සත්‍ය කතාවක් අනිවාරෙන්ම කියවන්න. මම මේ කතාව දැනගත්තේ දැන් සතියකට විතර කලින් මේ කතාව ඔයාලට කියනවාද නැද්ද කියලා කල්පනා කරලා අවසානේද ඔයාලට කියන්න හිතුවා. (වැඩත් එක්ක අදිසියෙන් කතාව ලියන්නේ අඩුපාඩු ඇති කතාව කෙටියෙන් කියන්නම්) තව දෙයක් කතාව අවසානේට හැම දෙයක්ම ඔයාලට තෙරේයි. (නම් මනක්කල්පිතයි)

ගමක ඉදලා තියනවා අම්මයි, තාත්තයි එයාලට ළමයි අටක් හිටියා. මෙයාලාට හොදට සල්ලි තිබ්බා. පවුලේ බාලයා තමයි ගුණසේකර ඉතින් මේ ගුණසේකර අවුරුදු 19 ක් විතර වෙද්දි ගමේ ලස්සන ගැනු ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. කොහොම හරි මාස කිහිපයක් යද්දි මේ සම්බන්ධය ගැන ගෙවල් වලින් දැන ගන්නවා. ගැනු ළමයගේ ගෙදර කට්ටිය කැමති වුනත් ගුණසේකර ගේ ගෙදරින් තදින්ම මේ සම්බන්ධයට විරුද්ද වුනා. මොකද ගැනු ළමයා අඩු කුලේ නිසා. මේ වෙද්දි ගුණසේකර නිසා ගෑණු ළමයාට ළමයෙක් ලැබෙන්න හිටියා. ගුණසේකරයි ගෑණු ළමයි කතා වුනා ඔයා නිසා මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා මේක අපේ ගෙදරින් දැන ගත්තොත් මාව මාරයි. අම්මට, තාත්තට මට මුන දෙන්න බැහැ. ගමේ මිනිස්සු අපිට හිනාවෙයි. ගුණසේකර ඔයාලගේ ගෙදරින් මට කවදාවත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙන්නා මැරෙමු. ඉතින් දෙන්නම කතාවෙලා එදා දෙන්නම ටවුන් එකට ගිහින් වස බොතල් දෙකක් අරන් ඇවිත් ගමේ පාලුවට ගිය ගෙදරකට ගියා.

ඉතින් ගැනු ළමයා කිව්වා දෙන්නම වහ බොතල් දෙකේ මුඩිය ඇරලා එකට බොමු කිව්වා. ගුණසේකර කිව්වා ඔයා ඉස්සර වෙලා බොන්න කියලා. ඊට පස්සේ ගෑණු ලමයා වහබෝතලය එක හුස්මටම ඉවර වෙනකල් බිව්වා. ගුණසේකර බයවෙලා වහකුප්පියත් විසිකරලා ගෙදරම දිව්වා. පැය කිහිපයක් ගත වුනා. මුළු ගමේම පැතිරුනා පාළු ගෙදර ගෑනු ලමයෙක් වහ බිලා මැරිලා කියලා. ගෑනු ලමයාගේ ගෙදරින් කිව්වා ගුණසේකර නිසා තමයි ගෑනු ලමයා මැරුනේ කියලා. පොලිසියෙන් ගුණසේකර අත්අඩංගුවට පත්වුනා. සාක්ෂි නැති නිසාත්, සල්ලි බලය නිසාත් ගුණසේකර නිදහස් වුනා.

අවුරුදු කිහිපයක් ගතවුනා ගුණසේකර විවාහ වුනා. ගුණසේකරට ළමයි තුන්දෙනෙක් ලැබුනා. ( මම කලින් ලියපු බෝදිලිමා කතාව ඔයාලට මතකනම් එහෙම වුනේ ඇයි කියලා ඔයාලට දැන් තෙරේයි මම ඒ කතාව කෙටියෙන් ලියන්නම් කියපු නැති කෙනෙකුට දැන ගන්න.) ගුණසේකර දවසක් කජු කඩන්න ගමේ තිබ්බ වත්තකට ගියා . මේ වත්ත අක්කර ගානක් ලොකුයි. අයිතිකාරයෝ දැන් නැහැ. වටේම කැලේ ඒ අස්සේ කජු ගස් තියනවා. ඉතින් ගුණසේකර කජු කඩන්න කැලේ ඇතුලට ගියා කජු ගහක් හොයාගෙන මොකද ගමේ අනිත් මනුස්සයෝ කජු කඩලා නිසා ඒ හරියේ ගස්වල කජු නැති නිසා. කැලේ ඇතුලට යද්දි කජු ගහක කජු පිරිලා ගුණසේකර කජු කඩ කඩ ඉද්දි කැලේ ඇතුලෙන් කෙදිරිගාන සද්දයක් ආවා. ඒ කෙදිරිගාන සද්දේ ටික ටික ලගම ඇහුනා. ගුණසේකරට වෙනසක් තෙරුන නිසා කඩපු කජු ටිකත් අරගෙන ආපහු එන්න ආවා. සද්දෙ දැන් ලගම ඇහෙනවා. ගුණසේකර බයිසිකලේට නැගලා එද්දි ඒ සද්දේ පස්සෙන්ම ආවා. ඒ වත්ත අවසාන වෙන තැන ගම්මානයක් තියෙන්නේ එතනින් පස්සේ ඒ සද්දේ ටිකෙන් ටික නැතිවෙලා ගිහින්. පිටිපස්ස හැරිලා බලද්දි කැලෑව ඇතුලෙන් ඒ සද්දේ ඇහිලා තියනවා.

