⸎අඳුරු සෙවණැලි රහස් පරීක්ෂක කථා මාලා අංක 07⸎
⸎රහස් ආයුධය 17 වන දිගහැරුම ⸎

`` හදිසි සැළසුම ´´

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සැ:යු - මෙහි සදහන් නම් , ගම් , පුද්ගල නාම හා පුද්ගල චරිත සියල්ල මන:කල්පිත බැව් කරුණාවෙන් සලකන්න ….
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
………………………………………………....................................

**කොහොමද ඒක…. සර් ඔීකව අපි ඉක්මනටම හොයාගමු. මට තියනවා ඌත් එක්ක පොඩි ගණුදෙනුවක්..

අනිවාර්යයෙන්ම නියෝජිත ජනිත් ….

මෙතැන් සිට….

*බලාගෙන ගියාම ලොකුම කපටියා මාධව නේද…?

හෑහ් මම….?

*ඔව් සර් තමයි….

හපොයි …. මම එච්චර කපටිද…?

**නැත්නම් ඉතින් මෙහෙම ගේමක් ගහයිද..?

හොඳයි හොදයි …ඔයා කියන දෙයක් තමයි ඉතින් . තව මොනවද තියෙන ප්‍රශ්න …?

*මටනම් නෑ. මොකද ප්‍රශ්න සේරටම එක උත්තරයකින් ඉවරකරලා දැම්ම නෙ..

**මටත් නැහැ ….

හොඳයි …. දැන් අපි බලමු. අනුමාන පිලිතුරු වල ප්‍රායෝගික පැත්ත…
අර මෑන්ගෙ මුහුනේ කැළල මාළු පීටර් දකිනකොට අළුත් එකක් . ඒ කියන්නේ
මෙි මිනීමැරුමට සම්බන්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කොහොම වුනත් , මම කලින් අනුමාන කරපු විදිහට මිහිරාණි මෙනවියගේ නිය පාරක් වෙන්නත් බැරි නැහැ. ඒත් ඒක අනුමානය කියන තැන මිසක පේනමානයේ කියලා කියන්න බැහැ.

*සර් සර්…. ඇයි පේනමානයේ තමයි තියෙන්නෙ. බොඩි එක තවම මෝචරියේ නෙ. පරීක්ෂණ ඉවරවෙලා නඩු තීන්දුව දෙනකම් බොඩි එකේ අවසන් කටයුතු නතර කරන්න කියලා ගරු අධිකරණය
නියෝග කරලා තිබ්බා නේද…?

හැබෑට…. කොහොමද මට ඒක මිස්වුනේ..
හ්ම්ම්… හ්ම්ම්… හ්ම්ම්… මාධව .. මාධව.. එහෙනම් අපිට තව චාන්ස් එකක් තියනවා.

**ඒ කියන්නේ … සර් එන පොටනමි හොඳ නැහැ මොකද මගෙ මුහුණ දිලා බලන්නෙ.
ඔය කියන්න හදන්නේ මට මෝචරියට පනින්න කියලද…?

තනියම නෙමෙි.. අපි දෙන්නම පනින්න ඔීන. මෝචරිය බාරව ඉන්න සිකුරිටියව
අපි සිහි නැති කැරමු. ඊට පස්සේ මෝචරියට පැනලා මිහිරාණි මෙනවියගේ
දකුණු අතේ ඇඟිලි ටික චෙක් කරමු. මම විශ්වාස මෙි මිනීමරුවගේ සමෙි කොටස්
ඒ නියපොතුවල තියනවා කියලා. එහෙම වුනොත් ගොඩේගොඩ.

*එහෙම වුනොත් මොකද කරන්නේ…?

එහෙම වුනොත් කසුන්, අපි ඒ ඇඟිල්ල කපාගෙන එන්න ඔීන. බෙහෝදුරට ඒ කොටස් නරක් වෙන්න බැහැ. මෝචරියේ තියෙන හන්දා.

*සර් මෙහෙම තර්කයක් දැම්මොත් …?

කියන්න බලන්න ….

*බොඩී එක පිරිසිදු කරලා තිබ්බොත්..?

නැහැ එහෙම කරන්න බැහැ. නඩු තීන්දුව ඉවරවෙනකම් කාටවත්ම ඒකෙ කිසිම වෙනසක් කරන්න බැහැ. එහෙම වුනොත් ඒකට පශ්චාත් මරණ පරීක්ෂක වගකියන්න ඔීන.

