⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎ රහස් ආයුධය 51 වන දිගහැරුම ⸎

`` තවත් වෙඩිතැබීමක් ´´
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~

*මමත් එකගයි සර්…

වෙරිගුඩ් මහත්වරුනි …..
එහෙනම් රවින්ද්‍රව ඉවරයක් කරලා ඉමු…
මම දැන් මෙි සැළසුම් දෙකම හදන්න ඔීන.

මෙතැන් සිට….

නියෝජිතයින් දෙදෙනාට සමුදුන් පසු මා
ඇමතුමක් ගත්තෙ සේපාලිකා වෙතය..

හෙලෝ මැඩම් ….

***හෙලෝ… කවුද මෙි…?

සේපාලිකා මැඩම් ඉන්නවද…

***එහෙම කෙනෙක් මම දන්නෙ නැහැ.

හා හරි මිස්… සමාවෙන්න..

කියමින් ඇතුම විසන්ධි කෙරුවෙමි. එසේනම් ඇය තනිව ඉන්නවා වෙවෙන්න බැහැ. හ්ම්ම්… තනිවුන වෙලාවක මට ගනියි එහෙනම් …

එතෙක් රවින්ද්‍ර ඝාතනයේ `` Ape vs Cat ´´
සැළසුම නිර්මාණය කෙරුවෙමි. එහිදී ලොකුම ප්‍රශ්නය මතුවූයේ පැනයාමය.
ඒ සඳහා දිගටම වෙරළ පාවිච්චි කරොත් , මාර්ග බාධක මගහැර යාමට හැකිවෙිවි.
සැළසුමෙි සියල්ලම චිත්‍රපටයක තිර රචනයක් ලෙස පැන්සලෙන් ලියා ගත්තෙම්. කිසිම සැළසුමක් මා නොමැකිය හැකි මාධ්‍යයකින් ලියා නැත මෙිවනතුරු.

හොරාවක් පමණ ගතවනවිට සේපාලිකාගෙන් ඇමතුමක් ලැබුනි.

හෙලෝ….

***සමන්ත මහත්තයා නේද…?

නැහැ මම සමන්ත නෙමෙි. ඔය මැඩම්ට වැරදීමක් වෙලා.

***හරි සර්….
සර් මට කතා කරේ….?

රවින්ද්‍ර එලියට එන දවසක් නැද්ද. එන දවස කවද්ද කියලා හොයන එකත් මම හොයන්න කියලා බැලුවෙ මැඩම්…

***නෑ එහෙම ඔීන නැහැ සර්…
මෑන් අනිද්දා එලියට දානවා…

මැඩම්ට ෂුවර් ද….?

***ඔව් සර්…

මැඩම්ව මට හමුවෙන්න ඔීන…

***කවද්ද සර්… ?

හැකි ඉක්මනට ….

***හැකි ඉක්මනට ….?

ඔව් මැඩම් …..

***හරි…..

හෝරා දෙකකට පසු ….

*සර් එතකොට අමරබන්දු රූපසිංහ කුණුවෙන්න බොනවා කියනඑක ඇත්තක් නේද …?

ඔව් ඉතින් මෑන් ඊයේ කුණුවෙන්න ගහලනෙ හිටියේ..

*එතකොට අර සරණපාල සිරිසේන කියපු කතාව ඇත්ත නේද….?

සරණපාල සිරිසේන කිව්වේ අර… ``පොලවෙන් මතුවුණු මිනිසා´´ නේද…?

*ඔව් සර්…

එහෙම පොලවෙන් මිනිස්සුන්ට මතුවෙන්න පුළුවන් ද…? මම දන්න විදිහට ගැඩවිල්ලන් බිංකුන්ඩො වගේ සත්තුන්ට විතරයි නෙ පොලවෙන් මතුවෙන්න පුළුවන්. මිනිහෙක් කොහොමද එහෙම මතුවුනේ…?

