⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 08 ⸎
⸎ Mission Pandora ( පැන්ඩෝරා මෙහෙයුම ) 02 වන දිගහැරුම ⸎

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….

~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ඔව්… අපි බලමු මොකක්ද ඒක කියලා.
මෙතන අපිට ලොකු හඹායාමක් කරන්න වෙනවා. දැන් යමු අපි පනාගොඩ මූලස්ථානයට… අපි Dark Head ( දෙවන අණදෙන නිලධාරී ) හමුවෙලාම යමු ආපු එකේ.

*හොඳයි සර්….

මෙතැන් සිට……..

සර්… අපි එන්නද ඇතුලට ….

** sure මාධව …… වාඩිවෙන්න. ඉතින් කොහොමද දෙන්නගෙම සැප සනීප…? තැනට ගිහින් එතන පරික්ෂා කරලා මෙතනට ආවා වෙන්න ඔීන …..

ඇත්තෙන්ම ඔව් සර්…

* අපි හොඳින් සර්…

**හ්ම්ම්… මොකද හිතන්නේ

ඒක මිනීමැරුමක් කියලා නිගමනය කරන්න පුළුවන් පැහැදිලි සැකයක් තියනවා. සර්… අධිකරණ වෛද්‍ය නිගමනය කොහොමද තියෙන්නෙ කියලා දැනගන්න ඕන.

**මෙි තියෙන්නෙ….. මම ඊමෙිල් එකක් දාගත්තා… කියමින් ඉතා කුඩා ලිපිගොනුවක් මගෙ අතට දුන්නා.

හෘදයේ කපාටයක් මුළුනමින්ම අක්‍රිය වීම. ඒ කියන්නේ පපුවෙ අමාරුවක්…?

*කෝ දෙන්න බලන්න සර්…

**ඔව්… මාධව ….

හහ් හහ් හා….. ඒක පට්ට විහිළුවක් සර්…

**ඒ මොකද…..?

සාමාන්‍යයෙන් පපුවෙ අමාරුවක් හැදුන මිනිහෙක් පුළුවන් තරම් පපුව පීඩනයට පත්කරනවා , එහෙම නැත්නම් හොදට හුස්ම අරගෙන කහිනවා. එතකොට නෙ ඔය කපාටයේ අවහිරතා කඩාගෙන රුධිර සංසරණය වෙන්නෙ. එහෙම නැතුව පණ කඩාගෙන දුවන්නේ නැහැ නෙ. අනික මෙයා මහාචාර්යවරයෙක්. මෙි ගැන හොඳට දැනුවත් නෙ.

**මාධව කියන්නේ … මෑන් පියවර කීපයක් දුවලා තියනවා ….?

ඔව් සර්…. එහෙම දුවගෙන ගිහින් ආපු පැත්තට හැරිලා තමයි වැටිලා තියෙන්නෙ..

**ආපසු හැරිලා….?

ඔව් සර්… ආපසු හැරිලා..

**ඒ මොන විකාරයක්ද….?

ටිකක් විකාරයි නම් තමයි… ඒත් ඒක එහෙම වෙලා තියනවා. කවුරු ගන් හෝ මැරෙන්න මොහොතක් තියලා මෑන්ව මෙතනට ගෙනැවිත් දාලා තියෙනවා. ඒක මට සහසුද්දයෙන්ම කියන්න පුළුවන්.

**මට ඔයාගෙ නිගමන ගැන කිසිම සැකයක් නැහැ මාධව.

එතකොට සර්… මෑන් මීට කලින් පපුවෙ අමාරුවට ප්‍රතිකාර අරගෙන තියනවද..?

**නෑ මාධව. මම ඒ ගැනත් හොයලා බැලුවා. එහෙම බෙහෙත් අරගෙන නැහැ.

හ්ම්ම්… එකපාරටම හෘදආබාධයක් හැදිලා මිනිහෙක් මැරෙනවා කියන එක හරිම අල්පයි. එතකොට බොඩි එකෙන් වෙන මොකුත්ම ලැබිලත් නැහැ….?