*හරි සර්… මම මෙහෙම තර්කයක් දැම්මොත්….

ෂාහ්හ්හ්හ් නියමයිනෙ කසුන්… දැන් සෑහෙන්න දියුණු වෙලා නෙ. කියන්න බලමු.

*ටගමෙි වෙද්දී ඒ අදාල ඇඟිල්ලේ නියපොත්තෙ මස් කෑලි අයින් කරලා, සර්ජිකල් දාලා හෝදලා තිබ්බොත් …?

නියමයි නියමයි නියමයි. කදිම ප්‍රශ්නයක් තමයි ඒක… මම කියන හැමදේකටම හරි සර්, ඔව් සර්, හා සර් කියනවට වඩා, පුළුවන් තරම් ප්‍රශ්න තමයි ඇතිකරන්න ඔීන. එතකොට තමයි දැනුම බෙදාගන්න පුළුවන් වෙන්නෙ. හරි .. මම ඒක මෙි විදිහට කියන්නම්. කසුන් ගෑණු ළමයෙක් එක්ක රණ්ඩුවක් ඇතිකරගන්නවා. ඒක දුරදිග ගිහින් ඔයාගෙ මුහුණ ඒ ගෑණු ළමයා සූරනවා. ඊට පස්සේ ඔයා ඒ තුවාලයට බෙහෙත් දාගෙන පාඩුවෙ ඉන්නවා. ඔයාගෙන් හැමෝම අහනවා කොහොමද මූණ තුවාල වුනේ කියලා …? ඔයා මොකක්ද දෙන උත්තරය…? ඔයා ඇත්තම සිද්ධිය කියනවද…?

*නෑ සර්… මම හරි සිදුවීම කියන්නේ පොලීසියෙන් කෙලවර වෙන ප්‍රශ්නයක් නම්, පොලීසියට විතරයි . ඒකත් කටඋත්තරයක් විදිහට…

ඇයි ඒ…..

*මොනවද සර් මෙි අහන්නෙ. කටක් ඇරලා මම කොහොමද ලැජ්ජා නැතුව කියන්නේ එහෙම දෙයක්…

ඇයි එහෙම ලැජ්ජාවක් ඇතිවෙන්නේ….

*සර් මම පිරිමියෙක් නෙ. ඒක මගෙ පෞර්ෂයට කැළලක් නෙ. මම ජෝකර් කෙනෙක් කියලා හැමෝම හිතයි.

හරියටම හරි… එතකොට මිනීමරුවට පෞර්ෂයක් කියලා එකක් නැද්ද …?
මෑන්ට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද..?
තියනවා නේද…? එහෙනම් මෑන්ගෙන් ඇහැව්වත් මෑන් ඇත්ත සිද්ධිය කියයි ද…? පිරිමිකමට නිගාවක් වෙන හන්දා මුනිවත රැකීම තමයි හොඳම දේ ඒ වෙලාවට. අනික මෙයා කොහොමත් දැන් මැරිලනෙ. මොකටද තමන්ගෙ අය ඉස්සරහා හෑල්ලුවට පත්වෙන්නෙ..?

*සර් මගෙ තර්කය කඩපු කැත විතරක්
( සිනාසෙමින් )

හහ් හහ් හා… නෑ යාළුවා… අපි කවුරු ඒ තැන හිටියත් ඒක නේද හොදම සංකල්පය වෙන්නේ…? දැන් තේරෙනවා නේද..? මොකද කියන්නේ නියෝජිත ජනිත්. අපි ඇඟිල්ල උස්සමුද…?

**එකෙන්ම සර්….?

කපලා අරගෙන එමු.

**අනිවාර්යයෙන්ම සර්….. එතකොට
අපි කවද්ද ඒ වැඩෙි කරන්නේ …?

අද.

**අද…?

ඔව් අද… තව පැය තුනකින්…

**අද ම….?

ඔව්…. උන්ට ඉව වැටෙන්න කලින් අපි ඉස්සර වෙමු.

**එතකොට උන් දැනගත්තොත් අපි මෙිකට අතගහලා ඉන්නෙ කියලා.

උන් අපි අතගහලා ඉන්නෙ කියලා දැනගන්නෙ නැහැ . උන් හිතන්නේ පොලීසිය අත ගහලා කියලා. එතකොට
ඒක මෑන් SI කාරයත් එක්ක බලාගනියි.
උන් මතභේද ඇතිකරගත්තත් අපිට වාසියි. නැතත් අපිට වාසියි.