*අපිට විතරක් නෙමෙි.. රටෙි බහුතරයකට ඔය ප්‍රශ්නය තියනවා සර්..
හැබැයි ඉතින් ගැඩවිල්ලෙක් හරි කමක් නෑ සුදු ඇඳුමක් ඇඳගෙන ටකරමක්, හාල් ටිකක් දුන්නොත් ඊලඟ මැතිවරණයේදී මෑන් ජනාධිපති. ඒ තරම් අපේ මිනිස්සු ආකල්පමය වශයෙන් සංවර්ධනය වෙලා තියෙන්නෙ …

හහ් හහ් හා…. ඒක නම් ඉතින් සහතික ඇත්ත තමයි.

*එතකොට සර් අමරබන්දුට මොනවද කරන්නේ ….?

මොනවා කරන්නද ඉතින් අතුරුදහන් කරන්න තමයි තියෙන්නෙ… ශාන්තගේ අලු ටික හරි ඉතුරු කරා. මෙයාගෙ එහෙමවත් ඉතුරු කරන්නේ නැහැ.

*ඔව්… ඒක හොදයි…

ස්ථාවර දුරකථනය නාද විය…

පොඩ්ඩක් ඉන්න කසුන් ….

හෙලෝ….
ඔව්…
තනියමද….?
හරි….
ඇතුලට ගන්න ….

*කවුද සර්… ?

සේපාලිකා ….

*එයා මෙහාට එන කාලය දැන් වැඩියි වගේ…

හ්ම්ම්…… එහෙමමත් නැහැ. මම තමයි එන්න කිව්වෙ. වැදගත් වැඩකට..

***සර් මම ඇතුලට එන්නද…?

ඔව් එන්න මැඩම් ….

*සර්… එහෙනම් මම ගිහින් පස්සේ එන්නම් …

එපා නාරද… ඔයත් මෙතන ඉන්න ඔීන.
මොකද මම ලඟ පුද්ගලික කතාබහක් නැහැ නෙ. Nothing personal matters in my life..

*sure sir…

මැඩම් වාඩිවෙන්න…

So… lets get to the point. I havnt much time.

***sure sir…

මැඩම්ට මම එන්න කිව්වෙ බොහොම බැරෑරුම් කාරණයක් ගැන කතා කරගන්න…

***බැරෑරුම් ….?

ඔව්… මෙතනින් එහාට ටිකක් බැරෑරුම් ප්‍රශ්න කීපයකට මිල්ටන් ට මුහුණ දෙන්න වෙනවා. මොකද මගෙ ඊලඟ සැළසුම ටිකක් අවදාම්සහගත දෙයක්. කීප දෙනෙකුට සාමයේ සැතපෙන්න වෙනවා.
නමුත් මම කැමති නැහැ මිල්ටන් වගේ එක අරමුණකට ගිලාබැසලා වැඩකරන කිසිම නිලධාරියෙක් මගෙ සැළසුමෙන් මැරෙනවට.

***ඒ කිව්වෙ ….

ඒ කිව්වෙ ප්ලෑන් `` Ape vs Cat ´´ මෙි ප්ලෑන් එකේදි වානරයයි , බළලයි දෙන්නම ඉවරයි. මොකද එක වානරයව මරන්න ඇන්ටනී ඇතුළු ඉතුරු බළල්ලු බහුතරයක් එතනට එනවා. එතනට ඇන්ටනීගෙ දකුණු අත වන මිල්ටන්ටත් අනිවාර්යයෙන්ම එන්න වෙනවානෙ දිගටම විශ්වාසය තියාගන්න නම්. එතකොට මෑන්ටත් සාමයේ සැතපෙන්න
වෙන හන්දා තමයි මම මෙි හදිසියේම කතා කරේ…

***ඒ කියන්නේ සේරම සුද්දයි ද…?

සේරම නෙමෙි බහුතරය ….