**නැහැ මාධව. පොලිස් ආරංචි මාර්ග අනුව සෝදිසි කිරීමෙන් මොකුත් ලැබිලා නැහැ.

එතකොට සර් උකුස්සට මෑන් කතා කරලා තියෙන්නෙ කීයට විතරද..?

**රෑ 21:15 පැයට.

ඒ කියන්නේ රෑ නමයයි කාලට…
හොඳයි …
සර් දන්නවද… අපි දෙන්නට අමතරව තව නිල නොලත් දෙන්නෙක් අපි එතනට යන්න පැයකට කලින් ඇවිත් ගිහින් තියනවා. ( මදක් ඉදිරියට නැඹුරු වෙමින් )

**අම්මපා මාධව ….?

ඔව් සර්…

**මොක්කුද උන්….?

උන්ගෙ පස්සේ පන්නලා බලන්න වෙනවා
මොක්කුද උන් කියලා.

**හොඳයි හොඳයි මාධව. එහෙනම් වැඩ පටන්ගන්න. මොනවාහරි වුවමනාවක් තියනවා නම් මට කියන්න… සේරම හොයන්න. වැඩෙි සනාථ නම්, අදාල අය අනාථ කරලම දාන්න එච්චරයි.

අනිවාර්යයෙන්ම සර්… එහෙනම් අපි ගිහින් එන්නම් ජයවේවා සර්… ( අතට අත දෙමින් )

**ජයවේවා …. කසුන්…

*සර්…

**ගියපාර නියමෙට වැඩෙි කරා. මෙි පාරත් කටඋත්තර නැතිවෙන්න දෙන්න ඕන..

*sure සර්…

**ok….

*සර් අපිට හරිහැටි තොරතුරක් නැතුව
තමයි මෙිපාර වැඩෙිට බහින්න වෙලා තියෙන්නෙ.

එහෙමත්ම නැහැ නේද… අපි දැනටම රැස්කරගෙන තියෙන තොරතුරු ප්‍රමාණවත් පොටක් පාදගන්න.

*තොරතුරු ….?

ඔව් …. අමතක කරන්න එපා. අපිට ඉන්නවා සැකකාර දෙන්නෙක්. මෙි දෙන්නව අපි ලුහුබඳින්න ඕන.

*ඒක කොහොමද කරන්නේ. අපි දැකලවත් නැහැ. කිසිම තොරතුරක් දන්නෙත් නැහැ.

ඔව් ඒක ඇත්ත… ඒ වුනාට අපි ⁣මීට වඩා දුෂ්කරතා වලට මුහුණදීලා තියනවා නේද…?

*ඔව් සර්….

`` පැමිණි දුක් කද පැණි රසක් වෙද බෝ සතුන් සිතුවෝ ´´ නම් ඇයි අපිට හිතන්න බැරි එහෙම…?

*හහ් හහ් හා හැබෑව සර්… හැබෑව.
ඉතින් අපි කොතනින්ද පටන් ගන්නෙ…?

කොස්ටපල් ජයසූරියගෙන්…

*කොස්ටපල් ජයසූරිය….

ඔව්… මෑන්ගෙන් තමයි. මෑන් මුල ඉඳලා එතන හිටපු කෙනෙක්. අපේ පිවිසුම් පාඨය මොකක්ද කසුන්… ?

*මළ මිනිසුන් බොරු නොකියති…

හ්ම්ම්… හරි.. එතකොට මළ මිනිසා මොකක්හරි දෙයක් අපිට ඉතුරු කරනවාමයි. අපි ඒක හොයන්න ඕන.
මැරිච්ච මිනිහා බොරු නොකරට, ජීවත්වෙලා ඉන්න එවුන් අප්‍රමාණව බොරු කියනවා, බොරු කරනවා.

