක තේරෙනවා ඇති. ඔයත් උගත් නෝනා කෙනෙක් නෙ.

*මට තේරෙනවා කෙවින්. අපි යමු. යන ගමන් කතා කරමු.

අන්න ඒකට මම කැමතියි. යමු එහෙනම්. නුවර නගර සීමාවෙන් ඔබ්බට යනතුරුම කිසිදු වචනයක් කතා නොකළ ඈ යලි මාදෙස බලා තම හඬ අවදි කළාය.

*ඔයා දන්නවද කෙවින්. මෙච්චර කාලයකට මට නොදැනුන හැඟීමට මට දැන් දැනෙනවා.

ඒ මොකක්ද කැරොලිනා.

*ගෑණියෙක් හරි කැමතියි තමන් කැමති පිරිමියෙකුගෙන් රැකවරණය ලබන්න. අද ඒක මට ලැබුණා. ඇත්තමයි මම මෙි කියන්නෙ.

ඒ කියන්නෙ පැට්‍රික් සර්. මැඩම්.. සොරි සොරි ඔයා එක්ක ගමන්බිමන් යන්නෙ නැද්ද .. ?

*නැහැ කෙවින් නැහැ. මම නිකං එයාගෙ හිරකාරියක් විතරයි. මම නිකං ලස්සනට කූඩුවක් තුල ඇති කරන ගිරවියක් විතරයි.
අනික මම එයාට අබමල් රේණුවක් තරම් වත් කැමති නැහැ.

ඒකනම් ඇත්ත. අනිත් එව්වා කෙසේ වෙතත් ඔයා ගිරවියක් කියලා නම් මට තේරෙනවා. කියවන කියවිල්ලට.

*ඔයාට හැමදේම විහිළු. මම සීරියස් කියන්නෙ.

සොරි සොරි… ඉතින් කියන්න ඇයි එයාට කැමති නැත්තේ කියලා.

*මගෙ කසාදය පවා වංචනික එකක්. මම
සිය කැමැත්තෙන් වෙච්ච කසාදයක් නෙමෙි. පැට්‍රික් මට වඩා අවුරුදු පහලවක්
වැඩිමහල්.

අවුරුදු පහලවක්.. අපොයි හොඳටම වැඩියි. ලොකු පරතරයක් ඒක නම් එතකොට වංචනික … ? ඒ කියන්නෙ මොකක්ද .. ?

*මම අදහස් කලේ මට තියෙන කෑදර කමට අපේ පවුලේ ඒ කියන්නෙ මගෙ අප්පච්චීව සුරාවට , සූදුවට ඇබ්බැහි කරගෙන හැමදෙයක්ම නැත්තටම නැති කරලා නැවත ඒ දෙවල් දෙනවා කියලා වෙච්ච ගිවිසුමක් මත වෙච්ච කසාදයක් මෙික.

ඒ කියන්නෙ ගනුදෙනුවක්.

*ඔව් කෙවින්. අපිට හැමදේම නැතිවුණා කියන්නෙ පවුලේ වලව්කාර නම්බුව කියන බම්බුව නැතිවුණා කියන එක. ඒක රැකගන්න මාව බිලිවුනා.

මයිගෝඩ්… ඔයා පව්.

*ඉතින් අම්මා අප්ච්චි. මල්ලි රැකගන්න මට මාව මෙි වගේ සල්ලාල මහල්ලෙකුට පාවාදෙන්න සිද්ධ වුනා. ඉතින් දැන් මට කියන්න ඔයා වගේ හොඳ පෞර්ෂයක් තියෙන කොල්ලෙක් පේනමානයේ රැඳුනාම
නොදැනීම ආදරයක් ඇතිවෙන එකේ වැරැද්දක් ද කියලා.