***සර් ගෙ ප්ලෑන් එකේදී අවසානයට මොකද වෙන්නේ..

ඒක හොඳ ප්‍රශ්නයක් මැඩම්… මගෙ ප්ලෑන් එක ක්‍රියාත්මක කරගන්න ඔයාලගෙන් හරි තොරතුරු විතරයි මට ඔීන.. මෙික හරියටම ක්‍රියාත්මක වුනොත්, මිල්ටන් ටයිගර්ස්ලගේ ප්‍රධානියා වෙනවා. මොකද ඇනිටනීත් පරලොව සැපත් වන හන්දා , ඊලගට ඒ තැන ගන්න ඉන්නෙ මිල්ටන්… එතනින් ඔයාලට වෙන වාසිය මම විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ …

***හ්ම්ම්… අපේ කෙනෙක් එතනින් එහාට ලීඩ් කරනවා කියන්නේ මුළු ජාලයේම තොරතුරු අපිට ඉකාම ලේසියෙන්ම ගන්න පුළුවන් … නියමයි සර්.. ඒක මාස්ටර් ප්ලෑන් එකක්. ඉලක්කයට යන්න
පුළුවන් කෙටි මාර්ගයක්.

ඔව් මැඩම් …. ඉතුරු ටික ඔයාලා බලාගන්න. මට අදාල නැහැ. මම අත ගහන්නෙත් නැහැ.

***හරි සර්…. මම එකඟයි.
අපි දෙන්නා මොනවද කරන්න ඔීන…

මම , මගෙ ප්ලෑන් එක ඔයාලට කියන්නේ නැහැ. ඔයාට තියෙන්නෙ එදා දවස තුල මිල්ටන්ව එතනට නොඑන තැනට කටයුතු කරන එක. එච්චරයි…

***සර්… මට එකපාරටම ඒ වෙනුවෙන් කරන්න ඔීන මොනවද කියලා ඔළුවට එන්නෙ නැහැ. මොකද එහෙම ඒ දවස මගහරිනවා කියන්නේ මිල්ටන් කෙරෙහි ගැන්සියේ තියෙන විශ්වාසය ගිලිහෙන එක. ඒ හන්දා එහෙම මගහරින එකට
සීයයට පන්සීයක් විශ්වාසය දනවන සිද්ධියක් හේතුපාදක වෙන්න ඔීන.

මැඩම් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මිල්ටන් ඔය ට්‍රැක් එකෙන් අයින් කරන එකත් මගෙ ප්ලෑන් එකේ විශේෂ කොටසක්…

***ඒ කියන්නේ සර් ලඟ තියනවා ශක්තිමත් වගේම , සුමට ප්ලෑන් එකක් ..

ඔව් … ඇත්ත වශයෙන්ම … අනිද්දා රවින්ද්‍රව එලියට දානවද…?

***ඔව් සර්… ඇතුලෙන් මට තොරතුරක් ආවා… ඒක තොරතුර මට ෂුවර්…

හ්ම්ම්… එහෙනම් අපිට වැඩි කාලයක් නැහැ. එහෙනම් හෙට මල්වතු පාරෙ බෝගහ යටට උදේ දහය වෙනකොට එන්න කියන්න…

***මල්වත්ත පාරෙ බෝගහ යටට…? සර් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ….?

මම හෙට උදේ මිල්ටන්ට ෂොට් දෙකක් ෂූට් කරනවා ….

***මොනවා…..? එතකොට …?

ඔව්… එතකොට මිල්ටන්ට වෙඩි වැදිලා, මෑන් රෝහල්ගත කරනවා. ආයේ දවස් දහයකට ගොඩ එන්න බැරි වෙනවා.
බයවෙන්න දෙයක් නැහැ. මම ෂූට් කරන්නේ උරපත්තට එකයි. කකුලෙ මස් ගොබයට එකයි. එච්චරයි. කොහොමත් හොඳටම සුව වෙන්න දවස් පහලොවක් විතර යයි.. එතකොට ඒකෙ වගකීම නන්නාඳුනන තුවක්කුව කරුවෙකුට යනකොට , මිල්ටන්ට පෙරට වඩා ගැන්සියේ විශ්වාසය දිනාගන්න පුළුවන්…


