⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 18 වන දිගහැරුම ⸎

`` මෝචරියේ සොරකම ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

**ඔව් සර්… ඒක තමයි හොඳම ප්ලෑන් එක… අපි වැඩෙි කරමු. එහෙනම් තව පැය දෙක හමාරකින් මාව හමුවෙන්න.

මෙතැන් සිට…

හෝරා දෙක හමාරකින් පසු…

හොඳයි නියෝජිත ජනිත්… නගින්න
අපි යමු … එහෙනම් ජයවේවා.

*ජයවේවා සර්…

තම යතුරුපැදිය අඩඅඩහෝරාවකට පසු
අප මරදාන රෝහල නුදුරේ පිහිටි මාර ගසක් ලඟ නවතා. පිටුපස පිහිටි අඳුරු ස්ථානයකට පියමන් කෙරුවෙමු.

හොඳයි …( රහසින් ) පලමුවෙන්ම මම තාප්පය පනින්නම්. පැනලා , මම දෙපාරක් උගුර පාදන හඬ ඇහුනොත්
තාප්පය පනින්න. එහෙම කිසිම ශබ්දයක් නෑසුනොත් එන්න එපා. මම විධානය දෙනකම්ම ඉන්න.

** ok sir…

හරි … එහෙනම් මම ගියා කොල්ලො…
මාස්ක් එක දාගත් මා තාප්පයට පැන
එහි එල්ලී , ඇතුලත දෙපස හොඳින් පිරික්සුවෙමි. කිසිදු හැලහොල්මනක් නොමැති බැවින්. තාප්පය පැන අසල
කුඩා ගසක් ආවරණය කරගෙන මද වෙලාවක් නිසොල්මනේ සිට. අදාල සංඥ්ඤා කල පසු තම සගයා තාප්පය
පැන මා අසලට විත් ආවරණය විය.

හොඳයි … අපි ආවරණයෙන් ආවරණය
යමු.

**අවතාර ගමනෙන්…

ඔව් … අවතාර ගමනෙන්.. මෝචරිය කිට්ටුවට ගියාට පස්සේ සාමාන්‍ය විදිහට
ඇවිදගෙන යමු..

**ok sir… go ahead…

මැදියම් යාමයට එලඹ ඇති බැවින් නිතර නිතර කිසිවෙකු මෙහි ගැවසෙනු දැකීම අල්පය. එය ආශිර්වාදයක් කරගනිමින්
මෝචරිය ආසන්නයට යන විටත් මුරකරු
පුටුවත මත ඉඳගෙන අඩ නින්දේ පසුවිය.
හෙමින් සීරුවෙ තම නිර්වින්දනය පිස්තෝලය ගෙන , මුරකරුගේ බෙල්ලට ඉලක්කකර එක වෙඩිල්ලක් තැබුවෙමි.
`` චික් විතරක් මෙි මදුරුවො ´´ කියමින්
තම බෙල්ලට අතින් තඩිබාන්නට විය. මොහොතකින් පුටුවෙන් පහලට හේ ඇද වැටුනි. සැළසුමෙි පරිදි සැණෙන් දෙදෙනාම ගොස් මුරකරු අසල අඳුරු පඳුරක හේත්තු කරවා, පොලිතීන් අත්මෙිස් යුගලය සුරතට දමාගෙන, ඔහුගෙ ඉණේ රඳවා තිබූ යතුරු ටික අතට ගෙන, මින් ඉදිරියට තමා නැවත පැමිණෙනතුරු පාලනය තමා අතට ගෙන සිටින මෙන් විධානය කර මා මෝචරියේ අගුළු හැර ඇතුලට ගිහින් දොර වසා ගත්තෙමි.

තම කුඩා විදුලිපන්දම අතට ගෙන නාම පුවරුවෙ ලැයිස්තුව තිබේදැයි පිරික්සුවෙමි. නමුත් එහි කිසිවක් නොවීය.
එහි ඇති මෙිසය මත පරික්ෂා කර බැලුවද , එහිද කිසිවක් නොවීය.