*සර් මොකක්ද කියන්න හදන්නේ….?

අපි මෙහෙම හිතමු… ඊයේ රෑ නමයයි කාලට උකුස්සාට කතා කරා නම් මෙි මනුස්සයා , ඒ කියන්නේ එතන ඉඳලා හෝ
අඩ හෝරාවක් හෝ හෝරාවක් ඇතුලත මෙි මරණය වෙන්නම ඕන. එතකොට මිනීමරුවන් සතුව මෙි වෙනකොට ඒ ෆෝන් එක ක්‍රියාකාරි නැතත් තියෙන්න ඕන. ඒක පලමු අනුමානය. දෙවන අනුමානය උන්ට වැදගත් නොවන මොනවාහරි දෙයක් මෙි මෘතදේහය තුල තියෙන්නම ඕන.

*සර් කියන්නේ හලාවත පොලීසිය මොනවාහරි දෙයක් වසං කරනයා කියලද..?

ඔව් කසුන්… මොනයම්හරි හේතුවකට ඒක එහෙම වෙලා තියනවා. ඒක සුභදායී පැත්තට වෙන්නත් පුළුවන් , එහෙම නොවෙන්නත් පුළුවන්.

*එතකොට අර ආපු දෙන්නා කවුද ….?

ඒ පසුවිපරම් ඔත්තු කල්ලියක සාමාජිකයින් වෙන්න පුළුවන් බොහෝදුරට… උන් දෙන්නා ගැන අපි විපරමින් ඉන්න ඕන …. මට අපේ හලාවත ස්පයිඩර් කෙනෙක් සම්බන්ධ කරන්න …

*ඉන්න සර්… හරි ….

හෙලෝ…..

**හෙලෝ කවුද ….?

`` රෝසමලේ නටුවෙ කටු නම් , වන බඹරා කොහෙද ගියේ ´´

**වන බඹරා පේරාදෙණිය මල්වත්තෙ ඉන්නේ… පුද්ගල සනාථ කිරීම ⁣දෙන්න..

සියරා ටැන්ගෝ කෝඩ් එක සීරෝ සීරෝ ෆයු ෆයු…

** සනාථයි… බ්‍රාවො 250. තැන හලාවත සීමාව. කියන්න සර්
මොකක්ද වෙන්න ඕන ….?

බී ටූ මට හොයලා බලලා කියන්න.
නිල් ඩෙනිම් කලිසම් දෙකක් ඇඳගත්ත.
උඩට ජැකට් දෙකක් දාගෙන ඉන්න , එකෙක් කොණ්ඩ රැවුල් වවාගෙන හාදයෙක්. අනිකාගෙ බඩ ටිකක් වැඩියි.
දෙන්නම උස අඩි පහට නොවැඩියි. මුන් දෙන්නා ඉන්නවද කියලා බලන්න ඔයාගෙ ඒරියා එකේ. ඉන්නවා නම් නොදැනෙන්න ලුහුබඳින්න. මට ලොකේෂන් ටික් දාන්න.

*හරි එස්ටී පණිවිඩය පැහැදිලියි . ලබාගත්තා අවුට්….

හරි කසුන්… මෙන්න තියාගන්න.
අපි යමු හලාවත පොලීසියට…

හෝරාවකට පසු…

හලාවත පොලිස් ස්ථානය පෙනෙන සීමාවෙන් යතුරුපැදිය නවතා. මාගෙ දුරකථනය අතට ගත්තෙමි.

*සර් කාටද කතා කරන්නේ …?

කොස්ටපල් ජයසූරියට…

*සර් කොහොමද නම්බර් එක දන්නෙ.

හහ් හහ් හා… යාළුවා. මෑන්ගෙ ෆෝන්එක මගෙ අතට දුන්න වෙලාවෙ
මම ඒකෙන් නම්බර් එක කෝඩ් කරලා
මතක තියාගත්තා.