***නියමයි සර්… ඒක නියම ප්ලෑන් එකක්.. එතකොට රවින්ද්‍රගෙන් බලපෑමක් මිල්ටන්ට වෙන්නෙ නැද්ද..?

හහ් හහ් හා… එහෙම බලපෑම් කරන්න
මෑන් ජීවත් වෙන්න එපැයි…

***ඒකත් ඇත්ත තමයි…

මෙහෙමයි මැඩම්… ඊට පහුවදා රවින්ද්‍ර
CID එකෙන් එලියට එන්න කලින් ඔයාලා ටික මිල්ටන්ව රෑම ඉස්පිරිතාලෙන් අතුරුදහන් කරන්න. එතකොට රැවුලයි කැඳයි දෙකම බැලන්ස් …

***සර්ලා…. ඇත්තටම කවුද ….? කොහොමද මෙහෙම ඔීල්රවුන්ඩ් ප්ලෑන් ගහන්නෙ. මට එකක් හිතාගන්න පුළුවන්.

ඒ මොකක්ද මැඩම් …. ?

***සර්ලා ලංකාවෙ පුහුණු වෙච්ච අය වෙන්න නම් බැහැ …

ඔව් ඔයා හරි මැඩම්…. එහෙනම්… මිල්ටන්ට සැළසුම ඒ විදිහටම විස්තර කරන්න. හෙට උදේ දහය වෙනකොට
මිල්ටන්ට වෙඩි වදිනවා එච්චරයි… එහෙම නොවුනහොත් මෑන්ටත් මැරෙන රොත්තටම මැදිවෙලා නිකං අපරාදෙ මැරෙන්න වෙනවා.

ඒක සුළු දෙයක් සර්… අපි හුඟක් කැපකිරීම් කරලා මෙි තරම් දුරක් ආවෙ.

***සර්ට කියන්න මම අවුරුදු තුනකින් ගෙදර ගිහින් නැහැ …

හහ් හහ් හා… දිව්‍යා මැඩම්.. මම අවුරුදු දහතුනකින් ගෙදර ගිහින් නැහැ. මොකද මගෙ ගෙවල් ලංකාවෙ නැහැ නෙ.

***මොනවා. …..

හරි මැඩම් එතකොට මොකක්හරි මගෙන් අහන්න ප්‍රශ්නයක් තියනවද මෙි කියපු ටිකෙන්…

***සර්ගෙන් මට අහන්න තියෙන ප්‍රශ්න කන්දරාව පොතක ලිව්වොත් ශුද්ධ වූ බයිබලයටත් වඩා ලොකු වෙයි.

හපොයි එහෙමද….? එහෙනම් නොඅසා ඉමු… ( තිදෙනාම සිනාසෙමින් )

*සර් මට තියනවා ප්‍රශ්නයක් ….

ඔන්න බලන්න මැඩම්… නාරද මහත්තයා අහන ප්‍රශ්නය…

*සර් ඇයි මිල්ටන්ගෙ උරහිසටයි, කකුලකටයි තියෙන්නෙ….

ආන්න මම කිව්වා නේද… ? කොච්චර වැදගත් ප්‍රශ්නයක් ද….?

මෙහෙමයි නාරද… උරපත්තට තියපුවාම අතක් හොල්ලන්න බැහැ. කකුලට තිබ්බහම ඇවිදින්න බැහැ. උණ්ඩ දෙකෙන් මිනිහා පූර්ණ ආබාධ කරලා දානවා. මම තියෙන්නෙ දකුණු උරපත්තට. මොකද මිල්ටන්ට හුරු දකුණු අත නෙ. එතකොට පිස්ටල් එකක් පාවිච්චි කරන්න බැහැ. කකුලකට තියපුවාම ඇවිදින්න බැහැ. එතකොට කොහොම කරත් දවස් පහලවක් විතර යනකම් මෑන්ගෙන් වැඩක් ගන්නවා බොරු. නැත්නම් ඇන්ටනී කියයි `` වරෙන් යන්න උඹට වෙඩිතියන්න හරි පුළුවන් නෙ ´´ කියලා.
ඒ මොනව කරත් ඇවිදින්න බැරිනම් වැඩක් නැහැ නෙ ඒකයි. එහෙම කරන්නේ.