`` හ්ම්ම් දැන් මොකද කරන්නේ ´´ මද වෙලාවක් කල්පනා කලද , කිසිදු අදහසක් මා තුල නොවීය. පසුව එහි ඇති කුටීර ගණන ගණන්කර බැලුවෙමි. 1,2,3,4,5…….21 යි. රයිට් විසිඑකක් තියනවා. එහෙනම් මෙි විසිඑකම බලන්න වෙනවා. එතනින් ගැහැණු බොඩි ටික බලමු. එක පිරිමියෙක්. දෙක…. ඒත් පිරිමියෙක්… තුන ඒ වැඩකුත් නැහැ .
අම්මපා මුන්ට නම් නැද්ද එතකොට….?
මෙික හරිම යක්ෂ වැඩක් නෙ. නම් නැතුව නොහොමද බොඩිය හඳුනාගන්නේ…? බැරිවෙලාවත් විරූපී වෙලා තිබ්⁣බොත් මොකද කරන්නේ…?
එහෙම වෙන්න බැහැ නෙ….
නැවතත් කල්පනා කරන්නට විමි. අත්ඔරලෝසුව දෙස බැලුවෙමි. මොකක් මෙතනට මම ඇවිත් විනාඩි විස්සක් වෙනවද..? හපොයි… හරි හරි… අවධානය වෙලාවට නෙමෙි වැඩෙිට.
කුටීර 21 ක් තියනවා. ඇයි එතකොට ඔත්තේ සංඛ්‍යාවක් තියෙන්නෙ. ඉරට්ටෙි ගාණක් තියන්න තිබ්බනේ…? හරි… එහෙනම් මෙි අතරින් එක යතුරු කටක් වෙනස් වෙන්න ඔීන. ඒක අංක එක නෙමේ නම්. කීයද එහෙනම් අංක 21 විය යුතුයි. ඒ කියන්නේ මම ගැනලා තියෙන්නෙ ආරෝහණ ක්‍රමයට වුනත්, මෙික පිහිටලා තියෙන්නෙ අවරෝහණ ක්‍රමයට විය යුතුය.හරි… යතුරු කැරැල්ල අතට ගෙන වෙනස් යතුර මනාව පිරික්සුවෙමි.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ… මෙි යතුර කුඩයි නොවැ. අනිත් එව්වට වඩා. හරි බලමු එහෙනම් යතුරු කටවල් දිහා..
මෙික… නෑ . මෙිකත් නෙමෙි. මෙික… නෑ නෑ කොහොමටවත් වෙන්න බැහැ. අවරෝහණ ක්‍රමයට ගැන්නහම මෙික තමයි පලවෙනියා. හ්ම්ම්… බලමු…
ප්‍රමාණයෙන් කුඩා යතුර එම ලාච්චුව අගුල් කටට දමා කැරකුවෙමි. ``ටික්´´ හඬ
නංවමින් අඩ රවුමක් කැරකී නතර විය.
වහාම ලාච්චුව තමා දෙසට ඇද්දෙමි.
එය නිරායාසයෙන්ම තමා වෙතට ඇදුනි.
කුඩා විදුලිපන්දම මුව තුල රඳවාගෙන ලැයිස්තුව තිබෙිදැයි බලනවිට. එය හමුවිය. `` හා මෙි තියෙන්නෙ බඩු´´ කියමින් ලැයිස්තුවෙ නම්ටික පරික්ෂා කෙරුවෙමි. `` පීඑම් මිහිරාණි වත්සලා පතිරාජ ´´ මෙි තියෙන්නෙ අංක හය.
ඒ කියන්නේ උඩ ඉඳලා ගණනය කරපුවාම මෙන්න මෙික වෙන්න ඔීන.
හොඳයි බලමු එහෙනම්.