*#132# ඩයල් කරලද…?

ඔව් …..

*එච්චර ඉක්මනට ….?

ඔව්… ඇයි ෂැකද ….? ( සිනාසෙමින් )
ඒකෙන් මගෙ නම්බර් එක ඩයල් කරා නම්
අවුලක් හිටිනවා නෙ. ඒකයි කෝඩ් පාවිච්චි කරේ. හරිනෙ නේද.. ?

*නෑ නෑ මට පුදුමයක් නැහැ. ඒ වැඩෙි කරේ මාධව නෙ. ඒ හන්දා සැක නැහැ.
මොකද මම දන්නවා සර් මල නොතලා
රොන් ගන්න දක්ෂයා කියලා…

හරි හරි…. වර්ණනා ඇති ( දෙදෙනාම සිනාසෙමින් )

**හෙලෝ….

හෙලෝ… මෙි ජයසූරිය මහත්තයා නේද…?

**ඔව්… කවුද මේ…..?

අපි ඔය මහත්තයාගෙ යාළුවො දෙන්නෙක්. පුළුවන් නම් ටිකකට ඔතනින් එලියට එනවද. අපි එහා පැත්තෙ දෙමළ තේ කඩෙි ලඟ ඉන්නෙ.

*හරි … ඉන්න පොඩ්ඩක්…

මිනිත්තු පහලොවක් පමණ ගතවිය…

*සර් මෑන් එනවා…..

**හා…. මෙි සර්ලා දෙන්න නෙ. මොකද මෙි පැත්තෙ…?

ජයසූරිය… අපිට පුළුවන් ද ඇතුලට ගිහින් තේ එකක් බොන ගමන් කතා කරන්න…

**හ්ම්ම්… කමක් නැහැ යමුකො සර්…

ජයසූරිය …. අපිට දැනගන්න ලැබුනා අතන මහාචාර්යවරයගේ බොඩි එකෙන් කිසිම දෙයක් ලැබිලා නැහැ කියලා. මම අදහස් කරේ අඩුම තරමෙ පර්ස් එකවත් ලැබිලා නැහැ කියලා. ඒක ඇත්තක්ද…?

*කවුද කියන්නේ සර්… අද කාලේ පර්ස් එකක් නැතුව මොන මිනිහද එලියට බහින්නෙ….? මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා පර්ස් එක වගේම තව තව කොල කෑලි කීපයක් තිබුනා සාක්කු වල.

කොල කෑලි කිව්වෙ මොනවද …?

**සර්… විවිධ ෆාමසි වලින් ගත්ත බඩු වගේම , ෆුඩ්සිටි වලින් ගත්ත බඩුවල රිසිට්පත් තිබ්බා.

රිසිට් පත්….? මතකයිද ඒ ෆුඩ්සිටියෙ නම එහෙම…?

**ඔව් ලොකුවට තිබ්බා මට මතක හැටියට `` සිටි ෆුඩිසිටි ´´ වගේ…

හ්ම්ම්…… ජයසූරිය. මට තේරෙන විදිහට ඔයා අවංක නිලධාරියෙක් වගේ. මතක තියාගන්න. ඔයාට කතා කරපු DIG කෙනෙක් නැහැ. ඒක හඬ අනුකරණයක්.
ඒ ගැන කාටවත්ම කියන්න යන්න එපා. ඒක ෂේප් එකේ වැහුනාවෙ.

**මොකක් සර්… ?

ඔව් ජයසූරිය…. ඒක ඔයාව මුලාකිරීමක්.
එහෙම කවුරුවත් CDI එකේ නැහැ. මම ඒක වගකීමෙන් කියන්නේ. මම මීට වඩා වැඩි යමක් කියන්නේ නැහැ.

**සර්ට මගෙන් මොනවද තව කෙරෙන්න ඕන …

දැනට නම් ප්‍රමාණවත්. මට ඕන වුනොත් රාජකාරිමය උදව්වක් ගන්න පුළුවන් ද…?