*නියමයි සර්… නියමයි ….

***හරි සර්….. අපි ඒ විදිහට කරමු .
එහෙනම් මම යන්නද…?

හොඳයි මැඩම්… බොහොමයක් ස්තුතියි..

*සර්… දිව්‍යා මැඩම් එනපොට මොකක්ද..?

ඒ කිව්වෙ ….?

*නෑ ඉතින් සර් එක්ක කතා කරන්නේ නිකං හරිම ප්‍රේමණීය විදිහට…

නෑ….

*නෑ නෙමෙි ඔව්… මම දැන් දවස්⁣ දෙකේම
එයා දිහා බලාගෙන හිටියේ… මිනිස් ඉරියව් දිහා නිරීක්ෂණය කරලා දෙයක් ගැන නිගමනය කරන්න ඉගැන්නුවෙත් සර්ම තමයි මට… ඉතින්..

හහ් හහ් හා… ඔව් ඔව් එහෙම සීන් එකක් තියනවා කියලා මටත් තේරෙනවා. ඒ වුනාට අපි නැහැනෙ ඔවිවට…

*සිරාවටම මම මෙි ප්‍රශ්නය සර්ගෙන් අහන්නෙ.. සර් ගෑණු ළමයෙකුට මෙි අවුරුදු තිස් අටටම කැමති වෙලාම නැද්ද..?

මොකද නැත්තෙ… එහෙම නොයුනා නම් ම⁣ට මානසික ලෙඩක් තියෙන් එපැයි. ඒ වුනාට මගෙ අරමුණත් එක්ක ලව් කරන්න කොහෙද වෙලාවක්. අනික මම වගේ අඳුරු සෙවනැල්ලකට දුර්වලතා තියාගන්නවා කියන්නේ. කිසිම මිෂන් එකක් හරියට කරගන්න බැරිවෙනයා කියන එක. මට නැහැ නෙ ඔය. ඔයා කෑවද , නෑවද , කොහෙද ඉන්නෙ , ඔයාට මම ගැන ගාණක්වත් නෑ, අඩුම තරමෙ මාත් එක්ක විනාඩියක් ඔයාට කතා කරන්න බැරිද, අපි වැලන්ටයින් සමරමු, අපි බීච් යමු, ඔයා දොයියනවද , වගේ ටොක් දෙන්න කවුරුවත්. ඇත්තටම කියනයා නම් එව්වා පට්ට ඇණ. මේ ජිවීතය හරිම නිදහස් …

*ඇන්ටි , අංකල් බලපෑම් කරන්නෙත් නනැද්ද… ?

මට අවුරුදු හතලිහ වෙනකම් ඔහොම යමු කියලා තමයි තාත්තා නම් කිව්වෙ.

**ඊට පස්සේ සර් රුත් ෂකබුම් ද…? (කාර්යලය වෙත ඇවදින් අසුනක වාඩිවෙන ගමන්)

අයියෝ නියෝජිත ජනිත්…. කොහොමත් අවුරුදු හතපිහෙන් පස්සේ මම විශ්‍රාම , නැත්නම් ඉතින් , කොහෙහරි ටීම් එකක අණදෙන නිලධාරී නෙ. එතකොට ඉතින් ජීවිතය රිලැක්ස් නෙ. එතකොට බලමු…
දැන් ඔය ලව් ඉලව් ඇහැව්වා ඇති.