නොපමාව අංක හයේ ලාච්චු කුටීරයට
යතුර දමා කරකවා අගුළුහැර ආයාසයෙන් ඇද්දෙමි. `` රීස් ´´ හඬ නංවමින් එය ඉදිරියට ඇදුනි. එහි තුල සුදුමැලි වූ ගැහැණු සිරුරක් විය. අධික ශීතල මේවනවිට මාව බොහෝසෙයින්
අපහසුතාවයට පත්කර ඇත. වහාම තම අත් කාචය අතට ගෙන දකුණු අතේ ඇඟිලි පරික්ෂා කර බැලුවෙමි. පිලිවෙලින් ඇඟිලි පරික්ෂා කර යාමේදි
දඹර ඇඟිල්ලේ නියපොතු තුල කළුපාට යමක් තැවරී ඇති බැව් දුටුවෙමි. එයට තම නහය තබා ආශ්වාස කර බැලුවද
කිසිදු ගඳක් හෝ සුවඳක් නොදැනුනි.
`` මොනවා වුනත් කමක් නැහැ. මට සමාවෙන්න නංගි. උඹෙි මරනෙට වගකිව යුත්තා මම හොයාගන්නවාමයි. හැබැයි ඒකට උඹේ ඇඟිල්ලත් මට ඔීන ´´ කියමින් තම කුඩා අඬුව ගෙන ඇඟිල්ල කපා, කුඩා පොලිතීන් බැගයකට දමා , තම සාක්කුවට දමා ගෙන. පෙර පරිදි ලාච්චු කුටීරය වසා දමා අගුළු දැමුවෙමි.
සැණෙකින් සසියලුම සලකුණු මකාදමා
දොර ඇරගෙන එලියට විත් දිග හුස්මක්
ගත්තෙමි.

**වැඩෙි හරිද සර්…..

ඔව් ….මෙතන අවුලක් නැද්ද …?

**වාසනාවට නැහැ සර්….

හරි…. බොහොම හොඳයි… එහෙනම් මෙි කුම්බකරනයව නැවත මෙතනින් ඉන්දවලා අපි අතුරුදහන් වෙමු. එන්න..
ඉක්මනට … අපිට වෙලා නැහැ.

දෙදෙනාම මුරකරුව ඔසවාගෙන විත්, ආසනය මත ඉන්දවා. ආලෝය මගහරවාගෙන තාප්පයෙන් එහාට පැන
මිටෙන්හල කුරු⁣ල්ලෙකු මෙන් යතුරුපැදිය පණ ගන්වා ඒකක මූලස්ථානය වෙත ආවෙමු.

හරි…. දැන් හුඟක් රෑවෙලා. අපි හෙට කතා කරමුද නියෝජිත ජනිත් …

**මටනම් අවුලක් නැහැ සර්… දැන් වුනත් කමක් නැහැ. සර් වැඩෙි සාර්ථකයි ද..?

ඔව් ගිය වැඩෙි සාර්ථකයි. ඉතුරු ටික අපි හෙට කතා කරමු. හෙට කියන්නේ ඉතින් දැන් පාන්දර එකහමාරයි නෙ අද හවස කතා කරමු. මොකද මම කරන විග්‍රය උප පරීක්ෂක කසුන් දැනගන්නත් ඔීන නෙ.

**ඒකත් ඇත්ත තමයි.. හොඳයි සර්… සර්ගෙ කැමැත්තක්.

බොහොමයක් ස්තුතියි නියෝජිත ජනිත්
අද හවස හය හමාරට දෙන්නම මාව හමුවෙන්න. එතකොට මට විග්‍රය කරන්න පුළුවන් දෙන්නටම.

ඔහුට සමුදී තම සාක්කුවට අත දමා කුඩා පොලිතීන් බෑගය අතට ගෙන හොඳින් පරික්ෂා කර බලනවිට එහි නියපොත්ත ඇතුලෙ කළු පාටට ඉටිවැනි දෙයක් තිබුනි. මෙය හෙට දින රස පරීක්ෂකට දෙනකම් සුරැකිව ශීතකරණයට දැමිය යුතුය.

****** පසුදින ******

දිවාරෑ නොතකා විමර්ශන කටයුතුවල යෙදුනත්, විවෙික ගැනීම සීමා කරන්නට
හේතුව වූයේ කාලය සීමිත නිසාවෙනි.
අළුයම අවදිවූ මා කාර්යාලයට පැමිණ
ඉදිරි සැළසුම් ගැන කල්පනා කරන්නට විමි.

*excuse me sir…

Ohhh kasun..good morning.. come here…
im waiting for u. Have a sit please..

*thank u sir…. ඉතින් කොහොමද ඊයේ වැඩෙි…?

අති සාර්ථකයි යාළුවා…

*ඒ කියන්නේ ඇඟිල්ල ගෙනාවද…?