ඔහෝම මාස 02 ක් විතර ගියා. දවසක් රාත්‍රියේ අර කෙදිරිලි හඩ ගුණසේකරගේ බිරිද ඇහිලා ඇහැරුණා ඒ සද්දේ ඇහෙන්නේ ජනේලය ගාවින් ගුණසේකරගේ නොනා බයවුන පාර ළමයි තුන්දෙනාවත් ඇහරවගෙන ගුණසේකරගේ කාමරයට ගියා ගුණසේකරත් ඒ වෙද්දි සද්දේ නිසා ඇහැරිලා හිටියේ. ගුණසේකර නෝනාටත් කියලා අපි එලියට ගිහින් බලමු කියලා බැලුවා. සද්දේ ටික ටික ගුණසේකරලාගේ පිටුපස්සේ තිබ්බ කැලේ පැත්තට ගියා. එදායින් පස්සේ ආයේ ඒ සද්දේ ඇහුනේ නැහැ.

ඔහෝම කාලය ගෙවිගෙන ගියා 2011 දවසක් ගුණසේකර වැඩ ඇරිලා එද්දි බයික් එකේ රාත්‍රි 08.00 ට විතර ඇති. ගුණසේකරගේ බයික් එක ඉස්සරහයින් සුදු ඇදගත්තු ගෑණු කෙනෙක් පාරෙන් පැනලා ගුණසේකරට බයික් එක පාලනය කරගන්න බැරුව පාරේ තිබ්බ ගහක හැප්පෙනවා. ඒ අනතුර නිසා ගුණසේකරගේ සුසුම්නාව තැලෙනවා. එක්තැන් වෙනවා. ගුණසේකරට අත්පයවත් හොල්ලන්න බැරුව යනවා . කතාකරන්නවත් බැරුව යනවා . ගුණසේකරට සිංහල බෙහෙත් කරන්න ගන්නවා. ගෙදර අග හිගකම් වැඩිවෙනවා සල්ලි නැතුව යනවා. ලොකු පුතා සාමාන්‍ය පෙල ලියලා ගෙදර ඉන්නවා. ලොකු පුතා ජොබ් එකක් හොයාගෙන යනවා. ලොකු පුතාගේ පාසල් ගමන එතනින් නතර වෙනවා ගෙදර ප්‍රශ්න නිසා.
සිංහල බෙහෙත් කරලා ගුණසේකර අවුරුදු දෙකක් යද්දි සනීප වෙනවා. වෙනදා විදිහටම වැඩ පල කරනවා. ඊට පස්සේ 2014 විතර ගුණසේකරලාගේදර අමුතු දෙවල් සිද්ද වෙන්න ගන්නවා. උයන දෙවල් මස්, මාලු උයලා තිබ්බොත් එකෙන් භාගයක් නැතුව යනවා එක්කෝ වැලි, නැත්තම් සෙවල සෙවල වගේ වෙනවා. ගෙදර හවස් වෙද්දි අමුතු ගදකුත් ගහනවා. රෑට ගෙදර බඩු පෙරලන සද්ද බද්ද හැහෙන්න ගන්නවා. ගුණසේකරගේ නෝනා රෑට බයවෙනවා.

ගුණසේකරගේ පරම්පරාවම සහ නෝනාගේ පරම්පරවම වෙදමහත්තුරු කොහෝම හරි ගුණසේකරගේ නෝනාගේ මල්ලි වෙදමහත්තයෙක් එයාව ගෙනල්ලා ගෙදරට ආරක්ෂාවක් දානවා. වත්තට ඌරු මස් , හරක් මස් ගන්න එපා කියනවා. ඊට පස්සේ කිසිම කරදරයක් නැතුව කාලය ගෙවිගෙන යනවා. ගුණසේකර පිං දහම් කටයුතු වලට යොමු වෙනවා එයාගේ ලොකු පුතා නිසා.
කාලය ගෙවිගෙන යනවා 2021 ගුණසේකරලගේ ගෙදරට අල්ලපු ගෙදර කට්ටිය ඌරු මස් වගයක් ශීතකරණයේ දාන්න අරන් එනවා. ගුණසේකරලාගේ ගෙදර ආරක්ෂාව බිදිලා යනවා.