අනිද්දා අපේ මිෂන් එකේ ලොකු පිම්මක් පනින්න අපි සූදානම් වෙන්න ඔීන. මොකද රවින්ද්‍ර අනිද්දා දින CID එකෙන් එලියට එනවලු. ඒක විශ්වාසනීය ආරංචි මාර්ගයකින් මට ලැබුන ආරංචියක්.
ඉතින් `` Ape vs Cat ´´ ප්ලෑන් එක ක්‍රියාත්මක කරමු. මෑන් හිතාගෙන ඉන්න සෙල්ලම් දාන්න කලින්. නැත්නම් මෑන් දාන්න යන සෙල්ලම් වලින් අපිව චෙක් වෙන්නත් පුළුවන්. එච්චර දුරදිග යවන්න හොඳ නැහැ. කසුන් මහත්තයා නම් අහගෙන හිටියා මගෙ ප්ලෑන් එකේ මිතුරු පක්ෂය බෙිරාගන්න විදිහ.

මෙහෙමයි…. හෙටදින කසුන් සහ මම යනවා මිල්ටන්ට වෙඩි තියන්න. වෙඩි තියෙන එකේ අරමුණ මරණ එක නම් නෙමෙි. මෑන්ව සති දෙකකට විතර රෝහල් ගත කරන එක. එතකොට තමයි අපි රිසිසේ වැඩෙි කරගෙන යන්න පුළුවන්. මෑන් ට්‍රැක් එකෙන් අයින් කරලා අනිද්දා රවින්ද්‍රව මරලා , අර මම කලින් කිව්වා වගේ එතනට ටයිගර්ස්ලා ගෙන්නලා, උන්ටික පස්සෙන් වත්තල පොලීස් සන්නද්ධ කණ්ඩායමක් ගෙන්නලා ටයිගර්ස්ලා ටික වෙඩි තියලා මර්දනය කරන එක තමයි මගෙ ප්ලෑන් එක විදිහට මම කිව්වෙ.ඉතින් හෙට අපි දෙන්නා සාමාන්‍ය බයික් එකකින් යනවා. මම අළුතෙන් ජොබක් හොයාගෙන යන තරුණයෙකු විදිහටයි ටයි පොල්ලකුත් දාගෙන. හරියටම දහයේ පැයට පිටකොටුව මල්වත්ත පාරෙ බෝගහ ලඟ ඉන්න මිල්ටන්ට වෙඩි තියලා එතනින් මීටර් තුන්සීයක් විතර ගිහින් බැහැලා බස් එකකට නැගලා නුගේගොඩට ගිහින් එතනින් මෙතනට එනවා. කසුන් සුපුරුදු පරිදි මගෙ පිස්තෝලය අරගෙන වෙිගයෙන් මෙතන⁣ට එන්න ඔීන. එච්චරයි. වැඩෙි කරා මම ෆයිල් එකත් අරගෙන බස්එකට නගිනවා. ආයේ මාව හොයනවා බොරු.

**එතකොට මම මොකක්ද කරන්න ඔීන සර්…

ඔයාට…. නේද.. ඔයාට තියනවා පට්ට චරිතයක් රඟපාන්න ….

**මට….

ඔව්….. මම ඔබතුමාගෙන් ඉතාමත් තාත්වික රංගනයක් බලාපොරොත්තු වෙනවා..