**අම්මපා සර්.. සර් නම් `` ලලක්කා ´´ ම තමයි. `` වික්කා නොවික්කා , කාටත් පාඩු මිසක්කා ´´

ආන්න ඒකයි නේහ්….නැතුව මෙි බිස්නස් එක කරන්න බැරිවෙනවා.
ඊලඟට මහත්වරුනි. අපි කඩිනමින් හොයලා බලන්න ඔීන මෙි ``S Tigers ´´
කියන්නේ කවුද කියලා. මට හිතෙන විදිහට මුන්ගෙ අනන්‍යතාවය වෙන්න ඔීන ඒක.

*සර්… ජාවාරම්කරුවන්ටත් ලේබල් තියනවද…?

නැතුව … ඇයි මත නැද්ද ..? අහවල් කල්ලිය කිය කියා පසුගිය සමයේ නම් තිබුන එවුන් අල්ලලා තිබ්බෙ. මුනුත් ඒ වා⁣ගේ හඳුනා නොගත් කල්ලියක් වෙන්න ඔීන. ඔය කියන්නේ බොහෝදුරට
`` Sleeper Tigers ´´ වෙන්න ඔීන. ඒ ගැන
හොඳ සෝදිසියෙන් ඉන්න කියලා . කඩිනමින් දැනුම් දෙන්න කියලා. උපදෙස් දෙන්න ඔීන අපේ ක්ෂේත්‍ර ඔත්තුකරුවන්ට. මොකද මූව අල්ලගන්නකම් අර ඇතුලෙ ඉන්න නිර්දෝශි හාදයා එලියට ගන්නවා බොරු.

**හරි සර්…. කලින් කිව්වා වගේම මම ඉක්මනට කට්ටියට පණිවිඩය දෙන්නම්.

හරි හරි…. ඉතින් ඊට පස්සේ තියෙන්නෙ සැළසුම් අංක තුන ක්‍රියාත්මක කරන එක තමයි.

*මොකක්ද සර්… ටෝච් එක අතුරුදහන් කරන වැඩෙි නේද….?

ඔව් හරියටම හරි…. මට කියන්න ශාන්තට නයිට් තියෙන දවස්…

*අමුතු දෙයක් නැහැ සර්…. සතියක් අපිට දවල් වැඩ. ඊලඟ සතිය නයිට් වැඩ. මම ඊයේ රෑ ඇද්දෙ වෙන කාගෙද ටැම්පරියක්.

ඒ කියන්නේ සඳුදා ඉඳලා නයිට් ….?

*ඔව් සර්….

එතකොට ශාන්ත ගොයියා මොකද…

*මෑන් ටිකක් සීනියර් හන්දා දවසක් හැර දවසක් වගේ තමයි වැටෙන්නේ…. ඒ කියන්නේ සඳුදා රෑ වැඩ. අඟහරුවාදා නෑ. ආයේ බදාදා රෑ වැඩ…

හ්ම්ම් හොඳ තොරතුරක්. එහෙනම් හෙට රෑ මෙි සැළසුමත් ක්‍රියාත්මක කරමු නේද.
එහෙනම් කසුන් විවේක ගන්න.

තව හෝරා කීපයකින් අපි ඇඟිල්ල සොරාගන්න යනවා. මෙන්න මෙිකයි සැළසුම.. මෙි තියෙන්නෙ මරදාන රෝහලේ භූ සිතියම. ⁣මෙික හැම තැනකින්ම තාප්පයකින් වටවෙලා තියෙන්නෙ. මුරකරුවන් හිටියත් එයාලා වැඩිය උනන්දු නැහැ. හැම තිස්සෙම එහෙමෙහෙ යන්න . මොකද මෙික රෝහලක් හන්දා. වෙන අකටයුතුකම් වෙන ප්‍රවණතාවය අඩුයි.