2022 පොසොන් පොහොය දවසක ගුණසේකර අසපුවට ගිහින් දවල් දානයක් දිලා. හවස පන්සලට යනවා. පන්සලෙන් රාත්‍රි 08.00 ට විතර පිටත් වෙනවා. ගුණසේකර බයිසිකලේ එන්නේ එදා පාරේ වාහන වැඩි දවසක්. ගුණසේකර එන පාරේම තමයි අර ගැනු ලමයා වහ බීපු තැන තියෙන්නේ දැන්නම් ඒ ගෙදර නැහැ. එත් ඒ වත්ත පාලුයි. ගුණසේකර ඒ වත්ත ගාවින් හැප්පෙනවා බයික් එකක. ගුණසේකරට අමාරුවෙනවා. දවස් දහයක් විතර හොස්පිටල් එකේ නැවතිලා ප්‍රතිකාර ගන්නවා. මාසයක් විතර යද්දි ගුණසේකරගේ නෝනාට කොන්දේ අමාරුවක් හැදෙනවා. කාලයක් යද්දි කොන්දේ අමාරුව වැඩිවෙලා ඇවිදින්න අමාරු වෙනවා. ඩොක්ටස්ලට පෙන්නවා. ස්කැන් කරද්දි කිසිම අවුලක් නැහැ. ඩොක්ටලා කියන්නේ ස්නායු තෙරපිමක් කියලා. කොන්දට කරන්ට් එක පවා අල්ලනවා එත් අඩුවක් නැති නිසා සිංහල බෙහෙත් කරනවා. එකෙනුත් අඩුවක් නැතිව යනවා.
මාසයක් විතර යද්දි කියනවා ගමේ මනුස්සයෙක් කියනවා එහා ගමේ ඉන්නවා ඖෂධ වරමකින් බෙහෙත් කරන වෙද නෝනාකෙනෙක් එතෙන්ට ගිහින් බලන්න කියලා. ගුණසේකරයි නෝනයි එතෙන්ට යනවා. මේ වෙද නෝනාට දේවාලයක් තියනවා පත්තිනි මෑණියන්ගේ වෙද නෝනා ඉස්සරලාම සාස්තරයක් බලනවා (වෙද නෝනා මායම් වෙන්නේ නැහැ සාමානය විදිහටම කියනවා සාස්තර) මේ ලෙඩේ ගැන වෙද නෝනා කියනවා. මට පෙනවා ගැණු කෙනෙක් එච්චර වයසක් නැහැ ලස්සනයි එයා කියනවා මාව රැවැට්ටුවා, මං මුලා වුනා. පිපෙන්න තිබ්බ මලක් පරවුනා. පලිගන්නවා කියලා ඔලුවේ අත ගගහා අඩන යක්ෂණියක් පෙනවා. ගුණසේකරට දැන් අවුරුදු 40 කට කලින් ජිවිත දෙකක් නැති වෙලා තියනවා ඔයා නිසා ගුණසේකර කියනවා නැහැ කියලා නැහැ නෙමෙයි එහෙම වෙලා තියනවා හොදට කල්පනා කරලා බලන්න කියලා. වෙද නෝනා කියනවා මම මතක් කරලා දෙන්නද කියලා. අවුරුදු 40 කට කලින් වහ බිපු ගෑනු ළමයෙක් සහ එයාගේ බඩේ හිටිය ලමයා දැන් මතකද කියලා අහනවා. ගුණසේකරට හින් දාඩිය දානවා (ගුණසේකරගේ නෝනා මේ හැම දෙයක්ම දන්නවා ගුණසේකර බදින්න කලින් හැම දෙයක්ම කියලා )ගුණසේකර කියනවා මතකයි කියලා. එයා ඔයාලගේ පස්සෙන් ඉන්නවා යක්ෂණියක් වෙලා පලිගන්න බලාගෙන ඔබවත් එයා ගාවට ගන්න ඇවිල්ලා තියනවා. කලින් ඔබට අනතුරු ගොඩාක් වුනා ඔබගේ වෙලාව හොද නිසා බේරුනා. ඔබගේ පින් කරලා තියන නිසා තමයි බේරුනේ. ඔබව එයා ගාවට ගන්න බැරි නිසා ඔබගේ නෝනාගෙන් පළිගන්න බලනවා. එතකොට ඔබට දුකයිනේ. ඔයාගේ නෝනාගේ කොන්ද අමාරුව හැදිලා තියෙන්නේ මේ යක්ෂණි නිසා. ඔයාගේ නෝනා ගොඩාක් දුර්වලයි ඒ නිසා ඔයාගේ නෝනාව ලෙඩ කරනවා. නෝනා නිතරම කියනවානේද මේ මොන කරුම ලෙඩක්ද මැරිලවත් යන්නේ නැහැ කියලා. එතකොට ඒ යක්ෂ ආත්මය හයියෙන් හිනාවෙලා සතුටු වෙනවා.මෙයා යන්න කැමති නැහැ කියනවා. වෙද නෝනා ඊට පස්සේ කිව්වා මෙයාව යවන්න පුලුවන් පිං දිලා ඔයාලා කැමතිනම් එහෙම කරමු කිව්වා. ඊට පස්සේ වෙද නෝනා කිව්වා යක්ෂ ආත්මය කරපු බලපෑම නිසා හොද කරන්න කාලයක් යනවා කිව්වා. ඊට පස්සේ බෙහෙත් දිලා ආයේ එන්න කිව්වා. යක්ෂ ආත්මය වෙනුවෙන් දානයක් දෙන්න කිව්වා. බෝධි පුජා තියන්න කිව්වා.