**මොකක්ද සර් චරිතය….

ට්‍රැෆික් ඔී අයී සී විදිහට හෙට රඟපාන්න ඔීන…

** සර්…. මට හරියටම විස්තර කරපා කියන්න.

අනිවාර්යයෙන්ම සුපුන් මහත්තයා.
හෙට ඔයා එස්අයි සුපුන් චාමර වෙන්න.
හරි … මම මෙහෙම කියන්නම්..
හෙට මම ජැන්ඩියට ඇඳලා පොඩි සඟක් දාගෙන අර උස්සපු පිස්තෝලයත් අරගෙන යනවා. ඒක දණහිසෙන් පහලට බෙල්ට් කරලා තමයි මම අරගෙන යන්නෙ. මෙි තියෙන තත්වය අනුව පිස්ටල් එහෙ මෙහෙ ගෙනියන්න බැරි හන්දා තමයි ඔයා පොලිස් ඔෆිසර් කෙනෙක් විදිහට එන්න ඔීන. ඔයා මල්වත්ත පාරෙ ඉඳලා කිලෝමීටර් එකක්
විතර එහා ඔීල්කට් මාවතෙ ඉන්න. ඊට පස්සේ කසුන් ඔයාට පිස්තෝලය එතනදී දෙනවා. ඒක අරගෙන ඔය බෙල්ටි කේස් එකට දාගෙන මෙතනට එන්න. මොකද මස එහෙම සැළසුමක් කරේ. අනිවාර්යයෙන්ම අතනදී වෙඩි තියපු ගමන් හැමතැනම ක්ෂනික මාර්ග බාධක දානවා. දිගටම පිස්තෝලය අරගෙන ගියොත් කසුන් මාට්ටු වෙනවා.

***පොලිස් කාරයෙක් පිස්තෝලයක් අරගෙන යනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නෙ… ඒක හොඳ සැළසුමක් සර්.

*බලාගෙන ගියපුවාම මෙික සැළසුමක් නෙමෙි සැළසුම් ජාලයක්….

ඔව් මහත්වරුනි …. මෙික දැවැන්ත ප්ලෑන් එකක්… එකක් වත් මගහරවාගෙන යන්න බැහැ. දම්වැලක් වගේ එකිනෙකට බැඳිලා තියෙන්නෙ.

**හරි සර්…. මම හෙට දෙන්නම් දොඹෙන්….

මොකෙන්ද….?

**දොඹෙන් සර්…. දොඹෙන්…

හා හරි…. දොඹෙන් බැරිනම් දොඹ තෙලෙන් හරි වැඩෙි කරමු…

පසුදින……

පෙවරු අටහමාරට පමණ අප දෙදෙනා ලෑස්ති වී මුහුණට මුහුණ හමුවුනෙමු…

ආ.. කසුන් මහත්තයා …. වැඩෙිට ලෑස්ති වෙලා වගේ…

*අප්පටසිරි… කවුද යකෝ මෙි… ලස්සනට කොණ්ඩය පීරලා. සුදු අත්දිග ෂර්ට් එකක් ඇඳලා. ඒකට ටයි එකක් දාලා. ඇස්දෙකට පොඩි සඟක් දාගෙන.
ඇත්තටම මෙි තේනුවර මහත්තයා ද..

ඔව් ඔව්… මහත්තයා … මම මෙි ජොබ් එකකට ඉන්ටර්විව් පාරක් යන්න කියලා.

*හොඳයි හොඳයි මම ඇරවන්නම්…
ඇත්තටම සර් පට්ට හැන්ඩියානෙ. චන්ඩියා වගේ හිටියට. දිව්‍යා මැඩම් දැක්කොත් ඔය විදිහට අනිවාර්යයෙන්ම සර් ටෝක් කරනවා එයා…

අනේ මේ නිනං හිටහං… කෝ මෙි සුපුන් මහත්තයා … ? යමු බලන්න පහල තට්ටුවට….

*සර් අතන ඉන්නවා පොලිස් ඔෆිසර් කෙනෙක්.. අපි යමු බලන්න එතනට..

යමු යමු…..

Excuse me sir….

**ඔව් පුතා… what can i do for u..?

*ටහුඩු සුපුන් ලොක්කා… කෝමද ඒක..?
දාර පොයින්ට් එකකුත් අලවගෙන. නිකං වීරප්පන් වගේ…

**අයිසෙ තමුන් කාටද ඔය කතා කරන්නෙ..

සොරි සර්…. අපි ගිහින් එන්නද…?

**යනවා යනවා මගෙ කාලය කන්නෙ නැතුව…

ටහුඩු මුගෙ ගණන්….