**පුළුවන් සර්…

හොඳයි බොහොම ස්තුතියි. අපි ගිහින් එන්නම්.

**හොඳයි සර්…

මද වේලාවකට පසු යතුරුපැදිය නවත්වා අප කෙටි පිලිසඳරක යෙදෙන්නට වුනා.

*සර් මොකද හිතන්නේ….?

හිතන්න දේවල් බොහොමයි කසුන්…
මම දන්න තරමින් නම් මහාචාර්ය විනීත ජයසිංහගෙ පදිංචිය මහ නුවර. එතකොට උගන්වන්නෙ කොළඹ පීඨයක ප්‍රධාන ආචාර්යවරයෙක් විදිහට. එතකොට හලාවතින් බඩුබාහිරාදිය අරගෙන කොළඹ යන්නත් නෙමෙි. නුවර යන්නත් නෙමෙි. මොකද ඔය කියන තැන්වල ෆුඩ්සිටි නැතුව නෙමෙයි නෙ. එතකොට මොනවද ඔය කියන සිටි ෆුඩ්සිටි එකෙන් අරගත්තේ… ඇයි හලාවත ආවෙ….? ප්‍රශ්න ගොඩයි නේද…? සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය විදිහට හිතුවට නිකං අපිට එතන අසාමාන්‍ය දෙයක් පේන්නෙ නැද්ද …?

*ඔව් සර්.. ඒක ඇත්ත තමයි. අනික ජීව විද්‍යාඥ්ඥයෙක් වෙච්ච මෙයා කරපු අනතුරු ඇඟවීම මොකක්ද …? ඊට සුළු මොහොතකට පසු අභිරහස් විදිහට මියගිහින් තියනවා කොහෙවත් නැති වෙරළක..

ඔව්… ඒක තමයි. මෙි හැමදෙයකටම අපි කඩිනමින් පිලිතුරු හොයාගන්න වෙනවා කසුන්. අනික ඔය කියන ෆුඩ්සිටි එකට යමු අපි දැන්. මොකද මට එතන ඇතුලෙ වපසරිය බලන්න ඕන. මගෙ පොඩි සැකයක් තියනවා.

*මොනවගේ සැකයක් ද…?

ඒකට මම දැන්ම පිලිතුරු දෙන්න ලෑස්ති නැහැ අපි යමු ඔය කියන ෆුඩ්සිටි එකට..

*හරි… අපි යමු…

සුළු මොහොතකට පසු අපි පයින්ම ඇවිද ගියේ සිටි ෆුඩ්සිටි වෙතය. තරමක මැදිවියේ පසුවන ආකර්ෂණීය ලෙස සිනහමුසු මුහුණින් මුරකරුවෙකු වීදුරුවලින් නිමවුනු දොර විවෘතකර ඇතුලට එනමෙන් විධානය කරන්නට විය.
දෙදෙනාම මද සිනහවක් පාමින් වෙළෙඳ සංකීර්ණය තුලට ගොස් වටපිටාව හොඳින් නිරීක්ෂණය කලෙමු.

කසුන් පේනවා නේද….? මෙිකෙ ඔසුසලකුත් තියනවා. අන්න මගෙ සැකය තහවුරු වුනා. කියමින් විවිධ බඩුබාහිරාදිය අසුරා තිබු රාක්ක කීපයක් නිරීක්ෂණය කරා. එය එතරම්ම වැදගත් කමක් තිබුනෙම නැතත්, එය පුරුද්දක් විදිහට එය මට කරන්නට සිදුවුනා.
අවසානයේ දෙදෙනාම එකතැනට වී යන්නට සැරසී ප්‍රධාන දොරටුව අසලට එනවිට නිළඇඳුමෙන් සැරසුනු පෙරකී
මුරකරු අප අසලට පැමිණියා.