කතාව මේකයි. ගුණසේකර කියන්නේ අපේ තාත්තා (නම මනක්කල්පිතයි) අපි තමයි මේ දෙට මුන දෙන්නේ මගේ අම්මා තමයි මේ හේතුව නිසා ලෙඩ වෙලා ඉන්නේ අම්මාට දැන් ගොඩාක් අඩුයි. හොද වෙන්න තව කාලයක් යයි. අපිට වෙද නෝනා කිව්ව විදිහට එ් යක්ෂ ආත්මයට දාන දිලා පිං දුන්නා. තවම එයා ගිහින් නෑ අපිත් එක්ක ඉන්නවා. වෙනදා වගේ කරදරයක් නැහැ. මේ යක්ෂ ආත්මය අල්ලලා බෝතලයක හිර කරන්න අපිට පුලුවන් අපේ මාමාට කිව්වනම් එයාට එක පොඩි දෙයක් ආයේ කරදර කන්නේ නැහැ. එත් අපේ තාත්තගෙන් එයාට ලොකු අසාදාරනයක් වෙලා තියනවා. තාත්තා කරලා තියෙන්නේ ලොකු වැරද්දක්. මටත් ගොඩාක් දුකයි. මට අහන්න බෑ තාත්තාගෙන් ඇයි එදා එහෙම කරේ කියලා. මම අම්මාගෙන් ඇහුවා ඇයි එහෙම කරේ කියලා තාත්තා. අම්මාට කිව්වාලු එදා එයා වහ බිව්වාට පස්සේ බය වුන නිසා දුවලා ආවා කියලා. තාත්තාගෙන් වැරද්දක් වුනේ. අපි ඒ නිසා එයාට පුලුවන් තරන් පිං දෙනවා එයාට.

අපේ තාත්තා හරිම හොදයි. මම හිතන විදිහට එයා අතින් ජිවිතේටම වුන ලොකුම වැරුද්ද එක තමයි.
අතිතයේ සිදු වුන සමහර වැරදි අපි නොහිතන මොහොතක අපේ පස්සෙන් එනවා. වැරුද්දක් කරන්න කලින් දෙපාරක් හිතන්න ඕන. මේ කතාව ඇත්තම කතාවක් ඔයාලගේ ජිවිතයටත් වැදගත් වෙයි කියලා ලිව්වේ. (කතාවේ ගොඩාක් තැන් කෙටි කරලා ලිව්වේ කතාව දිග වෙන නිසා. සමහර දෙවල් ලිව්වෙත් නැහැ )

අපි වැරුද්දක් කරලා නැති වෙන්න පුලුවන් එත් අපේ අම්මා, තාත්තා, සහෝදරයෝ, නෑදැයෝ අතීතයේ කරපු වැරුදි නිසා අපෙනුත් පළිගන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. එයාලා බලාගෙන ඉන්නේ වෙලාව එනකන් ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි. (මේ කතාව සත්‍ය කතාවක් ඔයාලගේ අදහසුත් කියන්න. තාත්තට බනින්න එපා. තාත්තා ගොඩාක් හොද කෙනෙක්)


Episode Name :
වෛරයක් වුනු ආදරය [05 Oct 2023]

Read Episode


Story :
වෛරයක් වුනු ආදරය


Date :
2023.10.05

Description : ආදරය නිසා රැවටුනු ගැහැණු ළමයෙක් යක්ෂණියක් වී පළිගැනීම

Date Added : 05 Oct 2023

Read Story Now