නැහැ කැරොලිනා. අපි හදවතට ඉඩ දීලා බැලුවොත් , ඔයා මට ඔය කියන සිද්ධි දාමය ඇත්තක් නම්, මම ඒකෙ වැරැද්දක් දකින්නේ නැහැ. නමුත් බුද්ධියෙන් බලපුවාම මෙතන සුළුයි කියන්න බැරි වැරැද්දක් තියනවා.

*ඔයා හිතන්නේ මට ඇහැට කනට පේන හැම කොල්ලෙක් ගැනම හැඟීමක් ඇති වෙනවා කියලද..? සම්පූර්ණයෙන්ම ඒක වැරදියි මහත්තයෝ. සාමාන්‍යයෙන් ගෑණියෙක් පිරිමියෙක්ට ආදරය කරන්නේ රූපෙට නෙමෙි. එයාගෙ පෞර්ෂත්වයට.
මට ඕන කරන දේවල් මෙච්චර කාලයකට මම දැක්කෙ ඔයාගෙන් විතරයි. මම ඔයාට සමීප වෙන්න හැදුවට , ඔයා මෙි වනතුරු මට ලංවෙන්න උත්සාහ කරලවත් නැහැ.

ඔව් කැරොලිනා. නමුත් මෙික සමාජ සම්මතයට පටහැනියි. ඒ හන්දා මට මෙිකට එකඟ වෙන්න බැහැ. මම හිතනවා ඔයා මම කියනදේ තේරුම් ගත්ත කියලා.

*ඔයා කියන්නෙ මම විවාහක හන්දා මෙි අනියම් එකක් කියලද … ? එහෙම නම්
මම ඩිවෝස් වෙලා ආවොත් ඔයා මාව බාර ගන්නවද…? මට මෙි හිරගෙදර තියෙන කිසිම සැප සම්පතක් ඕන නැහැ. මට ඕන
ලස්සන පවුල් ජීවිතයක් විතරයි. ජොබ් එකක් නම් අපි දෙන්නටම වුනත් කරන්න පුළුවන් නෙ.

තීරණ ගන්න එච්චර ඉක්මන් වෙන්න එපා.
මොකද ජීවිතයට රිවස් ගියර් නැහැ නෙ
තීරණ ගන්න එක හරිම ලේසියි. නමුත්
එ්ක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ගියාම එන ප්‍රශ්න සුළුපටු නෙමෙි. අනික
ඔයාගෙ පරම්පරාවෙ ගෞරවය ගැන හිතලා ඔයා ලොකු තීරණයක් අරගෙන තියනවා. මෙි වගේ සම්බන්ධයක් ඇතිකර ගත්තා කියන්නෙ ඔයා කලින් කරපු කැපවීම අකර්මණ්‍ය කරා වගේ නෙ.

*මම දන්නවා කෙවින් ඔයත් එක්ක මාව සංසන්දනය කරාම මම පිරිසිදු කෙනෙක් නෙමෙි කියලා. ඒකත් එක හේතුවක් ද …?

කැරොලිනා.. මට සංස්කෘතියට, සමාජ තන්ත්‍රයට අභියෝග කරන්න බැහැ. එහෙම වුවමනාවකුත් නැහැ. හැබැයි මම දන්නවා ගැහැණියකගෙ පිරිසිදු කම මනින්න සුදු බෙඩ්ෂීට් එකකට පුළුවන් කමක් නැහැ කියලා. එ්ක එහෙම බැලුවොත් බහුතර පිරිමින්ගෙ පිරිසිදු කම මනින්න ගෝනියක් වත් දාන්න වෙනවා ඇඳට. ගෑණියෙක් ගෙ පිරිසිදුකම විවිධ හේතූන් මත නැතිවෙන්න පුළුවන්. අසරණකමට , සමාජ පීඩනයට , දුප්පත්කමට , ආදරයෙන් අන්ධ වුනහම වගේ පොදු කරුණු වලට. එහෙම වුනා කියලා , ඒක එතනින් නතර කරන තැන ගැහැණිය පිරිසිදුයි. නමුත් එතනදී නතර නොවී ඇය අයාලේ යනවා නම් තමයි ඒ අපිරිසිදුකම කුණු ගොඩක් වෙන්නෙ. මම ඔයාගෙ එහෙම කිසිම අඩුවක් දකින්නේ නැහැ මෙි වනතුරු. මොනවා වුනත් ජීවිතයට ඍජුවම බලපාන තීන්දු තීරණ ගන්නකොට මීට වඩා හිතන්න පුරුදු වෙන්න.