ඔව් ගෙනාවා….. මම මෙි කල්පනා කරේ.
මට මෙි බොඩී එක තවම මිහිපිට තියනවා කියලා කල්පනා වුනේ ම නැහැ නෙ… මට කොහොමද ඒක මගහැරුනෙ කියලා …

*ඒකෙ කිසිම වැරැද්දක් සර් ගෙ නැහැ. මොකද ඔීක පොඩි වාර්තාවක් තියෙන ලිපිගොනුවක් විතරයි නෙ. නමුත් නඩු තීන්දුව දීලා . ඉවරවෙනකම් ඔය බොඩි එකට අවසන් කටයුතු කරන්න බැහැ කියලා උසාවි නියෝගයක් තියනවා කියලා මම දැනගත්තේ ඇතුලෙන්. මගෙ කටකාර යෙහෙලිය තමයි ඒකත් කිව්වෙ.

හ්ම්ම්… ඒකත් එහෙමයි නේද…?
දන්නෙ නැද්ද . ඔය පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා, ඩූම් වෙනවා අපේ හාන්දුරුවනේ.

*ඔව් සර්… හරි හරි… ඒක මම මතක් කරානෙ. ඒකට තමයි මම ඉන්නෙ.
ඉතින් කියමු බලන්න විස්තර ටිකක්..

අපි මෝචරියේ මුරකාරයාව සිහිනැති කරලා , නියෝජිත J50 ව එලියෙ තියලා,
මම පැන්නා මෝචරියේ ඇතුලට. ඉන්න බැහැ පට්ට සීතයි. කොහොමහරි මිහිරාණි මිස්ගෙ බොඩී එක හොයාගෙන
ඇඟිල්ල කපාගෙන ආවා. මම රෑම නියපොත්ත පරික්ෂා කරා. තියනවා මොනවද ඉටි වාගේ දෙයක්. මම අනුමාන කරනවා. ඒක අර S Tigers ලාගෙ එකෙක්ගෙ මුහුනේ මස් ස්වල්පයක් කියලා. මම පැකට් එකවත් විවෘත කරේ නැහැ. මොකද මෙික රස පරීක්ෂකට යවලා, එතනින් නිගමනය වුනොත් ඒකෙ තියෙන්නෙ මිනිස් මාංශ කොටස් කියලා , එතනින් එහාට මම කරන්න ඔීන වැඩෙි දන්නවා. මොනවා වුනත්, පට්ට වැඩ ගොඩක් ඉතිරිවෙලා තියනවා අපිට කරන්න.

මෙි මිනීමරුවයි , අර පොලිස් හාදයයි. අපි එකම දවසෙ අතුරුදහන් කරන්න ඔීන.
මොකද මුන්ට වෙනසක් දැනුනොත් සේරම ප්ලෑන් වතුරෙ යනවා.

*සර් අපිට මෙි කොල්ලව බෙිරගන්න එක කඩිනම් කරන එක හන්දා තමයි මෙි සේරම අපිට අවුල් යන්නෙ නේද…?

ඔව් සහතිකවශයෙන්ම එහෙම තමයි.
කමක් නැහැ . අපි කොහොමහරි කොල්ලව එලියට ගමු. ඊට පස්සේ එක එකාට ෂොට්එක දෙමු. කොල්ලව එලියට ගන්නකම් තමයි මෙි සේරම. ඊට පස්සේ
`` ගිණිඅවි ගිණිකෙලි ´´ සංදර්ශන හුඟක් කට්ටියට බලාගන්න පුළුවන්.

*ඔව් සර් සහතික ඇත්ත .. අපි උන්ට පෙන්වමු ``සන්නද්ධ බුද්ධි අංශය ´´ කියන්නේ මොකක්ද කියලා …

අනිවාර්යයෙන්ම … කසුන්…

*සර් මට අහන්න ප්‍රශ්නයක් තියනවා.

අහන්න ….

*සාමාන්‍යයෙන් හෙදියකට නියපොතු වවන්න තහනම් නේද.. එතකොට මිහිරාණිගෙ කොහොමද නියපොතු තියෙන්නෙ …