**අපිනෙ දන්නෙ එතන යන ගේම…

ඔව් එව්වා එහෙම තමයි.. ඒ හන්දා ඉදිරිපස හා පිටුපස මුරහල් විතරයි අවධානයෙන් ඉන්නෙ . මොකද ඔය ගේට්ටු දෙකෙන් යනඑන වාහන හා පුද්ගලයින් ගැන තමයි සැළකිලිමත් වෙන්නේ. ඉතින් .. හරියටම මෙන්න
මෙතනින් අපි තාප්පය තරණය කරනවා. මොකද මම හිඟන්නෙක් වගේ ගතකරපු කාලය තුල රෑ කාලයේ එලියෙ හැමතැනම
සැරිසරලා අඳුරු තැන් වගේම දුර්වල තැන් පරික්ෂා කරා. මොකද ඉදිරි කාලයේදී හදිසි රහසිගත කඩාවැදීමක් කරන්න වුනොත් ඒක කරන්න හොඳම තැන කලින් බලාගෙන ඉන්න ඔීන හන්දා.

මෙන්න මෙතන තමයි රථවාහන අනතුරු
වාට්ටුව තියෙන්නෙ. එතනින් වම්පැත්තේ මෙි කාමරයේ තමයි එම්බාම් කටයුතු කරන කුඩා ශාලාව පිහිටලා තියෙන්නෙ.
එතනින් එහා පැත්තේ මෝචරිය තියෙන්නෙ. අනිවාර්යයෙන්ම මෙි මෝචරිය ලඟ සිකුරුටි කෙනෙක් ඉන්නවා මයි. මෑන්ව ටික වෙලාවකට හෙඩ් ඩවුන් කරන්න ඔීන. ඊට පස්සේ තමයි අපි ඇතුලට යන්න ඔීන.

**එතකොට සර් යතුර…..?

යතුර බොහෝදුරට සිකුරුටි කාරයා ලඟ තියෙන්නෙ. එහෙම නැති වුනොත් අපේ ක්‍රමයට අරිමු ඒක.

**සර් අපි කොහොමද බොඩි එක හොයාගන්නේ….? මොකද කුටීර නම් කරලා නැහැ අංක අනුව ටැග් කරලා තමයි තියෙන්න ඔීන.

හරියටම හරි.. එහෙම තමයි.. ඒක අපිට කරගන්න පුළුවන් …මොකද මෝචරිය ඇතුලෙ වෙනම ලිස්ට් එකක් තියනවා නාම පුවරුවෙි. ඒකේ තියනවා අංකයට හිමි නම. හැබැයි අත්සන් ලේඛනය වෙනයි. මම ඔය පැහැදිලි කරේ සාමාන්‍ය මෝචරියක යන ක්‍රමවෙිදය. එතකොට අපි යන්නෙ සාමාන්‍ය ඇටෙන්ඩන්ට්ලගේ
නිළඇඳුම් ඇඳගෙන මාස්ක් දාගෙන.
එතකොට කවුරුවත් අපිගැන අවධානය යොමු කරන්නේ නැහැ. රෝහලක් කියන්නේ විෂබීජ තියෙන තැනක් හන්දා හුඟක් වෙලාවට බොහෝ අය මාස්ක් දානවා. ඉතින් අපිට හොරකම කරන්න
ලේසියි…

**එතකොට සර් .. සිකුරුටි කාරයව සිහිනැති කරන්නේ කොහොමද..?
ප්ලාස්ටික් එයාර් ප්‍රෙෂර් පිත්තෝල වලින් නේද…?

ඔව් නියෝජිත ජනිත් …. අපි එයාර් ප්‍රෙෂර්
පිස්තෝල පාවිච්චි කරමු. නිර්වින්දන කවපු උණ්ඩයක් හරියටම බෙල්ලේ බල නහරයකට ඉලක්ක කරලා තිබ්බහම මෑන් ඩවුන්. ඌ හිතයි මදුරුවෙක් විද්දා කියලා. ඊට පස්සේ මෑන්ගෙ නම පපුවෙ තියෙන ටැග් එකෙන් බලාගෙන ඉවරවෙලා, අපි මෑන්ව අයිනෙ මල් පාත්තියට ආවරණය කරලා හංගනවා. මම වැඩෙි කරගන්න අතරතුර කවුරුහරි ආවොත් සාමාන්‍ය විදිහට ඉන්න බලන්න . කෝ සිකුරුටි කියලා ඇහැව්වොත් මෑන්ගෙ නමට පසුව අයියා හරි මල්ලි හරි කියලා. වැසිකිළියට ගියා කියලා හරි අපිට කියන්න පුළුවන් නෙ. එතකොට වැඩෙි එතනින්ම ෂේප්. ඊට වඩා දුර ගියොත්
මම අමුතුවෙන් කියන්න ඔීන නැහැ නෙ කරන්න ඔීන වැඩෙි…

**ඔව් සර්…. මොනවා කරලා හරි අපි අපේ වැඩෙි කරගන්න ඔීන. එච්චරයි.

හරියටම හරි….