*අනේ .. කෙවින්… මම ඔයාට කැමති ඔන්න ඔය ආකල්ප වලට. ඔයා හොඳ තාත්තා කෙනෙකුට දාව රත්තරන් පුතෙක්. ඉතින් කියන්න මම කොහොමද ඔයාව අතහරින්නේ කියලා ...?

අතහරින්න අපි දෙන්නා බැඳිලා නැහැ නෙ.
අනික දෙන්නට දෙන්නගෙ හදවත් එකට බැඳිලා නැත්නම් , ආකල්ප , සිතුවිලි ගලපාගන්න බැරිනම් විවාහය කියන්නෙ හතරැස් සුදු කඩදාසියකට පමණක් සීමා වෙච්ච හුදෙක් පුස්සක් විතරයි. කමක් නැහැ.. හරි… අපි තව කල් ගමු මෙිකට.

*ඔව් .. මටත් තව ටික කාලයක් ගන්න ඕන. මොකද තව ප්‍රශ්න ටිකක් තියනවා විසඳගන්න.

හ්ම්ම්ම්ම් ඕකේ… ( තව ටික කාලයක්. ඒ මොකක්ද ඒ හරුපෙ මාධව )

*මොනවා වුනත් අපි දෙන්නා මෙි කරපු කථාබහ රහසක් විදිහට තියාගමු. මොනවා නැතත් කෙවින් ෆර්නැන්ඩස් කියන්නෙ මොනවගේ කෙනෙක් ද කියලා මම අද හරියටම දැනගත්තා. ඒක වටිනවා

හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් … ඕකේ.

එතකොට ඔයා කාටවත් ආදරෙ කරලම නැද්ද .. ?

*නෑ කෙවින්. අපේ පවුල් පරිසරය තුල එහෙම එකකට මට ඉඩ ලැබුනෙම නැහැ.
අඩුම තරමෙ මම අමතර පංතියකට වත් ගිහින් නැහැ. ගුරුවරියක් ගෙවලා ගෙදරට ගෙන්වාගෙන ඉගැන්නුවෙ ඒ තරම් අප්පච්චි මාව මලක් වගේ පරිස්සම් කරා.

ඒ කරලා අවසානයේ පවුලේ නම්බුව බේරගන්න වයසක ඩයල් එකකට කසාද බැන්දුවා එහෙමද .. ?

*ඔව් කෙවින්… සේරම වැරදුනා. මම අදටත් අප්පච්චිට වැරැද්දක් කියන්නෙ නැහැ.

ඒක හරි.. අපිට , දෙමාපියන්ගෙ වැරදි හොයන්නට, ඒක විවේචනය කරන්න කිසිම අයිතියක් නැහැ.

*එතකොට ඔයා.

හ්ම්ම්ම්ම් මටත් එහෙම ලව් තිබිබෙ නැහැ. කැම්පස් එකේ තියා අඩුම තරමෙ පාසල් ජීවිතය තුලවත් එහෙම තිබ්බෙ නැහැ.

*ඒ මොකද… ?

අනේ මන්දා…

*ඔය කිව්වට කෙල්ලො නම් පස්සේ එන්න ඇති.

නැතුව. කීප දෙනෙක්ම ආවා. මම නිතරම කිව්වෙ කියන්නෙ අම්මගෙන් අහන්න කියලා. අම්මා හා නම්, මමත් හා කියලා.