**සර්ලට මොනවද ඕන….

මහත්තයා ඇත්තටම මට ඕන දෙයක් දැනගන්න. මම හලාවත පොලීසියෙන්.
හැඳුනුම්පත ඕනද බලන්න.


**එහෙමද …. ? එපා එපා… සර්… එහෙනම් අපි පොඩ්ඩකට පැත්තකට යමු මෙතනින්. එන්න සර්.. මොනවද මගෙන් දැනගන්න ඕන…?

අද බීච්එකෙ මැරිලා හිටිය මහාචාර්ය විනීත වීරසිංහ මතකයිද ..?

**ඔ ඔ ඔ ඔව් සර්…
(ඒ කියන්නේ මිනිහව හොඳට දන්නවා මේ හාදයා. හොඳයි බලමු)

කලබල වෙන්න එපා. එහෙම ලොකුවට හිතන්න එපා. මට දැනගන්න ඔීන. මෑන් මෙහාට නිතරම එනවද..? එහෙම ඇවිත් ⁣මොනවද ගන්නෙ කියලා විතරයි.

**සර්… වෙන කොහෙවත් යන්නෙ නැහැ ෆාමසි එකට විතරයි යන්නෙ…

ෆාමසි එකට…? ඒ මොනවා ගන්නද…?

**සර් සතියකට වතාවක් අනිවාර්යයෙන්ම මෙහාට ඇවිත් එකම එක බෙහෙතක් අරගෙන යනවා…

මොකක්ද කියලා දන්නෙ නැද්ද ….?

**මම දවසක් ලාවට වගේ දැක්කා
මට මතක හැටියට `` නයෝසීන් ´´
කියලා බෙහෙතක් වගේ….

නයෝසීන්…?

**ඔව් සර්….

හොඳයි බොහොමයක් ස්තුතියි මහත්තයා. මෙිගැන ඇහැව්වා කියලා කිසිම කෙනෙකුට කියන්න යන්න එපා. මොකද ඒක මට වඩා ඔයාට අඅනතුරුදායක වෙන්න පුළුවන්. මොකද අපි දෙන්නට දෙන්නා අඳුරන්නෙ නැති වුනාට ඔයාව මෙි පැත්තෙ හැමෝම දන්නවා වෙන්න ඕන. ඔයාගෙ වෘත්තීය පසුබිම අනුව. තේරුනාද…

**ඔව් සර්….

තව දෙයක්.. ඊයේ කීයට විතරද ආවෙ එයා….?

**වෙලාවනම් මතක නැහැ සර්…
හවස් වරුවෙ තමයි මතක හැටියට.

හ්ම්ම්… ඕකේ… මතක් කරලා බලන්න ඊයේ හෝ අද නිල්පාට ඩෙනිම් කලිසම් ඇඳපු දෙන්නෙක් ආවද මෙහාට. එකෙක් කොණ්ඩය රැවුල වවලා. අනිකගෙ බඩ ටිකක් ඉදිරියට නෙරාගිය…

**සර් දෙන්නම එකම උසද.

ඔව් ඔව් අඩි පහකට වැඩි නැහැ…

**ඔව් සර්… අද උදේ ඇවිත් ගියා…

මොකුත් අරගෙන ගියාද….?

**නෑ සර්…

හොඳයි හොඳයි බොහොමයක් ස්තුතියි…
මෙන්න මේක තියාගන්න.. කියමින් මම ඔහුට රුපියල් පන්දහසේ නෝට්ටුවක් හෙමිහිට ඔහු අතට දුන්නා.

**පිස්සුද සර්…

මෙික තියාගන්න මහත්තයා. මෙික පගාවක් නෙමෙි. මට මෙි තොරතුරු ටික දුන්නට…

**බොහොම ස්තුතියි සර්…

හොඳයි …. අපි ගිහින් එන්නම්.