විශිෂ්ඨයි කසුන්… ඔීකට තමයි ඉගෙන ගන්නවා කියන්නේ… සාමාන්‍යයෙන් ඒක තමයි ඇත්ත. නමුත් මෙයා මරණයට කලින් දින දහයක් වැඩට ගිහින් නැහැ.
මම හිතන්නේ අනිවාර්ය නිවාඩු දින කීපයක් අරගෙන තියනවා . අවසාන කාලයේ හුදකලා වෙන්න කැමැත්තෙන් ඉඳලා තියනවා. ඉතින් ඒ ඇඟිල්ල දිහා බලපුවාම සාමාන්‍ය විදිහට වැඩිලා තියනවා. ඒක හිතාමතාම මෝස්තර කරන්න වවපු නියපොත්තක් නෙමෙි කියලා නිගමනයකට එන්න පුළුවන්.
කෙනෙක් ගෙ නියපොත්ත දිහා බලාගෙන ඉඳලි නිගමනයකට එන්න තරම් පරිණත වෙන්න බලන්න යාළුවා… මම ඒ නියපොත්ත දැකපු ගමන් තීරණය කරා.
ඒක එහෙම වෙන්න ඇති කියලා. මොකද නියපොත්ත මෙලෙක් වෙලා තිබ්බෙ. ඒ කියන්නේ පරණ එකක් නෙමෙි. කියන එක. නිතරම නියපොතු කපන කෙනෙක්ගෙ නියපොතු හරිම මෙලෙකයි.

ඒ වගේ නියපොත්තකින් වියලි හාල්මැස්සෙක් කඩාගන්නවට වඩා දෙයක් කරන්න බැරිවෙයි. නියපොතු දිහා බලලා එයාගෙ වෘත්තීය පිලිබඳ සරළ නිගමන වලට එන්න පුළුවන් වෙන්න ඔීන. උදාහරණයකට කිව්වොත් , විදුලි උපකරණ අළුත්වැඩියා කරන කෙනෙක් ටිකක් ඝනව නියපොතු වවනවා. මොකද වයර්වල පරිවාරක කොටස ගලවන්න ලේසියි නියපොතු ඝනව තිබුනහම. හැබැයි දිගට නෙමෙි. කොටට. කොට නියපොතු ඝනකම වැඩියි. දිග නියපොතු ඝනකම අඩුයි. අන්න ඒ වගේ බාහිර පොඩි දේවල් නිරීක්ෂණය කරන එක වටිනවා අපි වගේ උකුස්සන්ට..

*ඔව් ඒක ඇත්ත තමයි…

ඒ වගේම `` ආසන්න සංවෙිදීතාවය ´´
ඉගෙනගන්න ඇති නේද…?

*ඔව් සර්…

හොඳයි… වැඩි කාලයක් යන්නේ නැහැ.
ඒ පාඩම ප්‍රායෝගිකව අත්විඳින්න වෙනවා.

*ඒ කොහොමද සර්….

මම පස්සේ කියන්නම්…. ඒක නෙමෙි.
අද වැඩට යනවද…?

*ඔව්… යන්න ඔීන….

හොඳයි .. සයුරිගෙ කටින් එලියට ගන්න බලන්න . අවමාන දින දහයේ නිවාඩු දැම්මද කියලා. හොකද ඔයාට බැහැ නෙ ඒ වාර්තා බලන්න වෘත්තීය මට්ටමින්. මොකද ඔයා එතන සුළු සේවකයෙක් නෙ.

*හොඳයි සර්….

බොහොම හොඳයි …. ඒ වගේම ඊයේ රෑ අපි මෝචරියට පැනපු හන්දා. අද දවසේ රෝමය ගිණි අරන්ද කියලා ටිකක් උනන්දුවෙන් බලන්න . බොහෝදුරට එහෙම වෙන්න බැහැ. මොකද අපි සලකුණු මකලා දාලා ආවෙ.

*හරි…. මම බලන්නම්. වෙනත් යමක් තියනවාද… ? මම වැඩට යන්නත් එපැයි.

තව එක වැඩක් තියනවා ….

*කියන්න සර්…..

බත් වයලට් දැන් ටිකක් හිතවත් නේද..?

*ඔව් සර්…..

එයාගෙන් බත් එකක් ගන්න ගමන් අහන්න ``අර මාර ගහ ලඟ හිටපු හිඟන්නා කෝ ´´ කියලා …
ඒ අතරෙ එයාගෙ මුහුනේ ඉරියව් සියුම්ව නිරීක්ෂණය කරන්න බලන්න. එයා දෙන උත්තරය මොකක්ද කියලා මට ඇවිත් කියන්න ….

*හරි සර්……

හොඳයි බොහොමයක් ස්තුතියි .. ජයවේවා කසුන් …

*ජයවේවා සර්…..


මතු සම්බන්ධයි……..



Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now