*හපොයි.. අපූරු පුතෙක් නෙ මෙයා. එහෙනම් ජීවිතේට කැමැත්ත ගන්න බැහැ. මම හිටියා නම් මොන ගේමක් හරි දීලා කැමැත්ත ගන්නවා.

එහෙම තමයි.. අපි ඉතින් ලැජ්ජා බයට හැදුන ගමෙි කොල්ලො නෙ.

*බයනම් මම දන්නෙ නැහැ. ලැජ්ජාවට හැදිලා තියෙනවා කියලා හිතන්න පුළුවන්.

එතකොට ඔයාගෙ මහගෙදර කොහෙද.. ?

*මගෙ බණ්ඩාරවෙල.

හ්ම්ම්ම්ම් සීතල පැත්තක් නේද… ?

*ඔවි… කෙවින්.

හරි… ඔන්න එහෙනම් අපි ආවා. ඔයාව වලව්වටම ඩ්‍රොප් කරන්නද… ?

*එපා… මම මෙතන පහලින් ඒ ටික පයින් යන්නම්. ඔයාට බොහොම ස්තූතියි මෙි හැමදේකටම.

කියමින් ඇය මට සමුදී මෝටර් රථයෙන් බැස ගියාය. මා ඇය දෙස මොහොතක් වාහනය ඇතුලේ සිටම බලා ඉඳලා , ඉන්පසු නැවත හරවාගෙන වතුයාය වටා
වැඩ කටයුතු සොයාබැලීමට ගියෙමි. කිසිවක් ගැන කල්පනා නොකර මා සුපුරුදු පරිදි වැඩකටයුතු වල නියැලි සිටියෙමි.

ව්‍යායාම අවසන් කර සුපුරුදු පරිදි තේ එකක්ද හදාගෙන ආලින්දයේ ඇති සැටිය මත වාඩිවුනෙමි. මුරකරු හා සමග කතා නරපු වලව්වේ අතීත සිදුවීම් හා අද දහවල් කාලයේ කැරොලින් මහත්මිය මා සමග කියූ අතීත කතාවල් දෙකේම සීයයට හැටක් පමණ ගැලපිය හැකි සමානකම් තිබෙන බව පෙනීයයි. නමුත් ඇයගේ අවසන් වදන්වල යම්කිසි ගුප්ත බවක් මට දැනුණා. ඇයි තව ටික කාලයක් ඇයට වුවමනායි කිය්වෙ.. ? ඇත්තටම මොකටද තව කාලයක් ගතකරන්නෙ…? සිතුවිලි දැහැනෙන් මුදවා ගත්තෙ ජංගම මාගෙ දුරකථනයයි.

හෙලෝ නාරද …

දු ක - සර් මම අර පොත ගත්තා. යුගාන්තය.

නියමයි නාරද … ඕක දවස් කීයක් ළඟ තියාගන්න පුළුවන් ද …?

දු ක - උපරිම සති දෙකයි..

සති දෙකයි… අපෝ ඒ වැඩිත් එක්ක. ෂුවර්ද ඒ පොතමයි කියලා.

දු ක - ඔව් සර් …

හොඳයි.. බ්‍රහස්පතින්දා ඉන්ටර්විව් එද්දී අරගෙන එන්න. තෑග්ගක් අරගෙන එනවා වගේ කවර් කරගෙන එන්න.

දු ක - හොඳයි සර්… ඇත්තම මොකටද මෙි පොත.

එහෙම විශේෂ මොකුත් නැතුවම නෙමෙි. මට පොඩ්ඩක් බලන්න ඕන. එතකොට
අර පල්සර් බයික් එක ගැන මොකද ..?

දු ක - ඒක ගැන විස්තර අද හොයන්න අමාරුයි කියලා තමයි ප්‍රොන්ටො මට කිව්වෙ.

ඒ මොකද … ?

දු ක - සිස්ටම් ඩවුන් එකක් ලු..