එතකොට සර් , බැරි වෙලාවත්

සාමාන්‍යයෙන් ඇටෙන්ඩන්ට් කෙනෙක් එතන තාවකාලිකව තියලා සිකුරුටි කෙනෙක් වැසිකිළි ගියාට කවුරුවත් ඊට වඩා දෙයක් හාරඅවුස්සලා හොයන්නෙ නැහැ. මොකද කවුරු හරි කාර්ය මණ්ඩලයේ කෙනෙක් තියලනෙ ගිහින් තියෙන්නෙ.

මෑන් ඇහැරෙනකොට අපි අතුරුදහන් වැඩෙි කරලා. එතකොට කිසිම සැකයක් කාටවත්ම ඇතිවෙන්නෙ නැහැ. මෑන් කාටවත්ම කියන්නේත් නැහැ. මොකද තමන්ට නින්ද ගියා කියලා කියන්න බැරි හන්දා පාඩුවෙ ඉන්නවා. එච්චරයි. මිනිස්සු තමන්ගෙ වැරදි එලිවෙයි කියලා මුනිවත රකිනවා හුඟක් වටිනා කාණා වලදී. ඒකයි යථාර්ථය… එහෙනම් මෙි සැළසුම ක්‍රියාත්මක කරමු නේද…?

**ඔව් සර්… ඒක තමයි හොඳම ප්ලෑන් එක… අපි වැඩෙි කරමු. එහෙනම් තව පැය දෙක හමාරකින් මාව හමුවෙන්න.


මතු සම්බන්ධයි……..





Episode Name :
රහස් ආයුධය 55 වන කොටස ( අවසාන කොටස ) [14 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 54 වන කොටස [12 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 53 වන කොටස [11 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 52 වන කොටස [10 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 51 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 50 වන කොටස [08 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 49 වන කොටස [05 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 48 වන කොටස [04 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 47 වන කොටස [01 Mar 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 46 වන කොටස [29 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 45 වන කොටස [27 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 44 වන කොටස [25 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 43 වන කොටස [24 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 42 වන කොටස [19 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 41 වන දිගහැරැම [17 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 40 වන කොටස [16 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 39 වන කොටස [15 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 38 වන කොටස [14 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 37 වන කොටස [12 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 36 වන කොටස [08 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 35 වන කොටස [06 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 34 වන කොටස [05 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 33 වන කොටස [03 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 32 වන කොටස [02 Feb 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 31 වන කොටස [31 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 30 වන කොටස [29 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 29 වන කොටස [27 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 28 වන කොටස [25 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 27 වන කොටස [23 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 26 වන කොටස [21 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 25 වන කොටස [20 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 24 වන කොටස [18 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 23 වන කොටස [16 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 22 වන කොටස [15 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 21 වන කොටස [14 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 20 වන කොටස [12 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 19 වන කොටස [11 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 18 වන කොටස [09 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 17 වන කොටස [08 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 16 වන කොටස [06 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 15 වන කොටස [05 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 14 වන කොටස [03 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 13 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 12 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 11 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 10 වන කොටස [02 Jan 2024]

Read Episode


Episode Name :
රහස් ආයුධය 09 වන කොටස [27 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 08 වන කොටස [26 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 07 වන කොටස [24 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 06 වන කොටස [22 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 05 වන කොටස [20 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 04 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 03 වන කොටස [18 Dec 2023]

Read Episode


Episode Name :
රහස් ආයුධය 02 වන කොටස [14 Dec 2023]

Read Episode


Episode Name :
පලමුවන (01) කොටස [14 Dec 2023]

Read Episode


Story :
Mission Pandora


Date :
2024 may

Description : ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් සම්බන්ධව කෙරෙන විමර්ශනයකි.

Date Added : 25 May 2024

Read Story Now


Story :
රහස් ආයුධය


Date :
2023 December

Description : උපක්‍රමශීලී ඝාතයකු ලුහුබැඳීම හා අපරාධ කල්ලියක් මර්දනය කිරීම.

Date Added : 14 Dec 2023

Read Story Now