**හොඳයි සර්….

ඉදිරි පස දොර විවෘත කරගෙන වහාම ලහිලහියේ පයින් අප ඇවිද ආවෙ යතුරුපැදිය වෙතය.

*සර්… මොකද හිතන්නේ….

කසුන් පස්සේ අපි කතා කරමු. යමු අපි දැන් වෙන ෆාමසි එකකට.

*හරි සර්…..

සුළු මොහොතකට පස්සේ අපි පැමිණියේ වෙනත් ඔසුසලක් වෙතටය.

**good evining sir … පියකරු සුදු මුහුණකින් හෙබි තරුණියකි ඇය.

Good evining මිස්…. නයෝසීන් එන්නත තියනවද….?

**සර් අපි ලඟනම් ඒක නැහැ. ඒක හැම ෆාමසි එකකම නැති බෙහෙතක්…

ඕහ්හ්හ් එහෙමද….? ඒක මොනවටද පාවිච්චි කරන්නේ ….?

**සර් ඒක ප්‍රතිශක්තිකරණ එන්නතක්…

ඒ කියන්නේ බූස්ටර් එකක්… ඒ කියන්නේ HIV ආසාදිතයින්ට වගේද පාවිච්චි කරන්නේ…?

**ඔව් සර්…

හොඳයි … හොඳයි බොහොමයක් ස්තුතියි මිස්. ගිහින් එන්නම්.

**හොඳයි සර්…..

යමු පවන්…..

හ්ම්ම්… දැන් කතා කරමු කසුන් මහත්තයා… දුර්ලභ බූස්ටර් එකක්
පාවිච්චි කරෙ ඇයි..? කාටද…?

*කාටද HIV ….?

ඔව් කසුන්… මොකක්ද මෙි හුටපටය..?
ප්‍රශ්නය එන්න එන්නම සංකීර්ණ වෙනවා නේද කසුන්…

*ඒක තමයි…. එතකොට අර ඩෙනිම් ඇඳගත්ත හාදයෝ දෙන්නා මහාචාර්යතුමාව ලුහුබැඳලා තියනවා නේද…?

ඔව් යාළුවා… ඔව්… කාරි නෑ. අපි හොයමු ඉතින්. අදට අපි හොයාගත්ත කරුණු ප්‍රමාණවත්. අපි යමු කසුන්.

*යමු සර්…….


මතු සම්බන්ධයි……




Episode Name :
මිෂන් පැන්ඩෝරා 41 වන කොටස [25 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 40 වන කොටස [23 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 39 වන කොටස [20 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 38 වන කොටස [18 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 37 වන කොටස [15 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 36 වන කොටස [13 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 35 වන කොටස [10 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 34 වන කොටස [09 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 33 වන කොටස [08 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 32 වන කොටස [06 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 31 වන කොටස [04 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 30 වන කොටස [01 Aug 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 29 වන කොටස [30 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 28 වන කොටස [28 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 27 වන කොටස [26 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 26 වන කොටස [23 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 25 වන කොටස [21 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 24 වන කොටස [19 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 23 වන කොටස [16 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 22 වන කොටස [15 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 21 වන කොටස [12 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 20 වන කොටස [10 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 19 වන කොටස [07 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 18 වන කොටස [03 Jul 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 17 වන කොටස [30 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 16 වන කොටස [27 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 15 වන කොටස [25 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 14 වන කොටස [23 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 13 වන කොටස [21 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 12 වන කොටස [18 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 11 වන කොටස [16 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 10 වන කොටස [13 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 09 වන කොටස [10 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 08 වන කොටස [07 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 07 වන කොටස [06 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 06 වන කොටස [05 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 05 වන කොටස [03 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 04 වන කොටස [01 Jun 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 03 වන කොටස [31 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 02  [27 May 2024]

Read Episode


Episode Name :
මිෂන් පැන්ඩෝරා 01 වන කොටස [25 May 2024]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now