හ්ම්ම්ම්ම් කමක් නැහැ. ඒකත් හොයලා බලමු.

දු ක - සර් වෙනත් යමක්…

අර පැච්වේරා පොත ගත්ත අයගෙ තත්වය මොකද..

දු ක - දැනට දහදෙනෙක් ගැන හොයලා තියෙන්නේ. ඒ අය ගුරුවරු පාසල් ශිෂ්‍යයන් වගේ අය.

හ්ම්ම්ම්ම් හොඳයි. ඔයා හෙට නුවර ටවුන් එකේ තැන් තැන්වල සැරිසරන්න ඕන සමහරවිට ඔය පලසර් බයික් කාරයා මුණගැසෙන්නට පුළුවන්. කෝකටත් සෝදිසියෙන් ඉන්න. මෑන්ව ෆලෝ කරලා කොහෙද ඉන්නෙ කියලා හොයාගන්න උත්සාහ කරන්න. මට දැනට වෙනස් ම ආකාරයේ පොටක් පෑදිලා තියෙන්නේ. මෙහාට ආපුවහම මම සේරම විස්තර කරලා කියන්නම්.

දු ක - හරි සර්… මට තේරෙනවා. වෙනත් යමක්.

නැහැ නාරද මහත්තයා දැනට එපමණයි. එහෙනම් ජයවේවා.

දු ක - ජයවේවා සර් …

ඇමතුම විසන්ධි විය. සුපුරුදු පරිදි සයිමන්
රාත්‍රි ආහාරය රැගෙන එන්නට විය.

*ඉතින් මහත්තයා අද ලොකු නෝනාහාමු එක්ක නුවර ගියා නේද.. ?

ඔව් අංකල්. අපි පුස්තකාලයට ගියා. මැඩම්ට පොත් වගයක් බාරදීලා , අළුත් පොත් ටිකක් ගන්න ඕන කියලා තමයි ගියේ. ඒ වැඩටික කරගෙන ආවා.

*හොඳා ඉතින්. පව් ඒ නෝනා..

ඔව් නේද අංකල්. මට එදා අංකල් කිව්වනේ
මැඩම්ට වෙච්ච දේ.

*ඒක තමයි. ඔව්වට විරුද්ධ වුන එකම කෙනා පුංචි හාමු මහත්තයා තමයි. එයාට ඔය කුප්ප වැඩ දිරවන්නෙ නෑ නොවැ. එච්චරයි ඉතින්. එයත් යන්නම ගියා.
මට මතක් වෙනකොටත් හරිම දුකයි.

හ්ම්ම්ම්ම් එව්වා ඉතින් එහෙම තමයි.
මල් උයනක වුනත් වඩාම ලස්සන මල තමයි කවුරුත් නෙලා ගන්නෙ. ඒක තමයි
ලෝක ස්භාවය.

නැවත හමුවෙමු…



Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 28 [26 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 27 [24 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 26 [22 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 25 [21 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 24 [19 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 23 [17 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 22 [15 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 21 [13 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 20 [10 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 19 [08 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 18 [07 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 17 [04 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 16 [02 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 15 [01 Dec 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 14 [29 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 13 [28 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 12 [26 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 11  [24 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 10 [21 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 09 [19 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 08  [17 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 07 [15 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 06 [13 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 05  [11 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 04 [09 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 03 [07 Nov 2024]

Read Episode


Episode Name :
නීත්‍යානුකූල ඝාතනය 02 [05 Nov 2024]

Read Episode


Episode Name :
නිහඬ ඝාතකයා 01 [03 Nov 2024]

Read Episode


Story :
නීත්‍යානුකූල ඝාතනය 01


Date :
2024 නොවැම්බර්

Description : අසාධාරණයකට ලක්වී , නීතියයෙන් පිළිසරණක් නොලැබුණ පුද්ගලයෙක් සිදුකළ ඝාතනයක සුලමුල සෙවීම

Date Added : 03 Nov 2024

Read Story Now


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now