*ඒකනෙ සර්….

**හරි සර්… එහෙනම් පරිස්සමෙන්.. ජයවේවා.. කසුන් සර් ජයවේවා කිව්වා එහෙනම්…

*ජයවේවා කිව්වා …? කවුද කිව්වෙ…?

**ඇයි දැන් මම කිව්වෙ..

*හා …. හරි… මම හිතුවා මෙි වෙන කවුරු හරි කිව්වා කියලා. හරි… එස්අයි මහත්තයා ජයවේවා..

කාලය සමග විරාමය තබාගෙන පිටකොටුව පුද්ගලික බස්නැවතුම්පල පසුකරන විට පෙරවරු දහයට ආසන්නවී තිබුනි.

*සර්…. මෑන් ඉන්නවා බෝගහ යට.

ඔව් අර ඉන්නෙ …. රයිට්… මම ෂොට් දෙකක් තියපු ගමන් වේගය වැඩිකරන්න.
හරි අපි යමු…

එකයි…
දෙකයි…
තුනයි….

යතුරුපැදිය පණගන්වා වෙිගය වැඩිකර ,
බෝගහ අසලටම කිට්ටු වනවිට දුරකථන ඇමතුමක සිටි මිල්ටන් පාර දෙසට හැරෙත්ම මෙතෙක් වෙිලා මාගේ දණහිසට පහලින් තිබූ පිස්තෝලය අතට ගෙන. එහි සේෆ්ටි ලිවරය පහලට දමා , ස්යිඩරය පිටුපසට ඇද, එක වෙඩිල්ලක් උරපත්තට හා දෙවන උණ්ඩය කලවා ප්‍රදේශයේ මස්ගොබය පසාරුවන පරිදි වෙඩි කබන විට තම සහයක නියෝජිතයා තම යතුරුපැදියේ වෙිගය වැඩිකර එතනින් යන්නට විය.

සැළමුමෙි පරිදි මගින් බැසගත් මා වහාම පිස්තෝලය හා හෙල්මටය ගලවා කසුන්ට ලබාදී ඈතින් එන මාර්ග අංක 120 කොහුවල කැස්බෑව බස්රියට ගොඩවී සෙනඟ අතරින් ඉදිරියට ගොස් වාඩි වුනෙමි. ටයි පටිය නිසිලෙස සකසාගෙන
වටපිට බලමින් සිත සැහැල්ලු කරගත් මා , සාමාන්‍ය තත්වය පත් වුනෙමි. හෝරාවකට පසු මා නැවතුනේ මදිනා ටෙක්ස්ටයිල්ස් තුලය. මා මෙහි එනවිටත්
තම සහයක නියෝජිතයින් දෙදෙනාම පැමිණ සිටීම මාගේ සැනසුමට හේතුවිය.


මහත්වරුනි …. ප්‍රශ්නයක් නැහැ නේද…?

*නෑ සර්… සේරම හරි….

හොඳයි ඔයාලා ගිහින් විවෙික ගන්න..
ඉන්න එපා මෙි හරියෙ… කියමින් මා කාර්යාලයට ගොස් වාඩි වුනෙමි.
සැණෙන් දුරකථනය නාද විය.

හෙලෝ……

***සමන්ත මහත්තයා …

සමන්ත කියලා කෙනෙක් මම දන්නෙ නැහැ. ඔය මිස්ට වැරදීමක් වෙලා..

***හා … හරි සර්… වැඩෙි තිතටම වුනා.
අපි එයාව මරදාන හොස්පිටල් එකට දැම්මා. මොකද එතන ඉන්නවා අපේ ගැන්සියේ හතර දෙනෙක්. ඒ හන්දා ඒක අපිට අමතර වාසියක් …

හරි මැඩම්…. හෙට ඔයාගෙන් පැකේජ් එක එලියට එන සිග්නල් එක එනකම් ලෑස්ති වෙලා ඉන්නවා අපි…

***ok sir….

මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now